20170215

රහතන් වහන්සේ තුළ අඳුර නැහැ... ආලෝකය පමණයි.

.
Rahul Randunu
[[[ බුධ හැම වෙලාවෙම එක පැත්තක් තමයි සූර්යයා දෙසට මුහුන ලා සිටින්නේ.
අනිත් පස හැම විටම අදුරුයි. අධිකව සීතලයි. ]]]

රහත් වෙනතුරුම මේක තමයි 
මිනිසා ජීවත් වෙන තත්වය..

හුස්ම වැටෙන්නෙත් අඳුරු පැත්තෙ.

හුස්ම වැටෙනවා. ඔහු දන්නෙ නෑ.
රහත් වුණාම ඔහු ඔහු තුළ සියල්ලම දන්නවා.
රාත්‍රියේත් ඔහු ඔහු තුළ සියල්ලම දන්නවා.
පුහුදුන් මිනිසා කය දන්නෙ නෑ.
කය අඳුරු පැත්තෙ.
ඉරියව් දන්නෙ නෑ. අඳුරු පැත්තෙ.
වේදනා දන්නෙ නෑ. අඳුරු පැත්තෙ.
සිත දන්නෙ නෑ. අඳුරු පැත්තෙ.
නීවරණ දන්නෙ නෑ. අඳුරු පැත්තෙ.
හඟීම්, සිතුවිලි දන්නෙ නෑ. අඳුරු පැත්තෙ.
ඒ පැත්ත හැමදාම අඳුරෙ. සීතලේ..
ආනාපාන සතියෙන් පටන්ගෙන 
තමන්ගේ අඳුරු පැත්ත තුළ ආලෝකය උපදවා ගනිමින්
සිහිය පිහිටුවා ගන්නට විදසුන් වඩන ආර්ය ශ්‍රාවකයාගෙ 
අඳුරු පැත්ත ආලෝකවත් වෙන්නට පටන් ගන්නවා.
කෙලෙස් සපුරා නැසී ගොස්
සිත කය දෙකම ආලෝකවත් වූ
රහතන් වහන්සේ කෙනෙක් 
තමන්ගෙ කය අස්සක් මුල්ලක් නෑර 
සෛලයක් පාසා දන්නවා.
"වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි."
රහතන් වහන්සේ 
පැය විසි හතරම ඉන්නෙ සිහියෙන්.
පිරිනිවන් පාන්නෙ සිහියෙන්.
සම්පජානෝ සතියෙන්.
සම්පජානෝ සතියෙන් වෙසෙන
රහතන් වහන්සේ බුද වගේ නොවෙයි.
හිරු වගෙයි.
ඔහු තුළ අඳුර පොදක් නෑ.
ආලෝකයම විතරයි.
නිවන් සාක්ෂාත් කළ කෙනෙක් වෙසෙන්නේ
සම්පජානෝ සතියෙන්.
සම්පජානෝ සතිය කවරේදැයි
බුදුන් වහන්සේ විස්තර කරන්නේ මෙසේය.
1,
විදිතා වේදනා උප්පජ්ජන්ති,
විදිතා වේදනා උපට්ඨහන්ති,
විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
2,
විදිතා සංඥා උප්පජ්ජන්ති,
විදිතා සංඥා උපට්ඨහන්ති,
විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
3,
විදිතා විතක්කා උප්පප්ජන්ති,
විදිතා විතක්කා උපට්ඨහන්ති,
විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
සරලව
සති සම්පජන්‍ය නම්
1, විඳින සියලු වේදනා
2, දැනෙන සියලු සංඥා
3, ඇතිවෙන සියලු විතර්ක
ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
නැති වෙන ආකාරයත් පිළිබඳව
සිහියෙන් පසු වීමයි.
නිවන් දුටු කෙනෙක්
ඔහු සතු සංවේදී බවෙහි
උපරිමයට පැමිණි කෙනෙක්.
මේ ආකාරයෙන් වසන කෙනෙක් තුළ
මෝහය පවතින්නේ නැහැ.
ඔහු පැය විසිහතරම 
සිහියෙන් පසු වෙන කෙනෙක්.

1 comment:

  1. සම්මා සමාධියෙන්
    ලෞකික දැහැන වෙනස් වෙන්නෙ
    ඔහුගෙ චිත්ත ඒකග්ග තාවයෙදි
    කය පිළිබඳව සිහිය නැති නිසා.
    ඔහුගෙ භාවනා අරමුණ පවත්වා ගැනීමට
    ඔහු අන් සියල්ල අත් හැර මෝහයට වැටෙනවා.
    මෝහය තියන තැන අනාර්යයි.

    ඔබ තරු ගොඩාක් තියන රෑක
    මිදුලට බැහැලා එක තරුවක් බලා ඉන්න.
    ඔබේ සමාධිය හොඳ නම්
    ඒ තරුව ඉතිරි වෙද්දි
    අනෙක් තරු සියල්ලම
    ඔබට නොපෙනී යනවා.
    ඔබ මේ අත් දකින්නෙ මෝහයයි.
    තරු තියනවා.. ඔබට පෙනෙන්නෙ නෑ.
    මේ ඔබ දකින්නෙ ඇත්ත නොවෙයි.
    මේ මිථ්‍යාව මිහිරියි.. සොඳුරුයි..
    සුව දායකයි. සැනසිලි දායකයි..

    ඔබ මේ අත්දැකීමට අහු වුණොත්
    ඔබ බාහිර ලෝකයෙත් ජීවත් වෙන්නෙ
    මෝහ සුවයෙන්.
    මේ මෝහය ප්‍රබල නම්
    ඔබ නිවන් දුටුවා කියා හිතාගෙන
    මුලා වෙන්න පුලුවන්..

    මෙන්න රහතන් වහන්සේගෙ සිහිය.
    1,
    විදිතා වේදනා උප්පජ්ජන්ති,
    විදිතා වේදනා උපට්ඨහන්ති,
    විදිතා වේදනා අබ්භත්ථං ගච්ඡන්ති.
    2,
    විදිතා සංඥා උප්පජ්ජන්ති,
    විදිතා සංඥා උපට්ඨහන්ති,
    විදිතා සංඥා අබ්භත්ථං ගච්ඡන්ති.
    3,
    විදිතා විතක්කා උප්පප්ජන්ති,
    විදිතා විතක්කා උපට්ඨහන්ති,
    විදිතා විතක්කා අබ්භත්ථං ගච්‌ඡන්‌ති;
    1,
    දැනුවත්වම වේදනාවෝ උපදිත්.
    දැනුවත්වම වේදනාවෝ පවතිත්..
    දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
    2,
    දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
    දැනුවත්වම සංඥාවෝ පවතිත්..
    දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
    3,
    දැනුවත්වම විතර්කයෝ උපදිත්.
    දැනුවත්වම විතර්කයෝ පවතිත්..
    දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
    සරලව
    සති සම්පජන්‍ය නම්
    1, විඳින සියලු වේදනා
    2, දැනෙන සියලු සංඥා
    3, ඇතිවෙන සියලු විතර්ක
    ඇතිවෙන ආකාරයත්, පවතින ආකාරයත්
    නැති වෙන ආකාරයත් පිළිබඳව
    සිහියෙන් පසු වීමයි.

    නිවන් දුටු කෙනෙක්
    ඔහු සතු සංවේදී බවෙහි
    උපරිමයට පැමිණි කෙනෙක්.

    මේ ආකාරයෙන් වසන කෙනෙක් තුළ
    තමා නොපෙනෙන මෝහය පවතින්නේ නැහැ.
    ඔහු පැය විසිහතරම
    තමා පිළිබඳව
    සිහියෙන් පසු වෙන කෙනෙක්.

    ReplyDelete