20151225

ලුහුඬු සිතිවිලි











 

 
 

 






______________________ 20151226 ______________________ 

 


20151224

ස්ත්‍රී පුරුෂ සබඳතාවයක ස්ත්‍රියට හිමිතැන....


මිනිසා බොහෝ වෙහෙස දරා
නව විද්‍යාවන්, නව සංස්කෘතීන්,
නව ආචාර ධර්ම සොයා ගනියි.

ඉපැරණි මිනිසාට වඩා
අද මිනිසා ඉදිරියෙන් සිටිතැයි
ඔහු සිතන්නේ ඔහු සතුව ඇති
මෙවලම් දෙස බලමිනි.

පයින් ඇවිදිමින් කටයුතු කළ මිනිසා
අද සිය කාර්යයන්ට යන්නේ රෝද පුටුවෙනි.
පුටුවට ඇත්තේ රෝද දෙකක් වුවත්
රෝද හතරක් වුවත් වෙනසක් නැත.
පයින් යන්නට නොහැකි මිනිසාට
රෝද සහිත පුටුවක් අවශ්‍යය.

පහසුව සඳහා සපයාගත් මෙවලම් නිසා
මිනිසා පහසුවෙන් අංගවිකලබවට පත්වෙමින් සිටියි.
දිනෙන් දින වෙහෙස දරා
කායිකව මෙන්ම මානසිකවද
අංග විකල වීමට පහසුකම්
මිනිසා සපයා ගනියි.

ඔහු සොයාගන්නා ක්‍රම නිසා
ලෝකය දියුණු වූවාක් මෙන් පෙනෙන නමුදු
මිනිසා වේගයෙන් පිරිහෙමින් සිටියි.

ගැහැණිය නිසි තැන් පිහිටුවන්නට
පිරිමියාට ඇති නොහැකියාව
ත්
ඒ පිරිහීමට හේතුවීද?

පියා දියණියත්, සොයුරා සොයුරියත්,
සැමියා බිරිඳත්, මිතුරා මිතුරියත්
නිසි තැන නොතැබූ කල
ඔවුන් අතර බැඳීම අවුල් වේද?

ස්ත්‍රී පුරුෂ සබඳතාවයක
ස්ත්‍රියට හිමිතැන කුමක්ද?

මේ කතන්දර දෙකෙන්
එදා වැඩිහිටියන් එදා දරුවන්ට
කිව්වේ කුමක්ද?










20151223

එක මොහොතක් ඇස් දෙකකින්..



Rahubadda Ariyawansa
තාමත් තරහද මැනිකේ
............................................

පුන්සද ඇවිත් අන්න - එබිකම් කරනවා....
රන්සළු අතරින් හැඩ - සදවත පෙනෙනවා ...
පන්සිලු හිත යට සිට - කවියක් කියනවා ....
රන්කද තරහද තව - හෙමිහිට අහනවා ...


තිබුනත් එලිය ගෙපැල - කලුවර පිරිලා ....
නිවහන පාලුයි නුඹෙ - කටහඬ මැකිලා ....
තුන් තිස් පැය වලින්ම - දින තුන ගෙවිලා ...
තවමත් නැත්ද සොදුර - තරහව නිමිලා ....


උයලා දුන්නත් බත - රස නැහැ තිබුණේ ....
කදුලක රසයද මගෙ - දිවගට දැනුනේ ....
දැන්වත් කතාකරයි - ඊයෙත් හිතුනේ ....
අදවත් හිනාවෙලා - ඉදපන් ළදුනේ.....


=============================
මහගමසේකර

වක්කඩ ළඟ දිය වැටෙන තාලයට
තිත්ත පැටව් උඩ පැන නැටුවා..
වැස්ස වහින්නට ඉස්සර අහසේ
වලාකුළෙන් විදුලිය කෙටුවා..

කිව්වට වස් නැත නිල් නිල් පාටින්
කටරොලු මල් වැට වටකෙරුවා..
තුන් දවසක් අමනාපෙන් සිටි කලු
නෝක්කාඩු බැල්මෙන් බැලුවා..

ගල මතු පිට මල පිපෙන්න //
මල වට බබරිඳු නටන්න//
වැහි වහලා ගඟ පිරෙන්න//
ගඟ උතුරා හිත පිරෙන්න//

ගල මතු පිට මල පිපෙන්න
මල වට බබරිඳු නටන්න
වැහි වහලා ගඟ පිරෙන්න
ගඟ උතුරා හිත පිරෙන්න

ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
හිනා වෙයන් කළු හිනා වෙයන්
වෙලා මෙගේ හිත හිනාවකින් තව
හිනා වෙයන් කළු හිනාවෙයන් //

හිනා වෙයන් කළු හිනාවෙයන් /////


ගායනය: W.D. අමරදේව

කාමයෙන් පහර ලැබ සෞන්දර්යය ඉහිරුණාට පසුව....

මාතෘකාව:
Henry Warnakulasuriya ලියූ
උසස් පෙළ සිසුවාගේ කවිය.

======================

Thiwanka Jayasekara [[[ මේ වගේ ම කවියක් මොන්ටිසෝරියේදිත් කියෙව්වා වගේ මතකයි. ...
"ඇය කොණ්ඩෙ දිගට දාලා හැම උදේම එනවා
කොටු වැටිච්ච මල් මල් හොඳ සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතන්නේ"
මොන්ටිසෝරියෙන් පටන් අරන්
උසස් පෙළෙන් අවසන් වෙනකොට කවියත් වෙනස් වෙලා
ළමයත් වෙනස් වෙලා
ටීචරුත් වෙනස් වෙලා ]]]
==============================
ඔව්...
පහත්පෙළ ළමයා
උසස්පෙළ ළමයා වෙනකොට
සෞන්දර්යයේ තැනට
කාමය පත්වෙලා.
ගුරුවරිය මගින් ළමයා දූෂණය වෙලා.
.
කාමයෙන් පහර ලැබ
සෞන්දර්යය ඉහිරුණාට පසුවත්
ඉතිරිවී ඇති
සෞන්දර්යයේ පිණිකඳුල..


Henry Warnakulasuriya ලියූ
උසස් පෙළ සිසුවාගේ කවිය.

දවසින් දවසට නෙක නෙක
සාරි ඔසරි අඳින්නේ
අත් බෑගෙත්, මිරිවැඩියත්
එක පැහැයෙන් තියෙන්නේ
සුකුරුත්තං ඉහින් කනින්
පොරවාගෙන සිටින්නේ
උදෑසනින් දිලිසි දිලිසි
නුඹ එන මග බලන්නේ...

කැම්පස් යන්නට පතමින්
සැමදා පාසල් එමී
පළමු වතාවෙම කැම්පස්
තේරුණාද ගුරුතුමී
ඒක තමයි, තාම හැඩයි
කෙල්ල වාගෙ ඔබතුමී
වතුර වගේ දැනුම බෙදන
චතුර කථික ගුරුතුමී....

නුඹ පංතියෙ ඉන්නා විට
සිත සසැලෙයි විගසිනී
ගැහුවත්, බැන්නත් සැපතකි
ඉන්නා විට පෙනි පෙනී
නුඹෙ කටහඬ, නෙත'ග බැල්ම
සිනා කැලුම් දැනි දැනී
සිත ගත සලිතව යන විට
නුඹ වෙත එමි මනසිනී...

20151221

හිත පිරිසිදු කරගන්න FACEBOOK හොඳ තෝතැන්නක්.



Nadeeka Chaminda
මම දැන් ෆේස්බුක් වාද මග හරිනවා...

මතුවන ද්වේශය සියුම් ලෙස දැනෙන නිසා..
හැබැයි මග හැරීම හැම විටම සුදුසු නැතිව ඇති..
----------------------------------------------------------
Athula Siriwardhane .
මම ද්වේශය පාලනය කරගන්න ඉගෙන ගත්තෙ
ෆේස්බුක් විවාද වලදිමයි...



 අපි දවස පුරා මුහුණ දෙන
ද්වේශ සහගත අත්දැකීම් වලදි
හිතේ උපදින ද්වේශ සංස්කාර
විඥාණයෙ තැන්පත් වෙන්නෙ
ද්වේශ කෙලෙස් විදියටයි.

වර්තමාන හේතුවක් මත හිතේ ද්වේශයක් ඉපදුණාම
විඥාණයෙ තියන අනුසය ද්වේශය උත්තේජනය වෙලා
අමතර ද්වේශයක් උත්පාදනය වෙනවා.

කෙනෙක් පොඩි හේතුවකටත් ද්වේශයෙන් වියරු වැටෙන්නෙ
විඥාණයෙන් මතුවෙන කෙලෙස්  හේතුවෙන්
කයෙහි මතුවෙන අප්‍රිය වේදනා දරන්න බැරි නිසයි.

විපස්සනා කරන කෙනෙකුට
හිතේ ඇතිවෙන ද්වේශය
කයෙහි ඇති වෙන අප්‍රිය සංවේදනාවක් විදියට
සිහියෙන් දකින්න පුලුවන්...
උපේක්ෂාවෙන් ඉන්න පුලුවන්..

 

විඥාණයෙ යටපත් වෙලා තියන 
අනුසය කෙලෙස් මතු වෙලා
සංස්කාර විදියට
හිතේ ඇති වෙන ද්වේශය නිසා
කයෙහි උපදින අප්‍රිය සංවේදනාවට
උපේක්ෂාවෙන් ඉන්න පුහුණුව තියන
විදසුන් වඩන්නෙකුට
ඒ ද්වේශය
සංවාදය මුහු නොකොට
සංවාදය අරන් යන්න පුලුවන්..

යටපත් වෙලා තියන අනුසය කෙලෙස් මතු වෙලා
සංස්කාර විදියට පෝෂණය වෙන්න ඉඩ තියන
පැරණි ද්වේශයත්
දැන් ඇතිවුණ අලුත් ද්වේශයත් දෙකම
සිහිය සහ උපේක්ෂාව නිසා නිරුද්ධ වීමෙන්
හිත පත්ලත් මතුපිටත් පිරිසිදු වෙනවා.

වචනය අසංවර පුද්ගලයන් සමග ගැටිලා
වචනය සංවර කරගන්න පුහුණු වෙන්න
ෆේස්බුක් හොඳම තැනක්..
සංවර
වචනය අපට ඉතුරු වෙනවා.විපස්සනා

විකෘති කාමයට විරුද්ධයි. -නලින්ද ජයතිස්ස.



‘‘මම මුළුමනින්ම ස්ත‍්‍රී-පුරුෂ සමලිංගික, දෙමුහුන් ලිංගික හා පාර ලිංගික (LGBT) අයිතීන්ට විරුද්ධයි. 
මෙය මනුෂ්‍ය පැවැත්මට අවශ්‍ය නැහැ. අපට අනාගත පරපුරක් අවශ්‍ය යි. 
විද්‍යාත්මක පර්යේෂණ වලට අනුව මෙවැනි හැඟීම් ඇති වන්නේ ආතතීන්ගේ ප‍්‍රතිඵලයක් ලෙයසි. 
මිනිසුන් ආතතිගත අවධීන් හෝ එවැනි පරිසරයක් තුළ කාලයක් ජීවත් වූ විට 
මෙවැනි අස්වාභාවික හැඟීම් ඇති වෙනවා. 
මෙවැනි චර්යාවන් අප වනාන්තර වල ජීවත් වූ අවධියේ දැක ගන්නට ලැබුනේ නැහැ. 
කෙසේ වුවත් ඔවුන්ව සිරගත කල විට මෙවැනි චර්යාවන් දක්නට ලැබෙනවා. 
මම විශ්වාස කරන්නේ පිරිමින් හා ගැහැණුන් අතර විවාහය පමණයි. 
සමලිංගික විවාහ අස්වාභාවිකයි. 
එය මානව වර්ගයාගේ පරිණාමයට විරුද්ධයි .”
නලින්ද ජයතිස්ස
----------------------------------------------------------------
බුදුන් වහන්සේට අනුවත්
කාමය ස්වාභාවිකයි..

බුදු දහමට අනුවත්
මිනිසාගේ දුකට හේතුවෙන
කාමය උපාදාන කරගැනීමයි,
විද්‍යාවෙදි ආතතියක් ලෙස සඳහන් වෙන්නෙ.

නලින්දට එකඟ වෙන්න
ඔහු කළා කියා තියන පර්යේෂන අවශ්‍ය නෑ.

කාමය නිසා ඔබ වැරදි කරලා තියෙනවා නම්...
ඒ අවස්ථාවෙදි
ඔබට සිහියත් යම් පමණකට තිබුණා නම්
විද්‍යාත්මක පරීක්ෂණ නොකළාට
ඔබ දන්නවා,
ඒ අවස්ථාවෙ ඔබ නිරෝගී නැති බව.

ඒ අවස්ථාවට පත්වුණාම
ඕනම කෙනෙක් කාමයෙන් රෝගී වුණ කෙනෙක්..
කයේ ඇතිවෙන ප්‍රියජනක වේදනා ටිකක් සොයන
තාවකාලික මානසික රෝගියෙක්..

ඔබ මා සහ වෙනත් ඕනම කෙනෙක්,
විකෘති ආකාරයට කාමයෙහි හැසිරෙන්නෙ
කාමය උපාදාන කරගැනීම පදනම්වෙලා
කාමය මානසික ආතතියක් වූ විටයි..
ඒ චර්යාව සමාජයට බරක්... හානියක්..

සමාජය සාර ධර්ම වලින් පිරිහෙන විට
විකෘති පුද්ගල අනුපාතය
ප්‍රමාණාත්මකව ඉහළ යනවා.
විකෘති කාමුක පුද්ගලයන්ට
ඒ විකෘති බව වරදක් ලෙස පෙනෙන්නෙ නෑ.
ඔවුන් හිතන්නෙ ප්‍රකෘති පුද්ගලයා රෝගියෙක් ලෙසයි..
පිස්සට අනුව දොස්තර පිස්සෙක්.
අංග විකල පිරිසක් මැද
අංග විකල භාවය සාමාන්‍යයි..

විකෘති කාමයෙන් මිදෙන්නට
විකෘති කාමයට අවසර දීමෙන් බැහැ.
එවිට විකෘති කාමය වසංගතයක් වෙනවා.
සමාජයක් ලෙස අපි ඔවුන්ගෙන් ආරක්ෂා විය යුතුයි.
දරුවන් රැක ගත යුතුයි.

විකෘති කාමුකයා අපට වඩා දුක් විඳින කෙනෙක්.
ඔහුටත් දුකෙන් නිවෙන මග බුදු දහම තුළ තියනවා.
විපස්සනා වැඩීම මගින්
විකෘති කාමුකයාටත් ඔහු පෙළන දුකෙන් මිදී
ප්‍රකෘති තත්වයට පත්වී
ප්‍රකෘති ජීවිතයක් ගත කරන්න පුලුවන්.
සැනසිල්ලෙන් වෙසෙන්න පුළුවන්

20151215

ලිස්සා නොවැටෙන්නට සමබරතාවයෙන් ඇවිදින්න...


“I slipped out 
in the bathroom of a Parisian hotel and hit my head. 
I was in coma for about three days, and
 when I woke up, 
one half of my body was paralyzed.”
―Donald O'Brien
Euro Trash Cinema magazine interview (March 1996)

නාන කාමරයෙහි ලිස්සා වැටී
අංග විකල වූවන් විරල නැත.
මිය ගිය අයද අප දනිමු.

මෙවැනි අනතුරුවලින් වැළකීමට...
විලුඹ පළමුව බිම තබා ඇවිදීම
උපකාරී විය හැක.
මෙම ක්‍රමය බුදුන් වහන්සේ
භික්ෂූන්ට අනුදැන වදාල විනයක් බව
අසා ඇත්තෙමි..
විලුඹ පළමුව බිම තබා ඇවිදීම
සිරිතක් ලෙස පුරුදු කිරීම
වඩාත් සුදුසුය.


අපිට පයේ ඇඟිලි තුඩු
බොහෝ ඈතින් තියන්න පුලුවන්.
අපි හදිස්සියට ඇවිදිනකොට
ශරීරයේ සමබරතාවය බිඳෙන දුරකින්
අඩිය තියන්න ගිහින්
පහසුවෙන් ලිස්සලා වැටෙන්නෙ ඒ නිසයි..
මේ විදියට
විලුඹ පළමුව බිම තියනකොට
අපිට උවමනා වුණත්
ශරීරයේ සමබරතාවය බිඳෙන දුරකින්
පහසුවෙන් අඩිය තියන්න බැහැ..

බුදුන් සෙව්වේ නිවන නොවේ..



බුදු කෙනෙක් බුදු වෙන්නෙත්
ඒ දහම අසන කෙනෙක් රහත් වෙන්නෙත්
නිවන් දකින්නට ආශාවෙන් කියා සිතීම
බලන්නාගේ මන්දබෞද්ධික දැක්මේ වරදක්..


ඕනම කෙනෙක්
නිවන් දකින්නට ආශා කරන්නට නම්
නිවන කුමක්ද කියා දැනගත යුතුයි.
අපි කවුරුවත් නිවන කියන්නෙ
මොකක්ද කියා දන්නෙ නෑ.

සිදුහත් කුමරු බුද්ධත්වය ලබන්නට යනවිට හෝ
ශ්‍රාවකයෙක් රහත් වෙන්නට ක්‍රියා කරනවිටත්
නිවන කුමක්ද කියා දන්නෙ නෑ.
නිවන කුමක්ද කියා
වචන මාත්‍රයෙන් වත් දැන ගන්න
ශ්‍රාවකයෙකුට බුදු වදන් හෝ තියනවා.

නිවන කුමක්ද කියා නොදත් සිදුහත් කුමරුට
නිවන් දැකීමේ උවමනාවක් තිබුණෙ නෑ.

සිදුහත් කුමරු ගිහිගෙන් නික්මුණේ
දුකෙන් මිදෙන මග සොයා ගන්නයි.
නිවන සොයාගෙන නොවෙයි.
නිවන කියන්නේ දුක නිවන මගෙහි යන කෙනෙක්
දුකෙන් මිදෙමින් ඉදිරියට යනවිට
නිරායාසයෙන් පත්වෙන කූටප්‍රාප්තියයි..

දුක කාටත් තේරෙනවා.
ඒත් දුකට සැබෑ හේතුව කවුරුවත් සොයන්නෙ නෑ.
මිනිස්සුත් සත්තුත් කරන්නෙ
දුකෙන් පැනලා යන්න උත්සාහ කිරීමයි.
ඒ මාර්ග වලින්
බොහෝ විට වෙන්නෙ
දුක තවත් වැඩි වීමයි..

සිදුහත් කුමරු
සැබෑ දුකෙන් මිදෙන මග දැක්කෙ
දුකට හේතුව දැක්කාට පසුවයි.

අපි විඳින දුක් වල
සැබෑ හේතුව තියෙන්නෙ කොහේද?

දූෂිත සිතක් ඇති අශීලාචාර කෙනෙක්
අසභ්‍ය වචනයෙන් බණින කොට
අපි දුකට පත්වෙනවා.
අපේ දුකට හේතුව අර බනින පුද්ගලයා කියලයි
මන්දබෞද්ධික පුද්ගලයෙක් හිතන්නෙ.

අසභ්‍ය වචනයෙන් බැනුම් අහන්නෙ
ශ්‍රාවක බෞද්ධයෙක් නම්
දුකට හේතුව තියෙන්නෙ තමන් තුලම බව
අවම වශයෙන් ශ්‍රද්ධාවෙන්වත්
ඒ පුද්ගලයා දන්නවා.

තමන් අකැමති දෙයක් තමන්ට වෙනකොට
ඔහු තුළ මතුවෙන ප්‍රතිචාරය
තිරිසනෙකු තුළත් ඇති වෙනවා.
අකැමති දෙයක් තමන්ට වෙනකොට
මන්ද බෞද්ධික සාමාන්‍ය මිනිසාත්
තිරිසන් සතාත් ප්‍රතිචාර දක්වන්නෙ
එකම ආකාරයටයි.

කෙනෙක් අසභ්‍ය වචනයෙන් බනින කොට
ඒ වචනඇසන අසන කෙනා තුළ ඇතිවෙන හෝමෝන
බල්ලෙක් විසින් තව බල්ලෙකුට බුරනකොට
ඇතිවෙන හෝමෝනමයි...
නැත්නම් ඊට සමානයි...
දෙවැනි බල්ලා තුළ වහා ඇතිවෙන
ඒ හෝමෝන ක්‍රියාකරිතවය විසින්
නකුට දෙපරැන්දෙ ගසාගෙන පැන යන්නට හෝ
ආක්‍රමණිකයාට බුරා බය කරගන්නට හෝ
ආක්‍රමණිකයා හපාකන්නට ශක්තිය ලබා දෙනවා.
දෙවැනි බල්ලාට ඒ ශක්තිය ලැබුණේ
පළමු බල්ලා විසින් ඌ පත් කළ දුක නිසයි.
දුක්පත් බල්ලා කරන්නෙ බුරාගෙන පැනලා
හපා කාලා ඊට වඩා ලොකු දුකක්
ආක්‍රමණික බල්ලට දීලා
අවස්ථාව ජයගන්න උත්සාහ කිරීමයි.
මිනිස්සුත් සාමාන්‍යයෙන් එහෙමයි.

මිනිස් ආරවුල් සියල්ලෙම පදනම
ආරවුල් නිසා ඇතිවෙන කයෙහි ඇතිවෙන දුකයි.

දුක ඇතිවෙන්නෙ තමා තුළ බව නොදැක්ම නිසාත්
ඒ දුකෙන් මිදෙන පහසු මග නොදන්නා නිසාත්
ආරවුල් දුර දිග යනවා..

හිතේ උපදින ද්වේශය නිසා
කයේ ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරිත්වය
මිනිසාටත් තිරිසනාටත් දුකක්.
ඒ දුකෙන් පෙළෙන  මිනිසා
ඔහු දන්න විදියට
ඒ දුකෙන් මිදෙන්න ගත් හානිකර ක්‍රියා මාර්ග නිසා
රෝහල්, සිරගෙවල් සහ සොහොන් පිටි පිරෙනවා.

මිනිසාගේ දුකට හේතු වෙන්නෙ
තමන් අකමැති දෙයක් වෙන වෙලාවටත්
අකමැති දෙයක් නොවෙන වෙලාවටත්
ඔහු තුළ උපදින අප්‍රසන්න හෝමෝනයි.
ඒ හෝමෝන සංස්කාර විදියටත්
හෝමෝන ඇතිවීම තණ්හාව විදියටත්
බුදු දහමෙ නම් කරනවා.
දුක් විඳින මිනිසා මිදිය යුත්තෙ
ඒ තණ්හාව නිසා විඳින දුකෙනුයි.

ඒත් කිසිම සතෙකුට හෝ මිනිසෙකුට
තණ්හාව නැතුව ජීවත් වෙන්න බැහැ.
ඔහු එක මොහොතකින් අනික් මොහොතට යන්නෙ
තණ්හාව නිසයි.

ඔහු නින්දෙ පසුවුණත් තණ්හාව ක්‍රියාත්මකයි.
ඔහු නින්දෙදි පවා ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන්නෙ
ඔහු තුල උපදින ද්වේශකාරී හෝමෝන නිසයි.
තණ්හාව නිසයි.

කිසිම සතෙකුට හෝ මිනිසෙකුට
තණ්හාව නැතුව ජීවත් වෙන්න බැහැ.
තණ්හාව නැතුව ජීවත් වෙන්න නම්
සියයට සියයක් තමාගේ සිත සහ කය ගැන
පැය විසිහතර පුරාම පවතින
පූර්ණ සිහිය තිබිය යුතුයි.
සම්පජානෝ සතිය තිබිය යුතුයි.
ඔහු නිදන්නේ නැහැ.
කාය චිත්ත විවේකය පතා
ඔහු රාත්‍රියේ සැතපෙන විට පවා
සිතත් කයත් වටපිටාවත් පිළිබඳ
පූර්ණ සිහියත් උපේක්ෂාවත් තියනවා.
එවන් සිහියක් තියෙන්නෙ
රහතන් වහන්සේ කෙනෙකුට පමණයි.

මිනිසා නම් සත්වයා ජීවත් වීමෙදි
ජීවත් වෙන්නට අවශ්‍ය තණ්හාව ඇති වෙන විට
ඒ තණ්හාව ඔහුට දරාගත හැකියි.
ඒ තණ්හා ධාරාව ගෙදරකට එන
විදුලි ධාරාව වගෙයි.
ඒ වෝල්ටීයතාවය ගෙදර උපකරණ වලට
බරක් නොවෙයි.
ගෙදර උපකරණ වලට හානියක් වෙන්නෙ
අකුණු ගැසීමෙන් එන අමතර විද්‍යුත් ධාරාව නිසයි.
තණ්හාවෙන් උපදින උපාදානයත්
අකුණු ගැසීමෙන් එන අමතර විද්‍යුත් ධාරාව වැන්නක්.

අප්‍රසන්න දේයකට
තණ්හාව ඇතිවුණාම
උපාදානය ලෙස මතු වෙන්නෙ
මීට පෙර ඇතිවූ තණ්හාව නිසා
කෙලෙස් ලෙස විඥ්ඥාණයෙහි රැස්වූ
ද්වේශ සංස්කාරයි.

තුවාලයක් වුණාම ඉන් මිදෙන්නට ඇති වෙන
තණ්හාව නිසා උපදින සංස්කාර,
එනම් හෝමෝන ක්‍රියාකාරිත්වය සරලයි.
ඒත් ඒ තුවාලය
දරුවෙක් විසින් ඇති කරන ලද්දක් නම්
අපි එතනින් නවතිනවා.
තණ්හාව තුවාලය සුව කර ගැනීමටයි.
තුවාලය ඇතිකළ දරුවාට ඇති මෛත්‍රිය නිසා
තණ්හාව අනුව දිගින් දිගට සිතා
උපාදාන කරගන්නෙ නෑ.

ඒත් ඒ තුවාලය
හතුරෙක් විසින් ඇති කරන ලද්දක් නම්
තණ්හාව අනුව දිගින් දිගට සිතා
උපාදාන කරගෙන
ඒ ද්වේශ සහගත සිතිවිලි අනුව
ඔහු පිළිබඳව උපදින වෛරය නිසා
තුවාලයට කිසිසේත් සම්බන්ධ නැති
නව හෝමෝන ක්‍රියාවලියක්
සමස්ත ශරීරය තුළම ඇති වෙනවා.
කලින් සාමාන්‍ය දොම්නසක් කනස්සල්ලක් වූ තුවාලය
ඔහු තුළ ඇති කරන්නෙ ක්‍රෝධයක්.
ඔහුට දරාගත නොහැකි
සැබෑ දුක මෙයයි.
අවියක් අමෝරාගෙන ගොස් හතුරා නසන්නට
ඔහු පොළඹවන්නේ ඔහුගේ තුවාලය නොවෙයි.
ඔහු ක්‍රෝධයෙන් පහළ කරගත් සිතිවිලි අනුව
ඔහු සිතේ උපදින ද්වේශයෙන්
තිරිසනෙකු තුළමෙන් ඔහුගේ පාලනයෙන් තොර
හෝමෝන ක්‍රියාකාරිත්වයයි.

කිසියම් අප්‍රිය අරමුණක් හිතට ඇතුල්වුණාම
කය තුළ ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරිත්වය
දුකක්, තරහක්, බයක්, ක්‍රෝධයක් විය හැකියි.
මේ ආවේග සියල්ලටම හේතුව
තුවාලයට අදාළව සිතින් මවන
තුවාලයට අදාළ නොවෙන චිත්ත රූප අනුව
අපි ඇති කරගන්නා උප ආදානයි.
තණ්හාවේ උප ක්‍රියාකාරිත්වයයි.

බුදු දහම දැනගත් පමණින්
අපට තණ්හාවෙන් මිදෙන්න හැකියාවක් නෑ.
ඒත් තණ්හාව පිළිබඳව සිහියෙන්
ඒ පිළිබඳව උපේක්ෂාවෙන් වෙසෙමින්
සිතත් කයත් අනුව විපස්සනා වැඩීමෙන්
තණ්හාව නිසා ඇතිවෙන
උපාදානයෙන් මිදෙන්න පුලුවන්.
එවිට අපි නිකරුණේ විඳින අමතර දුකෙන් මිදෙනවා.

දුකෙන් මිදෙන එකම මග නම්
අපේ දුකට හේතු වෙන ආකාරයට
කය තුළ ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරිතවය
අපට දැන ගන්නට තියන සංවේදනා ගැන සිහියෙන්
ඒ වේදනාවන්ට උපේක්ෂාවෙන් විසීමයි.

දූෂිත සිතක් ඇති අශීලාචාර කෙනෙක්
අසභ්‍ය වචනයෙන් බණින කොට
කය තුළ ඇතිවෙන අප්‍රසන්න හෝමෝන ක්‍රියාකාරිත්වය
අප්‍රිය වේදනා ලෙස අපට දැනෙනවා.
ඒ අනුව කයෙහි උපදින අප්‍රිය වේදනා ගැන සිහියෙන්
ඒ වේදනාවන්ට උපේක්ෂාවෙන් විසීම
බුදුන් වහන්සේ සොයා ගත්
දුකෙන් මිදෙන මගයි.

සිදුහත් කුමරුට අවශ්‍ය වුණේ
නිවන් දකින්න නොවෙයි. දුකෙන් මිදෙන්නයි.
ඔහු බුද්ධත්වයට පත්වුණේ, නිවන් දැක්කෙ
දුකෙන් මිදෙන්නයි.

දුකෙන් මිදෙන්න තියන උවමනාව
හැම සත්වයෙකුටම තියනවා.
දුකෙන් මිදෙන්න තියන එකම මග වන
විපස්සනා මග සොයා ගැනීම
බුදුන් වහන්සේගේ විශේෂත්වයයි.

ඒ මග ශ්‍රද්ධාවෙන් පිළිගෙන
මේ මොහොතෙ විඳින දුක
මේ මොහොතෙම නිවාගෙන
මොහොතෙන් මොහොතට දුකෙන් මිදීම
ශ්‍රාවකයාගේ විශේෂත්වයයි..


20151204

බුදු දහමෙ පූජකයන් නෑ.


බුදු දහමෙන් ප්‍රයෝජනයක් නෑ කියමින්
නිරාගමිකයන් ඇඟිල්ල දික් කරන්නෙ
බුදු දහම නො ඇසුණ, නොදන්න
ඔවුන් වැනිම නිරාගමික කොටසටයි.
ඒ කොටස පවට බිය නෑ..
ඔවුන්ට පිනට වඩා පව මිහිරියි.
නිරාගමිකයන්ට බුදු දහම බාධකයක්.
නිරාගමිකයන්ගෙ නිරුවත හෙලි කරණ
පහන් එළියක්.

නිරාගමිකයන් භික්ෂූන් දකින්නෙ
ආගමික පූජකයන් විදියටයි..

ආගමික පූජකයෙක් කියන්නෙ
අසරණ අනාථ අය දෙවියන් සමග සම්බන්ධ කරන
දෙවියන් වහන්සෙගෙ නියෝජිතයෙක්...
අතර මැදියෙක්..
භික්ෂූන් අතරත් එවැන්නන් ඉන්නවා.
ඔවුන් බෞද්ධ භික්ෂූන් නොවෙයි..
භික්ෂුවකට කල්ලියක් ඉන්නවා නම්
ඔහු භික්ෂුවක් නොවෙයි.
ආගමික පූජකයෙක් .
භික්ෂුවක් කියන්නෙ
සියලු ලෞකික බැඳීම් වලින් නිදහස්
තනි, ස්වාධීන පුද්ගලයෙක්.


ඔහුට ගුරුවරයෙක් ඉන්න පුලුවන්.
ශිෂ්‍යයෙක් ඉන්න පුලුවන්..
උපස්ථායක ශිෂ්‍යයෙක් ඉන්න පුලුවන්..
අනුගාමික කල්ලියක් ඉන්න බැහැ.

බුදු දහමෙ පූජකයන් නෑ.

බෞද්ධයන් කියන්නෙ
කිසිම කෙනෙකුට යටත් නැති...
ජීවමාන හෝ අජීවමාන
කිසිම බාහිර බලවේගයකට හිස නොනමන
ස්වාධීන පුද්ගලයන් පිරිසක්.
බෞද්ධයන්  ජීවිතය ජයගන්නෙ
කාගෙවත් පිහිටකින් නොවෙයි
ආත්ම දමනයෙන්.

තෙරුවන් සරණ යන්නෙ
තමන්ගෙ දෙපයින් හිටගන්න
ආත්ම දමනය කරගන්න අවශ්‍ය
මග පෙන්වීම ලබා ගන්න විතරයි.

බලවත් ජනප්‍රිය කැපී පෙනෙන බාහිර පුදගලයන්
හෝ අදිසි බලවේග මත යැපෙන
මානසික අංගවිකල භාවයෙන් පෙළෙන අසරණයන්
තෙරුවන් සරණ ගිය බෞද්ධයන් නොවෙයි.

තෙරුවන් සරණ ගිය හැම කෙනෙක්ම 
ඍජුවම බුදුන් වහන්සේට, ධර්මයට සම්බන්ධයි.
සඟ සරණ සොයන්න නම්
භික්ෂුවක් අවම වශයෙන් සෝවාන්වත් වෙන්න ඕන.
නැත්නම් ඔහුත් අපි වැනිම පුහුදුන් කෙනෙක්.

පුහුදුන් භික්ෂුවට සරණක් වෙන්න අවස්ථා
ගිහියන්ටත් උදා වෙන්න පුලුවන්.
ගුණ දහම්, ප්‍රඥාව අතින්
ගිහියන්ටත් වඩා අනාථ අසරණ අය
භික්ෂූන් අතර ඉන්නවා.

බුදු දහමෙ පූජකයන් නෑ.
අනාථයන් අසරණයන් නෑ.

බුදු දහමෙ ඉන්නෙ
තෙරුවන් සරණින් මග සොයා ගෙන
දහමෙන් ප්‍රයෝජන ගත් අය සහ
ප්‍රයෝජන නොගත් අය විතරයි,
බුදු දහම ඇසුණ අය සහ නො ඇසුණ අය විතරයි..
බුද්ධ ශ්‍රාවකයන් විතරයි.

බුද්ධ ශ්‍රාවක කියන්නෙ බුදු දහම ඇසුණ අය ...
තෙරුවන් සරණින් මග සොයා  ගත්
බුද්ධ ශ්‍රාවකයන්
මොහොතක් මොහොතක් පාසා
සුළුවෙන් හෝ දුකෙන් මිදෙනවා.

20151203

ඔබ නිරෝගී වෛද්‍යවරයෙක්ද?

ඔබ ඔබේ නිදහස් කාලය වැය කරමින්
වෛද්‍ය විද්‍යාව වැඩිදුර හදාරන්නේ
රෝගීන් සුවපත් කරන්නටයි කියා සඳහන් වෙන
මේ සුවිශේෂී ප්‍රකාශය ඔබට අදාළවත්
සත්‍යද කියා විමසා බලන්න.


ඔබ වෛද්‍යවරයෙක් වුණේ
රෝගීන් සුවපත් කිරීමටද?

ඔබ වෛද්‍යවරයෙක් වුණේ
රෝගීන් සුවපත් කිරීම
අන් සියලු රැකියාවන්ට වඩා
ඔබට ප්‍රිය වූ නිසාද.?

රෝගීන් සුවපත් කිරීම මගේ කාර්යයයි..
මම එය හොඳින් ඉටු කරමි"යි සිතා
ඔබ තෘප්තිමත්වී තිබේද?

රෝගීන්ට ප්‍රතිකාර නියම කොට පිටත් කළ පසු
ඔවුන් සුවපත් වීමෙන් ඔබ සතුටු වෙනවාද?
නැත්නම්
ඔවුන් නැවත එම රෝගයටම ප්‍රතිකාර ගැනීමට
ඔබ වෙත පැමිණීමෙන් සතුටු වෙනවාද?

ඔබ වෛද්‍යවරයෙක් වීම නිසා
උද්දාම වූ ඔබේ දෙමාපියන්, දරුවන්,
හිත මිතුරන්, නෑසියන් සහ
අහම්බෙන් ඔබ හඳුනාගත්තවුන් කිසිවෙක්
කවදාවත්ම
ඔබ නිසා සුවපත් වූ රෝගීන් ගැන විමසා ඇත්ද?

මෙතෙක් ඔබ සුවපත් කළ රෝගීන් ගැන
ඔබ ඔවුන් සමග කී වරක් පවසා ඇත්ද?

ඔබ රැකියාවට කරන්නේ
රෝගීන් සුවපත් කිරීම බව සිහි කරන,
ඒ නිසා ඔබ අගය කරන කීදෙනක්
ඔබේ ජීවිත කාලය තුළ
ඔබට හමුවී ඇත්ද?

ඔබ නිසා සුවපත් වූ රෝගීන් ගැන
කිසිවක් නොදන්නා ඔවුන්
ඔබ ගන්නා වාහනය,
ඔබ තනන හෝ තැනූ නිවස බලා
ඔවුන් ඔබ හා එක්ව සතුටු වෙන ප්‍රමාණය අනුව
ඔබත් අභිමානයෙන් උදම්වෙනවාද?

ඔබට සමාජයෙන් ලැබෙන ගරු සැලකිලි,
ඔබට පහසුවෙන් උපයාගත හැකි මුදල්,
ඒ මුදලින් ලබන සුඛ විහරණ නැත්නම්
ඔබ රෝගීන් සුවපත් කිරීම දිගටම කරනවාද?

ඔබ ඉදිරිපිටට පැමිණෙන රෝගියෙකුගෙන්
ඔබ අනිවාර්යයෙන්ම
ඔහුගේ රැකියාව හා ආදායම් තොරතුරු
විමසන්නේ ඇයි?

ඔහුගේ රැකියාව වැදගත්වෙන්නේ
රෝග නිර්ණයට හා ප්‍රතිකාර වලටද?
නැත්නම් භෞතික සම්පත්වලට ආශාවෙන් ඔද්දල්වූ
ඔබේ රෝගී සිත සුවපත් කරගන්නට
ඔහු යාත්‍රාවක් කරගන්නටද?

ඔබ ප්‍රතිකාර කළ රෝගියෙක්
වෙනත් වෛද්‍යවරුන් සොයා නොයන්නට
ඔබ සකස් කරන උපක්‍රම තියනවාද?

ඔබ ප්‍රතිකාර කළ රෝගියෙක්
වෙනත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගෙන
සුවපත් වූ විට ඔබ සතුටු වෙනවාද?
එසේ නැත්නම්
ඔබට ඒ රෝගියා ගැන සහ
වෛද්‍යවරයා ගැන ඇතිවෙන හැඟීම කුමක්ද?

ඔබේ නෑසියන්ට, හිතවතුන්ට හෝ
ඔබ නොමිලේ ප්‍රතිකාර කරනවාද?

වියදම් දැරිය නොහැකි කෙනෙකුට
නොමිලේ ප්‍රතිකාර කොට තිබේද?
එසේ නොමිලේ ප්‍රතිකාර කළ හැකිද?

ප්‍රතිකාරයට මුදලක් නියම නොකරන
දෙන මුදල ගැන නොබලන
සමහර ආයුර්වේද වෛද්‍යවරුන් මෙන්
ඔබට  රෝගීන් සුවපත් කිරීම කරන්නට වුණොත්
ඒ කාර්යය දිගටම කළ හැකිද?
ඔබ ඔවුන් ගැන දරන ආකල්පය කුමක්ද?

ඔබ වෙත ගෙන එන්නට නොහැකි
අසාධ්‍ය රෝගියෙකු බලන්නට ඔබ යනවාද?
ඒ නිවසට යන්නට
නියරක් දිගේ ගොස් කන්දක් නගින්නට වුවහොත්
ඔබ ඔහු බලන්නට යනවාද?
අමතර කීයක් අය කරනවාද?

ඔබේ වාහනයේ වර්ගය සහ මොඩලය
ඔබේ ජීවිතයෙන් කොපමණ ප්‍රමාණයක්
වසා පැතිර ඇත්ද?
වාහනය ඔබේ ජීවිතයෙන් ඉවත් කළොත්
ඔබේ හිතේ ඇතිවෙන හිස්තැන කොපමණද?
ඔබ මානසිකව අංග විකල නොවනු ඇතිද?

වෛද්‍යවරයෙකු වීමෙන් පසුව
ඔබ බස් රියෙන් හෝ ත්‍රීවීලරයකින්
එදිනෙදා ගමන් බිමන් ගොස් තියනවාද?
අවැසි විටෙක එසේ ගමන් කරන්නට
ඔබට චිත්ත ධෛර්යය තිබේද?
ඔබට තියන වාහනය ගැන තෘප්තිමත්ද?
ඔබ දැන් සිහින මවන වාහනය කුමක්ද?

වාහන බලපත්‍ර උදෙසා වැඩ වර්ජනය කරන
සහෝදර වෛද්‍යවරුන් පිළිබඳව
ඔබේ ආකල්පය කුමක්ද?
ඔබේ ආකල්පය
ඔවුන්ගේ ආකල්පයට විරුද්ධ නම්
ඔබට ඒ ආකල්පය
ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකිද.?
එසේ කළහොත් ඔබට අත්වෙන ඉරණම කුමක්ද?

මගේ මේ ප්‍රශ්න වලට පිළිතුරු සිතන විට
ඔබට ඔබ ගැන ඇතිවෙන හැඟීම කුමක්ද?
ඒ පිළිතුරුම සහිත වෙනත් මිනිසුන් ඇත්නම්
ඔබට සාපේක්ෂව ඔහු ගැන නොසිතා
ඔහුට ගරු කළ හැකිද?

ඔබේ ඇතුළාන්තයට මෙසේ එබී බලන
මා ගැන ඔබට ඇතිවෙන්නේ කෝපයක්ද?
සතුටක්ද?

ඔබට මා ගැන ඇතිවූ හැඟීමම
ඔවුන් තුළත් ඇති කරන්නට සිතාගෙන
ඔබේ හිතවත් වෛද්‍යවරුන් අතර
මේ සටහන බෙදාගන්නවාද?
එසේ බෙදාගන්නවා නම්
මේ සටහන,දඬුවමක්, නින්දාවක් හෙළා දැකීමක් වෙන
මිතුරු වෛද්‍යවරුන් කීදෙනෙක් ඔබ දන්නවාද?
මේ සටහන ප්‍රසංශාවක් වන්නේ
මිතුරු වෛද්‍යවරුන් අතුරෙන් කවර වෛද්‍යවරුන්ටද?
ඔබ අයත්වන්නේ කුමන කුලකයටද?

ඔබ
උදෑසන සිට රාත්‍රිය වෙනතුරු
රෝගීන් සුවපත්කොට මුදල් උපයන යන්ත්‍රයක්ද?
රෝගීන් සුවපත් කොට ඉන් තෘප්තිමත්ව
ලද දෙයින් තුටු වී සුවසේ වසන
උතුම් මිනිසෙක්ද?

එවැනි උතුම් මිනිසුන්ට
ඔවුන් සුවපත් කළ සියලු රෝගීන් වෙනුවෙන්
ශීර්ෂ ප්‍රණාමයෙන් වන්දනා කරමි.
ඔවුන්ගේ සත් කාර්යය
තවත් හොඳින් කරන්නට හැකිවෙන ලෙස
ඔවුන්ට නිදුක් නිරෝගී සුව සහ
දිගායු පතමි.


20151202

කර්ම විපාක වලින් බේරෙන්න....


.තර්ක කිරීමෙන්, වත් පිරීමෙන්
කර්ම විපාක වලින් බේරෙන්න හදන එක
ඉතාම ප්‍රාථමික මට්ටමේ ක්‍රියාවක්.
ප්‍රඥාව ඉතාම අඩු අයට
ඒ මාර්ගය හොඳයි.

පවක් කරන්න චේතනාවක් පහළ වෙන කෙනෙක්
ඒ චේතනාව අනුව ක්‍රියා නොකරොත්
ඔහුගෙ ශීලය රැකුණාට
හිතේ කෙලෙස් ඇතිවෙලා, ඔහු දූෂිත වෙනවා.
ඔහු මනසින් කර්මය කරලා හමාරයි.

කර්මය වෙන්නෙ අතපය වැනීම, වචන පැවසීම නොවේ..
ඒ සියල්ල මෙහෙයවන මානසික ශක්තිය වන
චේතනාවයි..
පින් පව් දෙකටම මුල්වෙන්නෙ
චේතනාවයි.

කර්මය, පුනරුත්පත්තිය දැනෙන ප්‍රමාණයට
කෙනෙකුට ප්‍රඥාව තියනවා නම්..
කර්ම විපාක වලක්වා ගන්න ඔහු කල යුත්තෙ
විදසුන් වැඩීමට පුහුණු වීමයි.

විදසුන් වඩන්නා
තමන් තුළ ඇතිවෙන චේතනා ගැන සිහියෙන්
ඒ චේතනාවට මුල්වෙන
නීවරණය, චිත්තය, වේදනාව ගැන සිහියෙන්
ඒ සියල්ලටම උපේක්ෂාවෙන් විසීම නිසා
චේතනාව උපාදාන වීම වලකිනවා.
උපදින කෙලෙසුත් නැසිලා සිත පිරිසිදු වෙනවා.

ඔහු කරන වැරදි කර්ම අඩු වෙනවා.
කෙනෙකුට ඇති හොඳම ආරක්ෂාව ඒ මාර්ගයයි..

පිහිනන්න දන්න කෙනෙකුට
වතුරෙ ගිළුනාම මැරෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය
අහන්න අවශ්‍ය නෑ.

කර්ම වලට මුල්වෙන අකුසල් නසන්න
සම්මා සතිය වඩා සම්මා සමාධිය පිහිටුවා ගන්න
සම්මා වායාමයෙහි යෙදෙන කෙනෙකුට
කර්ම විපාක දෙන්නෙ කොහොමද කියන ගැටළුව ගැන
වෙහෙසීම අවශ්‍ය නෑ.

ඔහු විදසුන් වඩන හැම මොහොතක්ම
කර්ම විපාක වලින් නිදහස්.
විදසුන් නොවඩන වෙලාවකට
යම් රාග ද්වේශ චේතනාවක් පහළ වුණොත්
ඔහු නිතැතින්ම ඒ චේතනාව ගැන සිහියෙන්
ඒ චේතනාව පිළිබඳව
උපේක්ෂාවෙන් පසු වෙනවා.
ඔහු තුළ ඇතිවුණ තණ්හාව
උපාදාන නොවුණ නිසා
කර්මය දුර්වලයි.

ඵුට්ඨස්ස ලොක ධම්මේහි
චිත්තං යස්ස නකම්පති අවස්ථාව,
අසෝකං, විරජං, ඛේමං...
රජසින් තොරව ක්ෂේම භූමියක වෙසෙන ඔහුට
කර්ම ප්‍රබලව රැස් වෙන්නෙ නැහැ..
අකුසල් දුරු වෙලා කුසල් රැස් වෙනවා.


20151201

තව කෙනෙක් ඔබට ද්වේශ කරද්දි.....



මිනිසාට ද්වේශ කළත්
සතාට ද්වේශ කළත්
කරන මිනිසා කිළිටි වෙනවා.
කෙනෙක් දැක්කාම,
ඔහුගෙ ක්‍රියා කලාපය දැක්කාම...
අපට ද්වේශය ඇතිවෙනවා නම්
ඒක වළක්වන්න බෑ.
තව කෙනෙක් ඔබට ද්වේශ කරද්දි
ඔබට දුකක් වෙන්නෙ
අනෙක් පුද්ගලයා තුළ
ඔබ ගැන තියන ද්වේශය නොවෙයි..
ඒ ද්වේශය දැකීමෙන්
ඔබේ හිතේ උපදින ද්වේශයයි..

දුක තරහ දෙකම
ද්වේශයෙ ස්වරූප දෙකක්.
තරහක් එන්නෙ ඔබ ඔහුට වඩා බලවත් නම්.
ඔබ ඔහුට වඩා දුර්වල නම්
ඔබට දුක හිතෙනවා.
ඒ දෙකම එකම ද්වේශය...

ඒ ද්වේශයට උපෙක්ෂාවෙන් ඉන්න..

දැන් එහෙම කරන්න බැරි නම්
මේ ක්‍රමයට පුහුණු වෙන්න..
http://vipassanapuhunuwa.blogspot.com/

බුදුන් වහන්සෙ කියන්නෙ මෙහෙමයි.
සිතෙහි ක්‍රෝධය ඉපදී තිබියදී
ඉතා වේගයෙන් දුවන රථයක් මෙන්
සිත මනාව හසුරුවා ගන්නා තැනැත්තා
නියම රියැදුරකු යැයි මම කියමි.
සාමාන්‍ය රිය එළවන අන් ජනයා
නිකම් තෝන් ලණුව අල්ලන්නෝ ය.
“යො වෙ උප්පතිතං කොධං
රථං භන්තං ච ධාරයෙ
තමහං සාරථිං බ‍්‍රෑම්
රස්මිග්ගාහො ඉතරො ජනො”

මෙහි බුදුන් වහන්සේ අගය කරන්නෙ
ක්‍රෝධය නැති තැනැත්තා නොවෙයි.
ක්‍රෝධය පවතිද්දී
හිත මනාව හසුරුවා ගන්නා තැනැත්තායි.

ක්‍රෝධය කෙමෙන් කෙමෙන් නැතිවෙන්නට
ඒ පදනම උපකාරීවෙනවා.

අත්තානං දමයන්ති පණ්ඩිතා.

බුදු දහමෙ මූලිකම පදනම
පිරිසිදු බව නොවෙයි..
අපිරිසිදු තැනැත්තාගේ
ආත්ම දමනයයි..
පිරිසිදු වෙන්නට හැකියාව ලැබෙන්නේ
ආත්ම දමනය ඇත්තාට පමණයි.