20160630

ගිහියාත් පැවිද්දාත් නිදහස්, බුදුන් වහන්සේත් නිදහස්


බුදු සසුනෙ ගිහි පැවිදි දෙපිරිසේ
වගකීම අතර ලොකු පරතරයක් තියනවා.

බුදු දමට සම්බන්ධව
අතහැරීම ගැන කතා කරනවා නම්
ඔබ මේ දෙපිරිසේ වගකීම් හොඳින් අධ්‍යයනය කරන්න.

ගිහියන් කියන්නෙ
බුදුන් වහන්සේට නොබැඳුණු
සිය කැමැත්තෙන් දහම පිළිපදින
නිදහස් පිරිසක්.

බුදුන් වහන්සේත්
ඒ නිදහස් පිරිසට දහම් දෙසන
නිදහස් පුද්ගලයෙක්.

ගිහියන් පන්සිල් රකින්නවත්
බුදුන් වහන්සේට බැඳිලා නෑ.
ගිහියෙකුගෙ බැඳීම සරණ යෑම පමණයි.
ඒ තීරණය ගන්න තරම්
ශ්‍රද්ධාව තියන කෙනෙක්
බුදු දහම පිළිපදින අංශු මාත්‍රයක් පාසා
නිවනට ළං වෙනවා.

 

 පැවිද්දන්ගෙ බැඳීම වෙනස්.
පැවිද්දන්  සිය කැමැත්තෙන්
නිවන් දකින්න පොරොන්දු වෙලා සිවුර ලබාගෙන
බුදුන් වහන්සේගෙ විනය නීති මාලාව
නිසියාකාරව පිළිපදින්න
ඒ ඒ ශීලයන් රකින්න බැඳී සිටින
සිල් බිඳුණොත් දඬුවමට යටත්
සමාජය පිළිගත් ආයතනයක
යාවජීව සාමාජිකයන් පිරිසක්.
කැමති විටක සිවුර හැර යන්න
ඔවුන්ට නිදහස තියනවා.

ඔවුන් සතු එකම වගකීම
නිවන් ලබා ගැනීමට කටයුතු කිරීමයි.
ඔවුන් පැවිදිවෙන්නෙ ඒ පොරොන්දුව දීලයි.

හරියට මහණ දම් නොපිරුවොත්
දානය ඇතුළු සිවුපසයටම ඔවුන් ණයයි.
එසේ ලබන සිවුපසය සොරකමක්.

දුසිල් මහණුන් ලබන වැඳුම් පිදුම්
ලබන සිවුපසයත් ඔවුන්ට පව් පුරවනවා.

බුදු දහමට අනුව
ගිහියන් සහ පැවිද්දන්
දුකෙන් මිදෙන්න යන්නෙ
ස්වයං තීරණ මතයි.

බුදුන් වහන්සේ කරන්නෙ
අපේ ඉල්ලීම් වලට එකඟ වීමක්.

 
පන්සිල් අටසිල් කියන්නෙ
අපි දෙන පොරොන්දුවක්.
කවුරුවත් බල කරන්නෙ නෑ.


පැවිද්දත් ඒ වගෙයි.
නිවන් දකින්න පොරොන්දු වෙලා
සිවුර ලබා ගන්නෙ.

බුදුන් වහන්සේ කියන්නෙ
කල්ලි නායකයෙක් නොවෙයි.
කිසිවකින් නොබැඳුන
සර්වාකාරයෙන්ම නිදහස් පුදගලයෙක්.
තුන් සිවුරත් පාත්‍රයක් අතට අරන්
ඕන වෙලාවක එළියට බැහැලා
ඕන තැනක යන්න පුලුවන් කෙනෙක්.
එහෙම ගිය කෙනෙක්.

අපිත් ඒ වගේම නිදහස් පුද්ගලයන්.
දහම පිළිපැද්දොත් අපේ දුක නිවෙනවා.
අපි උන්වහන්සේට කෘතවේදී වෙනවා.
උන්වහන්සේගේ ගුණයට ණය ගෙවන්නයි
මම ඔබට මේ කතා කරන්නෙ.




20160629

පඨවි, ආපෝ, තේජෝ, වායෝ හැම තැනකම, හැම දේකම තියනවා.


පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන තැන
වායෝ කියන්නෙ ආශ්වාස ප්‍රශ්වාස කරන
වායුව නොවෙයි.
වායුවක තියන පාවෙන ගුණයයි..
පඨවි කියන්නෙ පොළව නොවෙය්.
දැඩි, තද ගතියයි.
ආපෝ කියන්න ගලායන ස්වභාවයට.
තේජෝ ගුණය කියන්නෙ උෂ්ණත්වය..


ජලය තුළ තේජෝ ගුණය අඩුවැඩි වෙනවිට
ජලය වෙනස් ආකාරවලට ප්‍රතිචාර දක්වනවා.

අයිස් වල තියෙන්නෙ පඨවි ගුණය.
ජලයෙ තියෙන්නෙ ආපෝ ගුණය.
ජල වාෂ්ප වල තියෙන්නෙ වායෝ ගුණය.
මේ තුනේ වෙනසට හේතුව
එකිනෙකට වෙනස් උෂ්ණත්වයන්.
උෂ්ණත්වය කියන්නෙ තේජෝ ගුණය.

ඔබට උණ ගන්නවා කියන්නේ
ඔබේ කයෙහි තේජෝ ගුණය වැඩි වීම.

හැම දේකම මේ ස්වභාවයන්
අඩුවෙන් වැඩියෙන් තියනවා.
චරිත වලත් තියනවා.
හැසිරීම් වල තියනවා.
විද්‍යාවෙ තියනවා.
පොදුවෙ කලාවෙ තියනවා.
සාහිත්‍යයෙ තියනවා.

සාහිත්‍යයෙදි
ගද්‍ය වල පඨවිගුණය වැඩියි.
කවියක ආපෝ ගුණය වැඩියි.
ගීතයක වැඩියෙන් තියෙන්නෙ වායෝ ගුණය.
වස්කවියක, ද්වේශයෙන් කියන කුණුහරුපවල
තේජෝ ගුණය වැඩියි.

තර්ජනයක පඨවිගුණය වැඩියි.
ඉල්ලීමක ආපෝ ගුණය වැඩියි.
බොරුවක වායෝ ගතිය හිස් බව වැඩියි.
ද්වේශයෙන් කියන කුණුහරුපවල
තේජෝ ගුණය වැඩියි.

ඔබ දන්න හැම තැනකම
මේ හතර තියනවා.


ජලය මෙන්ම ඔබත්
මේ ගුණ හතරට
වෙනස් ආකාරවලට ප්‍රතිචාර දක්වනවා.

මුස්ලිම් බැතිමතාටත් දුකෙන් මිදෙන මග බුදු දහමයි.


Ramzy Razeek
[[[ බෞද්ධ දර්ශනයේ අවසන් අරමුණ නිවනය. නිවන යනු නැවත උප්පත්තියකින් තොර තත්වයකට පත්වීමය. මනුශ්ය ජීවිතය යනු දුකකි. මේ දුකින් මිදීම සඳහා කලයුත්තේ නැවත ඉපදීම වලක්වාලීමය. ]]]


ඔබ මේ කතා කරන්නෙ
 සිඟිති පාසලේ ඉඳලම දුක් විඳගෙන
 කාටවත් ලොකු ප්‍රයෝජනයක් නැති
 නාමික උපාධියක් ලබන්න
 ජීවිතේ හොඳම කාලය ගත කරන
 හිස් පුද්ගලයන් ගැන කියනවා වගේ
 සානුකම්පිත හැඟීමකින්.

ඒත් බුදු දහමට අනුව හැසිරෙන කෙනෙක්
 බුදු දහම පිළ්පදින මොහොතක් පාසා
 ඔහු දුකෙන් මිදෙනවා.

පන්සිල් බිඳින කෙනෙක්
 පන්සිල් රකින මොහොතෙදි
 ඔහු දුකෙන් මිදෙනවා.
මිනිහෙක් මරන්න පිහිය උස්සලා
 පැත්තකට දැම්මොත්
 ඔහු දුකෙන් මිදෙනවා.

පන්සිල් රකින මොහොතෙදි
ඔහු බාහිර විඳින්න තියන දුකෙන් මිදෙනවා.
ඔහුට ඉතිරිවෙන්නෙ හිතේ දැවීම කැළඹීමයි.
සීලය අවසන් විසඳිම නොවෙයි.
දුකෙන් මිදෙන්න සමාධි ප්‍රඥාත් අවශ්‍යයි.

සමාධිය වඩලා
 කැළඹුණ හිත සමාහිත කරගත්තාම
 හිතේ දැවීමෙන්  කැළඹීමෙන් විඳින දුක නිවෙනවා.
හිතේ දැවීම කැළඹීම පවතින තුරු ඔහුත් දුක් විඳිනවා.

දුකෙන් මිදෙන මග සපිරෙන්න
හිතේ දැවීම කැළඹීම තිබුණත්
දුක් නොවිඳ ඉන්න ඔහු පුහුණු විය යුතුයි.
විදසුන අවශ්‍ය වෙන්නෙ
ඒ බව වැටහෙන තැනැත්තාටයි.

විපස්සනා වඩන කෙනෙකුට
 දුක පවතිද්දිමත්
 ඒ ගැන සිහියෙන් ඒ දුකට
 උපේක්ෂාවෙන් ඉන්න පුලුවන්.
ඔහු මානසික දුකත් විඳින්නෙ
 කායික වේදනා මට්ටමෙයි.
ඔහු කායිකව දුක් වින්දාට
 මානසික දුකක් නෑ.

දුකෙන් මිදිය යුත්තෙ මේ මොහොතෙයි.
බුදු දහම නිවන ගැන කතා කරන්නෙ දෙවනුවයි.

මේ මොහොතෙ සිට නිවන දක්වාම
 දුකෙන් මිදෙන්න බුදු දහම මග පෙන්වනවා.

Ramzy Razeek
[[[ පිලිගන්න බෑ. එක එක්කෙනා පරස්පර මත ඉදිරිපත්කරනවා. මුලින්ම බෞද්දයා එක මතයකට ආ යුතුය.
අතුල සහෝදරයාගේ විග්‍රහයට අනුව මේ බවයේදීම දුකින් මිදිය හැකිය. නමුත් බෞද්ද මූලාශ්‍රවල සඳහන් වන්නේ දුකින් මිදීමට නම් උපත නවතාලිය යුතු බවය. බෞද්ද මූලාශ්‍රවලට අනුව ජීවත්වීම දුකකි. ]]]]


බෞද්ධයන් දෙදෙනෙකුට
 එක මතයක් තිබිය නොහැක.
මතයන් සත්‍ය නොවේ.
දහම පිළි නොපදින කෙනෙක්
 එක් මතයක එල්බගෙන ජීවත් විය හැක.
එහෙත් දහම පිළිපදින
 එකම බෞද්ධයෙකු වුවද
 දිනෙන් දින බුදුන් වහන්සේ දෙසූ දේ
 වටහා ගනිමින් පසුවෙන්නෙකි.

බුදු දහම පුද්ගලානුබද්ධය.

මට කළ හැක්කේ
 බුදුන් වහන්සේ දෙසූ දේ
 පැහැදිලි කිරීමයි.
බුදුන් වහන්සේ කළේත් එපමණකි.

ඔබේ විමුක්තිය ඔබ සතුය.

ඔබ බුදු දහම ඉගෙනගෙන ඇත්තේ
 ඉතා කුඩා පටු මනසක් ඇති
 විනය පිළිනොපදින භික්ෂූන්ගෙන් විය හැක.

ඔබට බුදු දහම දැන ගැනීමට අවශ්‍ය නම්
 ප්‍රායෝගිකව බුදු දහම හදාරන්න.
මේ මොහොතේ දුකෙන් මිදෙන අයුරු
 ඔබට අත්දකින්නටත් පුහුණු වෙන්නටත් හැක.
ලොව පුරා මුස්ලිම් භක්තිකයන්
 මේ ක්‍රමය හදාරනවා.
http://vipassanapuhunuwa.blogspot.com/

Ramzy Razeek
[[[ ජීවිතය තුලදී 100% දුකින් මිදීම ප්‍රායෝගික නොවේ. දුකින් මිදීමට ගන්නා උත්සාහයද දුකකි. ඒ සඳහා වෙහෙස විය යුතුය. අප කැමති වුනත් නැතත් අපට ජීවිතය තුල අහිනිවීම් බොහෝය. ලෙඩ රෝගවලට ගොඳුරුවෙයි. විභාගවලින් අසමත් වෙයි. ඥාතීන්ගේ අභාවය අපව දුකට පත් කරයි. ]]]


ඔබ සැබැවින්ම දුක් විඳින්නේ
 මේ බාහිර සිදුවීම් නිසා නොවේ.
ඒ දේ පිළිබඳ දැන්ගැනීමෙන් පසු
 ඔබේ සිතත් කයත් තුළ සිදුවෙන
 වෙනස්වීම් නිසාය.

ජීවිතයේ සිදුවෙන සිදුවීම් නිසා
 ඔබ තුළ සිදුවෙන වෙනස් වීම්
 ඔබට අප්‍රිය නම්
 ඔබ දුක අත් විඳියි.
ඒ වෙනස ඔබට ප්‍රිය නම්
 ඔබ විඳින්නේ සැපකි.

ඔබට සැපක් හෝ දුකක් වන්නේ
 ඔබ තුළ ඒ මොහොතේ ඇතිවෙන
 වේදනා සමුච්චයයි.
කයත් සිතත් තුළ සිදුවෙන
 වෙනස් වීම් සමුච්චයට
 කය-වේදනා මට්ටමේදීම
 සිහියෙන් හා උපෙක්ෂාවෙන් දකින්නට
 සතිපට්ඨානයෙන් මග පෙනවයි.

තමා ගැන සිහියෙන් සිටීම
 ලොව කිසිදු දහමකට පටහැණි නැත.
මේ මොහොතේ
 කයත් සිතත් තුළ සිදුවෙන
 වෙනස් වීම් සමුච්චයට
 කය-වේදනා මට්ටමේදීම
 සිහියෙන් හා උපෙක්ෂාවෙන් වෙසෙන්නට
 ඔබට හැකි නම්
 ඔබේ සිතට දුකක් වේදනාවක් නැත.

මානසික වේදනා ගෙන දෙන
 සිත් රිදවන ප්‍රශ්න සියල්ලම
 ආර්ය ශ්‍රාවකයෙකුට
 කයෙහි වේදනාවක් පමණයි.

ඇසූ පිරූ තැන් ඇති
 ආර්ය ශ්‍රාවකයෙක්
 කායිකවූ එක් වේදනාවක් විඳී.
මානසික වේදනා නොවිඳී.

බුදුන් වහන්සේ ලොවට දායාද කළ
 දුකෙන් මිදෙන මග එයයි.

--------------------------
සල්ල සූත්‍රය
 ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1
සුව වේදනාවත් විඳියි.
2
දුක් වේදනාවත් විඳියි.
3
නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාද
1
සුව වේදනාවත් විඳියි.
2
දුක් වේදනාවත් විඳියි.
3
නොදුක් නොසුව වේදනාවත් විඳියි.

මහණෙනි,
එහි ලා ඇසූ පිරූ තැන් නැති පුහුදුන්හු හා
 ඇසු පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයාගේ
 වෙසෙස කිමෙක් ද?
අදහස කවරේ ද?
වෙනස කිමෙක්ද?
මහණෙනි,
අසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
කායික වේදනාව ද
චෙතසික වේදනාව ද යන
 වේදනා දෙකක් විඳී.
මහණෙනි,
ශ්‍රැතවත් අරීසවු තෙමේ
 හේ කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි. .
...

ඇසූ පිරූ තැන් ඇති  ආර්ය ශ්‍රාවකයෙක්
 කායිකවූ එක් වේදනාවක් විඳී.
මානසික වේදනා නොවිඳී.

බුදුන් වහන්සේ ලොවට දායාද කළ
 දුකෙන් මිදෙන මග එයයි.

===========================================================

විපස්සනා වැඩූ මුස්ලිම් භක්තිකයෙකුගේ අත්දැකීම

 
http://vipassanapuhunuwa.blogspot.com/

සිරකරුවන් දහසකට අධික පිරිසක් සඳහා
1994 අප්‍රේල් මස 4දා සිට දස දිනක් පුරා
ඉන්දියාවේ නවදිල්ලියේ තිහාර් සිපිරිගෙයිහිදී
එස්.එන්.ගොයෙන්කා තුමා
සහ ඔහුගේ සහායක ගුරුවරුන් පවත්වන ලද
විපස්සනා පාඨමාලාව පිළිබඳ වාර්තා චිත්‍රපටයකි.



20160626

දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගැනීම = විපස්සනා


දෙවියන් වහන්සේ අදහන අයට
 විපස්සනා අත්දැකීම
 ඔවුන් දන්නා බසින් මෙසේ කියන්න පුලුවන්.

දෙවියන් වහන්සේ මිනිසා මවා ඇත්තේ
 වර්ග තුනක අත්දැකීම් සමගයි.
ඔවුන්ට ප්‍රිය අප්‍රිය හා ප්‍රිය අප්‍රිය නොවන
 වශයෙන් ඔවුන් අත්දැකීම් විඳිනවා.

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව
 මේ අත්දැකීම් ඔහුට ලැබෙන්නේ
 සීමිත කාලයක් සඳහායි.

එහෙත්
 ප්‍රිය අප්‍රිය අත්දැකීම් විඳින විට
 ප්‍රිය අත්දැකීම් පවත්වාගන්නට
 ඔහු උත්සාහ කරනවා.
අප්‍රිය අත්දැකීම් විඳින විට
 අප්‍රිය අත්දැකීම් වලින් පැන යන්නට
 ඔහු උත්සාහ කරනවා.
මෙසේ දරන උත්සාහය නිසා
 ඔහුගේ සිත රාගයෙන් හා ද්වේශයෙන්
 දූෂිත වෙනවා.

ප්‍රිය අප්‍රිය නොවන අත්දැකීම්
 නොසලකා හැරීම නිසා
 ඔහුගේ සිත මෝහයෙන් දූෂිත වෙනවා.

ඔහු තුළත් ඔහු අවට ලෝකයේත්
 දෙවියන් වහන්සේගේ කැමැත්ත
 ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව
 මොහොතින් මොහොතට සිහියෙන් වෙසෙමින්
 දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගෙන
 ඒ සිදුවෙන දේට උපේක්ෂාවෙන්
 ඔහුට විසිය හැකි නම්
 ඒ මොහොතක් මොහොතක් පාසාම
 ඔහුගේ සිත පිරිසිදු වෙනවා.

ඔහු කුරුසයක ඇණ ගසා සිටියත්
 දෙවියන් වහන්සේගේ කැමැත්ත
 ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව
 මොහොතින් මොහොතට සිහියෙන් වෙසෙමින්

 දෙවියන් වහන්සේගේ කැමැත්ත පිළිගෙන

දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව
සිදුවෙන දේට 
උපේක්ෂාවෙන්  විසිය හැකි නම් 
ඔහුට දුකක් නෑ.

20160618

සිත ශූන්‍ය වීමෙන් රහත් බව ලැබේද?




සිත ශූන්‍ය වීම යනු කුමක්ද?
සිත ශූන්‍ය වීම යනු
 සිතුවිලි නැතිවීම ලෙස අර්ථ දැක්වේ.

වරක් පාසැල් වියේදී
 ගාලු දුම්රිය ස්ථානය කෙළවරේ
 කොළඹ පාරත් මාතර පාරත් හමුවන තැන
 දුම්රිය පාරෙහි ගමන් කරමින් සිටි  මා ඉදිරියට
මා ගමන් කළ පාරෙහිම
 රේල් බස් එකක් පැමිණෙනු
 මා දුටුවේ හදිසියෙනි

ඒ මොහොතෙහි මගේ සිත
 ක්ෂණයකට නතර විය.
ඒ මොහොතෙහි මගේ හිත ශූන්‍ය විය.

ඊළඟ මොහොතෙහි සිහි එළවා ගත් මම
 රේල් බස් එක එන පාර බලා
 ඉන් ඉවත්වීමි.
තව මොහොතක් දෙකක්
 ශූන්‍ය සිතින් පසු වුණි නම්
 ඒ මගේ අවසාන මොහොත විය හැක.

හිත ශූන්‍ය වීම එවැන්නක්ද?

ඒ අවස්ථා වෙහි
 මා සිතෙහි වූයේ මෝහයයි.

හිත ශූන්‍ය නම්
 හිත හිස් වන්නේ
 රාගයෙන් හා ද්වේශයෙනි.
එවිට ඉතිරිවන්නේ මෝහයයි.

හිත ශූන්‍ය වූ විට
 පවතින්නේ මෝහය නම්
 හිත ශූන්‍ය වන තැනැත්තා
 පත්ව ඇත්තේ රහත්බවටද?

ළදරුවෙකුගෙ හිත වුණත් ශූන්‍යයි කියන්න බෑ.
ඔහු සියලුම අරමුණු වලට සංවේදී ඇති..
වෙන්කර හඳුනා ගන්නයි නොහැකි..
බඩගිනි වෙනවිට හඳන ඔහුළඟට
අම්මා ඇවිත් කිරි දෙන නිසා
ඔහු ටිකෙන් ටික අම්මා අරමුණු කරගෙන හඬනවා.
ඔහු තනි අරමුණු ග්‍රහණය කරගන්නවා.
ටිකෙන් ටික ලෝකයට හුරු වෙද්දි
කැමති අකැමති දේවල් ඇති වෙද්දි
සමස්තයට සංවේදී බව දුර්වල වෙනවා.
රහතන් වහන්සේ කෙනෙක්
සමස්තයට සංවේදීයි.

පිස්සෙකුගේ හිතත් ශූන්‍ය නෑ.
පිස්සෙකුගේ හිතේ වුණත් අදහස් එනවා
පිළිවෙළක් නෑ.

හිත ශූන්‍ය කිරීම
සමථ භාවනාවෙන් කරන දෙයක්..
එක අරමුණක දැහැන් ගත වෙන්න
සමථ භාවනාව උපකාර වෙනවා.

සියලු චිත්ත ශක්තිය
එක අරමුණකට එකතු කරලා
ඒ අරමුණත් ඉවත් වුණාම
හිත හිස් වෙනවා..

කය ගැන සිහිය නැතිව
ආනාපාන සතිය වැඩුවත්
හිත හිස් වෙනවා..



තමන්ගේ කය ගැන,
සතර ඉරියව්ව ගැන
 අවශේෂ ඉරියව් ගැන,
පටිකූල මනසිකාරය.
ධාතු මනසි කාර ආදියත්
 වේදනා වර්ග හයත්
 සිත් වර්ග ගණණාවක්,
පංච නීවරණ ආදියත් පිළිබඳ
 සිහිය දියුණු කරගෙන රහත් වන කෙනෙක්
 කෙලෙසුන්ගෙන් සිත පිරිසිදු කර ගනියි.

සිත කෙලෙසුන්ගෙ පිරිසිදු වුවද
 ඔහුට කයට දැනෙන සියල්ලම
 සාමාන්‍ය කෙනෙකුට
 දැනෙන අයුරින්ම දැනෙන බව
 බුදුන් වහන්සේ පැහැදිලිව කියා ඇත.

ඒ අනුව
 හිත හිස් කරගැනීමෙන්
 තමන් රහත් වුණා යැයි
 මුලාවන පුද්ගලයන්
 මනස මෝහයෙන් පවතින අවස්ථාව
 රහත් බව ලෙස වරදවා වටහාගෙන
 ඒ වැරදි අවබෝධය නිසා
 තමන්ගේ රූකඩ රහත් බවට පණ දෙන්නට
 ත්‍රිපිටකය වෙස්මුහුණක් සේ භාවිතා කරනු
 අපට දැකිය හැක.

තමන් රහත් යයි
 ඒත්තු ගන්වන්නට කෙනෙකු දක්ෂ නම්
 ඔහු රහත් ලෙස පිළිගන්නට
 බුදු දහම නොදන්නා
 පන්සිල්වත් නොරකින බෞද්ධයන්
 මැළි නොවෙයි..

ඒ රහත් බව මාර්කට් කරගෙන
 ජීවිකාව සපයා ගන්න පිරිසක්
 ඒ බොරුව සැබෑවක් ලෙස පෙන්වන්නට
 සැදී පැහැදී සිටීමද අරුමයක් නොවේ.

ව්‍යාජ රහතෙකු
 සැබෑ ලෙසම රහත් යයි සිතන
 අවංක බොළඳ අනුගාමිකයන්ද,
දැන දැනම බොරුව පවත්වාගෙන යන
 කූට සහචර ගෝල පිරිසද
 ඔහුගේ බොරුව සැක කරන නමුත්
 තීරණයකට නොපැමිණි පිරිසද
 ඔහු මොකෙක් වුවත් කම් නැතැයි සිතන
 බහුතර පිරිසද
 මේ බොරුව පවත්වාගෙන යන්නට
 ඍජුව හෝ අනියමින් දායක වෙති.

සැබෑ රහතන් වහන්සේ කෙනෙකුට
 විනයානුකූලව රහත් බව පැවසීමට අවසර ඇත්තේ
 උප සම්පදාවූ භික්ෂුවකට පමණි.
එහෙත් පච රහතෙකුට සීමා නැත.

පුහුදුන් මනසක කාම භෝගී බව මත
 රහත්බව පැවසීමෙන් ලබන ලාභ සත්කාර
 යස ඉසුරු සාධාරණීකරණය කරන්නට
 පච රහතා
 පවතින ධර්මය ඇසුරෙන්
 නව ධර්මයක් ගොඩ නැගිය යුතුය.
නව ධර්මය පතුරුවන්නට
 සම්ප්‍රදාය බිඳිය යුතුය.

මේ එවැනි අසද්ධර්මයකි.

 
මේ තියෙන්නෙ හිස් වචන පෙළක්.
කිසිම කෙනෙකුට මෙහි අරුතක් ගන්න බැහැ.
ඉස්සරහ ඉන්න පිරිස රඳවාගන්න කළ
බොනිකර තරුවක්.

මේ බොරුවලින් මත් වෙන අයට
ඇත්ත පෙනෙන්නෙ නෑ.

---------------------------------------------------------------  
පච රහතාට ශීලය අවශ්‍ය නැත.

විනය රකින්නාක් මෙන් පෙන්වන
 පච රහතා විනය බිඳුණවිට
 ඇවැත් පිරියම් කළ හැකි බව කියයි.
බැරි නම් රහත් බලයෙන් නොසලකා හැරිය හැක.

තමන්ගේ ධර්මය හුවා දක්වන්නට
 පච රහතා ත්‍රිපිටක ධර්මය පවා වෙනස් කරයි.
තමන්ට වාසි නම් ත්‍රිපිටකය සත්‍යයි.
අවාසි නම් ත්‍රිපිටකය බොරුවකි.

මේ සියල්ල කළ හැක්කේ
 ශ්‍රද්ධා සීල හිරි ඔතප් ආදී ගුණ
 ශූන්‍ය වූ සිතක් ඇති ව්‍යාජ රහතාට පමණි.

සාමාන්‍ය කෙනෙකු ලෙස හැසිරෙන හෙයින්
 සැබෑ රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීම
 දහම සමීපව ඇසුරු කරන්නෙකුට වුවද
 අතිශයින් අපහසුය.

බුදුන් වහන්සේ සොයා පැමිණි පුක්කුසාති රජුට
 ගිනිහල් ගෙයකදී බුදුන් වහන්සේ හමුවිය.
ඔහු ධර්මය අසන්නට
 බුදුන් වහන්සේ සොයන බව පැවසූ විට
" ඒ ධර්මය මම දෙසන්නෙමැයි"
සප්ත විභංග සූත්‍රය දෙසූ විට
 ඔහු උන්වහන්සේ හඳුනා ගත්තේ
 ධර්ම දේශනයෙහි ව්‍යක්ත භාවයෙනි.
එසේම
 ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයෙකුට
 ව්‍යාජ රහතෙකුගේ ධර්මයට සවන් දීමෙන්
 ඔහු බොරු කාරයෙක් බව පසක් කළ හැක.

සාමාන්‍ය සැදැහැවතෙකුට වුවද
 පච රහතෙකු හඳුනා ගැනීම
 අපහසු නැත.

හිත ශූන්‍ය වීම සාමාන්‍ය දෙයක් නොවේ.

හිත ශූන්‍ය වූ කෙනෙකු තුළ
 කුඩා ළමයෙකුගේ වැනි
 ප්‍රියජනක බොළඳ ස්වභාවයක් ඇත.
ඔහු කුඩා දරුවෙකු මෙන්
 නොදැමුණු මැර ස්වභාවයකින්ද
 හැසිරිය හැක.

එහෙත් හිත ශූන්‍ය පච රහතෙකු තුළ
 සැබෑ රහතන් වහන්සේලා තුළ දක්නට ලැබෙන
 ශ්‍රද්ධා ශීල හිරි ඔතප් ආදී සත්පුරුෂ ගුණ දක්නට නැත.
පච රහතා තම වාසියට ඕනෑම දෙයක් කිව හැක
 ඕනෑම දෙයක් කළ හැක.

වරක් සැරියුත් තෙරුන් වහන්සෙ
ගෝල නමකට කමටහන් දෙන වෙලාවක
බුදුන් වහන්සේ එතනින් යන්න ඇවිත්
" ඇයි සැරියුත්, ඒ භික්ෂුව
ඔහුගෙ කාර්යය හමාර කරලනෙ ඉන්නෙ.
ඇයි ඔහු වෙහෙසවන්නෙ" කියා
අහල තියනවා.

සැරියුත් තෙරුන් වහන්සේටවත්
සැබෑ රහතන් වහන්සේ කෙනෙක්
හඳුනා ගන්න බෑ..

සැබෑ රහතන් වහන්සේ කෙනෙකු හඳුනා ගැනීම
 බුදුන් වහන්සේට පමණක් කළ හැක්කකි.

පච රහතා හඳුනා ගැනීම ඔබටත් කළ හැක.

20160616

බුදුන් වහන්සේ, මර්වින් සිල්වා සහ සිරිධම්ම හිමි සමානද?

බුදුන් වහන්සේට තමා සමාන කර සිතන
ඒ බව ලොවට නොබියව ප්‍රකාශ කරන සිරිධම්ම හිමියන්
ඒ බැව් සනාථ කිරීමට ඉදිරිපත් කරන්නේ
" ලෝකයා බුදුන් වහන්සේට
නින්දා අපහාස අවමන් කළ අයුරින්
තමන්ටද නින්දා අපහාස කරන නිසා
තමන් උන්වහන්සේට සමානයි." 
යන තර්කයයි.
ඔහුගේ අනුගාමිකයන් මේ තර්කය පිළිගන්නවා ඇති.

1
 
බුදුන් වහන්සේ දේශනා කළේ
කිසිවෙක් පෙර නොඇසූ විරූ දහමක්.
උන් වහන්සේ
සර්වකාලීන ආගමික ශාස්තෘන් අතර
විප්ලවකාරී චරිතයක්.
ඔවුන් උන් වහන්සේ පරදින තුරු බලා සිටියා.

බුදුන් වහන්සේට මිනිස්සු නින්දා අපහාස කළා.
ප්‍රසිද්ධියේ ගැරහුවා. අවමන් කළා.
අවකල් ක්‍රියාවල යෙදුණා කියා චෝදනා කළා.

ඔබ උන්වහන්සේගෙ අනුගාමිකයෙක් විය හැකියි.
------------------------------------------------------

2
සිරිධම්ම හිමි දේශනා කරන්නෙ
බුදු දහම නොවෙයි.
ඔහුගේ දහම බොදුනුවන් පෙර නොඇසූ විරූ දහමක්.

සිරිධම්ම හිමි ධර්ම දේශක භික්ෂූන් අතර
විප්ලවකාරී චරිතයක්.
ඔවුන් සිරිධම්ම හිමි පරදින තුරු බලා සිටිනවා.

සිරිධම්ම හිමි ට මිනිස්සු නින්දා අපහාස කරනවා.
ප්‍රසිද්ධියේ ගරහනවා. අවමන් කරනවා..
අවකල් ක්‍රියාවල යෙදුණා කියා චෝදනා කළා.

ඔබ සිරිධම්ම හිමිගෙ අනුගාමිකයෙක් විය හැකියි.
--------------------------------------------------

3
 
මර්වින් සිල්වා කලේ
වෙනස් තාලේ දේශපාලනයක්.
ඔහු සමකාලීන දේශපාලනඥ
න් අතර
විප්ලවකාරී චරිතයක්.
ඔවුන් ඔහු පරදින තුරු බලා සිටියා.

මර්වින්ට මිනිස්සු නින්දා අපහාස කළා.
ප්‍රසිද්ධියේ ගැරහුවා.
අවකල් ක්‍රියාවල යෙදුණා කියා චෝදනා කළා.

ඔබ ඔහුගෙ අනුගාමිකයෙක් විය හැකියි.
.
=========================================
මේ චරිත වලට
ලෝකයා සැලකූ ආකාරයෙහි යම් යම් සමානතා ඇති නිසා
ඔවුන් සමාන චරිත ලෙස ඔබ පිළිගන්නවාද?

පුද්ගලයන් දෙදෙනෙකුට හෝ තිදෙනෙකුට
ලෝකයා සලකන ආකාරය සමාන නිසා
චරිත වශයෙන් සමාන ලෙස සලකන්නට
ඔබෙන් ඉල්ලන සිරිධම්ම හිමි ගැන
ඔබ සිතන්නේ කුමක්ද?

ඔහුගේ ඉල්ලීම පිළිගෙන
ඔහු බුදුන් වහන්සේටත් ඉහළින් සිතා ඉන්නා අය ගැන
ඔබ සිතන්නේ කුමක්ද?

Facebook චෝදනාවකදි සාක්ෂි ඉදිරිපත් කළ යුත්තේ කවුද?


ෆේස්බුක් සමාජ ජාලය තුළ
ඉතා බහුලව දක්නට ලැබෙන
බරපතල සහ ඉතා හානිකර
මානසික රෝගයක් පිළිබඳව
ඔබේ අවධානය යොමු කරන්නට
මා බලා පොරොත්තු වෙනවා.

යම් කෙනෙක් අදහසක් ඉදිරිපත් කරන විට
එහි අඩුපාඩු තියෙන්නෙ පුලුවන්.
එක් කළ හැකි කරුණු තියෙන්න පුලුවන්.
උක්ත ප්‍රකාශය පිරිසිදු කරන්නට
සාධනීය අරමුණකින් කරුණු දක්වන
ගෞරවණීය අතළොස්සට
අපි ගරු කළ යුතුයි.

ඔවුන් තමන්ගෙ අදහසට
පදනම් වූ කරුණු පෙන්වනවා.
නැත්නම් ප්‍රශ්න කරන කෙනෙකුට
කරුණු පෙන්වනවා.
මා කතා කරන්නේ ඉතිරි පිරිස ගැනයි.

" ඔබ වැරදියි " කියා
තවත් කෙනෙකුට ඇඟිල්ල දිගු කරමින්
ෆේස්බුක් සමාජ ජාලයෙහි
චෝදනා කරන බහුතර
පිරිස 
චෝදනා එල්ල කරන්නෙ
ඉලක්කයක් ඇතිව නොවෙයි
කිසිදු පදනමක් ඇතිව නොවෙයි.

බොහෝ විට
ඔවුන් චෝදනා එල්ල කරන්නෙ
හිත යට පැසවන පුද්ගලික ද්වේශයකින්.
ඒ ද්වේශයේ පදනම ආගමික විය හැකියි.
දේශපාලනික විය හැකියි.
පුද්ගලික අප්‍රසාදය
ක් විය හැකියි.

සමහරු " ඔබ වැරදියි " කියන්නෙ
තනිකරම අනුමානයෙන්.
විරෝධාකල්පයක් හර
ඔහු අත කිසිම කරුණක් නෑ.
ද්වේශයෙන් කෙළත් අනුමානයෙන් කළත්
මේ දෙපිරිසම ඒ චෝදනාවට
පදනම් වූ හේතු ඉදිරිපත් කරන්නෙ නෑ.
ඇත්ත වශයෙන්ම එහෙම ඉදිරිපත් කරන්න
ඔවුන් ළඟ හේතු කිසිවක් නෑ.

ඔවුන් ඇස් පියාගෙන එවන නිපන්දුවට
අපි පහර දිය යුතුයි කියා ඔවුන් සිතන්නෙ
ඔවුන්ගෙ ක්‍රියාවෙ බොළඳ කම තේරුම් ගන්න බැරි
ෆේස්බුක් වගේ අවුල් ජාලයක
ඔවුන් ඉන්න නිසයි.

සැබෑ ලෝකයෙ නීතිය හමුවට
පදනම් විරහිත චෝදනාවක් අරන් ගියොත්
මතු ආරක්ෂාවට ලියා ගත්තත්
විභාග කරන්නෙ නෑ.

අසංක විජේසේකරත්
වක්‍රව එවැනි චෝදනාවක් කරනවා.

අසංක විජේසේකර කියන්නෙ
සිරිධම්ම ගෝලයන් අතර ඉන්න
ඔහුම පිළිගන්න නිසා විනා
සිරිධම්ම ගෝලයෙක් කියා කියන්න බැරි තරම්
ශීලාචාර බුද්ධිමත් කෙනෙක්.

ඔහු වගේ කෙනෙකුට වුණත්
සිරිධම්ම ඇසුර වැනි බාල ඇසුරකින්
කොතරම් හානියක් වෙනවාද කියා
ඔහුගේ මේ හැසිරීමෙන් පෙනෙනවා.
මේ සිදුවීම තුළ මා කී කරුණු විමසන්න.

( පහත දැක්වෙන කරුණු මගේ වෝල් එකෙන්. )
_______________________________________
මේ මගේ මුල් ප්‍රකාශයයි

රහත් බව යනු දුකෙන් මිදීමයි.
ඔබට මේ ඒ අත්දැකීම ලබන්න
රහත් විය යුතු නෑ.
ශ්‍රද්ධාවත් වීර්යයත් තියනවා නම්
මේ මොහොතෙ විඳින දුකෙන්...
මේ මොහොතෙ මිදෙන්න පුලුවන්.
ඊළඟ මොහොතට
නැවත වීර්යය අවශ්‍යයි.

ගල් පොකුණක මඩ ඉවත් කිරීමක් වගෙයි.

ඒ විදියට මේ මොහොතෙ දුක
නිවා ගන්න කෙනෙකුගෙ
දුකට හේතුවෙන කෙලෙස්
මොහොතෙන් මොහොත නැසෙනවා.

සියලු කෙලෙස් නසා රහත් වුණාම
නැවත නැවත වීර්ය වැඩීමක් අවශ්‍ය නෑ.
පිරිනිවන් පාන තුරු
නැවත දුක් විඳීමක් නෑ.
දුක් සාමාන්‍ය විදියට එනවා.
කායික දුක් පමණයි.
මානසික දුක් රහත් වුණ කෙනෙකුට නෑ.

මඩ ඉවත් කළ පොකුණ වගෙයි.
පිරිසිදු වතුර විතරයි.

https://www.facebook.com/photo.php?fbid=10206191715698555&set=gm.1225101620847199&type=3
.
පහත දැක්වෙන්නේ
අසංකගේ ප්‍රශ්නය සහ මගේ පිළිතුරු.

---------

Asanka Wijesekara
අතුලගේ අලුත් දහම ද මේ ? බුද්ධ දේශනාවේ මේ ගැන සදහන් ද

Athula Siriwardhane .
සඳහන් නැතැයි කියා ඔබ හිතන්නෙ කවර කොටසද?

මෙහි සඳහන් වෙන්නෙ
බුදු දහමට අනුව
විපස්සනා වඩන ඕනම කෙනෙකුට
පැහැදිලිව අත්දැකිය හැකි දේයි.

විපස්සනා කියා හඳුන්වන බොරුවකට
සහයෝගය දෙන කෙනෙක් විදියට...
අසංක තමන්ගෙ අවබෝධය
මෙතන ප්‍රකාශ කරනවා නම්
මම ඉතාම කැමතියි.

Asanka Wijesekara
Oba kiwwa de thripitakayen oppu kala penwanna ..
obe post eka gana ahuwe

Athula Siriwardhane
අසංක
ඔබ මගේ ප්‍රකාශය වැරදියි කියනවා.
ත්‍රිපිටක කරුණු අරන් ඒක වැරදියි කියා
ඔබේ ප්‍රකාශය තවුරු කළ යුත්තෙ ඔබ නොවේද?
ඔබ අනුමානයෙන් කියන හිතලුවක
හරි වැරදි ඔප්පු කරන්න
මම මහන්සි විය යුත්තේ ඇයි.?

චෝදනා කරන තැනැත්තා සාක්ෂි අරන් ආ යුතුයි.

සිරිධම්ම උගන්වන විපස්සනාව වැරදියි
කියා මම චෝදනා කරනවා.

ඔහු කියන්නෙත් එක අනුපස්සනාවයි.
ඒ චිත්තානුපස්සනාවත්
බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමයක් නොවෙයි.

අතීතයත් අනාගතයත් අමතක කරලා
වර්තමානයෙ ඉන්න කියා
බුදුන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ.

අතීතයත් අනාගතයත් අමතක කරලා
වර්තමානයෙ ඉන්න කියා
කිව්වොත්
බුදු දහමට පටහැණියි.

සිරිධම්ම කරන්නෙ
ඔහුගෙ වැරදි අවබෝධය රටට බෙදීමයි.

මේ චෝදනා දෙකම මම කරන්නෙ
ත්‍රිපිටකයෙන් සාක්ෂි අරගෙනයි.

ප්‍රශ්න කරන්න තරම් විපස්සනා දන්න කෙනෙක්
කියවන අය අතරෙ ඉන්නවා නම්
මම තව දුරටත් විස්තර කරනවා.
මෙතෙක් එවැනි කිසිවෙක් ඉදිරිපත් වුණේ නෑ.
සමහරු මේ කරුණු දකින්නෙ
ජීවිතේ පළවෙනි වතාවට විය හැකියි.

ඔබ බොරු චෝදනාවක් කරමින්
මගෙන් සාක්ෂි ඉල්ලන එකෙන්
තේරෙන්නෙ ඔබත් ඉන්නෙ
සිරිධම්ම ඉන්න තැනම බවයි.
ඔබ ඊට වඩා ඉහළ තැනක ඉන්න කෙනෙක්.

ඔබේ චෝදනාව ඔබ කළේ
නිසි අවබෝධයකින් නම්
ඔබේ චෝදනාව
මේ වගේ ත්‍රිපිටක කරුණු සහිතව
ඔප්පු කරන්න.
http://sansaranee.blogspot.com/2016/06/blog-post_8.html

http://sansaranee.blogspot.com/2016/06/blog-post_8.html

20160613

තණ්හා ඉච්ඡා කියන්නෙ දෙකක්.




තණ්හා-ඉච්ඡා
දෙකම එකක් කියා
සිරිධම්මගේ ගෝලයන් පිළිගන්නවා.
ඔවුන් ඒ දෙකම එකක් කියා වාද කරනවා.

තණ්හා ඉච්ඡා දෙකම එකක් නොවෙයි.
පැහදිළිවම දෙකක්.

ඉච්ඡාව තණ්හාවෙ දරුවෙක්.
මව මරා උපන් කුමරෙක්.

තණ්හා කියන්නෙ
වේදනාවක් ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් ගැනීම නිසා
මේ මොහොතෙ ඇති වෙලා නැති වෙන දෙයක්..

ඉච්ඡා කියන්නෙ
තණ්හාවකින් හටගෙන
ප්‍රපඤ්ච නිසා ඇති වෙලා
අලුත් වෙවී ඉදිරියට යන අරමුණක්.


තණ්හාව ක්ෂණිකව ඇතිවෙන දෙයක්.

අව්වෙ ඉන්න කෙනෙකුට
හෙවනට යන්න තණ්හාවක් එනවා.
ඔහුට කුඩයක් ගන්න එන්නෙ ඉච්ඡාවක්.
කූල් ඩ්‍රින්ක් එකක් බොන්න එන්නෙ ඉච්ඡාවක්.
තණ්හාවක් නොවෙයි.

තණ්හාවට මුල් වෙන්නෙ අව්ව ස්පර්ශ වීමෙන්
කයෙහි උපදින දුක්ඛ වේදනාවයි.
ඒ වේදනාව අප්‍රිය වීමෙන්
හිතේ ද්වේශයක් හට ගන්නවා.
ඒ උත්තේජනය නිසා ඔහු ක්‍රියාත්මක වෙනවා.
ඉච්ඡා උපදිනවා.
ඔහු එක ඉච්ඡාවක් උපාදාන කරගන්නවා.

තණ්හාව වචනයෙන් විස්තර කරලා
තව කෙනෙකුට පැහැදිලි කරන්න අපහසුයි.
ඉච්ඡාව වචනයෙන් කියන්න පුලුවන්.
අනික් කෙනත් පහසුවෙන් තෙරුම් ගන්නවා.

තණ්හාව හැමවිටම වර්තමානයෙ ඇතිවෙලා
උපාදානය බවට හැරිලා නැති වෙනවා.

( කයට සම්බන්ධ දේ ඇති වෙලා නැති වෙනවා. )
ස්පර්ශය ඇති වෙලා නැති වෙනවා.
වේදනාව ඇති වෙලා නැති වෙනවා.

තණ්හාව ඇති වෙලා නැති වෙනවා,
( දැන් සිත සම්බන්දයි. )

තණ්හාව උපදින්නෙ සිතේ
උපාදානය ඇතිවෙන්නෙ සිතේ.
උපාදානය නිසා භවයක් ඇති වෙනවා.

තණ්හාව උපාදාන වෙද්දි
ඉච්ඡා උපදිනවා.

තණ්හාව ඇති වෙන්නෙ
වේදනාවක් ප්‍රිය වීම හෝ
අප්‍රියවීම නිසයි.

පහසුතා උපකරණ,
ගරු නම්බු, ලාභ සත්කාර,
මිල මුදල් ඉඩ කඩම් ආදිය
සඳහා ඉච්ඡාව පහළ වෙනවා.

සිතේ තණ්හාව ඇතිවෙද්දි කයේ වේදනාවක් තියනවා.

ඉච්ඡාවක් ඇතිවෙන්නෙ හිතේ.
ඉච්ඡාව පවතින්න චිත්ත රූප පාදක වෙනවා.

ඉච්ඡාවක් හිතේ ඇති වෙන්නෙ
දැන් අප සමීපයේ නැති, අපි කැමති
අනාගතයේ ලැබිය හැකි දෙයක් ගැනයි.

අව්වෙ ඉන්න කෙනාට ඇතිවෙන
තාපයෙන් මිදෙන්න  ඇතිවෙන තණ්හාව
මේ මොහොතෙ ප්‍රශ්නයක්.

අනාගතේ මේ දුක නොවිඳින්න
ඔහු කරන සැලසුම නිසා
කුඩයක් ගැන ඉච්ඡාවක් ඇති වෙනවා.

තණ්හාව පුද්ගලිකයි.
ඉච්ඡාව පොදු දෙයක් වෙන්න පුලුවන්.
ඔහුගෙ ඉච්ඡාව හඬ නගා කිව්වොත්
එතන ඉන්න අනික් අයත්
ඒ ඉච්ඡාවම ඇති කරගන්න පුලුවන්.

ඔවුන් එකම කණ්ඩායමක් නම්
ඒ පොදු ඉච්ඡා එකතු වෙලා
කූඩාරමකට ඉච්ඡාවක් ඇති වෙන්න පුලුවන්.

තණ්හාවට වේදනාවක් මුල් වෙන නිසා
ඒ තණ්හාවට ඒ වේදනාව අදාළයි,
ඒ තණ්හාව ඒ වේදනාවට සාපේක්ෂයි.

ඉච්ඡාව ඒ වේදනාවට අදාළ නොවෙන්න පුලුවන්.

වේදනාව තියෙන තුරු තණ්හාවත් තියනවා.
වේදනාව පහවෙලා ගියත්
ඉච්ඡා දිගටම තියෙන්න පුලුවන්.
කූල් ඩ්‍රින්ක්ස් ගෙනෙන විට අව්ව නැති වුණත්
ඉන්න අය ආශාවෙන් බොනවා.

අපි අව්වට ඉහලන්න කුඩයක් ගන්නෙ
පස්සෙ දවසක නිසා
අපි අව්වෙ දුක් වින්ද මොහොතට
ඉච්චාව ඍජුව සම්බන්ධ නෑ.
තණ්හාව ඍජුව සම්බන්ධයි.
ඒ නිසාම
ඉර වළාකුළකට වැහුණොත්
තණ්හාව ක්ෂය වෙනවා.
ඒත් ඉච්ඡාව පවතිනවා.
කාලයත් සමග
ඉච්ඡාව මෝරනවා.

තණ්හාව ක්ෂණිකයි..
තණ්හාවෙ මුල කායිකයි.

වේදනාව මගින් සිතට සම්බන්ධ වෙනතුරු
තණ්හාවට ශක්තිය වේදනාවයි.

තණ්හාව ඇතිවුණාට පස්සෙ
මනස ඉච්ඡාව අතට ගන්නවා.
තණ්හාවෙන් උපදින ඉච්ඡාව
අතු ඉති වැඩිලා පෝෂණය වෙන්නෙ
රාගයෙන් ද්වේශයෙන් සහ
නීවරණ වලින්.

තණ්හාවෙ කාලය සීමිතයි.
පවතින පරාසය සීමිතයි.

තණ්හාවකට දෙවෙනි මොහොතක් න.
තණ්හාව එක මොහොතයි.
ඉච්ඡාවට කාලයක් හෝ වෙනත් සීමාවන් නෑ.

රැජිනක් අයිති කරගන්න
එක හිතක ඇතිවුණ ඉච්ඡාව නිසා
රටවල් යුද වැදී තියනවා.


තණහාව නිසා ඉච්ඡාව ඇති වුණාට
ඉච්ඡාව තණ්හාවෙන් මිදෙනවා.
ඉච්ඡාව අයිති වෙන්නෙ උපාදානයටයි.
ඉච්ඡාව අරමුණ කරා මෙහෙයවන්නෙ
උපාදානයයි.

කුඩය ලබාගන්නා තෙක්
උපාදානයේ ගමන
භවය ලෙස හඳුන්වන්න පුලුවන්.

අව්වෙන් දුක් විඳින කෙනෙක්
කුඩයක් ගන්න ඇතිකරගන්න ඉච්ඡාව
උපාදාන වීමෙන්
ඔහු කුඩයක් ඉහළාගෙන යන්න හිතන
භවයක් සකස්වෙනවා.

ඒ භවය නිසා
ඔහු කුඩයක් ඉහළාගෙන යන
ජාතියක් ලබනවා.

ඒ කුඩය කැඩුණාම ලෙඩක්.
ඔහු දුක් විඳිනවා.
කලක් ගිහින් පරණ වෙනකොට
ජරාවට යන කුඩය දුකක්.
කැඩිලා අයින් කරන කොට
ඔහු අලුත් කුඩයක් ගන්නවා.
කුඩය රකින්න ඔහු දුක් විඳිනවා.

රහත් වුණාට පස්සෙ තණ්හා නෑ...
ඉච්ඡා තියනවා. අල්ප වශයෙන්.
වේදනාවට උපේක්ෂාව තියන නිසා
තණ්හාව නෑ.. අල්ප ඉච්ඡා තියනවා.

පිරිනිවන් පාන තුරු
සමාජයේ පැවතිය යුතු නිසා,
ජීවත් වෙන්න අත්‍යාවශ්‍ය දේට
ඉච්ඡාව තියනවා.
ඉච්ඡා තියෙන්නෙ අල්ප වශයෙන්.

බුදුන් වහන්සෙත් කැමති අකැමති දේ තිබුණා.
ඒ දේවල් ඉතාම අල්පයි.
වේදනාවන්ට උපේක්ෂාව තියන නිසා
තණ්හාව උපදින්නෙ නෑ.
ප්‍රඥාවෙන් දකින අවශ්‍යතා ඉටු කරගන්න
අල්ප ඉච්ඡා තියනවා.

රහතන් වහන්සෙට කුසගින්න ඇති වෙනවා.
වේදනා සිහියෙන් දකිනවා.
වේදනාවට උපේක්ෂාව තියනවා.
කුසගින්නත් නිවා ගන්නා ක්‍රමයත්
ප්‍රඥාවෙන් දකිනවා.

ඔහුට ඇති වෙන ඉච්ඡාව
කයට අවශ්‍ය ප්‍රමාණය පමණයි.
ඔහු වාහනයට නැගී මැක්ඩොනල්ඩ්ස් යන්නෙ නැහැ.
පාත්‍රයත් අරන් ගෙවල් දෙකතුනකට වඩිනවා.
ඔහු කුසගින්න නිවා ගන්නා තුරු
කුසගින්න උපාදාන කරගෙන
එයින් දුක් විඳින්නෙ නෑ.

විදසුන් වඩද්දි
වේදනාවට උපෙක්ෂාව හුරු වෙන නිසා
ආර්ය ශ්‍රාවකයාගෙ
තණ්හාවෙ ප්‍රබල බව අඩු වෙනවා.
තණ්හාව අල්ප වෙනවා.
ඉච්ඡාවත් අල්ප වෙනවා.
-------------------------------------------------
තණ්හා ඉච්ඡා කියන්නෙ දෙකක්.

20160610

විනය කියන්නේ ශාසනයේ ආයුෂ


අපේ දඬුවම් ලිහිල් වැඩියි

දොඩන්දූවේ සිරිකර හිමි
ප්‍රජා පාලනයේ දී නීතිය හා දණ්ඩනය අත්‍යවශ්‍ය අංගයකි. එය ප්‍රජාවගේ පහසුව වෙනුවෙන් නිර්මාණය කරගත්තකි. එහෙත් ඇතැම් අවස්ථාවක ප්‍රජාවගේ අපහසුව පිණිස ද හේතුවන අවස්ථා ඇත. යහ පාලනය සඳහා වූ නීතිය හා දණ්ඩනය පිළිබඳව බුදු දහමින් ලද හැකි ආභාසය පුළුල් ය. ඒ පිළිබඳව මෙවර ධර්ම සභාවෙන් සාකච්ඡා කරන්නේ ගල්කිස්ස නාලන්දා ධර්මායතන පරිවේනාධිපති හා පාණදුර පරත්ත චිත්ත භාවනා මධ්‍යස්ථානාධිපති දොඩන්දූවේ සිරිකර හිමිපාණන් වහන්සේ යි.
ඕනෑම සංස්ථාවක පැවැත්ම සඳහා නීති රීති අවශ්‍ය වෙනවා. බුද්ධ ශාසනයේත් විනය නීති පනවා තිබෙන්නේ ඒ නිසාම නේද ?
බුද්ධත්වයෙන් වසර විස්සක් යනතුරු බුදුරජාණන් වහන්සේ විනය නීති පැනෙව්වේ නැහැ. මොක ද ශික්ෂණයට උවමනා කරුණු විවිධ සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. ශාස්තෘන් කෙරෙහි හා ධර්මය කෙරෙහි ඇති ගෞරවය නිසාත් විශ්වාස කර කටයුතු කළ නිසාත් නීති රීති අවශ්‍ය වුණේ නැහැ.
බලන්න බුද්ධ ශාසනයේ අවසන් භික්ෂුව වුණත් සෝවාන් වෙලයි හිටියේ. ඒ නිසා ඒ කාලයේ ඒ තරම්ම විනය නීති ප්‍රශ්නයක් ආවේ නෑ.
දිනක් සැරියුත් හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මෙතෙක් වැඩ සිටි කුමන බුදුවරයාගේ ශාසනය ද වැඩිම කාලයක් පැවැතුණේ කියා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විනය පැන වූ බුදුවරුන්ගේ ශාසන බුද්ධ පරිනිර්වාණයෙන් පසුවත් පැවැතුණා කියා.
සැරියුත් හාමුදුරුවෝ ඉල්ලීමක් කරනවා බුදු හාමුදුරුවන්ගෙන් ඒ නිසා විනය නීති පනවන්න කියා. බුදු හාමුදුරුවෝ ඒ වෙලාවේ දේශනා කරනවා. සංඝයාගේ දුර්වලතා මතුවනතුරු නීති පනවන්නේ නැහැ කියලා. සුදින්න හාමුදුරුවන් කළ වරද වෙනුවෙන් තමයි පළමු ශික්ෂාව පනවන්නේ.
අටුවාවේ තියනවා විනය නීති පනවන්න වලංගු කරුණු හතරක් පිළිබඳව. ශාසනය ආරම්භ වී කාලයක් ගත වීම එකක්. අනෙක ප්‍රමාණය අතින් පිරිස වැඩිවීම. බලන්න පිරිස වැඩි වෙද්දී වැරැදී වෙනවා වැඩියි.
මොකද වැරැදිකාරයාගේ පැත්ත ගන්න ඔහු බේරාගන්න පිරිසක් ඉදිරිපත් වෙනවා. දේවදත්ත හාමුදුරුවන්ගෙ පැත්තටත් භික්ෂුන් වහන්සේලා හිටියනෙ. අනෙක් කාරණය තමයි ලාභ සත්කාර වැඩිවීම.
ඒ කියන්නේ ආශාවන්ට වහල් වීමයි. ඒ වගේම උගත්කම වැඩි වීම ඒකත් වැරැදි වෙන්න බරපතළ හේතුවක් වෙනවා. මොකද ශික්ෂාවෙන් තොර උගත්කම හරි භයානකයි.
බුද්ධ කාලයේ පෝඨිල කියල ත්‍රිපිටකධාරී භික්ෂූන් වහන්සේනමක් හිටියා. හැබැයි බුදුහාමුදුරුවො උන් වහන්සේට ආමන්ත්‍රණය කරන්නේ හිස් පෝඨිල කියල යි. මොකද උන් වහන්සේ අධ්‍යාත්මික වශයෙන් ශික්ෂණයක් නොතිබීම යි.
අවසානයේ උන්වහන්සේ කලකිරී වනගත වෙනවා. කිසිදු රහත් ලොකු හාමුදුරුකෙනෙක් උපදෙස් දෙන්න යන්නෑ. මොකද ත්‍රිපිටකධාරී භික්ෂුවක්නෙ. අවසානයේ අවුරුදු හතක සාමණේර හිමි නමක් තමයි උපදෙස් දෙන්න ඉදිරිපත් වෙන්නේ.
බුද්ධ ශාසනයේ ත් වසර විස්සක් වැනි කෙටි කාලයකදී විනය නීති පැන වීමට අවශ්‍ය වුණා. වැරැදි කිරීම හෝ සම්මතය ඉක්මවා යාම සමාජයේ පොදු ලක්ෂණයක් නේද ?
වැරැදි කිරීම මනුෂ්‍යයන්ගේ සාමාන්‍ය ලක්ෂණයක් තමයි. වැරැදි නැති මිනිස්සු ලෝකයේ නැහැ. හැබැයි සමාජය සකස් කර ගන්න නීති හදන්නේ මිනිසුන්ම යි. බුද්ධ ශාසනයේ ඉස්සර පැවිදි වුණේ නිවන අරමුණු කරගත්ත අය යි.
බුදුන්වහන්සේ විනය පනවන්නේ කාරණා දහයක් පදනම් කරගෙනයි. ඒ භික්ෂුන්ගේ යහපත, පහසුව, දුර්මත, නැති කිරීම ශික්ෂාකාමීන්ගේ පහසුව, මේ කාලයේ වන වැරැදි නැති කිරීමට අනාගතයේ සිදුවන වැරැදි නැති කර ගැනීමට නො පැහැදුන අයගේ පැහැදීමට පැහැදුන අයගේ වැඩි පැහැදීමට, ධර්මයේ ආරක්ෂාව ට, කය වචනයේ සංවරයට යන කරුණු පදනම් කරගෙන යි.
එක පැත්තකින් විනයට ශීලය පදනම් වී තිබෙනවා. මොක ද මේ දෙකෙන් ම කය සහ වචනය සංවර කිරීමයි කෙරෙන්නේ.
ඒ වගේ ම විනය කියන්නේ ශාසනයේ ආයුෂය කියලයි. ඕනෑම ආයතනයක ආරක්ෂාව පවතින්නේ විනය නීති මත යි. ආයතන බිඳ වැටෙන්නේ විනය නීති බිඳ වැටීම නිසයි.
ශාසනය තුළ පාලන කටයුතුවලදී බුදුරජාණන් වහන්සේ නීති හා දණ්ඩන උපයෝගී කරගෙන තිබෙනවා නේ ද ?
බුදුහාමුදුරුවන්ට අපි කියන්නේ බුදු රජ කියලයි. බුදුරජාණන්වහන්සේ තරම් ආදර්ශවත් පාලකයෙක් තවත් නෑ.
අස්සධම්මරතී කේසි, නැත්නම් අශ්වයන් දමනය කිරීමේ දක්ෂ වූ කේසී නම් කෙනෙක් දිනක් බුදු හාමුදුරුවන්ගෙන් විමසනවා පුරිසදම්ම සාරථි වන ඔබ වහන්සේ පුරුෂයන් දමනය කරන්නේ කොහොම ද කියලා.
බුදු හාමුදුරුවෝ කේසිගෙන් අහනවා ඔබ කොහොම ද අශ්වයන් දමනය කරන්නේ ? කියලා. එවිට කේසි කියනවා, මම අශ්වයන්ට ආදරයෙන් සලකල බලනවා. ඒකෙන් දමනය වුණේ නැත්නම් ගස් බැඳල, ගහල ටිකක් තරවටු කරල බලනවා. සමහරුන්ට මේ දෙවිදියටම සලකල බලනවා.
එහෙමත් හැදෙන්නෙ නැත්නම් මම උන්ව ඉවත් කරල දානවා හෝ මරා දමනවා. බුදු හාමුදුරුවො දේශනා කරනවා ‘’කේසි, මමත් කරන්නෙ ඉතිං ඔය ටිකමනෙ’’ කියලා. මුලින් යහපත නිසා උදාවන දිව්‍යලෝක වැනි සුන්දර දේ ගැන දේශනා කරනවා.
බැරි නම් අවීචි නරකාදි ගැන දේශනා කරනවා. ඒ දෙකමත් කියල බලනවා. ඒත් බැරිනම් මමත් ඉහළම දඬුවම දෙනවා. ඒ බ්‍රහ්ම දණ්ඩනය යි. කිසිවක් කථා නොකර, උපදෙස් නොදී කොන් කිරීමයි එහි දී සිදු වෙන්නේ.
හරියට සමාජීය වශයෙන් ඝාතනය කිරීමක් වගෙයි. මතක ඇතිනෙ ඡන්න භික්ෂුවට බ්‍රහ්ම දණ්ඩනය පැන වූවා. බුදුහාමුදුරුවෝ පාලකයෙක් විදියට වැරැදිවල දී තද ප්‍රතිපත්තියක් අනුගමනය කළා.
එක් අවස්ථාවක බුදු හාමුදුරුවෝ ජාතුම ජනපදයේ නෙල්ලි වනයක වැඩ වාසය කරද්දී සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා සමඟ පන්සියයක් භික්ෂුන් වහන්සේලා වැඩම කළා බුදුහාමුදුරුවෝ දැක බලා ගන්න.
මේ අය උස් හඩින් කතාකරකර ඉන්නවා අහගෙන හිටිය බුදු හාමුදුරුවො ඒ සියලු දෙනාට පන්සලෙන් පිට වෙන්නත් නැවත තමන් වහන්සේ සමඟ වාසයට නොඑන ලෙසත් අණ කරනවා. හැබැයි මේකෙ බරපතළකම තියෙන්නේ මෙතන ශාසනභාර මහාතෙරවරු දෙදෙනෙකුත් සිටීම යි.
මෙන්න පාලකයාගේ සෘජු භාවය. මෙය එන්නේ මඤ්ජිම නිකායේ ජාතුම සූත්‍රයේ යි. පස්සේ ශාඛ්‍යයන් මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා විසඳන්න බලනවා. ඒත් සාර්ථක වෙන්නේ නෑ. අවසානයේ සහම්පත් මහා බ්‍රාහ්මයා මේ ප්‍රශ්නයේ දී සාමදූතයා වෙනවා.
කොහොම වෙතත් ප්‍රශ්නය විසඳුනාට පස්සේ බුදු හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගෙන් අහනවා එදා පන්සලෙන් එළවද්දී මොක ද හිතුණෙ කියලා.
සැරියුත් හාමුදුරුවො කියනවා බුදු හාමුදුරුවො විවේක සුවයෙන් ඉද්දී අපි කෑ ගගහ ඉන්නැතුව අපිත් විවේක සුවයෙන් ඉන්න ඕනෑ කියල හිතුණා කියලා.
බුදු හාමුදුරුවො සැරියුත් හාමුදුරුවන්ට දෝෂාරෝපණය කරල තියෙනවා ඒ විදියට හිතන්නවත් එපා කියලා. මුගලන් හාමුදුරුවන් ගෙනුත් ඒ ප්‍රශ්නය ඇහුවාම මුගලන් හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේ විවේකයෙන් ඉද්දී අපි මේ භික්ෂුන් වහන්සේලාට නායකත්වය දී හොඳින් බලාගත යුතු බව තේරුණා කියලා.
බුදුහාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ට ප්‍රශංසා කරනවා. ඇත්ත ඒකයි. නායකත්වය නිදා සිටිද්දී දෙවන පෙළ නායකත්වය අනිවාර්යෙන් අවදියෙන් ඉන්න ඕනෑ.
නීතිය සමඟ බද්ධ වූ අනෙක් කාරණය දණ්ඩනය යි. බුදු සමයට අනුව දණ්ඩනය කෙබඳු විය යුතු ද ?
දඬුවම බුදු හාමුදුරුවෝ අනුමත කළා. හැබැයි එය කායික හිංසාවක් නෙවෙයි. එය හිතන්න දෙන දඬුවමක්. ප්‍රථම සංඝායනාවේදී ඡන්න හාමුදුරුවන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවූවාම ඒ හාමුදුරුවෝ අසරණ වෙනවා. ඒ වගේ ම කලක් යද්දී ඔහු හරිමඟට වැටිලා මඟඵල ලබනවා.
එමෙන්ම බුදු හාමුදුරුවො විනය නීති පනවද්දී ඒවා කැඩුවාම ඔහුට මොකද වෙන්නෙ. ලැබෙන දඬුවම මොකක් ද කියලා දේශනා කරල තියෙනවා. පාරාජිකා කියල තියෙනවා.
ඒවා කැඩුණොත් මහණකමින් පරාදවෙනවා. අනෙක් ශික්ෂාවන් ට අදාළ දඬුවම් වෙනම තියනවා. ඒවා කායික දඬුවම් නෙවෙයි. මේ දඬුවම්වලින් කරන්නේ මිනිසා ක්‍රමානුකූලව ගොඩනඟන එකයි.
රසවාහිනියේ එන හරන්තික හොරා පන්සලේ සිව්රු හොරකම් කරල දඬුවම් විඳිද්දී බේර ගන්නෙත් පන්සලේ හාමුදුරුවොමයි. දඬුවම වගේම කරුණාව දයාවත් තියෙන්න ඕනෑ.
ශ්‍රී ලංකාවේ අද පවතින නීතිය හා දණ්ඩනය බෞද්ධ රාජ්‍යයකට සුදුසුයි කියා ඔබ වහන්සේ සිතනවා ද ?
ප්‍රජාතන්ත්‍රවාදී රටක නීතිය කාටත් සාධාරණ වෙන්න ඕනෑ. ඒත් අද නීතිය ක්‍රියාත්මක කරන්න බැරි වෙලානෙ තියෙන්නේ. නීතියෙන් දෙන තීරණය පිළිගන්නැතුව වෙන වෙන අය පස්සෙ යනවා, නැත්නම් පොල් ගහනවා, බාර වෙනවා.
නීතිය සාධාරණ යයි පිළිගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නීතිය රටට පරිසරයට සංස්කෘතියට අනුවයි සැදෙන්නෙ ඕනෑ.
තර්කය මත පදනම් වෙලා ගොයම් කොළේට වැහිල වෙඩි තියන්නෙ කොහොමද කියල ගොයම් ගසක කොළයක් පෙන්නල තර්ක කරන්න තරම් නීතිය බොළඳ වෙලා නැහැ. ඒක දක්ෂකම කියල සමහරු පිළිගන්න තරම් බොළඳ වෙලා තියෙනවා.
බලන්න පියා මැරූ පුතාට වසරක සිර දඬුවම් කියල පුවත්පත්වලත් යනවා. මේකද නීතිය. ආගම දහමට අනුව පියා මැරීම මොනතරම් බරපතළ ද ? බුදු දහමට අනුවනම් ඒක කල්පයක් විපාක දෙන ආනන්තරිය පාපකර්මයක්.
මෙහෙම කිව්වා කියලා බුද්ධ නීතිය රටේ නීතිය කරන්න බැහැ. මොකද බුදු සසුනේ විනය නීති පැන වුණේ නිර්වාණය අරමුණු කරගෙනයි. උදාහරණයක් විදියට භික්ෂුන්ට බිම් කෙටීම ආදිය තහනම්. ඒත් ගොවියා බිම කොටලා වගා නොකළොත් රටම බඩ ගින්නේ රටේ නීතිය සංවර්ධනයටත් ගැලපෙන්න ඕනෑ.
අද රටේ නීතිය පිරිහිලා පාසලේ සිට ම. පාසලේ දී කිසිම වෙලාවක නීතිය උගන්වන් නෑ. ඒත් නීතිය නොදැන සිටීම බරපතළ වරදක්. ඒකයි භික්ෂුන් වහන්සේලා දින පහළොවකට වරක් විනය සජ්ඣායනා කරන්නේ.
එවිට තමන්ට අදාළ නීතිය නිතර නිතර මනසට යනවා. අපි කුªඩා සාමණේරයන් වහන්සේලටත් විනය උගන්වනවා. ඇයි පාසල් විෂයට නීතිය ඇතුළත් කරන්න බැරි ?
අද දඬුවම් ලිහිල් වැඩියි. මළ ගේක, දානගේක, පිරිත් ගේක, බූරු ගහනවා. හැබැයි සාමාන්‍ය සමාජයේ මෙය තහනම්. මොකද පොලිසියට දානෙ ගෙදරකට පිරිත් ගෙදරකට ඇවිත් බලපෑම් කරන්න බැරි නිසා ඒක දඩමීමා කරන් බූරු ගහනවා. මේවා භික්ෂුන්වහන්සේලා මැදිහත් වී නැවතිය යුතු යි.

20160609

VFM විවාදයේදී මා අතින් වූ වරදක්.... -සමාවෙන්න.


මා අතින් වූ වරදක් පිළිබඳව
වෛද්‍ය ශිෂ්‍ය චමිල ජයසේකර මගේ අවධානය යොමු කළා.
----- අතුල සිරිවර්ධන -----




Chamila Jayasekara

ඔබ තුමා vip සාකච්චාවේදී කියනවා, රහත් බව ප්‍රකාශ කිරීමේ වැරද්දක් මම දකින්නේ නැ කියලා .... එත් බුදු හමුදුරුවෝ රහත් බව, උපසම්පදා බික්සුන්ට හැර වෙනත් අයට ප්‍රකාශ කිරීමෙන් වලකින්ට කියලා විනය සික්ෂාපදයක් දාලා තියනවා .... ඉතින් ඔබ තුමා එහෙම කියන්නේ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්න නිසාද?

 ================================
 Athula Siriwardhane
ඔව්. ඔබ හරි.. Chamila
සමාවෙන්න.

මම ඒ ප්‍රකාශය වැරදි බව පිළිගන්නවා.
 අදාළ සියලු දෙනාගෙන් සමාව අයදිනවා.

මම රේරුකානේ හිමියන්ගේ
උපසම්පදා ශීලය පොත
නැවත බැලුවා.
85 පිටුවේ මෙසේ සඳහන් වෙනවා.
" සත්‍යවශයෙන් ඇත්තාවූ
උත්තරී මනුෂ්‍ය ධර්මය වුවද
උපසම්පන්නයෙකුට මිස
අනුපසම්පන්නයන්ට නොකිව යුතුය."
අනුපසම්පන්නයන් වන  
සාමණේර භික්ෂූන්ට හෝ ගිහියන්ට
උත්තරී මනුෂ්‍ය ධර්ම වූ ධ්‍යාන මාර්ග ඵල ආදිය ප්‍රකාශ කිරීමෙන්
පචිති ඇවැත් වේ.
තමාට නැති උත්තරී මනුෂ්‍ය ධර්මයන්
තමා තුළ ඇතැයි අධිමානයෙන් පවසන අයට
ඇවැත් නොවන බවත් එහි සඳහන් වේ.

අවධානය යොමු කිරීම පිළිබඳව
චමිල ජයසේකරට
අනේක වාරයක් ස්තූති කරනවා.
VFM විවාදයෙ ශ්‍රව්‍ය - දෘශ්‍ය පිටපත් තුනක්
Youtube එකේ පළ වෙලා තියනවා.
පිටපත් තුනම අහපු බලපු වාර ගණන එකතු කළ විට
2016 06 09 දිනට වාර 25,000ක් ඉක්මවා ගිහින්.
නොදැනුවත්ව හෝ මා අතින් වරදක් වුණාම
ඇසූ නැරඹූ අයට දැනුම් දීමට මම වගකීමෙන් බැඳී ඉන්නවා.
ඒ නිසා අදාළ සියලු තැන්වල
මේ ප්‍රකාශය පළ කරන්නටද කටයුතු කරනවා.

මගේ ප්‍රකාශයක වරදක් ඇත් නම්
පදනම් සහිතව පෙන්වා දෙන අයට
ස්තූති කරනවා.

බුදුන් වහන්සේ වදාළ දෙයක් කියන විට
මා අතින් වරදින්න පුලුවන්.
ඒත් උන් වහන්සේගේ ප්‍රකාශ
හිතා මතා වෙනස් කිරීමක්
කිසි විටක සිදු නොකරන බව කිව යුතුයි.
.
 උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රකාශ කිරීම පිළිබඳව
රේරුකානේ හිමියන්ගේ " උපසම්පදා ශීලය " පොතෙන්
 අදාළ පිටු පහත දැක්වේ.

=================================================
සංවාදය නරඹන්න.
https://youtu.be/TR1LiI8lVXo

සංවාදයට සවන්දෙන්න.
https://www.youtube.com/watch?v=WOyMnBeD45E


උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රකාශ කිරීම
පිළිබඳව අදාළ පිටු
රේරුකානේ හිමියන්ගේ " උපසම්පදා ශීලය " පොතෙන්.



---------------------------------------------------------------


20160608

සිරිධම්ම විපස්සනාව බොනිකර තරුවක්.


සිරිධම්ම හිමි
චිත්තානුපස්සනාව නමින් උගන්වන්නෙ
තනිකර බොරුවක්.



බුදු දහමට අනුව
විපස්සනා වඩන කෙනෙක් සිහිය පවත් වන්නෙ
තමන්ගෙම කය ගැන සහ සිත ගැනයි.
සිත පමණක් දැකීම බුදු දහම නෙවෙයි

සමස්ත පුද්ගලයාම දැකීමයි, බුදු දහම.
ඒ දැක්මට සිත කය දෙකම අයිතියි.
කාය වේදනා චිත්ත ධම්ම
හතරම දැකීමයි බුදු දහම.

සිත පමණක් දැකීම
විශේෂ දැක්මෙ අතුරු ඵලයක් පමණයි..

වෙනස් වීම - අනිත්‍යය දකිමින්
ලෝභ ද්වේශ දෙකෙන් තොරව
සිහියෙන් සිටින්නට හුරු වීමෙනුයි,
ප්‍රඥාව පහල වෙන්නෙ.

සිතින් සිත ගැන තර්ක කරමින්
සිත තේරුම් ගන්න දරන උත්සාහය මුලාවක්.
ඔහුට මේ මොහොත ගැන සිහිය නෑ.
ව්‍යාපාරය ගැන සිතමින් සිටියත්
සිත ගැන සිතමින් සිටියත් වෙනසක් නෑ.

සිතත් එක ආයතනයක්.
සිතත් ඇතුළුව
සියලුම ආයතනවල වෙනස් වීම්
මොහොතින් මොහොතට දකිමින්
ලෝභ ද්වේශ දෙකෙන් තොරව
සිහියෙන් සිටින්නට හුරු වීමෙනුයි,
ප්‍රඥාව පහල වෙන්නෙ.

බුදුන් වහන්සේ
කාය වේදනා චිත්ත ධම්ම
හතරම දැකලා දේශනා කළ දහමක්
සිත දෙස පමණක් බලා හිඳීමෙන්
අවබෝධ වෙන්නෙ නෑ.

සිත පමණක් දැකීම = විපස්සනා
කියා
සිරි ධම්ම හිමි උගන්වන්නේ
'සතර'
සතිපට්ඨානය නොවෙයි.


සිරිධම්ම හිමි
උගන්වන ව්‍යාජ විපස්සනාව
 ------------------------------------------
මං ඕගොල්ලන්ට කියන්නම්
සෝතාපන්න වෙන්න තියන කෙටි ක්‍රමයක්.
වර්තමානයේ පැවතීමමයි.
වර්තමානය තියනකොට කිසි දුකක් නෑ.
ඒ දුක නැතිව පැවැත්තුවාම
ඒ දුක නැතිකමම තමයි
එයාගෙ විපස්සනාව.
සිහියෙන් පැවතීම.
එතකොට එයා වර්තමානයට ආවාම
වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා.
ඉතිං හරිනේ එහෙනම්..
එහෙනම් ඔය මොකක්වත් බහුබූත ඕන නෑනේ.
--------------------------------------------------

''මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.''
මොහොත කියන්නෙ සිත පමණක් නෙවෙයි.

සිරිධම්ම හිමි රහතෙක් නොවන බව
සක්සුදක් සේ පැහැදිලි වෙන
මර්මස්ථානය මෙයයි.

සිරිධම්ම හිමිගේ දේශනාව තුළ
සිත කය දෙකක් නෑ.

සතිපට්ඨාන හතරෙන්
ප්‍රධානම දෙක අත්හරින කෙනෙකුට
කාය භාවනා පිහිටන්නෙ නෑ.
කාය භාවනා නැතිව චිත්ත භාවනාවක් නෑ.


''මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.''

මොහොත කියන්නෙසිත පමණක් නෙවෙයි.
සිත එක ආයතනයක් පමණයි.
විපස්සනා වඩන කෙනෙක්
අනික් ආයතන පහත් දැකිය යුතුයි.
සිත කය දෙකම දැකිය යුතුයි.

සිතත් ඇතුළුව
සියලුම ආයතනවල වෙනස් වීම්
මොහොතින් මොහොතට දකිමින්
ලෝභ ද්වේශ දෙකෙන් තොරව
සිහියෙන් සිටින්නට හුරු වීමෙනුයි,
ප්‍රඥාව පහල වෙන්නෙ.

සතිපට්ඨානය හතරකට බෙදා දුන්නත්
අපි සිහිය වඩන්නෙ
වේදනා මගින් සම්බන්ධ වෙන
සමස්ත නාම-රූප ඒකකය ගැනම
සිහියෙන් සිටින්නයි.

හැම මොහොතකම කයත්
සිතත් වෙනස් වෙනවා.
මේ වෙනස් වීම් එකිනෙකට සම්බන්ධයි.
කය හෝ සිත තනිව වෙනස් වෙන්නෙ නෑ.

කයෙහි සිදු වෙන වෙනස් වීම් වේදනා ලෙස හඳුන්වනවා.
සිතෙහි වෙන වෙනස්වීම් ධම්ම නමින් හැඳින්වෙනවා.

මේ වෙනස් වීම් ප්‍රිය කිරීම
සහ අප්‍රිය කිරීමෙනුත්
මේ වෙනස්වීම් ගැන මෝහයෙන්
අවසිහියෙන් සිටීමෙනුත්
අපි ඒ මොහොතෙත් අනාගතයටත්
ගැටළු ඇති කරගන්නවා.
වැරදි කරනවා. පව් කරනවා.
සිල් බිඳගන්නවා.

.
සිතත් කයත්,
මේ වෙනස්වීම් සියල්ලම
ත් ගැන
සමස්තයක් ලෙස සිහියෙන් සිටීම
සම්පජානෝ සතිය නමින් හැඳින් වෙනවා.

සිත කය දෙකම ගැන සිහියෙන් තොරව
සතර සතිපට්ඨානයෙන් එකක් තෝරාගෙන
විපස්සනා වැඩීමක් සිදු නොවෙයි.

විපස්සනා උගන්වන ස්වරූපයෙන්
සිත බලා ඉන්න පමණක් පුහුණු කිරීම
විපස්සනාවක් නොවෙයි.

සිත ගැන සිහියෙන් ඉන්න කෙනෙක්
සිත සම්පූර්ණයෙන්ම දකින්න නම්
සිත අනුව වෙනස් වෙන කයත්
කය අනුව වෙනස් වෙන සිතත්
මොහොතින් මොහොතට ලෝභ ද්වේශ දෙකෙන් තොරව
සිහියෙන්
දැකිය යුතුයි.

මහා සතිපට්ඨාන සූත්‍රයෙ
ආනාපාන සතිය පළමුවෙන්ම දීල තියෙන්නෙත්
ඊළඟට ඉරියාපථය දීල තියෙන්නෙත්
සිත කයට ගන්නයි.
උජුං කාය පණිධාය කියන කොටම
සිත කයට ගන්න වෙනවා.
හුස්ම බලා ඉන්න කෙනෙකුට
හිතන්න නිදහසක් නෑ.

බුදුන් වහන්සේගෙ උපදෙස් පිළිපදින අයට
සිත දමනය කිරීම ගැටලුවක් වෙන්නෙ නෑ.

බුදුන් වහන්සේ
අපට කියා දෙන්නේ එක දෙයයි.
සිත සහ කය ගැන සිහියෙන්
ඒ දෙකෙහි සිදු වෙන වෙනස් වීම්
ප්‍රිය වුණත් අප්‍රිය වුණත්
ඒ දෙක නිසා පමණ ඉක්මවා ක්‍රියා නොකර
දුක් නොවිඳ සැනසිල්ලෙන් සිටින ආකාරයයි.


රහතන් වහන්සේ යනු සියලු වේදනා
පිරිසිඳ දත් තැනැත්තාය.

මහණෙනි,
ස්පර්ශාහාරය පරිඥාත කල්හි
වේදනාත්‍රය පරිඥාත වේ.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි.

කායානුපස්සනා වේදනානුපස්සනා නැතිව
නිවන් මගක් පැවතිය නොහැක.


විපස්සනාව කියන්නෙ අනුපස්සනා හතරක්.
කාය වේදනා චිත්ත ධම්ම


සිරිධම්ම
කියන්නෙ එක අනුපස්සනාවයි.
ඒ චිත්තානුපස්සනාවත්
බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමයක් නොවෙයි.

අතීතයත් අනාගතයත් අමතක කරලා
වර්තමානයෙ ඉන්න කියා

බුදුන් වහන්සේ කොතනකවත් කියන්නේ නැහැ.

අතීතයත් අනාගතයත් අමතක කරලා
වර්තමානයෙ ඉන්න
කිව්වොත් බුදු දහමට පටහැණියි.

මේ චෝදනා දෙකම මම කරන්නෙ
ත්‍රිපිටකයෙන් සාක්ෂි අරගෙනයි.

ප්‍රශ්න කරන්න තරම් විපස්සනා දන්න කෙනෙක්
කියවන අය අතරෙ ඉන්නවා නම්
මම තව දුරටත් විස්තර කරනවා.
එවැනි කිසිවෙක් මෙතෙක් ඉදිරිපත් වුණේ නෑ.
සමහරු මේ කරුණු දකින්නෙ
ජීවිතේ පළවෙනි වතාවට විය හැකියි.
 

http://sansaranee.blogspot.com/2016/04/blog-post_19.html
 සිරිධම්ම හිමිගෙ චිත්තානුපස්සනාව
-

"වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා."

චිත්තානුපස්සනා කරන කෙනෙක්
මේ සිත් වෙන වෙනම හඳුනාගත යුතුයි.

තමන් තුළ පවතින ස්වභාවය
සිහියෙන් දකිමින්
ඒ ස්වභාවයට උපේක්ශාවෙන්
විදසුන් වඩන කෙනෙක් තුළ
සිතුවිලි නැහැ.

සරාග, සදෝසාදී වශයෙන් 
සිතේ මූලික ස්වභාවයන් සහ ඒ පිළිබඳ සිහියත්
ඒ ස්වභාවයට උපේක්ශාවත් විතරයි.

සරාගං , වීතරාගං . සදොසං , වීතදොසං .
සමොහං , වීතමොහං . සඞ්‌ඛිත්‌තං , වික්‌ඛිත්‌තං .
මහග්‌ගතං , අමහග්‌ගතං . සඋත්‌තරං , අනුත්‌තරං .
සමාහිතං , අසමාහිතං . විමුත්තං . අවිමුත්‌තං
චිත්‌තන්‌ති පජානාති
ආදී වශයෙන්
හිතේ ස්වභාවය දැනගත්තාම ඇති.


 
ඉති අජ්‌ඣත්‌තං , බහිද්‌ධා ,
අජ්‌ඣත්‌ත බහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති.

ආදී වශයෙන් අභ්යන්තර බාහිර වශයෙන්
සිත ඇතිවෙන නැතිවෙන හැටි දකිමින් විසිය යුතුයි

අත්‍ථි චිත්‌තන්‌ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,
යාවදෙව ඤාණමත්‌තාය පතිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.

මෙසේ සිත පිළිබඳව සිහිය පිහිටුවාගෙන,
යාවජීව ලෙස [නොකඩවා]
ඤාණ මාත්‍රානුරූපව,
ප්‍රති සති මාත්‍රානුරූපව,
අනිශ්‍රිතව වෙසෙයි.
පවතින දේ අල්ලා නොගනියි.

ඉධ භික්‌ඛවෙ,
භික්‌ඛු සරාගං වා චිත්‌තං සරාගං චිත්‌තන්‌ති පජානාති,
වීතරාගං වා චිත්‌තං වීතරාගං චිත්‌තන්‌ති පජානාති.
සදොසං වා චිත්‌තං සදොසං චිත්‌තන්‌ති පජානාති,
වීතදොසං වා චිත්තං වීතදොසං චිත්‌තන්‌ති පජානාති.
සමොහං වා චිත්‌තං සමොහං චිත්‌තන්‌ති පජානාති,
වීතමොහං වා චිත්‌තං වීතමොහං චිත්‌තන්‌ති පජානාති.
සඞ්‌ඛිත්‌තං වා චිත්‌තං සඞ්‌ඛිත්‌තං චිත්‌තන්‌ති පජානාති,
වික්‌ඛිත්‌තං වා චිත්‌තං වික්‌ඛිත්‌තං චිත්‌තන්‌ති පජානාති.
මහග්‌ගතං වා චිත්‌තං මහග්‌ගතං චිත්‌තන්‌ති පජානාති,
අමහග්‌ගතං වා චිත්‌තං අමහග්‌ගතං චිත්‌තන්‌ති පජානාති.
සඋත්‌තරං වා චිත්‌තං සඋත්‌තරං චිත්‌තන්‌ති පජානාති,
අනුත්‌තරං වා චිත්‌තං අනුත්‌තරං චිත්‌තන්‌ති පජානාති.
සමාහිතං වා චිත්‌තං සමාහිතං චිත්‌තන්‌ති පජානාති,
අසමාහිතං වා චිත්‌තං අසමාහිතං චිත්‌තන්‌ති පජානාති.
විමුත්තං වා චිත්‌තං විමුත්‌තං චිත්‌තන්‌ති පජානාති.
අවිමුත්‌තං වා චිත්‌තං අවිමුත්‌තං චිත්‌තන්‌ති පජානාති.
ඉති අජ්‌ඣත්‌තං වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
බහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති,
අජ්‌ඣත්‌තබහිද්‌ධා වා චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.
සමුදයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
වයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති,
සමුදයවයධම්‌මානුපස්‌සී වා චිත්‌තස්‌මිං විහරති.

අත්‍ථි චිත්‌තන්‌ති වා පනස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,
යාවදෙව ඤාණමත්‌තාය පතිස්සතිමත්තාය.
අනිස්‌සිතො ච විහරති,
න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
එවම්‌පි ඛො භික්‌ඛවෙ,
භික්‌ඛු චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති.

ප්‍රසිද්ධ දේශනයකින් විපස්සනා උගන්වන්න බැහැ.
මිනිස්සු රවටන්න පුලුවන්.
සිරිධම්ම ක්‍රමයෙන් වෙන්නෙ එපමණයි.


කායානුපස්සනා,
වේදනානුපස්සනා වඩා නැති කෙනෙක්
සිරිධම්ම ක්‍රමයට
මේ මොහොතෙ සිත බලනවා කියල බලද්දි
සිත ලෙස දකින්නෙ දකින්නෙ සිතුවිලි විතරයි.

ඔහු බලන්න කියන්නෙ
මේ මොහොතෙ සිතුවිලි.
සිතුවිලි කියන්නෙ
චිත්තානුපස්සනාවවත් නෙමෙයි.
සිතුවිලි අයිති වෙන්නෙ ධම්මානුපස්සනාවට.
සිතුවිලි ඇතිවෙන්න නීවරණත් ඇතිවිය යුතුයි.
චිත්ත මට්ටමේ ඇති වෙන
 
සරාගං , වීතරාගං . සදොසං , වීතදොසං .
ආදී
සිත් වලට වචන නෑ.

අයිස්ක්‍රීම් එකක බෝඩ් එකක් දකින කොට
හිතේ ඇති වෙන්නෙ රාගය.
බෝඩ් එක දකින කොට සිතුවිලි නැහැ.
ඒ රාගය මත හිතන කොට
කාමච්ඡන්දයත් සමගයි
සිතුවිලි ඇති වෙන්නෙ.
සිරිධම්ම හිමිගෙ
ඉගැන්වීම තියෙන්නෙ එතන.

දඩි වේදනාවකින් ඉන්න කෙනෙකුට
සිතුවිලි පහළ වෙන්නෙත් නෑ.
කායික වේදනාවක් දැනෙන වෙලාවට
සිරිධම්ම චිත්තානුපස්සනාවෙන් වැඩක් නෑ.
කායික දුක්ඛත්, මානසික දෝමනස්සත්
අඩු වෙන්න විපස්සනා වැඩිය යුතුයි.
කායානුපස්සනා, වේදනානුපස්සනා වැඩිය යුතුයි.

කායානුපස්සනා, වේදනානුපස්සනා
නොවැඩූ කෙනෙකුට
විපස්සනාවෙ කියන ආකාරයට
චිත්තානු පස්සනා වඩන්න බැහැ.
සිත දැකිය යුත්තෙ
කයෙහි වේදනා ඇසුරෙන්.

එක අනුපස්සනාවකින්
ඉතිරි අනුපස්සනා වැඩෙන්න නම්
ඒ අනුපස්සනාව වඩද්දි
ඒ අනුපස්සනාවට සම්බන්ධ
කයෙහි වේදනා මට්ටමෙන් සිදුවෙන
අනික් වෙනස් වීම් දැනෙන්න ඕන.
නැත්නම් ඒ විපස්සනා නෙවෙයි.

චිත්තානුපස්සනාව වඩන කෙනෙකුට
ඒ චිත්තයට සම්බන්ධ වේදනාව
කය තුළ දැනෙනවා නම්
ඒ චිත්තානුපස්සනාවෙන්
අනික් අනුපස්සනාත් වැඩෙනවා.
කායානුපස්සනා,
වේදනානුපස්සනා වඩද්ඩි
චිත්තානුපස්සනා සහ
ධම්මානුපස්සනාත් වැඩෙනවා.

රෝද හතරෙ වාහනයක
එක රෝදයක් කරකවාගෙන
ගමන යන්න පුලුවන් වෙන්නෙ
ඒ රෝදෙ කරකවනකොට
අනික් රෝද හතරත් ඒ සමගම
එකට කැරකෙනවා නම් පමණයි.

සිරිධම්ම ක්‍රමයෙන්
නිවන් දකින්නෙ කොහොමද?
මේ ජීවිතයෙ දුකවත් නිවෙන්නෙ නැහැ.
ඔහුගෙ ගෝලයන් කරන්නෙ
ඔහු අනුකරණය කිරීමයි.
ඔවුන් ලැබූ ආධ්‍යාත්මික දියුණුවක් නෑ

ඔබ විපස්සනාව සොයනවා නම්
නිවැරදි විපස්සනාව සොයා ගන්න.




 -------------------------
සිරිධම්ම හිමි උගන්වන්නේ  විපස්සනා නොවන බවට
 තවත් සාක්ෂියකි මේ.

පුහුල් හොරා කරෙන් දැනේ. :)

කායානුපස්සනා - වේදනානුපස්සනා
ඉවත් කළ පසු බුදු දහමක් නැත.


ඔබ යනු
 ඔබේ මනසේ ක්‍රියාකාරිත්වය පමණක්ද?


විපස්සනා යනු
 කාය වේදනා චිත්ත ධම්ම
 අංග හතරම නොවේද?

සිරිධම්ම හිමිට
 කායානුපස්සනා - වේදනානුපස්සනා
 ඉගැන්විය නොහැකියි.

සිත වර්තමානයෙහි තබා ගැනීම
 සිත ශූන්‍ය කිරීම උගන්වන කෙනෙකුට
 වේදනාව අරමුණු කළ නොහැකියි.
ඔහු සිහිය නමින් හඳුන්වන්නේ
 සිත මෝහයට පත් කිරීමයි.



"සිහිය පැමිණි විට සිහිය පැමිණි බව දැනගන්න"

ඔබ, මනසේ ක්‍රියාකාරිත්වය, සිහිය
යන තුනම දකින්නේ කුමක්ද?
එවැන්නක් ලොව පවතිනවාද?

සිහිය නැතිවීමක් ගැන හෝ
 නැතිවෙන සිහිය යළි පැමිණීමක් ගැන
 බුදු දහමෙහි කොතනකවත් නැත.

"සිහිය නැති වූ විට කලබල නොවන්න"

සිහිය නැති වූ විට කලබලවන්නේ කුමක්ද?
සිහිය නැති වූ බව දැනගන්නේ කුමකින්ද?
සිහිය පැමිණිවිට දැනගන්නේ කුමකින්ද?
සිහිය ඇති නැති බව දකින්නේ කුමකින්ද?

එවැන්නක් ගැන
 බුදු දහමෙහි සඳහන්ව නැත.




සිහිය පවත්වන්නෙ කවුද?
කලබල වන්නේ කවුද..?

සිහියත් නොවන, මනසත් නොවන
තුන්වැන්නක්ද?
මනසේ ක්‍රියාකාරිත්වය ගැන
සිහියෙන් ඉන්න කෙනෙකුට
සිහිය නැති වුණොත් සිහිය නැති වෙන්නෙ
මනස ගැනයි.

සිහිය නැති වුණාම කලබල වෙන්නෙ සිහියද?
සිහිය වෙන්න බැහැ.
සිහිය නැති වෙලානෙ.

සිහිය නැති වුණාම කලබල වෙන්නෙ මනසද?
මනස වෙන්නත් බෑ.
සිහියෙන් ඉන්නෙ මනසේ ක්‍රියාකාරිත්වයනෙ.

විදුලි පන්දම අල්ලගෙනමනස දිහා බලන් ඉන්න වෙලාවෙ
විදුලි පන්දම නිවෙනවා.මනසද කලබල වෙන්නෙ?

සිහිය මනස බලා ඉන්නවද.
මනස සිහිය දෙස බලා ඉන්නවද?

නයි දෙන්න පොරකාලා
එකෙක් අනිකාව ගිලලා
වලිග දෙක විතරක් ඉතුරුවුණා වගේ
අපභ්‍රංසයක් නේද මේ.

ඔබ මනස ගැන සිහියෙන් ඉන්නවා.
සිහිය නැති වෙනවා.
එවිට කලබල වෙන්නෙ ඔබයි.

ඔබත් සිහියත් සිතත් කියන්නෙ තුනක්ද?

සිහියත් නොවන, මනසත් නොවන
තුන්වැන්නක් ගැන සිරිධම්ම හිමි කියන්නේ
ඔහු මනසත් සිහියත් දෙකම නොදන්නා නිසාය.
බුදුන් වහන්සේ උගන්වන සිහිය
ලෝකෙ තියන උතුම්ම මානසිකත්වයයි.

පුහුදුන් කෙනෙක් නිවන දක්වා රැගෙන යන්නේ
බුදු දහමෙහි උගන්වන සිහිය වැඩීමෙන්.

සිහිය වඩන්නෙ නැති කෙනෙකුට
සිහිය ගැන කතා කරන්න බැහැ.
සිහිය පොත් පත්වලින් ඉගෙන ගන්න බෑ.මේ ප්‍රකාශය අනුව
සිරිධම්ම
හිමි ත්‍රිපිටකය කටපාඩම් කළාට
සමථ විපස්සනා දෙකම දන්නෙ නෑ.

සිහිය ගැන නොදන්න කෙනෙක්
සිහිය ගැන උගන්වන්න ගියාම
මේ වගේ එරෙන එක සාමාන්‍ය දෙයක් වුණත්
අතිශයින් සංවේග ජනකයි.

තමා පිළිබඳ සිහිය නොපවත්වන කෙනෙක්
 සිහිය පවත්වන ආකාරය ඉගැන්වීමට යාම
 ගොඩ ඉන්නා කෙනෙක් පිහිනීම ඉගැන්වීමකි.
.සිහිය පවත්වන ආකාරය ඉගැන්වීමට පළමුව
සිරිධම්ම
හිමි සිහිය පිහිටුවා ගත යුතුය..


 

20160606

සමලිංගික සේවනය බුදු දහමට අනුව පාපයක් ද ?



සමලිංගික සේවනය 
බටහිර වෛද්‍ය මතය අනුව 
අස්වාභාවික තත්වයක් නොවේ. 
එය බුදු දහමට අනුව පාපයක් ද ?  ---------- Tikiri Thushara Banda ----------
 

 මිනිසා සහ මිනිසා අතර වෙසෙන
අනෙකුත් සමහර සත්වයන් හැර
පොදු සත්වයන්ගේ
එක ලිංගික හැසිරීමයි තියෙන්නෙ.
ඒ සත්වයන් ස්වාභාවිකව
තමා තුළින් එන තණ්හාවට යටත් වෙලා
ලිංගිකව හැසිරිලා අමතක කරනවා.

මිනිසා තමන්ට වෙන හොඳ නරක'
අමතක කරන්නෙ නෑ.
ඔහුට අතීතයක් තියනවා.
ඒ වින්ද ප්‍රියජනක කාමභෝගී අත්දැකීම්
ඔහු වර්තමානයේ නැත්නම්
අනාගතයේ සොයනවා.

වරක් වින්ද අත්දැකීමක් ප්‍රිය නම්
අනාගතයේ විඳින්න සැලසුම් කරමින්
මනසින් දරණ හැම වෑයමක්ම
කාමය උපාදාන කර ගැනීමක්.
ඒ සැලසුම් කරන විටත්
ඔහු තුළ ප්‍රිය වේදනා ඇති කරන
ජෛව රසායනික විපර්යාස සිදු වෙනවා.
මේ විපර්යාස ඔහුගෙ කයට බරක්.
ඒ බරෙන් නිදහස් වෙන්න කය දරණ
අනවරත උත්සාහය නිසා
ඔහු කාමයෙන් වියරු වෙන්න පුලුවන්.
එහි අවසාන ඵලය ස්ත්‍රී දූෂණයක්.
සමලිංගිකත්වය අතුරුඵලයක්.

මේ උපාදාන කරගැනීම
මිනිසා තුළ ප්‍රබලව ක්‍රියාත්මක වෙන නිසා
මිනිසා ලිංගික හැසිරීමක යෙදෙන ක්‍රම දෙකක් තියනවා.
එකක් තණ්හාව මුල් කරගෙන.
අනික උපාදානයක් මුල් කරගෙන.

කුස ගින්නට ආහාර ගැනීමෙදි
තණ්හාව මුල් වෙනවා.

වේදනා පච්චයා තණ්හා

යම් ස්වාභාවික ආහාරයකින්
කුස ගින්න නිවා ගන්නා කෙනෙක්
කාම තණ්හාවෙන් ක්‍රියා කරනවා.
ඔහුට රස අවශ්‍ය උත්තේජනයක් ලෙස පමණයි.
ඔහු එයින් අමතර වින්දනයක් සොයන්නෙ නෑ.
ඔහුට පාපයක් සිදු වෙන්නෙ නෑ.
සමාජයෙ බහුතරයක්
මේ ආකාරයෙන් හැසිරෙනවා.

සමාජයෙ එක කොටසක්
රස වේදනාව උපාදාන කරගෙන
ආහාර වලට ඇති වුණ කෑදර කම නිසා
අපමණ දුකක් විඳිනවා.
උපාදානය දුකක්. පීඩනයක්.

උපාදානයක් ඇති වුණාම
සැප කියා ඔහු විඳින්නෙ
උපාදානයෙන් මිදීමේ සුවයයි.
ස්ත්‍රී දූෂණයකින් හෝ
උපාදානයෙන් මිදෙන්න
කාම පීඩිතයන් පෙළඹෙනවා.
කාම උපාදානයෙන් වේදනා විඳින
ස්ත්‍රී දූෂකයෙකුට
සමලිංගිකත්වය පහසුවක්.

ඔවුන්ට කුසගින්න කියන්නෙ
රස වින්දනය සඳහා වදින
ආනන්දනීය සීනු හඬක් වගෙයි.
ඔවුන් ඒ සඳහා වාහනයක නැගිලා
යම් දුරක් ගෙවාගෙන සුවපහසු අවන් හලක
කාමභෝගී වාතාවරණයක් යටතේ
කයට වඩා මනස පිනවන
රස සරණීය ආහාරයක් රසවිඳලා
විශාල මුදලකුත් ගෙවලා
ආපසු එනවා.

ඔහුත් කලින් කී පුද්ගලයාත් අතර වෙනස
තණ්හාවත් උපාදානයත් අතර ඇති වෙනසයි.

කුස ගින්න ඇතිවෙන වෙලාවට
දැඩි කෑදර කමක් ඇති වෙන්නෙ
ආහාරයෙ රස සිතින් විඳින අතර
සිතෙහි නොයෙක් ප්‍රපඤ්ච තනාගෙන
ආහාරයේ රස මගින් දිවේ ඇති කරන
ප්‍රිය වේදනා වලට ඇති රාගය
උපාදාන කර ගත් තැනැත්තාටයි.

ඒ උපාදානය නිසා
ඔහු කුසගින්න ඇතිවුණ වෙලාවේ සිට
ආහාරය ගන්නා අවස්ථාව තෙක්
උපාදානයෙන් රස වින්ද දුකට ගැලපෙන
අනාගත භවයක් සඳහා මුල් වෙන
කර්මයක් ඔහු අතින් සිදු වෙනවා.
අද ඔහු සොබා දහමෙන් පැහැරගත්
අමතර වින්දනය නිසා
ඔහු ඉතියෝපියාව වැනි රටක
ආහාර විරහිතව උපදින්න පුලුවන්.

අපේ ජීවිත
අපි සමබර කරගත්තෙ නැත්නම්
සොබා දහම අපේ ජීවිත සමබර කරනවා.

ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය
කුසගින්න මෙන් ස්වාභාවික බැඳීමක්.
සොබා දහමෙ අවශ්‍යතාවයක්.

සත්වයා තුළ තියන කාම තණ්හාව
ස්වාභාවිකවම පිහිටා තියනවා.
කාමය කියන්නෙ ලිංගික අවයවයන්
උත්තේජනය කිරීම මගින් ලබන
සුරතාන්තය පමණක් කියා හිතන්නෙ
ඒ සඳහාම ජීවත් වෙන පිරිස පමණයි.

කාමය කේන්ද්‍ර කරගෙන විවාහවී
සුහද දරුපවුලක්, නෑදෑ පිරිසක් සමග
පුළුල් ජීවිතයක් ගත කරණ අයට
කාමය තණ්හාවක් පමණයි.

සුරතාන්තය කාමය ලෙස වරදවා ගන්නා පිරිස
සුරතාන්ත මොහොත හැර අන් සියලු කල්හිම
සුරතාතය ලබාගන්න දුක් විඳිනවා.

ක්‍රිකට් තරඟයක ජය පරාජය සොයන්නෙ
දේශපාලන බිමේ ජය පරාජය සොයන්නෙ
මෙලෙස සුරතාන්තයටම වහල්වූ පිරිසමයි.

හැම දේකම ජය පරාජය සොයන කෙනෙක්
ලෝකයට තමන් රහතෙක් මෙන් පෙන්වුවත්
ජීවිතය තුළ ජය පරාජය සොයනවා නම්
ඔහු සුරතාන්තය සඳහාම දිවි ගෙවන
කාමභෝගී පුහුදුන් පුද්ගලයෙක්. :)

සුරතාන්තයම උපාදාන කරගත් අයට
මාර්ගය කුමක් වුවත් කම් නෑ.
අන්තයෙහි ලබන සුරතාන්තයයි වැදගත්.
ඔවුන් සමාජය රවටාගෙන සූරා කන්නෙ
මාර්ගය බොරුවක් වීම අදාළ නොවන නිසයි.

සමලිංගිකයන් බිහි වෙන්නෙත්
සුරතාන්තයම අරමුණු කරගෙන
සුරතාන්තයෙන් ලබන කායික වින්දනය
සිතින් උපාදාන කරගෙන
ඒ වින්දනය සඳහාම ජීවත් වෙන පිරිස තුලින්.

තමන්ගේ කාම උපාදානය
මොන කඩතුරාවෙන් වහන්න
සමලිංගික පුද්ගලයන් උත්සාහ කළත්
සමලිංගික ජීවිතයක තියෙන්නෙ දුකක්.

විවාහ ජීවිතයේ සැබෑ වගකීම් වලින් මිදී ගත කරන
විකෘති ජීවිතයකින් කාම උපාදානයෙන් මිදෙන්න
සමලිංගික ජීවීන් ආත්මාර්ථකාමී වෑයමක යෙදෙනවා..

ආහාර ගැනීම සඳහා සුවිශේෂී අවන්හල් සොයන
කාම උපාදානයෙන් පෙළෙන කාමභෝගීන් මෙන්ම
කාම උපාදනයෙන් පෙළෙමින්
විශේෂ පුද්ගලයන් සහ වෙනස් මාර්ග සොයන
සමලිංගිකයාත් ගත කරන්නෙ අසමතුලිත ජීවිතයක්.

මෙවැන්නන් දහමට යොමු වෙන්නෙ කලාතුරකින්.
ඔවුන් තුළ තියෙන්නෙ ධර්මයට ද්වේශයක්.
ඔවුන්ට බුදු දහම ප්‍රයෝජනයක් තියෙන්නෙ
කිසියම් නිදහසට කරුණක්,
වරද සාධාරණීකරණයක් කරගන්න
බුදු දහම භාවිතා කරන්න ප්ලුවනි නම්
ඒ අපයෝජනයට ඔවුන් සූදානම්.

ඔවුන්ගේ තර්ක වලින් ඔවුන් කියන්නෙ
බුදු දහමෙ පාපවලට අයිති නොවෙන නිසා
සමලිංගික සෙවනය වරදක් නොවේ යන්නයි.

සමලිංගිකත්වය වරදක් කියා
පැවිදි විනයෙ සඳහන් වෙනවා.
කාය සංසර්ග චේතනාවෙන්
අදම උපන් ළදැරියක හෝ
ඇඟිලි තුඩු අගින්වත් ස්පර්ශ කිරීම
උපසම්පදා භික්ෂුවකට ඇවැතක්.

බුදු දහමෙ එවන් නීති තියෙන්නෙ පැවිදි විනය තුළ පමණයි.
සමලිංගිකත්වය පැවිද්දාට කැපද අකැපද කියා
පැවිද්දෙකුට  සොයා ගන්න අවශ්‍ය නම්
පැවිදි විනය තුළ පහසුකම් අඩු නැතිව තියනවා.

බුදුන් වහන්සේ ගිහියාට නිශ්චිත නීති පණවා නැහැ.
බුදු සසුන තුළ ඔහු උපශ්‍රාවකයෙක්.
ඔහු පන්සිල් පවා ඉල්ලා ලබා ගත යුතුයි.

සිවුර ඉල්ලා ගන්නවිට දෙන
'' නිවන් දකින්නට කටයුතු කරනවා ''
කියන පොරොන්දුවට
පැවිද්දා දිවි හිමියෙන් බැඳී සිටිනවා.

ඔහු රකින්නට අණවන නීති නැති නිසා
ගිහියා හරි වරද ප්‍රඥාවෙන් සොයා ගත යුතුයි.
ප්‍රඥාවට මාර්ගය වන විදසුන ඔහුටත් විවෘතයි.
ප්‍රඥාව ලැබෙන්නෙ විදසුනෙන්.
විදෞන තුළ ශ්‍රාවක උපශ්‍රාවක වෙනස නෑ.
එක මොහොතකට විදසුන් වඩන්නාගේ  සිට
නිවන් දකින්නට රහත් බව ලබන්නා දක්වා
පුහු දුන් වෙනසක් නැතිවම
හැම කෙනෙක්ම ආර්ය ශ්‍රාවකයෙක්.

ආර්ය ශ්‍රාවකයෙක්
බුදු දහම දකින ආකාරයට
පොතපතින් දේශන වලින් දකින අයට
බුදු දහම පෙනෙන්නෙ නෑ.
පොතේ විසඳුම නැත්නම්
ඔහු අතරමං වෙනවා.

''බුදු දහම තියන පොත්පත්වල
සමලිංගිකත්වය  පාපයක් කියා නැති නිසා
මම සමලිංගිකව හැසිරෙනවා'' කියා ඔබ කියනවා නම්
තමන්ගෙ කාම උපාදානයේ බර අඩු කරගන්නට
බුදු දහමෙන් විලි වසා ගනීම බොළඳ ක්‍රියාවක්.

සමලිංගික ක්‍රියාවන්හි යෙදීම නිසා
ඔබ අල්ලාගෙන අත් අඩංගුවට ගෙන දඬුවම් දෙන්නට
බුදුන් වහන්සේ විසින් පොලිස් නිලධාරීන් යොදවා නෑ.
ඔබේ හැම ක්‍රියාවක්ම කරන්නෙත්
ඒ ක්‍රියාවන්ට නිසි වන්දි ගෙවන්නේත් ඔබමයි.
බුදුන් වහන්සේට හෝ වෙන කෙනෙකුට
ඔබ පිළිබඳ වගකීමක් නෑ.

බුදු දහමට අනුව පාපයක් වෙන්නෙ
උපාදානය මුල් කරගත් ක්‍රියාවන්.
බුදු දහමට අනුව විදසුන් වඩන කෙනෙකුට
තමන්ගෙ කයත්, වේදනාත්, සිතත්,
සිතෙහි ඇති වෙන හැඟීම් සිතිවිලි ආදියත්
පැහැදිලිව ඇතිවෙන විටම පෙනෙන නිසා
වෙන් වෙන්ව හඳුනාගෙන ක්‍රියා කල හැකියි.
ඔහු පාපය දකින්නෙ තමන්ගෙ ප්‍රඥාවෙන්.
ඔහු තුළ ප්‍රඥාව ඇතිවෙන්නෙ
බුදු දහමට අනුව විදසුන් වැඩීමෙන්.

සමලිංගිකත්වය ගිහියාට පාපයක් කියා
බුදු දහමෙ වෙන්කර හඳුන්වා නැති වුණත්
විදසුන් වඩන කෙනෙකුට අවශ්‍ය නම්
පාපයක්ද කියා සොයාගන්න අවශ්‍ය ප්‍රතිපාදන
බුදු දහම තුළ තියනවා.

පාපය කුමක්ද කියා සොයාගෙන
ඉන් වළකින්න අවශ්‍ය නිසා
ඔබ බුදු දහම ගැන සොයනවා නම්
ඔබ කළ යුතු හොඳම දේ විදසුන් වැඩීමයි.

20160603

සමලිංගික ජීවියා මානසික නපුංසකයෙක්.

සමලිංගික සේවනයේ යෙදෙන අයට
ඒ හැසිරීම සාමාන්‍ය දෙයක්.

ලිංගික උවමනාව ස්වාභාවිකයි.
ලිංගික උවමනාව ඉටු කරගන්න
ස්වාභාවික එක් විකල්පයක් තියනවා.
අනික් හැම විකල්පයක්ම අස්වාභාවිකයි.

කාමය ස්වාභාවික වුණ පමණින්
කාමය තෘප්තිමත් කරගන්න භාවිතා කරන
හැම විකල්පයක්ම ස්වාභාවික වෙන්නෙ ඈ.
ඒ සඳහා ස්වභාව ධර්මයෙන් ලැබුණ
නිශ්චිත උපකරණ සහ නිශ්චිත තාක්ෂණයක්
හැම සත්වයෙකුටම තියනවා.

මිනිස් මනසෙ තියන
අතීතය සිහි කිරීමෙ හැකියාව භාවිතා කරමින්
අනාගතය සඳහා රූප මැවීමෙ හැකියාව නිසා
කාමය පිළිබඳ චිත්ත රූප මවන්නට
මිනිස් මනස පෙළඹෙනවා.
ඒ පෙළඹීම නිසා කය
කාමයෙන් ආරෝපණය වෙනවා.

මොළයත් ස්නායු පද්ධතියත්
කාමයෙන් සන්තෘප්ත කරගන්නට
මිනිසා පෙළඹෙන්නෙ කාමුක අරමුණුවලින්
කයෙහි ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරිත්වයෙන් උපදින
සුඛ වේදනා ඔහුට ප්‍රිය නිසායි.
ඒ සුඛ වේදනා නිසා උපදින
රාග සංස්කාර ඔහුගෙ විඥාණය
අතික්‍රමණය කරමින්
ඔහු අන් මිනිසුන්ට වඩා කාමයට කෑදර
කාමාතුරයෙකු බවට පත්වෙනවා.
ආතුරයෙක් කියන්න මානසික රෝගියෙක්.

එක්‍රැස් වෙන රාග සංස්කාර වලින්
මනස සන්තෘප්ත වෙලා කාම සාන්ද්‍රණය වැඩි වෙලා
මනස එක් තලයකට උද්දීපනය වුණාට පස්සෙ
කායික මෝචනයක් සෙවීම මනසෙ ස්වභාවයක්.
ස්වප්න මෝචනය, ක්ෂණික මෝචනය කියන්නෙ
මනස පෙත්තටම පිරී උතුරා යෑමක්.

මේ ආකාරයේ මනසක්
ස්වාභාවික මාර්ග ලැබෙන තුරු
ඉවසන්නට සූදානම් නෑ.
එවැන්නෙක් පෙළඹෙන ස්වාභාවිකම විකල්පය
ස්ත්‍රී දූෂණයයි.
ඔහුගෙ විකල්පය කුඩා දරුවෙක් වෙන්නත් පුලුවන්.
මහළු ස්ත්‍රියක් වෙන්නත් පුළුවන්.
ඔහු බලාපොරොත්තු වෙන්නෙ වින්දනයකට වඩා
ඔහු පෙළන කාමයට විකල්ප දොරටුවක්.
ඔහුට අනික් සත්වයා අදාළම නැහැ.
කාමයෙන් වියරු වැටෙන ඔහු
මිනිසෙක් නොවෙයි.

ස්ත්‍රී දූෂණයකට යොමු නොවෙන අය
සිතේ තියන කාම සාන්ද්‍රණය අධික වීම නිසා
ස්වයං වින්දනය, සමලිංගික සේවනය සහ
වෙනත් නොයෙකුත් අස්වාභාවික චර්යාවන් කරා
යොමුවෙන්නෙ ස්වාභාවික ලිංගික හැසිරීම
ඔවුන්ට විකල්පයක් නොවෙන අවස්ථාවෙයි.

සමලිංගික හැසිරීම දෙස
සමාජය වපරැසින් බලන්නෙ
මේ හැසිරීම මානසික රෝගී තත්වයක් ලෙස
ඔවුන්ට හැඟෙන බැවින් විනා
ද්වේශයෙන් නොවෙයි.

මේ අමුතු බැල්ම සමලිංගික ජීවියාට
වටහා ගන්නට බැහැ.
ද්වේ ලිංගික ස්ත්‍රී පුරුෂයන් දෙස
ඔවුන් එවැනි වෙනසක් ඇතිඅව බලන්නෙ නෑ.
ඔවුන්ට සම\ලිංගික සහ ද්වි ලිංගික හැසිරීම්
දෙකම ස්වාභාවිකයි.

සමලිංගික සේවනයේ යෙදෙන අයට
තමන්ගෙ මානසිකත්වය සහ චර්යාවන්
ස්වාභාවිකයි කියා හැඟෙන්නෙ
අඳ ගොළු බිහිරන් ඔවුන්ගෙ චර්යාව
සාමාන්‍ය දෙයක් මෙන් හිතන අයුරිනුයි.
සමාජයෙත් එක් කොටසක් එහෙම හිතන්නෙ
ඔවුන්ගෙ ජීවිත තුළත් යම් කලක
ඔවුනුත් සමලිංගික අත්දැකීම් ඇති නිසයි.

කායික මානසික රෝගයක්
හැමෝටම වැළඳී තියන දෙයක් නම්
ආ ඒක සාමාන්‍යයි කියා
පොදු ''පිළිගැනීමකට'' ලක් වීම ස්වභාවයක්..
සමාජය කොහොම පිළිගත්තත්
කායික මානසික රෝග කියන්නෙ
මිනිසාට හානිකර දේවල්..
කය පිනවන බොහෝ දේ මනසට හානිකරයි.
ඒ හානිය පෙනෙන්නෙ කය දුර්වල වුණාමයි..

ස්වාභාවික විදියට පිටින්
හැසිරීමක් තියන කෙනෙකුට
තර්කයෙන් සාධාරණීකරණය කරන්න පුලුවන්.
ඒත් එයින් වෙන හානිය තර්කයෙන්
ආවරණය වෙන්නෙ නෑ.

සමලිංගික හැසිරීම කියන්නෙ
විකෘති ක්‍රියාවකට වඩා
විකෘති මානසික තත්වයක්.

කාමය ස්වාභාවිකයි.
කාමය කියන්නෙ චුම්බකත්වය වගේ
ස්වාභාවිකව ඇතිවෙන බල ක්ෂේත්‍රයක්.
චුම්බක ක්ෂේත්‍රයකට
යකඩ කෑල්ලක් ඇතුල් වුණත්
ක්ෂේත්‍රය ක්‍රියාත්මක වෙනවා.
යකඩ කෑල්ල ආකර්ෂණය වෙනවා.
මනසක් තියනවා නම්
දෙකම තෘප්තිමත් වෙයි.

ඉතාම අස්වාභාවික කම් සුව සෙවීම් ඒ වගෙයි.

චුම්බක ක්ෂේත්‍රයක්
ප්‍රබලම අයුරින්  ක්‍රියාත්මක වෙන්නෙ
චුම්බක දෙකක විරුද්ධ ධ්‍රැව දෙකක්
එකිනෙකට ආකර්ෂණය වීමෙනුයි.
කලාතුරකින් දකින්නට ලැබෙන
සාර්ථක විවාහයක් ඒ වගෙයි.
කාමයට ස්වභාවික විකලපය සොයා ගත් ඔවුන්
කය මනස දෙකෙන්ම පෑහෙනවා.

සමලිංගික සම්බන්ධයකදි වෙන්නෙ
සමාන ධ්‍රැව දෙකක්
බලපෑමකින් එක් කිරීමයි.

කලක් තිස්සේ කාමය උපාදාන කරගෙන
කායික කාම සාන්ද්‍රණය අධික වීමෙන්
ස්වාභාවික නොවන විකල්පයක් ලෙස
සමලිංගික සේවනයට ඇබ්බැහි වුණ දෙදෙනෙක්
එකට එක් වෙන වෙලාවට
මේ අමතර බලය ඔවුන්ට දැනෙන එකක් නෑ.
ඒත් සමලිංගික සේවනයට හුරුවුණ කෙනෙක්
තමන් කලක් තිස්සේ දන්න හඳුනන කෙනෙක් වුණත්
පළමුවරට ආශ්වාදයකට යොමු කරගන්න හදන විට
ස්ත්‍රී දූෂණයක මෙන් බලය යෙදවීමක්
අවශ්‍ය වෙන්න පුලුවන්.

ස්ත්‍රී දූෂණයකදි වගේම පිරිමි දරුවන් මැරුම් කන්නෙ
එවන් අවස්ථාවලදි වින්දිතයා විරුද්ධ වූ විටයි.
නැත්නම් ඔහුගෙ අකමැත්ත මත
දූෂණය හෙළිවේය යන බිය නිසායි.

කාමය උත්තේජනය වියහැකි වයසෙ
එකිනෙකා ප්‍රිය කරන ස්ත්‍රී පුරුෂ දෙදෙනෙක්
අවසර කල් රහස් තැන ඇතිව
සිය කැමැත්තෙන් එකට හැසුරුණොත්
ඔවුන් අතර ලිංගික එක්වීමක් සිදුවීමට
බොහෝ ඉඩකඩ තියනවා.

සමලිංගික සේවනයට
ඇබ්බැහි වුණ දෙදෙනක්ම නොවෙයි නම්
එක්කෙනෙක් සමලිංගිකයෙක් වුණත්
එහෙම නොවුණ දෙන්නෙක්
අවසර කල් රහස් තැන ඇතිව
කොතරම් එකට හැසුරුණත්
ලිංගික එක්වීමක් වෙන්න ඇති අවකාශය
ඉතාම අවමයි.

සිදුවෙන හානියක් පිළ්බඳව
හැඟීමක් නැති නිසා
සමලිංගික එක්වීම් වලදි
නරුමයන් ලෙස ඉවසන අය
පසුව ඒ මාර්ගය
විකල්පයක් කරගන්න පුලුවන්.

ස්ත්‍රී පුරුෂ ආකර්ෂණය
දෙපැත්තෙන්ම සිදු වෙන දෙයක්.
සමලිංගික සේවනයක් සිදු වෙද්දි
පළමු වර වෙන්නෙ දූෂණයක්.
ඒ පෙළඹවීම ඒක පාර්ශවිකයි.
කන්‍යාවියක් පිරිමියෙකුට
ආකර්ෂණය විය හැකියි.
ඒත් කන්‍යාභාවය තියන පිරිමි දරුවෙක්
ලිංගික උවමනාව මත වෙනත් පිරිමියෙක්
සොයාගෙන යන්නෙ නැහැ.

සමලිංගික දූෂණයකදි සිදු වෙන්නෙ
අමතර ශක්තියක්, බලයක් සහ
සිත් දිනා ගන්නා උපක්‍රම භාවිතයෙන්
හුරුපුරුදු සමලිංගික ජීවියෙක් විසින්
ඔහු හෝ ඇය ගොදුරු කර ගැනීමයි.
එයින් මානසිකව ආසාදනය වෙන නවකයාත්
කල්යාමේදී සමලිංගික ජීවියෙක් බවට
පරිණාමණය විය හැකියි.

ඔහුගෙ මානසිකත්වය අපූර්වයි.
ඔහු ස්වභාව ධර්මයෙන් පිට පැන
ඔහුගේම ලොවක ජීවත් වෙන
අපූරු ජීවීන් වර්ගයක්.
කායිකව ස්ත්‍රී පුරුෂ භාවය රැකුණත්
සමලිංගික ජීවියෙක් කියන්නෙ
මානසික නපුංසකයෙක්.
ඒ වෙනසට සමාජය ගරු කළ යුතුයි.
හිංසා නොකළ යුතුයි.

මනස විකෘති වීමෙන් චර්යාව වෙනස් වුණාට
පොදු සමාජය විසින්
සමලිංගික ජීවීන් කොන් කළ යුතු නැහැ.
සමාජයට වෙනස් ආකාරයෙන්
නිදහසේ ජීවත් වෙන අතර
ඔවුන් සාමාන්‍ය ස්ත්‍රී පුරුෂයන් ලෙස
සමාජයෙන් සැලකිලි සෙවිය යුතුත් නැහැ.
එවැනි අස්වාභාවික තත්වයක්
සාමාන්‍ය දෙයක් ලෙස පිළිගන්නා තැනකට
පොදු සමාජය පත්විය යුතුත් නෑ.
ඔවුන්ගේ නිදහස ඔවුන්ට භුක්ති විඳින්නට ඉඩදී
සමාජය ඔවුන් නොසලකා හැරීම ප්‍රමාණවත්.

එවැනි ස්ත්‍රී පුරුෂයන්ටම වෙන් වූ
නිවාස සංකීර්ණ, සමාජ ශාලා, ක්‍රීඩාගාර
ආපන ශාලා, සිනමා ශාලාහෝ
විශේෂ සිනමා දර්ශන ආදිය
ඔවුන් සඳහාම ඇති විය යුතුයි.
ඔවුන් පැහැදිලිවම කොලනියක් ලෙස
විභේදිත උප සංස්කෘතියක් ලෙස
පැවැත්ම සකස් කරගත යුතුයි.

තමන්ගෙ වෙනස පිළිගෙන ඒ වෙනසට අනුව
සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර දරා ගැනීමට
සමලිංගික ජීවියා හුරු විය යුතුයි.
සවිමත් විය යුතුයි.