දවසක් මම යාලුවෙකුගෙ ගෙදර ගියා.
ඔහුගෙ පුතාට වසරක්
නැත්නම් එකහමාරක් විතර ඇති.
මම ඔහු වඩාගෙන ඉන්න ගමන්
ගෙදර තිබුණ ලොකු බිත්ති ඔරලෝසුව ළඟට
ඔහු ඉස්සුවා.
මම හිතුවෙ ඔහු කැමති වෙයි කියලා.
ළදරුවා කෑගහලා ඇඬුවා.
මම විශාල අපහසුවකට පත්වුණා.
අවට සිටි අය මහ හඬින් හිනා වුණා.
මගේ අපහසුව කුතුහලයකට හැරුණා.
"දවසක් මම පුතාව
ඔය විදියටම ඔරලෝසුව ළඟට උස්සලා
පුතාගෙ පස්ස හැපුවා. ඔහුට හොඳටම රිදුණා.
එදායින් පස්සෙ ඔහු ඔරලෝසුවට බයයි.."
මගේ මිතුරා පැහැදිලි කළා.
තවත් දවසක
අපේ ගෙදර බල්ලා
මගේ සෙරෙප්පුවකින් කෑල්ලක්
කාල තිබුණා..
ඌ මිදුලෙ ලැගලා හිටියා.
මම හීන් කෝටුවක් අරන්
කෝටුව පිටුපස සඟවාගෙන
අනික් අතින් සෙරෙප්පුව අරන් ගිහින්
බල්ලාගෙ හොම්බ ළඟට දැම්මා.
ඌත් සාමාන්‍ය විදියට
සෙරෙප්පුව ඉව කළා.
ඌ හුස්ම උඩට අදිද්දි
මම වැරෙන් බල්ලාට පහර දුන්නා.
ඌ මහ හඬින් කෑ ගහගෙන දිව්වා.
මම සෙරෙප්පුව අරන් ආවා.
ටික වෙලාවකට පසුව බල්ලා ඇවිත්
සුපුරුදු විදියට ලැගලා හිටියා.
මගේ පාඩම සාර්ථකවුණාද කියා
දැන ගන්න හිතාගෙන
මම සෙරෙප්පුවත් අරන් මිදුලට බහිද්දි
බල්ලා නැගිටලා වත්තෙනුත් එළියට දිව්වා.
ඌ මට බයවුණාද සෙරෙප්පුවට බය වුණාද කියා
මම දන්නේ නෑ.
ඒත් ඉන් පස්සෙ බල්ලා සෙරෙප්පු කෑවේ නෑ.
සෙරෙප්පුවේ සුවඳත් කෝටු පහරත් දෙක
බල්ලා වින්දේ තනි අත්දැකීමක් ලෙසින්.
ඒ අත්දැකීම් දෙකෙන් එකක් වන සෙරෙප්පුව දකින විට
අනෙක් අත්දැකීම පිළිබඳ මතකය
ඔහුට අප්‍රිය සංවේදනාවක් ඇතිකරනවා.
බල්ලා දුවන්නේ
සෙරෙප්පුවට හෝ මට බියෙන් නොවෙයි.
කෝටු පහර පිළිබඳ මතකයට බියෙනුයි.
කෙනෙක් අත්දැකීමක් විඳිනකොට
ඒ අත්දැකීම තුළ විවිධ සංවේදනා
ඔහු විඳිනවා.
ඔහු ප්‍රබලව විඳින සංවේදනාවේ ප්‍රිය අප්‍රිය භාවය
ඔහුගෙ විඥාණයට කරන බලපෑම වැඩියි.
ඒ අත්දැකීම ඔහු තුල සටහන් වෙන්නෙ
ඔහු විඳින සංවේදනාවේ ප්‍රිය අප්‍රිය භාවය අනුව
ඔහු තුළ සිදුවෙන
ඔහුටම ආවේණික වුණ
වර්ගීකරණයකට අනුවයි.
දෙමාපියන්, නෑ සිය මිතුරන්, ගුරුවරුන්,
නළු නිළියන්, ගායක ගායිකාවන්,
ලේඛක ලේඛිකාවන්,දේශපාලනඥයන්
ප්‍රිය කරන්නෙත් අප්‍රිය කරන්නෙත්
ඔවුන් අප තුළ ජනිත කරන සංවේදනා
අපි ප්‍රිය අප්‍රිය කරන ආකාරය අනුවයි.
වෙළඳ ව්‍යාපාරිකයා
ඔහුගේ නිශ්පාදන අපට අලෙවි කරන්නේ
අපි විඳින සංවේදනා වල ආධාරයෙනුයි.
මිනිසුන්, ගේ දොර,
යාන වාහන, අවස්ථාවන් ආදී
ඔබ ප්‍රිය කරන හෝ අප්‍රිය කරන සියලු දේ
ඔබ තුළ ඒ රූප නිර්මාණය කරන්නේ
ජනිත වෙන සංවේදනා මාලාව අනුවයි..
ඔබ පෙරුම් පුරා වෙහෙස වී සමීප කරගන්නේ
ඔබ ප්‍රිය කරන සංවේදනාවක් නොවේද?
ඒ වස්තූන්ගෙන් අප දුක් විඳින්නේ
එකම කෙනෙක්, එකම දෙයක් විසින්
අප තුළ විවිධ සංවේදනා ජනිත වේම නිසයි.
නැත්නම් අප ප්‍රිය කරන සංවේදනාව
වියැකී යාමයි.
අපි උණු වතුර බොන්න කැමති නෑ.
උණු වතුර නිසා අපිට දැනෙන සංවේදනා
අපට ප්‍රිය නැහැ.
ඒත් තේ කහට සහ සීනි මිශ්‍ර කළාම
ඒ මිශ්‍රණයෙන් මතුවෙන සංවේදනා සමග
අපි උණු උණුවෙ තේ වතුර ආශාවෙන් බොනවා.
තේ වතුර නම් නිවිලා බොන්න බෑ.
අපි තේවතුර කියා
අපේ හිතේ සටහන් කරගන්නෙ
උණු + තේ කහට + සීනි + වතුර.
මේ සමස්තය පිළිබඳව
අපි දක්වන ආකල්පය සකස් වෙන්නෙ
තේ වතුර අපේ දිවේ ස්පර්ශ වීමෙන්
ඇතිවෙන සංවේදනා අපි හඳුනා ගනිද්දි
අපි ඒ වේදනාවන්ට ප්‍රිය නිසා
ඇතිවෙන බැඳීමට අනුව
නැවත නැවත ඒ අත්දැකීම විඳින්න
අපි තුළ ඇතිවෙන උවමනාව නිසයි.
ඒ අත්දැකීම යළි යළිත් විඳින්නට
අපේ හිතේ ඇතිවුණ බැඳීමට මුල්වුණේ
අපි ඒ වේදනා මාලාව ප්‍රිය කිරීමයි.
මේ දේ සිදුවෙන බව අපි දන්නෙ නෑ.
ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව හඳුනාගනිද්දි
අපි වේදනාවට ප්‍රිය වීමෙන් හෝ අප්‍රිය වීමෙන්
අපි තුල සංස්කාර මතුවෙලා
ඒ සංස්කාර වල ස්වභාවයත් සමග
අපි විඳින අත්දැකීම ගැන රූපයක්
අපේ විඥාණයෙහි සටහන් වෙනවා.
මේ කෙටි සටහන් පෙළ
අපේ ජීවිතය හැඩ ගසවනවා.
අපේ අනන්‍යතාවය අපට ලබා දෙන්නේ
සංස්කාර නිසා සකස් වෙන විඥාණය විසින්.
අපේ චරිතය,චර්යාවන්,
සිතුම් පැතුම්,බලාපොරොත්තු, කතා බහ ආදී
සියලු ක්‍රියාකාරකම් වලට
අපට ආවේණික ස්වරූපයක් ලබා දෙන්නේ
අපේ විඥාණය විසිනුයි.
සංස්කාර අපට බලපාන්නෙ ඒ ආකාරයටයි.
ළදරුවා ඔරලෝසුව දකින මොහොතෙදි
බල්ලා සෙරෙප්පුව ඉව කරන මොහොතෙදි
ඔවුන් තුළ ඇතිවුණ ද්වේශ සංස්කාර
ඔවුන්ට අප්‍රිය වර්ණයකින්
ඒ අත්දැකීම
විඥාණයෙහි සටහන් වුණා.
ඔවුන් ඉන්පසුව ඔරලෝසුව සහ සෙරෙප්පුව සලකන්නෙ
ඔවුන් අකමැති සංවේදනා ලබා දෙන
හානිකර වස්තුවක් ලෙසයි.
දරුවෙකුට හෝ සතෙකුට
වරදක් හඳුන්වා දෙන්නට
මේ සංසිද්ධිය උපයෝගී කරගත හැකියි.
අතේ ඇඟිල්ල කටේ දාන ළදරුවෙකුගෙ ඇඟිල්ලෙ
කොහොඹ ගාන්නෙ මේ නිසයි.
මම ළිඳකට එබෙද්දි
තාත්තා මට ඔහුගෙ ඉණ බැඳි පටියෙන්
පහර දුන් බව මව කියා තියනවා.
ඒ භය අදත් මා තුළ තියනවා.
එදා පැය කිහිපයක දේශනයකින්වත්
මට ඒ පාඩම උගන්වන්නට ඔහුට බැහැ.
මම බුදුන් වහන්සේට හුරු වුණේ
මගේ මව තුළ වූ අචල ශ්‍රද්ධාව නිසා.
අද අපි ඒ දායාදය වඩාත් ප්‍රබලව
අපේ දරුවන්ට දායාද කරනවා.
ඔවුන් අත්දැකීමක් විඳින විට
ඒ අත්දැකීම අපි වර්ණවත් කරන්නට
නිරතුරුවම වෑයම් කරන්නේ
ඔවුන්ගේ අනාගතයට බලපාන අන්දම
සිත්හි සනිටුහන් කරගෙනයි.
අපි බුදුන් වහන්සේ විශ්වාස කරන තරමට
ඔවුන් බුදුන් වහන්සේ විශ්වාස කරනවා.
ඔවුන්ගේ යහපත සලසන
අයහපත සලසන ධර්මතාවයන්
ඒ දහම තුළ ගැබ්වී ඇති බව
ඔවුන්ට ඉවක් තියනවා.
මේ ආකාරයටම අසභ්‍ය වචන වලට
අඬ දබර වලට, පව්කම් වලටත්
දරුවන් හුරු කළ හැකියි.
මගේ දෙමාපියන් විසින්
මා විඳි අත්දැකීම් වලට මිශ්‍ර කළ වර්ණ
අදටත් අපේ හොඳ නරක සකස් කරනවා.
අපේ හොඳ නරක සකස් කරගන්නට
අපි කලින් භවයෙන් රැගෙන එන විඥාණය
දෙමාපියන් අතින් ප්‍රවර්ධනය විය හැකියි.
නැසෙන්නට, වැළලෙන්නටත් හැකියි.
මේ ළදරුවා
කිරිවලට වඩා බියර් ප්‍රිය කරන්නේ ඇයි..
හේතුව කුමක් වුණත්
ඔහු බියර් තෝරාගන්නේ
දැනුවත් තීරණයක් මගින් නොවේ.
ඔහු කිරි පසෙකට කර
බියර් වලට දෑත දිගු කරන්නේ
කිරි නිසා ඔහු විඳින සංවේදනා වලට වඩා
බියර්වලින් මැවෙන සංවේදනා
ඔහුට ප්‍රිය නිසාය.
මේ ළදරුවා
කිරිවලට වඩා බියර් ප්‍රිය කරන්නේ
බියර් සුවඳ ඔහුට පියාගේ ආදරය සමග
මුසුව දැනුණ සුවඳක් නිසාද?
බියර් සුවඳ ඔහුට වඩාත් ප්‍රබලව දැනෙණ නිසාද?
නැත්නම් සසර බොහෝ ජීවිතවල
මත්පැනට හුරුවූ කෙනෙක් නිසාද?
අපි කලින් භවයන්හි ලබන ලද
බොහෝ අත්දැකීම් වලින් උපන් සංස්කාර නිසා
ඒවායේ ප්‍රබලතාවය අනුව
අපේ අනන්‍යතාවය සකස් වෙනවා.
මේ ජීවිතය තුළ
අප විඳින අත්දැකීම් නිසා
පහල වෙන රාග, ද්වේශ, මෝහ සංස්කාර
අපේ විඥාණයෙහි සටහන් කරන
හුරු, පුරුදු, ප්‍රිය අප්‍රිය භාවයන්
අපේ මතු ජීවිතයටත් බලපානවා.
අපේ මේ මොහොත
අපට වැදගත් වන්නේ ඒ නිසයි.
මේ මොහොත කියන්නෙ
අනාගත භවයෙ වසර ගණනාවක්
වෙනස් කළ හැකි එක අංශකයක්.
මේ මොහොත තුළ
ඔබ ඔබේ මව හෝ පියා මැරුවොත්
ඒ අවස්ථාවේ පහළ වෙන සංස්කාර
කල්ප ගණනාවක්
ඔබ සසරට බැඳ තබන්නට හේතු වෙයි.
---------------------------------------------
ඔබ සසරට බැඳ තබන
සංස්කාර වලට හේතුව
අවිද්‍යාවයි.
සෙරෙප්පුවේ සුවඳත් කෝටුපහරත් දෙක
එකක් ලෙස විඳින බල්ලා
ඒ මොහොතේ සෙරෙප්පුවේ සුවඳට වඩා
කෝටු පහරට සිත එකඟ කරණවා.
එහෙත් ඉන් ඇතිවෙන ද්වේශ සංස්කාර සමග
සෙරෙප්පු සුවඳ පිළිබඳ මතකය
උගේ විඥ්ඥාණයෙහි සටහන් වෙනවා.
ප්‍රිය අප්‍රිය දෙකම මිශ්‍ර අත්දැකීමක් විඳින කෙනෙක්
ඒ අත්දැකීමෙන් ලැබෙන ප්‍රිය භාවය හෝ අප්‍රිය භාවය
අනෙකට වඩා ප්‍රබල නිසා
අත්දැකීම ප්‍රිය හෝ අප්‍රිය ලෙස සැලකීම
අවිද්‍යාවයි.
සමස්තයක් ලෙස විඳින මේ මොහොතෙන්
තමාට ප්‍රිය හෝ අප්‍රිය කොටස පමණක් ග්‍රහණය කර ගැනීම
අවිද්‍යාවයි.
බල්ලාට සෙරෙප්පුවත් කෝටුපහරත්
දෙකක් නොව එකක්.
ඒ වෙනස නොදැකීම අවිද්‍යාවයි.
ඒ වෙනස විද්‍යාමාන නොවීම අවිද්‍යාවයි.
ඒ වෙනස නොපෙනීම නිසා සෙරෙප්පුව දකින විටම
කෝටුපහරෙන් ජනිත කළ ද්වේශ සංස්කාර සමග
පෙර සැකසුන විඥාණය පහළ වෙනවා.
බල්ලා පලා යනවා.
දෙවෙනි අවස්ථාවේ
සිතේ ද්වේශ සංස්කාර මතු වෙන්නට
ඇසේ රූපය ස්පර්ශ වීම ප්‍රමාණවත්.
කෝටු පහර අවශ්‍ය නෑ.
සෙරෙප්පුවේ සුවඳත් කෝටුපහරත් දෙක නිසා
ද්වේශ සංස්කාර වලින් සැකසුන විඥාණය
දෙවැනි අවස්ථාවේ
ඇසේ විඤ්ඤාණය ලෙස
ඇසේ ස්පර්ශයෙදිම ක්‍රියාත්මක වෙනවා.
ඇස,
රූපය,
රූප හඳුනා ගැනීමට ඇසට ඇති හැකියාව
තුනම එකතු වෙලා ස්පර්ශය හැදෙනවා.
දෙවෙනි දවසේ කෝටුපහර නැතිව
සෙරෙප්පුව දකින විටම
කෝටු පහර නිසා ලද සංවේදනා පෙළ
ඇසේ විඤ්ඤාණයෙන්ම උත්තේජනය වෙනවා.
සෙරෙප්පුවට තිබුණ රාගය පරදවා
ඊට වඩා ප්‍රබල ද්වේශය දිනනවා.
එවිට මතුවෙන ද්වේශ සංස්කාර
අපේ බල්ලා වින්දේ බිය වශයෙනුයි.
බල්ලා මැර ස්වභාවයක් ඇති දරුණු බල්ලෙක් නම්
මතුවෙන ද්වේශ සංස්කාර නිසා සාහසිකව හැසිරෙනවා.
මිනිස් අත්දැකීම්වලත්
මූලිකව පවතින්නේ මේ ස්වභාවයමයි.
එහෙත්
වෙනත් සත්වයන්ට නැති
මිනිසාට ඇති විශේෂ හැකියාවන් දෙකක් තියනවා.
එක
තමන් තුළ සිදුවෙන වෙනස්කම් පිළිබඳව
සිහියෙන් සිටීම
දෙවැන්න
තමන් තුළ සිදුවෙන වෙනස්කම් වලට
උපේක්ෂාවෙන් සිටීම.
සැබෑ මිනිසා
සතෙක් මෙන් හැසිරෙන මිනිසාගෙන්
වෙනස්වන්නේ මේ දෙක නිසයි.
ඇත්ත ඇති සැටියෙන් දකින
ප්‍රඥාව පහළ වන්නේ
තමන් තුළ සිදුවෙන වෙනස්කම් පිළිබඳව
සිහියෙන් සහ උපේක්ෂාවෙන් සිටින්නාටයි.
මේ මොහොතෙ ඔබේ සිත + කය තුළ
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන්
සිටීමට ඔබට හැකි නම්
ඒ මොහොතට පමණක්
ඔබ තුළ අවිද්‍යාව නෑ.
100%ක් සිහියෙන් වෙසෙන නිසා
ඒ සුවිශේෂී මොහොත තුළ
මෝහය නෑ.
100%ක් උපේක්ෂාවෙන් වෙසෙන නිසා
ඒ සුවිශේෂී මොහොත තුළ
රාග ද්වේශ නෑ.
ඔබේ සිත සහ කය තුළ සිදුවෙන
විවිධ වෙනස් කම් ලෙස ඔබ දකින
ඒ මොහොතෙ සංස්කාර ඇතිවෙන්නෙ නෑ
විඥාණය සකස් වන්නේ නෑ.
ඒ මොහොත තුළ
සිදුවෙන සියල්ල පිළිබඳව
ඇත්ත ඇති සැටියෙන් දකින නිසා
ඔබ තුළ පවතින්නේ ප්‍රඥාවයි.
අවිද්‍යාව ප්‍රහාණයෙන් ප්‍රඥාව ඇති වෙනවා.
ඔබ අවිද්‍යාව නිරෝධ කළ නිසා
සංස්කාර නිරෝධ වෙනවා.
සංස්කාර නැති නිසා විඥාණය සකස් වෙන්නෙ නෑ.
සිත + කය තුළ
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන් ඉන්න නිසා
නාම + රූප, ( සිත + කය ) කියා දෙකක් නෑ..
ඔහු තනි ඒකකයක්.
ආයතන හයක් නෑ. ඔහු තනි ඒකකයක්.
ස්පර්ශය කියා විශේශ දෙයක් නෑ.
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන් වෙසෙන නිසා
ඔහු වෙනව දකින ප්‍රිය හෝ අප්‍රිය වේදනා නෑ.
ඒ නිසා තණ්හාවක් නෑ.
තණ්හාව නැති නිසා උපාදාන වීමක් නෑ.
උපාදානයෙන් තොරව භවයක් නෑ.
සිත + කය තුළ
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන් ඉන්න
විදර්ශනා මොහොත තුළ
මතු භවය සකස් වීමක් නෑ.
ඒ සුපිරිසිදු මොහොත තුළ මතුවෙන පැරණි සංස්කාර
වැයවී යන ස්වභාවයෙන් යුක්ත නිසාත්
නව සංස්කාර වලින් පෝෂණයක් නොලබන නිසාත්
උපන්ගෙයිම යෝනිය තුළම නැසී යනවා.
යෝනිසෝ මනසිකාරයෙන්,විදර්ශනාවෙන්
කෙලෙස් නැසෙන්නේ ඒ ආකාරයෙනුයි.
මේ ධර්මය විඳ ප්‍රත්‍යක්ෂ කළ හැකියි.
අන්ධ භක්තියෙන් ඇදහිය යුතු කිසිවක් නෑ.
________________________________________________________
ආධාර වූ දහම් කරුණු
ඇස,
රූපය,
රූප හඳුනා ගැනීමට, ඇසට ඇති හැකියාව
තුනම එකතු වෙලා ස්පර්ශය හැදෙනවා.චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති
චක්‌ඛුවිඤ්‌ඤාණං,
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො;
ආධාර වූ දහම් කරුණු
ඇස,
රූපය,
රූප හඳුනා ගැනීමට, ඇසට ඇති හැකියාව
තුනම එකතු වෙලා ස්පර්ශය හැදෙනවා.චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති
චක්‌ඛුවිඤ්‌ඤාණං,
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො;
1
ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව හඳුනාගනිද්දි
අපි වේදනාවට ප්‍රිය වීමෙන් හෝ අප්‍රිය වීමෙන්
අපි තුල සංස්කාර මතුවෙලා
ඒ සංස්කාර වල ස්වභාවයත් සමග
අපි විඳින අත්දැකීම ගැන රූපයක්
අපේ විඥාණයෙහි සටහන් වෙනවා.
ඵස්ස වේදනා සංඥා සංඛාර විඥාණ
ඵස්ස වේදනා තණ්හා උපාදාන
අවිජ්ජා සංඛාර විඤ්‍ඤාණ
ඵස්ස පච්චයා වේදනා -
ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී
වේදනා පච්චයා තණ්හා -
දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
තණ්හා පච්චයා උපාදානං -
තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී
උපාදාන පච්චයා භචෝ -
බැඳීම් හේතු කොට භව සකස් වේ
අවිජ්ජා පච්චයා සංඛාරා -
අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
සංඛාර පච්චයා විඤ්‍ඤාණා-
සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
විඤ්‍ඤාණ පච්චයා නාමරූපං -
විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
නාමරූප පච්චයා සලායතනං -
නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
සලායතන පච්චයා ඵස්සෝ -
ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
2
ස්පර්ශයෙන් ඇතිවෙන වේදනාව හඳුනාගනිද්දි
අපි වේදනාවට ප්‍රිය වීමෙන් හෝ අප්‍රිය වීමෙන්
අපි තුල සංස්කාර මතුවෙලා
ඒ සංස්කාර වල ස්වභාවයත් සමග
අපි විඳින අත්දැකීම ගැන රූපයක්
අපේ විඥාණයෙහි සටහන් වෙනවා.
ඵස්ස වේදනා සංඥා සංඛාර විඥාණ
ඵස්ස වේදනා තණ්හා උපාදාන
අවිජ්ජා සංඛාර විඤ්‍ඤාණ
ඵස්ස පච්චයා වේදනා -
ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී
වේදනා පච්චයා තණ්හා -
දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
තණ්හා පච්චයා උපාදානං -
තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී
උපාදාන පච්චයා භචෝ -
බැඳීම් හේතු කොට භව සකස් වේ
අවිජ්ජා පච්චයා සංඛාරා -
අවිද්‍යාව හේතු කොට ගෙන සංස්කාර හට ගනී
සංඛාර පච්චයා විඤ්‍ඤාණා-
සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හට ගනී
විඤ්‍ඤාණ පච්චයා නාමරූපං -
විඤ්ඤාණය හේතු කොට ගෙන නාම රූප හට ගනී
නාමරූප පච්චයා සලායතනං -
නාම රූප හේතු කොට ගෙන ආයතන සය හට ගනී
සලායතන පච්චයා ඵස්සෝ -
ආයතන හේතු හොට ගෙන ස්පර්ශය හට ගනී
2
මේ මොහොතෙ
ඔබේ සිත + කය තුළ
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන්
සිටීමට ඔබට හැකි නම්
ඒ මොහොතට
ඔබ තුළ අවිද්‍යාව නෑ.
ඔබේ සිත + කය තුළ
සිදු වෙමින් පවතින
සියලු වෙනස් කම් ගැන
100%ක් සිහියෙන්
100%ක් උපේක්ෂාවෙන්
සිටීමට ඔබට හැකි නම්
ඒ මොහොතට
ඔබ තුළ අවිද්‍යාව නෑ.
100%ක් සිහියෙන් වෙසෙන නිසා
ඒ සුවිශේෂී මොහොත තුළ මෝහය නෑ.
100%ක් උපේක්ෂාවෙන් වෙසෙන නිසා
ඒ සුවිශේෂී මොහොත තුළ රාග ද්වේශ නෑ.
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා
1,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්] වේදනා වල වේදනා
අනුව දකිමින් වෙසෙයි,
3,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්] වේදනා වල වේදනා
අනුව දකිමින් වෙසෙයි,
3,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්] දහම්හි දහම්
අනුව දකිමින් වෙසෙයි,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්] දහම්හි දහම්
අනුව දකිමින් වෙසෙයි,