20180622

අඩ නිරුවත් රුවක් යෝනිසෝ මනසිකාරයෙන්......

. 
උපදින රාගයට උපේක්ෂාවෙන් විසීමයි,
නියම ක්‍රමය.

Athula Siriwardhane
Athula Siriwardhane මේ රූපයෙන් 
රාගය උපදින්නෙ නැත්නම්
ඒ හිතේ තියෙන්නෙ මෝහය.

මෝහය කියන්නෙත් ක්ලේශයක්.
ඒත් හිත අපිරිසිදුයි.
උපදින රාගයට උපේක්ෂාවෙන් විසීමයි
නියම ක්‍රමය.

ඔහුගෙ සංවේදී බවත් තියනවා.
සිතුවිල්ලකින්වත් වරදක් වෙන්නෙ නෑ.



Wikum Edirisinghe
Wikum Edirisinghe රාගය වැඩෙන සිත දෙස බලා සිටින්න එය උපරිම වන සැටිත් ක්‍රමයෙන් අඩුවන සැටිත් බලාසිටින්න
Manage

Athula Siriwardhane
Athula Siriwardhane .
සිත බලනවාට වඩා පහසුවෙන්
කයත් වේදනාත් දකින්න පුලුවන්.

එවිට සිත ශූන්‍යයි..
Manage

Wikum Edirisinghe
Wikum Edirisinghe පොඩි උදාහරණයක් දෙන්න.
Manage

Athula Siriwardhane
Athula Siriwardhane .
මේ රූපය බලද්දි රාගය ඉපදුණොත්
කයෙහි අදාළ වේදනා ඇති වෙනවා.

වේදනා දැකීමෙ සිහිය පුහුණු වුණාම
මේ වේදනා දකින්න පුලුවන්.
ඇත්තටම ඔබේ රාගය උපදින්නෙ
බාහිර රූපයට නොවෙයි.
ඔබ තුළ උපදින ප්‍රිය වේදනාවලටයි.
ඇසෙන් ස්පර්ශ කළ ඇය
කයින් ස්පර්ශ කරන්න ආසාවක් උපදින්නෙ
ඔබට ඒ වේදනා ප්‍රිය නිසයි.
කයෙහි ඇති වෙන වේදනාවලට
උපේක්ෂාවෙන් සිහියෙන් ඉන්නවා නම්
මේ අරමුණ ඉවත් වෙනවා.

ඔබ මෝහයට වැටෙන්නෙත් නෑ..
ඔබ කයෙහි වේදනා ගැන සිහියෙන් ඉන්නවා.
සිත ශූන්‍යව පවතිනවා.

Manage

Athula Siriwardhane
Athula Siriwardhane ස්වාභාවිකව 
හිතේ උපදින රාගය උල්පතක් වගෙයි..
හිඳෙන්නත් පුලුවන්.


මානසිකව සැලසුම් කරමින්
චිත්ත රූපයට පණ දෙමින්
පෝෂණය කරන කාමය තමයි
ස්ත්‍රී දූෂණවලට පවා
මග සකස් කරන්නෙ.
Manage

Wikum Edirisinghe
Wikum Edirisinghe ඇසෙන් ස්පර්ශ කල ඇය කයෙන් ස්පර්ශ කරන්න මුලින්ම ආශාව එන්නේ සිතට නෙවෙයිද
Manage

Athula Siriwardhane
Athula Siriwardhane සිතට ඒ රූපය එන්නෙ කෙලින්ම නොවෙයි...
ඇස ස්පර්ශකිරීමෙන් එන වේදනාව
සංඥාවෙන් ප්‍රිය වශයෙන් හඳුනාගන්නවා...

රාග සංස්කාරය උපදින්නෙ ඊට පස්සෙයි..
ඵස්ස, වේදනා, සංඥා, සංඛාර...
Manage

Athula Siriwardhane
Athula Siriwardhane මනස තියෙන්නෙ භෞතික රූපයට පසුපසින්..
Manage

Wikum Edirisinghe
Wikum Edirisinghe සිතිවිලි දැකීම පහසු අයෙකුට එය එසේ කිරීම වැරදීද
Manage

Athula Siriwardhane
Athula Siriwardhane සිතුවිල්ල කියන්නෙ
ඔබේ අත්දැකීම් කොටසක් විතරයි.
වේදනාව තමයි සිතුවිල්ලෙ මුල..

යෝනි සෝමනසිකාරය වෙන්නෙ
ස්පර්ශයෙ, වේදනාවෙ සිටම දැකීමෙන්.
යෝනිය සිත නොවෙයි.
යෝනිය ඇසයි..

සිතුවිල්ලක් කියන්නෙ කළල රුවක්....
වේදනාව දකින්නා තුළ
පිළිසිඳ ගැනීමක්වත් නෑ..
කළල රුව මවන්නෙ වේදනාවමයි.
Manage

Wikum Edirisinghe
Wikum Edirisinghe හ්ම් හ්ම්ම්....ස්තූතියි
Manage




පැනඩෝල් වලින් තණ්හාව නැති කරන්න පුලුවන්ද?.

බුදු දහමෙ පරම සත්‍යය
ඔබට මේ මොහොතෙම විමසා බලන්න පුලුවන්.

අනත්ත කියන්නෙ
මම කියා කෙනෙක් නෑ කියන එකයි..
"මම" කියා කෙනෙක් ඉන්නවා නම්
"මම" හිතන එක නවත්තන්න
මට පුලුවන් වෙන්න ඕන..
පැය ගණනක් වුණත්
ඉරියව් වෙනස් නොකර
ඉන්න පුලුවන් වෙන්න ඕන..
කාටවත් එහෙම කරන්න බෑ.
හුස්ම ගන්නවා වගේ හිතන එකත්
ඉබේට සිදුවෙන දෙයක්.
සමස්ත කයම දුවන්නෙ ඉබේට.

ඔබ රස සොයන්නෙ ඉබේට.
කයත් හිතත් වැඩ කරන්නෙ ඉබේට...
අනත්ත කියන්නෙ ඒකයි..
ඒක කාටත් පොදුයි..

දුකත් පොදුයි..
මිනිස්සු දුක් විඳින්නෙ තණ්හාව නිසා...
තණ්හාව උපදින්නෙ වේදනා නිසා
වේදනා උපදින්නෙ ස්පර්ශය නිසා...
මේ සත්‍යය
ඔබට මේ මොහොතෙම
විමසා බලන්න පුලුවන්.

ඉටිපන්දම් දැල්ලකට හෝ ගෑස් ලිපට
ඔබේ එක ඇඟිල්ලක් සෙමින් ළං කරන්න.
ඔබට මේ පරම සත්‍යය
මේ මොහොතෙම විඳ පසක් කරන්න පුලුවන්.

මිනිස්සු දුක් විඳින්නෙ තණ්හාව නිසා...
තණ්හාව උපදින්නෙ වේදනා නිසා
වේදනා උපදින්නෙ ස්පර්ශය නිසා
කියන සත්‍යතා කියවා කටපාඩම් කරන
ඇත්ත කියා අනවබෝධයෙන් පිළිගන්න
බෞද්ධයන් කොටසක් ඉන්න බව ඇත්ත.

පොත්පත් කියවා
බුදු දහම ගැන කතා කරන පිරිස
කවුරු වුණත් ඉන්නෙ
ඔවුන් මවාගන්න චිත්ත රූප
ඇත්ත කියා හිතන තලයකයි.
ඔහු ඒක ප්‍රසිද්ධියෙ කියද්දි
අහන කියවන දාහක් හිටියොත්
ඔවුන් එකිනෙකා මවා ගන්නෙ
එකිනෙකට වෙනස් චිත්ත රූප දාහක්.

මිනිස්සු දුක් විඳින්නෙ තණ්හාව නිසා...
තණ්හාව උපදින්නෙ වේදනා නිසා
වේදනා උපදින්නෙ ස්පර්ශය නිසා කිව්වාම
ඔබත් ඇතුළුව කියවන අයට
මේ ප්‍රකාශ වචන විතරයි.

අව්වෙ පිච්චෙන වෙලාවක
දාඩිය දමාගෙන පවන් ගහමින්
දුකෙන් මිදෙන්න වලි කන වෙලාවක
මේ හිතේ තියෙන්නෙ මේ අව්ව නිසා
මගේ හිතේ ඇතිවුණ තණ්හාව කියා
පොත්පත් කියවන අය හිතනවාද?

ඔහු දුක් විඳින්නෙ අව්ව නිසාද?
අව්වෙන් මිදෙන්න තියන උවමනාව නිසාද?

ඔහු ප්‍රශ්නය අව්ව කියා හිතුවාට
ඔහුගෙ ප්‍රශ්නය අව්වත් නොවෙයි.
අව්ව නිසා උපදින අප්‍රිය වේදනාවයි,
ඔහුට තියන ප්‍රශ්නය.

අව්වෙන් මිදෙන තණ්හාව උපදින්නෙ
අප්‍රිය වේදනාව නිසයි.
වේදනාව ඔහුට දැනෙන්නෙ ඇයි.
වේදනාව උපදින්නෙ ස්පර්ශයෙන්.
අව්ව ස්පර්ශයෙන් උපන් අප්‍රිය වේදනාව නිසා
තණ්හාව ඔහුට දුකක් වෙනවා.

බුදුන් වහන්සේ මේ රටාව දැක්කා.
මේ රටාව කාටත් සත්‍යයි.
"මිනිස්සු දුක් විඳින්නෙ තණ්හාව නිසා...
තණ්හාව උපදින්නෙ වේදනා නිසා
වේදනා උපදින්නෙ ස්පර්ශය නිසා "
මේ රටාව බොරුයි කියන්න සමතෙක්
මේ ලෝකෙ නෑ..

සියලුම නිර්වින්දක පවතින්නෙ
සියලුම වේදනා නාශක පවතින්නෙ
මේ සත්‍යය පවතින නිසයි.

කෙනෙක් පැනඩෝල් එකක් ගන්නෙ
මේ සත්‍යය නිසයි.

තණ්හාවෙන් උපදින දුකෙන් මිදෙන ක්‍රමයත්
බුදුන් වහන්සේ සොයා ගත්තා.

අව්ව ස්පර්ශයෙන් උපන් අප්‍රිය වේදනාව නිසා
තණ්හාවෙන් දුක් නොවිඳ ඉන්න ක්‍රමය
බුදුන් වහන්සේ හොයා ගත්තා.

අව්ව නොදැනෙන්න නිර්වින්දනය වීම
නිවැරදි ක්‍රමයක් නොවෙයි.
නිර්වින්දක වේදනා නාශක ගන්න අය
මානසිකව මෝහයට වැටෙනවා.

ඔවුන් වේදනා නැති වෙන විසක් බිව්වාම
ඔහුගෙ සංවේදී බව මැරෙනවා.
ඔහු අල්පමාත්‍රයකින් හෝ ඔහුගෙ කය
මළකඳක් බවට පත් කරනවා.

බුදු දහමෙන් ඔබට උගන්වන්නෙ
අව්ව ගැන සිහියෙන්, ස්පර්ශය ගැන සිහියෙන්
අප්‍රිය වේදනාව ගැන සිහියෙන්
තණ්හාව ඇති නොවෙන විදියට වසන්නයි.
සමස්ත බුදු දහමෙ හරය එයයි.
බුදු දහමෙන් පොදු මිනිසා ලබන
පළමු සහ ප්‍රධානම ප්‍රතිලාභය එයයි.

ස්පර්ශයකින් උපන් අප්‍රිය වේදනාව දැනෙද්දි
ඒ වේදනාවට උපේක්ෂාවෙන් ඉන්න හැකියාව
ඔබට බුදු දහම ඇසුරෙන් ලැබී නැත්නම්
ඔබට බුදු දහමෙන් ලැබෙන දේ අල්පයි.

කවදා හෝ මේ හැකියාව ලබා ගන්නාතුරු
ඔබ බුදුන් වහන්සේ දන්නෙ නෑ.

අව්ව ස්පර්ශයෙන් අප්‍රිය වේදනාව නිසා
තණ්හාවෙන් දුක් නොවිඳ ඉන්න හැකියාව
ඔබට ලැබෙන මොහොතෙ ඔබ ආර්ය ශ්‍රාවකයෙක්.
ඒ මොහොතෙ ඔබට කායික වේදනාව පමණයි.
මානසික වේදනාවක් ඔබට නෑ.

අව්ව තියනවා. අප්‍රිය වේදනාව තියනවා.
ඔබ ඒ දෙකම දන්නවා. උපේක්ෂාව තියනවා.
තණ්හාව නෑ...තණ්හාවෙන් උපදින දුක නෑ.
අථ නිබ්බින්දති දුක්ඛෙ, ඒස මග්ගෝ විසුද්ධියා.