20170303

දුකෙන් මිදෙන ආර්ය ශ්‍රාවකයා නිරාගමිකයෙක් නොවෙයි.


Roshan Nayanajith Hewavitharana Athula Siriwardhane මේ ත්‍රෙඩ් එකට අදාල නොවුනත් ඔබ හැම විටම පලා ගිය එක් ප්‍රශ්නයක් නැවත අහන්නද? ආර්‍ය ශ්‍රාවකයෙක් නිරාගමිකයකු නොවන්නේ කොහොමද? ඔබම කියාගන්නවානෙ ඔබ ඉතාම දුර්ලභ ආර්‍ය ශ්‍රාවකයකු බව, ඉතින් ආර්‍ය ශ්‍රාවකයා යන්නට නිර්වචනයකුත් දෙන්න.


ආරම්භයට
බුදුන් වහන්සේගේම නිර්වචනය.

ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
දුක් වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක කෙරෙයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි.
ළෙහි පැහැර හඬයි. මුළාවට පැමිණෙයි.
හෙතෙමේ
1,
කායික වේදනාව ද
2,
චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.

මහණෙනි,
ශ්‍රැතවත් ආර්‍ය ශ්‍රාවක තෙමේ
දුක්වේදනාවෙන් පහස්නා ලද්දේ ම
ශෝක නො කරයි.
ක්ලාන්ත නො වෙයි. නො වැල පෙයි.
ළෙහි පැහැර නො හඬයි. මුළාවට නො පැමිණෙයි.

හේ "කායික වූ එක් වේදනාවක්" විඳියි.

"චෙතසික වේදනාව නො විඳියි." .


''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
පුහුණුව ඇත්නම් ක්‍රමය සරලයි.
"කායික වූ එක් වේදනාවක්" විඳියි.
"චෙතසික වේදනාව නො විඳියි." .

ඔබත් වෙනත් අයත්
මා කුපිත කරන්නට වෑයම් කරද්දී
මා නොසැළී සිටියේ ඒ සරල ක්‍රමයටමයි.

මම ඒ ක්‍රමය
මා වටහා ගන්නා විදියට ඔබට කියන්නම්.

කාමයට, බියට, තරහට, ද්වේශයට
සමානුපාතික සමගාමී වේදනා පෙළක්
කයේ උපදින ජෛව රසායනික නිසා
කය පුරා ඇති වෙනවා.

මිනිසා පමණක් නොවෙයි..
සතෙකු වුණත්
ද්වේශයෙන් දබරයට සැරසෙන විට හෝ
බියෙන් දුවන්නට සැරසෙන විට
මේ ජෛව රසායනික උපදිනවා.

අන්තර්ජාලයෙන් සම්බන්ධ වී
ගව් ගාණක් දුර සිටින ඔබ
මට විරුද්ධව උපදවන
ඒ ජෛව රසායනිකවලින් පලක් නෑ.
ඔබේ කයත් හිතත් දූෂ්‍ය වෙනවා පමණයි.
ඒ ශක්තිය මට සම්ප්‍රේෂණය කළ හැක්කේ
මගේ තිරයේ ඔබ සටහන් කරන
වචන පෙළකින් විතරයි.

ඒ අනවශ්‍ය ජෛව රසායනික වලින්
ඔබට හානියක් විනා ප්‍රයෝජනයක් නෑ.

මේ ක්‍රියාවලිය හැකි තරම් කලින්
සිහියෙන් දැක ඒ වෙනසට උපේක්ෂාවෙන්
සම්මා සමාධියෙන් විසීම හැර
වෙනත් කළ හැකි යමක්
ඔබට වත් මටවත් නෑ.

මානසිකව කැළඹෙන වෙලාවට
ඒ සමගම ඔබ තුළ සිදුවෙන
කායික වෙනස දකින්න ඔබට හැකිද?

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.

ඒ දකින වෙනසට ප්‍රිය අප්‍රිය භාවයෙන් තොරව
වෙනසේ ස්වභාවයත්, වෙනස වෙනස් වෙන ස්වභාවයත්
"වේදනා මට්ටමෙන්" දකිනවා නම්
කෝපයට, දුකට, භීතියට පත් වෙන මා
ඒ මොහොතේ විඳින නිවන ඔබටත් විඳින්න පුලුවන්.
ඒ නිවන මෝහය නොවෙයි.

ආර්ය ශ්‍රාවකයෙක් විදියට
මා බය දකින්නේ කායික වේදනා මට්ටමෙන්.
මසිතේ ඇතිවෙන දුක, තරහ, බිය ආදිය
මගේ කයෙහි ඇති වෙන වේදනා මට්ටමෙන්
ප්‍රිය අප්‍රිය භාවයෙන් තොරව දකින නිසා
ඔබ තුළ මෙන් ද්වේශයෙන් සසල වීමක්
මා තුළ සිදු නොවෙයි..

මා සාපේක්ෂක නැති කරගන්නේ
සියල්ලම ගැන සිහියෙන් පසු වීමෙන්.
සම්පජානෝ සතියෙන්.
'''''''''''''''''''''''''''''
ඒ සියල්ල හමාර වූ පසු
ඉතිරිවෙන කිසිවක් මා තුළ නෑ.
අද මගෙන් ප්‍රශ්න අහන ඔබ
එදා මා හා ගැටුණ ඔහු නොවෙයි.

Roshan Nayanajith Hewavitharana
 
Athula Siriwardhane ආර්‍ය ශ්‍රාවකයා නිරාගමිකයකු නොවන්නේ කොහොමද?

නිරාගමිකයා කියන්නේ කවරෙක්ද?
"දුකෙන් මිදීම සඳහා
කිසිදු සරණක් පිහිටක් නොසොයන කෙනෙක්"
මේ මගේ නිර්වචනයයි.

සැබෑ නිරාගමිකයා කියන්නෙ
තමන්ගෙ දුක තමන්ටම නොදැනෙන තරම්
රළු, සංවේදී බව නැතිවුණ
නරුම හිතක් ඇති කෙනෙක්.
දුක්ඛ සත්‍යය තිබේවා,
ඔහු දුකවත් දකින කෙනෙක් නොවෙයි.

නිරාගමිකයා තුළ නොවිඳීම තියනවා.
ඔහු නොවිඳින්නෙ අවසිහියෙන්.
ඔහු තුළ වෙන වෙනස්කම් නොපෙනෙන නිසා
ඒ නොවිඳීම සැපක් ලෙස ඔහු සිතනවා.
ඔහු දුකෙන් පළා ගිය කෙනෙක්.

ආගමිකයා කියන්නේ
දුකෙන් මිදෙන්න මං සොයන්නෙක්.
දුක් සමග තියෙන්නෙ ද්වේශය.

බොහෝ දෙනෙක් දුකෙන් මිදෙන්නෙ
සැපක් සොයා ගැනීමෙන්.
රාගය උපදවා ගැනීමෙන්.

තවත් කෙනෙක් දුකෙන් මිදෙන්න
දුකෙන් පලා ගිහින් මෝහයට පත්වීමෙන්.

සියලු ආගමික ක්‍රමවල පදනම
මේ ක්‍රම දෙක පමණයි.

දවසේ පැය විසිහතර පුරාමත්
වසරේ දවස් 365 තිස්සේත්
මේ අවස්ථා තුනෙන් එකිනෙකට මාරුවීම හැර
පුහුදුන් පුද්ගලයෙකුට
වෙනත් සරණක් නෑ.

දුක වෙනුවට සැප,
දුකෙන් පළා යාම කියන
ඉහත සඳහන් ක්‍රම දෙකත් සමග
තුන් වෙනි ක්‍රමයකුත් බුදු දහමෙ තියනවා.
මේ තුනෙන් මොකක් සිතේ මතු වී තිබුණත්
ඒ අනුසය ක්ලේශයට අනුරූප වේදනාව
කයෙහි වේදනාවක් විදියට දකින
ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාට
මානසික වේදනාවක් නෑ.

දුකෙන් මිදෙන්න
විදසුන, සතර සතිපට්ඨානය
භාවිතා කරන නිසා
ආර්ය ශ්‍රාවකයා ආගමිකයෙක්.
ඔහු තුළත්
නිරාගමිකයාගේ නොවිඳීම තියනවා.
ඔහු නොවිඳින්නෙ සම්පජානෝ සතියෙන්.
ඒ සිහිය තුළ සියල්ලම තියනවා.

1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.