සිරිධම්ම හිමි
චිත්තානුපස්සනාව නමින් උගන්වන්නෙ
තනිකර බොරුවක්.
බුදු දහමට අනුව
විපස්සනා වඩන කෙනෙක් සිහිය පවත් වන්නෙ
තමන්ගෙම කය ගැන සහ සිත ගැනයි.සිත පමණක් දැකීම බුදු දහම නෙවෙයි
සමස්ත පුද්ගලයාම දැකීමයි, බුදු දහම.
ඒ දැක්මට සිත කය දෙකම අයිතියි.
කාය වේදනා චිත්ත ධම්ම
හතරම දැකීමයි බුදු දහම.
සිත පමණක් දැකීම
විශේෂ දැක්මෙ අතුරු ඵලයක් පමණයි..
වෙනස් වීම - අනිත්‍යය දකිමින්
ලෝභ ද්වේශ දෙකෙන් තොරව
සිහියෙන් සිටින්නට හුරු වීමෙනුයි,
ප්‍රඥාව පහල වෙන්නෙ.
සිතින් සිත ගැන තර්ක කරමින්
සිත තේරුම් ගන්න දරන උත්සාහය මුලාවක්.
ඔහුට මේ මොහොත ගැන සිහිය නෑ.
ව්‍යාපාරය ගැන සිතමින් සිටියත්
සිත ගැන සිතමින් සිටියත් වෙනසක් නෑ.
සිතත් එක ආයතනයක්.
සිතත් ඇතුළුව
සියලුම ආයතනවල වෙනස් වීම්
මොහොතින් මොහොතට දකිමින්
ලෝභ ද්වේශ දෙකෙන් තොරව
සිහියෙන් සිටින්නට හුරු වීමෙනුයි,
ප්‍රඥාව පහල වෙන්නෙ.
බුදුන් වහන්සේ
කාය වේදනා චිත්ත ධම්ම
හතරම දැකලා දේශනා කළ දහමක්
සිත දෙස පමණක් බලා හිඳීමෙන්
අවබෝධ වෙන්නෙ නෑ.
සිත පමණක් දැකීම = විපස්සනා
කියා
සිරි ධම්ම හිමි උගන්වන්නේ
'සතර'
සතිපට්ඨානය නොවෙයි.
සිරිධම්ම හිමි
උගන්වන ව්‍යාජ විපස්සනාව
------------------------------------------
මං ඕගොල්ලන්ට කියන්නම්
සෝතාපන්න වෙන්න තියන කෙටි ක්‍රමයක්.
වර්තමානයේ පැවතීමමයි.
වර්තමානය තියනකොට කිසි දුකක් නෑ.
ඒ දුක නැතිව පැවැත්තුවාම
ඒ දුක නැතිකමම තමයි
එයාගෙ විපස්සනාව.
සිහියෙන් පැවතීම.
එතකොට එයා වර්තමානයට ආවාම
වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා.
ඉතිං හරිනේ එහෙනම්..
එහෙනම් ඔය මොකක්වත් බහුබූත ඕන නෑනේ.
--------------------------------------------------
''මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.''
මොහොත කියන්නෙ සිත පමණක් නෙවෙයි.
සිරිධම්ම හිමි රහතෙක් නොවන බව
සක්සුදක් සේ පැහැදිලි වෙන
මර්මස්ථානය මෙයයි.
සිරිධම්ම හිමිගේ දේශනාව තුළ
සිත කය දෙකක් නෑ.
සතිපට්ඨාන හතරෙන්
ප්‍රධානම දෙක අත්හරින කෙනෙකුට
කාය භාවනා පිහිටන්නෙ නෑ.
කාය භාවනා නැතිව චිත්ත භාවනාවක් නෑ.
''මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.''
මොහොත කියන්නෙසිත පමණක් නෙවෙයි.
සිත එක ආයතනයක් පමණයි.
විපස්සනා වඩන කෙනෙක්
අනික් ආයතන පහත් දැකිය යුතුයි.
සිත කය දෙකම දැකිය යුතුයි.
සිතත් ඇතුළුව
සියලුම ආයතනවල වෙනස් වීම්
මොහොතින් මොහොතට දකිමින්
ලෝභ ද්වේශ දෙකෙන් තොරව
සිහියෙන් සිටින්නට හුරු වීමෙනුයි,
ප්‍රඥාව පහල වෙන්නෙ.
සතිපට්ඨානය හතරකට බෙදා දුන්නත්
අපි සිහිය වඩන්නෙ
වේදනා මගින් සම්බන්ධ වෙන
සමස්ත නාම-රූප ඒකකය ගැනම
සිහියෙන් සිටින්නයි.
හැම මොහොතකම කයත්
සිතත් වෙනස් වෙනවා.
මේ වෙනස් වීම් එකිනෙකට සම්බන්ධයි.
කය හෝ සිත තනිව වෙනස් වෙන්නෙ නෑ.
කයෙහි සිදු වෙන වෙනස් වීම් වේදනා ලෙස හඳුන්වනවා.
සිතෙහි වෙන වෙනස්වීම් ධම්ම නමින් හැඳින්වෙනවා.
මේ වෙනස් වීම් ප්‍රිය කිරීම
සහ අප්‍රිය කිරීමෙනුත්
මේ වෙනස්වීම් ගැන මෝහයෙන්
අවසිහියෙන් සිටීමෙනුත්
අපි ඒ මොහොතෙත් අනාගතයටත්
ගැටළු ඇති කරගන්නවා.
වැරදි කරනවා. පව් කරනවා.
සිල් බිඳගන්නවා.
.
සිතත් කයත්,
මේ වෙනස්වීම් සියල්ලමත් ගැන
සමස්තයක් ලෙස සිහියෙන් සිටීම
සම්පජානෝ සතිය නමින් හැඳින් වෙනවා.
සිත කය දෙකම ගැන සිහියෙන් තොරව
සතර සතිපට්ඨානයෙන් එකක් තෝරාගෙන
විපස්සනා වැඩීමක් සිදු නොවෙයි.
විපස්සනා උගන්වන ස්වරූපයෙන්
සිත බලා ඉන්න පමණක් පුහුණු කිරීම
විපස්සනාවක් නොවෙයි.
සිත ගැන සිහියෙන් ඉන්න කෙනෙක්
සිත සම්පූර්ණයෙන්ම දකින්න නම්
සිත අනුව වෙනස් වෙන කයත්
කය අනුව වෙනස් වෙන සිතත්
මොහොතින් මොහොතට ලෝභ ද්වේශ දෙකෙන් තොරව
සිහියෙන් දැකිය යුතුයි.
මහා සතිපට්ඨාන සූත්‍රයෙ
ආනාපාන සතිය පළමුවෙන්ම දීල තියෙන්නෙත්
ඊළඟට ඉරියාපථය දීල තියෙන්නෙත්
සිත කයට ගන්නයි.
උජුං කාය පණිධාය කියන කොටම
සිත කයට ගන්න වෙනවා.
හුස්ම බලා ඉන්න කෙනෙකුට
හිතන්න නිදහසක් නෑ.
බුදුන් වහන්සේගෙ උපදෙස් පිළිපදින අයට
සිත දමනය කිරීම ගැටලුවක් වෙන්නෙ නෑ.
බුදුන් වහන්සේ
අපට කියා දෙන්නේ එක දෙයයි.
සිත සහ කය ගැන සිහියෙන්
ඒ දෙකෙහි සිදු වෙන වෙනස් වීම්
ප්‍රිය වුණත් අප්‍රිය වුණත්
ඒ දෙක නිසා පමණ ඉක්මවා ක්‍රියා නොකර
දුක් නොවිඳ සැනසිල්ලෙන් සිටින ආකාරයයි.
රහතන් වහන්සේ යනු සියලු වේදනා
පිරිසිඳ දත් තැනැත්තාය.
මහණෙනි,
ස්පර්ශාහාරය පරිඥාත කල්හි
වේදනාත්‍රය පරිඥාත වේ.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි.
කායානුපස්සනා වේදනානුපස්සනා නැතිව
නිවන් මගක් පැවතිය නොහැක.
විපස්සනාව කියන්නෙ අනුපස්සනා හතරක්.
කාය වේදනා චිත්ත ධම්ම
සිරිධම්ම කියන්නෙ එක අනුපස්සනාවයි.
ඒ චිත්තානුපස්සනාවත්
බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමයක් නොවෙයි.
අතීතයත් අනාගතයත් අමතක කරලා
වර්තමානයෙ ඉන්න කියා
බුදුන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ.
අතීතයත් අනාගතයත් අමතක කරලා
වර්තමානයෙ ඉන්න කිව්වොත් බුදු දහමට පටහැණියි.
මේ චෝදනා දෙකම මම කරන්නෙ
ත්‍රිපිටකයෙන් සාක්ෂි අරගෙනයි.
ප්‍රශ්න කරන්න තරම් විපස්සනා දන්න කෙනෙක්
කියවන අය අතරෙ ඉන්නවා නම්
මම තව දුරටත් විස්තර කරනවා.
එවැනි කිසිවෙක් මෙතෙක් ඉදිරිපත් වුණේ නෑ.
සමහරු මේ කරුණු දකින්නෙ
ජීවිතේ පළවෙනි වතාවට විය හැකියි.
සිරිධම්ම හිමිගෙ චිත්තානුපස්සනාව
-
"වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා."
චිත්තානුපස්සනා කරන කෙනෙක්
මේ සිත් වෙන වෙනම හඳුනාගත යුතුයි.
තමන් තුළ පවතින ස්වභාවය
සිහියෙන් දකිමින්
ඒ ස්වභාවයට උපේක්ශාවෙන්
විදසුන් වඩන කෙනෙක් තුළ
සිතුවිලි නැහැ.
සරාග, සදෝසාදී වශයෙන්
සිතේ මූලික ස්වභාවයන් සහ ඒ පිළිබඳ සිහියත්
ඒ ස්වභාවයට උපේක්ශාවත් විතරයි.
සරාගං , වීතරාගං . සදොසං , වීතදොසං .
සමොහං , වීතමොහං . සඞ්‌ඛිත්‌තං , වික්‌ඛිත්‌තං .
මහග්‌ගතං , අමහග්‌ගතං . සඋත්‌තරං , අනුත්‌තරං .
සමාහිතං , අසමාහිතං . විමුත්තං . අවිමුත්‌තං
චිත්‌තන්‌ති පජානාති
ආදී වශයෙන්
හිතේ ස්වභාවය දැනගත්තාම ඇති.
ඉති අජ්‌ඣත්‌තං , බහිද්‌ධා ,
අජ්‌ඣත්‌ත බහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති.
ආදී වශයෙන් අභ්යන්තර බාහිර වශයෙන්
සිත ඇතිවෙන නැතිවෙන හැටි දකිමින් විසිය යුතුයි
අත්‍ථි චිත්‌තන්‌ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,
යාවදෙව ඤාණමත්‌තාය පතිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
මෙසේ සිත පිළිබඳව සිහිය පිහිටුවාගෙන,
යාවජීව ලෙස [නොකඩවා]
ඤාණ මාත්‍රානුරූපව,
ප්‍රති සති මාත්‍රානුරූපව,
අනිශ්‍රිතව වෙසෙයි.
පවතින දේ අල්ලා නොගනියි.
ඉධ භික්‌ඛවෙ,
භික්‌ඛු සරාගං වා චිත්‌තං සරාගං චිත්‌තන්‌ති පජානාති,
වීතරාගං වා චිත්‌තං වීතරාගං චිත්‌තන්‌ති පජානාති.
සදොසං වා චිත්‌තං සදොසං චිත්‌තන්‌ති පජානාති,
වීතදොසං වා චිත්තං වීතදොසං චිත්‌තන්‌ති පජානාති.
සමොහං වා චිත්‌තං සමොහං චිත්‌තන්‌ති පජානාති,
වීතමොහං වා චිත්‌තං වීතමොහං චිත්‌තන්‌ති පජානාති.
සඞ්‌ඛිත්‌තං වා චිත්‌තං සඞ්‌ඛිත්‌තං චිත්‌තන්‌ති පජානාති,
වික්‌ඛිත්‌තං වා චිත්‌තං වික්‌ඛිත්‌තං චිත්‌තන්‌ති පජානාති.
මහග්‌ගතං වා චිත්‌තං මහග්‌ගතං චිත්‌තන්‌ති පජානාති,
අමහග්‌ගතං වා චිත්‌තං අමහග්‌ගතං චිත්‌තන්‌ති පජානාති.
සඋත්‌තරං වා චිත්‌තං සඋත්‌තරං චිත්‌තන්‌ති පජානාති,
අනුත්‌තරං වා චිත්‌තං අනුත්‌තරං චිත්‌තන්‌ති පජානාති.
සමාහිතං වා චිත්‌තං සමාහිතං චිත්‌තන්‌ති පජානාති,
අසමාහිතං වා චිත්‌තං අසමාහිතං චිත්‌තන්‌ති පජානාති.
විමුත්තං වා චිත්‌තං විමුත්‌තං චිත්‌තන්‌ති පජානාති.
අවිමුත්‌තං වා චිත්‌තං අවිමුත්‌තං චිත්‌තන්‌ති පජානාති.
ඉති අජ්‌ඣත්‌තං වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
බහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
අජ්‌ඣත්‌තබහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති.
අත්‍ථි චිත්‌තන්‌ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,
යාවදෙව ඤාණමත්‌තාය පතිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
එවම්‌පි ඛො භික්‌ඛවෙ,
භික්‌ඛු චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
ප්‍රසිද්ධ දේශනයකින් විපස්සනා උගන්වන්න බැහැ.
මිනිස්සු රවටන්න පුලුවන්.
සිරිධම්ම ක්‍රමයෙන් වෙන්නෙ එපමණයි.
කායානුපස්සනා,
වේදනානුපස්සනා වඩා නැති කෙනෙක්
සිරිධම්ම ක්‍රමයට
මේ මොහොතෙ සිත බලනවා කියල බලද්දි
සිත ලෙස දකින්නෙ දකින්නෙ සිතුවිලි විතරයි.
ඔහු බලන්න කියන්නෙ
මේ මොහොතෙ සිතුවිලි.
සිතුවිලි කියන්නෙ
චිත්තානුපස්සනාවවත් නෙමෙයි.
සිතුවිලි අයිති වෙන්නෙ ධම්මානුපස්සනාවට.
සිතුවිලි ඇතිවෙන්න නීවරණත් ඇතිවිය යුතුයි.
චිත්ත මට්ටමේ ඇති වෙන
සරාගං , වීතරාගං . සදොසං , වීතදොසං .
ආදී සිත් වලට වචන නෑ.
අයිස්ක්‍රීම් එකක බෝඩ් එකක් දකින කොට
හිතේ ඇති වෙන්නෙ රාගය.බෝඩ් එක දකින කොට සිතුවිලි නැහැ.
ඒ රාගය මත හිතන කොට
කාමච්ඡන්දයත් සමගයි
සිතුවිලි ඇති වෙන්නෙ.
සිරිධම්ම හිමිගෙ
ඉගැන්වීම තියෙන්නෙ එතන.
දඩි වේදනාවකින් ඉන්න කෙනෙකුට
සිතුවිලි පහළ වෙන්නෙත් නෑ.
කායික වේදනාවක් දැනෙන වෙලාවට
සිරිධම්ම චිත්තානුපස්සනාවෙන් වැඩක් නෑ.
කායික දුක්ඛත්, මානසික දෝමනස්සත්
අඩු වෙන්න විපස්සනා වැඩිය යුතුයි.
කායානුපස්සනා, වේදනානුපස්සනා වැඩිය යුතුයි.
කායානුපස්සනා, වේදනානුපස්සනා
නොවැඩූ කෙනෙකුට
විපස්සනාවෙ කියන ආකාරයට
චිත්තානු පස්සනා වඩන්න බැහැ.
සිත දැකිය යුත්තෙ
කයෙහි වේදනා ඇසුරෙන්.
එක අනුපස්සනාවකින්
ඉතිරි අනුපස්සනා වැඩෙන්න නම්
ඒ අනුපස්සනාව වඩද්දි
ඒ අනුපස්සනාවට සම්බන්ධ
කයෙහි වේදනා මට්ටමෙන් සිදුවෙන
අනික් වෙනස් වීම් දැනෙන්න ඕන.
නැත්නම් ඒ විපස්සනා නෙවෙයි.
චිත්තානුපස්සනාව වඩන කෙනෙකුට
ඒ චිත්තයට සම්බන්ධ වේදනාව
කය තුළ දැනෙනවා නම්
ඒ චිත්තානුපස්සනාවෙන්
අනික් අනුපස්සනාත් වැඩෙනවා.
කායානුපස්සනා,
වේදනානුපස්සනා වඩද්ඩි
චිත්තානුපස්සනා සහ
ධම්මානුපස්සනාත් වැඩෙනවා.
රෝද හතරෙ වාහනයක
එක රෝදයක් කරකවාගෙන
ගමන යන්න පුලුවන් වෙන්නෙ
ඒ රෝදෙ කරකවනකොට
අනික් රෝද හතරත් ඒ සමගම
එකට කැරකෙනවා නම් පමණයි.
සිරිධම්ම ක්‍රමයෙන්
නිවන් දකින්නෙ කොහොමද?
මේ ජීවිතයෙ දුකවත් නිවෙන්නෙ නැහැ.
ඔහුගෙ ගෝලයන් කරන්නෙ
ඔහු අනුකරණය කිරීමයි.
ඔවුන් ලැබූ ආධ්‍යාත්මික දියුණුවක් නෑ
ඔබ විපස්සනාව සොයනවා නම්
නිවැරදි විපස්සනාව සොයා ගන්න.
-------------------------
සිහිය නැතිවීමක් ගැන හෝ
නැතිවෙන සිහිය යළි පැමිණීමක් ගැන
බුදු දහමෙහි කොතනකවත් නැත.
"සිහිය නැති වූ විට කලබල නොවන්න"
සිහිය නැති වූ විට කලබලවන්නේ කුමක්ද?
සිහිය නැති වූ බව දැනගන්නේ කුමකින්ද?
සිහිය පැමිණිවිට දැනගන්නේ කුමකින්ද?
සිහිය ඇති නැති බව දකින්නේ කුමකින්ද?
එවැන්නක් ගැන
බුදු දහමෙහි සඳහන්ව නැත.
සිහිය පවත්වන්නෙ කවුද?
කලබල වන්නේ කවුද..?
සිහියත් නොවන, මනසත් නොවන
තුන්වැන්නක්ද?
මනසේ ක්‍රියාකාරිත්වය ගැන
සිහියෙන් ඉන්න කෙනෙකුට
සිහිය නැති වුණොත් සිහිය නැති වෙන්නෙ
මනස ගැනයි.
සිහිය නැති වුණාම කලබල වෙන්නෙ සිහියද?
සිහිය වෙන්න බැහැ.
සිහිය නැති වෙලානෙ.
සිහිය නැති වුණාම කලබල වෙන්නෙ මනසද?
මනස වෙන්නත් බෑ.
සිහියෙන් ඉන්නෙ මනසේ ක්‍රියාකාරිත්වයනෙ.
විදුලි පන්දම අල්ලගෙනමනස දිහා බලන් ඉන්න වෙලාවෙ
විදුලි පන්දම නිවෙනවා.මනසද කලබල වෙන්නෙ?
සිහිය මනස බලා ඉන්නවද.
මනස සිහිය දෙස බලා ඉන්නවද?
නයි දෙන්න පොරකාලා
එකෙක් අනිකාව ගිලලා
වලිග දෙක විතරක් ඉතුරුවුණා වගේ
අපභ්‍රංසයක් නේද මේ.
ඔබ මනස ගැන සිහියෙන් ඉන්නවා.
සිහිය නැති වෙනවා.
එවිට කලබල වෙන්නෙ ඔබයි.
ඔබත් සිහියත් සිතත් කියන්නෙ තුනක්ද?
සිහියත් නොවන, මනසත් නොවන
තුන්වැන්නක් ගැන සිරිධම්ම හිමි කියන්නේ
ඔහු මනසත් සිහියත් දෙකම නොදන්නා නිසාය.
බුදුන් වහන්සේ උගන්වන සිහිය
ලෝකෙ තියන උතුම්ම මානසිකත්වයයි.
පුහුදුන් කෙනෙක් නිවන දක්වා රැගෙන යන්නේ
බුදු දහමෙහි උගන්වන සිහිය වැඩීමෙන්.
සිහිය වඩන්නෙ නැති කෙනෙකුට
සිහිය ගැන කතා කරන්න බැහැ.
සිහිය පොත් පත්වලින් ඉගෙන ගන්න බෑ.මේ ප්‍රකාශය අනුව
සිරිධම්ම හිමි ත්‍රිපිටකය කටපාඩම් කළාට
සමථ විපස්සනා දෙකම දන්නෙ නෑ.
සිහිය ගැන නොදන්න කෙනෙක්
සිහිය ගැන උගන්වන්න ගියාම
මේ වගේ එරෙන එක සාමාන්‍ය දෙයක් වුණත්
අතිශයින් සංවේග ජනකයි.
තමා පිළිබඳ සිහිය නොපවත්වන කෙනෙක්
සිහිය පවත්වන ආකාරය ඉගැන්වීමට යාම
ගොඩ ඉන්නා කෙනෙක් පිහිනීම ඉගැන්වීමකි.
.සිහිය පවත්වන ආකාරය ඉගැන්වීමට පළමුව
සිරිධම්ම හිමි සිහිය පිහිටුවා ගත යුතුය..
ඒ ස්වභාවයට උපේක්ශාවත් විතරයි.
සරාගං , වීතරාගං . සදොසං , වීතදොසං .
සමොහං , වීතමොහං . සඞ්‌ඛිත්‌තං , වික්‌ඛිත්‌තං .
මහග්‌ගතං , අමහග්‌ගතං . සඋත්‌තරං , අනුත්‌තරං .
සමාහිතං , අසමාහිතං . විමුත්තං . අවිමුත්‌තං
චිත්‌තන්‌ති පජානාති
ආදී වශයෙන්
හිතේ ස්වභාවය දැනගත්තාම ඇති.
ඉති අජ්‌ඣත්‌තං , බහිද්‌ධා ,
අජ්‌ඣත්‌ත බහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති.
ආදී වශයෙන් අභ්යන්තර බාහිර වශයෙන්
සිත ඇතිවෙන නැතිවෙන හැටි දකිමින් විසිය යුතුයි
අත්‍ථි චිත්‌තන්‌ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,
යාවදෙව ඤාණමත්‌තාය පතිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
මෙසේ සිත පිළිබඳව සිහිය පිහිටුවාගෙන,
යාවජීව ලෙස [නොකඩවා]
ඤාණ මාත්‍රානුරූපව,
ප්‍රති සති මාත්‍රානුරූපව,
අනිශ්‍රිතව වෙසෙයි.
පවතින දේ අල්ලා නොගනියි.
ඉධ භික්‌ඛවෙ,
භික්‌ඛු සරාගං වා චිත්‌තං සරාගං චිත්‌තන්‌ති පජානාති,
වීතරාගං වා චිත්‌තං වීතරාගං චිත්‌තන්‌ති පජානාති.
සදොසං වා චිත්‌තං සදොසං චිත්‌තන්‌ති පජානාති,
වීතදොසං වා චිත්තං වීතදොසං චිත්‌තන්‌ති පජානාති.
සමොහං වා චිත්‌තං සමොහං චිත්‌තන්‌ති පජානාති,
වීතමොහං වා චිත්‌තං වීතමොහං චිත්‌තන්‌ති පජානාති.
සඞ්‌ඛිත්‌තං වා චිත්‌තං සඞ්‌ඛිත්‌තං චිත්‌තන්‌ති පජානාති,
වික්‌ඛිත්‌තං වා චිත්‌තං වික්‌ඛිත්‌තං චිත්‌තන්‌ති පජානාති.
මහග්‌ගතං වා චිත්‌තං මහග්‌ගතං චිත්‌තන්‌ති පජානාති,
අමහග්‌ගතං වා චිත්‌තං අමහග්‌ගතං චිත්‌තන්‌ති පජානාති.
සඋත්‌තරං වා චිත්‌තං සඋත්‌තරං චිත්‌තන්‌ති පජානාති,
අනුත්‌තරං වා චිත්‌තං අනුත්‌තරං චිත්‌තන්‌ති පජානාති.
සමාහිතං වා චිත්‌තං සමාහිතං චිත්‌තන්‌ති පජානාති,
අසමාහිතං වා චිත්‌තං අසමාහිතං චිත්‌තන්‌ති පජානාති.
විමුත්තං වා චිත්‌තං විමුත්‌තං චිත්‌තන්‌ති පජානාති.
අවිමුත්‌තං වා චිත්‌තං අවිමුත්‌තං චිත්‌තන්‌ති පජානාති.
ඉති අජ්‌ඣත්‌තං වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
බහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
අජ්‌ඣත්‌තබහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති.
අත්‍ථි චිත්‌තන්‌ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,
යාවදෙව ඤාණමත්‌තාය පතිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
එවම්‌පි ඛො භික්‌ඛවෙ,
භික්‌ඛු චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
ප්‍රසිද්ධ දේශනයකින් විපස්සනා උගන්වන්න බැහැ.
මිනිස්සු රවටන්න පුලුවන්.
සිරිධම්ම ක්‍රමයෙන් වෙන්නෙ එපමණයි.
කායානුපස්සනා,
වේදනානුපස්සනා වඩා නැති කෙනෙක්
සිරිධම්ම ක්‍රමයට
මේ මොහොතෙ සිත බලනවා කියල බලද්දි
සිත ලෙස දකින්නෙ දකින්නෙ සිතුවිලි විතරයි.
ඔහු බලන්න කියන්නෙ
මේ මොහොතෙ සිතුවිලි.
සිතුවිලි කියන්නෙ
චිත්තානුපස්සනාවවත් නෙමෙයි.
සිතුවිලි අයිති වෙන්නෙ ධම්මානුපස්සනාවට.
සිතුවිලි ඇතිවෙන්න නීවරණත් ඇතිවිය යුතුයි.
චිත්ත මට්ටමේ ඇති වෙන
සරාගං , වීතරාගං . සදොසං , වීතදොසං .
ආදී සිත් වලට වචන නෑ.
අයිස්ක්‍රීම් එකක බෝඩ් එකක් දකින කොට
හිතේ ඇති වෙන්නෙ රාගය.බෝඩ් එක දකින කොට සිතුවිලි නැහැ.
ඒ රාගය මත හිතන කොට
කාමච්ඡන්දයත් සමගයි
සිතුවිලි ඇති වෙන්නෙ.
සිරිධම්ම හිමිගෙ
ඉගැන්වීම තියෙන්නෙ එතන.
දඩි වේදනාවකින් ඉන්න කෙනෙකුට
සිතුවිලි පහළ වෙන්නෙත් නෑ.
කායික වේදනාවක් දැනෙන වෙලාවට
සිරිධම්ම චිත්තානුපස්සනාවෙන් වැඩක් නෑ.
කායික දුක්ඛත්, මානසික දෝමනස්සත්
අඩු වෙන්න විපස්සනා වැඩිය යුතුයි.
කායානුපස්සනා, වේදනානුපස්සනා වැඩිය යුතුයි.
කායානුපස්සනා, වේදනානුපස්සනා
නොවැඩූ කෙනෙකුට
විපස්සනාවෙ කියන ආකාරයට
චිත්තානු පස්සනා වඩන්න බැහැ.
සිත දැකිය යුත්තෙ
කයෙහි වේදනා ඇසුරෙන්.
එක අනුපස්සනාවකින්
ඉතිරි අනුපස්සනා වැඩෙන්න නම්
ඒ අනුපස්සනාව වඩද්දි
ඒ අනුපස්සනාවට සම්බන්ධ
කයෙහි වේදනා මට්ටමෙන් සිදුවෙන
අනික් වෙනස් වීම් දැනෙන්න ඕන.
නැත්නම් ඒ විපස්සනා නෙවෙයි.
චිත්තානුපස්සනාව වඩන කෙනෙකුට
ඒ චිත්තයට සම්බන්ධ වේදනාව
කය තුළ දැනෙනවා නම්
ඒ චිත්තානුපස්සනාවෙන්
අනික් අනුපස්සනාත් වැඩෙනවා.
කායානුපස්සනා,
වේදනානුපස්සනා වඩද්ඩි
චිත්තානුපස්සනා සහ
ධම්මානුපස්සනාත් වැඩෙනවා.
රෝද හතරෙ වාහනයක
එක රෝදයක් කරකවාගෙන
ගමන යන්න පුලුවන් වෙන්නෙ
ඒ රෝදෙ කරකවනකොට
අනික් රෝද හතරත් ඒ සමගම
එකට කැරකෙනවා නම් පමණයි.
සිරිධම්ම ක්‍රමයෙන්
නිවන් දකින්නෙ කොහොමද?
මේ ජීවිතයෙ දුකවත් නිවෙන්නෙ නැහැ.
ඔහුගෙ ගෝලයන් කරන්නෙ
ඔහු අනුකරණය කිරීමයි.
ඔවුන් ලැබූ ආධ්‍යාත්මික දියුණුවක් නෑ
ඔබ විපස්සනාව සොයනවා නම්
නිවැරදි විපස්සනාව සොයා ගන්න.
-------------------------
සිරිධම්ම හිමි උගන්වන්නේ විපස්සනා නොවන බවට
තවත් සාක්ෂියකි මේ.
තවත් සාක්ෂියකි මේ.
පුහුල් හොරා කරෙන් දැනේ. :)
කායානුපස්සනා - වේදනානුපස්සනා
ඉවත් කළ පසු බුදු දහමක් නැත.
ඔබ යනු
ඔබේ මනසේ ක්‍රියාකාරිත්වය පමණක්ද?
විපස්සනා යනු
කාය වේදනා චිත්ත ධම්ම
අංග හතරම නොවේද?
සිරිධම්ම හිමිට
කායානුපස්සනා - වේදනානුපස්සනා
ඉගැන්විය නොහැකියි.
සිත වර්තමානයෙහි තබා ගැනීම
සිත ශූන්‍ය කිරීම උගන්වන කෙනෙකුට
වේදනාව අරමුණු කළ නොහැකියි.
ඔහු සිහිය නමින් හඳුන්වන්නේ
සිත මෝහයට පත් කිරීමයි.
කායානුපස්සනා - වේදනානුපස්සනා
ඉවත් කළ පසු බුදු දහමක් නැත.
ඔබ යනු
ඔබේ මනසේ ක්‍රියාකාරිත්වය පමණක්ද?
විපස්සනා යනු
කාය වේදනා චිත්ත ධම්ම
අංග හතරම නොවේද?
සිරිධම්ම හිමිට
කායානුපස්සනා - වේදනානුපස්සනා
ඉගැන්විය නොහැකියි.
සිත වර්තමානයෙහි තබා ගැනීම
සිත ශූන්‍ය කිරීම උගන්වන කෙනෙකුට
වේදනාව අරමුණු කළ නොහැකියි.
ඔහු සිහිය නමින් හඳුන්වන්නේ
සිත මෝහයට පත් කිරීමයි.
"සිහිය පැමිණි විට සිහිය පැමිණි බව දැනගන්න"
ඔබ, මනසේ ක්‍රියාකාරිත්වය, සිහිය
යන තුනම දකින්නේ කුමක්ද?
එවැන්නක් ලොව පවතිනවාද?
ඔබ, මනසේ ක්‍රියාකාරිත්වය, සිහිය
යන තුනම දකින්නේ කුමක්ද?
එවැන්නක් ලොව පවතිනවාද?
සිහිය නැතිවීමක් ගැන හෝ
නැතිවෙන සිහිය යළි පැමිණීමක් ගැන
බුදු දහමෙහි කොතනකවත් නැත.
"සිහිය නැති වූ විට කලබල නොවන්න"
සිහිය නැති වූ විට කලබලවන්නේ කුමක්ද?
සිහිය නැති වූ බව දැනගන්නේ කුමකින්ද?
සිහිය පැමිණිවිට දැනගන්නේ කුමකින්ද?
සිහිය ඇති නැති බව දකින්නේ කුමකින්ද?
එවැන්නක් ගැන
බුදු දහමෙහි සඳහන්ව නැත.
සිහිය පවත්වන්නෙ කවුද?
කලබල වන්නේ කවුද..?
සිහියත් නොවන, මනසත් නොවන
තුන්වැන්නක්ද?
මනසේ ක්‍රියාකාරිත්වය ගැන
සිහියෙන් ඉන්න කෙනෙකුට
සිහිය නැති වුණොත් සිහිය නැති වෙන්නෙ
මනස ගැනයි.
සිහිය නැති වුණාම කලබල වෙන්නෙ සිහියද?
සිහිය වෙන්න බැහැ.
සිහිය නැති වෙලානෙ.
සිහිය නැති වුණාම කලබල වෙන්නෙ මනසද?
මනස වෙන්නත් බෑ.
සිහියෙන් ඉන්නෙ මනසේ ක්‍රියාකාරිත්වයනෙ.
විදුලි පන්දම අල්ලගෙනමනස දිහා බලන් ඉන්න වෙලාවෙ
විදුලි පන්දම නිවෙනවා.මනසද කලබල වෙන්නෙ?
සිහිය මනස බලා ඉන්නවද.
මනස සිහිය දෙස බලා ඉන්නවද?
නයි දෙන්න පොරකාලා
එකෙක් අනිකාව ගිලලා
වලිග දෙක විතරක් ඉතුරුවුණා වගේ
අපභ්‍රංසයක් නේද මේ.
ඔබ මනස ගැන සිහියෙන් ඉන්නවා.
සිහිය නැති වෙනවා.
එවිට කලබල වෙන්නෙ ඔබයි.
ඔබත් සිහියත් සිතත් කියන්නෙ තුනක්ද?
සිහියත් නොවන, මනසත් නොවන
තුන්වැන්නක් ගැන සිරිධම්ම හිමි කියන්නේ
ඔහු මනසත් සිහියත් දෙකම නොදන්නා නිසාය.
බුදුන් වහන්සේ උගන්වන සිහිය
ලෝකෙ තියන උතුම්ම මානසිකත්වයයි.
පුහුදුන් කෙනෙක් නිවන දක්වා රැගෙන යන්නේ
බුදු දහමෙහි උගන්වන සිහිය වැඩීමෙන්.
සිහිය වඩන්නෙ නැති කෙනෙකුට
සිහිය ගැන කතා කරන්න බැහැ.
සිහිය පොත් පත්වලින් ඉගෙන ගන්න බෑ.මේ ප්‍රකාශය අනුව
සිරිධම්ම හිමි ත්‍රිපිටකය කටපාඩම් කළාට
සමථ විපස්සනා දෙකම දන්නෙ නෑ.
සිහිය ගැන නොදන්න කෙනෙක්
සිහිය ගැන උගන්වන්න ගියාම
මේ වගේ එරෙන එක සාමාන්‍ය දෙයක් වුණත්
අතිශයින් සංවේග ජනකයි.
තමා පිළිබඳ සිහිය නොපවත්වන කෙනෙක්
සිහිය පවත්වන ආකාරය ඉගැන්වීමට යාම
ගොඩ ඉන්නා කෙනෙක් පිහිනීම ඉගැන්වීමකි.
.සිහිය පවත්වන ආකාරය ඉගැන්වීමට පළමුව
සිරිධම්ම හිමි සිහිය පිහිටුවා ගත යුතුය..
දෙන්නම එකයි දෙවිධියකින්
ReplyDeleteපදනම් රහිතව කරන චෝදනා පිළිබඳව
ReplyDeleteමම සකස් කරමින් ඉන්න ප්‍රකාශයක හරය
මගේ දරු දෙදෙනාට විස්තර කරද්දී
ඔවුන්ට මෙහි මුල්ම සටහන පෙන්වා
වෙනස විස්තර කළා.
ඒ වෙලාවෙ
මගේ දස හැවිරිදි පුතා
එක පෙළට වාක්‍ය තුනක් කිව්වා.
ඒ වචනවලින් කියවෙන සත්‍යය
මෙතෙක් කිසිවෙකුගෙන් නොදුටු නිසාත්
ඒ සත්‍යය වැදගත් නිසාත්
පළ කළ යුතුයි සිතනවා.
මේ එම ප්‍රකාශ තුනයි.
1, ඒ කියන්නෙ
සිරිධම්ම හාමුදුරුවො රහතෙක් නොවෙයි.
2, බුදුහාමුදුරුවො හිටියා නම්
එයාට මෙහෙම ඉන්න දෙන්නෙ නෑ.
3, බුදුහාමුදුරුවො හිටියා නම්
මෙයා නිකම් මිනිහෙක්.
සිරි ධම්ම හිමි
ReplyDeleteවිපස්සනා කියා උගන්වන්නේ
'සතර' සතිපට්ඨානය නොවෙයි.
ඔහු උගන්වන්නෙ සිත පිළිබඳව පමණයි.
කාය වේදනා ධම්ම තුනම ඔහුගේ දේශනා තුළ නෑ.
මේ වෙනස නිසා සහ
ඔහුගෙ දේශනාවලින් බුදු දහම
සියුම් ලෙස හෙළා දකින ආකාරයෙන්
මට පැහැදිලිව කිව හැකියි...
සිරිධම්ම හිමි රහත් වෙලා නෑ.
ඔහු රහත් වෙලා නෑ කියා ඔප්පු කරන්න කියා
ඔහුත් ගෝලයනුත් අභියෝග කරනවා.
ඒ අභියෝගයට මුහුණ දෙන්නට හොඳම මග
ඔහු දෙසන දහම රහතෙකු දෙසන දහමක් නොවන බව
බුදු දහමට අනුව පෙන්වා දීමෙනුයි.
ඒ සඳහා තොරතුරු සොයද්දි
ත්‍රිපිටකය පුරා සැරි සරන්න වෙනවා.
ඒ සැරි සරද්දී මට හමුවෙන්නෙ
බුදුන් වහන්සේ සහ රහතන් වහන්සේලායි.
අද මට අනුරුද්ධ රහතන් වහන්සේ දෙසූ
සූත්‍ර ගණනාවක් හමුවුණා.
ඒ සූත්‍ර වලින් කිය වෙන්නෙ
උන් වහන්සේට සතර සතිපට්ඨාන වැඩීමෙන්
ලැබුණ ප්‍රතිඵලයි.
ඇවැත්නි,
මේ සතර සතිපට්ඨානය වැඩූ බැවින්
බහුල කල බැවින්
මම කරුණ කරුණු විසිනුත්
නොකරුණ නොකරුණු විසිනුත් තතු සේ දනිමි යි.
සතර සතිපට්ඨානය
වරදවා ගැනීමෙන් සිදුවෙන හානිය ගැන සහ
නිවැරදිව වැඩීමෙන් ලැබෙන ආනිසංශය ගැන
අනුරුද්ඪ රහතන් වහන්සේගේ ප්‍රකාශයක් මේ.
රහොගත සූත්‍රය
එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ
සැවත සමීපයෙහි
අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති.
එකල්හි රහොගතව එකලාව සිටි
ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට
මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය:
1, “යම් කෙනකුන් විසින්,
සතර සතිපට්ඨානය වරදවන ලද ද,
මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග
ඔවුන් විසින් වරදවන ලදී.
2, යම් කෙනකුන් විසින්, සතර සතිපට්ඨානය අරඹන ලද ද
මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග
ඔවුන් විසින් අරඹන ලදී”යි.