20140812

හැම කෙනෙක්ම ක්‍රියා කරන්නෙ ඉබේට.


දිනක් බුදු රජානන් වහන්සේ
භික්ෂුන් හා සමග සිටින තැනකින්
වේගයෙන් ඇදී ගිය හිවලෙක්
අසල ගස් බෙනයකට රිංගා ගති,
මද වේලාවක් එහි රැදුණ හිවලා
යලිත් වේගයෙන් එලියට පැමිණ දුවගොස්
ගුහාවකට රිංගා ගති.
තවත් සුළු මොහෙතකින් උහු
භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂු සංඝයා අසලින්
යලිත් වනගැබට දිව ගියේ ය.
මෙය බලා සිටි බුදු රජාණන් වහන්සේ
භික්ෂුන් අමතා මෙසේ ප්‍රකාශ කර සිටිසේක.

"මහණෙනි
ඒ සිවලාගේ ක්‍රියා කලාපය, නුඹලා දැක්කාද ?.
ඌ මුලින්ම මෙතැනින් දිවගොස්
ගස්බෙනයට රිංගා ගෙන
මඳවෙලාවකින් යලිත් ඉන් පිටතට පැමිණ
ගුහාවට රිංගා ගත් අතර
දැන් යලිත් ඌ වනය දෙසට
වේගයෙන් දිව ගියා .
මේ අයුරින් ඌ දිව යන්නේ ඇයිදැයි
ඔබ දන්නවාද
ඒ හිවලාට ඉතාමත් නපුරු ආකාරයේ
කුෂ්ඨ රෝගයක් වැළඳී තිබේ.

උහුගේ වෙනසට හේතුව එයයි."
=====================================



ඒ නරියා ඕනම මිනිසෙකුට සමානයි.

හැම කෙනෙක්ම ක්‍රියා කරන්නෙ ඉබේට.

ඒ නරියා
තමන් කරන දේ නොදන්නා
ඕනම මිනිසෙකුට සමානයි.

නරියා අර සියල්ලම කළේ
ඌට උගේ කුෂ්ඨය
දරාගන්න බැරි නිසා.

 
හැම කෙනෙක්ම 
මොනවා හරි කරන්නෙ
තමන් තුළ සිදුවෙන දේක හෝ
බාහිර ලෝකයේ සිදුවෙන දේකට
ප්‍රතික්‍රියාවක් වශයෙන්.