මේ මගේ මිතුරාගෙ අදහස.
"බුද්ධාගමේ, උතුම් ශ්‍රාවකයෙකු (පාලි භාෂාවෙන් අරිය-සාවක) යනු බුද්ධත්වයේ අවස්ථා හතරෙන් එකක් ලබා ගත් පුද්ගලයෙකුට ය: ධාරාවට ඇතුළුවීම (සෝතාපන්න), වරක් ආපසු පැමිණි (සකදාගාමී), ආපසු නොඑන (අනාගාමී) සහ. රහතන් වහන්සේ (සම්පූර්ණයෙන්ම ඥානාන්විත)."
මේ මා ඔහුට දුන් පිලිතුර.
.
ඒ ඔබ බුදු දහම
දන්නා ප්‍රමාණය මත
ඔබට තියන ආකල්පයක් පමණයි.
ඔබ කියන්නෙ රතන සූත්‍රයට අනුව
ආර්ය සංඝ කියන වචනයේ
අර්ථ කථනය විනා
ආර්ය ශ්‍රාවකයා අර්ථ කථනය නොවේ.
තෙරුවන් සරණ ගිය කෙනෙක් ශ්‍රාවකයෙක්.
සීල, සමාධි, ප්‍රඥා වඩන කෙනෙක්
ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නෙ ඔහු තුළ
සම්මා වායාමය තියන නිසයි.
ආර්ය ශ්‍රාවකයා ගමන් කරන්නෙ
ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ.
සම්මා වායාම කියන්නෙ
නූපන් කුසල් දියුණු කරන්න
ඇති අකුසල් ප්‍රහාණය කරන්න
ශ්‍රාවකයා දරන වෑයමයි.
සම්මා වායාමය නිසා
ඔහු ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ
යහපත් වෑයමෙහි යෙදෙන
ආර්ය ශ්‍රාවකයෙක්.
"හරියටම කියනවා නම්
අකුසල් කියන්නෙ නීවරණ
කුසල් කියන්නෙ සතර සතිපට්ඨානය"
කියා කුසලරාසි අකුසල රාසි සූත්‍රවල
බුදුන් වහන්සේ කියනවා.
"ඇසූ පිරූ තැන් ඇති
ආර්ය ශ්‍රාවකයාට
කායික වේදනා පමණයි.
මානසික වේදනා නෑ"
කියා කියන අවස්ථාවේදී
ඔහුට සතිය පිටලා තියනවා.
සතර සතිපට්ඨානය සාර්ථකයි.
කායික වේදනාවන්ට උපේක්ෂාවෙන්
මානසික වේදනා නැතුව
ඔහු වෙසෙන ඒ ක්ෂණය, ඒ මොහොත තුළ
සම්මා සතිය, සම්මා සමාධිය
ඔහුට පිහිටලා තියනවා.
සම්මා සතිය වඩන්න වෑයම් කරමින්
මොහොතෙන් මොහොතට, මොහොතෙන් මොහොතට
සතර සතිපට්ඨානය වඩන්නාගේ
ඒ යහපත් වෑයම අසාර්ථක වෙලාවටත්
ඔහු ගුණයෙන් ආර්ය ශ්‍රාවකයෙක්.
නූපන් කුසල් දියුණු කරන්න
ඇති අකුසල් ප්‍රහාණය කරන්න
ඔහු දරන වෑයම පවා
සම්මා වායාමයක් නිසා
ඔහු ආර්ය ශ්‍රාවකයෙක් වෙනවා.
බුදු දහමට අනුව
ශීල සමාධි ප්‍රඥා වඩන
කුඩා දරුවා පවා ආර්ය ශ්‍රාවකයෙක්.
ඔහු ශ්‍රවණය කරන ආර්ය මාර්ගයේ
හාවෙක් වගේ හරි, ඉබ්බෙක් වගේ හරි
ගමන් කරන ඕනෑම කෙනෙක්
ආර්ය ශ්‍රාවකයෙක්.