20150818

හැමදාමත් පරාජිත ජවිපෙ සාමාජිකයා


ජවිපෙ ඡන්ද පදනම
කවදාවත් වෙනස් වෙන්නේ නැහැ..


ජවිපෙ හැමදාම උත්ප්‍රේරකයක්..
ධන හෝ ඍණ උත්ප්‍රේරකයක්...

කවුරු හෝ බලයෙන් පහ කරන්න..
කවුරු හෝ බලයෙ පිහිටුවන්න හවුල් වෙනවා.
ජවිපෙ හැමදාම එහෙමයි..

න්‍යායික චින්තනයෙන් නොමග ගොස්
කටින් බතළ කොළ සිටවන්නට සැරසෙන
තරුණ මදයෙන් ලේ රත්වෙන තරුණ පෙළ
ප්‍රධාන පක්ෂ දෙකට එක්වී
ඔවුන්ගෙ ගමන අවු
ල් කරන්නට ඉඩ නොතබා
ඔවුන් ප්‍රධාන දේශපාලනික ප්‍රවාහයෙන් ඈත්කරගෙන
තරුණ වියෙන් වැඩිහිටි වියට සේන්දු වෙන
අභියෝගාත්මක සහ අවදානම් සංක්‍රාන්ති සමය තුළ
 
 තරුණ පෙළට කෘතිම ගර්භාෂයක් සපයන ජවිපෙ
රටේ දේශපාලනික සංහිඳියාවට සහ
ප්‍රධාන පක්ෂ දෙකේ නිරවුල් පැවැත්මට
අනුපමේය මෙහෙයක් කරනවා.

ජවිපෙ කියන්නෙ
එකම පහනක්වත් දල්වන්නෙ නැතුව
අඳුරට සාප කරන අයගේ පක්ෂයයි.

පහන ගැනත්, තිරය ගැනත්, දැල්ල ගැනත්
ඔවුන්ගෙ කෝණයෙන් විග්‍රහ කරමින්
ජීවිතය ගතකරන ජවිපෙ සාමාජිකයන්
වැරදීමකින්වත් එක පහනක් හෝ
තම ජීවිතය තුළ දල්වා ගත් පසු
ජීවිතය නම් කිමැයි හඳුනාගෙන
ජවිපෙ හැර යනවා.

ජවිපෙ වැරදි නැති රජයක් පතනවා
වගේ මතුපිටින් පෙණුනාට
එහෙම රජයක් ආවොත්
ඔවුන්ගේ ගමනෙ අවසානය එයයි.
ජවිපෙ  පැවැත්ම තියෙන්නෙ
පවතින රජයට පහර ගැසීම තුළයි.
මැතිවරණ කාලයට
ප්‍රධාන පක්ෂයකට හවුල් නොවුණොත්
ප්‍රධාන පක්ෂ දෙකටම මඩ ගසමින්
ගොඩ වැඩි කරගන්නට උත්සාහ කරනවා.

පක්ෂ දෙකම එපාවෙන්නට තරම්
රටේ ජනතාව අවදි වූ කාලයට
ඒ පක්ෂ දෙකම ගැන කලකිරී
හිසට සෙවනක් සොයන පිරිස
ජවිපෙ වටා එකතුවෙනවා.

ඒත්
ජවිපෙ කියන්නෙ
කඳවුරෙන් කඳවුරට පාවෙන
නිවසක් නොව කූඩාරමක් බව වැටහෙන කොට
ඔවුන් ජවිපෙ හැර යනවා.

ජවිපෙ රටාවට ඇබ්බැහි වෙන අයත්
නායකත්වයට පත්වෙන අයත්
වයස්ග
වෙද්දිත් ජවිපෙ සමග ඉන්නවා.

ජවිපෙ සමාජිකයනුත් කරන්නේ
දහම මතුරමින් හෝ මතුරන්නා අනුගමනය කරමින්
දහම පිළි නොපදින ආගමිකයන් කරන ආත්ම වංචාව හෝ
අනුගාමිකයන්ට වංචා කිරීමයි

බිත්තර වී මල්ල හිසේ තියාගෙන
කුඹුර සැකසීමේ, වී වැපිරීමේ සිට
අස්වැන්න ගෙට ගෙන බෙදා හැරීම දක්වා
සියල්ල විග්‍රහ කරමින්
ප්‍රධාන පක්ෂ දෙකට මඩ ගසමින්
කුඹුරට නොබැස
කමතට වී කල්මැරීම
සදාතනික ජවිපෙ ප්‍රතිපත්තියයි...

ජවිපෙ කවදාවත් රජයකට එක්වී
ජනතාවට සේවයක් කරන්නේ නෑ.

තමන් අදහන ගෝල පිරිසෙන් පරිබාහිර
පොදු ජනතාව සමග කතා කරන්නටවත්
ඔවුන්ට සංයමයක් නෑ.

ඇමතිකමක් අරන් 
පොදු ජනතාව සමග සහ
රාජ්‍ය නිලධාරීන් සමග ගැවසෙන්නට අවශ්‍ය
දේශපාලනික ශක්‍යතාව ජවිපෙ සතුව නැහැ.

දේශපාලනය ගැන කතා කිරීම හැර
පක්ෂයක් විදියට ඔවුන්ගෙන්
ජනතාවට සිදුවෙන
වෙනත් සේවයක් නෑ.

රජයක් පිහිටුවීමේ සිහිනය බොඳ වූ පසු
රජය පාලනය කිරීමට ඔවුන් සිහින මවනවා.
ඒ පාලනයෙන් නායකයන් ලබන ප්‍රතිලාභ
පාක්ෂිකයන්ට නොලැබෙන විට
පාක්ෂිකයන් පක්ෂය හැරයනවා.

තව වසරක් දෙකක් යද්දි
ඔවුන් සමග ඉතිරි වන බහුතරය
අවුරුදු දහසයේ ළමයින් බව
අද ඔවුන්ගේ අරමුණු වලින් පැහැදිලියි.
අවුරුදු දහසයේ ළමයින්ට ඡන්ද බලය ලබාදීම
අද ජවිපෙ හමුවේ ඇති අභියෝගය
ක්.
හැම කාලයකම ඉන්න බොළඳ තරුණ පෙල
තමන්ගෙ කැරලිකාර මනසට පෑහෙන
ජවිපෙ සමග එක් වෙනවා.

පාසලෙන් එළියට බහින වයසෙ දරුවන්
ස්වාභාවිකවම
දෙමව්පියන්ගෙ ආධිපත්‍යයට හෝ
දෙමව්පියන්ගෙ දරුවන්ට තියන
නිවට වහල් බවට විරුද්ධව හෝ
කැරලි ගැසීම ඒ වයසෙ ස්වභාවයක්.
දෙමව්පියන් කරන හැම දේකම
වරදක් ඔවුන් දකිනවා.
ඔවුන්ට ඒ දේවල්
ඊට වඩා හොඳින් සහ නිවැරදිව තමන්ට කළ හැකි යයි
පාසලෙන් එළියට බහින වයසෙ දරුවන් සිතනවා.
රට ගැන සිතන විට
එසේම සිතන බව පෙනෙන ජවිපෙ සමග
ඔවුන්ගෙ මනස පෑහෙනවා.

බොළඳ තරුණ පෙල වයසින් වැඩී වගකීම් දරන විට
ඔවුන්
ජවිපෙ ගැන සිතූ ආකාරයත්
ජවිපෙ රට ගැන සිතනවායැයි පෙන්වන විදියත් යන දෙකම
සැබෑ ස්වරූපයෙන් දකිනවා.

තනිව මැතිවරණ වලට ඉදිරිපත්වෙන විට
පූර්ව මැතිවරණ සමය කොතරම් උත්කර්ෂවත් වුවත්
ජවිපෙ ජයග්‍රහණයක් ගැන කවුරු අනාවැකි කිව්වත්
මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන විට
ඔවුන්ගේ නිරුවත ලොවට පෙනෙනවා.
තරුණ දෙනෙත් ආවරණය කරන
සීතාම්බර පටසළුව ගැලවී වැටෙනවා.

දෙමව්පියන් කළ කීදේ
ඔවුන් කළාට වඩා හොඳින් නොව
ඒ මට්ටමෙන් හෝ කරගන්නට
තමන්ට බැරි බව ඔවුන්ට වැටහෙනවා.


හැඟීමෙන් සහභාගි වී අරමුණු සුණු විසුණු වීමෙන්
පරාජිත මනසින් ඉච්ඡා භංගත්වයෙන් වේදනා විඳින
තරුණ ජවිපෙ සාමාජිකයා
ඔවුන්ගේ අඩුව පිරවීම
ඊළඟ බාල පරම්පරාවට භාර දෙ
මින්
පවතින දේශපාලන ප්‍රවාහයට එක් වෙනවා.

අඳුරට සාප කර
මින්
  පහන ගැනත්, තිරය ගැනත්, දැල්ල ගැනත්
තරුණ මනස ආකර්ෂණය කරගනිමින්
ඔවුන්ගෙ කෝණයෙන් විග්‍රහ කරමින්

එකම පහනක්වත් දල්වන්නෙ නැතුව

වයස්ගතවෙන නායකයො ටික 
ඔවුන් සිටින තැනම ඉන්නවා.

කැප වීමෙන් වැඩකරන සාමාජිකයා
ජවිපෙ සමාජවාදයෙ සැබෑ ස්වරූපය හඳුනාගෙන
වෙනස්වෙන සමාජ ප්‍රවාහයට අනුගත වෙමින්
අනෙක් පක්ෂ වලට එකතු වෙනවා.
නැත්නම් 
තමන්ගෙ වැඩක් බලාගන්නවා.

ජවිපෙ ඡන්ද ව්‍යාපාරය විඳ ප්‍රත්‍යක්ෂ කරගෙන

බොළඳ තරුණ පෙල
හැලෙන කොට
අලුත්
තරුණ පිරිසක් එකතු වෙනවා.
සෙක්කුව පුරුදු විදියට කැරකෙනවා.