20150607

ඔබ ඇයි මාව ප්‍රතික්ෂේප කරන්නේ.?

  • FROM NOTIFICATIONS
    Sajith Fernando [[[ බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කල අතුල සිරිවර්ධන මහත්මයාගෙන් තමයි මම සංවාද වලදී ඉවසීම ඉගෙන ගත්තේ. ඒ ගැලරිය පටන්ගන්නත් කලින්...
    ගැලරිය පටන්ගන්න මාව යොමුකල කීප දෙනා අතර අතුල මහත්මයත් එක්කෙනෙක්. ඒ වගේම සංවරව අදහස් පලකිරීමට මා හුරු වී සිටියත්
    අතුල මහත්මයා තුලින් ඒ පිළිබඳ මා උගත් දෑ බොහෝයි.
    අන්න එහෙම තමයි ලෝකෙම ප්‍රතික්ෂේප කල අය තුලත්
    අපිට ගත හැකි දේ තියෙනවා.
    අවශ්‍ය වන්නේ ගත යුත්ත හඳුනා ගැනීමයි. ]]]
    .
    සජිත්ගේ මේ ප්‍රකාශයට මම දිග පිළිතුරක් ලිව්වා.
    අවසාන කළේ නැහැ..
    ඒත්
    මේ පිළිබඳව මම අදහස් දැක්වීමට වඩා
    මාව ප්‍රතික්ෂේප කරන අයට
    එසේ කරන්නට හේතු දක්වන්නට අවස්ථාවක් දීම
    වඩා ප්‍රයෝජනවත් වෙයි කියා මට හිතුණා.
    තැන් තැන්වල හැංගි හොරා කියනවාට වඩා
    මෙසේ ප්‍රසිද්ධියේ පළකිරීමෙන්
    ඒ අදහස්වලට නිසි ගෞරවය ලැබෙනවා.
    ඔබ ඇයි මාව ප්‍රතික්ෂේප කරන්නේ.?
    මා හෝ වෙනත් කෙනෙක් ප්‍රතික්ෂේප කරන්නට
    ඔබ ඕනෑම කෙනෙකුටට සාධාරණ අයිතියක් තියනවා.
    ඒ සඳහා ඔබේ කෝණයෙන් සාධාරණ හේතුත් ඇති.
    හේතු සාධාරණ නිසාම
    ඔබේ අදහස් ප්‍රසිද්ධියේ පළකිරීම
    ඔබට ගැටළුවක් නොවනු ඇති.
    මා ප්‍රතික්ෂේප කරන සියලුදෙනාටම
    ඒ හේතු හැකිතරම් සවිස්තරව දක්වන්න කියා
    මම ආරාධනා කරනවා.
    ඔබ ඇයි මාව ප්‍රතික්ෂේප කරන්නේ.?
    • Sohan Tissera සර්ගෙ අමුත්තක්නම් මට පෙන්නෙ නැ එත් සමහරක් පොස්ට් මට තෙරුම් ගන්න අමාරුයි
  • Sanjeewa Abeygoonawardana අතුල සිරිවර්ධන නම් පුද්ගලයාගේ සිතුවිලි වල ගැඹුර වටහාගන්නට නොහැකි අය ඔහුව ප්‍රතික්ශේප කිරීමේ වරදක් මා නොදකින මුත් ඔහුව ප්‍රතික්ශේප නොකොට ඔහුගෙන් යමක් උගෙන ගන්නා ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටින්නට මා කැමතියි..! සජිත් ප්‍රනාන්දු මහතා හොඳ නිදසුනක්..!
  • Sohan Tissera එක ඇත්ත සන්ජිව අයියෙ සර්ගෙ සමහරක් දෙවල් නොතෙරුනාට ගොඩක් ඉගෙන ගන්න දෙවල් තියනවා


    • Nadeesha Maduranga අතුල මහත්මයා බොහෝ දෙනෙකු ප්‍රතික්ෂේප කරනවා කියලා මම දැනන් සිටියේ නෑ..
      කොහොම නමුත් කලාව පැත්තෙන් පමණයි මම අතුල මහත්මයාව දන්නේ. කලාව පැත්තෙන් මට වඩා බොහොමත් දැනුම ඔහු තුල තිබෙන නිසා. හැම විටම හරවත් දෙයක් උකහා ගන්න උත්සහ කරනවා මිස.. ප්‍රතික්ෂේප කිරිමක් ඇති වෙන්නේ නෑ...


      අතුල මහත්මයා දැනුම කිසිදු සීමාවක් නැතුව බෙදා ගන්න නිසා බොහොමත් ගෞරවයක් මගේ හිතේ තියෙනවා..

      මේ මගේ පෞද්ගලික අදහස විතරයි.
      21 hrs · Like · 8
    • උපේක්ෂා සුරවීර අදයි දැනගත්තෙ අතුල මහත්මයාව බොහෝ දෙනෙක් ප්‍රතික්ෂේප කරනවා කියලා.. නොගැලපෙන කමෙන්ටු දැක්කත් ප්‍රතික්ෂේප වෙන්න තරමේ ඒවා නං දැක්කේම නැති තරං. මොනවා වුනත් ඔබතුමාගේ රිද්ම සංකලන තුලින් බොහෝ දේවල් ඉගෙන ගත්තා. ප්‍රතික්ෂේප කරන හේතු දක්වන්න කියලා කියලා තිබ්බත් පුදුම හිතුනා එහෙමත් ප්‍රතික්ෂේප වෙනවද කියලා හිතලා. ඒ නිසයි මගේ පුද්ගලික අදහස ප්‍රකාශ කරේ.
      20 hrs · Like · 4
    • Anjula Weeranayake "නිදහස් ලොව නිදහස්ව දකින්න...
      සුන්දරත්වය විඳගන්න...
      සහෘදයන් හා බෙදාගන්න...


      මිතුදම අතරේ මැවුනු තක්සලාවක
      නැවුම් දේ සිතන්න...
      වටහා ගන්න...

      දැනුම බෙදාගන්න;
      යහපත්ව අදහස් දක්වන්න..."

      මෙන්න මේ පද පේලි ටික අතරෙ ප්‍රශ්නෙට පිළිතුරු තිබෙනව.

      විවිධ පුද්ගලන්ගේ රුචිකත්ව මත ප්‍රතික්ෂේප වීම දක්නට පුලුවන්.
      සමහරු මෙහි ජායාරූප පළකරන්නෙ ජනප්‍රියත්වය සහ likes සඳහා පමණයි. එවැනි පුද්ගලයන්ගේ ජායාරූප සඳහා ඔබ comment කල විට ඔවුන්ගේ වැරදි පෙන්වා දුන්විට ඔවුන් අතින් ප්‍රතික්ශේප වෙනව.

      ප්‍රතික්ෂේප වීමට තවත් කරුණක් වන්නේ "සුන්දරත්වය විඳගන්න" සත්‍ය වශයෙන්ම හැකි ජායාරූපයක ඔබ වැනි කලාව පැත්තෙන් බොහොම දැනුම සහිත පුද්ගලයෙක් එම ජායාරූපයේ වැරැද්දක් පෙන්වා දුන්විට එම වැරැද්ද මුල්කොටගෙන වෙනත් අය එම ජායාරූපයට පහර ගැසීමට උත්සහ දැරීමයි. එවිට එම ජායාරූපය පළකළ පුද්ගලයා එම සිද්දියට හේතුව ඔබ යැයි සිතා ඔබව ප්‍රතික්ෂේප කරනව.
      18 hrs · Unlike · 1
    • Prasad Rathnayaka ඔබතුමාගේ ඉවසීම නම් ඉතාම ඉහලයි .ඔබදරන දේශපාලනික මතය සමග සමහර කෙසේ වුවත් එය ඔබේ මතය .(පුද්ගලික )
      ඔබෙන් උගත් දේවල් බොහෝයි ..දීර්ගායු වේවා
      17 hrs · Like · 1
    • Athula Siriwardhane .
      අංජුල කියන්නෙ මගේ වරදක් නෑ
      මම කරන හොඳ

      වැරදි විදියට දකින නිසා
      මාව ප්‍රතික්ෂේප වෙනවා. smile emoticon
      17 hrs · Like · 1
    • Athula Siriwardhane .Prasad...
      දේශපාලන මත
      වෙනත් සම්බන්ධතා වලදි බලපාන

      මානයක් විය යුතු නෑ.
      දේශපාලන මත තාවකාලිකයි..
      හෙංචයියන්ගෙ ඇරෙන්න අනික් අයගෙ මත
      කාලීනව වෙනස් වෙනවා..
      17 hrs · Like · 5
    • Thilina Tharanga Perera අතුල සර් ව, මම හිතන්නේ වසර දෙකකට වැඩි කාලයක් පටන් මම දන්නවා. කාරණා කීපයක් කියන්නම්.

      මට මුලින්ම සර් ව මුණ ගැහෙන්නේ Phototalk page එකේ මගෙ candid පින්තූරෙකට, ඉන්ද්‍රනාත සර්ත්, දිනේෂ් ඩෙකර් අයියත් එක්ක මට නොසෑහෙන්න දොස් පවරපු වෙලාවේ. ඒ දවස් වල හොරෙන් කෙන
      ෙක් ගෙ photo එකක් ගන්නවා කියන්නෙ තරමක දෝශ දර්ශනයට ලක්වන කාරණයක්. හැබැයි, පුදුමෙකට වගෙ මගේ පැත්තට කතා කලේ අතුල සර් විතරයි. ( මොකද ඒ කාලේ චරිත හරි බලවත්.) හැබැයි අන්තිමට අතුල සර් ගෙ තර්කවලට එයාලට උත්තර දෙන්න බැරුව, දවස් ගානකට පස්සෙ සංවාදය නැවතුනා. අතුල සර් ඒ වෙද්දි දැන් කරන් යන Blog සහා FB page එකක්වත් ආරම්භ කරලා තිබ්බෙ නෑ.

      අතුලා සර් ව කෙනෙක් ප්‍රතික්ෂේප කරනවා නම් බොහෝ විට ඔහු/ ඇය මහා බක පන්ඩිතයෙක්. අනුන්ගේ අදහස් ඉවසන්නේ නැති කෙනෙක්. මොකද අතුල සර් කැමති නෑ කිසිම විටක පරාද වෙන්න. තමන් යම් තැනකදි දැනුමේ අඩුවක් තියනවා නම්, දවසක් දෙකක් හරි internet එක පීරල හරි එක හොයගෙන වඩා හොඳින් සන්නද්ධ වෙලා ආයෙ සටනට එනවා. ඒ වගේ අවස්ථාවලින් සිද්ධවෙන හොඳක් තමයි සර් වගේම බලන් ඉන්න අනික් අයත් සමහර විෂය කාරණ ගැන අලුතින් දැනගන්න එක. ඒක මම දකින විදිහට සමහර වෙලාවට විතරයි වැඩක් වෙන්නෙ.

      සර් ම කියනවා වගේ, "කිසිවිටෙක මෝඩයන් හා තර්ක නොකරන්න. ඔවුන් පළමුව ඔබව තමන්ගේ තත්වයට ඇද දමා, දෙවනුව අත්දැකීමෙන් පහර දෙනු ඇත".

      අන්තිමට ඒක බලන් ඉන්න මෝඩ නොවන අයට එපා වෙනවා. මොකද සර් ගේ ප්‍රතිමල්ලවයා/ යෝ, ඉවසීමේ සීමා පැනලා, මෝඩ සහා පහත් තත්වවලට පත් වෙනවා. ඒත් සර් නවතින්නේ නෑ. අන්තිමට කට්ටිය වටේ ඉඳන් ගල්, මුල් වලින් සර් ට ගහනවා. මොනවා උනත් සර් කිසි ගින්නක් නැතුව සර් ගේ අදහසම කියා හිටිනව. අන්තිමට අපිට ඒක එපා වෙන නිසා අපි වෙන වැඩක් බලගන්නවා. පස්සෙ බලද්දි නටපු නැටමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ. ඒක ලොකු හේතුවක් උනා සර් ව ප්‍රතික්ෂේප වෙන්න මට පෙනුන හැටියට මුල් කාලවලදි.

      සර් ආවේගශීලී නොවුනට, ආක්‍රමණශීලී වුණු අවස්ථා මට මතකයි. එකම වැරද්ද සමහර අය හැමදාම කරනකොට, සර් නිකන් ඉන්නෙ නෑ. පස්සෙ යම් පිරිසක් එකතුවෙලා සර් දාන දාන post සහ comment වලට මඩ ගහන්න ගත්ත. ( නම් ගම් කියන්න බෑ. මොකද, සමහර චරිත තාම බලවත්). එතනින් තමයි සර් පොර පිටියෙන් වෙන් වෙලා, තමන්ගේ මගක් හදාගත්තෙ. සජිත් අයියා එක්ක සර් සම්බන්ධවීම මම විශ්වාස කරන්නේ ලොකු වෙනසකට හේතු වුණු දෙයක්. මම සර් ට ඒක පුද්ගලික පණිවිඩවලදි පවා කියලා තියනවා, සර් ට මතක ඇති නම්.

      දේශපාලන, ආගමික, කලා ඕනෑම මාතෘකාවකදි උනේ ඕක කියලයි මට තේරුම් ගියේ.

      මම සර්ගේ දක්ක ප්‍රභලම ලක්ෂණය තමයි, නිරීක්ෂණය කරලා, ප්‍රශ්න කරලා, තර්ක කරල, ගවේශනය කරල මාරම දැනුමක් හොයාගෙන යන එක. තර්ක කරද්දි තමන්ගේ ප්‍රතිමල්ලවයා කව්ද කියලා බලන්නේ නෑ. ප්‍රශ්නේ තියෙන්නේ හැමෝටම තර්ක කරන එක දිරවන්නේ නෑ. සර් ගේ තර්ක වල මම වැරද්දක් නොදකින්නේ, ඒවා මෝඩ තර්කවත්, කාලය කාදැමීමටවත්, කෙනෙක් අමාරුවේ දැමීමටවත් කරන ඒවා නොවන නිසා. සර් එතනිනුත් බලන්නේ අලුත් දැනුමක් උපද්දවා ගන්න.

      කොහොම නමුත් සෑහෙන බාධක මැද්දේ සර් ලොකු ගමනක් ඇවිල්ල තියනවා. ඒ තැනට යන්න ලොකුම උදව්ව කළේ නම්, සජිත් අයියාවත්, අනික් සර් ගේ හොඳ කියන මිනිස්සුවත් නෙමෙයි. ඒකෙ ලොකුම ගෞරවය සර්ව අමාරුවෙ දාන්න හදපු හැමෝටම යායුතුයි. මම හිතන්නේ අතුල සර් මා එක්ක එකඟ වේවි ඒ සම්බන්ධයෙන් නම්..
      (මොකද අපි දෙන්නත් සෑහෙන පාරක් වාද කරල, එකඟතාවයක් නැතුව සංවාද නවත්තලා තියන නිසා. හැබැයි, ඒ එක පාරක්වත් ඒක පුද්ගලික මට්ටමට ගිහින් නෑ.)
      16 hrs · Edited · Unlike · 8
    • Athula Siriwardhane ස්තූතියි තිළිණ..
      මම වාදයක් අතරමග නවත්තන්නෙ නැත්තෙ
      පරදින්න අකමැති නිසා නෙමෙයි..

      අනෙක් තැනැත්තා ඇත්තටම නිවැරදි නම්
      මම ස්තූතිපූර්වකව පරදින්න කැමතියි.
      මම නතර නොකරන්නෙ
      ඉදිරියට යන තරමට අලුත් කෝණ වලින්
      දකින්න පුලුවන් වෙන නිසා.
      මමත් ඉගෙන ගන්න කෙනෙක්..

      මම ඡායාරූප ශිල්පී සංගම් වලට කැමති
      ප්‍රධානම හේතුව නම්
      ඉගෙනගන්න කැමති සමාජිකයන්
      වැඩිම පිරිසක් ඉන්නෙ මේ සමූහ වල. නිසා
      ඒ වගේම කාලයත් සමග
      වර්ධනය වෙන පිරිසක් ඉන්නෙත්
      මේ සමූහ වල.

      ඒත් කුමක් හෝ ගැටළුවක් නිසා
      පහසුවෙන් හැදෙන්න පුලුවන්
      දක්ෂ නවකයන් විශාල පිරිසක්
      ලැබෙන සම්පත් වලින්
      නිසි ප්‍රයෝජන ගන්නෙ නෑ කියා හිතෙනවා.
      ප්‍රවීණයන්ගෙ බාල නිර්මාණත් අගය කරන
      නවකයන් බහුතරයක්
      දක්ෂ නවකයන්ගේ ඡායාරූප
      නිකන්ම යට යන්නට ඉඩ දෙන එක පාඩුවක්..

      මානස වැනි
      නවකයන්ගේ ඡායාරූප
      නවකයන් විසින්ම
      විශ්ලේෂණය කළයුතුයි..
      16 hrs · Like · 7
    • සිත් ඇඳි රූ මම කියන්නම් කෙටිෙයන් කරැණක්....ඔහුගෙන් වල් පල් නැති ඔබ දුප නැති බෝහෝ දේ අපිට ගන්න පුලුවන් ......ඒ්ක මං අත්දැක්ෙමන් දන්නවා.....ඔහු ගොඩක් සරල හොද වැදගත් ජිවිතයක් ගත කරන සොදුරැ අපුරැ මිනිසෙක්.......
      15 hrs · Unlike · 5
    • Thilina Tharanga Perera සමාවෙන්න ඒ වැරදි අර්ථකතනයට.

      තව දෙයක් කියන්න අමතක වුණා. සර් ට ගොඩක් ප්‍රශ්න එන්න තවත් හේතුවක් තමයි, චරිත කේන්ද්‍රිය කල්ලිවලට සහා ගතානුගතික අදහස්වලට ප්‍රතිලෝමව සමහර නිර්මාණ සහ අදහස් මාර්කට් කිරීම. නැතිනම් වේදිකාවට ගෙන ඒම.


      ඒකෙන් සර් ගොඩක් සතුරන් හදාගත්තා. කොක්කුන්ගේ සුදු පාට බඩවල් උන් ඉගිලෙද්දි අපි දැක්කා. සමහරු තරහවෙන්න ඕන ඇයි කියලාවත් දන්නේ නැතුව සර් එක්ක තරහ වුණා.

      උදාහරණයක් විදිහට, "ඡායාරූපයකට අඩුම තරමේ එක් වස්තුවක් හෝ තිබීම අවශ්‍යම ද..?" කියන ප්‍රශ්නේ ඇහුවම, ඒ දවස්වල ඒකට එකේක විදිහේ උත්තර ආවා. මට තේරුනෙත් නෑ. පස්සෙ දවසක උපුල් දයාවංශ අයියා Abstract Art Photography ගැන කියද්දි තමයි මටත් click වුණේ

      සර් කරපු හැමදෙයක්ම හරි කියලා මම කියන්නේ නෑ. මොකද රෝමය හැදුනේ දවසින් නෙමෙයි. එඩිසන්ට එක පියවරෙන් බල්බ් එකක් හදන්න පුළුවන් වුණෙත් නෑනේ..
      14 hrs · Edited · Unlike · 4
    • Athula Siriwardhane .Thilina..
      මම අත්දැකීමක් විදියටයි ජීවිතය ගන්නෙ..
      මතක තියන දේවල් අඩුයි..

      උදාහරණයක් විදිහට, "ඡායාරූපයකට අඩුම තරමේ එක් වස්තුවක් හෝ තිබීම අවශ්‍යම ද..?" කියන ප්‍රශ්නේ ඇහුව බවවත් මට මතක නෑ.

      දන්න දේවල් අමතක වුණාට කමක් නෑ.
      නොදන්න දේවල් වල ඉතුරු වෙන්නෙ මතකය විතරයි..
      ඒ මතකය කවදාවත් වැඩක් නොවෙන්න පුලුවන්.
      2 hrs · Like · 1
    • Kasun Weerasinghe Athula sir methek kal aiya kiuwata sama wenna.oba thumage nidahas adahas walata mama hemadama garu kala.e wagema budu dahama pilibandawa thiyena denumata.math uthsaha karanawa yamak keemedi sanwara wenna.namuth thawamath mata eka karaganna beri wela thiyenawa.oba thumawa prathikshepa karanawanam kenek eka ohuge ho ayage mole tharama pradarshanaya karannak.aththa athi satiyen prakashakirima sambandhayen kiuwoth oba tharam kenek mama dakke nehe.theruwan saranai!
      1 hr · Unlike · 1
    • Priyantha Ranaweera Athula mahathma gen boho de igena gaththa.
    • Athula Siriwardhane Kasun, Hithawathwa amathana kenek kooma emathuwath mama kemathiyi.. Api kathaa karana dewal wala haraya thamayi wedagath..
    • Calvin Chinthaka Learn from each other's and be greatful. No one knows everything and no ones opinion is right or wrong all the time. So get what u can and ignour the rest smile emoticon spend more time taking more photos rather than arguing unless u want to be a lawyer