20160529

කෙලෙස් යටපත් වෙන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ????



Asanka Wijesekara 
කෙලෙස් යටපත් වෙන ආකාරය පැහැදිලි කරන්න පුලුවන්ද ????
---------------------------------------------

කෙලෙස් වලින් සිත පිරිසිදු කරගන්න
 ක්‍රම දෙකයි ලෝකෙ තියෙන්නෙ.
එකක් තාවකාලිකයි.
අනික සදාකාලිකයි. නිවන දක්වාම පවතිනවා.
1, සමථ
2, විපස්සනා

සමථ ක්‍රමයට කරන්නෙ
 කෙලෙස් ඇවිස්සීමෙන් කැළඹුණ හිත
 නිවා ගැනීමයි.
අරමුණ වෙනස් කිරීමෙන් කරනවා.
පොත්පත් කියවීම, ගීත ඇසීම වගේ
 ක්‍රම අනන්තයි.
පැරණි අරමුණු
 අලුත් අරමුණු නොගැනීමෙන් කරනවා.
ඇවිත් තියන සිතුවිලි
 බලා ඉඳීමෙනුත් කරන්න පුලුවන්..
මේ සියල්ලෙන්ම කරන්නෙ
 කෙලෙස් මතු කරන අරමුණෙන්
 සිත අයින් කරලා
 හිත මෝහයට පත් කිරීමක්.
නිදා ගන්න එකත් අයිති වෙන්නෙ
 අරමුණු නොගැනීමෙ ක්‍රමයට.
නිදා ගන්න කෙනාගෙ හිත ශූන්‍යයි.
ඒ නිද්‍රාවට අවදියෙන් පත්වෙන්නත්
 කෙනෙකුට පුලුවන්.
සිරිධම්ම කියා දෙන්නෙ ඒ ක්‍රමයයි.
ඒත් ඔහුට සවන් දෙන වෙලාවට හිත නිවෙන්නෙ
 ඔහුගෙ කතා කිරීමෙ දක්ෂ කම අනුව
 ඔබේ හිත පැනයා නොදී රඳවා ගන්න
 ඔහු තුළ ඇති හැකියාවයි.
ඒ හැකියාව මහින්දටත් තියනවා.
ඥාණසාරටත් තියනවා,
ඔවුන්ටත් ලෞකික ධ්‍යාන තියනවා.
ලෞකික ධ්‍යාන තියන කෙනෙක්
 මීමැසි රැජිනක් වගෙයි.
ඔවුන් වටා කල්ලියක් රොක්වෙනවා.
ඔහුගෙ අදහසවලට ගැලපෙන පිරිසක්
 ඔවුන් වටා රොක්වෙනවා.

මහින්ද මොකක් හරි ආගමකින් වචන ටිකක් අහුලගෙන
 ඔහුට ඕන විදියට පද පෙරළලා කිව්වා නම්
 ඔබලා වගේමෙ එකත් පස්ව
 ඔය මහින්ද පාක්ෂිකයන් ඔහු ඇසුරෙන්
 හිත නිවා ගන්නවා.
සිරිධම්ම මහින්ද දෙන්නටම
 ලේ හලන කැරැල්ලක් ඇති කරන්නත් පුලුවන්.
ඥාණසාර තමන්ගෙ ධ්‍යානය රැක ගත්තා නම්
 ඔහුටත් ඒ දේවල් දෙකම කරන්න පුලුවන්.
ඔහුගෙ චර්යාව නිසා ධ්‍යානය පිරිහෙනවා.
ඒ වගේම ධ්‍යානය පවත්වාගන්න
 මත්පැන් බීමෙන් ධ්‍යානය පිරිහෙනවා.
සමාජයෙ හැසිරීමෙන් ධ්‍යානය පිරිහෙනවා.
කෙලෙස් මතුවීමෙන් ධ්‍යානය පිරිහෙනවා.

ධ්‍යානය පිරිහෙන්නෙ
 ඒ මිථ්‍යා ධ්‍යානය සමථයෙන් වැඩුණ නිසා.
ධ්‍යානය තාවකාලික නිසා. කෙලෙස් යටපත් කල නිසා.
ඒ කෙලෙස් නැවත මතු වෙන නිසා.

විදර්ශනාවෙදි
 අපි අරමුණෙන් සිත බැහැර කරන්නෙ නැහැ.
කවුරු හරිබණිනවා නම්
 ඔහුගෙ බැණීමෙන් කැළඹෙන්නෙ නැහැ.
ඔහුගෙ බැණීම නිසා
 තමන්ගෙ කැළඹෙන හිත සහ කය
 වෙනස්වෙන හැටි දකිනවා.
තමන් වගේම බණින කෙනාත්
 කැළඹිලා බව ඔහුට පෙනෙනවා.
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් ඉන්නවා.

කෙලෙස් නොනැවතී මතු වෙනවා.
ඒ උපදින කෙලෙස් වලට
 උපේක්ෂාවෙන් ඉන්න නිසා උපදින කෙලෙස් නිරුද්ධ වෙනවා.
හිත පිරිසිදු වෙනවා.
ඒ බණින අතරෙ
 ප්‍රතිවාදියා වැදගත් දෙයක් කියනවා නම්
 ඒ දේට සංවරව පිළිතුරු දෙනවා.
ඒ පිරිසිදු වීමෙන් උපදින්නෙ
 සම්මා සමාධිය නිසා කෙලෙස් මතුවුණාට
 ධ්‍යානය බිඳෙන්නෙ නෑ.
මුගලන් තෙරුන්ට ඇට කුඩු වෙන තුරු ගහලත්
 ධ්‍යානයෙන් පිරිහුණේ නැහැ.

විදර්ශනා වඩන
 කෙනෙක් හැසිරෙන ආකාරය
 බුදුන් වහන්සේ හැමතැනම
 විස්තර කරලා තියනවා.
ඒ හැම තැනකම
 සම්පජානෝ සතිය ත්යනවා.

කෙලෙස් යටපත් කරන කෙනාට
 තමන්ගෙ කයත් වේදනාත් අදාළ නෑ.
ඔහු කෙලෙස් නිසා කයත් වේදනාත් වෙනස්වෙන විදිය
 දකින්නෙ නෑ.
කයත් වේදනාත් දැක්කොත්
 ඔහුගෙ යටපත්වෙන කෙලෙස් මතුවෙන නිසා
 ඔහු තමා දකින්නෙ නෑ.
අරමුණ දකින්නෙත් නෑ.
හිත ශූන්‍යව තබා ගන්නවා.
ඒ ශූන්‍යතාවය නිසා
 කෙලෙස් යටපත් වෙනව..
කෙලෙස් යටපත් වෙලා සිත ශූන්‍ය වෙනවා.
විෂම චක්‍රයක් මගින්
 මිනිසා මෝහයට පත්වෙනවා.
ඔතු තමන් රහත්වුණා කියා හිතනවා.
අනුගාමිකයන් හැර ලෝකයම
 ඔහු පුහුදුන් කෙනෙක් ලෙස දකිනවා..
සිරිධම්ම උගන්වන ක්‍රමයෙන්
 කෙලෙස් යටපත් වෙනවා පමණයි..

ඔහුට සාමාන්‍ය සමාජයෙ හැසිරෙන්න බැහැ.
අනුගාමිකයො වට කරගන්නෙ නැතුව
 තනියම බස් එකේ ගමනක් යන්න බැහැ.
ඔහු මෛත්‍රීගෙ ආහාර ගැනීම විවේචනය කරන්නෙ
 ඔහුගෙ මානසික අංගවිකලභාවය වහගන්නයි.
දෙරණෙදි අමතන්නෙ කොහොමද කියල
 චතුර ඇහුවමත් ඔහු කෝප වුණා.
ඔහු සමාජයෙ හැසුරුණොත්
 කුණුහරුපත් කියැවේවි..
බුදුන් වහන්සේත් රහතන් වහන්සේලාත්
 සාමාන්‍ය සමාජයෙ හැසුරුණා.
ඔවුන්ට සිදුවෙන කිසිම දේකින්
 සම්මා සමාධිය බිඳුනෙ නෑ.