මගේ දරුවන්ට වෛද්‍ය විද්‍යාව
උගන්වන්න මගේ කැමැත්තක් නෑ.
මම වගේම ඔවුනුත් කැමති
කලා විෂයකින් ජීවිකාව හොයාගෙන
ගත කරන සැහැල්ලු ජීවිතයකටයි.
නිවාස, ආහාර, ඇඳුම් පැළඳුම්..ආදී
සියල්ලක්ම අවශ්‍ය ප්‍රමාණයට තිබීමෙන්
අපි තෘප්තිමත් වෙනවා.
ඒ නිසා අපිට රජයේ වෛද්‍ය විද්‍යාලය හෝ
සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැන හිතද්දි
හිතේ කෑදර කමකින් හෝ
ද්වේශයකින් තොරව බලන්න පුලුවන්.
වෛද්‍යවරයා කියන්නෙ
තනතුර තියන නිසා අපේ ගරු සත්කාර ලැබිය යුතු
අපූරු දිව්‍යමය සත්වයෙක් කියා
මා හෝ මගේ දරුවන් නොසිතන නිසා
ලාභ, සත්කාර, ගරු නම්බු පතාගෙන
වෛද්‍ය ඨානාන්තරය කරා යන උමතුවත් අපට නෑ.
ඒ උමතුව තියන අය ගැනත් කරුණාවක් විනා
හෙළා දැකීමක් නෑ.
කවර අරමුණකින් හෝ අවශ්‍ය කැපවීම කරලා
වෛද්‍යවරයෙක් වෙලා රෝහලකට යන කෙනෙක්
ලාභ සත්කාරාධ්‍යාශය වැනි රෝග සුව වී
දයා කරුණා බර වෛද්‍යවරයෙක් වුණොත්
දහස් ගණනක් සුවපත් කරන්න ඔහුට පුලුවන්.
එවැනි වෛද්‍යවරුන් අපි ප්‍රාර්ථනා කරනවා.
ප්‍රමිතිය ගැන කතා කරද්දි
සමස්ත වෛද්‍ය විද්‍යාල නවයෙම
ප්‍රමිතිය ඇති වෙනවා දකින්න මම කැමතියි.
ප්‍රමිති නිර්ණායක තිබුණා නම්
ඈත වෛද්‍ය විද්‍යාල දරුවන්ට
පශු වෛද්‍ය විද්‍යා ආචාර්යවරුන්ගෙන්
වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න වෙන්නෙ නෑ.
සයිටම් කියන්නෙ තුවාලයක් නොවෙයි.
ලංකාවෙ වෛද්‍ය විද්‍යාල කියන සර්වාංග රෝගයෙ
එක අසාධ්‍ය අංගයක්.
ප්‍රමිතිය වෛද්‍ය විද්‍යාල නවයෙම තියෙන්න ඕන.
සයිටම් එකේ ප්‍රමිතිය නෑ
කියන සමහර වෛද්‍ය පීඨවලට
සයිටම් ප්‍රමිතියවත් නැහැ.
කිසිම වෛද්‍ය විද්‍යාලයකට
නීතිගත ප්‍රමිති නිර්ණායක නෑ..
ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය විද්‍යාලයකින්
වෛද්‍යවරයෙක් වෙන්න සුදුසු දරුවෙක්
ඒ සඳහා ආශාවෙනුත් ඉන්නවා නම්
මුදල් වියදම් කරලා හරි
ඒ අරමුණ ඉෂ්ඨ කරගන්න අවස්ථාවක්
ලක් බිම තුළ තියනවා දකින්න මම කැමතියි.
මගේ තරුණ වියේදි
ඇමරිකාවෙ චිත්‍රකථා ඇඳීම උගන්වන
Joe Kubert විද්‍යාලයට යන්න අවශ්‍ය
සියලු සුදුසුකම් සපුරාගෙනත් මට යන්න බැරි වුණේ
මට හෝ
මා වෙනුවෙන් වියදම් කරන්න කැමති
වෙනත් කිසිවෙක් ළඟ හෝ
අවශ්‍ය මුදල් නොතිබුණ නිසා.
දුර්වල හිතක් තියන කෙනෙක් වුණා නම්
සිය දිවි නසා ගන්න තරම්
ඉච්ඡාභංගත්වයක් මට තිබුණා.
සයිටම් ඉන්න පිරිසට විතරක් නොවෙයි..
අනාගතයෙ උසස්පෙළ සමතුන් අතරෙ මුදල් තියන අයට
මුදලුත් තියෙද්දි ඒ අවස්ථාව නැති වෙනවා දකින්න
මම කැමති නෑ.
ඒ පිරිස වෙනුවෙන්
මට කරන්න පුලුවන් දේවල් මම කරනවා.
ඔවුන්ට කවදා හරි ඒ අවස්ථාව ලැබුණාම
මටත් දැකලා සතුටු වෙන්න පුලුවන්.
ඒ සතුට වෙනුවෙන් අද විඳින
මේ දුක මට බරක් නොවෙයි.
මගේ වගේ හිතක් ඔබට නැත්නම්
මම කියන දේත්, කරන දේත්
ඔබට තේරුම් ගන්න පුලුවන් කියා
මම හිතන්නෙ නෑ.
ඒ නිසා,
ඔබ කියන දේත්, කරන දේත්
මට බරක් නොවෙයි.
උගන්වන්න මගේ කැමැත්තක් නෑ.
මම වගේම ඔවුනුත් කැමති
කලා විෂයකින් ජීවිකාව හොයාගෙන
ගත කරන සැහැල්ලු ජීවිතයකටයි.
නිවාස, ආහාර, ඇඳුම් පැළඳුම්..ආදී
සියල්ලක්ම අවශ්‍ය ප්‍රමාණයට තිබීමෙන්
අපි තෘප්තිමත් වෙනවා.
ඒ නිසා අපිට රජයේ වෛද්‍ය විද්‍යාලය හෝ
සයිටම් වෛද්‍ය විද්‍යාලය ගැන හිතද්දි
හිතේ කෑදර කමකින් හෝ
ද්වේශයකින් තොරව බලන්න පුලුවන්.
වෛද්‍යවරයා කියන්නෙ
තනතුර තියන නිසා අපේ ගරු සත්කාර ලැබිය යුතු
අපූරු දිව්‍යමය සත්වයෙක් කියා
මා හෝ මගේ දරුවන් නොසිතන නිසා
ලාභ, සත්කාර, ගරු නම්බු පතාගෙන
වෛද්‍ය ඨානාන්තරය කරා යන උමතුවත් අපට නෑ.
ඒ උමතුව තියන අය ගැනත් කරුණාවක් විනා
හෙළා දැකීමක් නෑ.
කවර අරමුණකින් හෝ අවශ්‍ය කැපවීම කරලා
වෛද්‍යවරයෙක් වෙලා රෝහලකට යන කෙනෙක්
ලාභ සත්කාරාධ්‍යාශය වැනි රෝග සුව වී
දයා කරුණා බර වෛද්‍යවරයෙක් වුණොත්
දහස් ගණනක් සුවපත් කරන්න ඔහුට පුලුවන්.
එවැනි වෛද්‍යවරුන් අපි ප්‍රාර්ථනා කරනවා.
ප්‍රමිතිය ගැන කතා කරද්දි
සමස්ත වෛද්‍ය විද්‍යාල නවයෙම
ප්‍රමිතිය ඇති වෙනවා දකින්න මම කැමතියි.
ප්‍රමිති නිර්ණායක තිබුණා නම්
ඈත වෛද්‍ය විද්‍යාල දරුවන්ට
පශු වෛද්‍ය විද්‍යා ආචාර්යවරුන්ගෙන්
වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්න වෙන්නෙ නෑ.
සයිටම් කියන්නෙ තුවාලයක් නොවෙයි.
ලංකාවෙ වෛද්‍ය විද්‍යාල කියන සර්වාංග රෝගයෙ
එක අසාධ්‍ය අංගයක්.
ප්‍රමිතිය වෛද්‍ය විද්‍යාල නවයෙම තියෙන්න ඕන.
සයිටම් එකේ ප්‍රමිතිය නෑ
කියන සමහර වෛද්‍ය පීඨවලට
සයිටම් ප්‍රමිතියවත් නැහැ.
කිසිම වෛද්‍ය විද්‍යාලයකට
නීතිගත ප්‍රමිති නිර්ණායක නෑ..
ප්‍රමිතියෙන් යුතු වෛද්‍ය විද්‍යාලයකින්
වෛද්‍යවරයෙක් වෙන්න සුදුසු දරුවෙක්
ඒ සඳහා ආශාවෙනුත් ඉන්නවා නම්
මුදල් වියදම් කරලා හරි
ඒ අරමුණ ඉෂ්ඨ කරගන්න අවස්ථාවක්
ලක් බිම තුළ තියනවා දකින්න මම කැමතියි.
මගේ තරුණ වියේදි
ඇමරිකාවෙ චිත්‍රකථා ඇඳීම උගන්වන
Joe Kubert විද්‍යාලයට යන්න අවශ්‍ය
සියලු සුදුසුකම් සපුරාගෙනත් මට යන්න බැරි වුණේ
මට හෝ
මා වෙනුවෙන් වියදම් කරන්න කැමති
වෙනත් කිසිවෙක් ළඟ හෝ
අවශ්‍ය මුදල් නොතිබුණ නිසා.
දුර්වල හිතක් තියන කෙනෙක් වුණා නම්
සිය දිවි නසා ගන්න තරම්
ඉච්ඡාභංගත්වයක් මට තිබුණා.
සයිටම් ඉන්න පිරිසට විතරක් නොවෙයි..
අනාගතයෙ උසස්පෙළ සමතුන් අතරෙ මුදල් තියන අයට
මුදලුත් තියෙද්දි ඒ අවස්ථාව නැති වෙනවා දකින්න
මම කැමති නෑ.
ඒ පිරිස වෙනුවෙන්
මට කරන්න පුලුවන් දේවල් මම කරනවා.
ඔවුන්ට කවදා හරි ඒ අවස්ථාව ලැබුණාම
මටත් දැකලා සතුටු වෙන්න පුලුවන්.
ඒ සතුට වෙනුවෙන් අද විඳින
මේ දුක මට බරක් නොවෙයි.
මගේ වගේ හිතක් ඔබට නැත්නම්
මම කියන දේත්, කරන දේත්
ඔබට තේරුම් ගන්න පුලුවන් කියා
මම හිතන්නෙ නෑ.
ඒ නිසා,
ඔබ කියන දේත්, කරන දේත්
මට බරක් නොවෙයි.