20170304

ගොළුවුණු දෙතොලක සිනහ සිළිල ඔබ..-Victor


වික්ටර් නැවත විවාහ වීම
විශේෂ දෙයක් විදියට මමත් දකින්නෙ නැහැ.

පාසල් වියේ සිටම,
සිහිල් සුළං රැල්ලේ ගීතයේ සිටම
මගේ ප්‍රියතම ගායකයා ලෙස
ඔහුගේ හඬින් සහ සංගීතයෙන්
මගේ ආත්මයට බොහෝ රස එක් කළ
ඉතාම සමීප චරිතයක් ලෙස
මම ඔහුට සදා ණය ගැතියි.

සංවාදයට ලක් වෙන ලෙලුම් හැර
අනිත් අය ගැන කියන්න මම දන්නෙ නෑ.
මට හිතෙන විදියට
දියණියගෙන් දැඩි විරෝධයක්
නැති වෙන්න පුලුවන්.
ගැහැණියක් විදියට ඇයට මේ ගැන
වැඩි අවබෝධයක් ඇති.

පිය උරුමයෙන් ලත් ගෙයත් විකුණා
ලෙලුම් ඒ මුදල් නාස්ති කළ බව
මම අසා තියනවා.
ඔහු එතරම් වේදනාවට පත් වෙන්න හේතුව
ඔහුට නැති වෙන බූදලය විය යුතුයි කියා
අහන අය හිතන්න මෙවැනි තොරතුරු
පාදක වෙන්න පුලුවන්.

” නැද්ද දරුවෝ මා කෙරේ ලැදි
උන්ට මාගෙන් වූයේ වරදද?”

දරුවන් ඈත් වීමෙන්
වික්ටර්ගේ හිතට දැනෙන බරත්
අපට තේරුම් ගන්න පුලුවන්.
ඔහු අතින් වරදක් වුණත්
ඔහු තෝරාගත් විකල්පය
දරුවන්ගේ අනුමැතිය නැතත්
ඔහුගේ යහපතට හේතු වෙන්න ඇති.

” පුතු සෙනේ පිතු හද තුළම මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ. ”

අපේ දරුවන් ගැන අපිට දැනෙන වගකීම, බැඳීම
අපිට අපේ මාපියන් ගැන නොදනුණ බවත්
දරුවන්ගෙ අපට නොදැනෙන බවත් සත්‍යයක්.

සමහර දෙමව්පියන් තම දරුවන්
තමන්ට ආදරේ කරන්න
හිතා මතාම ඇබ්බැහි කරන නමුත්
වික්ටර් එවැන්නෙක් නොවන බව
පාසල් වියේ ඔහු දකින්නට ගිය විට මා දුටුපරිදි
දරුවන් තුළ ඔහු පිළිබඳව වූ ගෞරව සම්ප්‍රයුක්ත භය
මා විසින් අත්දැක ඇති නිසා මම දන්නවා.

එසේම ඔහු ප්‍රතිඵල වලට බිය නැතිව
ඍජු තීරණ ගන්නා, ඒ තීරණ
නොපැකිළ ක්‍රියාත්මක කරන කෙනෙක්.

ඔහු ස්වභාවයෙන්ම ප්‍රේමාන්විත පුද්ගලයෙක් බවට
ඔහුගෙ හඬත්, හැඟීම්බර ගායනයත් ඔහු තෝරා ගත් ගීතත්
ප්‍රබල සාක්ෂියක්.
ඒ ප්‍රේමය කාට හෝ ලැබුණා නම්,
ඇයත් වාසනාවන්තියක්...

වෙනත් ඕනෑම
ස්ත්‍රී පුරුෂ සබඳතාවයක මෙන්ම
ඔවුන්ගේ සබඳතාවය තුළත් වැදගත් වන්නේ
ඔවුන්ගේ චරිත ස්වභාවයන් අනුව
ගතිගුණ, හැසිරීම්, රුචි අරුචිතා අනුව
පැන නගින ගැටලු විසඳාගන්නට
ඒ ලක්ෂණ අනුවම ක්‍රියා කරන ආකාරයයි.

වික්ටර්ගේ බැඳීම
තනිකරම කායික බැඳීමක් කියා
මම කෙසේවත් විශ්වාස කරන්නේ නැහැ.
ඔහු එවැන්නෙක් වුණා නම්
ඔහුගේ ගායන දිවිය වසරක් දෙකක්වත්
පවතීවි කියා සිතන්න බැහැ.
හඬ සමග මුසුවී අප ආනන්දයෙන් මත් කළේ
කාමය ලෙස නිදැල්ලේ මුදා නොහැර
ඔහු රැකගත් ශෘංගාරයයි.

කායික මහළු බවත් මානසික මහලු බවත් දෙකක්.
කායික මහලු බව පේශි වලට අදාළයි.
වික්ටර්ගේ වයසට ඔහු තුළ නැති
මානසික මහළු බවක්
වැරදි විදියට කය මනස භාවිතා කළ
නොමේරූ තරුණයෙක් තුළ පවතින්න පුලුවන්.

කයින් වචනයෙන් සම්ප්‍රේෂණය වෙන
නොනිමි තාරුණ්‍යයක් වික්ටර් තුළ තියන නිසයි
ඒ වයස පරතරය ඇති කෙනෙක්
ඔහු වෙත බැඳුණේ.
වසර නවයක් ඔහු ළඟ රැඳෙන්නත්
ඒ බැඳීම ප්‍රබල විය යුතුයි.

කාන්දම් දෙකක් අතර ආකර්ශණය මනින විට
පරතරය වැඩි වුණත් බැඳීමෙන් පෙනෙන්නේ
ඒ ආකර්ශණයෙහි ප්‍රබල බවයි.

ඔහු වසර නවයක් ඉවසීම වගේම
තවත් ප්‍රමාද නොවීමත් අගය කළ යුතුයි.
ඔහුගේ පාර්ශවයෙන් ඔහු ක්‍රියා කළ ආකාරය
පැසසුමට ලක් විය යුතුයි.

ආදරණීය වික්ටර්ටත් ඔහුගේ සහකාරියටත්
හදවතින්ම සුභපතනවා.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
 
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

මේක සංසා­ර­ගත බැඳී­මක්
නිශානී හේරත් බන්නැ­හැක





nnnnnnn

වික්ටර්ගේ ආදරය දිනූ හෂිනි රත්නායක

xbවික්ටර් රත්නායකයන් නැවත විවාහ වූ පුවත කනින් කොනින් ආරංචි වූ නිසා මා ඔහුගේ දුරකථන අංකය කැරකවූවා. දුරකථනයට පිළිතුරු දුන්නේ වික්ටර් රත්නායකයන්ගේ යොවුන් ප්‍රිය බිරිය හෂිනි අමේන්ද්‍රා රත්නායක මහත්මියයි.
මා මීට ටික දිනකට පෙරාතුව ‘දෛව රේඛාව’ විශේෂාංගයෙන් ඔහු ගැන ලියන්නට ඔරුවල අතුරුගිරිය වික්ටර් රත්නායකයන්ගේ නිවසට යනවිට ඇයද නිවසේ සිටියා. අපහට තේ පිළියෙල කර දුන්නේ ද ඇයයි. ඒ සිදුවීම සිහිපත් කරමින් “ඔයා එදා අපි එද්දි හිටිය හෂිනි ද?“ මම දුරකථනයෙන් විමසා සිටියා.
“ඔව්. ඔව්. ඒ මම තමයි.”
“එදා මේ ගැන මුකුත් ම කීවෙ නැහැනේ.” මම විමසුවා.
එතකොට ඇය මෙහෙම කීවා.

“අපි අතර ආදර සම්බන්ධය හුඟාක් කාලෙක පටන් තිබුණු දෙයක්. ළඟදි විවාහ වූ කතාව ඇත්තයි. විවාහය ඉක්මන් වුණේ වික්ටර් රත්නායකයන්ගේ දරුවන්ගේ බලපෑම් නිසයි.
මගේ ගම ගාල්ල කන්දෙවත්ත. මහජන බැංකුවේ නිලධාරිනියක් ලෙසට ඒ කාලේ කටයුතු කළේ. මම කලින් විවාහ වෙලා හිටියා. ටික කලකින් ඒ විවාහයෙන් දික්කසාද වෙන්න සිදුවුණා.
රසිකාවියක් විදිහට තමයි මම මුලින් ම වික්ටර් රත්නායක සර්ව හඳුනාගත්තේ. කාලයක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් අපේ හිත් ආදරයෙන් බැඳුණා. මගේ මවුපියන් පවා මේ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා හිටියා. ඒත් අ‍පේ සිත් නොසැලී තිබුණා. මම ඔහුට ආදරෙයි. ඔහුත් මට ආදරෙයි. අපි අතර ලොකු වයස් පරතරයක් තිබුණත් ඒක ආදරයට, විවාහයට බාධාවක් නැහැ. අපි අවබෝධයෙන්, ආදරයෙන් ඉන්නවා.

මුල් යුගයේ අපි පවුල් වශයෙන් එකතුයි. මට අක්කලා දෙන්නෙක් ඉන්නේ. වික්ටර්ගෙයි, මගෙයි සම්බන්ධය ඉව වැටුණාම, ගෙදර අය තදින්ම විරුද්ධ වුණා. අවුරුදු 6ක් විතර වෙනවා අපේ සම්බන්ධයට. මගේ අම්මා කියලා තියනවා මම පුංචි කාලේ ඉඳලා ම වික්ටර්ගේ ගීතවලට ආසයි කියලා. මට අවුරුදු 31ක්. වික්ටර්ට අවු: 75 යි. ඒත් වයස් පරතරයක් ගැන මට දැනෙන්නේවත් නැහැ. ඒ තරමට අපි බැඳීමෙන් ඉන්නේ.
මුලින් මගේ හිතේ ඇති වුණේ ඔහු ගැන භක්තියක්, ගෞරවයක්, මම අපරදිග සංගීතය හැදෑරුවා. දේශීය සංගීතයටත් ගොඩක් ප්‍රියයි. මම වික්ටර්ට ළංවුණේ නොදැනුවත්වම. ඒ ඇසුර ආදරයකට පෙරළුණා. කවුරුන් විරුද්ධ වුණත් අපි නොසැලී හිටියා. දැන් අපි විවාහවෙලා, අපේ සම්බන්ධයට විරුද්ධ අය වගේ ම මිතුරු සිතින් අවංකව ම සුබ පතලා ආශිර්වාද කරන අයත් ඉන්නවා.
මම කාලයක් තිස්සේ වික්ටර්ව ඇසුරු කළ නිසා ඔහු මොනතරම් සංවේදී හිතක් තියන කෙනෙක් ද කියා හොඳින් ම දන්නවා. සංසාරෙ යම් බැඳීමක් තියෙන්න ඇති ඒකනේ මේ වගේ බැඳුණේ.

වයස්.... පරතරය... ගැන ගැටලුවක් නැද්ද...?
ලංකාවෙ විතරක් නෙමෙයි පිටරටවලත් කලාකරුවෝ විතරක් නෙමෙයි හුඟාක් වයස් පරතරය වැඩි අය ආදරයෙන් බැඳිලා ඉන්නවා. අපි ජීවිතය හරි සතුටින් ගෙවන්නේ. එයා වගේ කෙනෙක් ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් සේ සලකනවා.
අනික වික්ටර්ගේ බිරිය නැතිවෙලා අවුරුදු 13කටත් වැඩියි. දරුවන්ගේ යුතුකම් ඉටුකරලානේ තියෙන්නේ. ඉතිං මම හිතන විදියට කාටවත් කිසිම ගැටලුවක් නැහැ.
හෂිනිට... වික්ටර් ගැන තියෙන්නේ ආදරයක් ද? ගෞරවයක් ද? භක්තියක් ද? නැත්නම් මේ හැම දේකම සම්මිශ්‍රනයක් ද?
ඔව් හැමදෙයකම සම්මිශ්‍රනයක් කීවොත් නිවැරැදියි. මම එයාට හොඳින් සලකනවා.
ඔයාගේ අනාගතය ගැන බලද්දි වික්ටර් සමඟ විවාහවීමේ තීන්දුව නිවැරැදියි කියා හිතනවද?
මගේ අනාගතයටත් වඩා මම හිතන්නේ එයාගේ සුව පහසුවයි. එයාට සලකන එක මට ලොකු සතුටක්. මම කැපවීමෙන්මයි ඒ දේවල් කරන්නේ. වික්ටර්, හැම තිස්සෙ ම පන්සල් ගියේ නැතිවුණාට ආගමික කටයුතුවලට ගොඩක් කැම­ැතියි. හදවතේ බෞද්ධ දර්ශනය පිහිටලා තියනවා එයාගේ. කවුරු මොනවා කීවත් අපි අවබෝධයෙන් සෙනෙහසින් ඉන්නේ.
මේ තරමට බාධා - ගැටුම් එන්නේ අසම්මත ප්‍රේමයක් වූ නිසාද?
ආදරයට, ගැටුම්, බාධා එමටයි. අපි දෙන්නට එක්වෙන්න නීතිමය බාධාවක් නැහැනේ. සිතුම් පැතුම්, අදහස් සමාන නම් දෙදෙනා අතර ගැටුමක් නැත්නම් ආදරය ජයගන්න පුළුවනි.

වික්ටර් නැවත විවාහ වෙන බවක් එදා ‘දෛව රේඛාව’ ලිපියෙදි කියවුණේ නැහැ. අඩුගාණේ මේ ගැන හඳහනේවත් සඳහන් වෙලා තිබුණද?
මට මතකයි මීට ටික කලකට පෙර ඉන්දියාවෙන් ආපු ජ්‍යොතිෂඥයෙක් හමුවන්න අපි බම්බලපිටියට ගියා. ඒ ගියෙත් මගේ ඉල්ලීමටමයි. ඔහු අපිට සියලු විස්තර සී.ඩී. පටියකින් කියලා දුන්නා.
ඒකේ කියවෙනවා වික්ටර්ගේ ජීවිතයේ හොඳම සුවබර, සැපවත් කාලය උදා වෙන්නේ ඔහුට අවුරුදු 70න් පසු කියලා. වික්ටර්ගේ හස්ත රේඛා පරීක්ෂා කළ දෛවඥයෙක් තමයි මේ අනාවැකිය පළකළේ. ඒක අද වන විට ඇත්ත වෙලා.
අපි කිසිම මාධ්‍යයකට කිසිම දෙයක් ප්‍රකාශ කළේ නැහැ. මේ දේවල් කතා කරන්න වික්ටර් කැම­ැතිත් නැහැ. මේක අපේ මනාපය. සමහර මාධ්‍ය මඩ ගැසීමේ අරමුණින් විවිධ දේ පළකරනවා. විවිධ දේ කියනවා.
ඒත් අපි සිළුමිණ - රසඳුන ගැන විශ්වාස කරන නිසයි මේ දේවල් වුණත් බය නැතිව කීවේ. නැත්නම් විවාහය කියන්නේ දෙන්නෙක් අවබෝධය තුළින් ගැනෙන පෞද්ගලික තීන්දුවක්.