20170702

"රෝගී ජීවිත අනතුරේ පෞද්ගලික රෝහල් වසා දමනු"


ඇයි සල්ලි තියන මිනිස්සු
පෞද්ගලික රෝහල්වලට යන්නෙ?

ඇයි දුප්පත් මිනිස්සුත්
කොහොම හරි සල්ලි හොයාගෙන
පෞද්ගලික රෝහල්වලට යන්නෙ.?

සල්ලි තියන මිනිස්සු
අතේ සල්ලිත් තියාගෙන රජයේ රෝහලට යන්නෙ
වැඩි ප්‍රමිතියක් බලාගෙනද?
නැත්නම්ලාභය බලාගෙනද?

දුප්පතාට වුණත්
අවශ්‍ය මුදල අතේ තියනවා නම්
පෞද්ගලික රෝහල ධනවතාගෙ කියල
වෙන්කරන්න පුලුවන්ද?

පෞද්ගලික වීම නිසා
ප්‍රමිතිය රජයට වඩා අඩු වෙනවද?

රෝහල් පෞද්ගලික නිසා ප්‍රමිතිය අඩුද?

"ප්‍රමිතිය නෑ" කියලා අහෝසි කරන්න ඕන නම්
විරෝධතා ව්‍යාපාර මගින් ප්‍රමිතියට බාධා පමුණුවලා
ප්‍රමිතිය බාල කරලා "ප්‍රමිතිය නෑ" කියන්න පුලුවන්.

අපේ රටේ ප්‍රමිතියෙන් වැඩි
රජයේ රෝහල්ද? පෞද්ගලික රෝහල්ද?

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක ප්‍රමිතියත්
රජයේ ප්‍රමිතිය ඉක්මවා යා නොහැකිද?

පෞද්ගලික රෝහලක ප්‍රමිතිය පවත්වා ගැනීම
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක
ප්‍රමිතිය පවත්වා ගැනීමට වඩා පහසුද?

රෝගී ජීවිත අනතුරේ කියල
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට විරුද්ධ වෙන
රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය
රජයේ හෝ පෞද්ගලික රෝහල්වල ප්‍රමිතිය පිළිබඳව
රෝගී ජීවිත අනතුරේ වැටෙන වෙලාවටවත්
ක්‍රියා මාර්ග ගන්නවාද?

රජයේ වෛද්‍යවරුන්ට
පෞද්ගලික සේවය තහනම් කළොත්
"රෝගී ජීවිත අනතුරේ
පෞද්ගලික රෝහල් වසා දමනු"
පෞද්ගලික රෝහල් විරෝධී ව්‍යාපාරයක්
රජයේ වෛද්‍යවරු මුල්වෙලා ඇති නොකරාවිද?

රජයේ වෛද්‍යවරුන්ට සයිටම්අවශ්‍ය නම්
ඔවුන් සයිටම් පැවතිය යුතු හේතු සොයා ගනීවි.

රජයේ වෛද්‍යවරුන්
සයිටම් විරෝධී වෙලා තියෙන්නෙ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල
ඔවුන්ට පුද්ගලිකව නොගැලපෙන නිසායි.
ඔවුන්ගේ වෙළඳපොලේ ඉල්ලුම අඩු කරමින්
සැපයුම වැඩි කරන නිසායි.

රජයේ වෛද්‍යවරු
"රෝගී ජීවිත අනතුරේ" කියන්නෙ
පොදු ජනතාව එකතු කරගන්නයි.

ඉතින්,
ජනතාව ගුලිය ගිලින්නෙ නැත්තෙ ඇයි.?

රජයේ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නා නිසා
වෛද්‍යවරු ජනතාව ගැන නොහිතන බව
ජනතාව අත්දැකීමෙන් දන්නවා.

නරියා කුකුල් කොටුව රකින්න හදන්නෙ
මොන අරමුණෙන්ද කියා ජනතාව දන්නවා.

ජනතා ඉව තර්කයෙන් දිනන්න බෑ.

ජනතාවට ඇත්තටම ප්‍රශ්නයක් නම්
ජනතාව බණ්ඩාරවෙලට වගේ එක් වෙනවා.

රජයේ වෛද්‍යවරු කොතෙක් ඉල්ලුවත්
ජනතාව ඉදිරියට එන්නෙ නැත්තෙ
ප්‍රශ්නය ඇත්ත නොවෙන නිසයි.

පෞද්ගලික අධ්‍යාපනය නැත්නම්
ඔවුන්ගේ දරුවා අතරමං වෙන බව
ඔවුන් අත්දැකීමෙන් දන්නවා.
පෞද්ගලික පන්තියකට නොයන ළමයෙක්
එක ගෙදරකවත් නෑ.

පෞද්ගලික අධ්‍යාපනය නැති කරන්න
ඔවුන්ට සහයෝගය නොලැබෙන නිසා
ඔවුන් පෞද්ගලික අධ්‍යාපනික ආයතන
බිහිවීමට ගැටළු ඇති කරනවා.
මිනිස්සු දැන් ඒ බව දන්නවා.
තමන්ට තියන අවස්ථාවක් නැති කරගන්න
ඔවුන් වෛද්‍යවරුන්ට සහය දෙන්නෙ නෑ.

"රෝගී ජීවිත අනතුරේ
පෞද්ගලික රෝහල් වසා දමනු"
කියල වෛද්‍යවරු කිව්වත්
මිනිස්සු ඒ වෙනුවෙනුත් එන්නෙ නෑ.

තමන්ට අතේ සල්ලි නැති වුණත්
සල්ලි තියන කෙනෙකුට හරි
අවශ්‍ය රෝහල් පහසුකම් වගේම
පෞද්ගලික අධ්‍යාපන පහසුකම් තියනවට
පොදු ජනතාව කැමතියි.

සයිටම් විරෝධය
වෛද්‍යවරු සංගමේ සහ
වෛද්‍ය සිසුන්ගේ පෞද්ගලික අරගලයක්.
පොදු ජනතාවට අදාල නෑ.

වෙනත් ක්ෂේත්‍රවල පිරිසක්
සයිටම් විරෝධයට එකතු වෙලා ඉන්නෙ
රජයෙන් පළිගන්න අවස්ථාවක් නිසායි.

සයිටම් විරෝධය පුස්සක්.
මායාවක්.