20130909

බුදුන් වහන්සේ උපන්නේ මොන තූත්තුකුඩියකද?






බුදුන් වහන්සේ
මොන තූත්තුකුඩියක උපන්නත්
මට එය අදාළ නැහැ.
---------------------------------------------


මොන තූත්තුකුඩියක උපන්නත්
බුදුන් වහන්සේ
මිනිසාගේ දුක නිවන හැටි
මිනිසාට කියා දුන්
උත්තර මනුෂ්‍යරත්නයයි.

මොන තූත්තුකුඩියක උපන්නත්
බුදුන් වහන්සේ දුක නිවන හැටි
මට කියා දුන්
උත්තර මනුෂ්‍යරත්නයයි.


සතර සතිපට්ඨානය වැඩීමෙන්
සත්වයා විශුද්ධියට පත් වෙන බව
සෝතැවුල් ඉක්ම යා හැකි බව
දුක් දොම්නස් අස්තංගත වන බව
ප්‍රඥාව දියුණු වෙන බව
මම අත්දැකීමෙන් දන්නවා.

නිවනත් සාක්ෂාත් වෙන බව
මම විශ්වාස කරනවා.
මේ සත්‍යය දේශනා කළ
උත්තර මනුෂ්‍ය
රත්නය 
බුදුන් වහන්සේ යි.

බුදුන් වහන්සේ
මොන තූත්තුකුඩියක උපන්නත්
මට එය අදාළ නැහැ.

මගේ දුක
උන්වහන්සේගේ දහම පිළි පැදීමෙන්
නිවෙමින් පවතිනවා.

මට වැදගත් එපමණයි.

යම් කෙනෙක් ලෝකයේ මොන රටක්
උන්වහන්සේ ඉපදුණු රටයැයි
විශ්වාස කළත්
ඉන් ඔහුගේ දුක නොනිවෙන බව
මා කිවයුතු නැහැ.
මගේ දුකෙන් මිදීමට
එයින් බාධාවක් වෙන්නෙත් නැහැ.

පිපාසයෙන් ඉන්න පිරිසක්
දිය පොදක්වත් තොල ගා නොගෙන
උල්පත උපන් තැන ගැන විවාද කරමින්
කාලය කා දැම්මාට
පිපාසය නිවෙන්නෙ නැහැ.

කෙලෙස් කන්දරාව වැඩිකරගෙන
කම්වූ පරිද්දෙන්
හිස් අතින්ම මිය පරලොව යන්නට පුලුවන්.