20160830

සිරිධම්ම හිමි, ඔබ රහතෙක් නොවෙයි.



ඔබ රහතෙක් නොවෙයි.

ඔබේම වචනවලට අනුව
මේ ඔබ උගන්වන විපස්සනාවයි.
 ------------------------------------------
මං ඕගොල්ලන්ට කියන්නම්
සෝතාපන්න වෙන්න තියන කෙටි ක්‍රමයක්.
වර්තමානයේ පැවතීමමයි.
වර්තමානය තියනකොට කිසි දුකක් නෑ.
ඒ දුක නැතිව පැවැත්තුවාම
ඒ දුක නැතිකමම තමයි
එයාගෙ විපස්සනාව.
සිහියෙන් පැවතීම.
එතකොට එයා වර්තමානයට ආවාම
වර්තමානයට ආපු ඕනම කෙනෙක්
සිහියෙන් ඉන්නෙ කුමක් පිළිබඳවද?
මොහොත පිළිබඳව.
මොහොත පිළිබඳව කියන්නෙ සිත පිළිබඳව.
සිත පිළිබඳව සිහියෙන් හිඳීම කුමක්ද?
චිත්තානුපස්සනා.
ඉතිං හරිනේ එහෙනම්..
එහෙනම් ඔය මොකක්වත් බහුබූත ඕන නෑනේ.
--------------------------------------------------

චිත්තානුපස්සනාව නමින් ඔබ දෙසන/
මේ ව්‍යාජ විපස්සනාවට අමතරවත්
ඔබ දෙසන දහම තුළ
සතර සතිපට්ඨානයෙහි වැදගත්ම අංග දෙක වන
කාය වේදනා අනුපස්සනා දෙක නැත.


කාය වේදනා දෙක
 දුකෙන් මිදෙන මාර්ගයෙහි
 මුල් දෙපියවරයි.


ඔබ රහතෙක් කියා කියනවා නම්
ඔබ දෙසන්නේ බුදු දහම නම්

ඔබ දෙසන දහම තුළ
ප්‍රඥාවට පාදක වන ධර්ම අතර
කාය වේදනා දෙක තිබිය යුතුමය.

කාය වේදනා දෙක
 ආධ්‍යාත්මික පාරිශුද්ධ භාවය සඳහා
 භාවිතා කරන වෙනත් දහමක් ඇත්ද?

කාය වේදනා  පිළිබඳ සිහිය වැඩීමක් ඇත්තේ
බුදු දහම තුළ පමණි..
.
.


සිතෙහි ඇතිවෙන සියලුම දේ
වේදනා සමව සරණ කොට පවතී.

සිතෙහි යමක් ඇතිවෙන විට
ඒ හා සමගම කයෙහිද වේදනාවක් පවතී.

වේදනාවක් කියන්නෙ කයෙහි සිදුවෙන
ජෛව රසායනික ක්‍රියාවක් සිත හඳුනා ගැනීමක්.


ඒ වේදනා සිත නොදන්නෙ
සිහිය සහ උපේක්ෂාව නැති නිසයි.
රහත් වුණ කෙනෙකුට
කයෙහි සියලු වේදනා දැනෙනවා.


රහතන් වහන්සේ කෙනෙක් කියන්නෙ
කාය වේදනා දෙක ඇසුරෙන්
'මම' කියන මිථ්‍යාව පිරිසිඳ දත් කෙනෙක්.


සිත පිරිසිඳ දකින්නට නම්
කයෙහි වේදනාවද දැකිය යුතුය.
සිත පිරිසිඳ දකින්නා වේදනාවද දකී.
වේදනාව පිරිසිඳ දකින්නා සිතද දකී.

'' සුව වේදනා ය,දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා ය,
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''
බුදුන් වහන්සේ


සිරිධම්ම හිමි,
ඔබ රහතෙක් නම් වේදනා පිරිසිඳ දත යුතුයි.

වේදනා තුනෙකි.
සුව වේදනා ය,
දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා යි


පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.

හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.

වේදනා පිරිසිඳ දකිනවා කියන්නෙ
එක වේදනාවක් පිරිසිඳ දැකීම නොවෙයි.
මුළු කය පුරාම දැනෙන සියලුම වේදනා
පිරිසිඳ දැකීමයි.
මේ අවස්ථාවට පත් වෙන කෙනෙක් රහත් වෙලා.

ඒ නිසයි බුදුන් වහන්සේ කියන්නෙ
හෙතෙමේ වේදනා පිරිසිඳ දැන
කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ
මරණින් මතු පැනවීමකට නො පැමිණේ.


කයත් වේදනාත් නොදැක
සතර සතිපට්ඨානය වඩන කෙනෙක් තුළ
විදර්ශනාව වැඩෙන්නෙ නෑ.

සාමාන්‍ය කෙනෙකුට
කයක් තියනවා කියලවත් දැනෙන්නෙ නෑ.
ඔහු තනිකරම ජීවත් වෙන්නෙ සිත තුළ.

ඔහු අත සේදීම වැනි
සරල ක්‍රියාවකින් දැනෙන
සරල අත්දැකීමවත් දන්නෙ නෑ.

කය පිළිබඳ දැනීම වැඩෙන්න
කයෙහි වේදනා දකින්න
සිත හුරු විය යුතුයි.

සතර සතිපට්ඨානය මගින් විදසුන් වඩන්නෙක්
ආනාපාන සතිය මගින්
සියලු කයට ප්‍රති සංවේදී කරන්නෙ
කය පුරාම වේදනා දකින්න හැකි වෙන්නයි.
මේ සිහිය දියුණු කරන්න
ඉරියා පථය උපකාර වෙනවා.
සබ්බ කාය පටි සංවේදී

කය පිළබඳ සිහිය -
කාය
 කයට සංවේදී වීමෙන්
කයෙහි වෙනස් වීම් පිළිබඳව -වේදනා
විදර්ශනය දියුණු කරනවා.

ඒ අතර
පටිකූල මනසිකාරය,
ධාතු මනසිකාර ආදියෙන්
මනසිනුත් කය දකින්න හුරු කරනවා.

මේ සම්මා වායාමයෙහි යෙදෙන කෙනෙකුට
අනිවාර්යයෙන්ම සිතත්, -චිත්ත
සිතෙහි ඇතිවෙන වෙනස් වීම් -ධම්ම දෙකත්
විදර්ශනය වෙනවා.

පණඩිත තෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
.

''වේදනා පිරිසිඳ දකිනවා'' කියන්නෙ
එක වේදනාවක් පිරිසිඳ දැකීම නොවෙයි.
මුළු කය පුරාම දැනෙන සියලුම වේදනා
පිරිසිඳ දැකීමයි.
.

'' සුව වේදනා ය, දුක් වේදනා ය,
නොදුක් නොසුව වේදනා ය,
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''

මේ අවස්ථාවට පත් වෙන කෙනෙක් රහත් වෙලා.
.

වේදනා නාඳුනන ඔබ රහතෙක් නොවෙයි.
-----------------------------------------------

1 comment:

  1. ’’මහණෙනි,
    යම් භික්‍ෂු කෙනෙක් අධර්මය ධර්මයයි ප්‍රකාශ කෙරෙත්ද,
    ’’මහණෙනි,
    ඒ භික්‍ෂූහු බොහෝ දෙනාට අහිත පිණිස,
    බොහෝ දෙනාට නොසැප පිණිස,
    බොහෝ දෙනාට අනර්ථය පිණිස,
    දෙවි මිනිසුන්ට අහිත පිණිස, දුක් පිණිස,
    පිළිපන්නාහු වෙත්.
    මහණෙනි,
    ඒ භික්‍ෂූහු බොහෝ අකුශල්ද රැස් කෙරෙත්.
    ඒ භික්‍ෂූහුම මේ ශාසනය අතුරුදන් කෙරෙත්.’

    ReplyDelete