සිරිධම්ම හිමි ත්‍රිපිටකය කටපාඩම් කළාට
සමථ විපස්සනා දෙකම දන්නෙ නෑ.
ඔහු සමථ භාවනාව සම කරන්නෙ
සාමාන්‍ය මිනිසෙක් වරකට එක බැගින්...
නොයෙක් අරමුණු පස්සෙ හඹා යන ගමනටයි.
සමථ භාවනාව යනු එක අරමුණක
බොහෝ වෙලාවක් සිත රඳවා තබා ගැනීම බවත්
එහි අරමුණ
නොයෙක් අරමුණු පස්සෙ හඹා යන සිත දමනය කිරීම බවත්
සිරිධම්ම හිමි දන්නේ නෑ.
සිරිධම්ම හිමිගේ ගෝලයන්
භාවනා ගැන කිසිවක් නොදන්නා බව
ඔවුන් හා කළ සංවාද වලින් පැහැදිලි වුණා.
එවැනි සංවාදයක කොටසක් මේ.
සමථ විපස්සනා දෙකම දන්නෙ නෑ.
ඔහු සමථ භාවනාව සම කරන්නෙ
සාමාන්‍ය මිනිසෙක් වරකට එක බැගින්...
නොයෙක් අරමුණු පස්සෙ හඹා යන ගමනටයි.
සමථ භාවනාව යනු එක අරමුණක
බොහෝ වෙලාවක් සිත රඳවා තබා ගැනීම බවත්
එහි අරමුණ
නොයෙක් අරමුණු පස්සෙ හඹා යන සිත දමනය කිරීම බවත්
සිරිධම්ම හිමි දන්නේ නෑ.
සිරිධම්ම හිමිගේ ගෝලයන්
භාවනා ගැන කිසිවක් නොදන්නා බව
ඔවුන් හා කළ සංවාද වලින් පැහැදිලි වුණා.
එවැනි සංවාදයක කොටසක් මේ.
Athula Siriwardhane
ප්‍රශ්නය පැහැදිලිව තේරුම් ගන්න.
සිත ශූන්‍ය කරගෙන රහත් වෙන්න
කියා සිරිධම්ම කියනවා.
සිත ශූන්‍ය වීමෙන් රහත් වෙනවා කියා
බුදු දහම තුළ ඇත්තේ කොතනකද?
ත්‍රිපිටකයෙන් පෙන්වන්න.
ඔබ පෙන්වන පාඨයෙ ඒ තේරුම තියෙන්න ඕන.
සිත ශූන්‍ය වීමෙන් රහත් වෙනවා කියා
බුදුන් වහන්සේ කියා නැහැ.
සිරිධම්ම කියන සුඤ්ඤතාවය ගැන කතා කරමු.
සිත ශූන්‍ය වීමෙන් රහත් වෙනවා කියා
බුදු දහම තුළ ඇත්තේ කොතනකද?
සිරිධම්ම කියන්නෙ
"සිත ශූන්‍ය වීමෙන් රහත් වෙනවා"
ඔබ පෙන්වන පාඨයෙ ඒ තේරුම තියෙන්න ඕන
-------------------------------------
Harith Kumarasinghe
රහත් වෙන එකම මග,
සුඤ්ඤත අනිමිත්ත අප්පනිහිත මාර්ගයයි.
රාග අභිඤ්ඤා සූත්‍රය.
’’මහණෙනි, රාගය විශෙෂයෙන් දැනීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි.
’’මහණෙනි, රාගය විශෙෂයෙන් දැනීම සඳහා මේ ධර්‍ම තුන වැඩිය යුතුය.
’’භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
රාග පරිඤ්ඤා සූත්‍රය.
’’මහණෙනි, රාගය පිරිසිඳ දැනීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි.
’’මහණෙනි, රාගය පිරිසිඳ දැනීම සඳහා මේ ධර්‍ම තුන වැඩිය යුතුය.
’’භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
රාග පරික්ඛය සූත්‍රය.
’’මහණෙනි, රාගය සහමුලින්ම ක්‍ෂය කිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි.
’’මහණෙනි, රාගය සහමුලින්ම ක්‍ෂය කිරීම සඳහා මේ ධර්‍ම තුන වැඩිය යුතුය.
’’භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
රාග පහාණ සූත්‍රය.
’’මහණෙනි, රාගය පහකිරීම සඳහා ධර්‍ම තුනක් වැඩිය යුතුයි. කවර තුනක්ද? සුඤ්ඤත සමාධියද, අනිමිත්ත සමාධියද, අප්පණිහිත සමාධියද වෙයි.
’’මහණෙනි, රාගය පහකිරීම සඳහා මේ ධර්‍ම තුන වැඩිය යුතුය.
’’භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. සතුටු සිත් ඇත්තාහු භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.
-------------------------------------
Harith Kumarasinghe
මමපෙන්වා දෙනකම් ඔබ ශූන්‍ය වීම යනු ආත්මදෘෂ්ටියෙන් මිදීම කියලා ඔබ දන්නේ නැහැ.. ඔබ නැවත අහනවා මමත්වය දුරු කිරීමෙන්, අතම දෘෂ්ටියෙන් මිදීමෙන් රහත් වෙනවා කියලා බුදු දහමේ කොතනද තියෙන්නේ කියලා..
බුදු දහමේ හැමතැනම තියෙන්නේ එක තමයි...
සතර සතිපට්ටානයේ අවසානයේ එන්නෙත් සුඤ්ඤත චේතෝ විමුක්තියට. අයියෝ....
-------------------------------------හරිත් කියන ආකාරයට
ශූන්‍ය වීම යනු ආත්මදෘෂ්ටියෙන් මිදීම
එකක් නොවන බව
මේ ලිපියෙන් පැහැදිලි වෙයි
Athula Siriwardhane .
රාගය ප්‍රහීණ කරන්නට වඩන සමාධි
සමථ භාවනා වලට අයත් වෙන බව
හරිත් දන්නවාද?
-------------------------------------
Harith Kumarasinghe
අන්කල්.. මෙතන තියෙන්නේ රාග ක්ෂය කිරීම.
සමත භාවනා වලින් රාගක්ෂය කරන්න බැහැ..
අන්කල් දන්නේ නැත්නම් දැනගන්න.
අනිත්‍යය - අනිමිත්ත
දුක්ඛ - අප්පනිහිත
අනාත්ම- සුඤ්ඤත
යන සමාධින් තුලින්ම තමයි අවබෝධ වන්නේ.
ඒ හැර වෙන මගක් නැහැ.
සතිපට්ටනයෙන් අවසානයට එන්නෙත් එතනට.
-------------------------------------
Athula Siriwardhane
සමථයෙන් රාගය ප්‍රහීණ වේ කියන්නෙ මම නොවෙයි.
බුදුන් වහන්සේයි..
අවිද්‍යාව ප්‍රහීණ කරන්න විපස්සනාව අවශ්‍යයි..
සූත්‍රය සොයා පෙන්වන්නම්.
-------------------------------------
Harith Kumarasinghe
අනේ අන්කල් තවත් විකෘති කරන්න එපා.
අවිද්‍යාව ප්‍රහීන වුනාමයි රාගය ක්ෂය වන්නේ.
අවිද්‍යාව ප්‍රහීන නොවී රාගයක් ප්‍රහීන වන්නේ නැහැ..
-------------------------------------
Harith Kumarasinghe
සමථයෙන් කරන්නේ රාගය යටපත් කරන එක.
ද්වේශය යටපත් කරන එක. :D
-------------------------------------
Harith Kumarasinghe
දැන් ශූන්යතාවය ගැන කතාව හිමීට මග ඇරියා.. :D :D දැන් සමතයක් අල්ලගත්තා...
-------------------------------------
Athula Siriwardhane
ඔබ අරන් ආවෙ නිවන් මග කියලා..
නිවන් මග කියා පිළිගන්නෙ කොහොමද..?
හරිත් පොඩ්ඩක් හිත ශූන්‍ය කරගෙන
ඉවසීමෙන් ඉන්න .. :)
-------------------------------------
Athula Siriwardhane
සූත්‍රය සොයා පෙන්වන්නම්.
-------------------------------------
Athula Siriwardhane
ද්‌වෙ මෙ, භික්‌ඛවෙ, ධම්‌මා විජ්‌ජාභාගියා.
කතමෙ ද්‌වෙ?
සමථො ච විපස්‌සනා ච.
සමථො, භික්‌ඛවෙ, භාවිතො කමත්‌ථ මනුභොති?
චිත්‌තං භාවීයති. චිත්‌තං භාවිතං කමත්‌ථමනුභොති?
යො රාගො සො පහීයති.
විපස්‌සනා, භික්‌ඛවෙ, භාවිතා කමත්‌ථමනුභොති?
පඤ්‌ඤා භාවීයති.
පඤ්‌ඤා භාවිතා කමත්‌ථමනුභොති?
යා අවිජ්‌ජා සා පහීයති.
රාගුපක්‌කිලිට්‌ඨං වා, භික්‌ඛවෙ, චිත්‌තං න විමුච්‌චති,
අවිජ්‌ජුපක්‌කිලිට්‌ඨා වා පඤ්‌ඤා භාවීයති.
ඉති ඛො, භික්‌ඛවෙ, රාගවිරාගා චෙතොවිමුත්‌ති,
අවිජ්‌ජාවිරාගා පඤ්‌ඤාවිමුත්‌තී’’ති.
අංගුත්තර නිකාය දුක නිපාත බාල වග්ග.
සිරිධ්ම්ම හිමි උගන්වන්නෙ
සමථ බව මෙයින් වැටහෙනවා.
විපස්සනාව වැරදියි කියාත් වැටහෙනවා.
-------------------------------------
Athula Siriwardhane
මහණෙනි, මේ විද්‍යාභාගීය ධර්‍මයෝ දෙදෙනෙකි.
කවර දෙදෙනෙක යත්:
ශමථය හා විදර්‍ශනාව හා යන දෙදෙනායි.
මහණෙනි, ශමථය වඩන ලද්දේ කිනම් අර්ථයක් සපයා ද?
මාර්‍ගචිත්තය වැඩෙයි.
වැඩුනු සිත කිනම් අර්ථයක් සපයා ද?
යම් රාගයෙක් වේ නම්, එය ප්‍රහීණ වේ.
මහණෙනි,
විදර්‍ශනාව වඩන ලද්දී කිනම් අර්ථයක් සපයා ද?
මාර්‍ගප්‍රඥාව වැඩෙයි.
වැඩුනු ප්‍රඥාව කිනම් අර්ථයක් සපයා ද?
යම් අවිද්‍යායෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
මහණෙනි,
රාගයෙන් කිලිටි වූ සිත නො මිදෙයි.
අවිද්‍යායෙන් කිලිටි වූ ප්‍රඥාව නො වැඩෙයි.
මහණෙනි,
මෙසේ වනාහි රාගයාගේ ක්‍ෂයවිරාගයෙන්
චිත්තවිමුකතිය වේ.
අවිද්‍යාවගේ ක්‍ෂයවිරාගයෙන්
ප්‍රඥාවිමුක්තිය වේ.
-------------------------------------
Harith Kumarasinghe
විපස්සනාවෙන් අවසානයට වෙන්නේ ලෝකය ශූන්‍ය වශයෙන් අවබෝධ වීමයි..
එනම් අනාත්මය අවබෝධ වීමයි.
-------------------------------------
Harith Kumarasinghe
සුඤ්ඤත සමාධි සූත්‍රය
“මහණෙනි, අසංඛතගාමී මාර්ගය කවරේද? සුඤ්ඤත සමාධිය, අනිමිත්ත සමාධිය, අප්පණිහිත සමාධිය යන මේ අසංඛතගාමී මාර්ගයයි කියනුලැබේ.
-------------------------------------
Athula Siriwardhane
මහණෙනි,
ශමථය වඩන ලද්දේ කිනම් අර්ථයක් සපයා ද?
මාර්‍ගචිත්තය වැඩෙයි.
වැඩුනු සිත කිනම් අර්ථයක් සපයා ද?
යම් රාගයෙක් වේ නම්, එය ප්‍රහීණ වේ.
-------------------------------------
Athula Siriwardhane මහණෙනි,
විදර්‍ශනාව වඩන ලද්දී කිනම් අර්ථයක් සපයා ද?
මාර්‍ගප්‍රඥාව වැඩෙයි.
වැඩුනු ප්‍රඥාව කිනම් අර්ථයක් සපයා ද?
යම් අවිද්‍යායෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
-------------------------------------
Harith Kumarasinghe
අවිද්‍යාව ප්‍රහීන වන්නේ ලෝකය ශූන්‍ය වශයෙන් අවබෝධ වූ කල්හිය..
අවිද්යාවම යනු ලෝකය ආත්ම ලෙස ගැනීමය.. :D
-------------------------------------
Athula Siriwardhane
දැන් මේ ප්‍රශ්නයට පිළිතුරු සොයා පල කරන්න. :)
ප්‍රශ්නය පැහැදිලිව තේරුම් ගන්න.
සිත ශූන්‍ය කරගෙන රහත් වෙන්න
කියා සිරිධම්ම කියනවා.
සිත ශූන්‍ය වීමෙන් රහත් වෙනවා කියා
බුදු දහම තුළ ඇත්තේ කොතනකද?
-------------------------------------
Harith Kumarasinghe
//මහණෙනි, මේ විද්‍යාභාගීය ධර්‍මයෝ දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: ශමථය හා විදර්‍ශනාව හා යන දෙදෙනායි. මහණෙනි, ශමථය වඩන ලද්දේ කිනම් අර්ථයක් සපයා ද? මාර්‍ගචිත්තය වැඩෙයි. වැඩුනු සිත කිනම් අර්ථයක් සපයා ද?යම් රාගයෙක් වේ නම්, එය පැහෙයි (ප්‍රහීණ වේ.) මහණෙනි, විදර්‍ශනාව වඩන ලද්දී කිනම් අර්ථයක් සපයා ද? මාර්‍ගප්‍රඥාව වැඩෙයි. වැඩුනු ප්‍රඥාව කිනම් අර්ථයක් සපයා ද? යම් අවිද්‍යායෙක් වේ නම් එය පැහෙයි. මහණෙනි, රාගයෙන් කිලිටි වූ සිත නො මිදෙයි. අවිද්‍යායෙන් කිලිටි වූ ප්‍රඥාව නො වැඩෙයි. මහණෙනි, මෙසේ වනාහි රාගයාගේ ක්‍ෂයවිරාගයෙන් (ඵලසමාධිසඞ්ඛ්‍යාත) චිත්තවිමුකතිය වේ. අවිද්‍යාවගේ ක්‍ෂයවිරාගයෙන් (ඵලප්‍රඥාසඞ්ඛ්‍යාත) ප්‍රඥාවිමුක්තිය වේ.///
මෙතන කියන්නේ සමත සහ විපස්සනා දෙකේම කාර්ය ගැන.
සමතය වැදීමෙන් මාර්ග චිත්තය පහල වෙනවා.
ඒ කියන්නේ ඒ තුලින් මාර්ගය පැහැදිලි වෙනවා.
එය රාගයේ නැසීම පිණිස උදව්වක් වෙනවා.
විපස්සනාවෙන් වෙන්නේ ප්‍රඥාව ඇති වීම,
මේකේ විපස්සනා කොටස නැතුව තනියෙන් රාගය ක්ෂය වෙනවා කියන්නේ නැහැ.
එහෙම කියලත් නැහැ. අතුල එතනත් සූත්‍රය විකෘති කරනවා.
මේ සූත්‍රයේ තියෙන්නේ සමත සහ විපස්සනා සමගාමීව යන ආකාරයක්. hahahahhaha :D
අනේ අන්කල් තවත් නම් විකෘති කරන්න එපා.
-------------------------------------
Athula Siriwardhane .විකෘති වෙන්නෙ හරිත් අතින්
ඔබයි පැහැදිලි කරන්න යන්නෙ
මම ඉදිරිපත් කලේ සූත්‍රය විතරයි :D
-------------------------------------
Athula Siriwardhane .
සමථය වැඩීමෙන් රාගය ප්‍රහීණ වෙනවා.
එදා සම්මා දිට්ඨි එකෙත් සිරිධම්ම හිමි කිව්වෙ..
"මා එක්ක ආවොත් රාගය ප්‍රහීණ වෙනවා" කියලා
විපස්සනා වැඩෙන්න නම්
මේ හතරම තියෙන්න ඕන..
, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.
කවර වූ සතරෙක්ද?
___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
-------------------------------------
සමථ භාවනාවෙන් රාගය ප්‍රහීණ වෙයි