සරලව
සම්පජානෝ සති කියන්නෙ
හැම දෙයක්ම දැනෙන සිහිය.
බුදු දහමෙ පරමාර්ථය
සම්පජානෝ සතියයි.
සම්පජානෝ සතිය විසින්
අවිද්‍යාව නිරෝධ කරනවා.
සංඛාර විඥාණ නාම රූපාදී
සියල්ලෙහිම නිරෝධය ඇරඹෙන්නේ
සම්පජානෝ සතියෙන්.
සම්පජානෝ සතිය කියන්නෙ
හැම දෙයක්ම දැනෙන සිහිය නම්
අපි සිහියෙන් සිටිය යුතු හැම දේ මොනවාද?
එක මොහොතක් තුළ
අපේ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත්
අපේ සිත තුළ සිදු වෙන සියලු දේත්
අපට දැනෙන හැම දෙයක්ම කියා
හඳුන්වන්න පුලුවන්.
එක මොහොතක් වෙනස් වන විට
මේ සියල්ලම වෙනස් වෙනවා.
අපෙ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත්
අපේ සිත තුළ සිදු වෙන සියලු දේත්
මොහොතින් මොහොත වෙනස් වෙනවා.
මේ හැම මොහොතක්ම
සම්පජානෝ සතියෙන් වෙසෙන්නට
සිත පුහුණු කරගත යුතුයි.
මේ අනුව අප්‍රමාදී වීම කියන්නෙ
මොහොතින් මොහොතට සිදු වෙන
සියලු වෙනස්වීම් පිළිබඳව
මොහොතින් මොහොතට සිහියෙන් විසීමයි.
සම්පජානෝ සතියෙන් විසීමයි.
අපේ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත්
අපි දැනගන්නෙ
අපේ ඉන්ද්‍රිය පහ ආශ්‍රයෙන්.
ඒ අනුව අපේ සිත ක්‍රියා කරනවා.
අපේ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත් දැනගන්න
කෙනෙක් කළ යුත්තේ කුමක්ද?
අපේ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත්
අපට දැනෙන්නෙ වේදනා නිසයි.
කුරුල්ලෙක් නගන හඬ
අප සවනෙහි ස්පර්ශ වනතුරු
අප නොදන්නෙමු.
ඒ ශබ්ද තරංග පැමිණ
අපේ සවනෙහි ''ස්පර්ශ'' වීම
අපේ තොරතුරු තාක්ෂණයෙහි
ආරම්භක අවස්ථාවයි.
දෙවැන්න ඉන් පහළ වෙන ''වේදනා''වයි.
තුන් වෙනුව අපි ඒ වේදනාව
සිතින් හඳුනාගන්නා
''සංඥා'' අවස්ථාවයි.
ඒ කම්පන තරංග මාලාව
අප හඳුනාගන්නේ සුඛ වේදනාවක් ලෙස නම්
අපි ඒ හඬට ප්‍රිය කරමු.
එවිට අප තුළ ''රාග'' සංස්කාරය පහළ වෙයි.
ඒ කුරුල්ලාගේ හඬ පිළිබඳව තොරතුර
අපේ ''විඥාණය'' තුළ අපි සටහන් කරගන්නේ
රාගික විශේෂණයක්ද සහිතවයි.
''අසවල් කුරුල්ලාගේ හඬ මිහිරියි''
මේ තොරතුර අපට අනන්‍ය වූ
අපට පමණක් සත්‍ය වූ තොරතුරකි.
මේ තොරතුර පිරිසිදු සත්‍යය නොවේ.
ඒ හඬ නිසා ඇති වූ වේදනාව
අපට මිහිරක් නිසා අප සංස්කරණය කරගත්
අපට සාපේක්ෂ අපේ සත්‍යයයි.
අප සමග සිටින තවත් කෙනෙකුට
මේ කුරුල්ලාගේ හඬ නිසා ඇතිවෙන
එකම වර්ගයේ ශබ්ද තරංග
ඔහු සවනෙහි ස්පර්ශ වීමෙන් ඇතිවෙන වේදනාව
ඔහුට සාපේක්ෂව ඔහු හඳුනාගන්නේ
දුක්ඛ වේදනාවක් ලෙස නම්
ඒ හඬ අප්‍රිය කරන ඔහු තුළ පහළ වන්නේ
ද්වේශ සංස්කාරයයි.
ඒ කුරුලු හඬ පිළිබඳ තොරතුර
ඔහු ''විඥාණය'' තුළ සටහන් කරගන්නේ
ද්වේශ නිශ්‍රිත විශේෂණයක්ද සහිතවයි.
''අසවල් කුරුල්ලාගේ හඬ අමිහිරියි''
මේ තොරතුර ඔහුට අනන්‍ය වූ
ඔහුට පමණක් සත්‍ය වූ තොරතුරකි.
මේ තොරතුර පිරිසිදු සත්‍යය නොවේ.
ඔහුට සාපේක්ෂ සත්‍යයයි.
අප අසල තුන්වැන්නෙකුද සිටිය හක.
ඔහුගේ සවනෙහිද එම ශබ්ද තරංගම ස්පර්ශ වෙයි.
ඉන් වේදනාවක්ද පහළ වෙයි.
ඔහු ඒ පිළිබඳව අවධානය නැත්නම්
ඔහුට ඒ වේදනාව අදුක්ඛමාසුඛය.
ඔහු තුළ පහළ වන්නේ මෝහ සංස්කාරයකි.
ඔහු තුළද සත්‍යය නැත.
සත්‍යය නම් අප තිදෙනා වෙතම ළඟාවූ
එකම ආකාරයේ ශබ්ද තරංග මාලාවයි.
මේ තරංග මාලාව
අප තිදෙනාටම එකයි.
ඒ හඬ පිළිබඳව සිහියෙන් පසුවූ
පළමු දෙදෙනා විසින්
ඔවුන්ට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ සටහන් දෙකක්
ඔවුන් තුළ ලියාගන්නා විට
තුන් වැන්නා පසුවූයේ
එවේලෙහි ඔහු සවනෙහි ස්පර්ශවූ
වාහනයක හඬක් වැනි වෙනත් හඬක් ගැන
අවධානයෙන් විය හැක.
කුරුළු හඬ පිළිබඳව
ඔහු පසු වූයේ මෝහයෙනි.
පළමු දෙදෙනාට වාහනයේ හඬ ඇසී නැත.
ඔවුන් ඒ පිළිබඳව මෝහයෙන් පසු විය.
හැම කෙනෙක්ම ජීවත් වන්නේ
ඉඳුරන් මගින් ලැබෙන තොරතුරු වලින්
තමා කැමති සහ අකමැති දේ ගැන පමණක්
අවධානය දක්වමිනි.
ඉතිරි සියල්ල පිළිබඳව ඔහු පසුවන්නේ මෝහයෙනි.
මේ මානසිකත්වයත්
තිරිසන් සත්වයෙකුගේ මානසිකත්වයත් අතර
ප්‍රබල වෙනසක් නැත.
-------------------------------------------------
තමාට අවශ්‍ය දේ විතරක් තෝරාගෙන
අන් සියල්ල ඉවත් කරන කෙනෙකුට පෙනෙන්නෙ
ඔහු දකින දේ පිළිබඳ ඇත්ත නොවෙයි.
වාහනයක් පදවන කෙනෙක්
වාහන හසුරුවන පොලිස් නිලධාරියෙක්
විභාග ශාලාධිපති කෙනෙක්
කළමනාකාර වරයෙක් වැනි
විශේෂ පුද්ගලයන්
විශේෂ අවස්ථාවන්හිදී
සාධක එකකට වඩා සලකමින් ක්‍රියා කරති.
එහෙත් ඔවුන් තමන්ට ලැබෙන තොරතුරුවලින්
තෝරාගත් තොරතුරු පිළිබඳව
අවධානය යොමු කරති.
අප දන්නා ඉතිහාසය තුළ
තෝරා ගැනීමකි තොරව
තමාට ලැබෙන සියලු තොරතුරු සහ
ඒ තොරතුරු අනුව තමා තුළ සිදුවෙන
සියලු වෙනස්වීම් පිළිබඳව සිහියෙන් විසීමට
සාර්ථක තාක්ෂණයක් සොයාගත්තේ
බුදුන් වහන්සේය.
බුදුන් වහන්සේද
සම්පජානෝ සතිය ආශ්චර්යයක්
අද්භූත ධර්මයක් ලෙස හැඳින්වීම
අරුමයක් නොවේ.
බුදුන් වහන්සේත් රහතන් වහන්සේලාත්
රාත්‍රියෙහි සැතපෙනවිට පවා වැඩ සිටින්නේ
සම්පජානෝ සතියෙනි.
සම්පජානෝ සතිය ප්‍රඥාවට උල්පතයි.
ප්‍රඥාව නැති තැනැත්තා
රැයේ සරන
කණාමැදිරි එළියක් වගෙයි.
ඔහුට පෙනෙන්නෙ තමත්
තමා අවට කුඩා පරාසයකුත් පමණයි.
සම්පජානෝ සතිය ඇති තැනැත්තාගෙ
ප්‍රඥාවත් වැඩියි.
තමාත් සමග විශාල පරාසයක්
ඔහුට පෙනෙනවා.
මේ නිසා ඔහුගෙ තීරණ වඩා නිවැරදියි.
මදුරුවෙක් දෂ්ඨ කරන විට
පටු දැක්මක් ඇති පුද්ගලයාට දැනෙන්නේ
ඔහුට ඇති වෙන අප්‍රිය වේදනාව පමණි.
ඔහු ඉන් උපන් ද්වේශයෙන් මදුරුවා මරාදමයි.
ප්‍රඥාවන්තයාගේ දැක්ම පුළුල්ය.
මදුරුවෙක් දෂ්ඨ කරන විට
ඔහුට ඇති වෙන අප්‍රිය වේදනාවත්
ඔහු ඉන් උපන් ද්වේශයත් පමණක් නොව
මදුරුවාත් තමා වැනිම වූ ජීවියෙක් බවත්
තමා මෙන්ම ජීවිතයට ආදරය කරන බවත්
මදුරුවා මැරීම පාපයක් බවත් දකින ප්‍රඥාවන්තයා
මදුරුවා පළවාහරියි.
ත්‍රිපිටක පරිවර්තකයන් විසින්
සම්පජානෝ සතිය පරිවර්තනය කරද්දී
"මනා නුවණ" "සම්‍යක් ප්‍රඥාව" ආදී
විවිධ පද වලින් හඳුන්වනවා.
එහෙත් ඒ කිසිවකින්
බුදුන් වහන්සේ වදාළ අයුරින්
සම්පජානෝ සතිය නිරූපණය වෙන්නේ නෑ.
සිහිය පිහිටුවාගන්නට අත්‍යාවශ්‍ය වෙන
කයත් වේදනාත් නොසලකා හැර
ධර්ම දේශනා, පොත්පත් ඇසුරෙන්
නිවන් දකින්නට උත්සාහ කිරීම නිසා
සම්පජානෝ සතිය නිසි අයුරින් වටහා ගැනීම
මග හැරී ඇති බව පැහැදිලියි.
ප්‍රායෝගිකව සිහිය පිහිටුවා නොගන්නා අය
බොහෝ විට තර්ක වල ගැලී
මිසදිටු මාර්ග වල මංමුළා වෙනවා.
සතර සතිපට්ඨානය ඇසුරෙන්
කයත් වේදනාත් පිළිබඳව සිහිය
දියුණු කර නොගත් කෙනෙකුට
කිසි සේත්ම
සම්පජානෝ සතිය පිහිටන්නේ නැහැ.
සම්පජානෝ සතිය පිහිටන කෙනෙකුගේ
පළමු සුදුසුකම
ඔහුට ඇතිවෙන සියලුම වේදනා
සිහියෙන් විඳීමට සමත්වීමයි.
මෙහි සියලුම වේදනා ලෙස හැඳින්වෙන්නේ
කෙනෙකුගේ සිරුරෙහි පහළ වෙන
සමස්ත වේදනා සමුච්චය නොවෙයි.
සිරුරෙහි පහළ වෙන
සමස්ත වේදනා සමුච්චය දැකීමේ හැකියාව ඇත්තේ
බුදු පසේබුදු රහතන් වහන්සේලාට පමණයි.
සතිපට්ඨානය වැඩීම අරඹන
සාමාන්‍ය පුහුදුන් කෙනෙක්
ඔහු සතු පූර්ණ සිහියෙන් දකින්නට වෑයම් කළත්
ඔහුට ඒ මොහොතෙහි දැනෙන්නේ
ඔහුට ඇතිවෙන සමස්ත වේදනා සමුච්චයෙන්
ඉතා කුඩා පරාසයක් පමණයි.
ඒ කුඩා පරාසය පිළිබඳව සිහිය පිහිටුවාගෙන
ඒ සියලු වේදනාවන්ට උපේක්ෂාවෙන් පසුවෙන විට
ඔහුගේ දැක්ම පුළුල් වෙමින්
ඔහු දකින වේදනා පරාසය කෙමෙන් පුළුල් වෙයි.
පළමුව හුස්මටවත්
සිහි එළවාගත නොහැකි ඔහුට
හෘද ස්ඵන්දනය, රුධිර සංසරණය වැනි
සියුම් වේදනා පවා දැනෙන්නට වෙයි.
මෙ අනුව
මෙහි සියලුම වේදනා ලෙස හැඳින්වෙන්නේ
සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට ඔහුගේ ශක්තියෙන්
එක් මොහොතක දැකිය හැකි
උපරිම වේදනා පරාසයයි.
මේ තලයට පත්වෙන පුද්ගලයා
බුදුන් වහන්සේ විසින්
ආර්ය ශ්‍රාවක නමින් හැඳින්වෙන
මිනිස් සංහතියටම සුවිශේෂී වූ
අපූර්ව පුද්ගලයෙකි.
බුදු දහම හැර වෙනත් කිසිදු දහමක
වෙනත් කිසිදු දර්ශනයක
මේ ආශ්චර්යමත් අද්භූත තලයට
පත්වීමට උපදෙස් නැත.
විපස්සනා මාර්ගය
සම්පජානෝ සතියට ඇති
ඒකායන මාර්ගයයි.
සම්පජානෝ සතිය කවරේදැයි
බුදුන් වහන්සේ විස්තර කරන්නේ මෙසේය.
1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
සරලව
සති සම්පජන්‍ය නම්
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.
මේ අවස්ථාව
රාග ද්වේශ මෝහ තුනෙන්ම
විනිර්මුක්තයි.
මේ ආකාරයට සති සම්පජන්‍ය වැඩීමෙදි
පුද්ගලයාගෙන් පුද්ගලයාට පෙනෙන
වේදනා, සංඥා සහ විතර්ක ප්‍රමාණය
එකිනෙකාට වෙනස් පරාසවල පවතිනවා.
බුදු පසේබුදු මහ රහතුන් වුවද
ඔවුනොවුන්ට අදාළව
උපරිම සම්පජානෝ සතියෙන් යුතු වුවද
ඒ ඒ චරිත වලට අදාළව ප්‍රඥාව වෙනස් වන්නේ
සම්පජානෝ සතියෙහි පරාස වෙනස් නිසාය.
වේදනා මට්ටමේදී
බුදු පසේබුදු මහ රහතුන් සියල්ලන්ම එකය.
එහෙත් සංඥා හා විතර්ක ඇතිවෙන ආකාරය
ඔවුන් සසර ලැබූ අත්දැකීම් සහ
පුරන ලද පෙරුමන් අනුව වෙනස් වෙයි.
එහෙත් සම්පජානෝ සතිය වඩන්නට
සියල්ලන්ම කළ යුත්තේ විදසුන් වැඩීමයි.
පුහුදුන් කෙනෙකු විසින් පියවරෙන් පියවර
සම්පජානෝ සතිය දියුණු කළයුතු අයුරු ආකාරය
මහා සතිපට්ඨාන සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් වෙයි.
මහා සතිපට්ඨාන සූත්‍රයේ
ආරම්භයෙහිම දැක්වෙන ලෙස
ආශ්වාස ප්‍රශ්වාසයෙහි ''දිග හෝ කෙටි බව'' අනුව
සිහිය පවත්වා ගනිමින්
ආනාපාන සතිය වඩන කෙනෙකුට
තමන්ගේ සම්පූර්ණ සිරුරම
සමස්තයක් ලෙස දැනෙන අවස්ථාවක් ඇත.
සබ්‌බකායපටිසංවෙදී අස්‌සසිස්‌සාමීති සික්‌ඛති,
සබ්‌බකායපටිසංවෙදී පස්‌සසිස්‌සාමීති සික්ඛති.
සමස්ත සිරුරටම සංවේදීව
ආශ්වාස කරමින් හික්මෙයි.
සමස්ත සිරුරටම සංවේදීව
ප්‍රාශ්වාස කරමින් හික්මෙයි.
ආනාපාන සතියට යොමුවෙන
පළමු පියවරම
කය අනුව සිහිය පවත්වාගන්නට මගකි.
කය පිළිබඳව සිහියෙන්
''කය ඍජුව'' පවත්වාගන්නා ඔහු
මුහුණෙහි ඉදිරිපස සිහිය පිහිටුවාගෙන
කයට සංවේදීව ආනාපාන සතිය වඩයි.
කය පිළිබඳව ඔහු තුළ ඇති
සංවේදී බව දියුණු කරමින්
සබ්බකාය පටි සංවේදී අවස්ථාව තෙක්
ආනාපාන සතිය වඩන කෙනෙකුට
තමන්ගේ මුලු ශරීරයේම පවතින වේදනා වලින්
ඒ අවස්ථාවෙහි ඔහුට දැකිය හැකි
සමස්ත පරාසය දැකිය හැකි වෙනවා.
කෙනෙකු ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වන
උතුම් මොහොත මෙයයි.
ආනාපාන සතියෙන් පසුව එන
ඉරියාපථ පූර්වයේදී
මේ සිහිය තව දුරට වැඩි කරන්නට
බුදුන් වහන්සේ මෙසේ උප දෙස් දෙනවා.
ගච්‌ඡන්‌තො වා ගච්‌ඡාමීති පජානාති,
ඨිතො වා ඨිතොම්‌හීති පජානාති,
නිසින්‌නො වා නිසින්‌නොම්‌හීති පජානාති,
සයානො වා සයානොම්‌හීති පජානාති,
යථා යථා වා පනස්‌ස කායො පණිහිතො හොති,
තථා තථා නං පජානාති.
ඇවිදින්නේ ඇවිදින්නෙමැයි මනාව දනියි.
සිටින්නේ සිටින්නෙමැයි මනාව දනියි.
හිඳින්නේ හිඳින්නෙමැයි මනාව දනියි.
සැතපෙන්නේ සැතපෙන්නෙමැයි මනාව දනියි.
කය යම් යම් ආකාරයකට පිහිටාද
ඒ ඒ ආකාරය මනාව දනියි.
මේ උපදෙස් අනුව
සමස්ත ඉරියව්ව පවතින ආකාරය ගැන
මනා සිහියෙන් පසුවන්නට නම්
පළමුව සබ්බ කාය පටි සංවේදී වීම අවශ්‍යය.
ආනාපාන සතියෙන්
සමස්ත සිරුරට සංවේදී වීම නිසා
ඉරියව්ව පිළිබඳව සිහිය පැවැත්වීම
ආර්ය ශ්‍රාවකයාට පහසු වෙයි.
මහා සතිපට්ඨාන සූත්‍රයෙහි
තෙවන පූර්වය සම්පූර්ණයෙන්ම වෙන්වන්නේ
සම්පජානකාරී වීම පුහුණු කරන්නටය.
අභික්‌කන්‌තෙ පටික්‌කන්‌තෙ සම්‌පජානකාරී හොති.
ආලොකිතෙ විලොකිතෙ සම්‌පජානකාරී හොති.
සමිඤ්‌ජිතෙ පසාරිතෙ සම්‌පජානකාරී හොති.
සඞ්ඝාටිපත්‌තචීවරධාරණෙ සම්‌පජානකාරී හොති.
අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්‌පජානකාරී හොති.
උච්‌චාරපස්‌සාවකම්‌මෙ සම්‌පජානකාරී හොති.
ගතෙ ඨිතෙ නිසින්‌නෙ සුත්‌තෙ ජාගරිතෙ
භාසිතෙ තුණ්‌හීභාවෙ සම්‌පජානකාරී හොති.
ඉදිරියට යාමෙහි ආපසු ඒමෙහි
සම්පජානකාරී වෙයි.
ඉදිරිය බැලීමේදී පසුපස බැලීමෙහිදී
සම්පජානකාරී වෙයි.
හැකිලීමෙහි දිග හැරීමෙහි සම්පජානකාරී වෙයි.
සිවුරු හැඳීමෙහි සිවුරු දරා සිටීමේදී
සම්පජානකාරී වෙයි.
කෑමෙහි බීමෙහි සැපීමෙහි රස විඳීමෙහි
සම්පජානකාරී වෙයි.
මල මුත්‍ර පහ කිරීමෙහි සම්පජානකාරී වෙයි.
යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි සැතපීමෙහි නිදි වැරීමෙහි
සම්පජානකාරී වෙයි.
කතා කිරීමෙහි නිහඬව හිඳීමෙහි
සම්පජානකාරී වෙයි.
මේ අනුව
කවර කාර්යයක යෙදුණත්
සමස්ත කයෙහිම වේදනා සහ
සිතෙහි සංඥා, විතර්ක සියල්ලම පිළිබඳව දැනුවත්ව
ඒ කාර්යය කළ යුතුයි.
සම්පජානෝ සතියෙන් කායික ක්‍රියාවන්හි යෙදෙන්නාට
ඒ කාර්යය ඉතා සැහැල්ලුවෙන් සහ
උපාදාන කරගැන්මකින් තොරව කළ හැකි වෙයි.
ඔහු ඒ කාර්යයෙහි යෙදෙන්නේ
සමස්ත කයට සාපේක්ෂව
කාර්යයට අවශ්‍ය අවධානය
ඊට යොමු කරමිනි.
අශෘතවත් පුහුදුන් කෙනෙකු නම්
සමස්ත අවධානය කාර්යයට යොදවා
අන් සියල්ල පිළිබඳව මෝහයෙන් පසු වෙයි.
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාත්
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාත්
නිවන් දුටු ආර්යශ්‍රාවකයාත් තිදෙනෙකි.
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
එක් මොහොතක දකින්නේ
ඔහු ප්‍රිය කරන හෝ අප්‍රිය කරන
සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛමාසුඛ වදනා
සීමිත පරාසයක් පමණි.
ඔහුට ඒ මොහොතෙහි
සමස්ත කයෙහිම වේදනා නොපෙනෙයි.
කම් සුව විඳින
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
ඒ අවස්ථාවෙහි සිහියෙන් පසුවන්නේ
ඔහු ප්‍රිය කරන වේදනා සමුච්චය පමණි.
ඔහු තුළ පහළ වන්නේ රාගයයි.
හිසේ කැක්කුමක් දත් කැක්කුමක් නිසා පෙළෙන
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාගේ සිහිය
ඒ අප්‍රිය වේදනා වලට සීමා වෙයි.
ඔහු තුළ ද්වේශය පහළ වෙයි.
සිත එක අරමුණකට හුරු කරමි
අන් සියලු අරමුණු පිළිබඳව
අවිද්‍යාවෙන්, මෝහයෙන් පසුවෙන
ලෞකික ධ්‍යාන ලාභියා විඳින්නේ
අදුක්ඛමාසුඛ වේදනාවන් සහ
ප්‍රියප්‍රිය ජනක සුඛ වේදනා පමණි.
සුඛ වේදනාවන්ට රාගයෙන් පසුවන ඔහු
අදුක්ඛමාසුඛ වේදනා විඳින විට
මෝහයෙන් පසුවෙයි.
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
කවර වේදනාවක් වින්දත්
අන් සියලු වේදනා පිළිබඳව
අවසිහියෙන් පසු වෙයි.
සිහිය පිහිටුවාගනිමින්
නිවන් මගට පිවිසෙන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාට වඩා
බෙහෙවින් වෙනස් පුදගලයෙකි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
විපස්සනා මාර්ගයෙහි ගමන් කරමින්
කාය, වේදනා, චිත්ත, ධම්ම යන
සතර පිළිබඳව සිහිය පිහිටුවාගෙන
තම කයෙහිත් තම සිතෙහිත් වෙනස්වීම් වන
වේදනා, සංඥා සහ විතර්ක පිළිබඳව
උපේක්ෂාවෙන් වෙසෙයි.
සිහිය පිහිටුවාගත් පමණින්
ඔහු තුළ සිදු වෙන වෙනස් වීම් සියල්ලම
ඔහුට සිහියෙන් දැකිය හැකි නොවෙයි.
එහෙත් ඔහුට සිහියෙන් දැකිය හැකි
සියලුම වේදනා, සංඥා සහ විතර්ක ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් වෙසෙන විට
ඔහු පසුවන්නේ සම්පජානෝ සතියෙනි.
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා බවට පත්වන්නේ
ඔහුගේ උපරිම සංවේදී බව තුළ ලබා ගන්නා
සම්පජානෝ සතිය නිසාය.
සම්පජානෝ සතිය වඩන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට
බුදුන් වහන්සේ මෙසේ උපදෙස් දෙයි.
මහණෙනි,
මහණ තෙම කෙසේ වනාහි නිදිවැරීමෙහි යෙදුනේ වේ ද?
මහණෙනි,
මෙ සස්නෙහි මහණ දවල් සක්මනින් ද හිඳීමෙන් ද
නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
රෑ පළමු යම
සක්මනින් ද හිඳීමෙන් ද
නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.
රෑ මැදියම
දකුණු පයෙහි වම්පය මඳක් හයා තබා
නැගීසිටුනා සංඥාව මෙනෙහි කොට
සම්පජානෝ සතියෙන් සිංහ ශය්‍යාව කරයි.
රෑ පැසුළුයම නැගිට
සක්මනින් ද හිඳීමෙන් ද
නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
මහණෙනි,
මෙසේ වනාහි මහණ තෙමේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි.
මහණෙනි,
මේ ධර්‍ම තුණෙන් සමන්වාගත මහණ
අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
ආස්‍රවයන්ගේ ක්‍ෂය පිණිස කරුණ ද
පටන්ගන්නා ලද්දේ වෙයි.
අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 2. රථකාර වර්ගය
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සම්පජානෝ සතියෙන් වෙසෙන අවස්ථාවෙහි
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව පවතින් සිහිය නිසා
මෝහය දුරුවී ඇත.
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
සිහියෙන් වෙසෙන නිසා රාග, ද්වේශද ඇති නොවෙයි.
එහෙයින් නව සංස්කාර ඇති වීමක් නැත.
නව සංස්කාර ඇති නොවෙන නිසා
අනුසය කෙලෙස් සංස්කාර ලෙස මතුවී
වේදනා, සංඥා, විතර්ක පහළ වුවත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමෙන්
කෙලෙස් නැසී සිත පිරිසිදු වෙයි.
අනුසය කෙලෙස් නැසීම පිළිබඳව
බුදුන් වහන්සේ මෙසේ උපදෙස් දෙන්නාහ.
මහණෙනි,
චක්ෂුසත් රූපත් නිසා චක්ෂුර්විඥානය උපදී.
(චක්ෂු, රූප, විඥාන යන) තිදෙනාගේ සඞ්ගතිය ඵස්ස වෙයි.
ස්පර්ශ ප්‍රත්‍යයෙන්
සුඛ වූ හෝ
දුඃඛ වූ හෝ
අදුක්ඛමාසුඛ වූ හෝ වේදනාව උපදී.
හේ සුඛවේදනායෙන් පහස්නාලදුයේ සතුටු වෙයි.
සතුටු බස් කියයි. බැසගෙන සිටී.
ඔහුගේ සන්තානයෙහි රාගානුසය අප්‍රහීණ වැ සිටී.
දුඃඛ වේදනායෙන් පහස්නාලදුයේ ශොක කෙරෙයි, වෙහෙසෙයි,
පරිවේදනා කෙරෙයි, ළෙහි පැහැර හඬයි, සම්මොහයට පැමිණෙයි.
ඔහුගේ සන්තානයෙහි ප්‍රතිඝානුශය අප්‍රහීණ වැ සිටී.
අදුක්ඛමාසුඛ වේදනායෙන් පහස්නාලදුයේ
ඒ වේදනාවගේ සමුදය ද අස්තඞ්ගමය ද
ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද ඇතිසැටි නො දනී.
ඔහුගේ සන්තානයෙහි අවිජ්ජානුශය අප්‍රහීණ වැ සිටී.
මහණෙනි,
ඒකාන්තයෙන් හෙතෙම
සුඛවේදනායෙන් රාගානුශය දුරු නො කොට
දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය නාශනය නො කොට
අදුඃඛමසුඛවේදනායෙන් අවිද්‍යානුශය සමුද්ඝාතනය නො කොට
අවිද්‍යාව ප්‍රහීණ නො කොට මාර්ග ඥානවිද්‍යාව නූපදවා
ඉහාත්මයෙහි මැ වට්ටදුක්ඛය කෙළවර කරන්නේ ය
යන තෙල කරුණ නො වේ.
----- ඡ ඡක්ක සූත්‍රය -----
මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » සළායතන වර්ගය
මේ සූත්‍ර පාඨයන්ට අනුව
ඉඳුරන් සහ මනස ඇසුරෙන්
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
තුන් වර්ගයේ වේදනාවන්
ප්‍රිය අප්‍රිය වශයෙන් හා මෝහයෙන් ගැනීම නිසා
රාග, පටිඝ, අවිජ්ජා යන අනුසය කෙලෙස්
ඇති කරගන්නා අයුරු පැහැදිලි වෙයි.
මේ රටාවට විරුද්ධ අතට යන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙමින්
සුඛවේදනායෙන් රාගානුශය නසයි.
දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය නසයි.
අදුඃඛමසුඛවේදනායෙන් අවිද්‍යානුශය සමුද්ඝාතනය කරයි.
මෙසේ වේදනා පිළිබඳ සිහියෙන්
අනුසය කෙලෙස් නසන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
අවිද්‍යාව ප්‍රහීණ කොට මාර්ග ඥානවිද්‍යාව උපදවා
සියලු දුක් කෙළවර කොට නිවන් දක්නේය.
සව් කෙලෙසුන් නසා නිවන් දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
පිරිනිවන් පාන තුරුම සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ඔහුට විදසුන් වඩන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට මෙන්
ආතාපී ගුණය අවශ්‍ය නොවෙයි.
නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
ඔහු සම්පජානෝ සතියෙන් වෙසෙයි.
සම්පජානෝ සතිමා විහරති.
===========================
බුදුන් වහන්සේගේ මේ සහතිකය විශේෂයි.
ආනන්දය,
තථාගතයන් ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව:
ආනන්දය,
තථාගතයන්ට
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
ආනන්දය,
තෙපි තථාගතයන් වහන්සේ ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව.
ආනන්‌ද,
ඉදම්‌පි තථාගතස්‌ස අච්‌ඡරියං අබ්‌භුතධම්‌මං ධාරෙහි.
ඉධානන්‌ද, තථාගතස්‌ස විදිතා වෙදනා උප්‌පජ්‌ජන්‌ති,
විදිතා උපට්‌ඨහන්‌ති, විදිතා අබ්‌භත්‌ථං ගච්ඡන්ති;
විදිතා සඤ්‌ඤා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති,
විදිතා අබ්‌භත්‌ථං ගච්ඡන්ති;
විදිතා විතක්‌කා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති,
විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති.
ඉදම්‌පි ඛො, ත්‌වං, ආනන්‌ද,
තථාගතස්‌ස අච්‌ඡරියං අබ්‌භුතධම්‌මං ධාරෙහී
අච්ඡරියබ්භුත සූත්‍රය
මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 3. සුඤ්‌ඤත වර්ගය
තථාගත යනු බුදුන් වහන්සේ පමණද?
තත්+ආගත යනු
වර්තමානයට පැමිණි තැනැත්තායි....
බුදු පසේබුදු මහ රහත් සියල්ලෝම
වර්තමානයට පැමිණියෝ වෙති.
සම්පජානෝ සතියෙන් වෙසෙන්නෝය.
සම්පජානෝ සති කියන්නෙ
හැම දෙයක්ම දැනෙන සිහිය.
බුදු දහමෙ පරමාර්ථය
සම්පජානෝ සතියයි.
සම්පජානෝ සතිය විසින්
අවිද්‍යාව නිරෝධ කරනවා.
සංඛාර විඥාණ නාම රූපාදී
සියල්ලෙහිම නිරෝධය ඇරඹෙන්නේ
සම්පජානෝ සතියෙන්.
සම්පජානෝ සතිය කියන්නෙ
හැම දෙයක්ම දැනෙන සිහිය නම්
අපි සිහියෙන් සිටිය යුතු හැම දේ මොනවාද?
එක මොහොතක් තුළ
අපේ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත්
අපේ සිත තුළ සිදු වෙන සියලු දේත්
අපට දැනෙන හැම දෙයක්ම කියා
හඳුන්වන්න පුලුවන්.
එක මොහොතක් වෙනස් වන විට
මේ සියල්ලම වෙනස් වෙනවා.
අපෙ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත්
අපේ සිත තුළ සිදු වෙන සියලු දේත්
මොහොතින් මොහොත වෙනස් වෙනවා.
මේ හැම මොහොතක්ම
සම්පජානෝ සතියෙන් වෙසෙන්නට
සිත පුහුණු කරගත යුතුයි.
මේ අනුව අප්‍රමාදී වීම කියන්නෙ
මොහොතින් මොහොතට සිදු වෙන
සියලු වෙනස්වීම් පිළිබඳව
මොහොතින් මොහොතට සිහියෙන් විසීමයි.
සම්පජානෝ සතියෙන් විසීමයි.
අපේ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත්
අපි දැනගන්නෙ
අපේ ඉන්ද්‍රිය පහ ආශ්‍රයෙන්.
ඒ අනුව අපේ සිත ක්‍රියා කරනවා.
අපේ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත් දැනගන්න
කෙනෙක් කළ යුත්තේ කුමක්ද?
අපේ කය තුළ සිදු වෙන සියලු දේත්
අප අවට සිදු වෙන සියලු දේත්
අපට දැනෙන්නෙ වේදනා නිසයි.
කුරුල්ලෙක් නගන හඬ
අප සවනෙහි ස්පර්ශ වනතුරු
අප නොදන්නෙමු.
ඒ ශබ්ද තරංග පැමිණ
අපේ සවනෙහි ''ස්පර්ශ'' වීම
අපේ තොරතුරු තාක්ෂණයෙහි
ආරම්භක අවස්ථාවයි.
දෙවැන්න ඉන් පහළ වෙන ''වේදනා''වයි.
තුන් වෙනුව අපි ඒ වේදනාව
සිතින් හඳුනාගන්නා
''සංඥා'' අවස්ථාවයි.
ඒ කම්පන තරංග මාලාව
අප හඳුනාගන්නේ සුඛ වේදනාවක් ලෙස නම්
අපි ඒ හඬට ප්‍රිය කරමු.
එවිට අප තුළ ''රාග'' සංස්කාරය පහළ වෙයි.
ඒ කුරුල්ලාගේ හඬ පිළිබඳව තොරතුර
අපේ ''විඥාණය'' තුළ අපි සටහන් කරගන්නේ
රාගික විශේෂණයක්ද සහිතවයි.
''අසවල් කුරුල්ලාගේ හඬ මිහිරියි''
මේ තොරතුර අපට අනන්‍ය වූ
අපට පමණක් සත්‍ය වූ තොරතුරකි.
මේ තොරතුර පිරිසිදු සත්‍යය නොවේ.
ඒ හඬ නිසා ඇති වූ වේදනාව
අපට මිහිරක් නිසා අප සංස්කරණය කරගත්
අපට සාපේක්ෂ අපේ සත්‍යයයි.
අප සමග සිටින තවත් කෙනෙකුට
මේ කුරුල්ලාගේ හඬ නිසා ඇතිවෙන
එකම වර්ගයේ ශබ්ද තරංග
ඔහු සවනෙහි ස්පර්ශ වීමෙන් ඇතිවෙන වේදනාව
ඔහුට සාපේක්ෂව ඔහු හඳුනාගන්නේ
දුක්ඛ වේදනාවක් ලෙස නම්
ඒ හඬ අප්‍රිය කරන ඔහු තුළ පහළ වන්නේ
ද්වේශ සංස්කාරයයි.
ඒ කුරුලු හඬ පිළිබඳ තොරතුර
ඔහු ''විඥාණය'' තුළ සටහන් කරගන්නේ
ද්වේශ නිශ්‍රිත විශේෂණයක්ද සහිතවයි.
''අසවල් කුරුල්ලාගේ හඬ අමිහිරියි''
මේ තොරතුර ඔහුට අනන්‍ය වූ
ඔහුට පමණක් සත්‍ය වූ තොරතුරකි.
මේ තොරතුර පිරිසිදු සත්‍යය නොවේ.
ඔහුට සාපේක්ෂ සත්‍යයයි.
අප අසල තුන්වැන්නෙකුද සිටිය හක.
ඔහුගේ සවනෙහිද එම ශබ්ද තරංගම ස්පර්ශ වෙයි.
ඉන් වේදනාවක්ද පහළ වෙයි.
ඔහු ඒ පිළිබඳව අවධානය නැත්නම්
ඔහුට ඒ වේදනාව අදුක්ඛමාසුඛය.
ඔහු තුළ පහළ වන්නේ මෝහ සංස්කාරයකි.
ඔහු තුළද සත්‍යය නැත.
සත්‍යය නම් අප තිදෙනා වෙතම ළඟාවූ
එකම ආකාරයේ ශබ්ද තරංග මාලාවයි.
මේ තරංග මාලාව
අප තිදෙනාටම එකයි.
ඒ හඬ පිළිබඳව සිහියෙන් පසුවූ
පළමු දෙදෙනා විසින්
ඔවුන්ට සාපේක්ෂව ප්‍රතිවිරුද්ධ සටහන් දෙකක්
ඔවුන් තුළ ලියාගන්නා විට
තුන් වැන්නා පසුවූයේ
එවේලෙහි ඔහු සවනෙහි ස්පර්ශවූ
වාහනයක හඬක් වැනි වෙනත් හඬක් ගැන
අවධානයෙන් විය හැක.
කුරුළු හඬ පිළිබඳව
ඔහු පසු වූයේ මෝහයෙනි.
පළමු දෙදෙනාට වාහනයේ හඬ ඇසී නැත.
ඔවුන් ඒ පිළිබඳව මෝහයෙන් පසු විය.
හැම කෙනෙක්ම ජීවත් වන්නේ
ඉඳුරන් මගින් ලැබෙන තොරතුරු වලින්
තමා කැමති සහ අකමැති දේ ගැන පමණක්
අවධානය දක්වමිනි.
ඉතිරි සියල්ල පිළිබඳව ඔහු පසුවන්නේ මෝහයෙනි.
මේ මානසිකත්වයත්
තිරිසන් සත්වයෙකුගේ මානසිකත්වයත් අතර
ප්‍රබල වෙනසක් නැත.
තමාට අවශ්‍ය දේ විතරක් තෝරාගෙන
අන් සියල්ල ඉවත් කරන කෙනෙකුට පෙනෙන්නෙ
ඔහු දකින දේ පිළිබඳ ඇත්ත නොවෙයි.
වාහනයක් පදවන කෙනෙක්
වාහන හසුරුවන පොලිස් නිලධාරියෙක්
විභාග ශාලාධිපති කෙනෙක්
කළමනාකාර වරයෙක් වැනි
විශේෂ පුද්ගලයන්
විශේෂ අවස්ථාවන්හිදී
සාධක එකකට වඩා සලකමින් ක්‍රියා කරති.
එහෙත් ඔවුන් තමන්ට ලැබෙන තොරතුරුවලින්
තෝරාගත් තොරතුරු පිළිබඳව
අවධානය යොමු කරති.
අප දන්නා ඉතිහාසය තුළ
තෝරා ගැනීමකි තොරව
තමාට ලැබෙන සියලු තොරතුරු සහ
ඒ තොරතුරු අනුව තමා තුළ සිදුවෙන
සියලු වෙනස්වීම් පිළිබඳව සිහියෙන් විසීමට
සාර්ථක තාක්ෂණයක් සොයාගත්තේ
බුදුන් වහන්සේය.
බුදුන් වහන්සේද
සම්පජානෝ සතිය ආශ්චර්යයක්
අද්භූත ධර්මයක් ලෙස හැඳින්වීම
අරුමයක් නොවේ.
බුදුන් වහන්සේත් රහතන් වහන්සේලාත්
රාත්‍රියෙහි සැතපෙනවිට පවා වැඩ සිටින්නේ
සම්පජානෝ සතියෙනි.
සම්පජානෝ සතිය ප්‍රඥාවට උල්පතයි.
ප්‍රඥාව නැති තැනැත්තා
රැයේ සරන
කණාමැදිරි එළියක් වගෙයි.
ඔහුට පෙනෙන්නෙ තමත්
තමා අවට කුඩා පරාසයකුත් පමණයි.
සම්පජානෝ සතිය ඇති තැනැත්තාගෙ
ප්‍රඥාවත් වැඩියි.
තමාත් සමග විශාල පරාසයක්
ඔහුට පෙනෙනවා.
මේ නිසා ඔහුගෙ තීරණ වඩා නිවැරදියි.
මදුරුවෙක් දෂ්ඨ කරන විට
පටු දැක්මක් ඇති පුද්ගලයාට දැනෙන්නේ
ඔහුට ඇති වෙන අප්‍රිය වේදනාව පමණි.
ඔහු ඉන් උපන් ද්වේශයෙන් මදුරුවා මරාදමයි.
ප්‍රඥාවන්තයාගේ දැක්ම පුළුල්ය.
මදුරුවෙක් දෂ්ඨ කරන විට
ඔහුට ඇති වෙන අප්‍රිය වේදනාවත්
ඔහු ඉන් උපන් ද්වේශයත් පමණක් නොව
මදුරුවාත් තමා වැනිම වූ ජීවියෙක් බවත්
තමා මෙන්ම ජීවිතයට ආදරය කරන බවත්
මදුරුවා මැරීම පාපයක් බවත් දකින ප්‍රඥාවන්තයා
මදුරුවා පළවාහරියි.
ත්‍රිපිටක පරිවර්තකයන් විසින්
සම්පජානෝ සතිය පරිවර්තනය කරද්දී
"මනා නුවණ" "සම්‍යක් ප්‍රඥාව" ආදී
විවිධ පද වලින් හඳුන්වනවා.
එහෙත් ඒ කිසිවකින්
බුදුන් වහන්සේ වදාළ අයුරින්
සම්පජානෝ සතිය නිරූපණය වෙන්නේ නෑ.
සිහිය පිහිටුවාගන්නට අත්‍යාවශ්‍ය වෙන
කයත් වේදනාත් නොසලකා හැර
ධර්ම දේශනා, පොත්පත් ඇසුරෙන්
නිවන් දකින්නට උත්සාහ කිරීම නිසා
සම්පජානෝ සතිය නිසි අයුරින් වටහා ගැනීම
මග හැරී ඇති බව පැහැදිලියි.
ප්‍රායෝගිකව සිහිය පිහිටුවා නොගන්නා අය
බොහෝ විට තර්ක වල ගැලී
මිසදිටු මාර්ග වල මංමුළා වෙනවා.
සතර සතිපට්ඨානය ඇසුරෙන්
කයත් වේදනාත් පිළිබඳව සිහිය
දියුණු කර නොගත් කෙනෙකුට
කිසි සේත්ම
සම්පජානෝ සතිය පිහිටන්නේ නැහැ.
සම්පජානෝ සතිය පිහිටන කෙනෙකුගේ
පළමු සුදුසුකම
ඔහුට ඇතිවෙන සියලුම වේදනා
සිහියෙන් විඳීමට සමත්වීමයි.
මෙහි සියලුම වේදනා ලෙස හැඳින්වෙන්නේ
කෙනෙකුගේ සිරුරෙහි පහළ වෙන
සමස්ත වේදනා සමුච්චය නොවෙයි.
සිරුරෙහි පහළ වෙන
සමස්ත වේදනා සමුච්චය දැකීමේ හැකියාව ඇත්තේ
බුදු පසේබුදු රහතන් වහන්සේලාට පමණයි.
සතිපට්ඨානය වැඩීම අරඹන
සාමාන්‍ය පුහුදුන් කෙනෙක්
ඔහු සතු පූර්ණ සිහියෙන් දකින්නට වෑයම් කළත්
ඔහුට ඒ මොහොතෙහි දැනෙන්නේ
ඔහුට ඇතිවෙන සමස්ත වේදනා සමුච්චයෙන්
ඉතා කුඩා පරාසයක් පමණයි.
ඒ කුඩා පරාසය පිළිබඳව සිහිය පිහිටුවාගෙන
ඒ සියලු වේදනාවන්ට උපේක්ෂාවෙන් පසුවෙන විට
ඔහුගේ දැක්ම පුළුල් වෙමින්
ඔහු දකින වේදනා පරාසය කෙමෙන් පුළුල් වෙයි.
පළමුව හුස්මටවත්
සිහි එළවාගත නොහැකි ඔහුට
හෘද ස්ඵන්දනය, රුධිර සංසරණය වැනි
සියුම් වේදනා පවා දැනෙන්නට වෙයි.
මෙ අනුව
මෙහි සියලුම වේදනා ලෙස හැඳින්වෙන්නේ
සාමාන්‍ය පුහුදුන් කෙනෙකුට ඔහුගේ ශක්තියෙන්
එක් මොහොතක දැකිය හැකි
උපරිම වේදනා පරාසයයි.
මේ තලයට පත්වෙන පුද්ගලයා
බුදුන් වහන්සේ විසින්
ආර්ය ශ්‍රාවක නමින් හැඳින්වෙන
මිනිස් සංහතියටම සුවිශේෂී වූ
අපූර්ව පුද්ගලයෙකි.
බුදු දහම හැර වෙනත් කිසිදු දහමක
වෙනත් කිසිදු දර්ශනයක
මේ ආශ්චර්යමත් අද්භූත තලයට
පත්වීමට උපදෙස් නැත.
විපස්සනා මාර්ගය
සම්පජානෝ සතියට ඇති
ඒකායන මාර්ගයයි.
සම්පජානෝ සතිය කවරේදැයි
බුදුන් වහන්සේ විස්තර කරන්නේ මෙසේය.
1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
සරලව
සති සම්පජන්‍ය නම්
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.
මේ අවස්ථාව
රාග ද්වේශ මෝහ තුනෙන්ම
විනිර්මුක්තයි.
මේ ආකාරයට සති සම්පජන්‍ය වැඩීමෙදි
පුද්ගලයාගෙන් පුද්ගලයාට පෙනෙන
වේදනා, සංඥා සහ විතර්ක ප්‍රමාණය
එකිනෙකාට වෙනස් පරාසවල පවතිනවා.
බුදු පසේබුදු මහ රහතුන් වුවද
ඔවුනොවුන්ට අදාළව
උපරිම සම්පජානෝ සතියෙන් යුතු වුවද
ඒ ඒ චරිත වලට අදාළව ප්‍රඥාව වෙනස් වන්නේ
සම්පජානෝ සතියෙහි පරාස වෙනස් නිසාය.
වේදනා මට්ටමේදී
බුදු පසේබුදු මහ රහතුන් සියල්ලන්ම එකය.
එහෙත් සංඥා හා විතර්ක ඇතිවෙන ආකාරය
ඔවුන් සසර ලැබූ අත්දැකීම් සහ
පුරන ලද පෙරුමන් අනුව වෙනස් වෙයි.
එහෙත් සම්පජානෝ සතිය වඩන්නට
සියල්ලන්ම කළ යුත්තේ විදසුන් වැඩීමයි.
පුහුදුන් කෙනෙකු විසින් පියවරෙන් පියවර
සම්පජානෝ සතිය දියුණු කළයුතු අයුරු ආකාරය
මහා සතිපට්ඨාන සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් වෙයි.
මහා සතිපට්ඨාන සූත්‍රයේ
ආරම්භයෙහිම දැක්වෙන ලෙස
ආශ්වාස ප්‍රශ්වාසයෙහි ''දිග හෝ කෙටි බව'' අනුව
සිහිය පවත්වා ගනිමින්
ආනාපාන සතිය වඩන කෙනෙකුට
තමන්ගේ සම්පූර්ණ සිරුරම
සමස්තයක් ලෙස දැනෙන අවස්ථාවක් ඇත.
සබ්‌බකායපටිසංවෙදී අස්‌සසිස්‌සාමීති සික්‌ඛති,
සබ්‌බකායපටිසංවෙදී පස්‌සසිස්‌සාමීති සික්ඛති.
සමස්ත සිරුරටම සංවේදීව
ආශ්වාස කරමින් හික්මෙයි.
සමස්ත සිරුරටම සංවේදීව
ප්‍රාශ්වාස කරමින් හික්මෙයි.
ආනාපාන සතියට යොමුවෙන
පළමු පියවරම
කය අනුව සිහිය පවත්වාගන්නට මගකි.
කය පිළිබඳව සිහියෙන්
''කය ඍජුව'' පවත්වාගන්නා ඔහු
මුහුණෙහි ඉදිරිපස සිහිය පිහිටුවාගෙන
කයට සංවේදීව ආනාපාන සතිය වඩයි.
කය පිළිබඳව ඔහු තුළ ඇති
සංවේදී බව දියුණු කරමින්
සබ්බකාය පටි සංවේදී අවස්ථාව තෙක්
ආනාපාන සතිය වඩන කෙනෙකුට
තමන්ගේ මුලු ශරීරයේම පවතින වේදනා වලින්
ඒ අවස්ථාවෙහි ඔහුට දැකිය හැකි
සමස්ත පරාසය දැකිය හැකි වෙනවා.
කෙනෙකු ආර්ය ශ්‍රාවකයෙකු බවට පත්වන
උතුම් මොහොත මෙයයි.
ආනාපාන සතියෙන් පසුව එන
ඉරියාපථ පූර්වයේදී
මේ සිහිය තව දුරට වැඩි කරන්නට
බුදුන් වහන්සේ මෙසේ උප දෙස් දෙනවා.
ගච්‌ඡන්‌තො වා ගච්‌ඡාමීති පජානාති,
ඨිතො වා ඨිතොම්‌හීති පජානාති,
නිසින්‌නො වා නිසින්‌නොම්‌හීති පජානාති,
සයානො වා සයානොම්‌හීති පජානාති,
යථා යථා වා පනස්‌ස කායො පණිහිතො හොති,
තථා තථා නං පජානාති.
ඇවිදින්නේ ඇවිදින්නෙමැයි මනාව දනියි.
සිටින්නේ සිටින්නෙමැයි මනාව දනියි.
හිඳින්නේ හිඳින්නෙමැයි මනාව දනියි.
සැතපෙන්නේ සැතපෙන්නෙමැයි මනාව දනියි.
කය යම් යම් ආකාරයකට පිහිටාද
ඒ ඒ ආකාරය මනාව දනියි.
මේ උපදෙස් අනුව
සමස්ත ඉරියව්ව පවතින ආකාරය ගැන
මනා සිහියෙන් පසුවන්නට නම්
පළමුව සබ්බ කාය පටි සංවේදී වීම අවශ්‍යය.
ආනාපාන සතියෙන්
සමස්ත සිරුරට සංවේදී වීම නිසා
ඉරියව්ව පිළිබඳව සිහිය පැවැත්වීම
ආර්ය ශ්‍රාවකයාට පහසු වෙයි.
මහා සතිපට්ඨාන සූත්‍රයෙහි
තෙවන පූර්වය සම්පූර්ණයෙන්ම වෙන්වන්නේ
සම්පජානකාරී වීම පුහුණු කරන්නටය.
අභික්‌කන්‌තෙ පටික්‌කන්‌තෙ සම්‌පජානකාරී හොති.
ආලොකිතෙ විලොකිතෙ සම්‌පජානකාරී හොති.
සමිඤ්‌ජිතෙ පසාරිතෙ සම්‌පජානකාරී හොති.
සඞ්ඝාටිපත්‌තචීවරධාරණෙ සම්‌පජානකාරී හොති.
අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්‌පජානකාරී හොති.
උච්‌චාරපස්‌සාවකම්‌මෙ සම්‌පජානකාරී හොති.
ගතෙ ඨිතෙ නිසින්‌නෙ සුත්‌තෙ ජාගරිතෙ
භාසිතෙ තුණ්‌හීභාවෙ සම්‌පජානකාරී හොති.
ඉදිරියට යාමෙහි ආපසු ඒමෙහි
සම්පජානකාරී වෙයි.
ඉදිරිය බැලීමේදී පසුපස බැලීමෙහිදී
සම්පජානකාරී වෙයි.
හැකිලීමෙහි දිග හැරීමෙහි සම්පජානකාරී වෙයි.
සිවුරු හැඳීමෙහි සිවුරු දරා සිටීමේදී
සම්පජානකාරී වෙයි.
කෑමෙහි බීමෙහි සැපීමෙහි රස විඳීමෙහි
සම්පජානකාරී වෙයි.
මල මුත්‍ර පහ කිරීමෙහි සම්පජානකාරී වෙයි.
යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි සැතපීමෙහි නිදි වැරීමෙහි
සම්පජානකාරී වෙයි.
කතා කිරීමෙහි නිහඬව හිඳීමෙහි
සම්පජානකාරී වෙයි.
මේ අනුව
කවර කාර්යයක යෙදුණත්
සමස්ත කයෙහිම වේදනා සහ
සිතෙහි සංඥා, විතර්ක සියල්ලම පිළිබඳව දැනුවත්ව
ඒ කාර්යය කළ යුතුයි.
සම්පජානෝ සතියෙන් කායික ක්‍රියාවන්හි යෙදෙන්නාට
ඒ කාර්යය ඉතා සැහැල්ලුවෙන් සහ
උපාදාන කරගැන්මකින් තොරව කළ හැකි වෙයි.
ඔහු ඒ කාර්යයෙහි යෙදෙන්නේ
සමස්ත කයට සාපේක්ෂව
කාර්යයට අවශ්‍ය අවධානය
ඊට යොමු කරමිනි.
අශෘතවත් පුහුදුන් කෙනෙකු නම්
සමස්ත අවධානය කාර්යයට යොදවා
අන් සියල්ල පිළිබඳව මෝහයෙන් පසු වෙයි.
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාත්
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාත්
නිවන් දුටු ආර්යශ්‍රාවකයාත් තිදෙනෙකි.
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
එක් මොහොතක දකින්නේ
ඔහු ප්‍රිය කරන හෝ අප්‍රිය කරන
සුඛ හෝ දුක්ඛ හෝ අදුක්ඛමාසුඛ වදනා
සීමිත පරාසයක් පමණි.
ඔහුට ඒ මොහොතෙහි
සමස්ත කයෙහිම වේදනා නොපෙනෙයි.
කම් සුව විඳින
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
ඒ අවස්ථාවෙහි සිහියෙන් පසුවන්නේ
ඔහු ප්‍රිය කරන වේදනා සමුච්චය පමණි.
ඔහු තුළ පහළ වන්නේ රාගයයි.
හිසේ කැක්කුමක් දත් කැක්කුමක් නිසා පෙළෙන
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාගේ සිහිය
ඒ අප්‍රිය වේදනා වලට සීමා වෙයි.
ඔහු තුළ ද්වේශය පහළ වෙයි.
සිත එක අරමුණකට හුරු කරමි
අන් සියලු අරමුණු පිළිබඳව
අවිද්‍යාවෙන්, මෝහයෙන් පසුවෙන
ලෞකික ධ්‍යාන ලාභියා විඳින්නේ
අදුක්ඛමාසුඛ වේදනාවන් සහ
ප්‍රියප්‍රිය ජනක සුඛ වේදනා පමණි.
සුඛ වේදනාවන්ට රාගයෙන් පසුවන ඔහු
අදුක්ඛමාසුඛ වේදනා විඳින විට
මෝහයෙන් පසුවෙයි.
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
කවර වේදනාවක් වින්දත්
අන් සියලු වේදනා පිළිබඳව
අවසිහියෙන් පසු වෙයි.
සිහිය පිහිටුවාගනිමින්
නිවන් මගට පිවිසෙන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තාට වඩා
බෙහෙවින් වෙනස් පුදගලයෙකි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
විපස්සනා මාර්ගයෙහි ගමන් කරමින්
කාය, වේදනා, චිත්ත, ධම්ම යන
සතර පිළිබඳව සිහිය පිහිටුවාගෙන
තම කයෙහිත් තම සිතෙහිත් වෙනස්වීම් වන
වේදනා, සංඥා සහ විතර්ක පිළිබඳව
උපේක්ෂාවෙන් වෙසෙයි.
සිහිය පිහිටුවාගත් පමණින්
ඔහු තුළ සිදු වෙන වෙනස් වීම් සියල්ලම
ඔහුට සිහියෙන් දැකිය හැකි නොවෙයි.
එහෙත් ඔහුට සිහියෙන් දැකිය හැකි
සියලුම වේදනා, සංඥා සහ විතර්ක ගැන
සිහියෙන් සහ උපේක්ෂාවෙන් වෙසෙන විට
ඔහු පසුවන්නේ සම්පජානෝ සතියෙනි.
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා බවට පත්වන්නේ
ඔහුගේ උපරිම සංවේදී බව තුළ ලබා ගන්නා
සම්පජානෝ සතිය නිසාය.
සම්පජානෝ සතිය වඩන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට
බුදුන් වහන්සේ මෙසේ උපදෙස් දෙයි.
මහණෙනි,
මහණ තෙම කෙසේ වනාහි නිදිවැරීමෙහි යෙදුනේ වේ ද?
මහණෙනි,
මෙ සස්නෙහි මහණ දවල් සක්මනින් ද හිඳීමෙන් ද
නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
රෑ පළමු යම
සක්මනින් ද හිඳීමෙන් ද
නීවරණධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි.
රෑ මැදියම
දකුණු පයෙහි වම්පය මඳක් හයා තබා
නැගීසිටුනා සංඥාව මෙනෙහි කොට
සම්පජානෝ සතියෙන් සිංහ ශය්‍යාව කරයි.
රෑ පැසුළුයම නැගිට
සක්මනින් ද හිඳීමෙන් ද
නීවරණධර්‍මයන් කෙරෙන් සිත පිරිසිදු කෙරෙයි.
මහණෙනි,
මෙසේ වනාහි මහණ තෙමේ නිදිවැරීමෙහි යෙදුනේ වෙයි.
මහණෙනි,
මේ ධර්‍ම තුණෙන් සමන්වාගත මහණ
අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
ආස්‍රවයන්ගේ ක්‍ෂය පිණිස කරුණ ද
පටන්ගන්නා ලද්දේ වෙයි.
අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » 2. රථකාර වර්ගය
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සම්පජානෝ සතියෙන් වෙසෙන අවස්ථාවෙහි
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව පවතින් සිහිය නිසා
මෝහය දුරුවී ඇත.
සියලු වේදනා, සංඥා, විතර්ක පිළිබඳව
සිහියෙන් වෙසෙන නිසා රාග, ද්වේශද ඇති නොවෙයි.
එහෙයින් නව සංස්කාර ඇති වීමක් නැත.
නව සංස්කාර ඇති නොවෙන නිසා
අනුසය කෙලෙස් සංස්කාර ලෙස මතුවී
වේදනා, සංඥා, විතර්ක පහළ වුවත්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් විසීමෙන්
උපදින උපදින සංස්කාර නිරුද්ධ වීමෙන්
කෙලෙස් නැසී සිත පිරිසිදු වෙයි.
අනුසය කෙලෙස් නැසීම පිළිබඳව
බුදුන් වහන්සේ මෙසේ උපදෙස් දෙන්නාහ.
මහණෙනි,
චක්ෂුසත් රූපත් නිසා චක්ෂුර්විඥානය උපදී.
(චක්ෂු, රූප, විඥාන යන) තිදෙනාගේ සඞ්ගතිය ඵස්ස වෙයි.
ස්පර්ශ ප්‍රත්‍යයෙන්
සුඛ වූ හෝ
දුඃඛ වූ හෝ
අදුක්ඛමාසුඛ වූ හෝ වේදනාව උපදී.
හේ සුඛවේදනායෙන් පහස්නාලදුයේ සතුටු වෙයි.
සතුටු බස් කියයි. බැසගෙන සිටී.
ඔහුගේ සන්තානයෙහි රාගානුසය අප්‍රහීණ වැ සිටී.
දුඃඛ වේදනායෙන් පහස්නාලදුයේ ශොක කෙරෙයි, වෙහෙසෙයි,
පරිවේදනා කෙරෙයි, ළෙහි පැහැර හඬයි, සම්මොහයට පැමිණෙයි.
ඔහුගේ සන්තානයෙහි ප්‍රතිඝානුශය අප්‍රහීණ වැ සිටී.
අදුක්ඛමාසුඛ වේදනායෙන් පහස්නාලදුයේ
ඒ වේදනාවගේ සමුදය ද අස්තඞ්ගමය ද
ආස්වාදය ද ආදීනවය ද නිස්සරණය ද ඇතිසැටි නො දනී.
ඔහුගේ සන්තානයෙහි අවිජ්ජානුශය අප්‍රහීණ වැ සිටී.
මහණෙනි,
ඒකාන්තයෙන් හෙතෙම
සුඛවේදනායෙන් රාගානුශය දුරු නො කොට
දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය නාශනය නො කොට
අදුඃඛමසුඛවේදනායෙන් අවිද්‍යානුශය සමුද්ඝාතනය නො කොට
අවිද්‍යාව ප්‍රහීණ නො කොට මාර්ග ඥානවිද්‍යාව නූපදවා
ඉහාත්මයෙහි මැ වට්ටදුක්ඛය කෙළවර කරන්නේ ය
යන තෙල කරුණ නො වේ.
----- ඡ ඡක්ක සූත්‍රය -----
මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » සළායතන වර්ගය
මේ සූත්‍ර පාඨයන්ට අනුව
ඉඳුරන් සහ මනස ඇසුරෙන්
අශ්‍රැතවත් පුහුදුන් තැනැත්තා
තුන් වර්ගයේ වේදනාවන්
ප්‍රිය අප්‍රිය වශයෙන් හා මෝහයෙන් ගැනීම නිසා
රාග, පටිඝ, අවිජ්ජා යන අනුසය කෙලෙස්
ඇති කරගන්නා අයුරු පැහැදිලි වෙයි.
මේ රටාවට විරුද්ධ අතට යන
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
සැතපෙන විට පවා සම්පජානෝ සතියෙන් වෙසෙමින්
සුඛවේදනායෙන් රාගානුශය නසයි.
දුඃඛවේදනායෙන් ප්‍රතිඝානුශය නසයි.
අදුඃඛමසුඛවේදනායෙන් අවිද්‍යානුශය සමුද්ඝාතනය කරයි.
මෙසේ වේදනා පිළිබඳ සිහියෙන්
අනුසය කෙලෙස් නසන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
අවිද්‍යාව ප්‍රහීණ කොට මාර්ග ඥානවිද්‍යාව උපදවා
සියලු දුක් කෙළවර කොට නිවන් දක්නේය.
සව් කෙලෙසුන් නසා නිවන් දකින ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
පිරිනිවන් පාන තුරුම සම්පජානෝ සතියෙන් වෙසෙයි.
ඔහුට විදසුන් වඩන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට මෙන්
ආතාපී ගුණය අවශ්‍ය නොවෙයි.
නිවන් සාක්ෂාත් කළ ආර්ය පුද්ගලයා
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
1,
විඳින සියලු වේදනාත්
2,
දැනෙන සියලු සංඥාත්
3,
ඇතිවෙන සියලු විතර්කත්
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
ඔහු සම්පජානෝ සතියෙන් වෙසෙයි.
සම්පජානෝ සතිමා විහරති.
===========================
බුදුන් වහන්සේගේ මේ සහතිකය විශේෂයි.
ආනන්දය,
තථාගතයන් ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව:
ආනන්දය,
තථාගතයන්ට
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
ආනන්දය,
තෙපි තථාගතයන් වහන්සේ ගේ
මේ ආශ්චර්යය අද්භූත ධර්මය ද දරව.
ආනන්‌ද,
ඉදම්‌පි තථාගතස්‌ස අච්‌ඡරියං අබ්‌භුතධම්‌මං ධාරෙහි.
ඉධානන්‌ද, තථාගතස්‌ස විදිතා වෙදනා උප්‌පජ්‌ජන්‌ති,
විදිතා උපට්‌ඨහන්‌ති, විදිතා අබ්‌භත්‌ථං ගච්ඡන්ති;
විදිතා සඤ්‌ඤා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති,
විදිතා අබ්‌භත්‌ථං ගච්ඡන්ති;
විදිතා විතක්‌කා උප්‌පජ්‌ජන්‌ති, විදිතා උපට්‌ඨහන්‌ති,
විදිතා අබ්‌භත්‌ථං ගච්‌ඡන්‌ති.
ඉදම්‌පි ඛො, ත්‌වං, ආනන්‌ද,
තථාගතස්‌ස අච්‌ඡරියං අබ්‌භුතධම්‌මං ධාරෙහී
අච්ඡරියබ්භුත සූත්‍රය
මජ්‌ඣිම නිකාය » උපරි පන්නාසකය » 3. සුඤ්‌ඤත වර්ගය
තථාගත යනු බුදුන් වහන්සේ පමණද?
තත්+ආගත යනු
වර්තමානයට පැමිණි තැනැත්තායි....
බුදු පසේබුදු මහ රහත් සියල්ලෝම
වර්තමානයට පැමිණියෝ වෙති.
සම්පජානෝ සතියෙන් වෙසෙන්නෝය.