20140810

යාපනය පුස්තකාලයට ගිනි තියලා


අපි මෙයා මරලා වැඩේ පටන් ගන්නවා.


යාපනය පුස්තකාලයට ගිනි තිබ්බට පස්සේ
යාපනයේ හිටපු කතෝලික පියනමක්, ෆාදර් ඩේවිඩ්,
ෆාදර් ඩේවිඩ් තමන්ගේ ජනේලයෙන් දකිනවා
බුර බුරා නැගෙන ගිනි දළු වගයකින්
අහස රතු පාට වෙලා තියෙනවා.

ඒ පියතුමා කෝල් එකක් දාල අහනවා,
මොකද ඒ, රතු පාටට ??
‘මොකක්ද ගිනි ගන්නේ යාපනේ’ කියලා.
ඊට එතුමාගේ මිතුරෙක් උත්තර දෙනවා.
‘ස්වාමී, යාපනය පුස්තකාලයට ගිනි තියලා’ කියලා.
ඒ පිළිතුර ටෙලිෆෝනයෙන් අහගෙන
ඒ පියතුමා එතැනම වාඩි උණා.
ඒ වාඩි උනේ එතැනම මැරිලා.


ඔබ කවුරුත් නොදන්නවා ඇති,
යාපනය පුස්තකාලයට ගිනි තිබ්බට පස්සේ
මේ රටේ මැරුණේ එක මිනිහයි,
ඒ මිනිහා කතෝලිකයෙක්.
ඒ මිනිහා කතෝලික පියනමක්.

අපිත් දිනමිණ පත්තරේ  ඕක දැක්කා.
අපි කවුරුත් මළේ නැහැ.
ඒ තමයි මේ රටේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම මිනිසා.
දෙමළෙක්. කතෝලිකයෙක්. පූජකයෙක්.

මම  හිතන්නේ
මනුස්සයෙක් ඒ පණිවුඩය දීපු මොහොතේ
මැරිලා වැටුණේ එකම මිනිහයි.
ඒ ෆාදර් ඩේවිඩ්.
එක්කෝටි පනස් ලක්ෂයක් ඉන්න රටක
එක මිනිහෙක් මළා.

ඊළගට ඒ සිද්ධිය දැන ගත්ත මොහොතේ
යාපනයේ හිටපු මහාචාර්ය එම්.එස්. නුහුමාන් -
මුස්ලිම් ජාතික මහාචාර්යතුමා,
කවි පංතියක් ලිව්වා.
ඒ කවි පංතිය දෙමළෙන් ලිව්වේ.
ඒක ඉංග‍්‍රීසියට පරිවර්තනය වුණා.
ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා
නිලාර් එන් කාසිම් හා පුෂ්පා රම්ලානි.
ඒ කවි පංතියේ හෙඩිම - ‘බුදුන් ඝාතනය කිරීම ’.
මේ කවි පංතියේ තියෙන්නෙ මොකක්ද?

ජන ඝාතකයා එනවා අඳුරේ ඉඳලා එළියට.
ඇවිල්ලා දුමාරය නඟිනවා.
ජනඝාතකයා අහනවා නා`දුනන තුවක්කුකරුවන්ගෙන්
‘කවුද උඹලට මෙයාට වෙඩි තියන්න කිවුවෙ’ කියලා.
ඒ ජන ඝාතකයා ‘මෙයා’ කියල කියන්නේ බුදුන් වහන්සේට.
බුදුන් වහන්සේට වෙඩි තියලා
පඩි පේළියක් පාමුල දාල තියෙනවා.

මතක තියාගන්න
මේක ලීවේ මුස්ලිම් මහාචාර්යවරයෙක්.
පඩි පෙළිය පාමුල දාල තියෙන්නේ
බුදුන් වහන්සේගේ දේශය.
අර ජන ඝාතකයා අ`දුරින් මතු වෙලා අහනවා -
කවුද මෙයාට වෙඩි තියන්න කිව්වෙ?

නාඳුනන තුවක්කුකරුවෝ බලාගෙන ඉන්නව භ‍්‍රාන්ත වෙලා.
උඹලට දීපු ලැයිස්තුවේ මෙයාගෙ නම තිබුණෙ නැහැ නේද?
බුදුන් වහන්සේගේ නම තිබුණෙ නැහැ
ඝාතනය කළ යුතු ලැයිස්තුවේ.

එතකොට නාඳුනන තුවක්කුකරුවෝ කියනවා,
‘‘මෙයාව ඝාතනය නොකොට
අපිට කුරා කූඹියෙක්වත් මරන්න බැහැ.
මෙයා තමයි අවිහිංසාවාදය දේශනා කළේ අපට.
ඒ හින්ද අපි මෙයා මරලා වැඩේ පටන් ගන්නවා.’’

=======================================================
 ධර්මසිරි බණ්ඩාරණායක 
‘සිංහල දෙමළ මුස්ලිම් අපි මිනිස්සු’ මැයෙන්
‘සම අයිතිය ව්‍යාපාරය’ විසින්
කොළඹ මහජන පුස්තකාලයේදී සංවිධානය කළ
සම්මන්ත‍්‍රණය අමතා කළ දේශනය...





 

ජාතිවාදය ආගම්වාදය මේ උන්මත්තකවාදය කොහොමද ඇති උනේ කියන ඉතිහාසය අපි හැදෑරිය යුතුයි. 1983 කළු ජූලිය ඇති වෙන කොටත්, ඒ කලු ජූලියෙන් පසුත්, නිර්මාණකරුවෙක් වශයෙන් නිර්මාණ හරහා ජනතාව ඇමතීමට අපි දරපු වෙහෙසත් ඒ වෙහෙස නිසා අපිට එල්ල වූ දැවැන්ත චෝදනාත් අපි මේ මොහොතේ අමතක කරන්නේ නැහැ. මේ කථා කරන මම ගැන බොහෝ පුවත් පත් වල ස`දහන් වුණේ පසුගිය කාලයේ කොටි හිතවාදයෙක් කියලා. ඊළාම් වාදයට සහයෝගය දක්වන නිර්මාණකරුවෙක් විදිහටයි මාව හ`දුන්වලා තිබෙන්නේ සිංහල සමාජය ඇතුළේ. ඒ වගේම මතක් කළ යුතුයි දෙමළ සමාජයේ කිසිම තැනක අපිට ඒ පාහර අවලාදය ගොඩනඟලා නැහැ. යුද්ධය පවතින කාලයේ යාපනය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව වගේ ප‍්‍රදේශ වලට ගිහිල්ලා අපගේ නාට්‍යය සිංහල භාෂාවෙන් ර`ග දැක්වූවා. අපි ඒ නිර්මාණ මෙහෙ සිංහලෙන් නිර්මාණය කරලා ඒවා රඟදක්වන කොට අපෙන් ඇහුවා ‘තමුසෙලා ඇයි මේවා මෙහෙ පෙන්වන්නෙ? ඇයි මේවා යාපනයේ පෙන්වන්න බැරි?’ කියලා. අපි යාපනෙත් පෙන්නුවා. යාපනේ පෙන්නපු ඒ කිසිම අවස්ථාවක කිසිම මනුස්සයෙක් අපට ගහන්න කොසු ඉදල් අරගෙන ආවෙ නැහැ. අපි දැක්කා ටෙලිවිෂන් යන්ත‍්‍ර වලින් ඒ එන ප‍්‍රවාහය කෙබ`දුද කියලා. අද දවසෙත් සිංහල කලාකරුවො විදිහට ඒ ගෞරවය අපි අතලොස්සක් දිනාගෙන තිබෙනවා යාපනය ඇතුළේ. මේ මෑත දක්වාම අපි අපේ නිර්මාණ ගිහිල්ලා යාපනයේ ර`ග දක්වලා තිබෙනවා. ඒ විවිධ බාධක මැද්දේ. සමහර නිර්මාණ රඟ දක්වද්දී යාපනයට ලයිට් නැහැ. විදුලි සැපයුම ක‍්‍රියා විරහිත කරලා. කෙසේ නමුත් අපේ සහෝදරාත්මක සහයෝගය ගොඩනැගිම ස`දහා ලාංකේය භූමිය තුළ අපි විශාල වැඩ කොටසක් කළා. ඒ බව ඉතිහාසය සපථ කොට සිටිනවා ඇති.

ඊයේ පෙරේදා මේ මුස්ලිම් ආරවුල, අරගලය ඇති වෙන කොට අපිට ලොකු බයක් ඇති වුණා. මොකද තිස් අවුරුදු යුද්ධයක් අන්තිමේදී ජයග‍්‍රහණය කළා. ඒක විජයග‍්‍රහණයක් ලෙස කෙළවර උණා. කිසිවෙක් යුද්ධය දිනුවේ නැහැ. අපිට ඒක බය නැතිව කියන්න පුලුවන්. කිසිම කෙනෙක් මේ යුද්ධයෙන් දිනුවේ නැහැ. මම ඒක කියන්නේ සිංහල ජාතියේ මිනිහෙක් විදිහට නෙමෙයි කලාකරුවෙක් විදිහට. මා විසින් නිර්මාණය කළ ට්‍රෝජන් කාන්තාවෝ නමැති නාට්‍යය අපි 1999 දී ර`ග දැක්වූවා. එතකොට ප‍්‍රධාන පෙලේ සිංහල පුවත්පත් අපෙන් ඇහුව ප‍්‍රශ්නය තමයි ‘තමුසෙලා මොකටද යුද විරෝධී නාට්‍ය මෙහෙ පෙන්වන්නේ’ කියලා. මුළු ලෝකය පුරාම ඒ වගේ විශිෂ්ට නිර්මාණ විශ්වවිද්‍යාල වල ර`ග දක්වන යුගයක තමයි අපි ඒ නිර්මාණය අතට ගත්තේ. එතකොට මෙහි තිබෙන ඇතැම් දේශපාලන කණ්ඩායම් අපට කීවේ කොටි හිතවාදීන් කියලා. කොටින්ට සහයෝගය දක්වනවා කියලා. මේ මහ පොළොවේ එක මිනිහෙක්ගෙ හරි ලේ හෙලවෙනවා නම්, සිංහල හරි දෙමළ හරි මුස්ලිම් හරි, එක මිනිහෙක්ගේ හරි ලේ හෙලවෙනව නම් ඒක නැවැත්වීමේ උදාර කර්තව්‍යයට අත දිය යුත්තේ මේ රටේ ජීවත් වන කලාකරුවෝ. නමුත් කලාකරුවෝ යුද්ධයට ගීත ගැයුවා. යුද්ධය ආශ්චර්යයක් බවට පත්කරගත්තා. යුද්ධය හම්බ කරන මාධ්‍යයක් බවට පත්කරගත්තා. ඉතින් මේ වගේ අතීතයක් ඇතුළේ තමයි අපි මේ වර්තමානය ගොඩනගලා තිබෙන්නේ.

කෙසේ නමුත් මෙතැන ඉන්න සිංහල ජනයාට මම එක් පණිවුඩයක් ලබා දෙන්න කැමතියි. පොඞ්ඩක් අපි ආපස්සට යමු. මේ යුද්ධය පැවතුණු කාලය නෙමෙයි. කිසියම් මැතිවරණයක් දියත් කරන අතරතුර යාපනය පුස්තකාලයට ගිනි තැබුවා. පුස්තකාලයකට ගිනි තිබ්බා නම් ඒ ම්ලේච්ඡු ජාතියක්. පොත් අනූදාහක් ඒ පුස්තකාලයේ තිබුණා. අද මේ ඉන්න බොහෝ මිනිස්සුන්ට මේවා මතක නැහැ. බණ්ඩාරනායක මහත්තයාට වෙඩි තිබ්බා. තල්¥වේ සෝමාරාම සහ බුද්ධරක්ඛිත. එල්ලුම් ගහට නියම වුණා. චීවරය පිටින් ඒ නඩුව ඇහුවේ. මේ ඉතිහාසය කවුරුත් දන්නෙ නැහැ. එතකොට ඒ භික්ෂූන් වහන්සේලා. අපි භික්ෂූන් වහන්සේලාට ගෞරව කරනවා. ඒත් යුගයේ අපිට මතකයි. බස් එකක් නතර කරන්නෙ නැහැ. ඉස්සරහ ආසනය දෙන්නෙ නැහැ. කවුද හාමුදුරුවනේ නොදුන්නේ? නොදුන්නේ සිංහල මිනිස්සු. බණ්ඩාරනායක මහත්තයාට කිව්වේ මහජන ආණ්ඩුව බිහි කළා කියලා. නමුත් ඒ මහජන ආණ්ඩුවේ ඇති වෙච්ච විපාක ඵලය අවුරුදු තිහක යුද්ධයක් දක්වා දිව ගියා. යාපනය පුස්තකාලයට ගිනි තිබ්බට පස්සේ යාපනයේ හිටපු කතෝලික පියනමක්, ෆාදර් ඩේවිඩ්, ෆාදර් ඩේවිඩ් තමන්ගේ ජනේලයෙන් දකිනවා බුර බුරා නැඑඟෙන ගිනි දැන් වගයකින් අහස රතු පාට වෙලා තියෙනවා.

ඒ පියතුමා කෝල් එකක් දාල අහනවා, මොකද ඒ, රතු පාටට ‘මොකක්ද ගිනි ගන්නේ යාපනේ’ කියලා. ඊට එතුමාගේ මිතුරෙක් උත්තර දෙනවා. ‘ස්වාමී, යාපනය පුස්තකාලයට ගිනි තියලා’ කියලා. ඒ පිළිතුර ටෙලිෆෝනයෙන් අහගෙන ඒ පියතුමා එතැනම වාඩි උණා. ඒ වාඩි උනේ එතැනම මැරිලා. ඔබ කවුරුත් නොදන්නවා ඇති, යාපනය පුස්තකාලයට ගිනි තිබ්බට පස්සේ මේ රටේ මැරුණේ එක මිනිහයි, ඒ මිනිහා කතෝලිකයෙක්. ඒ මිනිහා කතෝලික පියනමක්. අපිත් දිනමිණ පත්තරේ  ඕක දැක්කා. අපි කවුරුත් මළේ නැහැ. ඒ තමයි මේ රටේ බිහි වෙච්ච ශ්‍රේෂ්ඨතම මිනිසා. දෙමළෙක්. කතෝලිකයෙක්. පූජකයෙක්. මම  හිතන්නේ මනුස්සයෙක් ඒ පණිවුඩය දීපු මොහොතේ මැරිලා වැටුණේ එකම මිනිහයි. ඒ ෆාදර් ඬේවිඞ්. එක්කෝටි පනස් ලක්ෂයක් ඉන්න රටක එක මිනිහෙක් මළා.

ඊළගට ඒ සිද්ධිය දැන ගත්ත මොහොතේ යාපනයේ හිටපු මහාචාර්ය එම්.එස්. නුහුමාන් - මුස්ලිම් ජාතික මහාචාර්යතුමා, කවි පංතියක් ලිව්වා. ඒ කවි පංතිය දෙමළෙන් ලිව්වේ. ඒක ඉංග‍්‍රීසියට පරිවර්තනය වුණා. ඒක සිංහලට පරිවර්තනය කරලා තියෙනවා නිලාර් එන් කාසිම් හා පුෂ්පා රම්ලානි. ඒ කවි පංතියේ හෙඩිම - ‘බුදුන් ඝාතනය කිරීම ’. මේ කවි පංතියේ තියෙන්නෙ මොකක්ද? ජන ඝාතකයා එනවා අ`දුරේ ඉ`දලා එළියට. ඇවිල්ලා දුමාරය නඟිනවා. ජනඝාතකයා අහනවා නා`දුනන තුවක්කුකරුවන්ගෙන් ‘කවුද උඹලට මෙයාට වෙඩි තියන්න කිවුවෙ’ කියලා. ඒ ජන ඝාතකයා ‘මෙයා’ කියල කියන්නේ බුදුන් වහන්සේ. බුදුන් වහන්සේට වෙඩි තියලා පඩි පේළියක් පාමුල දාල තියෙනවා. මතක තියාගන්න මේක ලීවේ මුස්ලිම් මහාචාර්යවරයෙක්. පඩි පෙළිය පාමුල දාල තියෙන්නේ බුදුන් වහන්සේගේ දේශය. අර ජන ඝාතකයා අ`දුරින් මතු වෙලා අහනවා - කවුද මෙයාට වෙඩි තියන්න කිව්වෙ? නා`දුනන තුවක්කුකරුවෝ බලාගෙන ඉන්නව භ‍්‍රාන්ත වෙලා. උඹලට දීපු ලැයිස්තුවේ මෙයාගෙ නම තිබුණෙ නැහැ නේද? බුදුන් වහනසේගේ නම තිබුණෙ නැහැ ඝාතනය කළ යුතු ලැයිස්තුවේ. එතකොට නා`දුනන තුවක්කුකරුවෝ කියනවා, ‘‘මෙයාව ඝාතනය නොකොට අපිට කුරා කූඹියෙක්වත් මරන්න බැහැ. මෙයා තමයි අවිහිංසාවාදය දේශනා කළේ අපට. ඒ හින්ද අපි මෙයා මරලා වැඬේ පටන් ගන්නවා.’’ අමතක කරන්න එපා අද දක්වා මේ නැෙඟන ගිනිදැල්, යාපනය පුස්තකාලය ගිනි තබපු වෙලාවේ නැඟුණු ගිනි දැල් තමා මේ තාම එන්නේ. තුවක්කුකාරයෝ මේ කථාව කීවාම අර ජන ඝාතකයා කියනවා ඉක්මනින් කාටවත් පේන්නේ නැති වෙන්න මේ මළසිරුර ගිනි තියලා දාන්න කියලා. එතකොට තුවක්කුකරුවෝ නඟිනවා පඩි පේළිය. නැඟලා අනූදාහක් පොත් උස්සගෙන ඇවිල්ලා බුදුන් වහන්සේගේ දේහය උඩට දාල ගිනි තියනවා. ඒ ගිනි දලු අතරින් මහාචාර්යතුමා ලියනවා ධම්මපදය ගිනි ගන්නවා කියලා. මේ රටේ යාපනය පුස්තකාලය ගිනි තිබ්බට පස්සේ අපිට එක සින්දුවක් ඇහුන් නැහැ ඒ ගැන. නඬේෂන්  කොටි පොලිස්පති බැන්ද ඒ සිංහල කාන්තාව ගැන සිංදුවක් ලියැවිලා තියෙනවා සිංහල සිංදු කියන කිරිල්ලී කියලා. මේ තමයි අපේ සිංහල ජාතිය. අර යාපනේ පුස්තකාලෙ ගිනි දලු අතරින් ධම්මපදය ගිනි ගත්තා . ඒ තමයි මුස්ලිම් මහාචාර්යවරයා අර කවි පංතිය ඉවර කරපු අවසාන වගන්තිය. අපි ඊට පස්සෙ කිසිම කවියක් අහලා නැහැ. බුදු හාමුදුරුවන්ගේ ධර්මස්කන්ධයේ තියෙන්නේ අසූහාරදාහයි. යාපනය පුස්තකාලයේ පොත් අනූදාහක් තිබුණා.

යුද්ධය තිබුණු කාලයේ එක්තරා දවසක මම යාපනේ ගියා. යාපනේ ගිහින් යාපනය පුස්තකාලය ඉස්සරහා හිටගෙන ඉන්නකොට මනුස්සයෙක් ආවා බයිසිකල් එකක් පැදගෙන. මම පුස්තකාලය ඉස්සරහ හිටගෙන හිටියේ අත්දෙක බැ`දගෙන මගේ යාළුවෙක් එනකල්. බයිසිකල් එකෙන් බැස්ස මනුස්සයා මගෙන් ඇහුවා කොළඹ ඉ`දලද ආවේ කියලා. සිංහලෙන් ඇහුවෙ. මම කිව්වා ඔව් කොහොමද අ`දුන ගත්තෙ කියල. හිටගෙන ඉන්න විදිහෙන් කිව්වා. මම ඇහුවා කොහොමද හිටගෙන ඉන්න විදිහෙන් සිංහල ද දෙමළ ද කියලා හ`දුනාගන්නේ කියලා. නැහැ ඔය හිටගෙන ඉන්නේ ආමිකාරයෙක් වගේ කීවා. යාපනයේ ආමිකාරයෝ හිටගෙන ඉන්නෙ ඔය විදිහට. ඒ නිසා මම හිතුවා ඔයා ආමිකාරයෙක් කොළඹින් ආව කෙනෙක් කියලා කීවා. බලද්දී ඒ පුස්තකාලයේ පුස්තකායාධිපති. ඔහු කීවා එන්න පොඞ්ඩක් පුස්තකාලය ඇතුළට යන්න, අපේ පුස්තකාලය දැකල තියෙනවද කියල ඇහුවා. මම කීවා නැහැ මම දැකලා නැහැ යාපනය විශ්වවිද්‍යාලයට ආවට කියලා. ඊට පස්සෙ එතුමා මාව එක්කගෙන ගිහිල්ලා සිංහල පොත් තිබෙන පොත් රාක්ක පෙන්නුවා. ඒකෙ ගුණදාස අමරසේකර හිටියා. ඒකෙ මාර්ටින් වික‍්‍රමසිංහගෙ පොත් තියෙනවා. මහාචාර්ය සරච්චන්ද්‍රගෙ පොත් තියෙනවා. මේ ඔක්කොම පොත් දූවිලි මැද්දේ ඒ විදිහට තියෙන කොට මේ මනුස්සයා මට කියනවා, අපේ පුස්තකාලය ගිනි තියලා, ගිනි දලු අහසට නඟිනකොට, අපි මේ පොත් ටික බේරගත්තා කියලා. ශ්‍රේෂ්ඨ ජාතියක ලක්ෂණ. ජාතියක් ශ්‍රේෂ්ඨ වෙන්නෙ අන්න ඒ පදනමින්. එච්චරයි අපිට කියන්න තියෙන්නෙ. මේ ශ්‍රේෂ්ඨත්වය කොහොමද ජාතියකට ආදේශ කරන්නෙ. අපි ජාතියක් පිළිගන්නෙ නැහැ. කලාව තමයි මගේ ආගම. ආගම අද ඒව උගන්වන්නේ නැහැ. පිංවත කියන කටින් තෝ, යකෝ, පරයා කියල කියනකොට ඒ කටින් කොහොමද මේ වචන පිටවෙන්නෙ කියල ප‍්‍රශ්නයක් අපිට එනවා. මහාචාර්යවරු කල්පනා කරනවා සිංහල භාෂාව බේරගන්න. සිංහල භාෂාව බේරගන්න බැහැ. සිංහල භාෂාව නෙමෙයි බේරගන්න තියෙන්නෙ දැන්. සිංහල ජනයා හිතන පතන විදිහ, මේ හිතන පතන විදිහ අනුව දැවැන්ත විනාශයක් කරා ගමන් කිරීම නතර කිරීම ස`දහා සම අයිතිය ව්‍යාපාරය කරනු ලබන මේ කටයුත්ත මා අගය කරනවා. මේ වේදිකාවේ පෙරේදා හෝ පළමුදා රැුස්වීමක් තිබුණා, ඒ රැුස්වීම පේ‍්‍රමකීර්ති ද අල්විස් අනුස්මරණ උත්සවයක්. ප‍්‍රධාන දේශනය මහාචාර්ය සරත් විජේසූරියගේ. මහාචාර්ය විජේසූරිය ප‍්‍රමාද වෙලා ආවේ. එතුමා බයෙන් තැති අරගෙන හිටියා. එතුමා රෝගී තත්වයක හිටියේ. එතුමා දේශනය පවත්වමින් මා ඉන්න තැන ඉ`දලම කියූ වදන් තමයි ‘මොකක්ද මේ රටට වෙලා තියෙන්නෙ’ කියන එක.

‘මං උදේ විශ්වවිද්‍යාලයේ ඉඳල කාර් එකේ ආවා. මට දැනුම් දී තිබුණේ පුස්තකාල සේවා මණ්ඩලයේ කියලා’
එතනට එනකොට එතැනදී එතුමාව නතර කළා ශ‍්‍රී ලංකා පොලිසියෙන්. නතර කරලා අහනවා ’කොහෙද යන්නෙ?’
‘මම මේ පුස්තකාල සේවා මණ්ඩලයට දේශනයකට යනවා’ කියලා කියනවා.
‘කොහෙද එතැන දේශනයක් තියෙන්නේ?’
‘එතන දේශනයක් තියෙනව පේ‍්‍රමකීර්ති අනුස්මරණ උත්සවයක.’
‘නෑ එතන දේශනයක් නැහැ. මේ ඒරියා එකටම කාටවත් ඇතුල් වෙන්න බැහැ.’
එතුමා කියනවා ‘නැහැ එතන දේශනයක් තියනවා.’ කියලා. ඊට පස්සෙ පොලිසියෙන් යනවා එතැනට. ගිහිල්ලා බලනවා, එතැන දේශනයක් නැහැ. එතුමාව ඊට පස්සෙ එක පොලිස් මහත්මයෙක් අ`දුනාගන්නවා.
‘ඔබතුමා විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්ද?’
‘ඔව් මම කථිකාචාර්යවරයෙක්. මම ආපහු යන්නම් දේශනයක් නැතිනම්.’

එතුමා කියනවා එක මනුස්සයෙක් මාව අ`දුනාගත්ත නිසයි මට අද මෙතැනට එන්න හම්බුණේ. ඊට පස්සේ සංවිධායක මණ්ඩලයට දැනුම් දුන්නම මෝටර් සයිකලෙන් ගිහින් විජේසූරිය මහක්මයව එක්කගෙන ඇවිත් තිබෙනවා. ඒ වෙලාවෙ එතුමා කීවා ඒ කාර් එක පදවගෙන ආවේ මුස්ලිම් මිනිහෙක් නම් ඒ මිනිහට යන කල ගැන කවර කතාද? එතුමා මේ වේදිකාවේ ඒ මොහොතේ කීවේ. අපි පුළුවන් තරම් උත්සාහ කරමු - තිස් අවුරුදු යුද්ධයක් නිමා උනේ යුද්ධයකින්මයි. යුද්ධයක් යුද්ධයකින් නිමා කරපු පළවෙනි රට ලංකාව. අපි අහල තියෙන විදිහට ග‍්‍රීසියෙ මහා යුද්ධයක් යනකොට ග‍්‍රීසියේ හිටපු මහා නිර්මාණකරුවෝ යුද්ධයට ශාප කළා. යුද්ධය නතර කරන්න  ඕනෙ කියලා කීවා. නාට්‍ය රචනා මඟින් ඒවා ප‍්‍රකාශ කළා. ශිෂ්ට සම්පන්න සමාජයක් ගොඩනැඟීමට ග‍්‍රීසිය ඇතුලේ විශාල සම්පත් ප‍්‍රමාණයක් ලෝකයට දායාද කළා. එවැනි එක නිර්මාණයක් මා විසින් ලාංකේය සමාජයට ප‍්‍රදානය කළා 1999 දී. ඒ නාට්‍යය අවසාන වන වදන් පෙළ මෙයයි.

‘නුවරක් දිනන්නට
ඒ නුවර වනසා
එහි වෙසෙන දන නසා
බැති පුද ලබන දේව පුදසුන්ද
මලවුන් නිසලව සැනසෙන සොහොන් කොත්ද
වනසාලන යම් අමනයෙක් වේද
සිදුකරන්නේ හෙතෙම තමා වටා කතරක් ඉදිකොට
ඔහුද තනිවී නැසී යාමය’
නාට්‍යකරු ග‍්‍රීසියේ අවුරුදු දෙදහස් පන්සීයකට පෙර නිර්මාණ කළ යුරිපිඞීස්. ඒ වදන් පෙළ කොතරම් සත්‍යයක් වේද යන්න තවත් සියක් වසක් ගිය පසු අපි මැරිලා ඊළ`ග පරම්පරාව තීරණය කරාවි.
 -------------------------------------------------
ජනරළ ඇසුරෙන්