නිරාගමිකයන්ට බුදු දහම දකින්න හොඳ මගක් මේ.
අදහන්න කිසිම දෙයක් නෑ..
අදහන්න කිසිම දෙයක් නෑ..

ඔබට සිදුවෙන හැම දෙයක්ම,
ඔබ කරන හැම දෙයක්ම
ජෛව රසායනිකයි.
කයෙහි දැනෙන හැම දැනීමක්ම,
හැම වෙනසක්ම, ජෛව රසායනිකයි.
සිතෙහි ඇතිවෙන හැම දැනීමක්ම,
හැම වෙනසක්ම, ජෛව රසායනිකයි.
බොහෝ ජෛව රසායනික වෙනස් කම්
ඔබ දන්නෙ නැහැ.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට ප්‍රියයි.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට අප්‍රියයි.
නොදැනෙන ජෛව රසායනික වෙනස් කම් මෝහ.
ප්‍රිය ජෛව රසායනික වෙනස් කම් රාග.
අප්‍රිය ජෛව රසායනික වෙනස් කම් ද්වේශ.
රූපයක් දකින විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
ශබ්දයක් ඇසෙන විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
සුවඳක් දැනෙන විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
රසක් දැනෙන විට,
ජෛව රසායනික වෙනසක් වෙනවා.
ස්පර්ශයක් දැනෙන විට
ජෛව රසායනික වෙනසක් වෙනවා.
සිතෙහි හැඟීමක් උපදිනවිට,
සිතෙහි සිතුවිල්ලක් ඇතිවෙන විට
ජෛව රසායනික වෙනසක් වෙනවා.
බොහෝ ජෛව රසායනික වෙනස් කම්
ඔබ දන්නෙ නැහැ.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට ප්‍රියයි.
සමහර ජෛව රසායනික වෙනස් කම්
ඔබට අප්‍රියයි.
ඔබ නොදැනුවත්ව හා නොදැනුවත්ව
බාහිර සහ අභ්‍යන්තර වෙනස් කම් නිසා
මුලු දවස පුරාම
කායිකව හා මානසිකව
ජෛව රසායනික වෙනස්කම් සිදු වෙනවා.
ඉන්ද්‍රිය ඇසුරෙන් පහළ වෙන
ජෛව රසායනික වෙනස්කම්
සියල්ලම අනිවාර්යයි..
වතුරට යමක් වැටුණාම
ඉබේම නැගෙන තරංග වගෙයි.
ඔබට පැනල යන්න හෝ වළක්වන්න බැහැ.
ඒත් මේ වෙනස්කම් වලට ප්‍රතික්‍රියාවක් ලෙස
ඔබ කායිකව හා මානසිකව කරන දේ
අනිවාර්ය නැහැ.
බාහිර අරමුණක් ප්‍රිය නම් හෝ අප්‍රිය නම්
අදාළ ජෛව රසායනික වෙනස සිදු වෙන්නෙ
ඒ අරමුණ ස්පර්ශ වෙන කාලය තුළ පමණයි.
ඒත්
පරිසරයෙන් ඒ අරමුණ ඉවත් වුණාට පසුව
අරමුණ ගැන සිතමින් සතුටු වෙමින් හෝ
අරමුණ ගැන සිතමින් තැවෙමින්
මානසිකව ඔබ දක්වන ප්‍රතික්‍රියාවත්
නව ජෛව රසායනික වෙනස් කම්
ඔබ තුළ ඇති කරනවා.
අරමුණ මතක් වෙන හැම විටම
ඒ අරමුණ විසින් ඔබ තුළ
ජෛව රසායනික වෙනස් කම් ඇති කරනවා.
ඒ අරමුණ සිහිකරමින්
ඔබ මවන චිත්ත රූප ජෛව රසායනිකයි.
ඒ චිත්ත රූපත්
ජෛව රසායනික වෙනස් කම් ඇති කරනවා.
අපිට ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්,
අපිට නොදැනුණත්,
මේ හැම ජෛව රසායනික වෙනස්කමක්ම
කයට බරක්.
ජෛව රසායනික වෙනස් කම් විඳින වෙලාවට
සතුටෙන් වින්දත් දුකෙන් වින්දත්
ඒ හැම බරක්ම පසුව ගැටළු ඇති කරනවා.
අපි සැප හෝ දුක් විඳින්නෙ
අපිට ලැබෙන හෝ නැති වෙන දේ නිසා නොවෙයි.
අපි සැප හෝ දුක් විඳින්නෙ
අපි තුල ඇතිවෙන
ජෛව රසායනික වෙනස් කම් නිසා සහ
ඒ ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
සිතමින්, තැවෙමින්,බැඳෙමින්
අපි ඇති කරගන්නා
නව ජෛව රසායනික වෙනස් කම් නිසයි.
අප තුල සිදුවෙන
ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
ජෛව රසායනික වෙනස් කම් ඇති කරනවා.
අපිට ප්‍රිය වුණත්, අප්‍රිය වුණත්,
අපිට නොදැනුණත්,
මේ හැම ජෛව රසායනික වෙනස්කමක්ම
කයට බරක්.
ජෛව රසායනික වෙනස් කම් විඳින වෙලාවට
සතුටෙන් වින්දත් දුකෙන් වින්දත්
ඒ හැම බරක්ම පසුව ගැටළු ඇති කරනවා.
අපි සැප හෝ දුක් විඳින්නෙ
අපිට ලැබෙන හෝ නැති වෙන දේ නිසා නොවෙයි.
අපි සැප හෝ දුක් විඳින්නෙ
අපි තුල ඇතිවෙන
ජෛව රසායනික වෙනස් කම් නිසා සහ
ඒ ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
සිතමින්, තැවෙමින්,බැඳෙමින්
අපි ඇති කරගන්නා
නව ජෛව රසායනික වෙනස් කම් නිසයි.
අප තුල සිදුවෙන
ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
සිහියෙන් ඉන්නත්..
ඒ ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
උපේක්ෂාවෙන් ඉන්නත් පුහුණු වුණොත්
අපිට දුකෙන් මිදෙන්න පුලුවන්.
ඒ ජෛව රසායනික වෙනස් කම් පිළිබඳව
උපේක්ෂාවෙන් ඉන්නත් පුහුණු වුණොත්
අපිට දුකෙන් මිදෙන්න පුලුවන්.
නැත්නම්
ජෛව රසායනික වෙනස් කම් වලට
පුරුදු විදියට ප්‍රතික්‍රියා දක්වමින්
දුක් විඳින්නත් පුලුවන්.
ඔබට සිදුවෙන හැම දෙයක්ම,
ඔබ කරන හැම දෙයක්ම
ජෛව රසායනිකයි.
පුරුදු විදියට ප්‍රතික්‍රියා දක්වමින්
දුක් විඳින්නත් පුලුවන්.
ඔබට සිදුවෙන හැම දෙයක්ම,
ඔබ කරන හැම දෙයක්ම
ජෛව රසායනිකයි.
ඔබ ජෛව රසායනික සත්වයෙක්.