20180104

කුඩු කාරයෝ, බටහිර බෙහෙත් සහ විපස්සනා.


1
''උඹලා එකපාර පෙති කීයක් ගහනවද''

''තූන හතරක්, අම්මො පැණිවලට දියකරලනම් කවදාවත් බොන්නැ.''

''උඹටත් ඔව්වා බීලා පිස්සු හැදිලා තියනවද.''

''අපි ඉතින් ගානට මිම්මට කිරලා මැනලා ලාවටනේ ගන්නේ....
පුල් ආතල්.''

''මොනවද බං ඔය පෙති.''

''පිස්සන්ට දෙන ඒවා, පැණි ඇවිල්ලා කැස්සට දෙන ඒවා.''

''ෆාමසී වලින් තූන්ඩුවක් නැතූව කොහොමද බං ගන්නේ,
දැන් ඉස්සර වගේ දෙන්නැ නේද''''

''බම්බුව ඕනතරම් ගන්ඩ පුලුවන්,
ඇරත් දැන් ඕනතරම් ගන්ඩ බඩු තියනවා එළියේ''

''කීයක් විතර වෙනවද මචං''

''එළියේ පැණියක් 800ක් විතර වෙනවා, පෙත්තක් 20ට 30ට විකුණනවා.
මෝරුන්ට ,හාවන්ට ගාණ වැඩියි. ෆාමසියෙන් ගත්තොත් ලාභයි''
===========================================
2
ගංජා විනාශකාරීද ? තහනම් කල යුතුද ?
මනෝ වෛද්‍ය Ruwan Jayatunga
https://www.facebook.com/permalink.php?story_fbid=690746667979652&id=100011329762598
===========================================
3
Samitha Sandanuwan[[[බටහිර බෙහෙත් වර්ග ( කැස්සට බොන සිරප් වර්ග, වේදනා නාශක වර්ග, නිදි පෙති සහ මානසික දුබලතා ඇති අයට දෙන බෙහෙත් ) වලින් වෙන විනාශය ගංජා වලින් වන විනාශයට වඩා වැඩියි නේද?]]]]
===========================================

මත්ද්‍රව්‍ය ගන්න අය සොයන්නෙ මොනවාද?
මත්ද්‍රව්‍ය සහ බටහිර බෙහෙත් අතර
සම්බන්ධයක් තියනවද?

අවට තියන දේට
අපි සංවේදී නැති වෙලාවට
අපේ හිතේ දවස පුරාම
රාග ද්වේශ මෝහ සංස්කාර මතු වෙනවා.

මේ සංස්කාර කායික වේදනා විදියට
හැඟීම් විදියට සහ සිතුවිලි විදියට
අපි දවස පුරාම අත්දකිනවා.

මේ වේදනාවලට බෙහෙත් අවශ්‍ය නැතත්
හැම වේදනාවක්ම
රෝග ලක්ෂණයක් කියා උපකල්පනය කරල
බෙහෙත් සොයාගෙන යන එක
සාමාන්‍ය ජනතාව කරන එක දෙයක්.
සිතුවිලි සහ හැඟීම් පස්සෙ ගිහින්
ක්‍රියා කිරීම කතා කිරීම
අනෙක් ක්‍රියාකාරකම්.

මේ තුනම මග හරින්න අවශ්‍ය අය
ආගමික පුද පූජාවලට, සමථ භාවනාවට
මත්පැනට මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා.

ආගමික ක්‍රම වලින් මේ සංස්කාර මතුවීම
සමනය කරලා තාවකාලික සැනසුමක් ලබා දෙනවා.
ඒ සැනසීම ලබා ගන්නා විට ඔවුන් පවුලෙන්
සමාජයෙන් ඈත්වෙලා තනිවෙන්න පුලුවන්.
ඒත් ඔවුන්ගෙන් තමන්ට හෝ අනුන්ට කරදර නෑ.
නිරාගමිකයන්ට නම් ඇහේ කටු අනිනවා වගේ.
එහෙම වෙන්නෙ ඔවුන්ගෙ පිළිවෙතට විරුද්ධ නිසයි.

සිතේ කැළඹීම, මානසික කම්කටොළු
කායික වේදනා ආදියෙන් මිදෙන්න
මත්පැනට මත්ද්‍රව්‍ය වලට යොමු වෙන
ආත්ම දමනය හීන පුද්ගලයන් ගන්න
මත්ද්‍රව්‍ය පමණ ඉක්මවා යන වෙලාවට
එමගින් කයත් මනසත් අතර සම්බන්ධය බිඳිලා
ඔවුන්ගෙ සිතේ පාලනය ගිලිහීම නිසා
රුවන් කියන රෝග ලක්ෂණ පහළ වෙනවා.

මත්ද්‍රව්‍යවලින් මිදෙන්න අවශ්‍යතාවයෙන්
ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න කැමති කෙනෙකුට
මේ සියලු මානසික ගැටළු වලට
හොඳම ප්‍රතිකාරය විපස්සනා වැඩීමයි.

අපේ හිතේ දවස පුරාම මතු වෙන
රාග ද්වේශ මෝහ සංස්කාර
කායික වේදනා මට්ටමෙන්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් දකින්න
දස දිනක පුහුණුව ප්‍රමාණවත්.

විපස්සනා වඩන්නට යොමුවෙන කෙනෙක්
නිසි පරිදි විපස්සනා ක්‍රමය ග්‍රහණය කළොත්
ඒ පුහුණුවෙ යෙදෙන ප්‍රමාණය සහ
ඔහුගෙ අවංක අවශ්‍යතාවය අනුව
ජීවිතයටම මත්ද්‍රව්‍ය වලින් මිදෙනවා.
-Athula Siriwardhane

http://vipassanapuhunuwa.blogspot.com/2012/12/blog-post_12.html


සිංඤොරීතා... කවියෙන් මිදී ගීතය දෙසට පියවරක්...


කවි වලට විරිත් තියනවා.
ගීතයට අවශ්‍ය විරිතක් නොව රිද්මයක්.
කවිය එක විදියක ස්වයං වින්දනයක්.

ගීතය
කෙනෙක් ගයද්දි රසිකයෙක් විඳිනවා.
කවියක විරිත
ගයන්නාට ආවේණිකයි.

ඔබ කවිය ගයන විරිත මගේ විරිත නොවෙයි.
පරපුරෙන් පරපුරට කවිය අරන් යන්න විරිත
ආරක්ෂිත බඳුනක් ලබා දෙනවා.
ඒ නිසා විරිත පොදු ජනතාවට සමීපයි.

ගීතයක අනන්‍යතාව ඉතාම ප්‍රබලයි.
හොඳ ගීතයකට උපරිමයක් වගේම අවමයක්,
ඊටම අනන්‍ය ගුණාත්මක පරාසයක් තියනවා.

හොඳ ගීතයක් ඒ අයුරින්ම නැවත ගැයීම
ගායකයාට පවා බොහෝ විට අසීරු විය හැකියි.
ඒ සඳහා තවත් පිරිසක්
තානගත විය ය්තුයි.
සංගීත භාණ්ඩ දෙකක් පමණක් යොදා ගත්
"පොඩි කුමාරිහාමියේ" වැනි ගීතයකට පවා
ඒ සත්‍යය පොදුයි.

කවියක තියන සුන්දරත්වය පවතින්නේ
නව විරිතකින් කවියාටම අනන්‍ය විරිතකින්
ගායනා කිරීම මගිනුයි.
අමරදේවයන් පිළේ පැදුර හේනට ගෙනයන්නෙ
ඔහුටම ආවේණික වූ රටාවකටයි.
ඔහු ඒ කවි මොන විරිතකට ගායනා කළත්
මුල් අවස්ථාව සමතක කරලා
අලුතෙන්ම රස විඳින්න අපට පුලුවන්.

ජගන් මෝහිණී ස්වර්ණමාලියේ වැනි ගීතවල
මුල් ස්වරූපය බිඳීම අමරදේව කළත්
රසිකයාට ගැටළු ඇති වෙන්න පුළුවන්.

කවියක් ගීතයක් මෙන් ගයන්න බැහැ.
ගීතයක් කවියක් මෙන් ගයන්න බැහැ.
මේ දෙක මිශ්‍ර කරන්න පුලුවන්.
ඒ දෙමුහුන් තෙවැන්න
මේ දෙකටම දෙවෙනි වෙනවා.

කවියේ සීමාව තුළ ගීතය කොටු කිරීම
මුදලට ලොල් කුසීත පද රචකයන්ගේ සහ
කුසීත සංගීතඥයන්ගේ නිදහසට මගක්.
අද අපි බස්වල ගමන් කරද්දී
අපි බැඳගෙන ගහන තනු යෙදූ ලියුම්වල
මේ ලක්ෂණ ඉතාම බහුලයි.

විශිෂ්ඨ නිර්මාණකරුවන් බිහිකළ
"තරු අත් අකුරින් ලියා එවමි" වැනි ලිපියක්වත්
ගීතයක තනුවක් ඉල්ලා සිටින කවියක්.
කවියක ස්වරූපය දරුවත් ඒ කවිපෙළ
කවියක් වගේ ගායනා කළ හැකිද?

"සඟවා ගනු මැන ඔබැ රුව සොඳුරියෙ"
ඒ සුභාවිත කලාවේ ප්‍රබල මං සලකුණක්.
"මාත්‍රා හතරක් මත ලියා ඇති ඒ ගීයට
මාත්‍රා තුනක තනුවක් යොදන්නට
තමන්ට සිත්වූයේ මන්දැයි
මට අදටත් හිතා ගන්න බැහැ" කියා
වික්ටර් රත්නායකයන් මේ ගීතය ගැන
වරක් රූපවාහිනි නාලිකාවක පැවසුවා.

තුන් සරණේ කවි වල නාද රටාවෙන්
"සිරිමා බෝ වැලි මලුවේ" ගීය ඇරඹූ අයුරුත්
වික්ටර් රත්නායකයන් පැවසුවා.

දුර්වල නිර්මාණ කරුවන් පහසුවෙන් කරන
කවි ලියා කවි වැනි තනු යෙදීමේ කුසීත නිශ්පාදනවලින්
සිංහල සංගීතය මුදාගෙන ඉදිරියට ගෙන යායුතුයි.

"සුභාවිත නිර්මාණ" පිටුවේ පළ කළ
වෙනත් සටහන් වල මේ ගැන වෙනත් කෝණ වලින්
උදාහරණ සහිතව විස්තර කර ඇති.

මේ ගීතයේ සංගීත සංයෝජනය
ඒ අතින් අති විශිෂ්ඨයි අමිත්...
වචන දෙක තුනකින් මේ ගැන ලියා
තෘප්තිමත් විය නොහැකියි.

කවියේ සීමාවෙන් එහාට කැන්දාගෙන යන්නට
පද රචනාවෙන් ලැබෙන සහයෝගයත් ඉමහත්.

අද අපට ඇති විශාල බලාපොරොත්තුවක් වන
සමන් ලෙනින්ටත් නැවුම් පුළුල් නිම්වළලු සැපයීම ගැන
රෝහණ අමිත් දෙදෙනාටම වෙනම තුති පිදිය යුතුයි.
අද සංගීත ලෝකයේ විෂබීජ වලින් රැකෙන්න නම්
වචනයත්, සංගීතයත් විසින් පෝෂණය කරන
සමන් ලෙනින් වැනි සවිමත් පදනමක් සහිත
ගායකයන් රටට අවශ්‍යයි.

රූප රචකයාත් සිය වගකීම ඉටු කරන්නට
වෙසෙසින් බරසාර වෑයමක් දරා තියනවා.

ගීතය සර්ව සම්පූර්ණයි කියා
ආත්ම වංචාවක යෙදෙන්නට හෝ
ඔබලා රවටන්නට මට හැකියාවක් නෑ.
( අද එය හැකියාවක් විදියට ගරුසරු ලබනවා. )

මේ ගීතයේ තේමාව නිසා මිශ්‍ර කරන්නට සිදුවූ
බටහිර සංගීත ශෛලියේ එකාකාරී බව ඉක්මවා යාම
අමිත්ට පවා අපහසු වී තියනවා.
අමිත්ගේ වරදක් නොවුණත් අමිත්ට උවමනා වුණා නම්
මේ සීමාවත් ඉක්මවන්නට තිබුණා.

මේ ගීතය තුළත් යම් පමණකට
මිශ්‍රවී තියන කවි විරිතේ ඌරුවට
සංගීතයේ එකාකාරී ශෛලිය
හේතු වෙන්න ඇති...

බටහිර සංගීත රටාව මත නිර්මාණය නොකොට
ඒ සංගීත රටාව අනුපානයක් ලෙස එක් කරමින්
ඈ සංගීත ශෛලිය අපට නොදැනුවත්ව
දැනෙන්නට සලස්වන්නට අමිත් උත්සාහ කළා නම්
මෙහි අනන්‍යතාවය ප්‍රබල වෙනවා.

( "උඩින් උඩින් වර පෙත්තප්පු" නාද රටාව
රෙහෙමාන්ගේ "හම්මා හම්මා" ගීතයට
අනුපානයක් ලෙස මුසු වී තියන අයුරු
මේ පිටුවේ සටහනක අහන්න පුලුවන්.)

වැනිසියේ වෙළෙන්දා මේ ගීතය තුළ
වැනිසියේ දිළින්දා වීම එවැන්නක්.
ඒ යෙදුම ඉතාම භාවාත්මකයි.
අපේ විඥාණයේ ඇති රූපය සමග
දිළිඳු කෑදර පුද්ගලයෙක් මැවෙන්නේ
ඉසුරු සොයා විදේශයන්ට ගොස්
අතෘප්තිමත්ව වෙසෙන කොටස ගැන
අපට පහළ වෙන කරුණාව නිසායි.

මේ වෙනස ඇති කරගන්නට එක මගක් ලෙස
තාල වාද්‍ය භාණ්ඩ එකටම යොදා නොගෙන
වෙන් කර හඳුනාගත නොහැකි අයුරින්
අනෙක් සංගීත භාණ්ඩවල නාද සමග
මිශ්‍ර කළා නම් හොඳයි කියා හිතෙනවා.

සමස්තයක් ලෙස ගීතයේ සංයමයත්
නැවත නැවත අසමින් විඳිමින් කරන ලද
සංස්කරණ වල ඔප දැමීම් වල අඩුවක්
දකින්නට පුලුවන්.

ආරම්භයේම "සිංඥොරීතා" කඩා පැනීම
ඉක්මන් වැඩියි කියා මට තදින් දැණුනා.
වෙළඳ දැන්වීමකට නම් ඒ උපක්‍රමය හොඳයි.
කාලයක් තිස්සේ නැවත නැවත රස විඳීමට
නිර්මාණය කරන මෙවැනි ගීතවල
අනවශ්‍ය හැලහැප්පීම් යෙදීමන් මුසුවෙන
වාණිජමය සංස්කරණ උපක්‍රම වලින් වෙන්නෙ
කල් පවතින ගුණයට හානි වීමයි.

ගීතයේ වචන අරඹන්න පෙර
තව වතාවක්වත් "සිංඥොරීතා" වචනය
අවධාරණය කරන්න අමිත් සිතුවා නම්
මේ හදිසි ප්‍රවේශය ආවේශයක් සහිතව
මුසු කරගන්නට අවකාශ තිබුණා.
මේ ස්වභාවය රස විඳින අයත් ඇති.
ඒත් ඒ රසිකයන් මේ ගීතය සොයා
නැවත එනවාද කියා විමසිය යුතුයි.

වචනවල උච්ඡාරණය පැහැදිලි නෑ.
පැහැදිලි උච්ඡාරණය
අවබෝධයට පහසුවක්.

මේ ගීතයට ඒ අවබෝධය අවශ්‍යයි.

Amith,
ඔබ බිත්තරයේ කටුව බිඳගෙන
එළියට පැමිණෙමින් සිටිනවා.
ගීතයෙන් ගීතයට අනන්‍ය වෙන
නිර්මාණ කරන්නට ඔබ කැප වී ඇතැයි
මම තදින්ම විශ්වාස කරනවා..
දැන් ඇත්තේ විශ්ව සංගීතයෙන් පෝෂණය වී
සංගීත අඹරේ නව නිම් වළලු සොයා
නිදහසේ සංයමයෙන් පියාසර කිරීමයි.

නුහුරු මිහිර සොයන පිරිස නිහඬයි. අමිත්..

හරි නිර්මාණයක් ඉදිරිපත් වුණාම
කූඹි ගුලක් ඇවිස්සුණා වගෙයි.

අප වෙනුවෙන් නැවුම් යමක් කරන්නට
ඔබ කරන කැපවීමටත් පවතින සංයමයටත්
ඔබට ස්තූතියි.
ගීතය කවියෙන් මුදා ගන්නා පරපුරක
මුල් පුරුකක් වෙන ඔබට සුභ පතනවා.

Saman,
මුදලට මත්පැනට ස්ත්‍රියට ලොල් නොවන
ශක්තිමත් පවිත්‍ර කලාකරුවන් පරපුරකට
මංපෙත හෙළිකරන මූලිකයෙක් ලෙස
සිංහල ලකුණ සහිත නව නිර්මාණ වලින්
කලාකෙත පෝෂණය කරන පිරිසේ
ඉදිරියෙන්ම සිටින්නෙකු විදියට
සමන් ලෙනින් ගැන තබන බලාපොරොත්තු
මේ ගීතය තුළ රැකගත් සමන් ලෙනින්ටත්
අපේ ප්‍රණාමය.

Rohana.
මේ ගීය මා දුටු ඔබේ පළමු ගීයයි.
ඔබ වෙසෙස් කුසලතා ඇති රචකයෙක්.
ඔබත් තේමාව මැනවින් ග්‍රහණය කරගෙන
කවි විරිතෙන් මිදී, ඔබත් නිදහස් වී
සංගීතඥයාත් නිදහස් කරමින්
මේ කරන ලද රචනාව විශිෂ්ඨයි.

( ඉහත සටහන ලියද්දී
මා ගීතයේ වචන දැක තිබුණේ නෑ.
ඔබට ලියූ මේ කොටසත් සටහනට එක් කරනවා.)

සියල්ලන්ම තමන්ගේ පරාසය තුළ
ගීතයට දක්වන ලද දායකත්වය
පැසසුම් කටයුතුයි.
මේ අපගේ දායකත්වයයි.

සිංඤොරීතා….
අඳුර ගලන පාලු වීදියේ
දිලෙන නෙතු අගින් පා නුරා
මගේ හිත අද්දර නතරවූ....
සිංඤොරීතා….
ඔබයි මරීනා...

යස ඉසුරු සොයා
දේශයන්හි සරා
අතරමංවූ........
මමයි වැනීසියේ දිළින්දා..//

ආගන්තුකයි මේ භූමියේ
මගේ සිහිනයට නෑ වරම්
සෙබළුන් හිඳී සීරුවෙන්
පිටමං කරයිදෝ... වාහල්කඩින්

සිංඤොරීතා...

මගේ එකම ගැලවුම්කාරී ඔබයි.....
මරීනා....

ක්ෂේමභූමියයි පේන මානයේ
මගේ සිහිනයට ලං වෙනා
නොබැඳී මා හා -
හෘදයෙන් කැටුව යයිදෝ
ස්වර්ග ද්වාරයෙන්

සිංඤොරීතා...

මගේ එකම ගැලවුම්කාරී ඔබයි....
මරීනා....
මමයි වැනීසියේ දිළින්දා..//
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
'සිංඥොරීතා'
" විදේශ රටක පුරවැසිභාවය ලබාගැනීමට උත්සාහ කරන,
දරිද්‍රතාවයෙන් පෙළෙන ලාංකික තරුණයා විඳින අත්දැකීම් පාදක කරගත්
මෙම ගීය රසවිඳ එ් පිළිබඳ ඔබේ අදහස් දක්වන්න..
බෙදාහරින්න.." -අමිත් ලියනගේ

ගායනය - Saman Lenin
රචනය - Rohana Kalum Sirisooriya
සංගීතය - අමිත් ලියනගේ

- වාදනය -
*ගිටාර් - මහින්ද බණ්ඩාර, මිල්ටන් පීරිස්, වජිර ප්‍රනාන්දු
*ඩ්‍රම්ස් - Niresh Perera
*කීබෝඩ් - Vajira Gomes
*වයලින් - Rukshan Gunawardhana Thisara Bandara මදුසංක රත්නායක
*බටනලා - Janaka Bogoda
*තාල වාද්‍ය භාණ්ඩ - සමන් ලෙනින්
*ඔක්ටපෑඩ් - සුජීව දිසානායක

- පටිගත කිරීම -
*දයානන්ද පෙරේරා, මිරාන් තරිඳු

- නාද ශික්ෂණය -
*Sandaru Gamage

- නර්තනය -
*කල්පි ජයරත්න

- කැමරා -
*Supun Hemachandra
*නිලක්ෂි හැලපිටිය

- රූප සංස්කරණය -
*සමන් ලෙනින්
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''