20170729

විදෙස් ගත මහාචාර්ය තුමනි. ඔබට සුභ උපන් දිනක්.

මම ජානක රුවන්පුර නොදනිමි.
ඉංජිනේරුවන්ගේ ඇවතුම් පැවතුම් නොදනිමි.
එහෙත් ඉංජිනේරු වෘත්තියටත් ඉහළින් ඇතැයි සැළකෙන
වෛද්‍ය වෘත්තිකයන්ගේ අරුම පුදුම ජීවන රටාව
පසුගිය කාලයේ ඔවුන්ගේ සයිටම් විරෝධයට මැදිවීමෙන්
හොඳින් වටහා ගතිමි.

ඒ අත්දකීම් අනුව මා වටහාගත් අයුරින්
මේ ලිපිය සකස් කළෙමි.
මේ චෝදනාවන්ට නුසුදුසු කෙනෙකුට,
වැරදීමකින් වැදුණා නම්, රිදුණා නම්
සමාව ඉල්ලමි, පළමුවෙන්ම.

සුදුස්සන්ට මේ ටික කියා ගන්නට
මේ ලද අවස්ථාව ගැන සතුටු වෙමි.

   ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

Professor Janaka Ruwanpura, Ph.D., P.Eng.,PQS, MRICS
මහාචාර්‍ය ජානක රුවන්පුර අපගේ නාලන්දා මහා විද්‍යාලයේ 1985 කණ්ඩායමේ අධ්‍යාපනයෙන් ඉහලම හිනි පෙත්තටම නැගි පුද්ගලයාය​. අප කිසිවෙකුට ඔහු ආසන්නයටවත් යාමට නොහැකි විය​. ඒ පිලිබඳව අපට ඇත්තේ සතුටකි. ඔබ තවත් ඉහලටම යා යුතුය​.
මහාචාර්‍ය ජානක රුවන්පුර කැනඩාවේ කැල්ගරි විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාය​. එසේම ඔහු විශේෂඥ ඉංජීනේරුවෙකි. කැනඩාවේ විශ්ව විද්‍යාලයක ඉහලතම නිලයක් දරන ලාංකික සම්භවයක් ඇති පුද්ගලයෙකු ලෙස අප ඔබ ගැන ආඩම්බර වෙමු.
ජානකත් මමත් 1973 දී අබයකෝන් ටීච ගේ 1 ඒ පන්තියේ සිටි අයුරු මට තවමත් මතකය​. ඔහු 1, 2 ,3 යන තෙවසරක්ම මගේ පන්ති වල සිටියේය​. පාසල් කාලයේදී ඔහු ඉතා විනීත ගති පැවතුම් ඇති දක්‍ෂ සිසුවෙකු විය​. ඒ කාලයේදී ඔහු ඉස්කෝලයට ආවේ පියාගේ ලා කොල පැහැති මෝටර් රථයෙන් බවට මතකයක් තිබේ.
උසස් පෙළ ගණිත අංශයෙන් ඉදිරියට ගිය ජානක වර්තමානයේ අන්තර්ජාතික කීර්තියට ලක් වූ විද්වතෙකි. ඔහුගේ පන්ති සගයෙකු වීම මට මහත් ආඩම්බරයකි.
ජානක Janaka Ruwanpuraඔබට සුභ උපන් දිනයක්


අපෙන් බෝ දුරු රටක ඔබ ඔය තැනට නැංගේ
දේශපාලනඥයෙකුගේ හිතවතෙක් නෑයෙකු වීම මත
ඔබට වඩා සුදුස්සන් කපාදමා අසාධාරණ අන්දමට නොවන බව
කැනඩාව යනු සිරි ලංකාව නොවන නිසා අපි දනිමු.

දක්ෂයන් කපන්නටම
දිවි හිමියෙන් කැපවී සිටින
ආත්මාර්ථකාමී නරුම කුහකයන්ගෙන් පිරුණ
මේ ගෝත්‍රික දිවයිනෙන් හැකි ඉක්මණින් පිටවී
ඔබේ දක්ෂ කමට හැකියාවට ඉගෙනුමට
නිසි පිළිගැනීමක් ලැබෙන රටකට යන්නට
ඔබට පින් තිබීම වාසනාවක් වන්නේ
ඔබේ සේවය ලබන පින්වතුන්ටය.

 ඔබ කැනඩාවේ ඉංජිනේරුවරයෙකු නොවී
ලංකාවේ 'වෛද්‍යවරයෙකු' වුණා නම්
ඔබ ඔබේ ක්ෂේත්‍රයේ අයගේ දරුවන්ට
පාසල් ලබා දෙන්නට වාහන ලබා දෙන්නට
අසරණ රෝගීන් ප්‍රාණ ඇපකරුවන් කරගෙන
අති දුර්ජන වැඩ වර්ජන කරමින්
ඉන් ලබාගත් වර්ජන වලින් ලැබූ ජනප්‍රියත්වයෙන්
වසර ගණන් එකම තනතුර හොබවන කපටියෙකු නොවී
අපේ රටේ තැනක් ලබා ගැනීමට
ඔබට හැකි නොවනු ඇත..

6000ක් වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය නතර කොට
තමන්ගේ වෙළඳ පොළට තරඟ කරුවන් වන
6000ක අනාගත වෛද්‍ය පරම්පරාවකගේ ආගමනය
ඉතා කූට උපක්‍රම මගින් හිර කරගෙන සිටින
විශේෂඥ දොස්තර මුදලාලි කෙනෙකු නොවන බවද
අපට සිතා ගත හැක.

ඔබ දරණ තනතුරට පත්වීමට
ලංකාවේ නම් දක්ෂයෙකුට අවස්ථාව ලැබෙන්නේ
ජීවිතයේ අග්ගිස්සෙහි එල්ලී වල පයයි ගොඩ පයයි තියාගෙන
අද
හෙටද නොදැන ජීවත් වෙන
ඇලසයිමර් ඩිමෙන්ෂියා රෝගී තත්වයන්ටද
ගොදුරු වූ පසුවය.

මෙහි සිටින වෘත්තිකයන්ගේ වර්ජන
කොතරම් දුර්ජන වුවද සහාය නොදෙන්නේ නම්
අපේ වෛද්‍ය සභාවේ සභාපති වීම වළක්වන්නට
රජයට තර්ජන කරන මැරයන්ගෙන් මිදී
ඔබ වැන්නන්ට ඉහළ නැගීම මාරාන්තික මෙන්ම
අවදානම් සහිත කාර්යයකි,

රෝගීන්ගෙන් මුදල් නොගෙන ප්‍රතිකාර කරන
කාරුණික වෛද්‍යවරයාගේ ජනප්‍රියත්වය
තමාට ව්‍යාපාරිකව හානියක් වන බැවින්
කුලී මිනීමරුවන් යොදා ඝාතනය කරන
චැනල් සෙන්ටර් හිමියන් සිටින මේ රටේ
ඔබ වැන්නන් ඉපදීමත් පුදුමයකි.
කලක් ජීවත් වීමත් පුදුමයකි.

මේ ලෝකෙන් උතුම් රටේ වෛද්‍යවරුන්
වෛද්‍ය සිසුන් වෛද්‍යවරුන් වෙනවිට අකුල් හෙළති.
ජනතා මුදලින් ඉගෙන ගන්නා වෛද්‍ය සිසුන්
තමන්ගේ මුදලින් ඉගෙනගන්නා සිසුන්ට
ඉගෙනීමත් නතර කොට අකුල්හෙළති.

සායනික පුහුණුවට යන වෛද්‍ය සිසුන්ට
එක දිගට හිටගෙන ලෙඩුන් බලන්නට අවශ්‍ය
විනය කැපවීම රෝහලේදී නැති නමුත්
තෙදිනක් පුරා ලිප්ටන් වටරවුමට වී
නොනිදන අරගලයක් කරන්නට ශක්තිය ඇත.

එක් දිනයක පොලීසියෙන් එලවා දැමූ පසු
දෙවෙනි දිනයේදීද ආපසු එන්නට
ඔවුන් තුළ කැපවීම දිරිය ලැබෙන්නේ
ඔවුන් වැනිම වූ තවත් සිසුන් පිරිසක්
ඔවුන් සමග වෙළඳපොලට පිවිසීම
ඒ අරගලයෙන් වැළැක් විය හැකි නිසාය.

එක් දිනක් හිටගෙන සායනික පුහුණුව ලබන්නට
සිතේ කරුණාව නැති වෛද්‍ය සිසු වර්ගයාට
ඒ හිස් තැන පිරෙන්නට ද්වේශය නොමඳව ඇත.
ඔබ මෙහි සිටියා නම් ඔබටද මේ සිසුන් පෙළ
අභිවාදනය කරමින් තැන රැකගන්නට වනු ඇත.

අපේ රටේ ඉපදුණ වෛද්‍යවරයෙක්
හෘද සැත්කම් දහ දොළොස්දාහක් කරනවිට
දිනකට හෘද සැත්කම් දෙක තුනක් කරනවිට
ඔහු කොතරම් සුවිශේෂී වෛද්‍යවරයෙකු වුවද
ඒ සේවය අගය කරමින් වචනයක් කියන්නට
ක්ෂේත්‍රය තුළ වෛද්‍යවරුන්ට අවකාශ නැත.

කවර හෝ උප්පරවැට්ටියක් භාවිතා කරමින්
ඔහු දිනකට කරන සැත්කම් ප්‍රමාණය අඩු කොට
ඔහුට බාධා පමුණුවන්නට බොහෝ දෙනෙක් ඇත.
ඔහු මේ ක්‍රමය තුළ ජීවත්විය යුත්තේ
ගොවියෙකු මෙන් වෙස් වළාගෙනය.
ඔහු රෝහලට පැමිණිය යුත්තේ
කාර්යාල ලිපිකරුවෙකු මෙන් ෆයිල් බෑගයක් ගෙන
පරණ පාවහන් යුගලක් දෙපයේ දමාගෙන
ලිපිකරුවෙකු මෙන් වෙස් වළාගෙනය.

ඔහුගෙන් ප්‍රතිකාර ලබාගෙන සුවවූ පසුත්
කෙළෙහි ගුණ දක්වන්නට ඔහු බැහැ දකින්නට පැමිණ
ඔහු හමු නොවන ඔහුට සිතින් ණයගැති නිරෝගියා
ශල්‍යාගාරය ළඟ ඇති ඔහුගෙ පරණ සෙරෙප්පු දෙකට
කෘතවේදී නමස්කාරය පුදකොට පිරුණු සිතින් ආපසු යන්නේ
ඔහුටත් හොරා සිය යුතුකම ඉටුකළ තෘප්තියෙනි.

ඔබ මෙහි සිටියා නම් ඔබටද සිදු වන්නේ
ගොවියෙකු මෙන්, ලිපිකරුවෙකු මෙන්
පරණ සෙරෙප්පු දෙකකින් සැරසී
වෛද්‍යවරුන්ගේ උදහසෙන් හිස බේරෙන්නට
වෙස්වළාගෙන සේවය කරන්නටය.

ඔබ කැපී පෙනෙන දක්ෂයෙක් නම්
හොඳින් හැඳ පැළඳගෙන වැඩට ආවොත්
ඔබ දකින විට භීතියෙන් මුසපත් වෙන
තනතුර, ලාභ සත්කාරවලට කෑදර
ඔබේම සහෝදර වෛද්‍යවරු එකා මෙන් පෙළ ගැසී
ඔබට බාධා පමුණුවන්නට නිති කැප වනු ඇත.
ඔබ කපන රහස් කුමන්ත්‍රණ සඳහා
ඔවුන් මධුසාදවල රොද බඳිනු ඇත.

ඔබ දරන තනතුර
ඔවුන්ගේ කාර්ය සාධනයට බාධාවක් නම්
ඔවුන්ට රිසි කෙනෙක් පත් කරගැනීම සඳහා
අති දුර්ජන වැඩ වර්ජන වුවත් කරන්නට
අපේ වෛද්‍ය සංගම් සූ
දානම්ය.

ඔබ අපෙන් ඈත් වී වෙසෙන්නේ
ලෝක ගෝලයෙහි අනෙක් පස වීම නිසා
සුදුසු වයසේදී, සුදුසු තනතුරක් දරමින්
ඔබ වෙසෙන රටට හෝ සේවයක් කිරීම ගැන
අපි ඔබට ගෞරව කරමු.

මෙහි සිටින සියලුම දක්ෂයන්
ඔබ මෙන්ම මේ රටෙන් හැකි තාක් ඉක්මණින් පිටවී
තමන්ගේ ජීවිතයෙන් නි
සි ප්‍රයෝජනයක් ගත හැකි
ඔවුන්ට වැඩෙන්නට සුදුසු පුදබිම් කර පියාසර කළත්
අපි ඔවුන්ට කිසිදු ලෙසකින් දොස් නොකියන්නේ
ඔවුන්ගේ විශිෂ්ඨ සේවය ලබන්නට තරම්
අපේ රටේ ජනතාවට පින් නැති නිසාය.