20181217

මෛත්‍රීගේ බෞද්ධ දෙවියන් වහන්සේ කවුද?



ප්‍රසිද්ධියේ පිළිතුරු දිය යුතු
ඉතාම අගනා පැහැදිලි නිරවුල් ප්‍රශ්න කීපයක්
සුවහසක් බොළඳ, ග්‍රාම්‍ය FB කමෙන්ට් අතර
හමුවීම සතුටක්.
-------------------------------------------

Ravindra Prabathගේ ප්‍රශ්න
1.ජනාධිපතිතුමාව බේරාගත් බෞද්ධ දෙවියන් වහන්සේ කවුද?
2.රණවිරුවන් හාමුදුරුවන් වැරදි කළ විට කුමක් කළ යුතු ද?
3.පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු දූෂිතයන් ඉවත් වී හොඳ අය එයි ද?
4.මහින්ද මහතා අගමැති නොකර පාර්ලිමේන්තුව විසිරවීමට නොතිබුණේ ද?
5.ජනාධිපති වීමට Ngo කාරයන්ගේ පිහිට පැතුවේ ඇයි?
6.තරහකාරයන්ට හමුදාව දාලා වෙඩි තිබ්බෙ කවු ද?
කොහොම වුණත් මේ පාර්ලිමේන්තුවේ අවංක චේතනාවෙන් යුතුව වැඩ කරන අය කිසිවෙකු නැති බව පෙනී යයි.අතුල මහත්තයා කියනව වගේ ජනාධිපතිතුමාට පුළුවන් රට හොඳ තැනකට යන පාර පෙන්වන්න.රටට ආදරේ ඇති නායකයෙක් වෙන්න ජනාධිපතිතුමාට අවස්ථාව තවමත් තියෙනවා.ඒත් රනිල් සහ මහින්ද මහතාගේ හොරුත් එක්ක එය කළ නොහැකියි.

---------------------------------------

මේ අවස්ථාව ලබා දීම ගැන
රවීන්ද්‍රට ස්තූතිවන්ත වෙනවා.

1.ජනාධිපතිතුමාව බේරාගත් බෞද්ධ දෙවියන් වහන්සේ කවුද?

1. තමන් බේරාගත් බෞද්ධ දෙවියන් වහන්සේ
ධර්මය බව තම කතාවේදී මෛත්‍රී කිව්වා.


"ධම්මෝ හවෙ රක්ඛති ධම්මචාරී"
දෙවියන් වහන්සේ යනු පුද්ගලයෙක් නොවන
සුදුසු අවස්ථාවේ සාධාරණත්වය දිනවන
විශ්ව ශක්තිය ධර්මය බව මාත් දන්නවා.
මමත් මෛත්‍රීගේ අවබෝධයේ ඉන්නවා.
මම දිගටම මෛත්‍රී සමග ඉන්නේ
ඔහුගේ ධර්මාවබෝධය අන් සියල්ලන්ම
අභිභවා සිටින නිසයි.

රාජාභවතු ධම්මිකෝ කියා කියන විට
අද සිටින නායකයන් අතර
අවම පියවර සංඛ්‍යාවකින් ධාර්මික වීමට
හැකියාව ඇත්තේ ඔහුටයි.
ධර්මයට වඩාත්ම සමීප මෛත්‍රීයි.
ඔහු ළඟට ඉන්නේ මහින්දයි.
අන් අය ධර්මයට ගව් ගාණක් දුරින්.
නීලකාස හොරු, අපරාධ කාරයනුත්
කලින් කල වරින් වර ජය ගන්නවා.
ඔවුන් දිනන්නේ විශ්වයේ ඇති
ඍණ බල වේග ඇසුරෙන්.

සොබා දහමට අනුව
නිරාගමික, අධාර්මික, ඍණ බලවේගත්
යම්කිසි ප්‍රමාණයකට දිනනවා.
නැතුව විශ්වයට පෙරට යන්න බෑ.
දෙව්දත්ලා දිනුවාට තාවකාලිකයි.
ධර්මයේ ජයග්‍රහණ කල් පවතිනවා.
දෙව්දත් නැසීමට හැදුව බුදු සසුන
අදත් ලොව පවතින්නේ ඇයි.?
බුදුන් වහන්සේ ධර්මයේ හැසිරෙමින්
ධර්මයේ හැසිරෙන්න කියාදුන් නිසයි.

"ධම්මෝ හවෙ රක්ඛති ධම්මචාරී"කියා
බොදුනු අපි කියනවා නම්
දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව
බුදුන් වහන්සේ හැසිරුණ නිසා
දෙවියන් වහන්සේ විසින් බුදුන් වහන්සේ රැක්කා
කියා කිතුනුවන්ට කියන්න පුලුවන්.
( අවශ්‍ය නම් තවත් විස්තර කරන්න පුලුවන්.)

2.රණවිරුවන් හාමුදුරුවන් වැරදි කළ විට කුමක් කළ යුතු ද?

2.රණවිරුවන් හාමුදුරුවන් වැරදි කළ විට
මෛත්‍රීගේ කතාවට අනුව නම්
රටෙන් බැහැරව සහ නීතියේ රැහැනට හසුව
හෝ ඒ රැහැනෙන් මිදී මෙහි සිටින
කොටි සාමාජිකයන්ටත් සමගම එකට සිටුවා
එකම නීතියට අනුව දඬුවම් කළ යුතුයි.

නිරාගමිකයන් සතුටු කරන්නට භික්ෂූන්ටත්
කොටි ඩයස්පෝරාව සතුටු කරන්නට
රණ  විරුවන්ටත් හිංසා කිරීම වැනි
දේශපාලනික පක්ෂපාතීකම් වැරදි බව
මෛත්‍රීගේ කතාවෙන් ගම්‍ය වුණා.
මම ඒ අදහසට එකඟයි.

3.පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු
දූෂිතයන් ඉවත් වී හොඳ අය එයි ද?

3. ඇටුවං බැහැපු දේශපාලනික හොරු
හොරකමෙන් මුදවා ගන්න කල් යාවි.
දැන් රටේ බොහෝ ජනතාව කෙමෙන් කෙමෙන්
මෛත්‍රී නිවැරදියි කියන මතයට
මානසිකව පත්වෙමින් සිටිනවා.
පළමුවම ඔවුන් හොර බොරු වංචා නතර කොට
කවර හේතුවක් මත් හෝ හොරකම බොරුව
වැරදියි කියන ස්ථාවරයට පැමිණියොත්
දෙපැත්තෙම ඉන්න නීලකාස හොරුන්ට
යන එන මං නැති වෙනවා.
පසුගිය වසර හතරක කාලයේ
දෙපැත්තෙම ඉන්න නීලකාස හොරුන්ගෙ
පෙර පැවති ජනප්‍රියත්වය සීග්‍රයෙන් අඩු වුණා.
සාධාරණ මහ මැතිවරණයකදී
දෙපැත්තෙම ඉන්න නීලකාස හොරුන්ට ලැබෙන
ජනතා ඡන්දවල ප්‍රතිශත සසඳා බැලුවාම
මෛත්‍රීගේ ප්‍රයත්නයෙන් වෙනස් වුණ
ජනතා ප්‍රතිශතය බලන්න පුලුවන්.
ඔහු දිගටම දූෂණ විරෝධයේ ඉන්නවා.
ඔහු පරිසරය සකස් කරනවා.
හොරු නිරායුධ කරනවා.
ජනතාව අවදි කරනවා.
මම ඔහුගෙ ගමනට කැමතියි.
කොලැටරල් ඩැමේජ් අඩුවෙන්
ඔහු සටන කරනවා.

මේ හොරුන් ඇත්තවශයෙන්ම දක්ෂයන්.
දුර නොපෙනෙන අලුත් යහපත් අයට වඩා
පරිණත ප්‍රවීන නීලකාස හොරු මකවා හෝ
යහමගට ගත්තොත් රටම දිනනවා.
මම දකින විදියට නම්
මෛත්‍රීගේ හිතත් ක්‍රියා කරන්නේ එහෙමයි.
"දෙව්දත් බේරාගත හැකි අන්දමේ
කවර හෝ කුසලයක් සොයා ගන්නට
මා උත්සාහ කළා" කියා
බුදුන් වහන්සේ ප්‍රකාශ කළා.
හිසට ගල් පෙරළුවත්
කරුණාවේ ස්වභාවය එයයි.

දරුවන්ගේ වරදකදී මෙන් ක්‍රියාකරමින්
මේ දක්ෂ නීලකාස හොරු
හදාගත්තොත් රටට හොඳයි.
සමහරු හැදෙන්න සූදානම් වගේ
ඔවුන්ගේ හැසිරීමෙන් පෙනෙනවා.
එවැන්නන්ට සමාව දීම කරන්න වෙනවා.

සමහර හොරකම් අපට පෙණුනාට
උසාවියේ ඔප්පු කරන්න බැරිනම්
කාටවත් කරන්න දෙයක් නෑ..
මේ රාජාණ්ඩුවක් නොවෙයි.
එවැනි අය පසු පස යද්දී
තනතුර අනුව නියෝග ඉටුකළ
අසරණ රාජ්‍ය සේවකයන් දඬුවම් ලබා
දේශපාලනයේ හොරුන් නිදහස් වෙයි.

මෛත්‍රී මේ යන ගමන නිවැරදියි.
අතීතය පිරිසිදු කරන්න බැරිතරම්
අපේ රටත් දේශපාලකයාත් ජනතාවත්
ඉතාම දූශිත බවට පත්වූ නිසා
අනාගතය හෝ පිරිසිදු කර ගනිමු.

4.මහින්ද මහතා අගමැති නොකර
පාර්ලිමේන්තුව විසිරවීමට නොතිබුණේ ද?

4. මෛත්‍රී විසින් මහින්ද පත් කොට
මේ අර්බුදය හරහා කිරි දියවන්නාව කැළඹී
මතුවුණ ඉතාම වටිනා සංයෝගය නම්
2005-2015 කාලෙ මහින්දට මගහැරී ගිය
මෛත්‍රී මහින්ද සංයෝගයයි.
මහින්දගේ දක්ෂකම් මතුවන්නට නම්
මෛත්‍රී වැනි කළමනාකරුවෙක් අවශ්‍යයි.
රනිල්-බැසිල් සංයෝගයෙන් ඇති කළ
මේ ඓතිහාසික දේශපාලන අර්බුදය
ඉතාම සාමකාමීව, ප්‍රඥාවන්තව
මෛත්‍රී-මහින්ද සමාගම ජයගත්තා.
මහින්දගේ ඉල්ලා අස්වීමෙන්
ඔප වැටුණ ඒ නිහඬ ජයග්‍රහණය
වඩාත් හොඳින් ජනතාවට දිස් වුණේ
මෛත්‍රීගේ විනාඩි හතළිහක කතාවේදී
ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ,
ගලේ පැහැරූ බළලුන් සේ
තක්බීර් වී සිටි එජාප නායකයන්ගේ
හැඟීම් බර මුහුණු වලිනුයි.

මෛත්‍රී මහින්ද සංයෝගය රට දුටුවේ
මහින්ද අගමැති කිරීම තුළිනුයි.
"ඡන්දයෙන් පසු මහින්ද අගමැති කරනවා"
කියා මෛත්‍රී කිව්වා නම් මමත්
ඔහුගේ වචනය විශ්වාස කරන්නේ නැ.
මම මෛත්‍රීගේ ක්‍රියා විශ්වාස කරනවා.
ඔහුගේ වචන විශ්වාස කරන්නේ නැ.

5.ජනාධිපති වීමට එන්ජීඕ කාරයන්ගේ පිහිට පැතුවේ ඇයි?

5, ඇත්තටම වුණේ මේකෙ අනිත් පැත්ත නේද?
මෛත්‍රීගේ පිහිටෙන් බලයට පැමිණි
රනිල් සහ එජාපයේ වලිගයේ එල්ලී
එන්ජීඕ  ගමරාළලා දිව්‍ය ලෝකේ යන්නට
උත්සාහ කිරීම නොවේද?
එන්ජීඕ පරපුටු පිරිස එදා සිටියේත්
අද සිටින්නේත් රනිල් ඇතුළු එජාපය සමගයි.
රට බටහිර ක්‍රමයට හරවා
ඔවුන්ගේ පැවැත්ම ස්ථාවර කර ගන්නට
ඔවුන් බොළඳ උත්සාහයක් දරනවා.
මධ්‍යස්ථ ජනතාවට රනිල් අප්‍රිය
ඔවුන්ගේ සමාගමයට නතු වීම නිසයි.
මෛත්‍රීගේ මග පෙන්වීම අනුව ගියා නම්
රනිල්ගේ රජයට හොර ලේබලය
වදින්නේ නෑ.

6.තරහකාරයන්ට හමුදාව දාලා වෙඩි තිබ්බෙ කවුද?

6, මේ ප්‍රශ්නය මේ අවස්ථාවට
අදාළ වෙන්නේ කොහොමද?
අපි දෙදෙනා ළඟම තොරතුරු නැති
කටකතා ගැන සංවාද කිරීම
බැල්කනියේ සිටින අපට නොව
පහත ගැලරියට අයත් කාර්යයක්.

20181011

ජීවිතය පූජා කළ රියැදුරු කීර්ති බණ්ඩාර


හපුතලේ විහාරගල බස්රථ අනතුරින් මියගිය රියැදුරු කීර්ති බණ්ඩාරගේ නිවසේ ප්‍රදර්ශනය කර තිබූ පුවරුවල ලියා තිබූ වැකි කීපයකි.   

‘කන්දෙන් පහළට බස් එක ගියානම් ජීවිත කීයක් නම් විනාශ වෙයිද? ජීවිත රැසක් බේර ගන්න තම ජීවිතය පරිත්‍යාග කරපු ඒ සොඳුරු මිනිසා’ 
 ‘ඔබ වැනි සොඳුරු මිනිසුන් ඇසුරු කළ අප පින්වන්තයෝය’ 
‘රියැදුරු දෑතේ වගකීම නිසියාකාරව ඉටුකර ජීවිතය පූජා කළ ඔහු අපගේ ජීවිත ආරක්ෂා කළා.  
බස් රථයේ තිරිංග ක්‍රියාත්මක නැහැ. ජීවිත 25ක් ආරක්ෂා කර ගන්න වගකීම රියැදුරු දෑතට තිබුණා. තව මීටර් කිහිපයක් ඉදිරියට ගියොත් අඩි දහසකට අධික ප්‍රපාතයකට බසය පෙරළෙනවා.   
‘බ්‍රේක් නැතිවුණා. කළබල නොවී හැමෝම පස්සට ගිහින් බේරෙන්න. 
 එසේ රියදුරුගේ හඬ අවදි වීමත් සමගම බස් රථයේ සිටි සියලුදෙනා මරළතෝනි දුන්නා.   
කීර්ති බණ්ඩාරට කරන්න තිබුණේ එක දෙයයි. ඔහු පල්ලමට බස්රථය යන්න කලින් තමුන්ගේ රියැදුරු අසුන තියෙන පැත්ත හිතලම ගල් ඇන්දේ හැප්පුවා.
වේගයෙන් පැමිණි බස් රථය එක හුස්මේ නතර වුණා. මිනිස්සු බස් රථයෙන් බැහැලා ජීවිත බේරා ගත්තා. හැබැයි රියදුරු කීර්ති බණ්ඩාරගේ හුස්ම ආයෙත් ආවේ නැහැ. ඔහු තව එක විරයෙක් වෙලා මේ ලෝකෙ දාලා ගියා.   
 ඉකුත් 01 දින සවස හපුතලේ උඩ විහාරගලදී සිදුවූ ලංගම බස් අනතුරින් මෙසේ ජිවිතය අහිමි වූයේ හල්දුම්මුල්ල ඌව කොස්ගම වෙහෙරගොඩ පදිංචිව සිටි හීරලු මොහොට්ටාලගේ කීර්ති බණ්ඩාර පත්මසිරි නමැති 45 වියැති දෙදරු පියකුටය. බණ්ඩාරවෙල ඩිපෝවට අයත් බස් රථය බණ්ඩාරවෙල සිට මරංගහවෙල හරහා කොස්ගම ගම්මානය දක්වා ධාවනය වෙමින් තිබුණි. 
 
 පස්වරු 5.30ට පමණ හපුතලේ පසුකර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ බෙරගල දෙසට ධාවනය ​ෙවන අතරතුර හපුතලේ උඩ විහාරගල බෑවුම් සහිත මාර්ගයේදී බස් රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමෙන් මෙම අනතුර සිදුවිය. 
 අනතුර සිදු​ෙවන අවස්ථාවේ බස් රථයේ මගීන් 27 දෙනකු ගමන්ගෙන තිබුණි. 23 දෙනකු තුවාල ලබා දියතලාව හා හපුතලේ රෝහලට ඇතුළත් කෙරිණි. 
මෙම අනතුරින් රියැදුරුට අමතරව බණ්ඩාරවෙල පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු වූ (42826) එන්.එම්. බණ්ඩාර සහ රන්වන් ගුහාවේ එස්.එම්. සුනිල් ජීවිතක්ෂයට පත්වූහ.   
මගීන්ගේ ජීවිත අනතුරේ හෙළන නොහික්මුණ රියදුරන් අතරේ රියැදුරන්ට ආදර්ශයක් දී ජීවිතයෙන් සමුගත් කීර්ති බණ්ඩාර මහතාගේ දේහය තැන්පත් කර තිබූ ඔහු​ෙග් නිවස සොයා අපි ගියෙමු.   හල්දුම්මුල්ල මරංගහවෙල හන්දියෙන් හැරී ඌව කොස්ගම සශ්‍රීක ගම්මානයක ඔහුගේ නිවස පිහිටා තිබේ.
මරංගහවෙලින් හැරෙන මංසන්ධියේ දැවැන්ත තොරණක් දිස්වෙයි. ඒ කීර්ති බණ්ඩාරට ඔහුගේ හිතෛෂීන් උපහාර ලෙස ඉදිකළ දැවැන්ත තොරණකි.   
‘මිනිසකු මළ නිසයි දුක, මරණය ගැන නොවේ’ තොරණේ සඳහන් විය.   
ඉන් කිලෝමීටර් පහක් පමණ ගියවිට අපට මහා විලාපයක් ඇසෙන්නට විය. ‘අනේ මගේ දෙයියෝ’ ඔයා ඇයි අපිව දාලා ගියේ? මගේ දරුවන් දෙදෙනාට තාත්තා කෝ? 
 ඒ කීර්ති බණ්ඩාරගේ බිරිඳගේ විලාපයයි.  
‘හැමදාම හවසට තාත්තගේ බස්එක එනකම් මග බලාගෙන ඉන්න ළමයි දෙන්න බස් එක එන හඬ ඇහෙනවිට පාරට දුවනවා. අනේ දෙයියනේ ආයෙ තාත්ත එන්නෙ නැහැ. තාත්තා කන දේවල් ගේන්නේ නැහැ.
මට ඉවසන්න බැහැ.  කීර්ති බණ්ඩාර​ෙග් පුතා 9 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. දියණිය 3 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. කීර්ති බණ්ඩාර වීරයකු ලෙස ජිවිතය කැප කළද ඔහු​ෙග් නිවසේ තත්ත්වය එයයි.    
කීර්තිගේ බලාපොරොත්තුව ​ෙවන්නට ඇත්තේ තම දරු දෙ​ෙදනාට උගන්නා ඔවුන් අනාගතයේ රටට වැඩදායී යහපත් පුරවැසියන්වනු දැකීමය.   
ඔහුගේ ඒ බලාපොරොත්තුව ඉටුකර දිය යුත්තෝ කවරහුද?  
කෙසේ වෙතත් කීර්ති තමන්ට සිදු​ෙවන උපද්‍රවය ගැන නොතකා රියදුරු දෑතේ වගකීම ගැන සිතූ ඔහු සැබෑ වීරයෙකි. උතුම් මිනිසෙකි.   
 කීර්ති බණ්ඩාරට නිවන් සුවය පතමු.