20230619

ඔබේ කලා දරුවාට ඔබ විෂ පොවනවාද?

 

කලාත්මක හැකියාව ඇති දරුවන්ට
වාණිජ බලාපොරොත්තු ඇති කිරීම
ඔවුන්ගේ ජීවිතවලට විෂ පෙවීමක්.

මරණය දක්වාම ඒ විෂෙන්
ඔවුන් දුක් විඳිනවා ඔබට පෙනේවි.

කලාකරුවාට යස ඉසුරු අතුරුඵලයක්.

මොලෑසස් හදන්න සීනි නිපදවන
දෙමාපියන් ළඟ ජන්මය ලැබීම
කලා දරුවන්ගේ අවාසනාවක්.
ඒ දෙමාපියන්ට දරුවා නිෂ්පාදනයක්.
ඉහළම ලංසුවකට දරුවා විකිණීම
ඔවුන්ගේ ප්‍රධානම අරමුණයි.

වාණිජ භාණ්ඩයක් වීමෙන්
හද පත්ලෙන්ම සතුටුවෙන
එකම මනුෂ්‍යයෙක් හෝ නම් කරන්න.
ඔවුන්ගේ සතුට බාහිර දේ මත
රඳාපවතිනවා.
ඒ සතුට රුපියලේ වටිනාකම සමග
ඉහළ පහළ යන අවිනිශ්චිත සතුටක්.
.
#athulasiriwardhane