20180619

සුරතාන්තය නම් මිහිරි වේදනාව -( Facebook සංවාදයක්.)


" ශීලය භාවනාව කියන දෙක පෙන්නලා දර්ශණ දාන මේ තක්කඩි උපාසකයොයි අර ගෑණුන්ව ලෝගුවලින් වහන්න දඟලන ගොබ්බ මුස්ලිම් එවුනුයි දෙගොල්ලොම එකම බෝට්ටුවෙ නෙමෙයිද? වැඩියෙන්ම අසහනයෙන් පෙලෙන්නේ එවැන්නන් නොවේද? සිල් අරගෙන මකුණො මරණ සීලවතිලා සහ මාළු බාන කුසල්හාමිලා නොවෙයිද මේ පිරිස? "





මෙහෙණියකගේ රූපශ්‍රීයට සහ කතාවිලාශයට තමන් ආකර්ශණයවීම නිසා ඇගේ දේශණා ඇසීමට තමන් යොමුවී සිටිනබව තුලාවෙ මල්ලි කෙනෙක් කිව්වම, (අ)හිංසක දායක සභා පින්වතුන් කිහිපදෙනෙක් කුපිත වුනා. සමහර උපාසක ඇත්තො ඇහුවා තෝ නංගිත් එක්ක බුදිය ගන්නවද කියලා. තව සමහර උපාසක ඇත්තො ඇහුවා තොගෙ අම්මවත් බඩුවක් වගේ පේනවද කියලා. තව සමහරු ඒ මල්ලිට අසහනකාරයා කාලකන්නියා වගේ දේ කියලා නිග්‍රහ කලා.
ඇත්තටම දැන් ඔය බෞද්ධ උපාසක ඇත්තන්ට ඇගේ රූපයට කතාවිලාශයට ආකර්ශණීය හැඟීම් ඇතිවෙන්නෙම නැද්ද?
එහෙමනම් ඔවුන්ට යම් කායික මානසික හෝ හෝමෝන දුර්වලතාවයක් තිබිය යුතුයි. නැත්තං සෝභන සිල් පෙන්නනන තක්කඩි උපාසකයො වෙන්න ඕනෙ. අර කොල්ලා කිව්වෙ ඈ කෙරෙහි ආකර්ශණයක් ඇතිවෙන බව පමණයි උපාසක ඇත්තො බුදියගැනීම ගැනත් හිතලා බඩුත් මතක් වෙලා.
ඔය ශීලය භාවනාව කියන දෙක පෙන්නලා දර්ශණ දාන මේ තක්කඩි උපාසකයොයි අර ගෑණුන්ව ලෝගුවලින් වහන්න දඟලන ගොබ්බ මුස්ලිම් එවුනුයි දෙගොල්ලොම එකම බෝට්ටුවෙ නෙමෙයිද? වැඩියෙන්ම අසහනයෙන් පෙලෙන්නේ එවැන්නන් නොවේද? සිල් අරගෙන මකුණො මරණ සීලවතිලා සහ මාළු බාන කුසල්හාමිලා නොවෙයිද මේ පිරිස?
ඕනෙම ශීලයකින් භාවනාවකින් සිතුවිලි හා හැඟීම් පහළවීම වළක්වන්න පුලුවන්ද? තරහව දුක ආඩම්බරය ආශාව ආදී වූ හැඟීම් වලින් අපිට ගැලවී ගිහි සමාජයක ගැවසිය හැකිද සිල්ගත්තය භාවනා කලාය කියලා? කලයුත්තේ හෝ හැක්කේ හැඟීම් පහළවීම වැළැක්වීමද නැත්නම් පහළවෙන හැඟීම් තේරුම්ගෙන අනුන්ටත් තමන්ටත් හිරිහැරයක් නොවන ලෙසින් ඒ හැඟීම් කලමනාකරණය කරගැනීමද?
මනසට සිතුවිලි නිදහසේ ගලා ඒම නරක දෙයක්ද? සිතුවිලි බලෙන් මර්දනය කිරීම සුදුසුද?
Athula Siriwardhane
Athula Siriwardhane
ලස්සණ රුවක් දැක්කාම
රාගය ඇති වීම මිනිස් ස්වභාවයක්.

අනාගාමි, රහත් වෙන තුරු
රාගය ඇති වීම සියුම්ව හෝ සිදු වෙනවා.

එන්ජිම ස්ටාර්ට් වීමත්
වාහනය පාරෙ දුවන්න පටන් ගැනීමත්
දෙකක් බව බුදුන් වහන්සේ
පෙන්වා දෙනවා.

එන්ජිම ස්ටාර්ට් වීම...
එහෙම නැත්නම් රාගය ඇතිවීම 
ස්වාභාවිකයි.
එහෙම වෙන්නෙ ඒ සමග කයෙහි නැගෙන
වේදනා අපට ප්‍රිය නිසයි.

ඵස්ස පච්චයා වේදනා...
ප්‍රිය ජනක රුවක් ඇසේ ස්පර්ෂ වුණාම
කයෙහි ප්‍රිය වේදනා ඇති වෙද්දි
මනස උත්තේජනය වෙලා
රාගය කියන සංස්කාරය
කයෙහි ඇති වෙනවා.
මනසේ ප්‍රකට වෙනවා.
හෝමෝන කිව්වත්, සංස්කාර කිව්වත්
කයෙහි යම් වෙනසක් තියනවා.

වේදනා පච්චයා තණ්හා.
ඒ සමගම තණ්හාව ඇති වෙනවා.

තණ්හාව උපාදාන වුණොත්
කාමච්ඡන්ද නීවරණය ඇතිවෙලා
තමන් ඉදිරියෙ ඉන්නෙ සිල්මෑණි කෙනෙක් බව
ඔහුට අමතක වෙනවා.

ස්ත්‍රී දූෂකයෙක් වුණත්
ස්ත්‍රියක් දූෂණය කරන්නෙ
රාගය ඇතිවුණ වෙලාවෙ නොවෙයි.
කාමච්ඡන්දය ඇතිවුණාමයි

ඔහු කාමය විඳින්න සැලසුම් හදන්නෙ.
කාමච්ඡන්ද නීවරණය නිසයි.

එන්ජිම ස්ටාර්ට් වීම...
එහෙම නැත්නම් රාගය ඇති වෙද්දි
වාහනය පාරෙ දුවලා අනතුරු කරගන්නෙ
කාමච්ඡන්ද නීවරණය නිසයි.

මෙහි කියවෙන පාලිතගෙ මල්ලි
මේ කතාව එතනදි කිව්වා නම්
එක එක්කෙනා එක එක විදියට
ප්‍රතිචාර දක්වාවි.
සමහරු අතින් පයින් සංග්‍රහ කරාවි.

එහෙම වෙන්නෙ ඔවුන් තුළ
ද්වේශය ඇති වෙන නිසයි.
මල්ලිට ඇති වුණ රාගය වගේම
අර අයියලාට ඇතිවෙන ද්වේශයත්
ස්වාභාවිකව ඇතිවෙන
වලක්වන්න බැරි දෙයක්..

පාලිතට මේ දෙක දෙකක් වුණාට
සොබා දහමට දෙකම එකයි.
ඒ දෙකට සුදුසු විදියට
මිනිසාව සංස්කරණය කරලා
ඔහු තුළ රාග හෝ ද්වේශ
සංස්කාර ඇති කරලා
ඒ පුද්ගලයාගෙ හිතේ පිරිසිදු කමෙන්
කොටසක් කිළිටි කරලා අඳුරු කරනවා.

කෙලෙස් වලින් හිත අපිරිසිදු වුණාම
ඔහු වයසට යද්දි ඇල්සයිමර්
ඩිමෙන්ෂියා ආදියට ගොදුරු වෙනවා. 
ඔසුවක් තියෙන්නෙ බුදුන් වහන්සේ ළඟයි.
වෙනත් ඔසු වලින් හිත පිරිසිදු වෙන්නෙ නෑ.
Palitha Iddamalgoda
Palitha Iddamalgoda අන්නේකයි මෙත් වඩන, භාවනා කරන බණ අහන සිල් රකින බෞද්ධ උපාසක ඇත්තන්ට ද්වේශය පාලනය කරගන්න බැරිවුනාට අර මලයා රාගය පාලනය කරගෙන නේද?
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔහු රාගය පාලනය කරගත්තා නම්
ඔහු හොඳ බොදුනුවෙක්...

සීලය අගය කළ යුතුයි..

ඔහු රාගය පාලනය කරගන්නෙ
බුදු දහමෙ තියන විදියටයි..
නිරාගමික ක්‍රමයකට නොවෙයි.
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
පාලිත කියන කළමණාකරණය කරගන්න
බුදු දහම තුළ විපස්සනා තියනවා.

විපස්සනා මගින් හැඟීම් පාලනය කරන්නෙ නෑ.
හැඟීම් වලින් අපිව පාලනය නොවී
ඒ හැඟීම් වලින් ඇති කරන පෙළඹවීමට
උපේක්ෂාවෙන් වෙසෙනවා.

ප්‍රිය වේදනාවක් නිසා රාගය ඇති වෙද්දි
ඒ රාගයෙන් මුසපත් වෙලා, තැන නොතැන නොබලා
කාමය විඳින්න සතෙක් වගේ දුවන්නෙ නැතුව
ආවේගය කළමණාකරණය කරගන්න
විපස්සනා මගින් හිත පුහුණු වෙනවා.

විපස්සනා කරන කෙනෙක්
ප්‍රිය වේදනාව කායික මට්ටමෙන් දැකලා
ඒ වේදනාවට උපේක්ෂාවෙන් වෙසෙනව.
රාගය ඇති වුණොත් ඒ රාගයත්
කායික මට්ටමෙන් දකින්න
ආර්ය ශ්‍රාවකයාට පුලුවන්.
ඔහු රාගයෙන් දුක් විඳින්නෙ නෑ.

ඔබේ මල්ලිට ඒ රාගය දුකක්.
ඒ රාගය කාමච්ඡන්දය වෙද්දි
ඔහුට නොගැලපෙන තැනක
නොගැලපෙන කෙනෙකුට කාමය ඇතිවෙලා
ඒ කාමයෙන් ඔහුගෙ සිත ඇවිලුණොත්
ඔහු විඳින්නෙ දුකක්.

දුකෙන් මිදෙන මග විපස්සනා.
Manage
Palitha Iddamalgoda
Palitha Iddamalgoda විපස්සනා නං මතක් කරන්න එපා... විපස්සනා උන්දැලගෙ රෙදි ගැළවිලා තියෙන්නෙ මේ දවස්වල 😉
Manage
Athula Siriwardhane
Athula Siriwardhane
ඔබට පුලුවනි නම්
බුදුන් වහන්සේගෙ රෙද්ද ගලවන්න.

බුදුන් වහන්සේ තමයි
විපස්සනා සාර්ථකත්වයට 
හොඳම උදා හරණය.

සිදුහත් කුමාරයා
බුදුන් වහන්සේ බවට පත් කළේ
විපස්සනා සොයා ගැනීමයි..
Palitha Iddamalgoda
Palitha Iddamalgoda අතුල කොහොමද දන්නෙ බුදුන් විපස්සනා වැඩුවා කියලා??
Manage
LikeShow more reactions
 · Reply · 10h
Athula Siriwardhane
Athula Siriwardhane මම වැරදි නම් ඔප්පු කරල පෙන්වන්න..
Manage
Adyathmika Wickramanayaka Karunarathna
Adyathmika Wickramanayaka Karunarathna මුලුන්ම කරන්න ඔීන හැගීම් පහලවීම පිලිබද ධර්මතාවය අවබෝධ කරගැනීමයි. කෙලෙස් ප්‍රහානය වෙන්නේ තමන්ටත් අනුන්ටත් සිතින් කයින් වචනයෙන් හානියක් නොවනසේ කටයුතු කිරීමයි.....
Athula Siriwardhane
Athula Siriwardhane .
Palitha Iddamalgoda[[[ අන්නේකයි මෙත් වඩන, භාවනා කරන බණ අහන සිල් රකින බෞද්ධ උපාසක ඇත්තන්ට ද්වේශය පාලනය කරගන්න බැරිවුනාට අර මලයා රාගය පාලනය කරගෙන නේද?]]]
.

ඔහු ධර්මය අහන කෙනෙක් විතරක් නොවෙයි.
පිළ්පදින කෙනෙකුත් විය යුතුයි.

ඔහු ඔහුගෙ සිත දැක්කා.
ඒ සිතට ආව රාගය දැක්කා..
ඒ රාගයට උපේක්ෂාවෙන් පසු වුණා.
මේ තමයි විපස්සනා ක්‍රමය..

ඔහු රාගය පාලනය කරගත්තා නම්
ඔහු හොඳ බොදුනුවෙක්...
සීලය අගය කළ යුතුයි..

ඔහු රාගය පාලනය කරගන්නෙ
බුදු දහමෙ තියන විපස්සනා ක්‍රමයටයි..

නිරාගමික ක්‍රමයකට නොවෙයි.
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
නිරාගමිකයන්ට වුණත්
හිත දමනය කරගන්න

අමුතු ක්‍රම නැහැ..

සීල සමාධි ප්‍රඥා ක්‍රමවලින්
හිත දමනය නොකළොත්
ආවේග වලට වහල් වෙලා
ප්‍රශ්න ඇති කරගන්නවා.
නැත්නම් හොරාට දෙවි පිහිට පතනවා.
නැත්නම් මත්පැන් බොනවා.
ඒ එකක්වත් නොකර හිටියොත්
අවසානයේ 
සිය දිවි නසා ගන්නවා.
Manage
Palitha Iddamalgoda
Palitha Iddamalgoda ඔය එක ලබ්බක්වත් නැතුව අපි මේ ඉන්නෙ අතුල කාටවත් මඩ ගහන්නෙ කුනුහරුප කියන්නෙ නින්දා කරන්නෙ නැතුව..... ගෑණු දූෂණය කරන්න යන්නෙත් නැතුව. ආගමිකයින්ට ඔය ඔක්කොම කරලත් චාටර්නෙ ගොඩක් වෙලාවට. දැන් අර බලන්නකො අවුරුදු ගාණක් විපස්සනා වඩපු උපාසකම්මා කෙනෙක් කැලෑපත්තර ගහපු හැටි.... නිරාගමික අපි ඔයා චාටර් වැඩකරන්නෙ නෑනෙ 🙂
Manage
Athula Siriwardhane
Athula Siriwardhane
බුදු දහමෙ කියවෙන
එක ලබ්බක් හෝ තියනවා නම්

ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.

ඔබ ළඟ සීලය තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.

ඔබ ළඟ සමාධිය තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.

ඔබ ළඟ ප්‍රඥාව තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.
Manage
Athula Siriwardhane
Athula Siriwardhane
ඔබ සතුන් මරන්නෙක් නම්
හොරෙක්, සල්ලාලයෙක් නම්

බොරුකාර වංචාකාරයෙක් නම්
මත්පැන් ලෝලියෙක් නම්
ඔබ බුදු දහමට විරුද්ධව
ඔබේම ක්‍රමයකට ඉන්න කෙනෙක්..
Manage
Palitha Iddamalgoda
Palitha Iddamalgoda එතකොට කිතුනු දහමෙ තියෙනවා අනෙකාට ප්‍රේම කරන්න කියලා.... අතුල එහෙම කරනවනං අතුල ජීවත්වෙන්නෙ කිතුනුදහමට අනුවද?

ඔය කොයි දහමෙනුත් කියන්නෙ මිනිසුන්ට යහපත් ලෙස ජීවත්වෙන්න දේවලුයි.... ඒවා ඒ දහම්වලට අයිති දේවල් නෙමෙයි. ඒවා ලෝකෙ පවතින ස්වභාවයන්. මට අතුලගෙ ජාතකේ නොසොයා ඉන්න ඔය එක එක දහම් ඕනෙ නෑ.... පොඩි මනුස්සකමක් තිබුණම ඇති 🙂
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔබට ඕන වුණත් නැති වුණත්
ඔබ ජීවත් වන්නෙ ආගම දහමට අනුව නම්

ලෝකයා ඔබ දකින්නෙ ආගමිකයෙක් කියලයි.
ඔබ ආගමිකයෙක් කියා ගත්තත්
ඔබ සතුන් මරන්නෙක් නම්
හොරෙක්, සල්ලාලයෙක් නම්
බොරුකාර වංචාකාරයෙක් නම්
මත්පැන් ලෝලියෙක් නම්
මිනිස්සු ඔබ දකින්නෙ දහමට විරුද්ධව
ඔබේම ක්‍රමයකට ඉන්න නිරාගමිකයෙක් විදියටයි.
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
Palitha Iddamalgoda[[[ ඔය එක ලබ්බක්වත් නැතුව අපි මේ ඉන්නෙ අතුල කාටවත් මඩ ගහන්නෙ කුනුහරුප කියන්නෙ නින්දා කරන්නෙ නැතුව..... ගෑණු දූෂණය කරන්න යන්නෙත් නැතුව. ආගමිකයින්ට ඔය ඔක්කොම කරලත් චාටර්නෙ ගොඩක් වෙලාවට. දැන් අර බලන්නකො අවුරුදු ගාණක් විපස්සනා වඩපු උපා
සකම්මා කෙනෙක් කැලෑපත්තර ගහපු හැටි.... නිරාගමික අපි ඔයා චාටර් වැඩකරන්නෙ නෑනෙ 🙂]]]]]

.ඔබ සතුන් මරන්නෙක් නම්
හොරෙක්, සල්ලාලයෙක් නම්
බොරුකාර වංචාකාරයෙක් නම්
මත්පැන් ලෝලියෙක් නම්
ඔබ බුදු දහමට විරුද්ධව
ඔබේම ක්‍රමයකට ඉන්න කෙනෙක්..

බුදු දහමෙ කියවෙන
එක ලබ්බක් හෝ තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.

ඔබ ළඟ සීලය තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.

ඔබ ළඟ සමාධිය තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.

ඔබ ළඟ ප්‍රඥාව තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.
Manage
Palitha Iddamalgoda
Palitha Iddamalgoda එතකොට කිතුනු දහමෙ තියෙනවා අනෙකාට ප්‍රේම කරන්න කියලා.... අතුල එහෙම කරනවනං අතුල ජීවත්වෙන්නෙ කිතුනුදහමට අනුවද?

ඔය කොයි දහමෙනුත් කියන්නෙ මිනිසුන්ට යහපත් ලෙස ජීවත්වෙන්න දේවලුයි.... ඒවා ඒ දහම්වලට අයිති දේවල් නෙමෙයි. ඒවා ලෝකෙ පවතින ස්වභාවයන්. මට අතුලගෙ ජාතකේ නොසොයා ඉන්න ඔය එක එක දහම් ඕනෙ නෑ.... පොඩි මනුස්සකමක් තිබුණම ඇති 🙂
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔබට ඕන වුණත් නැති වුණත්
ඔබ ජීවත් වන්නෙ ආගම දහමට අනුව නම්

ලෝකයා ඔබ දකින්නෙ ආගමිකයෙක් කියලයි.
ඔබ ආගමිකයෙක් කියා ගත්තත්
ඔබ සතුන් මරන්නෙක් නම්
හොරෙක්, සල්ලාලයෙක් නම්
බොරුකාර වංචාකාරයෙක් නම්
මත්පැන් ලෝලියෙක් නම්
මිනිස්සු ඔබ දකින්නෙ දහමට විරුද්ධව
ඔබේම ක්‍රමයකට ඉන්න නිරාගමිකයෙක් විදියටයි.
Manage
Palitha Iddamalgoda
Palitha Iddamalgoda එක එක දහම්වලට මං ජීවත්වෙන විදිහ සසඳන්න ඕනෙ කෙනෙකුට පුලුවන්.... ඒත ඔය කොයි දහමෙනුත් මට හොඳයි කියලා හිතෙන දේ ගන්නවා.... වැරදියි කියලා හිතෙන දේ කුණුකූඩෙටම අතාරිනවා.
Manage
Athula Siriwardhane
Athula Siriwardhane එහෙම කළාට පස්සෙ
සීලය සමාධිය ප්‍රඥාව ඔබ ළඟ ඉතුරු වුණොත්
ඔබ හොඳ බෞද්ධයෙක්..
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔබ ළඟ සීලය තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.


ඔබ ළඟ සමාධිය තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි.

ඔබ ළඟ ප්‍රඥාව තියනවා නම්
ඔබ ජීවත්වෙන්නෙ බුදු දහමට අනුවයි
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
ඔබ සතුන් මරන්නෙක් නම්
හොරෙක්, සල්ලාලයෙක් නම්

බොරුකාර වංචාකාරයෙක් නම්
මත්පැන් ලෝලියෙක් නම්
මිනිස්සු දකින්නෙ දහමට විරුද්ධව
ඔබේම ක්‍රමයකට ඉන්න නිරාගමිකයෙක්
Manage
Palitha Iddamalgoda
Palitha Iddamalgoda ඔව් මං මත්පැන් බොනවා... සතුන් නම් මරන්නෙ නෑ.... හොරකම් කරන්නෙත් නෑ.... ෂොට් එකක් දෙකක් දානවා ඉතින්.... සල්ලාලද නම් මන්දා හැබැයි 😉
Athula Siriwardhane
Athula Siriwardhane බිරිඳ හැර වෙනත් ස්ත්‍රීන්ගෙන්
කම් සුවය සොයනවා නම් ඔබ සල්ලාලයෙක්..
Manage
Palitha Iddamalgoda
Palitha Iddamalgoda හොයන්නෙ නෑ අතුල..... 😉
Manage
Athula Siriwardhane
Athula Siriwardhane ආවොත් බැහැ කියන්නෙ නැද්ද? :D
එහෙම වුණත්
ඔබ වහලෙක් වෙන්නෙ රාගයට...

කාමච්ඡන්දයට..
ඔබ සොයන්නෙ මිහිරි වේදනාවක්...
Palitha Iddamalgoda
Palitha Iddamalgoda එහෙනං ඒ එන අයට මං පහදල දෙන්නං ඒක මිහිරි වේදනාවක්.... ඔයගොල්ලො ඒ මිහිරි වේදනාව විඳින්න කැමතිනං විතරක් එන්න.... මට නං ඔය වේදනාවල් හොඳට හුරුයි කියලා 😉
Manage
Athula Siriwardhane
Athula Siriwardhane .
\\\\ ඔයගොල්ලො ඒ මිහිරි වේදනාව විඳින්න කැමතිනං විතරක් එන්න.... ///

ඔබත් ඇයත් ඒ මිහිරි වේදනාව විඳිද්දි
ඔබත් ඇයත් අතර ගොඩ නැගෙන 
අසම්මත බැඳීම සමාජගත වුණාට පස්සෙ
ඇයට සම්බන්ධ ඇගේ ස්වාමි පුරුෂයා
ඇගේ දරුදැරියන්, නෑසියන්, හිත මිතුරන්
ඔබේ බිරිඳ සහ දරුවන් ආදීන් විඳින
දිගුකාලීන දුක් වේදනා, ප්‍රශ්නවලට
ඔබේ හිත ආවරණය කරන්න
කාමච්ඡන්ද නීවරණයට පුලුවන්.

නිරාගමික බව තුළ තියන මෝහයෙන්
ඇස් වැසුණ නිරාගමික අන්ධ භාවය 
ලෝකයට ප්‍රශ්න ඇති කරන්නෙ
ඔන්න ඔය විදියටයි.
ඔබට ඒ ප්‍රශ්න නොදැනුණා කියල
ඒ ප්‍රශ්න නැති වෙන්නෙ නෑ..

මොහොතක මිහිරි වේදනාවකට
නොසැලකිල්ලෙන් උගස් කිරීම නිසා
මරුවාට සින්න වෙන ජීවිත වලට
නිරාගමික මෝහය වගකිව යුතුයි.

"සිහිය පිහිටුවා ගන්න" කියල
බුදුන් වහන්සේ විපස්සනා දුන්නෙ
මේ ප්‍රශ්නය මුලින්ම බිඳින්නයි.
අපි මේ ජීවිතේ උදේ ඉඳලා
රෑ නිදාගන්නතුරු ගත කරන්නෙ
මිහිරි වේදනා සොයමින් සහ
අමිහිරි වේදනාවලින් පළායමින් බව
තමන්ටම තේරෙන විදියට
බුදුන් වහන්සේ විපස්සනා වඩන්නා
මොහොතෙන් මොහොතට පුහුණු කරනවා.

හිතේ සංවේදී කම නැති නිසා, 
තමන්ගෙ සිත කය ගැන සිහිය නැති නිසා,
ලෝකය පුරා නිනව්වක් නැතුව
ඉවක් බවක් නැතුව හොයාගෙන යන
මිහිරි වේදනා බහුතරයක් විඳින්න
තමන්ගෙ පුංචි පවුල ප්‍රමාණවත් බව
සිහිය සහ උපේක්ෂාව දියුණු කීරීමෙන්ම
වටහා දෙන්න බුදුන් වහන්සේට පුලුවන්.

විපස්සනා මාර්ගයට පිවිසෙන කෙනෙක්
සීලයෙහි පිහිටන්නෙ වෑයමෙන් නොවෙයි.
සීලය කියන්නෙ විපස්සනාවෙ අතුරු ඵලයක්.
සමාධිය අතුරු ඵලයක්.
ඒ දෙකම විපස්සනා අරමුණ නොවෙයි.
විපස්සනා අරමුණ මේ කියන ප්‍රඥාවයි.

ඔබ මිහිරි වේදනාවක් එක පැත්තකට දාල
තුලාව සමබර කරන ප්‍රශ්න සංඛ්‍යාව එක්ක
මිහිරි වේදනාව දකින්න පහළ වෙන
ප්‍රඥාවයි විපස්සනාවෙ අවසාන ඵලය.

අතපත ගාගෙන පාර හොයන අන්ධයෙකුට
බුදුන් වහන්සේ පාර කියන්නෙ ටික දුරයි.
බුදුන් වහන්සේ මුළු ජීවිතේම ගත කළේ
අන්ධයාගේ ඇස් පාදන විපස්සනා ක්‍රමය
අන්ධයාට ලබා දෙන්නයි.
ඇස් පෑදුණාම බුදුන් වහන්සේ කියන පාරෙ
නිවැරදිව ගමන් කරන්න ඔහුටම පුලුවන්.

පොඩි මිහිරි වේදනාවක් වෙනුවෙන්
තමන්ගේ ජීවිතයත් අඳුරු කරගෙන
තමන් වටා ඉන්න අයගෙ ජීවිතත්
තමන් නිසා හැමදාටම අඳුරු වෙන්න 
ඇස් පෑදෙන අන්ධයා ඉඩ තියන්නෙ නෑ.

ඔබ ඒ මිහිරි වේදනාව වෙනුවෙන්
හොර පාරෙන් ගිහින් ගෙවන මිලට
ඒ මිහිරි වේදනාව වටින්නෙ නෑ.

ඒ වේදනාව විඳල ඉවර වුණාම
ඔබට ඉතුරු වෙන්නෙ ප්‍රශ්න ටික විතරයි.
තව වරක් ඒ මිහිරි වේදනාව විඳින්න
ආයෙමත් මුල ඉඳලා ඇමක් අමුණන්න වෙනවා.
උගුල් අටවන්න වෙනවා. වියදම් කරන්න වෙනවා.
මේ ඇත්ත තේරුම් ගන්න සිහිය දියුණු නොකර
වෙනත් මාර්ගයක් මේ ලෝකෙ නෑ.

මම මේ කියන දෙයින් ඔබේ ඇස් පෑදෙන්නෙ නෑ.
ඒ ටික කරන්න බුදුන් වහන්සේ අවශ්‍යයි.
විපස්සනා අවශ්‍යයි..

ධර්මය කියන්නෙ ජීවත් වෙන්න තියන
පහසුම සහ ප්‍රශ්න අඩුම ක්‍රමයයි.
Manage