20160724

සිරිධම්ම හිමිට විවෘත අභියෝගයක්. 2016 ජූලි 24


වේදනා පච්චයා තණ්හා
මාතෘකා කරගෙන
පැය එකහමාරක හෝ දෙකක දේශනයක්
ඔබ කැමති තැනක පවත්වා
අන්තර් ජාලයට මුදා හැර
ඔබ රහතෙක් බව ඔප්පු කරන්න.

වේදනා පච්චයා තණ්හා දේශනය මගින්
එක් එක් වේදනාවෙන් තණ්හාව උපදින අයුරු විස්තර කරන්න.
 1
සුඛ වේදනාවෙන් තණ්හාව උපදින අයුරු ,
2
දුක්ඛ වේදනාවෙන් තණ්හාව උපදින අයුරු ,
3
අදුක්ඛමාසුඛ වේදනාවෙන් තණ්හාව උපදින අයුරු,
එකින් එක වෙන වෙනම විස්තර කරන්න.

බුදුන් වහන්සේ විසින්
කිසිදු ගුරු උපදේශයක් රහිතව සොයා ගත්,
බුදු දහමටම ආවේණික වූ මේ පරමාර්ථ සත්‍යය
මෙතෙක් කිසිදු ආගමක, විද්‍යාවක
ඡායා මාත්‍ර වශයෙන් හෝ සඳහන් වී නැත.

වේදනා යනු පටිච්ච සමුප්පාදයෙහි
සිත කය දෙකෙන්ම විඳ පසක් කළ හැකි එකම පුරුකයි.

සිතත් කයත් යා කරන පුරුක වේදනායි.
බාහිර ලෝකයත් සිතත් යා කරන පුරුක වේදනායි.
සමස්ත ජීවිතයම පෙරට ගෙන යන හේතුව වේදනායි.
සත්වයා විඳින සියලුම දේට මුල වේදනායි.

වේදනාව නිසා උපදින තණ්හාව
සියලු සත්වයා විඳින සසර දුකට හේතුවයි.
සමස්ත බුදු දහමේ කේන්ද්‍රය සහ හරය වේදනා පච්චයා තණ්හායි.

සුව වේදනා, දුක් වේදනා, නොදුක් නොසුව වේදනා නම් වූ
මේ වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි.
.
ලොවට අභියෝග කරන පරිදි ඔබ රහතෙක් නම්
සුව වේදනාවෙන් රාගානුසයය ප්‍රහීණ කළ අයුරුත්,
දුක් වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ කළ අයුරුත්,
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ කළ අයුරුත්
ඔබ මනාව දන්නවා ඇති.
මේ තුන් ආකාර වේදනා අනුසාරයෙන්
ආර්යශ්‍රාවකයා තෘෂ්ණාව සිඳින අයුරු
ඔබේ දේශනයෙන් විස්තර කරන්න.

ඔබ රහත් වී නැති බව ඔබටම පසක් වන්නට
ඔබේ මේ දේශනය හේතු වේවා.



<div class="fb-share-button" data-href="http://sansaranee.blogspot.com/2016/07/2016-24.html" data-layout="button" data-size="large" data-mobile-iframe="true"><a class="fb-xfbml-parse-ignore" target="_blank" href="https://www.facebook.com/sharer/sharer.php?u=http%3A%2F%2Fsansaranee.blogspot.com%2F2016%2F07%2F2016-24.html&amp;src=sdkpreparse">Share</a></div>
______________________________________________________________









Share this IMAGE