20160725

ඔබේ කයෙහි මේ මොහොතෙහි පවතින වේදනා...



වේදනා වර්ග තුනකි.
සුඛ වේදනා
 දුක්ඛ වේදනා
 අදුක්ඛමාසුඛ වේදනා.

 ඔබ මින් හඳුනන්නේ වේදනා වර්ග දෙකකි.
සුඛ වේදනා දුක්ඛ වේදනා ඔබට හඳුනා ගත හැක.
උදාහරණ සොයා ගත හැක.
අදුක්ඛමාසුඛ වේදනා ගැන ඔබ කිසිවක් දන්නේ නැත.

ඔබේ සියලු දුකට හේතුව්න්නේ
 මේ වේදනා වර්ග තුනයි.
මේ වේදනාවලට ඔබ දක්වන
 ප්‍රතික්‍රියාවයි..

මේ වේදනා වර්ග තුන හඳුනාගන්නාතුරු
 ඔබ බොදුනුවෙක් වීමට සුදුසු නොවෙයි.
බුදු දහමට අනුව
 මේ වේදනා තුන පිරිසිඳ දත් තැනැත්තාට
 තවත් කළයුතු කිසිවක් නැතැයි කියමි.

මේ මොහොතෙහි
 ඔබේ කය දෙස සිහියෙන් දකිතොත්
 සුඛ වේදනා දුක්ඛ වේදනා මෙන්ම
 අදුක්ඛමාසුඛ වේදනාද ඔබට හඳුනාගත හැක.

අවිද්‍යාව නැසෙන්නේ මෝහය නැසෙන්නේ
 අදුක්ඛමාසුඛ වේදනා පිළිබඳ සිහියෙන් විසීමෙනි.
සුඛ වේදනා පිළිළිබඳ සිහියෙන් විසීමෙන්
 රාගානුසය කෙලෙස් නැසෙයි.
දුක්ඛ වේදනා පිළිබඳ සිහියෙන් විසීමෙන්
 රාගානුසය කෙලෙස් නැසෙයි.

අදුක්ඛමාසුඛ වේදනා හඳුනාගන්නට ඔබට හැකිද.?

ඔබේ කයෙහි මේ මොහොතෙහි පවතින
 සුඛ වේදනා මොනවාද?

ඔබේ කයෙහි මේ මොහොතෙහි පවතින
 දුක්ඛ වේදනා මොනවාද?

----කඩඉම් ප්‍රශ්නය----
ඔබේ කයෙහි
 මේ මොහොතෙහි පවතින
''අදුක්ඛමාසුඛ වේදනා'' මොනවාද?