පන්සලට දවල් දානෙ දුන්නා.
බිරිඳගෙ උපන් දිනේට..
හිතට දැනෙන පහන් හැඟීම
වචනයෙන් විස්තර කරන්න බෑ.
ඒ වියපත් භික්ෂූන් වහන්සේගේ
යහපත් දිවිපෙවෙතත්
අල්පේච්ඡ, නිහතමානී,
දයාබර සුහද පැවැත්මත්
ඒ හැඟීම තීව්‍ර කරනවා.
දානෙ දෙන්න තීරණය කළ දවසේත්
ඊයෙ ආහාර ද්‍රව්‍ය මිළට ගන්න වෙලාවෙත්
දානේ සකසන්න උදව් වෙන වෙලාවෙත්
දානේ පිළිගන්වන වෙලාවෙත්
හිතේ තිබුණේ
මේ දානය දෙන්නෙ බුදුන් වහන්සේ නමින්
එදා මෙදාතුර භික්ෂූන් වහන්සේලාටයි
කියන හැඟීමයි.
බුදුන් වහන්සේ ගැන හිතද්දි
සිහිවෙන්නෙ බුදු පිළිම නොවෙයි.
ජීවමාන බුදුන් වහන්සේයි.
බුදුන් වහන්සේ මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත්
ආරාමයේ භික්ෂූන් වහන්සේලගෙන් විමසුවාම
"අන්න අර කුටියේ
බුදුන් වහන්සේ වැඩ ඉන්නවා.
දොර ළඟට ගිහින් උගුර පාදලා
නිය පිටින් දෙවරක් අගුලට තට්ටු කරන්න.
බුදුන් වහන්සේ දොර අරීවි."
කොතරම් සරල දිවි පෙවෙතක්ද?
බුදුන් වහන්සේ සැතපී ඉන්න පුලුවන්.
නිදාගෙන නොවෙයි.
රහත්වුණ කෙනෙක් නිදාගන්නෙ නෑ.
රහත් බව කියන්නෙ උපරිම සිහිය,
සියල්ලටම සංවේදී බව.
හුස්මක්වත් මග හැරෙන්නෙ නෑ.
බුදුන් වහන්සෙ වැඩ ඉන්නෙ
සම්පජානෝ සතියෙන්..
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
දොර ළඟ සිට උගුර පෑදීම,
නිය පිටින් අගුලට තට්ටු කිරීම
බුදුන්වහන්සේට ප්‍රමාණවත්.
බුදුන් වහන්සේම ඇවිත්
දොර හරිනවා.
මේ අවස්ථාව කොතරම්
සිත් ගන්නා සුළුද?
බුදුන් වහන්සේ මට දැනෙන
සමීපම ආකාරයයි මේ..
බුද්ධ පූජාව රැගෙන ගිය වෙලාවෙ
පිළිමයෙන් බුදුන් වහන්සේ
දැකිය නොහැකි බව සංකේතවත් කරන
දුහුල් තිරපටෙන් ආවරණය වුණ
බුදු පිළිමය අබියස අසුන මත
බුද්ධ පූජාව තබා වඳින මොහොතෙ
දෑස කඳුලෙන් තෙත් කරමින්
මගේ හිත නිවූ ප්‍රබලම හැඟීම
"මා දුකෙන් මුදවන්නට මග පෙන්වීමෙන්"
මගේ මේ ජීවිතයත් රැකගැනීම ගැන
බුදුන් වහන්සේ වෙනුවෙන් උපන්
අප්‍රමාණ කෘතඥතාවයයි.
බිරිඳගෙ උපන් දිනේට..
හිතට දැනෙන පහන් හැඟීම
වචනයෙන් විස්තර කරන්න බෑ.
ඒ වියපත් භික්ෂූන් වහන්සේගේ
යහපත් දිවිපෙවෙතත්
අල්පේච්ඡ, නිහතමානී,
දයාබර සුහද පැවැත්මත්
ඒ හැඟීම තීව්‍ර කරනවා.
දානෙ දෙන්න තීරණය කළ දවසේත්
ඊයෙ ආහාර ද්‍රව්‍ය මිළට ගන්න වෙලාවෙත්
දානේ සකසන්න උදව් වෙන වෙලාවෙත්
දානේ පිළිගන්වන වෙලාවෙත්
හිතේ තිබුණේ
මේ දානය දෙන්නෙ බුදුන් වහන්සේ නමින්
එදා මෙදාතුර භික්ෂූන් වහන්සේලාටයි
කියන හැඟීමයි.
බුදුන් වහන්සේ ගැන හිතද්දි
සිහිවෙන්නෙ බුදු පිළිම නොවෙයි.
ජීවමාන බුදුන් වහන්සේයි.
බුදුන් වහන්සේ මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත්
ආරාමයේ භික්ෂූන් වහන්සේලගෙන් විමසුවාම
"අන්න අර කුටියේ
බුදුන් වහන්සේ වැඩ ඉන්නවා.
දොර ළඟට ගිහින් උගුර පාදලා
නිය පිටින් දෙවරක් අගුලට තට්ටු කරන්න.
බුදුන් වහන්සේ දොර අරීවි."
කොතරම් සරල දිවි පෙවෙතක්ද?
බුදුන් වහන්සේ සැතපී ඉන්න පුලුවන්.
නිදාගෙන නොවෙයි.
රහත්වුණ කෙනෙක් නිදාගන්නෙ නෑ.
රහත් බව කියන්නෙ උපරිම සිහිය,
සියල්ලටම සංවේදී බව.
හුස්මක්වත් මග හැරෙන්නෙ නෑ.
බුදුන් වහන්සෙ වැඩ ඉන්නෙ
සම්පජානෝ සතියෙන්..
1,
දැනුවත්වම වේදනාවෝ උපදිත්.
දැනුවත්වම වේදනාවෝ පවතිත්..
දැනුවත්වම වේදනාවෝ අස්තයට යෙත්.
2,
දැනුවත්වම සංඥාවෝ උපදිත් ...
දැනුවත්වම සංඥාවෝ පවතිත්..
දැනුවත්වම සංඥාවෝ අස්තයට යෙත්.
3,
දැනුවත්වම විතර්කයෝ උපදිත්.
දැනුවත්වම විතර්කයෝ පවතිත්..
දැනුවත්වම විතර්කයෝ අස්තයට යෙත්.
දොර ළඟ සිට උගුර පෑදීම,
නිය පිටින් අගුලට තට්ටු කිරීම
බුදුන්වහන්සේට ප්‍රමාණවත්.
බුදුන් වහන්සේම ඇවිත්
දොර හරිනවා.
මේ අවස්ථාව කොතරම්
සිත් ගන්නා සුළුද?
බුදුන් වහන්සේ මට දැනෙන
සමීපම ආකාරයයි මේ..
බුද්ධ පූජාව රැගෙන ගිය වෙලාවෙ
පිළිමයෙන් බුදුන් වහන්සේ
දැකිය නොහැකි බව සංකේතවත් කරන
දුහුල් තිරපටෙන් ආවරණය වුණ
බුදු පිළිමය අබියස අසුන මත
බුද්ධ පූජාව තබා වඳින මොහොතෙ
දෑස කඳුලෙන් තෙත් කරමින්
මගේ හිත නිවූ ප්‍රබලම හැඟීම
"මා දුකෙන් මුදවන්නට මග පෙන්වීමෙන්"
මගේ මේ ජීවිතයත් රැකගැනීම ගැන
බුදුන් වහන්සේ වෙනුවෙන් උපන්
අප්‍රමාණ කෘතඥතාවයයි.