20121231

මරණයට පත් කළ යුත්තේ ස්ත්‍රී දූෂකයාය


අසරණ අහිංසක ළදරුවාට
මරණය උරුම කරන
විද්වත් සමාජය
ස්ත්‍රී දූෂකයාට
මරණ දඬුවම පමුණුවන්නේ
නැත්තේ ඇයි.?
 

 හේතුව ඉතා සරලය..

ස්ත්‍රී දූෂකයන්ගේ පාර්ශවය
ළදරුවාගේ මවගේ පාර්ශවයට වඩා වැඩිය
බලවත්ය.

සෑම පුරුෂයෙකු තුළම
ස්ත්‍රී දූ
කයෙකු සිටියි.
මරණයට පත් කළ යුත්තේ
ස්ත්‍රී දූෂණයෙහි යෙදෙමින්
"පුරුෂයා තුළ"
යෙහෙන් වැජඹෙන
කාමුක ස්ත්‍රී දූෂකයාය.

මරණයට පත් කළ යුත්තේ
කාන්තාවගේ අසරණකම් වලට
මුදලින්, තානාන්තර ව්වලින්,
බලපෑම් වලින් හෝ
ඇගේම කාමය ඇවිස්සෙමෙන්
ස්ත්‍රී දූෂණයෙහි යෙදෙමින්
පුරුෂයා තුළ යෙහෙන් වැජඹෙන
කාමුක ස්ත්‍රී දූෂකයාය.

මරණයට පත් කළ යුත්තේ
ඒ දූෂිත සිත නිසා
උපදින්නට යන
අසරණ ළදරුවා නොවේ.
හිට්ලර් කෙනෙකු හෝ
අයින්ස්ටයින් කෙනෙකු විය හැකි
ළදරුවා නොවේ.

මරණයට පත් කළ යුත්තේ
ස්ත්‍රී දූෂණයෙහි යෙදෙමින්
පුරුෂයා තුළ යෙහෙන් වැජඹෙන
කාමුක ස්ත්‍රී දූෂකයාය.

වැටකොටු බැඳිය යුත්තේ
පුරුෂයා තුළ යෙහෙන් වැජඹෙන
නිදැල්ලේ හැසිරෙන
කාමුක ස්ත්‍රී දූෂකයා
ටය.

එය කරන්නට
ස්ත්‍රී දූෂණය වරදක් ලෙස පෙනෙන
ඊට එරෙහි ශීලාචාර සිත් ඇති
සමාජයක් තිබිය යුතුය.
රට කියන්නේ නායකයන්
සහ බහුතර ජනතාවගෙ
සිතුම් පැතුම් වල
පිළිබිඹුවක්.

කිසියම් පුද්ගලයෙකුට
ගබ්සා නීතිය අවශ්‍ය වන්නේ
කාන්තාවක් සමග
අනාචාරයේ යෙදෙන්නාටයි.

රටේ නායකයන් සහ බහුතරයක්
අනාචාරයේ යෙදෙන රටක
බහුතරයකගේ පැතුම
ඉටුවෙනවා.