20151215

ලිස්සා නොවැටෙන්නට සමබරතාවයෙන් ඇවිදින්න...


“I slipped out 
in the bathroom of a Parisian hotel and hit my head. 
I was in coma for about three days, and
 when I woke up, 
one half of my body was paralyzed.”
―Donald O'Brien
Euro Trash Cinema magazine interview (March 1996)

නාන කාමරයෙහි ලිස්සා වැටී
අංග විකල වූවන් විරල නැත.
මිය ගිය අයද අප දනිමු.

මෙවැනි අනතුරුවලින් වැළකීමට...
විලුඹ පළමුව බිම තබා ඇවිදීම
උපකාරී විය හැක.
මෙම ක්‍රමය බුදුන් වහන්සේ
භික්ෂූන්ට අනුදැන වදාල විනයක් බව
අසා ඇත්තෙමි..
විලුඹ පළමුව බිම තබා ඇවිදීම
සිරිතක් ලෙස පුරුදු කිරීම
වඩාත් සුදුසුය.


අපිට පයේ ඇඟිලි තුඩු
බොහෝ ඈතින් තියන්න පුලුවන්.
අපි හදිස්සියට ඇවිදිනකොට
ශරීරයේ සමබරතාවය බිඳෙන දුරකින්
අඩිය තියන්න ගිහින්
පහසුවෙන් ලිස්සලා වැටෙන්නෙ ඒ නිසයි..
මේ විදියට
විලුඹ පළමුව බිම තියනකොට
අපිට උවමනා වුණත්
ශරීරයේ සමබරතාවය බිඳෙන දුරකින්
පහසුවෙන් අඩිය තියන්න බැහැ..

බුදුන් සෙව්වේ නිවන නොවේ..



බුදු කෙනෙක් බුදු වෙන්නෙත්
ඒ දහම අසන කෙනෙක් රහත් වෙන්නෙත්
නිවන් දකින්නට ආශාවෙන් කියා සිතීම
බලන්නාගේ මන්දබෞද්ධික දැක්මේ වරදක්..


ඕනම කෙනෙක්
නිවන් දකින්නට ආශා කරන්නට නම්
නිවන කුමක්ද කියා දැනගත යුතුයි.
අපි කවුරුවත් නිවන කියන්නෙ
මොකක්ද කියා දන්නෙ නෑ.

සිදුහත් කුමරු බුද්ධත්වය ලබන්නට යනවිට හෝ
ශ්‍රාවකයෙක් රහත් වෙන්නට ක්‍රියා කරනවිටත්
නිවන කුමක්ද කියා දන්නෙ නෑ.
නිවන කුමක්ද කියා
වචන මාත්‍රයෙන් වත් දැන ගන්න
ශ්‍රාවකයෙකුට බුදු වදන් හෝ තියනවා.

නිවන කුමක්ද කියා නොදත් සිදුහත් කුමරුට
නිවන් දැකීමේ උවමනාවක් තිබුණෙ නෑ.

සිදුහත් කුමරු ගිහිගෙන් නික්මුණේ
දුකෙන් මිදෙන මග සොයා ගන්නයි.
නිවන සොයාගෙන නොවෙයි.
නිවන කියන්නේ දුක නිවන මගෙහි යන කෙනෙක්
දුකෙන් මිදෙමින් ඉදිරියට යනවිට
නිරායාසයෙන් පත්වෙන කූටප්‍රාප්තියයි..

දුක කාටත් තේරෙනවා.
ඒත් දුකට සැබෑ හේතුව කවුරුවත් සොයන්නෙ නෑ.
මිනිස්සුත් සත්තුත් කරන්නෙ
දුකෙන් පැනලා යන්න උත්සාහ කිරීමයි.
ඒ මාර්ග වලින්
බොහෝ විට වෙන්නෙ
දුක තවත් වැඩි වීමයි..

සිදුහත් කුමරු
සැබෑ දුකෙන් මිදෙන මග දැක්කෙ
දුකට හේතුව දැක්කාට පසුවයි.

අපි විඳින දුක් වල
සැබෑ හේතුව තියෙන්නෙ කොහේද?

දූෂිත සිතක් ඇති අශීලාචාර කෙනෙක්
අසභ්‍ය වචනයෙන් බණින කොට
අපි දුකට පත්වෙනවා.
අපේ දුකට හේතුව අර බනින පුද්ගලයා කියලයි
මන්දබෞද්ධික පුද්ගලයෙක් හිතන්නෙ.

අසභ්‍ය වචනයෙන් බැනුම් අහන්නෙ
ශ්‍රාවක බෞද්ධයෙක් නම්
දුකට හේතුව තියෙන්නෙ තමන් තුලම බව
අවම වශයෙන් ශ්‍රද්ධාවෙන්වත්
ඒ පුද්ගලයා දන්නවා.

තමන් අකැමති දෙයක් තමන්ට වෙනකොට
ඔහු තුළ මතුවෙන ප්‍රතිචාරය
තිරිසනෙකු තුළත් ඇති වෙනවා.
අකැමති දෙයක් තමන්ට වෙනකොට
මන්ද බෞද්ධික සාමාන්‍ය මිනිසාත්
තිරිසන් සතාත් ප්‍රතිචාර දක්වන්නෙ
එකම ආකාරයටයි.

කෙනෙක් අසභ්‍ය වචනයෙන් බනින කොට
ඒ වචනඇසන අසන කෙනා තුළ ඇතිවෙන හෝමෝන
බල්ලෙක් විසින් තව බල්ලෙකුට බුරනකොට
ඇතිවෙන හෝමෝනමයි...
නැත්නම් ඊට සමානයි...
දෙවැනි බල්ලා තුළ වහා ඇතිවෙන
ඒ හෝමෝන ක්‍රියාකරිතවය විසින්
නකුට දෙපරැන්දෙ ගසාගෙන පැන යන්නට හෝ
ආක්‍රමණිකයාට බුරා බය කරගන්නට හෝ
ආක්‍රමණිකයා හපාකන්නට ශක්තිය ලබා දෙනවා.
දෙවැනි බල්ලාට ඒ ශක්තිය ලැබුණේ
පළමු බල්ලා විසින් ඌ පත් කළ දුක නිසයි.
දුක්පත් බල්ලා කරන්නෙ බුරාගෙන පැනලා
හපා කාලා ඊට වඩා ලොකු දුකක්
ආක්‍රමණික බල්ලට දීලා
අවස්ථාව ජයගන්න උත්සාහ කිරීමයි.
මිනිස්සුත් සාමාන්‍යයෙන් එහෙමයි.

මිනිස් ආරවුල් සියල්ලෙම පදනම
ආරවුල් නිසා ඇතිවෙන කයෙහි ඇතිවෙන දුකයි.

දුක ඇතිවෙන්නෙ තමා තුළ බව නොදැක්ම නිසාත්
ඒ දුකෙන් මිදෙන පහසු මග නොදන්නා නිසාත්
ආරවුල් දුර දිග යනවා..

හිතේ උපදින ද්වේශය නිසා
කයේ ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරිත්වය
මිනිසාටත් තිරිසනාටත් දුකක්.
ඒ දුකෙන් පෙළෙන  මිනිසා
ඔහු දන්න විදියට
ඒ දුකෙන් මිදෙන්න ගත් හානිකර ක්‍රියා මාර්ග නිසා
රෝහල්, සිරගෙවල් සහ සොහොන් පිටි පිරෙනවා.

මිනිසාගේ දුකට හේතු වෙන්නෙ
තමන් අකමැති දෙයක් වෙන වෙලාවටත්
අකමැති දෙයක් නොවෙන වෙලාවටත්
ඔහු තුළ උපදින අප්‍රසන්න හෝමෝනයි.
ඒ හෝමෝන සංස්කාර විදියටත්
හෝමෝන ඇතිවීම තණ්හාව විදියටත්
බුදු දහමෙ නම් කරනවා.
දුක් විඳින මිනිසා මිදිය යුත්තෙ
ඒ තණ්හාව නිසා විඳින දුකෙනුයි.

ඒත් කිසිම සතෙකුට හෝ මිනිසෙකුට
තණ්හාව නැතුව ජීවත් වෙන්න බැහැ.
ඔහු එක මොහොතකින් අනික් මොහොතට යන්නෙ
තණ්හාව නිසයි.

ඔහු නින්දෙ පසුවුණත් තණ්හාව ක්‍රියාත්මකයි.
ඔහු නින්දෙදි පවා ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන්නෙ
ඔහු තුල උපදින ද්වේශකාරී හෝමෝන නිසයි.
තණ්හාව නිසයි.

කිසිම සතෙකුට හෝ මිනිසෙකුට
තණ්හාව නැතුව ජීවත් වෙන්න බැහැ.
තණ්හාව නැතුව ජීවත් වෙන්න නම්
සියයට සියයක් තමාගේ සිත සහ කය ගැන
පැය විසිහතර පුරාම පවතින
පූර්ණ සිහිය තිබිය යුතුයි.
සම්පජානෝ සතිය තිබිය යුතුයි.
ඔහු නිදන්නේ නැහැ.
කාය චිත්ත විවේකය පතා
ඔහු රාත්‍රියේ සැතපෙන විට පවා
සිතත් කයත් වටපිටාවත් පිළිබඳ
පූර්ණ සිහියත් උපේක්ෂාවත් තියනවා.
එවන් සිහියක් තියෙන්නෙ
රහතන් වහන්සේ කෙනෙකුට පමණයි.

මිනිසා නම් සත්වයා ජීවත් වීමෙදි
ජීවත් වෙන්නට අවශ්‍ය තණ්හාව ඇති වෙන විට
ඒ තණ්හාව ඔහුට දරාගත හැකියි.
ඒ තණ්හා ධාරාව ගෙදරකට එන
විදුලි ධාරාව වගෙයි.
ඒ වෝල්ටීයතාවය ගෙදර උපකරණ වලට
බරක් නොවෙයි.
ගෙදර උපකරණ වලට හානියක් වෙන්නෙ
අකුණු ගැසීමෙන් එන අමතර විද්‍යුත් ධාරාව නිසයි.
තණ්හාවෙන් උපදින උපාදානයත්
අකුණු ගැසීමෙන් එන අමතර විද්‍යුත් ධාරාව වැන්නක්.

අප්‍රසන්න දේයකට
තණ්හාව ඇතිවුණාම
උපාදානය ලෙස මතු වෙන්නෙ
මීට පෙර ඇතිවූ තණ්හාව නිසා
කෙලෙස් ලෙස විඥ්ඥාණයෙහි රැස්වූ
ද්වේශ සංස්කාරයි.

තුවාලයක් වුණාම ඉන් මිදෙන්නට ඇති වෙන
තණ්හාව නිසා උපදින සංස්කාර,
එනම් හෝමෝන ක්‍රියාකාරිත්වය සරලයි.
ඒත් ඒ තුවාලය
දරුවෙක් විසින් ඇති කරන ලද්දක් නම්
අපි එතනින් නවතිනවා.
තණ්හාව තුවාලය සුව කර ගැනීමටයි.
තුවාලය ඇතිකළ දරුවාට ඇති මෛත්‍රිය නිසා
තණ්හාව අනුව දිගින් දිගට සිතා
උපාදාන කරගන්නෙ නෑ.

ඒත් ඒ තුවාලය
හතුරෙක් විසින් ඇති කරන ලද්දක් නම්
තණ්හාව අනුව දිගින් දිගට සිතා
උපාදාන කරගෙන
ඒ ද්වේශ සහගත සිතිවිලි අනුව
ඔහු පිළිබඳව උපදින වෛරය නිසා
තුවාලයට කිසිසේත් සම්බන්ධ නැති
නව හෝමෝන ක්‍රියාවලියක්
සමස්ත ශරීරය තුළම ඇති වෙනවා.
කලින් සාමාන්‍ය දොම්නසක් කනස්සල්ලක් වූ තුවාලය
ඔහු තුළ ඇති කරන්නෙ ක්‍රෝධයක්.
ඔහුට දරාගත නොහැකි
සැබෑ දුක මෙයයි.
අවියක් අමෝරාගෙන ගොස් හතුරා නසන්නට
ඔහු පොළඹවන්නේ ඔහුගේ තුවාලය නොවෙයි.
ඔහු ක්‍රෝධයෙන් පහළ කරගත් සිතිවිලි අනුව
ඔහු සිතේ උපදින ද්වේශයෙන්
තිරිසනෙකු තුළමෙන් ඔහුගේ පාලනයෙන් තොර
හෝමෝන ක්‍රියාකාරිත්වයයි.

කිසියම් අප්‍රිය අරමුණක් හිතට ඇතුල්වුණාම
කය තුළ ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරිත්වය
දුකක්, තරහක්, බයක්, ක්‍රෝධයක් විය හැකියි.
මේ ආවේග සියල්ලටම හේතුව
තුවාලයට අදාළව සිතින් මවන
තුවාලයට අදාළ නොවෙන චිත්ත රූප අනුව
අපි ඇති කරගන්නා උප ආදානයි.
තණ්හාවේ උප ක්‍රියාකාරිත්වයයි.

බුදු දහම දැනගත් පමණින්
අපට තණ්හාවෙන් මිදෙන්න හැකියාවක් නෑ.
ඒත් තණ්හාව පිළිබඳව සිහියෙන්
ඒ පිළිබඳව උපේක්ෂාවෙන් වෙසෙමින්
සිතත් කයත් අනුව විපස්සනා වැඩීමෙන්
තණ්හාව නිසා ඇතිවෙන
උපාදානයෙන් මිදෙන්න පුලුවන්.
එවිට අපි නිකරුණේ විඳින අමතර දුකෙන් මිදෙනවා.

දුකෙන් මිදෙන එකම මග නම්
අපේ දුකට හේතු වෙන ආකාරයට
කය තුළ ඇතිවෙන හෝමෝන ක්‍රියාකාරිතවය
අපට දැන ගන්නට තියන සංවේදනා ගැන සිහියෙන්
ඒ වේදනාවන්ට උපේක්ෂාවෙන් විසීමයි.

දූෂිත සිතක් ඇති අශීලාචාර කෙනෙක්
අසභ්‍ය වචනයෙන් බණින කොට
කය තුළ ඇතිවෙන අප්‍රසන්න හෝමෝන ක්‍රියාකාරිත්වය
අප්‍රිය වේදනා ලෙස අපට දැනෙනවා.
ඒ අනුව කයෙහි උපදින අප්‍රිය වේදනා ගැන සිහියෙන්
ඒ වේදනාවන්ට උපේක්ෂාවෙන් විසීම
බුදුන් වහන්සේ සොයා ගත්
දුකෙන් මිදෙන මගයි.

සිදුහත් කුමරුට අවශ්‍ය වුණේ
නිවන් දකින්න නොවෙයි. දුකෙන් මිදෙන්නයි.
ඔහු බුද්ධත්වයට පත්වුණේ, නිවන් දැක්කෙ
දුකෙන් මිදෙන්නයි.

දුකෙන් මිදෙන්න තියන උවමනාව
හැම සත්වයෙකුටම තියනවා.
දුකෙන් මිදෙන්න තියන එකම මග වන
විපස්සනා මග සොයා ගැනීම
බුදුන් වහන්සේගේ විශේෂත්වයයි.

ඒ මග ශ්‍රද්ධාවෙන් පිළිගෙන
මේ මොහොතෙ විඳින දුක
මේ මොහොතෙම නිවාගෙන
මොහොතෙන් මොහොතට දුකෙන් මිදීම
ශ්‍රාවකයාගේ විශේෂත්වයයි..