20130115

සියල්ල දෘෂ්ඨීන්. - සම්‍යක් හො මිථ්‍යා දෘෂ්ඨීන්


ගෙදර විදුලි බුබුලු නිවල තියන වෙලාවට
නිවසට විදුලිය ඇතැයි සිතීම
දෘෂ්ඨියක්.

ස්විච් දැම්මත්
ගෙදර විදුලි බුබුලු නොදැල්වෙනකොට
අවට නිවෙස් වල විදුලිය තියනවා නම්
ඒ නිවෙස් වල වරදක් නිසා
ඔවුන්ට විදුලිය ඇතැයි සිතීම
මිථ්‍යා දෘෂ්ඨියක්.

ස්විච් දැම්මත්
ගෙදර විදුලි බුබුලු නොදැල්වෙනකොට
අවට නිවෙස් වල විදුලිය තියනවා නම්
තම නිවසේ පරිපථයෙ දෝෂයක් නිසා
තමන්ට විදුලිය නැතැයි සිතීම
සම්‍යක් දෘෂ්ඨියක්.

ඒ දෝෂය සොයා ගැනීමට සහ
එය නැති කරගැනීමට
කටයුතු කරන්නා
දෘෂ්ඨියෙන් මිදේ.
----------------------------------
බුදු දහමෙහි නම්
සම්මා දිට්ඨි කියන්නෙ
1, දුක,
2, දුක ඇතිවීමට හේතුව,
3, දුක නැති කිරීම,
4, දුක නැති කර ගැනීමේ මාර්ගය
පිළිබඳ ශ්‍රද්ධාවයි.

දුකෙන් මිදෙන්නට
ඒකායන මාර්ගය වන
විදසුන වඩන්නා
දුක කුමක්දැයි හඳුනාගෙන
කෙමෙන් කෙමෙන් දෘෂ්ඨි වලින් මිදෙන්නේ
මෙතෙක් තමා ශ්‍රද්ධාවෙන් පිළිගත්
ධර්මතාවයන් තමාතුළම දැකීමෙනි.
ඒ දක්ම දෘෂ්ඨියක් නොවේ.
විඳ ප්‍රත්‍යක්ෂ කිරීමකි.

එසේ විඳ ප්‍රත්‍යක්ෂ
කල නොහැකි
සියල්ල දෘෂ්ඨීන්ය.
සම්‍යක් හො මිථ්‍යා දෘෂ්ඨීන්ය.