ඔපියොයිඩ් වසංගතයෙන් කිසිදු රෝහලක්
මිදී නැති බවට ප්‍රවෘත්ති ඇමරිකාවේ පළ වූයේ
2016 වසරේ මුල් භාගයේදීය.
කිසියම් ආකාරයක වේදනා නාශකයක් නිසා
දිනකට මිය යන ප්‍රමාණය 44ක් බව
ඒ දිනවල වාර්තා විය.
රෝගීන්ට ප්‍රතිකාර කිරීම
වෙළඳ ව්‍යාපාරයක් වූ පසු
අරමුණ ලාභ ලැබීමයි.
ලාභය උපයන්නට නම් රෝගීන් සිටිය යුතුය.
නිරෝගී මිනිසුන් රෝගීන් විය යුතුය,
ඔවුන් වෛද්‍යවරුන් වෙත පැමිණිය යුතුය.
ඔවුන් නියම කරන බෙහෙත් මිලදී ගත යුතුය.
මේ දාමයේ ඔසු නිෂ්පාදකයාට හිමිවන්නේ
අද්විතීය ස්ථානයක් වන අතර
ඔහු තිරය පිටුපස සිට වෛද්‍ය ක්ෂේත්‍රය පුරා
සිය අණසක පතුරවන අදිසි හස්තයයි.
ප්‍රතිශක්තිකරණයේ සිටම ඔසු වලට හුරු කරන
නව පරපුරේ සියලු අසරණ ජීවීන්
"ආහාර මෙන්ම ඖෂධද මිනිසාට අත්‍යාවශ්‍යයි"
යන විශ්වාසයේ එල්බ ගෙන සියලු කැක්කුම් වේදනා
ඖෂධවල පිහිටෙන්ම සුව කරගන්නට යොමු වෙති.
රෝගයක් ඇතත් නැතත් ඖෂධ විකිණීම
අද ජාවාරමක් වී ඇති බවට සහතිකයක්
බටහිරෙන්ම ලැබීම අපූරු අනතුරු ඇඟවීමකි.
රෝග නොවැළඳුනු අයත්
රෝගීන් ලෙස සලකා දුන් බෙහෙතෙන්
මිනිසුන් මරන්නට වෛද්‍ය සහාය ලබාගත්
ඔසු නිෂ්පාදක කපූර් මේ මාරාන්තික ජාවාරමේ
ඒක් කුඩා සාධකයක් පමණක් විය හැක.
මෙය කියවන ඔබ පවා මේ දාමයේ
තවත් එක පුරුකක් නොවිය හැකිද?
විවේකයෙන් සුව වන රෝග කීයකට නම්
වේදනාවෙන් මිදෙන්නට සිතාගෙන
අදාළ රෝගය එසේම තිබියදී
වේදනා නාශකයකින් වේදනාව සඟවා
නිරෝගී පුද්ගලයෙකු මෙන් ඔබ රඟපෑවේද?
මනස නිරෝගී චරිතය රඟ පාන විට
කය රෝගී බව සඟවන්නට ප්‍රතිකාර කළ
ඔබේ වෛද්‍යවරයා සහ ෆාමසි කරුවාට
රෝගය සුව කරන්නටද ගෙවිය යුතුය.
වේදනා නාශකය යනු වෛද්‍යවරයාටත්
ෆාමසි කරුවාටත්, ඔසු නිෂ්පාදකයාටත්
අත්තිකාරම් ලෙස ලැබෙන බෝනස් එකකි.
සැබෑ මිළ ඔවුන්ට ලැබෙන්නේ ඔබේ රෝගය
ඔබ මාරාන්තිකව වසඟයට ගත් දාටයි.
වේදනා නාශකයෙන් සඟවා තැබූ රෝග ලක්ෂණය
සුව කිරීම අසීරු වී ඔඩු දුවද්දී
ව්‍යාපාරිකයාද ඒ තරමට ලාභ උපයන්නේය.
රෝග ලක්ෂණ වලට බියවී
රෝග ඇතත් නැතත් ප්‍රතිකාර සොයා
අනවශ්‍ය අවස්ථාවන්හිදී
අනවශ්‍ය ඖෂධ භාවිතයෙන් රෝගීන් වළක්වා ගැනීම
රෝග වැළැක්වීමට වඩා අද බැරෑරුම්ය.
මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා
අද ඔබට දෙවරක් සිතන්නට කියයි.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ
පණිවිඩය සරලය. පැහැදිලිය.
1, අනවශ්‍ය ඖෂධවලින් වළකින්න.
2, නුසුදුසු ඖෂධවලින් වළකින්න.
මේ දෙක වැරදුණොත් ජීවිතයත් අනතුරේ.
කිසිම වෛද්‍යවරයෙක් සර්වඥ නැත.
ඔහු රෝගය වැරදියට කියවන්න පුලුවන්.
ඔබේ පැමිණිල්ල රෝගයක් නොවෙන්නත් පුලුවන්.
බෙහෙත නිරෝගී ඔබට විෂ වෙන්න පුලුවන්.
ඕපියොයිඩ් නිසා නිරෝගීන් මිය ගිහින්.
තවත් එවැනිදේ සිදු වෙන්න පුලුවන්.
ඒත් වාර්තාවන්නේ රෝගයකින් සිදුවූ
මරණයක් ලෙස විය හැකියි.
දිය වැඩියා රෝගයට දෙන බෙහෙතෙන්
රුධිර පීඩනය වැඩිවී රෝගියා මළොත්
ඔහු මිය ගියේ අධික රුධිර පීඩනය නිසා
කියා මරණ වාර්තාවේ දකින්න පුලුවන්.
විශේෂඥයෙක් වුනත්
සිය ගණනකට සුළු කාලයක් තුළ
ප්‍රතිකාර කරද්දි වැරදි සිදු විය හැක.
වෛද්‍යවරයා දෙන්නෙ ඔහු හදපු බෙහෙතක් නොවෙයි.
ඔහු දෙන බෙහෙත වැරදිය හැක.
අනවශ්‍ය විය හැක.
සමහරු බෙහෙතක් දෙන්නෙ
ඔහු ලබන කොමිස් නිසා විය හැක.
ජෝන් කපූර් වෛද්‍යවරු මිළට ගත්තා.
ලෝකෙටම ඉන්නෙ එවැනි අය එක්කෙනක් නොවෙයි.
චන්න ජයසුමන වැනි වෛද්‍යවරුන් පවා
කොමිස් ලබා දෙන ඖෂධ මාෆියාව පිළිබඳව
විවේචනාත්මකව කතා කරති.
බෙහෙත කුමක් වුණත්
හානියක් වුණාම අපිට අහන්න ලැබෙන
"බෙහෙත් හදන්නෙ මම නොවෙයි"
පොදු පිළිතුර සමග වාද කළ හැක්කේ කාටද?.
එදා සාත්තර කාරයන් ඇදහූ අයුරින්ම
අද වෛද්‍යවරුත් බැතිමත්ව ''අදහන්න'' පුරුදු වීම
බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක්.
වෛද්‍යවරු නොදන්නා රෝග නැත්ද?.
වෛද්‍යවරු නොදන්නා ප්‍රතිකාර නැත්ද?.
මේ දෙක වැරදීමෙන් වෛද්‍යවරුන්ට වරදින විට
ඒ වැරදිවල හානිය සිදුවන්නේ ඔබටයි.
වෛද්‍යවරයෙකුට වැරදුණොත්
ඔහුවත් දන්නෙ නැති වෙන්න පුලුවන්.
ඒත් ඒ වරද යන්නෙ ඔබේ පිටින්.
වන්දි ගෙවන්නේ ඔබයි.
දෙවරක් හිතන්න.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
ඔබ වෙළඳසැලකට ගිහින් යමක් ඉල්ලද්දි
කවදාවත්ම ව්‍යාපාරිකයා ඔබ හරවා එවන්නෙ නෑ.
ව්‍යාපාරිකයා මේ ප්‍රශ්න දෙක අහන්නෙ නෑ.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
ඔහුගෙ ආදායම රඳා පවතින්නෙ
මේ දෙක මත නොවෙයි.
ඔබ මිලට ගන්නා ප්‍රතිකාර සහ
ඖෂධ ප්‍රමාණය මතයි.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
මේ දෙකට පිළිතුර "ඔව්" කියා ඔබ සිතීම මතයි.
අද කාලයේ වෛද්‍ය වෘත්තිය
අති උදාර හදවතක් ඇති
යස ඉසුරු සම්පත් වලට කෑදර නැති
උතුම් මිනිසුන්ට පමණක් යෙදිය හැකි තරම්
අවදානම් සහගත, පහත් වෘත්තියක් බවට
කණගාටුදායක ලෙස පත්ව ඇත්තේ
වෘත්තියෙහි වරදක් නිසා නොව
එහි යෙදෙන සමහර මිනිසුන්ගේ
පහත් ගතිගුණ සහ පහත් සිතුම් පැතුම් නිසා
රෝගියා පාරිභෝගිකයෙක් වී
නිරෝගියාට පවා ප්‍රතිකාර කිරීම
ජාවාරමක් වී ඇති නිසාය.
මූලාශ්‍ර වූ පුවත දිවයින පත්‍රයෙන්
===================================
රෝගීන්ට මරණය
; දොස්‌තරලාට අල්ලස් බෙහෙත් සමාගම් හිමිකාර ප්‍රකෝටිපතියා අත්අඩංගුවට
ලොව ප්‍රධාන පෙළේ බෙහෙත් සමාගමක් වන 'ඉන්සිස් තෙරපියුටික්‌ස්' සමාගමේ නිර්මාතෘවරයා වන ප්‍රකෝටිපති ජෝන් කපූර් ප්‍රබල වේදනා නාශකයක් රෝගීන්ට වැඩි වශයෙන් නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන්ට අල්ලස් ලබාදීමේ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිළිකා රෝගීනට ස්‌නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වේදනාව ලිහිල් කිරීම සඳහා භාවිත කරන 'ඔපියොයිඩ්' නමැති වේදනා නාශකය භාවිත කළ රෝගීන් මිය යැම ඉහළ යැම හේතුවෙන් වසර ගණනක් පැවැත් වූ පරීක්‍ෂණවලින් පසු ප්‍රකෝටිපති බෙහෙත් සමාගම් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී කපූර්ට අයත් බෙහෙත් සමාගම ඉහත කී වේදනා නාශකය පිළිකාවක් නොවැළඳුණු පුද්ගලයන්ට විශාල වශයෙන් නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන්ට හා බෙහෙත් ශාලාවලට විශාල අල්ලස් මුදල් ලබාදී ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
මෙම චෝදනාවලට වරදකරු වුවහොත් 74 හැවිරිදි ප්‍රකෝටිපති බෙහෙත් ව්‍යාපාරික කපූර්ට සිර දඬුවම් ඇතුළු වෙනත් දඬුවම් ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.
'ඔපියොයිඩ්' වේදනා නාශක බෙහෙත් වර්ගයට අදාළව සිදුවූ රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යැම නිසා හටගත් තත්ත්වය හදිසි මහජන සෞඛ්‍ය අපදා තත්ත්වයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙරේදා (26 දා) ප්‍රකාශයට පත් කළේය.
Divaina ඒමන්ති මාරඹේ
මිදී නැති බවට ප්‍රවෘත්ති ඇමරිකාවේ පළ වූයේ
2016 වසරේ මුල් භාගයේදීය.
කිසියම් ආකාරයක වේදනා නාශකයක් නිසා
දිනකට මිය යන ප්‍රමාණය 44ක් බව
ඒ දිනවල වාර්තා විය.
රෝගීන්ට ප්‍රතිකාර කිරීම
වෙළඳ ව්‍යාපාරයක් වූ පසු
අරමුණ ලාභ ලැබීමයි.
ලාභය උපයන්නට නම් රෝගීන් සිටිය යුතුය.
නිරෝගී මිනිසුන් රෝගීන් විය යුතුය,
ඔවුන් වෛද්‍යවරුන් වෙත පැමිණිය යුතුය.
ඔවුන් නියම කරන බෙහෙත් මිලදී ගත යුතුය.
මේ දාමයේ ඔසු නිෂ්පාදකයාට හිමිවන්නේ
අද්විතීය ස්ථානයක් වන අතර
ඔහු තිරය පිටුපස සිට වෛද්‍ය ක්ෂේත්‍රය පුරා
සිය අණසක පතුරවන අදිසි හස්තයයි.
ප්‍රතිශක්තිකරණයේ සිටම ඔසු වලට හුරු කරන
නව පරපුරේ සියලු අසරණ ජීවීන්
"ආහාර මෙන්ම ඖෂධද මිනිසාට අත්‍යාවශ්‍යයි"
යන විශ්වාසයේ එල්බ ගෙන සියලු කැක්කුම් වේදනා
ඖෂධවල පිහිටෙන්ම සුව කරගන්නට යොමු වෙති.
රෝගයක් ඇතත් නැතත් ඖෂධ විකිණීම
අද ජාවාරමක් වී ඇති බවට සහතිකයක්
බටහිරෙන්ම ලැබීම අපූරු අනතුරු ඇඟවීමකි.
රෝග නොවැළඳුනු අයත්
රෝගීන් ලෙස සලකා දුන් බෙහෙතෙන්
මිනිසුන් මරන්නට වෛද්‍ය සහාය ලබාගත්
ඔසු නිෂ්පාදක කපූර් මේ මාරාන්තික ජාවාරමේ
ඒක් කුඩා සාධකයක් පමණක් විය හැක.
මෙය කියවන ඔබ පවා මේ දාමයේ
තවත් එක පුරුකක් නොවිය හැකිද?
විවේකයෙන් සුව වන රෝග කීයකට නම්
වේදනාවෙන් මිදෙන්නට සිතාගෙන
අදාළ රෝගය එසේම තිබියදී
වේදනා නාශකයකින් වේදනාව සඟවා
නිරෝගී පුද්ගලයෙකු මෙන් ඔබ රඟපෑවේද?
මනස නිරෝගී චරිතය රඟ පාන විට
කය රෝගී බව සඟවන්නට ප්‍රතිකාර කළ
ඔබේ වෛද්‍යවරයා සහ ෆාමසි කරුවාට
රෝගය සුව කරන්නටද ගෙවිය යුතුය.
වේදනා නාශකය යනු වෛද්‍යවරයාටත්
ෆාමසි කරුවාටත්, ඔසු නිෂ්පාදකයාටත්
අත්තිකාරම් ලෙස ලැබෙන බෝනස් එකකි.
සැබෑ මිළ ඔවුන්ට ලැබෙන්නේ ඔබේ රෝගය
ඔබ මාරාන්තිකව වසඟයට ගත් දාටයි.
වේදනා නාශකයෙන් සඟවා තැබූ රෝග ලක්ෂණය
සුව කිරීම අසීරු වී ඔඩු දුවද්දී
ව්‍යාපාරිකයාද ඒ තරමට ලාභ උපයන්නේය.
රෝග ලක්ෂණ වලට බියවී
රෝග ඇතත් නැතත් ප්‍රතිකාර සොයා
අනවශ්‍ය අවස්ථාවන්හිදී
අනවශ්‍ය ඖෂධ භාවිතයෙන් රෝගීන් වළක්වා ගැනීම
රෝග වැළැක්වීමට වඩා අද බැරෑරුම්ය.
මේ නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා
අද ඔබට දෙවරක් සිතන්නට කියයි.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ
පණිවිඩය සරලය. පැහැදිලිය.
1, අනවශ්‍ය ඖෂධවලින් වළකින්න.
2, නුසුදුසු ඖෂධවලින් වළකින්න.
මේ දෙක වැරදුණොත් ජීවිතයත් අනතුරේ.
කිසිම වෛද්‍යවරයෙක් සර්වඥ නැත.
ඔහු රෝගය වැරදියට කියවන්න පුලුවන්.
ඔබේ පැමිණිල්ල රෝගයක් නොවෙන්නත් පුලුවන්.
බෙහෙත නිරෝගී ඔබට විෂ වෙන්න පුලුවන්.
ඕපියොයිඩ් නිසා නිරෝගීන් මිය ගිහින්.
තවත් එවැනිදේ සිදු වෙන්න පුලුවන්.
ඒත් වාර්තාවන්නේ රෝගයකින් සිදුවූ
මරණයක් ලෙස විය හැකියි.
දිය වැඩියා රෝගයට දෙන බෙහෙතෙන්
රුධිර පීඩනය වැඩිවී රෝගියා මළොත්
ඔහු මිය ගියේ අධික රුධිර පීඩනය නිසා
කියා මරණ වාර්තාවේ දකින්න පුලුවන්.
විශේෂඥයෙක් වුනත්
සිය ගණනකට සුළු කාලයක් තුළ
ප්‍රතිකාර කරද්දි වැරදි සිදු විය හැක.
වෛද්‍යවරයා දෙන්නෙ ඔහු හදපු බෙහෙතක් නොවෙයි.
ඔහු දෙන බෙහෙත වැරදිය හැක.
අනවශ්‍ය විය හැක.
සමහරු බෙහෙතක් දෙන්නෙ
ඔහු ලබන කොමිස් නිසා විය හැක.
ජෝන් කපූර් වෛද්‍යවරු මිළට ගත්තා.
ලෝකෙටම ඉන්නෙ එවැනි අය එක්කෙනක් නොවෙයි.
චන්න ජයසුමන වැනි වෛද්‍යවරුන් පවා
කොමිස් ලබා දෙන ඖෂධ මාෆියාව පිළිබඳව
විවේචනාත්මකව කතා කරති.
බෙහෙත කුමක් වුණත්
හානියක් වුණාම අපිට අහන්න ලැබෙන
"බෙහෙත් හදන්නෙ මම නොවෙයි"
පොදු පිළිතුර සමග වාද කළ හැක්කේ කාටද?.
එදා සාත්තර කාරයන් ඇදහූ අයුරින්ම
අද වෛද්‍යවරුත් බැතිමත්ව ''අදහන්න'' පුරුදු වීම
බොහෝ දෙනෙකුට ඇති ගැටළුවක්.
වෛද්‍යවරු නොදන්නා රෝග නැත්ද?.
වෛද්‍යවරු නොදන්නා ප්‍රතිකාර නැත්ද?.
මේ දෙක වැරදීමෙන් වෛද්‍යවරුන්ට වරදින විට
ඒ වැරදිවල හානිය සිදුවන්නේ ඔබටයි.
වෛද්‍යවරයෙකුට වැරදුණොත්
ඔහුවත් දන්නෙ නැති වෙන්න පුලුවන්.
ඒත් ඒ වරද යන්නෙ ඔබේ පිටින්.
වන්දි ගෙවන්නේ ඔබයි.
දෙවරක් හිතන්න.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
ඔබ වෙළඳසැලකට ගිහින් යමක් ඉල්ලද්දි
කවදාවත්ම ව්‍යාපාරිකයා ඔබ හරවා එවන්නෙ නෑ.
ව්‍යාපාරිකයා මේ ප්‍රශ්න දෙක අහන්නෙ නෑ.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
ඔහුගෙ ආදායම රඳා පවතින්නෙ
මේ දෙක මත නොවෙයි.
ඔබ මිලට ගන්නා ප්‍රතිකාර සහ
ඖෂධ ප්‍රමාණය මතයි.
1 ප්‍රතිකාරය අවශ්‍යද?
2, ප්‍රතිකාරය සුදුසුද?
මේ දෙකට පිළිතුර "ඔව්" කියා ඔබ සිතීම මතයි.
අද කාලයේ වෛද්‍ය වෘත්තිය
අති උදාර හදවතක් ඇති
යස ඉසුරු සම්පත් වලට කෑදර නැති
උතුම් මිනිසුන්ට පමණක් යෙදිය හැකි තරම්
අවදානම් සහගත, පහත් වෘත්තියක් බවට
කණගාටුදායක ලෙස පත්ව ඇත්තේ
වෘත්තියෙහි වරදක් නිසා නොව
එහි යෙදෙන සමහර මිනිසුන්ගේ
පහත් ගතිගුණ සහ පහත් සිතුම් පැතුම් නිසා
රෝගියා පාරිභෝගිකයෙක් වී
නිරෝගියාට පවා ප්‍රතිකාර කිරීම
ජාවාරමක් වී ඇති නිසාය.
මූලාශ්‍ර වූ පුවත දිවයින පත්‍රයෙන්
===================================
රෝගීන්ට මරණය
; දොස්‌තරලාට අල්ලස් බෙහෙත් සමාගම් හිමිකාර ප්‍රකෝටිපතියා අත්අඩංගුවට
ලොව ප්‍රධාන පෙළේ බෙහෙත් සමාගමක් වන 'ඉන්සිස් තෙරපියුටික්‌ස්' සමාගමේ නිර්මාතෘවරයා වන ප්‍රකෝටිපති ජෝන් කපූර් ප්‍රබල වේදනා නාශකයක් රෝගීන්ට වැඩි වශයෙන් නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන්ට අල්ලස් ලබාදීමේ චෝදනා මත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පිළිකා රෝගීනට ස්‌නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන වේදනාව ලිහිල් කිරීම සඳහා භාවිත කරන 'ඔපියොයිඩ්' නමැති වේදනා නාශකය භාවිත කළ රෝගීන් මිය යැම ඉහළ යැම හේතුවෙන් වසර ගණනක් පැවැත් වූ පරීක්‍ෂණවලින් පසු ප්‍රකෝටිපති බෙහෙත් සමාගම් හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී කපූර්ට අයත් බෙහෙත් සමාගම ඉහත කී වේදනා නාශකය පිළිකාවක් නොවැළඳුණු පුද්ගලයන්ට විශාල වශයෙන් නිර්දේශ කිරීම සඳහා වෛද්‍යවරුන්ට හා බෙහෙත් ශාලාවලට විශාල අල්ලස් මුදල් ලබාදී ඇති බවට චෝදනා එල්ලවී තිබේ.
මෙම චෝදනාවලට වරදකරු වුවහොත් 74 හැවිරිදි ප්‍රකෝටිපති බෙහෙත් ව්‍යාපාරික කපූර්ට සිර දඬුවම් ඇතුළු වෙනත් දඬුවම් ලැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කරයි.
'ඔපියොයිඩ්' වේදනා නාශක බෙහෙත් වර්ගයට අදාළව සිදුවූ රෝගී මරණ සංඛ්‍යාව ඉහළ යැම නිසා හටගත් තත්ත්වය හදිසි මහජන සෞඛ්‍ය අපදා තත්ත්වයක් ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පෙරේදා (26 දා) ප්‍රකාශයට පත් කළේය.
Divaina ඒමන්ති මාරඹේ
No comments:
Post a Comment