20150523

AudioRead - ඉංග්‍රීසි කියවීම හුරු කරගන්න පහසු ක්‍රමයක්

භාෂාව කියන්නෙ මිනිසාගේ ප්‍රධානම සන්නිවේදන මාර්ගයක්..
ඕනෑම භාෂාවක් ඉගෙන ගැනීමට අත්වැලක් අවශ්‍යයි.
ඔබ ඉංග්‍රීසි භාෂාව භාවිතයේ සමබරතාවය ලබාගන්නාතෙක්
මේ කුඩා රෝදය ඔබට ආධාර වනු ඇති..

ඔබේ සාර්ථකත්වය ඇත්තේ ඔබ අතමයි.
වෙනත් කෙනෙකු මත ඍජුව යැපෙන්නෙ නැතිව
නිරායාසයෙන් ඉංග්‍රීසි කියවීම ප්‍රගුණ කරන්නට
මේ මාර්ගය ඔබට මහඟු පිටුවහලක් වෙයි.
-------------------------------------------------------------------


ඕනෑම භාෂාවක් ප්‍රගුණ කරන කෙනෙකුට
එම භාෂාව පහසුවෙන් කියවීමට හැකි වීම
ඔහුගේ භාෂා පුහුණුව දියුණු කරගැනීමට
ඉමහත් පිටුවහලක් වෙයි.

ඔහුගේ වචන මාලාව පුළුල් කර ගැනීමට මෙන්ම
කියවන දේ නිරායාසයෙන් අවබෝධ කරගැනීමට
නිරන්තරයෙන් කියවීමේ පුරුද්ද බෙහෙවින් ආධාර වෙයි.

Audio book පිටපතකට සවන්දෙමින් එහි මුල් පොත කියවීම
කියවීම පුහුණු වීමට ඉතාම පහසු හා සාර්ථක ක්‍රමයකි..


ඉංග්‍රීසි භාෂාවෙන් ලියැවුණ සුපතළ නවකතා සහ
වෙනත් ශාස්ත්‍රීය පොත්වල Audio Books
එනම් කිසිවෙකු විසින් කියවා තැටිගත කළ හඬපට
අන්තර්ජාලයෙහි ඉතාම සුලභයි.
ඒ පොත් වල PDF පිටපත්ද සුලභයි.

වචන සහ හඬ සහිත මෙවැනි හඬපටද භාවිතා කළ හැක



තනිවම පොතක් කියවනවාට වඩා
තවත් කෙනෙකු කියවන පොතක් බලාගෙන
ඔහු සමග සිතින් කියවීම ඉතාම පහසුය.
ඔබ කළ යුත්තේ Audio Book පිටපත වාදනය කොට
එයට සමගාමීව පොත කියැවීමයි.


තමන්ගේ වැරදි දකින්නටත්
නිවැරදි උච්චාරණය හඳුනාගන්නටත්
කියවන්නෙකු අනුව කියවීම ආධාර වෙයි..

පොත කියවන තැනැත්තා
සුදුසු තැන නතර කිරීම නිසා
අවබෝධයට පහසුවක් වෙයි.

හඬපටයට තනිව සවන් දෙන කෙනෙකුට
නුහුරු බටහිර උච්ඡාරණය නිසා
වචන මග හැරීම පොත නිසා වළකියි.

අපට බොහෝ විට ගැටළුවක් වෙන
ඉංග්‍රීසි වචනවල උච්ඡාරණයද
නිවැරදිව දැන ගැනීමට මින් අවකාශ ලැබේ.

කෙමෙන් කෙමෙන් කියවීම පුහුණුවෙන විට
පොත කියවන්නා කියවන අතර විරාමයක් ගනිද්දී
ඔහු කියවන්නට පෙර තනිව කියවන්නට පෙළඹෙයි


 ඉංග්‍රීසි චිත්‍රපට බලන කෙනෙකු නම්
බටහිර  උච්ඡාරණය හුරුවීම නිසා
වෙනදාට වඩා පහසුවෙන් වචන ඇසෙයි..
අවබෝධය වැඩිවෙයි.

සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් ඇතිව
භාෂා භාවිතය දියුණු කරගන්නට වෙර දරන
වැඩිහිටියන් බොහෝ දෙනෙක්
ඉංග්‍රීසි කියවීම නුරුස්සන්නට එක් හේතුවක් නම්
සිංහල කියවීමේදී මෙන් සියල්ලම වටහාගැනීමට
ඔවුන් තුළ ඇති අසාධාරණ අවශ්‍යතාවයයි.
දෙවැනි භාෂාව පළවෙනි භාෂාව මෙන්
පහසු නැති බව අපට අමතක වෙයි..
ඉතා පැරණි සිංහල පොත් කියවීමේදීද
අපට මේ ගැටළුවම මතු වෙයි..

එහෙත් මේ ක්‍රමයට කියවන විට
පොත කියවන්නා සමග ඉදිරියට යායුතු නිසා
නොතේරෙන තැන්වල ලත නොවී
ඒ තැන් අතහැර ඉදිරියට යන්නට සිදු වෙයි.

ඒ අනුව කියවීමේ වේගයද
නොදැනුවත්වම වර්ධනය වෙයි.

පොත කියවන්නා සමග ඉදිරියට යායුතු නිසා
සිතේ සමාහිත බව රැකෙන අතර
එකම කාර්යයක දිගු කාලයක් නොකඩවා යෙදී සිටීමට
නිරායාසයෙන්ම සිත පුහුණු වෙයි.

බස් රියේ දුම් රියේ ගමන් කරන විට,
ගීතවලට සවන්දෙන්නාක් මෙන්
කාලය ගතකිරීම සඳහාත්
මේ ක්‍රමය උපයෝගී කරගත හැක

මේ උත්සාහය
සාමූහිකව ක්‍රියාත්මක කළ හැකි නම්
ප්‍රතිඵල වඩාත් ප්‍රබල වනු ඇත.

කිහිප දෙනෙක් එක්වී කියවන අතර
වරින්වර වාදනය නවතා සංවාද කිරීමෙන්
පොතේ අර්ථයත්, රසයත් මතුකරගැනීමට
සංවාදයේ යෙදිය හැක.

පාසැලක පංති කාමරයේ මෙන්ම
අමතර ඉංග්‍රීසි පන්ති වලද
මේ ක්‍රමය භාවිතා කළ හැක.

සිංහල පොත්ද
මේ අයුරින් හඬපටවලට නැගෙනවා නම්
එය ඉතා ප්‍රයෝජනවත් වෙනු ඇත.
එතෙක් සිංහල ඉගැන්වීමට
වෙළඳ පොළේ බහුලව ඇති
ගීත පොත් භාවිතා කළ හැක..

හොඳින් පුහුණු වනවිට
මුල් මුද්‍රිත පොත පසෙක තබා
Audio book පිටපතට සවන්දීමෙන්ම
කතාව රස විඳින්නට ඔබ පුරුදු වනු ඇත.


බස් රියේ දුම් රියේ ගමන් කරන විට,
විවේකයෙන් පසුවෙන අවස්ථාවන්හි හෝ
එදිනෙදා කරන පිරිසිදු කිරීම් ඉවුම් පිහුම් මැහුම් ගෙතුම් ආදී
මානසික ඒකාග්‍රතාවය තදින් අවශ්‍ය නොවන
සාමාන්‍ය එකාකාරී ක්‍රියාවල යෙදෙන විට
Audio book පිටපතට සවන්දී කතාව රස විඳිය හැක.


----------------------------------------------------------------
අගය මැන ගැනීමට
අවම වශයෙන් එක පොතක් හෝ
සම්පූර්ණයෙන්ම කියවන්න.


ඔබ කියවන පොත්
අවබෝධ වන ප්‍රමාණය කොතරම් අල්ප වුවත්
දැනට ඒ ප්‍රමාණයෙන් තෘප්තිමත් වන්න.

කියවන අතරවාරයේ
කතාව ''සම්පූර්ණයෙන්ම'' තේරුම් ගැනීමට
උත්සාහ නොකරන්න.

ඉංග්‍රීසි හෝ හින්දි චිත්‍රපටියක් නරඹන විට මෙන්
දළ වශයෙන් කතාව දැනගැනීමෙන් සැනසෙන්න..
ඔබේ දැනුම සහ අවබෝධය
කෙමෙන් කෙමෙන්, නිරායාසයෙන්
වර්ධනය වෙනු ඇත.

මේ අවස්ථාවේදී ඔබේ අරමුණ
කියැවීම හුරු කරගැනීම පමණකි.

ශබ්දකෝෂ වල ආධාරය නොපතන්න.

වරින් වර හඬපටය නවතා
කියවූ කොටස් තනිවමත් කියවන්න.


නැවත නැවත කියැවීමේදී
තේරුම් ගන්නා ප්‍රමාණය දියුණු වෙනු ඇත.

කියැවීමෙහි යෙදීමෙන්ම
අවබෝධය දියුණුවන්නට සිතට අවකාශ දෙන්න.

ඔබ වෙනත් කාර්යයන්හි යෙදෙන අතරත්
පොතක් වාදනය කරමින්
හැකි අයුරින් ඊට සවන් දෙන්න.

අධ්‍යයනයක් ලෙස නොව
විනෝදයට කරන කියවීමක් ලෙස සිතන්න.
අධ්‍යයනය නිරායාසයෙන් සිදු වෙයි.

ඔබේ උනන්දුව වැඩි නම් ඒ උද්‍යෝගය
වැඩි පිටු ප්‍රමාණයක් කියවීමට යොදාගන්න.
එකම පොත දෙවන වර තුන්වන වර කියවීමෙන්
අවබෝධ වෙන ප්‍රමාණය මෙන්ම හුරුවත් දියුණු වෙයි..

ඔබ පරිවර්තන පොත් කියවන කෙනෙක් නම්
ඔබ කියවූ බොහෝ පොත් වල මුල් පොත සහ
එහි Audio Book පිටපත අන්තර්ජාලයෙන් සොයාගන්න.

සිංහල පොතත් සමග සමගාමීව කියවීමෙන්
ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනයට උපකාර වනු ඇත.

සිංහල පොත
වචනයෙන් වචනයට සසඳන්නට උත්සාහ කොට
වෙහෙසට පත් නොවන්න.

සිංහල පොත කියැවීමේදී
දළ අර්ථයෙන් පමණක් තෘප්තිමත්වී
ඉංග්‍රීසි පොත ඍජුවම තේරුම් ගැනීමට
උත්සුක වන්න.
 
=================================================
http://www.blogger.com/share-post.g?blogID=7259769777226395666&postID=4389595766704351881&target=facebook

මේ සටහන SMS මගින් Share කරන්නට
කෙටි යොමුවක්
tinyurl.com/AudioRead
 ==================================================
කුඩා දරුවන්
 ආරම්භ කියවීම සඳහා පහසු පොත්
සහ අවශ්‍ය ලින්ක් පහත දැක්වේ.

===================================================
 

 කුඩා දරුවන් සඳහා

http://www.starfall.com/n/level-k/index/load.htm


http://www.starfall.com/n/level-c/index/load.htm

විවිධ වයස් මට්ටම් අනුව
සුදුසු කියවීම් තල හතරකින් තෝරාගත හැක.

http://www.starfall.com/index.htm

=========================================================

වැඩුණ දරුවන් සහ
මධ්‍යම ප්‍රමාණයේ ඉංග්‍රීසි දැනුම ඇති වැඩිහිටියන් සඳහා
---------------------------------   
ග්‍රිම්ස් සොයුරන්ගේ සුරංගනා කතා තුනක්

THE GOLDEN BIRD
වචන සහ හඬ සහිත මෙවැනි හඬපට වලින්
කියවීම පුහුණුවීම ඉතා පහසුය..



 Hans in Luck





DING LABS වෙබ් අඩවියෙන් 
තවත් ග්‍රිම්ස් සොයුරන්ගේ සුරංගනා කතා හඬපට


තවත් විවිධ වර්ගවල හඬපට විශාල සංඛ්‍යාවක් DING LABS වෙබ් අඩවියෙන් ලබාගත හැක.



https://www.gutenberg.org/ebooks/search/?query=grimm%27s+fairy+tales


 ග්‍රිම්ස් සොයුරන්ගේ සුරංගනා කතා පිටපත් සඳහා යොමුව.
Grimms' Fairy Tales, by The Brothers Grimm
   
 ===================================================

ජීවිතය සාර්ථක කරගත්
සුවිශේෂී මිනිසුන්ගෙ ජීවිත විශ්ලේෂණය කර සොයාගත්
සාර්ථකත්වයට මංපෙත් හෙළිකරන රහස්
සරලව විස්තර කෙරෙන අගනා කෘතියක් වන
THINK AND GROW RICH නම් පොතෙහි
පළමු පරිච්ඡේද දෙකයි මේ.


 



 මේ යොමුවෙන්
Think and Grow Rich
ඉතිරි පරිච්ඡේදද ඔබට හමුවනු ඇත.
 ------------------------------------------------
 AudioRead - Classic Novels - Audio books

තවත් මෙවැනි හඬපට 
YOUTUBE හි සර්ච් කිරීමෙන් සොයාගත හැක.
  ================================================================
http://www.blogger.com/share-post.g?blogID=7259769777226395666&postID=4389595766704351881&target=facebook

වචන සහ හඬ සහිත  හඬපට සොයාගත නොහැකි විට කියවන පිටපත සහ හඬපටය
වෙන වෙනම සොයාගත හැක.
---

Jurassic Park  Audio Book



පිටපත
Jurassic Park book TEXT

 Michael Crichton-
-------------------------------------


 පොත්වල Ebooks සහ Audio Books ලබා ගැනීම

 https://www.gutenberg.org
https://www.gutenberg.org වෙබ් අඩවිය SEARCH කිරීමෙන්
ඔබට බොහෝ පොත්පත් වල Ebooks බාගත කරගත හැක.

මෙම ලකුණෙන් පෙන්වන ලින්ක් එක මගින්
Audio Book පිටපත වාදනය කරගත හැක.

උදාහරණයක් 
----------------------------------

මේ හඬපටය වාදනය කොට
ඒ අනුව පහත දැක්වෙන කතාව කියවන්න..


Title:     The Golden Bird
Author: Jacob & Wilhelm Grimm
A certain king had a beautiful garden, and in the garden stood a tree which bore golden apples. These apples were always counted, and about the time when they began to grow ripe it was found that every night one of them was gone. The king became very angry at this, and ordered the gardener to keep watch all night under the tree. The gardener set his eldest son to watch; but about twelve o'clock he fell asleep, and in the morning another of the apples was missing. Then the second son was ordered to watch; and at midnight he too fell asleep, and in the morning another apple was gone. Then the third son offered to keep watch; but the gardener at first would not let him, for fear some harm should come to him: however, at last he consented, and the young man laid himself under the tree to watch. As the clock struck twelve he heard a rustling noise in the air, and a bird came flying that was of pure gold; and as it was snapping at one of the apples with its beak, the gardener's son jumped up and shot an arrow at it. But the arrow did the bird no harm; only it dropped a golden feather from its tail, and then flew away. The golden feather was brought to the king in the morning, and all the council was called together. Everyone agreed that it was worth more than all the wealth of the kingdom: but the king said, 'One feather is of no use to me, I must have the whole bird.'
Then the gardener's eldest son set out and thought to find the golden bird very easily; and when he had gone but a little way, he came to a wood, and by the side of the wood he saw a fox sitting; so he took his bow and made ready to shoot at it. Then the fox said, 'Do not shoot me, for I will give you good counsel; I know what your business is, and that you want to find the golden bird. You will reach a village in the evening; and when you get there, you will see two inns opposite to each other, one of which is very pleasant and beautiful to look at: go not in there, but rest for the night in the other, though it may appear to you to be very poor and mean.' But the son thought to himself, 'What can such a beast as this know about the matter?' So he shot his arrow at the fox; but he missed it, and it set up its tail above its back and ran into the wood. Then he went his way, and in the evening came to the village where the two inns were; and in one of these were people singing, and dancing, and feasting; but the other looked very dirty, and poor. 'I should be very silly,' said he, 'if I went to that shabby house, and left this charming place'; so he went into the smart house, and ate and drank at his ease, and forgot the bird, and his country too.
Time passed on; and as the eldest son did not come back, and no tidings were heard of him, the second son set out, and the same thing happened to him. He met the fox, who gave him the good advice: but when he came to the two inns, his eldest brother was standing at the window where the merrymaking was, and called to him to come in; and he could not withstand the temptation, but went in, and forgot the golden bird and his country in the same manner.
Time passed on again, and the youngest son too wished to set out into the wide world to seek for the golden bird; but his father would not listen to it for a long while, for he was very fond of his son, and was afraid that some ill luck might happen to him also, and prevent his coming back. However, at last it was agreed he should go, for he would not rest at home; and as he came to the wood, he met the fox, and heard the same good counsel. But he was thankful to the fox, and did not attempt his life as his brothers had done; so the fox said, 'Sit upon my tail, and you will travel faster.' So he sat down, and the fox began to run, and away they went over stock and stone so quick that their hair whistled in the wind.
When they came to the village, the son followed the fox's counsel, and without looking about him went to the shabby inn and rested there all night at his ease. In the morning came the fox again and met him as he was beginning his journey, and said, 'Go straight forward, till you come to a castle, before which lie a whole troop of soldiers fast asleep and snoring: take no notice of them, but go into the castle and pass on and on till you come to a room, where the golden bird sits in a wooden cage; close by it stands a beautiful golden cage; but do not try to take the bird out of the shabby cage and put it into the handsome one, otherwise you will repent it.' Then the fox stretched out his tail again, and the young man sat himself down, and away they went over stock and stone till their hair whistled in the wind.
Before the castle gate all was as the fox had said: so the son went in and found the chamber where the golden bird hung in a wooden cage, and below stood the golden cage, and the three golden apples that had been lost were lying close by it. Then thought he to himself, 'It will be a very droll thing to bring away such a fine bird in this shabby cage'; so he opened the door and took hold of it and put it into the golden cage. But the bird set up such a loud scream that all the soldiers awoke, and they took him prisoner and carried him before the king. The next morning the court sat to judge him; and when all was heard, it sentenced him to die, unless he should bring the king the golden horse which could run as swiftly as the wind; and if he did this, he was to have the golden bird given him for his own.
So he set out once more on his journey, sighing, and in great despair, when on a sudden his friend the fox met him, and said, 'You see now what has happened on account of your not listening to my counsel. I will still, however, tell you how to find the golden horse, if you will do as I bid you. You must go straight on till you come to the castle where the horse stands in his stall: by his side will lie the groom fast asleep and snoring: take away the horse quietly, but be sure to put the old leathern saddle upon him, and not the golden one that is close by it.' Then the son sat down on the fox's tail, and away they went over stock and stone till their hair whistled in the wind.
All went right, and the groom lay snoring with his hand upon the golden saddle. But when the son looked at the horse, he thought it a great pity to put the leathern saddle upon it. 'I will give him the good one,' said he; 'I am sure he deserves it.' As he took up the golden saddle the groom awoke and cried out so loud, that all the guards ran in and took him prisoner, and in the morning he was again brought before the court to be judged, and was sentenced to die. But it was agreed, that, if he could bring thither the beautiful princess, he should live, and have the bird and the horse given him for his own.
Then he went his way very sorrowful; but the old fox came and said, 'Why did not you listen to me? If you had, you would have carried away both the bird and the horse; yet will I once more give you counsel. Go straight on, and in the evening you will arrive at a castle. At twelve o'clock at night the princess goes to the bathing-house: go up to her and give her a kiss, and she will let you lead her away; but take care you do not suffer her to go and take leave of her father and mother.' Then the fox stretched out his tail, and so away they went over stock and stone till their hair whistled again.
As they came to the castle, all was as the fox had said, and at twelve o'clock the young man met the princes going to the bath and gave her the kiss, and she agreed to run away with him, but begged with many tears that he would let her take leave of her father. At first he refused, but she wept still more and more, and fell at his feet, till at last he consented; but the moment she came to her father's house the guards awoke and he was taken prisoner again.
Then he was brought before the king, and the king said, 'You shall never have my daughter unless in eight days you dig away the hill that stops the view from my window.' Now this hill was so big that the whole world could not take it away: and when he had worked for seven days, and had done very little, the fox came and said. 'Lie down and go to sleep; I will work for you.' And in the morning he awoke and the hill was gone; so he went merrily to the king, and told him that now that it was removed he must give him the princess.
Then the king was obliged to keep his word, and away went the young man and the princess; and the fox came and said to him, 'We will have all three, the princess, the horse, and the bird.' 'Ah!' said the young man, 'that would be a great thing, but how can you contrive it?'
'If you will only listen,' said the fox, 'it can be done. When you come to the king, and he asks for the beautiful princess, you must say, "Here she is!" Then he will be very joyful; and you will mount the golden horse that they are to give you, and put out your hand to take leave of them; but shake hands with the princess last. Then lift her quickly on to the horse behind you; clap your spurs to his side, and gallop away as fast as you can.'
All went right: then the fox said, 'When you come to the castle where the bird is, I will stay with the princess at the door, and you will ride in and speak to the king; and when he sees that it is the right horse, he will bring out the bird; but you must sit still, and say that you want to look at it, to see whether it is the true golden bird; and when you get it into your hand, ride away.'
This, too, happened as the fox said; they carried off the bird, the princess mounted again, and they rode on to a great wood. Then the fox came, and said, 'Pray kill me, and cut off my head and my feet.' But the young man refused to do it: so the fox said, 'I will at any rate give you good counsel: beware of two things; ransom no one from the gallows, and sit down by the side of no river.' Then away he went. 'Well,' thought the young man, 'it is no hard matter to keep that advice.'
He rode on with the princess, till at last he came to the village where he had left his two brothers. And there he heard a great noise and uproar; and when he asked what was the matter, the people said, 'Two men are going to be hanged.' As he came nearer, he saw that the two men were his brothers, who had turned robbers; so he said, 'Cannot they in any way be saved?' But the people said 'No,' unless he would bestow all his money upon the rascals and buy their liberty. Then he did not stay to think about the matter, but paid what was asked, and his brothers were given up, and went on with him towards their home.
And as they came to the wood where the fox first met them, it was so cool and pleasant that the two brothers said, 'Let us sit down by the side of the river, and rest a while, to eat and drink.' So he said, 'Yes,' and forgot the fox's counsel, and sat down on the side of the river; and while he suspected nothing, they came behind, and threw him down the bank, and took the princess, the horse, and the bird, and went home to the king their master, and said. 'All this have we won by our labour.' Then there was great rejoicing made; but the horse would not eat, the bird would not sing, and the princess wept.
The youngest son fell to the bottom of the river's bed: luckily it was nearly dry, but his bones were almost broken, and the bank was so steep that he could find no way to get out. Then the old fox came once more, and scolded him for not following his advice; otherwise no evil would have befallen him: 'Yet,' said he, 'I cannot leave you here, so lay hold of my tail and hold fast.' Then he pulled him out of the river, and said to him, as he got upon the bank, 'Your brothers have set watch to kill you, if they find you in the kingdom.' So he dressed himself as a poor man, and came secretly to the king's court, and was scarcely within the doors when the horse began to eat, and the bird to sing, and princess left off weeping. Then he went to the king, and told him all his brothers' roguery; and they were seized and punished, and he had the princess given to him again; and after the king's death he was heir to his kingdom.
A long while after, he went to walk one day in the wood, and the old fox met him, and besought him with tears in his eyes to kill him, and cut off his head and feet. And at last he did so, and in a moment the fox was changed into a man, and turned out to be the brother of the princess, who had been lost a great many many years.

Jacob & Wilhelm Grimm's short story: The Golden Bird (Fairy Tale)
=====================================

ඔබේ අත්දැකීම් අනුව
මේ පිළිබඳව ඔබ දක්වන අදහස කුමක්ද?

පහත දැක්වෙන අදහස්ද බලන්න.