ආනුභාවනන්ද විසිනි
මහාචාර්ය කාලෝ ෆොන්සේකා
අද දැඩි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධයකින්
පෙළුන ද
වරෙක ඔහුද පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්
ආරම්භ කිරීමට සූදානමින්
සිටි බව
බොහෝ දෙනෙකුට අද මතක නැතිවා විය යුතුය.
ඒ ඔහු කොළඹ විශ්ව
විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සේවයෙන්
විශ්‍රාම ගිය ආසන්නයේ ය.
උතුරු කොළඹ
වෛද්‍ය විද්‍යාලය (රාගම) ආරම්භ කරද්දී
ඊට දැඩිව විරුද්ධ වූ මහාචාර්ය කාලෝ
ෆොන්සේකා
එදා රට පුරා පැවැති රැස්වීම්හි ප්‍රධාන කථිකයෙකු විය.
නමුත්
විශ්‍රාම යෑමෙන් පසු තමන් ද
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්
ආරම්භ කිරීමට ගිය
අවස්ථාවේදී
තමන් එදා විරුද්ධ වූ
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය පිලිබඳ
ප්‍රශංසා මුඛයෙන් කථා කෙළේය.
( මෙහි පහතින් දැක්වෙන
ඔහුගේ සම්මුඛ සාකච්ඡා Videoව
නැරඹීමෙන්
ඒ බව තහවුරු කර ගත හැකිය)
තමන් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක්
ආරම්භ කරන්නට දත කද්දී
වෛද්‍ය
අධ්‍යාපනයේ රාජ්‍ය අංශයේ
ඒකාධිකාරිය බිඳ දැමිය යුතු යැයි
මහාචාර්ය කාලෝ
කියා සිටී.
1981 දී පිහිටැවූ
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය
වසර දහයක කාලයේ
දී
වෛද්‍යවරුන් 850 ක් පමණ බිහිකළ බවත්
ඔවුන් අද රට තුළ මෙන්ම පිටතත්
ඉතා
හොඳින් කටයුතු කරන බවත්
ඔහු පෙන්වා දෙයි.
එම වෛද්‍ය විද්‍යාලයෙන් බිහි වුණු
වෛද්‍යවරුන් 100 ක් පමණ
රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් බිහිවූවන්ට වඩා
ඉහළින් සිටින බවද කාලෝ කියා සිටී.
පෞද්ගලික අංශයට
ඉතා දක්ෂ වෛද්‍යවරුන්
බිහි කිරීමට හැකි බවත්,
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය
එයට පැහැදිලි
උදාහරණයක් බවත්
කාලෝ පෙන්වා දෙයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් බිහිවන
වෛද්‍යවරුන් ගේ ප්‍රමිතිය පහළ බවට
මතු කරන චෝදනාවට එම සාකච්ඡාවේදී පිළිතුරු
දෙන
මහාචාර්ය කාලෝ ෆොන්සේකා
එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන අතර
සමහර
කණ්ඩායම් වල පටු අරමුණු වලට
රැවටුනු සිසුන් පිරිසක් එවැනි චෝදනා නැගුවද
කිසිදු අධ්‍යාපන බලධාරියෙක්
එවැනි ප්‍රකාශයක් කර නැති බවද
පෙන්වා දෙයි.
රාජ්‍ය අංශයෙන් බිහිවුණු පුද්ගලයෙකු වශයෙන්
උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන්
බිහිවුණු වෛද්‍යවරුන් කිසිවෙකුට දෙවැනි නොවන බව
කිව හැකි යයි ඔහු
සහතිකයක්ද ලබා දෙයි.
පෞද්ගලික වෛද්‍ය විශ්ව විද්‍යාල
ලංකාවේ ස්ථාපිත කළ යුත්තේ මන්ද යන්නට
මහාචාර්ය කාලෝ හේතු 4 ක් එහිදී ඉදිරිපත් කරයි.
1) ලංකාවේ ප්‍රමාණවත් වෛද්‍යවරුන් පිරිසක් නැත.
ලංකාවේ ජනගහණයෙන්
100,000 කට සිටින්නේ
වෛද්‍යවරුන් 55 යි.
සංසන්දනය කිරීමේ දී බ්‍රිතාන්‍යයේ
එය 220 කි.
ඇමරිකාවේ 230 කි.
ඕස්ට්‍රේලියාවේ 250 කි.
ඉන්දියාවේ 60 කි.
පකිස්ථානයේ 71 කි.
අපට පහළින් සිටින්නේ
භූතානය සහ නේපාලය පමණි.
එබැවින් අපට
තව වෛද්‍යවරු අවශ්‍යයි.
2) අපේ විශ්ව විද්‍යාලවලට සිසුන් තෝරා ගන්නේ
දිස්ත්‍රික් කෝටා ක්‍රමයට
ය.
මේ ක්‍රමය මගින් බොහෝ දක්ෂ සිසුන් මග හැරී යයි.
උතුරු කොළඹ වෛද්‍ය
විද්‍යාලයට ගොස්
දක්ෂ වෛද්‍යවරුන් වූයේ ඔවුන් ය.
3) වෛද්‍ය අධ්‍යාපනයට විශාල ඉල්ලුමක් පවතී.
වසරකට සිසුන් 200 කට අධික
පිරිසක්
විදේශ ගත වී වෛද්‍ය අධ්‍යාපනය ලබති.
ඒ පිටව යන්නේ රටේ දැනුම හා
මුදල් ය.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කළ හොත්
ඔවුන් මෙරට රැඳෙනු ඇත.
4) දේශීය සිසුන්ට අමතරව
විදේශීය සිසුන් ආකර්ශනය කර ගැනීමට හැකිවේ.
එය ජාතික අදායම ඉහළ යෑමටත් හොඳ පිටුවහලකි.
ශ්‍රී ලංකාව තුල
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීම වෙනුවෙන්
මෙසේ
කරුණු දක්වන්නේ
‘සයිටම්‘ ආයතනයේ සභාපති
දොස්තර නෙවිල් ප්‍රනාන්දු නොවේ.
මහාචාර්ය කාලෝ ෆොන්සේකා ය.
‘සයිටම්‘ ආයතනයට කිසිදු අවස්ථාවක් නොදී
එය විනාශ
කිරීමට කැස කවන්නේ
අද මේ කාලෝ ය.
‘සයිටම්‘ ආයතනයේ අධ්‍යාපන ප්‍රමිතිය
පහළ
මට්ටමකට පවතී නම්
එය ඉහළ දැමීමට ක්‍රම වේදයක් යෝජනා කරන්නේ නැතිව
එය විනාශ
කරන්නේ කවර අවශ්‍යතාවයකටද ?
මෙය පටු අවස්ථාවාදය මිස අන් කුමක්ද ?
''''''''''''' ආනුභාවනන්ද විසිනි '''''''''''''
anubhawananda1@gmail.com