20150403

කම් සුව විඳීම සම්මා වායාම විය හැකිද?





[[ මම අහන්නේ රතිසුවය ගැන. ඔබ රතිසුව විඳින්නේ නොඇලීද ? ]]
======================================================

රති කෙළිය පමණක් නොවේ..
දවසේ පැය විසි හතර තුල
කරන්නට සිදුවෙන ඕනෑම කෙළියකදී
තමන් සිතන කියන කරන හැම දෙයක් ගැනම
හැම ඉරියව්වක් ගැනම... 
මල පහ කිරීමෙදි පවා
තමන් තුල හා බාහිර සිදු වෙන දේත්
කාය වේදනා චිත්ත ධම්ම වශයෙන්
සමස්තයක් ලෙස සිහියෙන් විසීමටත්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් විසීමටත්
බුදුන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ
උපදෙස් දෙනවා.

විදසුන් වඩන්නෙකුට
දවසේ පැය විසි හතර තුල
තමන් තුල හා බාහිර සිදුවෙන හා තමන් කරන කියන
හැම දේකදීම
සිහියත් උපේක්ෂාවත් පවත්වාගන්න
වෑයම් කළ හැකියි.

සාර්ථකවන නිමේශය
සම්මා සතිය ලෙසත්
අසාර්ථක වෙන අවස්ථා
සම්මා වායාම ලෙසත් ගැනෙනවා.

දවසේ පැය විසි හතර තුල
සිදුවෙන හා කරන කියන
හැම දේකදීම
සිහියත් උපේක්ෂාවත් පවත්වාගන්න
විදසුන් වඩන්නා දරණ වෑයම
සම්මා වායාම වෙන්නෙ
බුදු වදන් අනුවමයි.

විදසුන් වඩන්නා උත්සාහ කරන්නෙ
නූපන් කුසල් උපදවා ගන්නටයි..

නූපන් කුසල් උපදවා ගැනීමට
වීර්ය වැඩීම

සම්මා වායාමයෙ අංග හතරෙන් එකක්.

බුදුන් වහන්සේ මෙසේත් කියනවා.
" කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.

මහණෙනි, 
මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි
."
 
============================================
ප්‍රායෝගිකව විපස්සනා වඩන්නට පුහුණුවෙන්න.
 
=============================================