20160717

බුදු දහම පෙන්වන ශූන්‍යත්වය ඡායාරූපයක් වගෙයි.

"මේ ඔක්කොම බොරු..
ලෝකය මායාවක්" කියලා කියන්නෙ
 හින්දු ධර්මයෙ..

"මේ ඔක්කොම බොරු..
ලෝකය මායාවක්" කියලා
 බුදුන් වහන්සෙ කියන්නෙ නෑ.

බුදුන් වහන්සෙ කියන්නෙ
 ලෝකය කියල
 අපි සිතින් විඳින දේ ශූන්‍යයි කියලා.

අපි විඥාණයෙහි සටහන් කරගන්න රූපය
සත්‍ය ලෝකය ලෙසින් මුළාවට පත් වුණත්
සත්‍ය රූපයත් සමග සසඳන විට ශූන්‍යයි.
පැරණි මියගිය සංඥාවක් පමණයි.
ඒත් අපි දකින සියලු සිහින දකින්නෙ
ඒ රූපයට අදාළවයි.
 


ඒ රූපය නැවත දුටු විට
අපි නැවත රූපය සකස් කරගන්නවා.
මොහොතකින් ඒ රූපයත් ශූන්‍යයි.
බාහිර ලෝකය වෙනස් වෙනවා.
අපි පැරණි රූප මත ප්‍රපඤ්ච හදනවා.
අපේ ගැටළු වලට මුල බාහිර ලෝකය නොවෙයි.
බඹයක් පමණ වූ අපේ ඇතුළාන්ත ලෝකයයි.
බුදුන් වහන්සෙට අදාළ  

අපි සිතින් විඳින දේ විතරයි.
අපේ දුකට හේතුව තියෙන්නෙ එතන නිස
යි.
අපි දුක් විඳින්නෙ ලෝකය මායාවක් නිසා නොවෙයි.

අපි දුක් විඳින්නෙ
 අපි තුළ නිර්මාණය වෙන
 බාහිර ලෝකයේ ඡායාව
විඥාණයෙහි සටහන් කරගෙ
උපාදාන කර ගැනීමෙන්.

ඔබ තුළ
සටහන් කරත්
කෙල්ලෙකුගෙ රූපයට ඔබ පෙම් බඳිනවා.
ඇය සරසවියට යනවා.
වෙනෙකෙකුට පෙම් බඳිනවා.
ඇය ඔබෙත් නොවෙයි..
ඔහුගෙත් නොවෙයි.
ඇයගෙත් නොවෙයි.ඇය වෙනස් වෙනවා.
ඔබ වෙනස් වෙනවා. ඔබෙයි කියා
 
ඔබ තුළ ඔබ ඇති කරගත් ගෙ රූපය ශූන්‍යයි.
ඡායාරූපයක් වගෙයි.
ඔබ තුළ තියන රූපය ඇගේ රූපය
 වෙනස්
වෙන්නෙ නෑ.
ශූන්‍ය දේ වෙනස් වෙන්නෙ නෑ.

සරසවි ගිය ඇය ශූන්‍ය නෑ.
ඇය වෙනස් වෙමින් යනවා
 ඔබ දුක් විඳින්නෙ ඇය
 වෙනස් වීම නිසා නොවෙයි.
ඔබ තුළ හදාගත් රූපය
වෙනස් නොවී 
ඇය වෙනස් වීම නිසයි.

අනිත්‍යය දුකක් වෙන්නෙ ඒ විදියටයි.
හැම දේම වෙනස් වෙනවා.
ඔබ තුළ ඔබ හදා ගන්න ශූන්‍ය ලෝකය
 ඒ සමග වෙනස් වෙන්නෙ නෑ.

අපි වඩාත් ප්‍රිය කරන රසකාරක යොදා
 අපේ හිතේ තනාගන්න නොවෙනස් වෙන රූපය
 සත්‍යයක් නොවෙයි. ශූන්‍යයක්.

සත්‍යය කියන්නෙ වෙනස් වෙන ලෝකයයි.
අපි තුළ අපි දකින රූපය ශූන්‍යයි.
ඒ රූපය චිත්‍රයක්... ගීතයක්...
සමහර වෙලාවට චිත්‍ර පටයක්.

කොහොම වුණත්
 අපේ චිත්ත රූපවල සාරයක් නෑ.
ඒ රූප සකස් වෙන්නෙ රාගයෙන්...
ද්වේශයෙන්... මෝහයෙන්...
අපි රූපය ඇඳ ගනිද්දි
 ලෝකය වෙනස් වෙලා ඉවරයි.
අපි චිත්‍රය බල බලා දුක් විඳිනවා.
ලෝකය වෙනස් වෙමින් යනවා.

ලෝකය කියල
 අපි සිතින් විඳින දේ ශූන්‍යයි.
ලෝකය වෙනස් වෙනවා.
අපි ප්‍රමාදයි.

අපි විඳින්නෙ මියගිය රූපයක්.
පමාදෝ මච්චුනෝ පදං.

විවාහය දුකක් වෙන්නෙ මේ නිසයි.
විවාහකයා තවමත් ඉන්නෙ
 පෙම් කළ රූපය සමගයි.
ඔහුත් වෙනස් වෙනවා.
ඇයත් වෙනස් වෙනවා.
දෙදෙනාම තමතමන්ගෙ වෙනස
 ස්වාභාවිකයි කියා බාර ගන්නවා.
අනෙක් තැනැත්තා එදා වගේම සිටිය යුතුයි.
මේ වෙනස් වීම දුකයි.

දරුවන් හැදෙනවා.
අපි ඔවුන් ගැන රූප පොතක් හදාගන්නවා.
ඔවුන් අපි ගැන රූප පොතක් හදා ගන්නවා.
රූප ටික නොවෙනස්ව තියනවා.

දරුවන් වෙනස් විදියකට හැදෙනවා.
අපි වෙනස් වෙනවා.
අපි දුක් විඳිනවා. දරුවන් දුක් විඳිනවා.
වෙනස් වීම දුකක්.

දුකෙන් මිදෙන්න නිවන් දකින තුරු
 ඉන්න අවශ්‍ය නෑ.
ඔබ සූදානම් නම්...
නිවන පටන් ගන්නෙ මේ මොහොතෙන්.
මේ මොහොතෙ දුකෙන්
 මේ මොහොතෙම මිදීමයි,
බුදුන් වහන්සේ දෙසූ නිවන් මග.

ඒ මග හුරු වෙන විට,
පුරුදු වෙන විට,
පැය විසි හතරම දුකෙන් මිදෙන විට,
ඔබ නිවන සපුරාම සාක්ෂාත් කරාවි.
එතෙක් එක මොතතකට නිවී සැනසෙන්න.

විපස්සනා වඩන කෙනෙක්
 ඉන්නෙ මේ මොහොතෙ.
අප්පමාදෝ අමත පදං.
ඔහු නිතරම දකින්නෙ සජීවී මොහොතක්.
ඔහු දකින්නෙ මේ පණ ගැහෙන මොහොත.
ඒ මොහොත එක මොහොතකින් මිය යනවා.
ඊ ළඟ මොහොත ආවම
 ඔහු දකින්නෙ ඒ මොහොත.
ඊ ළඟ මොහොත ආවම
 ඔහු දකින්නෙ ඒ මොහොත.

වෙනස් වීම - අනිත්‍යය
 ඔහු මොහොතෙන් මොහොතට දකිනවා.
ඔහුට අනිත්‍යය දුකක් නොවෙයි.
ඔහු අනිත්‍යය සමග වෙනස් වෙනවා.

ඔහු ඔහු ගැන සිහියෙන් වෙසෙනවා.
ඔහු සිහියෙන් කය දකිනවා, වේදනා දකිනවා..
සිත දකිනවා.. සිතේ වෙනස් වීම් දකිනවා.
ඒ වෙනස් වීම් වලට උපේක්ෂාවෙන් වෙසෙනවා.
පවතින දුකක් විනා දුක් විඳින කෙනෙක් නෑ.
දැල්වෙන පහනක් විනා දැවෙන්නෙක් නෑ.
විපස්සනා වඩන කෙනෙකුට
 රහත් වෙන්න පෙරුම් පුරන්න අවශ්‍ය නෑ.
ඔහු විපස්සනා වඩන මොහොත
 දුකෙන් තොරව ගත කරනවා.
ඔහු දුක් විඳින මොහොත
 ඔහුට විපස්සනා වඩන්න
 අභියෝග කරනවා.