දෝණියි පුතායි අපි දෙන්නයි
ළඟදි දවසක් රෑ දහයෙ විතර ඉඳලා
"අඹ යහලුවෝ" ටෙලි නාට්‍යය
ඉවර වෙනතුරුම බලලා
නිදා ගත්තෙ උදේ 3.30ට.
දෝණි පහුවදා පාසලේදි
අනුමාන ප්‍රශ්න පත්‍රයකට
ලකුණු 76කුත් ගත්තා.
ගුරුවරියට වැරදිලා
ඇයට ලකුණු 83ක් දීල තිබුණා.
බිරිඳ ගිහින් 'අඩු කරන්න' කිව්වා..
ගුරුවරිය අඩු කළේ නෑ.
"ලකුණු ඒ තරම් වැදගත් නෑ" කිව්වලු.
ඇත්ත කතාව,...
"ලකුණු අඩු කිරීම වැදගත් නෑ"
වැඩි වීම තමයි වැදගත්.
ළමයින්ට ලකුණු වැඩි නම්
කලාපෙන් ගුරුවරියට ලකුණු...
ගුරුවරියට වැදගත් ඒකයි.
සිසුන් ප්‍රශ්නපත්‍ර කරද්දි
ඇය වැඩියෙන් කාලය දෙනවලු.
වචනෙක තේරුමක් ඇහුවොත්
පිළිතුරත් කියා දෙනවාලු.
අපි පාසලට ගිය වෙලාවක
බිරිඳ එක්ක යාලු දැරියක්
ප්‍රශ්න පත්‍රය අරන් එළියට ඇවිත්
ප්‍රශ්නෙකට උත්තරේ ඇගෙන් ඇහුවා.
ඔවුනොවුන් අතර කතා කරනවා.
උත්තර පත්‍රත් ළමයින්ට අහුවෙන්න
පන්තියෙම තියනවා කියලත්
දෝණි අපට කිව්වා.
විභාගයක් කරනවා කියන හැඟීම
ඒ දරු දැරියන්ට කොහෙත්ම නැහැ.
ඔවුන් කරන්නෙ හොරකම් කියන එකත්
විභාගයකදි හොරකම් කිරීමෙ වරදත්
පාසලෙන් කියා දෙන්නෙ නෑ..
හොරකම් කරන්න හොඳ පරිසරයක්
ගුරුවරියම හදලා දෙනවා.
අනාගතයට හොරු බිහි කරන්න
අපේ අධ්‍යාපනය, අපේ ගුරුවරු පවා
දායක වෙන්නෙ එහෙමයි.
ඒ අධ්‍යාපනයත් අරන් ගෙදර එන අපේ දරුවා
ඒ ඇබ්බැහිය මත අපටත් හොරකම් කරනවා.
ඒ වෙලාවට අපේ යුතුකමවත්
අපි ඉටු නොකළොත් හොරෙක් විදියට
බොරු කාරයෙක් විදියට හැදෙනවා.
අගමැති වුණත් හොරකම් කරනවා.
ජනපති වුණත් බොරු කියනවා.
එහෙව් රටක කාලකණ්ණි ජාතියකයි
අපි අපේ කරුමෙට ඉපදිලා ඉන්නෙ.
මේ පසුබිමේ ඉගෙනගන්න
අපේ දෝණි ගෙදරදි පිළිතුරු ලියන
අනුමාන ප්‍රශ්න පත්‍රවල උත්තර පත්‍ර
අපට හොරෙන් බලනවා ඇති කියල
අපිට සැකයක් ඇතිවුණා.
එකපාරටම කවදාවත් නැති විදියට
ඇගේ ලකුණු ප්‍රමාණය ඉහළ ගියා.
ඇය හොරකම් කරනවා නම්
ඇගේ හොරකම අල්ලන්න හිතාගෙන
උත්තර පත්‍ර අහුවෙන තැනක තියලා
ගත්තොත් දැනගන්න ලකුණුත් තියලා
මම එළියට ගියා...
එලියෙදි මට හිතුණා ''ඈ බලනවා ඇති'' කියලා.
මම සාලය මැදින් හඬ නොනැගෙන්න
කාමරය වෙත එද්දි පුතා සාලෙ හිටියා.
ඔහු මොකුත් කිව්වොත් කියා මට බය හිතුණා.
වාසනාවට එහෙම වුණේ නෑ.
මම කාමරේට ඇතුල් වෙනකොට
දෝණි දණ ගහගෙන උත්තර පත්‍රය බලනවා.
මම දැක්කාම තිගැස්සුණා.
මට ලොකු සතුටක් දැණුනා.
මේ තරම් හොඳට ඈ අහුවේවි කියල
මට හිතුණෙ නෑ.
"උත්තර හරිද කියලා බැලුවා."
ඈ කිව්වෙ දඬුවමෙන් බේරෙන්න හිතාගෙන.
ඒත් ඒ වගේ හොරකමක් කළාම
තල හොරකම් කරපු රජකුමාරයා වගේ
පස්සෙ ඇය රජවෙලා මගෙන් පළිගත්තත්
මගේ යුතුකම ඉටු කරන්න ඕන.
ඇයට දඬුවම නොදී ඉන්න බැහැ.
මම සුදුසු දඬුවම ඉහළින්ම දීලා
"ශිෂ්‍යත්වය ෆේල් වුණත් මට නම් කමක් නෑ...
හොරකම් කරලා ගන්න ලකුණුවලින්
මට ඇති වැඩක් නෑ" කියලා
ඈට ඉතාම පැහැදිලිව කිව්වා.
ඒ වන විට ඈ ලබාගෙන තිබුණ
ඉහළ ලකුණු පහෙන් හතරක්ම
හොරකම් කරල ගත්තා කියල
ඈ හඬමින් කියද්දි
ඒකත් මම සැක කළා.
දඬුවමෙන් පස්සෙ ඈ ස්වේච්ඡාවෙන්ම
හොරකම් කළ ආකාරය පිළිබඳව
සියලු තොරතුරු විස්තර සහිතව කිව්වා.
නිවැරදි පිළිතුරු ලියලා ඉවර වෙලා
අපිට සැක හිතිලා අහුවුණොත් බේරෙන්න
පිළිතුර එන විදියත් හොයාගන තියාගන්න
පුංචිකමට ඈ ක්‍රියා කරල තිබුණා.
හොරකම ගැන සැක ඇතිවීම වළක්වන්න
සමහර ප්‍රශ්න උවමනාවෙන්ම වරදින්න
ඇය ඉඩ හැරලා තිබුණා.
ඉහේ ඉඳන්ම හොරුන්ගෙන් සහ
බොරුකාරයන්ගෙන් සන්නද්ධ වුණ
හොර සිංහල ජාතියට නම් ඇය මිණිපහනක්.
ඒත් අපට නම් ඇතිවුණේ කලකිරීමක්.
ලොකු අප්පිරියාවක්.
ඇය ඉතාම කුඩා කාලෙ
මුලින්ම ලොකු දඬුවමක් ලැබුවෙ
බොරුවක් කියල අහුවෙලා.
අපේ ගෙදර හතර මායිමේ
හොරකම, බොරුව සපුරාම තහනම්.
සිඟිති පාසල් යන කාලෙ ඉඳන්ම
ගෙයින් පිටදි අහුලා ගන්න ඉරේසරයක්වත්
ගෙදරට ගෙනෙන්න දරුවන්ට තහනම්.
යාලුවන්ගෙන් තෑගි ගන්න තහනම්.
අපි දෙන්නගෙ දේවල් හෝ
ඔවුන් එකිනෙකාගෙ දේවල් පවා
නොකියා ගන්න තහනම්.
අහුලපු දෙයක්, තෑගි ලැබුණ දෙයක් කියලා
හොරකම් කළ දෙයක් ගෙනෙන්නවත්
අපි ඔවුන්ට ඉඩ තියන්නෙ නෑ.
දරුවන් ඒ නීති රීති සියල්ලම
සුපිරිසිදුව රකින්නෙ නෑ.
මිනිස්සු කාටවත් එහෙම කරන්න බෑ..
ඒත් කඩන වෙලාවට ඔවුන් අල්ලාගෙන
නොයෙක් ආකාරයෙන් මතක් කර දෙන්න
අපි උත්සාහ කරනවා.
අපේ පිරිසිදු කම රැකගන්නත්
ඒ උත්සාහය ආධාරයක් වෙනවා.
අගමැතිගෙ පටන්ම හොරකම් කරන
ජනපතිගෙ පටන්ම බොරු කියන
අපේ වගේ උදාර ජාතියක උපන් අපේ දරුවන්
ඒ ජන්මයෙන් එන සිංහල ජාති ගතිවලින්
බේරාගන්න එක ඉළ ඇදෙන කාරියක්.
හොරකම බොරුව ජාතික වෘත්තීන් තරමට
සිංහල ජාතියෙ මිනිස්සුන්ගෙ ජීවිතවලට
ඇටුවං බැහැලා ඉවරයි.
අපිට ජනපති අගමැති හදන්න බෑ.
රටේ ඉන්න මිනිස්සු හදන්න බෑ.
ඒත් අපිට හැදෙන්න පුලුවන්.
අපේ දරුවන් හදාගන්න
උත්සාහ කරන්න පුලුවන්.
ඒ දෙක නොකර ජනපතිට අගමැතිට
දොස් කියලා බැණලා පෝස්ට් දැම්මාට
අපේ පව් හේදෙන්නෙ නෑ.
ආත්ම වංචනිකභාවයත්
ඒ පව්වලට එක්වෙනවා විතරයි.
දෝණිගෙ හොරකමෙන් ඇතිවුණ
අප්‍රසන්න කලකිරීම, කම්පාව,
තවත් වැඩි වෙන්න හේතුවක් වුණේ
ඈ ඒ හොරකම් විස්තර කරපු
නරුම ස්වභාවයයි.
වරදක් කළ කෙනෙකුගෙ කම්පාව වෙනුවට
පුරසාරමක ස්වභාවයක් ඒ පාපෝච්ඡාරණයෙ තිබුණා.
අද රටේ හැටි එහෙමයි.
හොරකම වංචාව දක්ෂකමක්.
ඒ විස්තර සියල්ල සම්පූර්ණයෙන්ම අහගෙන
ඇය අල්ලාගන්න මම භාවිතා කළ උපක්‍රමත්
මම ඈට කියා දුන්නා.
ඒ මොහොතෙ ඉඳන් අපි උත්තර පත්‍ර
ප්‍රවේශමෙන් ආරක්ෂා කරනවා.
එසේ කරන බව ඇයට පෙන්වනවා.
ඇය සැක කරන බව වගේම
ඒ සැකය අපට ඇති වුණේ
ඇගේම වැරදි චර්යාව නිසා බවත්
අපි ඇයට සඟවන්නෙ නෑ.
කසායට පත්තියම එයයි.
ඒත් ඒ කළ වරදට අපි දැන්
තවදුරටත් ඇගෙන් පළිගන්නෙ නෑ.
ඇය කොන් කරන්නෙ නෑ.
දොස් කියන්නෙ නෑ.
මතක් නොකර ඉන්නෙත් නෑ.
සමාව දීලත් නෑ.
ඉන් පස්සෙ දවසෙ දුන්න
පළවෙනි අනුමාන ප්‍රශ්න පත්‍රයටම
ඈ කළින් ගත්ත උපරිම ලකුණු වලට
දෙකක් අඩුවෙන් ලකුණු ගත්තා.
"කරපු හොරකම් ගැන දැන් මොකද හිතෙන්නෙ?"
මම දෝණිගෙන් ඇහුවා.
"අපරාදෙ කියලා හිතෙනවා"
ඈ කිව්වෙ අවංකවම වෙන්න ඇති.
"ගත්ත ලකුණුවලත් වටිනාකම නැතිවුණා"
ඇයට ඒ බව දකින්න හැකිවීම ගැන
අපට සතුටු වෙන්න පුලුවන්..
අපිත් මේ ජයග්‍රහණයෙන් සතුටු වුණා.
ඒත් අපේ සතුට පළුදු සහිතයි.
ඇය මේ ලකුණුත් ගත්තේ
හොර ක්‍රමයකටද කියලා අපට සැකයි.
මම ඇයට ඒ බවත් කියා දුන්නා.
"අපිට සම්පූර්ණ සතුටක් ලබන්න බෑ.
ඒත් හොරකම් නොකර ලකුණු ගත්ත වෙලාවට
ඔයා හොරකම් නොකළ බව ඔයා දන්න හින්දා
ඔයාගෙ සතුට උපරිමයෙන් විඳින්න" කියා
මම ඇයට කිව්වා.
'ජීවත්වෙන්න හොරකම් කරන්න ඕන නෑ' කියා
මේ සිදුවීමෙ ආධාරයෙන් ඈ දැන ගත්තා නම්
මේ සිදුවීම අපට ආශීර්වාදයක්.
ඒ කතාව අතුරු කතාවක්.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
කියන්න ගිය කතාව
අපේ දරුවො දෙන්නාත්
අපි එක්ක නිදි වැරීම ගැනයි.
සිහියෙන් සහ උපේක්ෂාවෙන් නිදි වැරීම
නිවනට පවා ආධාරයක්.
අවිද්‍යාව අඩු කරගැනීමෙ මාර්ගයක්.
රහතුන් නිදන්නෙ නෑ..
සැතපෙනවා පමණයි.
අපි අනුරාධපුරේ ඉන්න දවස්වල
දරුවන් අවුරුදු හත නවය කාලෙ
පොසොන් දවසක රෑ අටහමාරට විතර
පොසොන් බලන්න නගරය පැත්තට
කිලෝමීටර් කීපයක් පයින්ම ගියා.
සැණකෙළියට ගිහින් ලාවට විනෝදවෙලා
වෙළඳසැල් නරඹමින් ඇවිදලා
ආපහු එනකොට එළිවෙලා.
නිදි වැරීම අපිට අලුත් නෑ.
බුදුන් වහන්සේගෙ නිදි වර්ජිත බව
පසළොස් චරණ ධර්ම වලින් එකක්
කියල බිරිඳ දැන ගත්තට පස්සෙ
දරුවො නිදි වරණ එක ගැන
විරෝධය අඩු වෙලා වගෙයි.
බුදුන් වහන්සේ නිදි වැරීම අනුදැන වදාළා..
යම් තැනෙක සිත නො සිටී නම්
ලොව එබඳු සිදුරු සයෙකි.
1. ආලස්සං- අලස බව
2. පමාදො – සතිය
3. අනුට්ඨානං - උත්සාහය නැති බව
4. අසඤ්ඤමො- සංවේදී නැති බව
5. නිද්දා –නින්ද
6. තන්දි - වෙහෙසට පත් බව
එය සර්වප්‍රකාරයෙන් දුරු කරන්නේ ය.
-නජීරතී සූත්‍රය
මේ කියන විදියට නිදි වැරීම
පාටි දාගෙන, කමින් බොමින් නටමින්
අවසිහියෙන් කරන නිදි වැරීම නොවෙයි.
කයෙහි වේදනා ගැන සිහියෙන් තොරව කරන
නිදි වැරීම මගින් සිදු වෙන්නෙ
මේ දුර්වලකම් වැඩිවීමයි.
1. ආලස්සං- අලස බව
2. පමාදො – සතිය
3. අනුට්ඨානං - උත්සාහය නැති බව
4. අසඤ්ඤමො- සංවේදී නැති බව
5. නිද්දා –නින්ද
6. තන්දි - වෙහෙසට පත් බව
මේ ඩුර්වලකම් නිසා
කයෙහි වේදනා ගැන සිහියෙන් තොරව
නිදි වරන පුද්ගලයා පිරිහෙනවා.
පමා වුවන් අතුරෙහි නොපමා වූ,
නිදන සතුන් අතුරෙහි බොහෝ පිබිද සිටින
ප්‍රඥාවන්තයා
දුබල අසකු හැර පියා යන සීඝ්‍ර අසකු මෙනි.
ධම්‌මපදය, අප්‍රමාද වර්ගය
මහණෙනි,
ධර්‍ම තුණෙකින් සමන්වාගත භික්‍ෂු තෙම
අවිරුද්ධ ප්‍රතිපත්තියට පිළිපන්නේ වෙයි.
ඔහු විසින් ආස්‍රවයන්ගේ ක්‍ෂයය පිණිස කරුණ ද
පටන්ගන්නා ලද්දේ වේ.
කවර තුණෙකින යත්.
මහණෙනි,
මේ ශාසනයෙහි මහණ තෙම
ඉන්‍ද්‍රියයන් විෂයයෙහි රක්නා ලද දොර ඇත්තේ වේ.
භොජනයෙහි මාත්‍රඥ වේ.
නිදිවැරීමෙහි යෙදුණේ වේ.
තික නිපාතය, රථකාර වර්ගය
බුදුන් වහන්සේ විසින්
නිදි වැරීම නිවනට අවශ්‍ය කරුණක් ලෙස
නොයෙක් අවස්ථාවල දේශනා කළා.
නිදි වරද්දි මතු වෙන්නෙ මෝහය.
ඒ සමග ඇති වෙන අදුක්ඛමාසුඛ වේදනා
ලෝභ ද්වේශ ඇති නොවෙන විදියට
සම්පජානෝ සතියෙන් වෙනස්වීම් දකිමින්
උපේක්ෂාවෙන් වෙසෙන කෙනෙකුගෙ
අවිද්‍යාව දුරුවෙන බව පහාන සූත්‍රයෙ සඳහන් වෙනවා.
අදුක්‌ඛමසුඛාය වෙදනාය අවිජ්‌ජානුසයො පහීනො හොති,
=================================
වේදනා කියන්නෙ
සමස්ත සිරුර පුරාම
දවස පුරාම හැම මොහොතකම
ඇතිවෙමින් පවතිමින් නැති වෙන
අප්‍රමාණ වූ ජෛව රසායනික වෙනස් වීම්
සමුදායයි.
බුදු දහම පිළිපදින කෙනෙක්
ධර්ම මාර්ගයේ ගමන් කිරීම
සත්‍ය වශයෙන්ම අරඹන්නෙ
කයේ ඇති වෙන ජෛව රසායනික වෙනස්වීම්
සිහියෙන් දකිමින් ඒ වෙනස්කම් වලින් නොසැලී
කම්පා නොවී ඉන්න පුහුණු වීම මගින්.
කයේ සිදුවෙන
ජෛව රසායනික වෙනස්වීම් නොපෙනීම
අඳ, ගොළු, බිහිරි බවක්.
ඉන් මිදෙන්න හැකි වෙන්නෙ
කය, සිත දෙක වෙනස් වෙන ආකාරය ගැන
සිහිය පිහුටුවා ගැනීමෙන්.
සිහිය දියුණු කෙනෙකුට
හෘද ස්ඵන්දනය පවා දැනෙනවා.
සිහිය දුර්වල කෙනෙකුට
ආශ්වාස ප්‍රශ්වාසයවත් දැනෙන්නෙ නෑ.
වේදනා දැනෙනවා කියන්නෙ
රෝගී තත්වයක් නොවෙයි.
වේදනා දැනෙන්නෙ නෑ කියන්නෙ
රහත් වෙලාත් නොවෙයි.
රහත් වුණ කෙනෙකුට
සමස්ත සිරුර පුරාම
දවස පුරාම හැම මොහොතකම
ඇතිවෙමින් පවතිමින් නැති වෙන
අප්‍රමාණ වූ ජෛව රසායනික වෙනස් වීම්
හැම එකක්ම දැනෙනවා.
ඒ සමගම
ඒ ජෛව රසායනික වෙනස් වීම් නිසා
සිත කරන හඳුනාගැනීම්
ඒ හඳුනාගැනීම් මත ඇති වෙන විතර්ක
සියල්ලම දැනෙනවා.
ඒ සිහිය විශේෂයි.
ඒ සිහිය හඳුන්වන්නෙ
සම්පජානෝ සතිය නමින්.
රහතන් වහන්සේ කෙනෙක්
දවසෙ පැය 24ම ඉන්නෙ
සම්පජානෝ සතියෙන්.
රාත්‍රියේ කාය විවේකය සඳහා
සැතපෙන වෙලාවටත් පසුවෙන්නෙ
සම්පජානෝ සතියෙන්.
රහත් වෙන කෙනෙක් කෙලෙස් නසන්නෙත්
ප්‍රඥාව පහල කරගන්නේත්
ධර්මාවබෝධය ලබන්නෙත්
සිහිය දියුණු කර ගැනීමෙනුයි.
කයත් සිතත් ගැන මෝහයෙන් ඉන්න කෙනෙක්
සිහිය පිහිටුවා ගැනීමෙදි කෙලෙස් නැසෙනවා.
ප්‍රඥාව පහළ වී ධර්මය අවබෝධ වෙනවා.
පොත්පත් කියවීමෙන්
ධර්ම දේශනා ඇසීමෙන් සිදු විය යුත්තෙ
සිහිය පිහිටුවා ගැනීමට යොමු වීමයි.
සිහිය දියුණු කරන්න ආරම්භ කරන කෙනෙක්
ඔහුට දනෙන සියලු ජෛව රසායනික වෙනස් වීම්
සිහියෙන් දකින්න හුරු වීම
ඔහුගේ මට්ටමට සම්පජන්‍යයයි.
ඔහුගේ සිහිය ඇතිවෙමින් නැතිවෙමින්
නැවත පිහිටුවා ගනිමින් යන
අනවරත වීර්ය වැඩීමක්.
සිහිය පිහිටුවා ගන්නා කෙනෙකු තුළ
නව සංස්කාර ඇති වෙන්නේ නෑ.
පැරණි සංස්කාර නැසෙනවා.
කයෙහි ඇතිවෙන
අප්‍රිය ජෛව රසායනික වෙනස් වීමක් සිදුවෙද්දි
ද්වේශයෙන් ව්‍යාපාදයෙන් තොරව
ඒ පිළබඳව සිහියෙන් පසුවෙද්දි
ඒ නිසා සංස්කාර ඇති වීම සිදුවන්නේ නෑ.
ඒ අනුව අතීත පැරණි සංස්කාර මතුවුණොත්
ඒ සංස්කාර නැසී විශුද්ධිය ලබනවා.
කයෙහි ඇතිවෙන
ප්‍රියජනක ජෛව රසායනික වෙනස් වීමක් සිදුවෙද්දි
රාගයෙන් කාමච්ඡන්දයෙන් තොරව
ඒ පිළබඳව සිහියෙන් පසුවෙද්දි
ඒ නිසා සංස්කාර ඇති වීම සිදුවන්නේ නෑ.
අතීත පැරණි සංස්කාර මතුවුණොත්
ඒ සංස්කාරත් නැසී විශුද්ධිය ලබනවා.
කයෙහි ඇතිවෙන
ප්‍රිය අප්‍රිය වශයෙන් නොදැනෙන
ජෛව රසායනික වෙනස් වීම් පවා
වෙනස් වෙන ආකාරය ගැන සිහියෙන් පසුවෙද්දි
ඒ නිසා සංස්කාර ඇති වීම සිදුවන්නේ නෑ.
අතීත පැරණි සංස්කාර මතුවුණොත්
ඒ සංස්කාර නැසී විශුද්ධිය ලබනවා.
රාග ද්වේශ මෝහ කෙලෙස් නසන්නට
මෙතෙක් සොයාගෙන ඇති එකම මග මෙයයි.
සරලව විස්තර කරන ලද දහම
බුදුන් වහන්සේ විසින් අතිශයින්ම සරල ලෙස
පහාන සූත්‍රයෙහි දක්වා තියනවා.
වේදනා තුනෙකි.
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා යි.
සුවවේදනාවෙන් රාගානුසයය පහකටයුතු ය.
දුක්වේදනාවෙන් පටිඝානුසයය පහකටයුතු ය.
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය පහකටයුතු යි.
යම් කලෙක මහණහට
සුවවේදනාවෙන් රාගානුසයය ප්‍රහීණ වූයේ වේ ද
දුක්වේදනාවෙන් පටිඝානුසයය ප්‍රහීණ වුයේ වේ ද
නොදුක් නොසුව වේදනාවෙන් අවිජ්ජානුසයය ප්‍රහීණ වූයේ වේ ද
පහ වූ රාගානුසයය ඇති මේ මහණ තෘෂ්ණාව සිඳදැම්මේ ය.
සංයොජන මුලිනුපුටා හළේ ය.
මැනවින් මනාවබොධයෙන් දුක් කෙළවර කෙළේ යයි කියනු ලැබේ.
වේදනාව නොදන්නා (වෙදනා) නිස්සරණය නොදක්නා
සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.
වේදනාව නොදන්නා (වෙදනා) නිස්සරණය නොදක්නා
දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.
තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව ද පතන්නේ
දුකෙන් නොමැ මිදෙයි.
යම් හෙයකින් කෙලෙස් තවන වෙර ඇති මහණ
සති සම්පජන්‍යය අත් නොහැර වඩාද,
එහෙයින් ඒ පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.
සංයුත්ත නිකාය, වේදනා සංයුත්තය, පහාන සූත්‍රය
වේදනාව නොදන්නා (වෙදනා) නිස්සරණය නොදක්නා
සුව වේදනාව විඳින්නහුට රාගානුසය වේ.
කයෙහි ඇතිවෙන ප්‍රියජනක රසායනික වෙන්සවීම්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් නොදකින පුහුදුන් පුද්ගලයා
රාගයෙන් වින්දනය කිරීමෙන් ඇති වෙන රාග සංස්කාර
රාග අනුසය කෙලෙස් වශයෙන් ඔහු තුළ රැඳෙනවා.
වේදනාව නොදන්නා (වෙදනා) නිස්සරණය නොදක්නා
දුක් වේදනාව විඳින්නහුට පටිඝානුසය වේ.
කයෙහි ඇතිවෙන අප්‍රියජනක ජෛව රසායනික වෙන්සවීම්
සිහියෙන් සහ උපේක්ෂාවෙන් නොදකින පුහුදුන් පුද්ගලයා
ද්වේශයෙන් වින්දනය කිරීමෙන් ඇති වෙන ද්වේශ සංස්කාර
රාග අනුසය කෙලෙස් වශයෙන් ඔහු තුළ රැඳෙනවා.
තථාගතයන් වහන්සේ විසින් ශාන්තය යි වදාළ
නොදුක් නොසුව වේදනාව ද පතන්නේ
දුකෙන් නොමැ මිදෙයි.
සමථ භාවනාවෙන් හෝ වෙනත් මාර්ගයකින්
රාග ද්වේශ දෙක යටපත් කොට මෝහයට පත්වීම
අත්දැකීමක් ලෙස ශාන්ත වුවත්
ප්‍රිය අප්‍රිය දෙකෙන් තොර අදුක්ඛමාසුඛ වේදනාව
කැමැත්තෙන් විඳින්නාටත් දුකෙන් මිදීමක් නැත.
සියලු දුක් නසන මග
සියලු වේදනා පිරිසිඳ දැනීම බව
වේදනා සංයුත්තයෙහි සහ වෙනත් තැන්වල
බුදුන් වහන්සේ ඉතා සරලව පහදා දෙනවා.
ස්පර්ශාහාරය පරිඥාත කල්හි
වේදනාත්‍රය පරිඥාත වේ.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි.
ස්පර්ශය පිළිබඳව සිහියෙන් පසුවෙන්නා
වේදනාව තුන සපුරා දැන ගනියි.
වේදනාතුන සපුරාම දන ගත්
ආර්ය ශ්‍රාවකයාට කළයුතු කිසිවක් ඉතිරි නොවෙයි.
ඔහු රහත් භාවයට පැමිණෙයි.
රහතන් වහන්සේ නම්
සමස්ත ශරීරය පුරා ඇතිවෙන
සියලු ජෛව රසායනික වෙනස් වීම පිළිබඳව
අඛණ්ඩව සිහිය පවතින අවස්ථාවට
පත් වූ තැනැත්තාය.
සම්පජානෝ සතිය
බුදුන් වහන්සේ හඳුන්වන්නෙ
ආශ්චර්ය අද්භූත ධර්මයක් විදියටයි.
‘‘තිස්‌සො ඉමා, භික්‌ඛවෙ, වෙදනා. කතමා තිස්‌සො?
සුඛා වෙදනා, දුක්‌ඛා වෙදනා, අදුක්‌ඛමසුඛා වෙදනා.
සුඛාය, භික්‌ඛවෙ, වෙදනාය රාගානුසයො පහාතබ්‌බො,
දුක්‌ඛාය වෙදනාය පටිඝානුසයො පහාතබ්‌බො,
අදුක්‌ඛමසුඛාය වෙදනාය අවිජ්‌ජානුසයො පහාතබ්‌බො.
යතො ඛො, භික්‌ඛවෙ,
භික්‌ඛුනො සුඛාය වෙදනාය රාගානුසයො පහීනො හොති,
දුක්‌ඛාය වෙදනාය පටිඝානුසයො පහීනො හොති,
අදුක්‌ඛමසුඛාය වෙදනාය අවිජ්‌ජානුසයො පහීනො හොති,
අයං වුච්‌චති, භික්‌ඛවෙ, ‘භික්‌ඛු
නිරනුසයො සම්‌මද්‌දසො අච්‌ඡෙච්‌ඡි තණ්‌හං, විවත්‌තයි සංයොජනං,
සම්‌මා මානාභිසමයා අන්‌තමකාසි දුක්‌ඛස්‌සා’’’ති.
‘‘සුඛං වෙදයමානස්‌ස වෙදනං අප්‌පජානතො;
සො රාගානුසයො හොති, අනිස්‌සරණදස්‌සිනො.
‘‘දුක්‌ඛං වෙදයමානස්‌ස, වෙදනං අප්‌පජානතො;
පටිඝානුසයො හොති, අනිස්‌සරණදස්‌සිනො.
‘‘අදුක්‌ඛමසුඛං සන්‌තං, භූරිපඤ්‌ඤෙන දෙසිතං;
තඤ්‌චාපි අභිනන්‌දති, නෙව දුක්‌ඛා පමුච්‌චති.
‘‘යතො ච භික්‌ඛු ආතාපී, සම්‌පජඤ්‌ඤං න රිඤ්‌චති;
තතො සො වෙදනා සබ්‌බා, පරිජානාති පණ්‌ඩිතො.
‘‘සො වෙදනා පරිඤ්‌ඤාය, දිට්‌ඨෙ ධම්‌මෙ අනාසවො;
කායස්‌ස භෙදා ධම්‌මට්‌ඨො, සඞ්‌ඛ්‍යං නොපෙති වෙදගූ’’ති. තතියං;