දේශපාලන අතකොළුවක් වෙන
ප්‍රියන්ත මහඋල්පතගමගේ කතාවත්
මෙයම නොවේද?
ප්‍රියන්ත මහඋල්පතගමගේ කතාවත්
මෙයම නොවේද?
කූඹියෝ ටෙලි නාට්‍යයේ
ජෙහාන් ප්‍රනාන්දු වැනි ගේම් කප්පිත්තෝ
එක් යුගයක දෙකක විසූවෝ නොවෙති.
මහෞෂධ පණ්ඩිත, චාණක්‍ය, මකියාවෙල්ලි
ලොව සුපතළ ජෙහාන් ප්‍රනාන්දුලාය.
ජෙහාන් ප්‍රනාන්දු වැනි ගේම් කප්පිත්තෝ
එක් යුගයක දෙකක විසූවෝ නොවෙති.
මහෞෂධ පණ්ඩිත, චාණක්‍ය, මකියාවෙල්ලි
ලොව සුපතළ ජෙහාන් ප්‍රනාන්දුලාය.
දේශපාලන ලෝකය සැමදාම තැණුනේ
වේදිකාවේ අප දකින නාඩගමෙහි නොව
තිරයෙන් පිටුපස ජෙහාන්ලා විසින් අටවන
දහසකුත් එකක් නූල් සූත්තර වලිනි.
වේදිකාවේ අප දකින නාඩගමෙහි නොව
තිරයෙන් පිටුපස ජෙහාන්ලා විසින් අටවන
දහසකුත් එකක් නූල් සූත්තර වලිනි.
වරින් වර බිහිවෙන කැරලි අහඹු සිදුවීම්ද?
ඒ කැරලි සහ අරගල දඩමීමා කරගනිමින්
නොයෙක් පාර්ශවයන් බොර දියේ මාලු බාති.
ජවිපෙ ඒ වෙනුවෙන්ම කැපවූ පක්ෂයයි.
නොයෙක් පාර්ශවයන් බොර දියේ මාලු බාති.
ජවිපෙ ඒ වෙනුවෙන්ම කැපවූ පක්ෂයයි.
පසුගිය කාලයේ 88-89 වැනි සමයක්
නැවත එන කතන්දර අපට ඇසුණේ
ජවිපෙ මෙහෙයවූ අරගල වලිනි.
නැවත එන කතන්දර අපට ඇසුණේ
ජවිපෙ මෙහෙයවූ අරගල වලිනි.
යොවුන් මදයෙන් මත් වූ සිසුන්ද
ඒ සඳහා දරන්නේ නොමඳ උත්සාහයකි.
රජය පැත්තෙන් සහායක් ලද හොත්
තවත් දහස් ගණනක් බිලි විය හැකිය.
ඒ සඳහා දරන්නේ නොමඳ උත්සාහයකි.
රජය පැත්තෙන් සහායක් ලද හොත්
තවත් දහස් ගණනක් බිලි විය හැකිය.
සටන් බිමේ විකුණන්නට
සටනට පණ පොවාගන්නට
තවත් ත්‍රිමාවිතාන කෙනෙකුගේ මළකඳක්
හිමිකර ගැනීමේ බලාපොරොත්තුවෙන්
නීතියට අභියෝග කරන මුරණ්ඩු සිසුන්
සැබෑ දේශපාලන බලවේග නොව
දේශපාලනික අතකොළු පමණි.
ත්‍රිමාවිතාන වැනි වටිනා ජීවිත
රටට අහිමි අහිමි කරන දේශපාලන බලවේග
මාතර කොළඹ දුම්රිය වැන්න.
ගාල්ලේදී එන්ජිම මාරු වුණත්
පෙට්ටි වෙනස් වන්නේ නැත.
වරින් වර දෙපැත්තට ගමන් කරන්නේ
එකම මාතර කොළඹ දුම්රියකි.
රජය මෙන්ම ශිෂ්‍යයන්ද මෙහෙයවන බල වේග
එකම බලවේගයක අන්ත දෙකක් පමණි.
තෙවන වරටත් ජනපති වෙන්නට
පෙරුම් පිරූ ජේ ආර්ගෙන් බලය පැහැර ගන්නට
කලක් තිස්සේ කැස කැවූ ප්‍රේමදාස
ජවිපෙ, අන්තරේ ඇතුළු රාජ්‍ය විරෝධී
සියලු බලවේග රහසින් තමා නතු කොටගෙන
"ජේ ආර් මරමු" කියන තැනට වර්ධනය කළේය.
ජවිපෙ ත්‍රස්තවාදයෙන් හානි වූ සහ
ත්‍රස්තවාදයෙන් ඝාතනය වූ දේශපාලනඥයෝ
ප්‍රේමදාසට බාධාවක් වූ පිරිසයි.
ඔවුන් ජේ ආර්ගේ සිරිමාවෝගේ හෝ ගාමිණීගේ
දේශපාලන හිතවතුන් විය.
ත්‍රිමාවිතන ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරය
මේ ක්‍රියාදාමයේ එක් ප්‍රබල අතකොලුවක් විය.
මතුපිටින් මර්දනයක් මෙන් පෙණුනද
ත්‍රිමාවිතාන ඇතුළු සිසුන් කුරිරු ලෙස මරාදැමුණේ
ඔවුන් සටන්බිමෙන් ඉවත් කරන්නට නොවේ.
ඔවුන් නමින් පහළවන ද්වේශ ගින්න අවුළුවා
රාජ්‍ය විරෝධී සටනට පණ දෙන්නටය.
වසර දහතුනක පාසල් සිසුවෙකු ලෙස
ජවිපෙ කැරැල්ලෙහි මුග්ධ ස්වභාවය අත් දැක
ලංකාවේ කැරැල්ලකින් කළ හැක්කක් නොමැති බව
ඉවෙන් මෙන් වටහාගෙන තිබුණ නමුදු
1976දි පේරාදෙණිය විශ්ව විද්‍යාල බිමේදී
පොලීසියෙන් වෙඩි තබා මරා දැමුණ
වීරසූරිය විශ්ව විද්‍යාල සිසුවාගේ මරණයෙන්
පාසල් ශිෂ්‍යයන් වූ අප වියරු වැටුණෙමු.
පෝස්ටර් ඇලවීමට තාප්ප වලින් පනිමින්
පොලිස් වාහනවලට සැඟවෙමින් ක්‍රියා කරන විට
අප එහි රැඳුණු ත්‍රාසය රස විඳි බවත්
සත්‍යය ගැන කිසිවක් නොදැන සිටි බවත්
මට සිහි කළ හැකිය.
පොලිස් වෙඩි උන්ඩයකින් මිය ගිය වීරසූරිය සිසුවා
එවිට පැවති උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ
ඒ අසලින් ඇවිදගෙන ගිය අයෙක් බව
දැන් අප දනිමු.
එහෙත් ජවිපෙ ඔහු වීරයෙක් කළේ ඇයි.?
ජනපතිවරණයට පෙර ජවිපෙ කළ
හැම දෙයක්ම ප්‍රේමදාසට වාසියක් විය.
ඔහුට බාධකයක් වූ විජය වැන්නන්
ඝාතනය කෙරුණ අතර
ඔහුට අවාසි වන ඡන්ද පොළවල් වලට
ඡන්ද දායකයන් පැමිණීම තහනම් කළේ
නියෝග නොතකා පැමිණි විට වෙඩි තැබීමෙනි.
ත්‍රිමාවිතාන වෛද්‍ය සිසුවා බිලිගත්තේද
ඔහුගේ මළකඳ භාවිතා කොට
උද්ඝෝෂණ රැල්ල සුනාමියක් කරගන්නටය.
ත්‍රිමාගේ අවම්ංගල්‍ය පෙරහැරද භාවිතා වූයේ
දේශ්පාලනික උවමනාවන් සපුරාගන්නටය.
වීඩියෝ කරනු දුටු නිසා පෙළපාළියට ඇතුල් නොවී
සෑහෙන දුරක් පෙළපාළිය සමග ගමන් කරමින්
ඒ අත්දැකීම වින්දේ ඇයිඩ්ෆ්හැයි නොදනිමි.
ජේ ආර් පරාජය භාර ගෙන
ප්‍රේමදාසට ජනපති අපේක්ෂකත්වය දී
"සුදුස්සෙකු දිනනු ඇතැ"යි රටට කීවේය.
ඔහු සිය විරසකය හෙළි නොකළද
සැඟ වූයේද නැත.
ජේ ආර් විරෝධී බලවේග රැස් කළ
සටන සාර්ථක වී ඉතා අඩු වැඩි ඡන්ද වලින්
ප්‍රේමදාස ජනාධිපති පදවිය පැහැර ගත්ය්තේය.
හයෙන් පහක පාර්ලිමේන්තුවක් සමග
ජනපති පදවිය හොබවන්නට
ප්‍රේමදාස මැවූ සිහිනය බොඳකරමින්
ඔහු ජනපති පදවියට පත් වන දිනට
පෙරදින රාත්‍රියේ බලාපොරොත්තු රහිත ලෙස
ජේ ආර් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.
ඒ ජේ ආර්ගේ පළවෙනි පළිගැනීමයි.
ප්‍රේමදාසගේ මරණය දක්වා
ප්‍රේමදාස විඳි බොහෝ දුක් වේදනාවෝ
ජේ ආර්ගේ මොළයෙන් කළ නිර්මාණ විය හැක.
ප්‍රේමදාස මැරුවේ එල්ටීටීඊයෙන්ද?
දකුණේ සිදු වූ එකෙන්කේඅ මරා ගැනීම්
විශාල සංඛ්‍යාවක බිල භාරදෙන්නට
කොටි සංවිධානය භාවිත විය.
ත්‍රිමාවිතාන ඝාතනයේ සැක කරු පුංචි නිලමේ
නිදොස් කොට නිදහස් කෙරුණු අතර
ඔහු දේශපාලනයටද පිවිසියේය.
ජේ ආර් ගෙදර යවන්නට ප්‍රේමදාස භාවිතා කළ
කිසිදු අවියක් තවෙකෙකුගේ අතට පත් වී
ප්‍රේමදාසට එරෙහිව ඔසවන්නට නොතබා
විනාශ කර දමන්නට ඔහු වග බලාගත්තේය.
ඔහු රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය
ජනසතු කිරීම මගින් ඒ අවියද භාවිතව
වළක්වන්නට කටයුතු කළේ
රටට වෙන පාඩුව නොසලකමිනි.
රෝහණ විජේවීර සහ තවත් නායකයන් සමග
නොදැනුවත්ව ප්‍රේමදාස වෙනුවෙන් සටන් කළ
ජවිපෙ සාමාජික තරුණ තරුණියන් සිය දහස් ගණනක්
මහමග මරා පුළුස්සා දැමිණ.
වසර ගණනාවක් ජේ ආර් රජයෙන් සෙවූ
ජවිපෙ සාමාජික නම් ගම් සහිත ලැයිස්තු,
නායකයන් සැඟවී සිටි ස්ථාන තොරතුරු
ආරක්ෂක අංශවලට ලැබුණේ කෙසේද?
ඒ ඝාතන රැල්ල සඳහා නිදහසට කරුණු සොයා
ප්‍රේමකීර්ති, සාගරිකා ගෝමස්, හමුදා නිලධාරීන්
ඔවුන්ගේ පවුල්වල අය අමු අමුවේ ඝාතනය විය.
මේ සිදු වීම් සමග ඇතිවුණ ජවිපෙ විරෝධය
ජවිපෙ අතුගා දමන්නට ප්‍රමාණවත් විය.
තමන් විසින් අවුස්සා ඉදිරියට යවන ලද
තරුණ තරුණියන් පාරවල් වල හන්දි ගානේ
ටයර් සෑ මත ගිනි ජාලා තුළ දැවෙද්දී
ඔවුන්ගේ සිත් සතන් තුළ ගිනිදැල් ඇවිළවූ
සුනිල්, නන්දාමාලනී වැන්නන් ඉන්දියාවට පැනගොස්
ඔවුන්ගේ දිවි රැක ගත්තෝය.
වසර දෙකක් පමණ තුළ
ප්‍රේමදාස ජනතා අප්‍රසාදයට පත් කිරීමේ
ඉතාම සැලසුම් සහගත වැඩ පිළිවෙළක
කූටප්‍රාප්තිය වූයේ දෝෂාභියෝගයයි.
වේගයෙන් ජනප්‍රියත්වයෙන් පිරිහුණ ප්‍රෙමදාස
ඔහු කළ කර්ම වල විපාක වශයෙන්
කෑලි වලට පුපුරා විනාශ වී ගියේය.
එදා අගමැති ප්‍රේමදාස වෙනුවෙන්
ජවිපෙ නැටූ ත්‍රස්තවාදී නාඩගම
අද නැවත නටන්නට ඔවුන්ට හැකිද?
අද අගමැති ප්‍රේමදාස වෙනුවට
ඔවුන් සමග සිටින්නේ මන්ත්‍රී මහින්දය.
නැත්නම් මන්ත්‍රී බැසිල් හෝ ගෝඨාය.
ජේ ආර් වෙනුවට සිටින්නේ මෛත්‍රීය.
ත්‍රිමාවිතානලා වෙනුවට ඇත්තේ
ළහිරුලාය, රයන්ලාය.
දෙවන 88-89ක් බිහි කරගන්නට පෙරුම් පුරන
වෛද්‍ය පාදෙණියලාගේ මෙහෙයවීම මත
ත්‍රිමාවිතාන, වෙනුර මළකඳන් විකිණීම
දැන් ක්‍රියාත්මක වෙමින් පවතියි.
අද ත්‍රිමාවිතානලාට යළි පණ ආවොත්
ඔවුන් මේ සටනට එකතු වේවිද?
පවතින සියලු සාධක අනුව සහ
අද පවතින තොරතුරු තාක්ෂණය සමග
තවත් 88-89ක් නිර්මාණය කිරීමට හැකි වෙයිද?.
එදා ත්‍රිමාවිතානලාට ශක්තියක් වූ
දේශපාලන නායකයින් අද කොහේද?
කල් නොයවාම පීදුණ අනුර කුමාරගේ ආත්මය
මේ වන විටත් ශිෂ්‍ය ව්‍යාපාරයට
ද්‍රෝහි වී හමාරය.
අනුර කුමාරගේ දේශපාලන ප්‍රතිපත්තිය ගැන
2013දී පළ වුණ අනාවැකියකි මේ.
පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී පාලකයන් ගේ දරුණු මර්ධනය විසින් පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් මරා දැමූහ. අද දිනයේ මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගිය මේ සිසුන් සිසු විරුවන් ද නැතහොත් අවස්ථාවාදී රැඩිකල් දේශපාලනයේ බිලි බෝයිස්ලා වීද යන්න පිලිබඳව බරපතල කුකුසක් මතුවේ. මෙම පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල සහ උද්ඝෝෂන පසුපස සිටි නායකයන් ගේ වර්තමාන ක්‍රියා කලාපය පිලිබඳව සලකා බලන විට මේ සැකය මතුවීම සාධාරණය.
පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගලයේදී වර්තමාන ජවිපේ නායක සෝමවන්ස අමරසිංහ විශාල වැඩ කොටසක් කලේය. පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී සෝමවන්ස අමරසිංහගේ පුතා අද දිනයේ ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව එකල විමල් වීරවංස (විමලසිරි ගම්ලත්) විශාල හඩක් නැගුවේය. ඔහු සරසවි සිසුන්ට පන්ති පවත්වා පුද්ගලික විශ්ව විද්‍යාල විරෝධී අරගල වලට ඔවුන්ව යොමු කලේය. අද දිනයේ විමල් වීරවංසගේ පුතා ඉගෙන ගන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. සරසවි සිසුන් පාරට බස්සවා සන්නද්ධ වියාපාරයකට ඔවුන්ව යොමු කල කුමාර් ගුනරත්නම් එවකට කර්නල්වරයෙකු වූ සරත් ෆොන්සේකාට සියල්ල වමාරා ඕස්ට්‍රේලියාවට පලා ගියේය. ඔහුගේ දරුවන් දෙදෙනා තව නොබෝ කාලයකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ආරම්භ කරනු ඇත.
ඒ කාලයේ මේ විරෝධතා වලට තිරය යට සිට සහය දුන් එස්. බී දිසානායක ඔහුගේ පුතුන් දෙදෙනා උසස් අධ්‍යාපනය සඳහා යැව්වේ ඕස්ට්‍රේලියාවේ මොනෑශ් විශ්ව විද්‍යාලයටය. මෙවැනි අරගල වීදි සටන් වලට සැමදා ආවඩන හිටපු ක්‍රම විරෝධියෙකු මෙන්ම අධිරාජ්‍යවාදී විරොධීයෙකු වූ වාසු තමගේ පුතා අධ්‍යපනය සඳහා යොමු කලේ ඇමරිකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකටය.
පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් ෆෝම් කරවා ඔවුන්ව මර්ධනකාරී වෘකයන් වෙත ගොදුරු පිණිස දැමූ දේශපාලකයන් හා සිසු නායකයන් අද දිනයේ ක්‍රම සහ විධි වලින් යහමින් මුදල් උපයන බඩ තඩි මුදලාලිලා බවට පත් වී තිබේ. ස්වයංවරදකාරී බවින් මිදීමට මොවුන් බොරුවට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා අනුස්මරණයට ඉටිපන්දමක් දල්වා ලේ රත් වන කතාවක් කොට විසිර ගොස් යලි ලබන වසරේ අනුස්මරණ දිනයක් එන තෙක් හුරු පුරුදු ජාවරම් වල යෙදී සිටිති.
සිසු නායකයන් ගොඩ ගියේය.
අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ?
මේ බිලි බෝයිස්ලා සහ ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
අමිල ගුණරත්න
ඔක්තෝබර් 28, 2013
ත්‍රිමාවිතානලාට නොතේරෙන දේශපාලන ආර්ථික විද්‍යාව
අනුර කුමාරලා ඉතා හොඳින් දන්නෝය.
වසර හතරකට පෙර අමිල අපට පෙන්වා දුන් සත්‍යයට අනුව
ත්‍රිමාවිතාන විකුණා කසුන්ට උගන්වන අනුර කුමාර
ශිෂ්‍ය සටන්වලට උර දෙන ජවිපෙ නායකයාය.
අනුර සිසු සටන පාවා දෙමින් පෞද්ගලික විද්‍යාලයක
පුතාට සිප් සතර ලබා දෙන්නේ ශිෂ්‍ය සටනට සමගාමීවය.
සිසුන්ගේ පන්ති වර්ජනය කරවා
වෛද්‍යවරුන්ගේ සටනට පාරට බැස්සූ
වෛද්‍ය සිසුන් පාරේ කඳුළු ගෑස් කන අතර
සියයට පහක් වෛද්‍යවරු යොදවා
බොරු වර්ජනයක් දියත් කොට
වර්ජන කාලයේත් වැඩ කරන පාදෙණියලා
හවසට පුද්ගලික රෝහල් වලත් මුදල් ගරති.
සිසුන්ට නායකත්වය දුන් අවස්ථාවාදීන්
සිසු සටන පාවා දෙමින් ජාම බේරාගන්නා අතර
අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ?
අමිල ගුණරත්න කියන්නාක් මෙන්
සටන් බිමේ දහදිය කඳුළු හෙළූ
අවංක හදවත් ඇති බිලි බෝයිස්ලා සහ
ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.
සිසු සටන පාවා දුන් අවස්ථාවාදීන් වෙනුවෙන් බිලි වූ
පද්මසිරි ත්‍රිමාවිතානගේ මව මෙසේ කියන්නීය.
"අපි කොච්චර හොඳට දරුවෝ හැදුවත්
දේශපාලනයට ගියාම හික්මීමක් නැති වෙනවා.
දේශපාලන අතකොළු වෙන දරුවන්ගේ වේදනාව
අවසානයේ විඳින්නේ අම්මලා විතරයි."
මේ අම්මාට වැටහෙන සත්‍යය
අද වෛද්‍ය සිසුන්ගේ අම්මලාට
වැටහෙන්නේ නැද්ද?
ඒ අම්මලාගේ දරුවන්
අද වෛද්‍ය සිසුන් ත්‍රිමාවිතාන වැන්නෝද?
නැත්නම් බොර දියේ මාලු අල්ලන
පාදෙණිය, අනුර කුමාර වැන්නෝද?
============================================
ත්‍රිමාවිතාන සිය අවසන් කාලය ගත කළේ
රත්නපුර නගරය ආසන්නයේ මිතුරෙකුගේ නිවසේය.
ඔහුගේ සොයුරියක ලියා පළකරන ලද
පහත දැක්වෙන ප්‍රකාශය කියවීමෙන්
ත්‍රිමාවිතාන කවරෙක්දැයි හඳුනා ගන්නට
යම් ආලෝකයක් ලැබෙනු ඇත.
_._
අතීතයෙන් බිඳක්.......
ඒ අසූ අට වසරේ මැද භාගයයි.
උසස් පෙල ලිවීමට බලාපොරොත්තුවූ වාරයයි.
දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද,
කැලෑ ඇඳිරි නීතිය නිසා ඒවා එකක් වත් කරගත නොහැකිවිය.
පන්ති ගොස් එද්දි ගෝනි බිල්ලන්ට කොටුවේ. ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි.
රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි.
යන්තම් කළුවර වැටෙද්දි උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි.
රාත්‍රියට දොට්ට පිළට හෝ යාමට දොරක් අරින්නෙ කලාතුරකිනි.
අයියා මේ වන විට කොළඹ විශ්ව විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ
විශේෂ උපාධිය හදාරණ සිසුවෙකි.
නිතරම විශ්ව විද්‍යාල වසා තැබීම නිසා
ඒවා විවෘත කරන ලෙස ඉල්ලිම් ඉදිරිපත් කරන ලද අතර
ඒ සඳහා තැබූ රැස්වීම් වල මුල් තැන ගත්තේ අයියායි.
ඊට අමතරව නිවසේ නංගි සහ මේ ලියන මාද සිටියේය.
සාමාන්‍යෙයන් රාත්‍රි අට හමාරට ගමට එන අවසාන බස් රථය
අපේ ගේ ලඟ නවත්වන්නෙ අපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි.
ඒදින බස් රථය නැවැත්වු අතර අපි නිශ්ශබ්දව ගේ තුල සිටියෙමු.
ටික වෙලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර
අයියාගෙ නම කියා අමතනු ඇසුණි.
තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටිය අතර
අයියාට ඉදිරි දොර තහනම් කර තිබුණේ පැවැති අයහපත් වාතාවරණය නිසාය.
මා ක්ෂණයකින් ඉදිරි දොර වෙත ගොස් එය විවෘත කරන ලදි.
යම් පැහැදිලි කිරීමක් කරන ලද අතර මා අයියාගෙන් ගෙට ගොස් ඒ පිළිබදව විමසීමි.
අයියා ඉදිරියට පැමිණ ඔහුට ගෙට එන්නට ආරාධනා කලේය.
ප්‍රමාණයෙන් ඉතා කුඩා කළු පැහැපත් සමකින් යුතු
තීක්ෂන දෙනයනකින් හෙබි මේ පුද්ගලයා
අපේ ගෙදර සාලයේ තබා තිබු රතුපාට කුඩා කුෂන් පුටුවක වාඩි ගත්තේය.
හේ නමින් පද්මසිරි ත්‍රිමාවිතාන නම් විය.
ඉන්පසු එළැඹියේ තාත්තාගේ ප්‍රශ්න වලට පිලිතුරු දීමේ වාරයයි.
නොයෙකුත් ප්‍රශ්න රාශියක් තාත්තා විසින් අසන ලද අතර
ඉතා සංයමයෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන ලදි.
ඉන්පසු අයියා සමග ටැංකිය ලඟට ගොස් නා
ෂර්ට් එක සෝදා ගෙයිම වැනූ ඔහු
රාත්‍රි ආහාර ගෙන නින්දට වැටුනේය.
පාන්දරින් අවදිවි යන්නට සැරසෙද්දි
තාත්තා ඔහු අත මුදලක් තැබූ බව මට මතකයේ ඇත.
ඒ විතරක්ද නොවෙයි දවල්ට කන්නේ නැති බව පැවසීම නිසා
දවල් ආහාරයට බත් මුලක්ද බැඳ දුන්නා මට මතකයි.
ඉන්පසු හැමදාමත් මේ විදියට
රාත්‍රි ඔහුගේ නවාතැන් පොල වූයේ මගේ නිවසයි.
මගේ අම්මා නිතරම අසනීපයෙන් පසු වූ නිසා
ගෙදොර ඉවුම් පිහුම් කටයුතු කෙරුණේ මා අතිනි.
මා උයන විට කුස්සියට පැමිණ මා කතාවට අල්ලා ගන්නා ඔහු
හැමවිටම හොඳින් ඉගෙන ගන්නා ලෙස පැවසීය.
විටෙක මා පිසින කරවල කෑල්ල විශාල වැඩි බව පවසන ඔහු
තවත් වේලකට එය පිරිමසා ගතහැකි බව පවසයි.
හැමදාමත් දවාලට බත් මුලක් බැඳ දුන් අතර
රාත්‍රියේ පැමිණි පසු "ලොකු නංගියෙ අද බත් එක නම් රසයි" කියා පවසයි.
එහෙත් දිනක් අපේ ගෙදරට
තවත් වෛද්‍ය සිසුවෙක් පැමිණි අතර
ඔහු තාත්තා සමඟ ත්‍රිමාවිතාන ගැන යමක් පවසන ලදි.
ඉන්පසු තාත්තා අයියාව ගෙදරින් පිටත් කර හරිනු ලැබීය.
රාත්‍රියේ ගෙදරට එන ත්‍රිමාවිතාන
මේ බවක් දැන ගත්තද ඔහුට යන්නට වෙන තැනක් නැත.
ඔහු දිගටම අපේ ගෙදර ආවේය.
දිනක් තාත්තා ඔහුට ගෙදරට එන්නට එපා කියන්නට සැරසෙද්දී
මම තාත්තා සමඟ බහින් බස්වූයෙමි.
තාත්තා පැවසුයෙ අම්මාගෙ අසනීපය නිසා
උයන්නට කෙනෙකු නොමැති බවකි.
එහෙත් එය මට කල හැකි බවත්
ඔහුට තව දුරටත් නිවසේ නතර වීමට ඉඩදෙන ලෙසත්
මා පියාගෙන් ඉල්ලු අතර,ඒ සඳහා අවසරය ලැබුණි.
ඔය විදියට සෑහෙන කාලයක් අපේ ගෙදර නවාතැන් ගත්තේය.
රාත්‍රියට විශාල ප්‍රමාණයේ පෝස්ටර් අඳින ඔහු
එක කොළයක් හෝ අපතේ නොයවයි.
අපි ඒ දෙස බලා සිටින්නෙ පුදුමයෙනි.
එක අකුරක් ප්‍රමාණයෙන් අපිට සමානය.
අපි කොළයක් ඉල්ලුවොත් කියන්නෙ
"නාස්ති කරන්න කොළ දෙන්න බෑ" කියලයි.
එක් දිනක් අපේ තාත්තා ඔහුට කලිසමක් මසා ගන්නට
කලිසම් රෙද්දක් දුන්නේය.
එදින ඔහු අපේ තාත්තාගේ දෙපතුල් අල්ලා වැඳ සමුගත්තේය.
කලිසමේ සාක්කුවේ අඩිය හොදටම හිල්වී ඇති නිසා
මේස් එකක සල්ලි දමාගෙන යයි.
කාලය ගෙවී ගිය අතර
රටේ තත්වය ඉතාම බිහිසුණු විය.
ඒත් ඔහුට අපේ නිවස ආරක්ෂිත විය.
එක් දිනක් ගෙදර පැමිණි ඔහු
උදෑසන බසය එනවා ඇසුණු විට
සෙරෙප්පු පයලා දුවන්නට සැරසුණි.
කකුල් දෙක මාරුවී සපත්තු දෙක දමා ගත් විට
නංගිත් මමත් හිනා වුණේ
"අනේ දොස්තර මහත්තයට කකුල වැරදිලා" කියලයි,
ඒ වෙලාවේ ඔහු අපි දෙදෙනා දිහා බලාගෙන අහිංසකව සිනාසුනේය.
ඒ ඔහුගේ අප දුටු අවසන් සිනාවයි.
ඉන් දිනකට පසු සාහසිකයින් විසින්
පද්මසිරි ත්‍රිමාවිතාන සොයුරා ඝාතනය කරන ලදී .
නිකම්ම නොවේ*සාහසික ලෙස* ඝාතනය කරන ලදි.
පද්මසිරි ත්‍රිමා විතාන නම් වෛද්‍ය සිසුවා ඝාතනය විය.
එදින අප නිවසේ කෑම පිසුවේ නැත.
කිසිවකුට බඩගින්නක් පැමිණියේද නැත.
අම්මා රත්කර තිබු යමක් කෑමට
වෙනදා රණ්ඩු වෙන අපි එදින ගොළුවන් සේ
කාමර තුලටම වී කල් ගෙවූහ.
හදිසියේම ගේ ඉදිරිපස
සුදු කොඩියක් දැමියයුතු යැයි මට සිත්විය.
මා ලඟ තිබු සුදු රෙද්දක් මසා
විශාල ප්‍රමාණයේ කොඩියක් දැම්මෙමි.
මෘත දේහය බැලීමට යාමට සිත් වුවත්
තාත්තාගෙන් ඒ ගැන විමසීමට සිත් නොදේ.
නංගීත් මමත් බෙහෝම අමාරුවෙන්
වචන සිර කරගෙන සිටියෙමු.
එහෙත් එක් වරම තාත්තා අපිට කතා කලේය
."ලොකු දුවේ අපි ත්‍රිමාව බලන්න යමුද" කියා ඇසුවේය.
අපි එකවරම හා කියා කීවෙමු.
ඊට පසු දින
අපි කොළඹ වෛද්‍ය පීඨයට යාම සඳහා
රත්නපුර නගරයට ගියෙමු.
රත්නපුර සිට කොළඹ බලා
එකම බස් රථයක් හෝ ගමන් නොකරන බව
අපිට බස් නැවතුම් පොලෙන් දැනුම් දෙන ලදි.
තාත්තා ආපසු යාවියැයි බියක් මට ඇති විය.
එහෙත් තාත්තා මට වඩා කල්පනා කාරි විය.
ටික වේලාවක් කල්පනා කල තාත්තා
පානදුර බසය වෙත ගමන් කර
"දුවේ අපි හොරණට ගිහිං කොළඹට යං" යයි පැවසීය.
අපි පානදුර බසයේ නැග හොරණට ලඟාවීමු.
හොරණින් කොළඹ බසයට ගොඩවී අපි වෛද්‍ය පීඨයට ලඟාවිමු.
මහා ජනකායක් පෝලිම් දිගේ ඇදෙමින් පැවතුණි.
ඒ අතර මහාචාර්ය සුනිල් ආරියරත්නයන්
විශාල බීම බාල්දියක් උස්සාගෙන ආ ආකාරය
මට අද මෙන්ම මතකයේ ඇත.
ඔහු එවෙලේ ටීෂර්ට් එකකින් සහ කලිසමකින් සැරසී සිටියේය.
එහෙත් ඔහු සමග දොඩන්නට මෙය අවස්ථාවක් නොවේ.
පෝලිම දිගේ අපිද වේගයෙන් ඉදිරියට ඇදුනේ
ත්‍රිමාගේ දේහය දැක ගැනීමටයි.
එහෙත් ඔහුගේ දෙන අසලට පැමිණි අපි
ඉච්ඡාභංගත්වයට පැමිණියෙමු.
දේහය දැකබලාගන්නට පැමිණියද
ඉතා කුඩා වීදුරු පෙට්ටියක
නොපෙනෙන සේ වසා තිබූ දේහය දුටු විට
මට මහා හයියෙන් ඇඬුනේ
සිටිය තැනද අමතක වෙමිනි.
වෛද්‍ය සිසුන් පැමිණ
අපේ තාත්තාගෙන් බොහෝ දේ විමසන ලදි.
ඒ අතර අපිව හොදින් දන්නා අය බොහෝ සිටි අතර
"මේ අහවලාගේ නංගිලනේ" කියමින්
ඔවුන් අපිව ඇතුලට කඳවාගෙන යන ලදි.
අපි ආපහු ගෙදර එන්නට පිටත් උනේ
බොහෝ දුකින් හා කළකිරිමෙනි.
බස් රියේ කවුළුවෙන් ඉවත බලා ගෙන සිටියද
හිත තිබුණෙ ඔහුගේ දේහය වෙතයි.
අපේ ඇස් වල කඳුලු පිරුණේ නොදැනුවත්වමයි.
රත්නපුරයට පැමිණි පසු ගමට එන බසය නොතිබුණෙන්
තාත්තාත් නංගීත් මමත් කිලෝ මීටර අටක පමණ දුර
පයින්ම ගමන් කලෙමු.
ගමන ගැන විස්තර අසා සිටි අම්මාද ඇඩුවාය.
ඔහු වෙන තැනක මිය ගියා නම් දුකක් නැත.
ඔහු මිය ගියේ රත්නපුරයේ වීම මට මහත් දුකක් ගෙන දුනි.
අදටත් මගේ දෑස් පියාගත්විට රාත්‍රියේ ගෙට ගොඩවන ත්‍රිමාව පෙනේ.
පද්මසිරි ත්‍රිමාවිතාන මා ඉතාමත් ගරු කල,
ඉතාමත් ආදරය කල පුද්ගලයෙක් විය.
අදින් අවුරුදු විසි ගණනකට පෙරාතුව වුවද
එය එදා මෙන්ම අදටත් එසේමය.
එහෙත් ආදරය වරදවා වටහා නොගන්නා මෙන්ද
කාරුණිකව ඉල්ලා සිටිමි.
මා එසේ කීවේ වැරදීමකින් හෝ එවැනි සිතුවිල්ලක්
කෙනෙකු තුල ඉපදීමට ඉඩ දීම
ඔහුට කරන අගෞරවයක් ලෙස මා සිතනා බැවිනි.
ඔහු ඉතාම අවිවේකි කාර්ය බහුල ජීවිතයක් ගත කල අයෙකි.
එමෙන්ම හරියට කන්නට බොන්නට හෝ නිදන්නට පවා
ඔහුට අවස්ථාවක් නොමැති විය.
එහෙත්අපේ ගෙදරට පැමිණි සෑම දිනකම
උඩ තියෙන ටැංකියෙන් නා ගත් ඔහු
අප හා දොඩමළුවෙයි.
එහෙත් වචනයක් හෝ අපතේ නොහරී.
මා එසේ කියන්නේ ඔහු කියන කිසිදු වැකියක්
අපතේ හරින්නට හැකියාවක් නැති නිසාය.
හැම විටම අපිට පොත පත පාඩම්කරන්නට උපදෙස් දෙයි.
මම උසස් පෙළ පන්තියේදී විද්‍යා විෂයයන් හැදෑරුවෙමි.
මටබොහෝ පාඩම් පිළිබඳව උපදෙස් ලබා දුන්නෙ ඔහුයි.
නිවැරදිව පාඩම් කරන්නට කියාදුන්නේ ඔහුයි.
මට අයියෙක් සිටියද
ඔහු කිසිම දිනක අපේ අධ්‍යාපනය ගැන
ඇඟිලිගැසුවේ නැත.
පන්තියේ ඉදිරි දහ දෙනා අතර සිටියද
ඉන් ඔබ්බට ඒමට පාර තනා දුන්නේ ත්‍රිමාය.
රෑ නිදි මරාගෙන පාඩම් කල අයුරු
අපිට කියන්නෙ ඇතැම් විට අපව සිනහ ගන්වමිනි.
මම කලින් ලිපියක කිව්වා
ත්‍රිමා පෝස්ටර් ඇඳපුබවක් ,
එය ඔබට මතක ඇතැයි සිතමි.
පෑන් බටයක පුළුන් කැබැල්ලක් ගසා
එය තීන්නබාල්දියේ පොඟවා අඳින අකුර
කියන්නට බැරි තරම් හැඩය.පොඩ්ඩක් හෝ
එහා මෙහාවෙන්නේ නැත.හැඩය වෙනස් වන්නේද නැත.
එක කොළයක් හෝ වැරදීමකින් ඉවත් නොකරයි.
අකුරක් ප්‍රමාණයෙන් ඉතා විශාලය.
ලස්සන අකුරු වලින් ඔහු පෝස්ටර්
සිය ගණනක් අඳින්නට ඇත.
අපේ දුම් ගෙයට සාමාන්‍ය යෙන් ගින්දර දමන්නේ දවාලටයි.
රාත්‍රිය වන විට එය කෙමෙන් නිවී යයි.
එහෙත් ත්‍රිමා පැමිණි පසු හැම දිනකම පාහේ
දුම් ගෙයට රාත්‍රියේද ගින්දර දැමුණි.
ඒ ඇයි දැයි කියා අපි එකල පියාගෙන් නොවිමසුවෙමි.
එහෙත් ත්‍රිමාගේ මරණයෙනුත් බොහෝ කලකට පසු
තාත්තා කියු දෙයින් අපි පුදුමයට පත් වීමු.
"ඔය ගොල්ලො දන්නෑ ලොකු දුවේ
මම ඒ කාලේ හිටියෙ පුදුම බයකින්.
ත්‍රිමා ගෙදර ඉද්දි හමුදාවෙන් ආවොත්
මම මොනවා කරන්නද.
මට ත්‍රිමාව පාවල දෙන්නත් බෑ.
ඔය ගොල්ලන්ව දෙන්නත් බෑ.
මම හැම රෑකම දුම් ගෙට ගින්දර දැම්මෙ ඇයි
කියලා ඔය ගොල්ලො දන්නෙ නෑ.
හදිසියෙ හමුදාවෙන් ආවොත්
ඔය අඳින පෝස්ටර් ටික දුම් ගෙට දාන්නයි
මම එහෙම කලේ " කියලා තාත්තා කිව්වා.
ඇත්තටම තරමක් නිහඬ පුද්ගලයෙකු වු මගේ පියා
නගරයේ විදුහලක විදුහල්පතිවරයෙක්.
ඔහු සිතා ඇති දුර ගැන සිතන විට
දිනක් ත්‍රිමා වෙනුවෙන් තාත්තා සමඟ
බහින් බස් වූ ආකාරය සිහිවී මටම ලැජ්ජා සිතුනි.
ත්‍රිමාට තිබුණෙ එකම එක සුදු අත කොට කමිසයක් පමණි.
සෑම දිනකම රාත්‍රියේ එය සෝදා වේලෙන්නට දමයි.
උදේට එය සිතන තරම් වේලි නැති නිසාදෝ
හැම දිනකම ස්ත්‍රික්කයට පොල් කටු දමා
රත් කර දීමට මට සිදු විය.
එහෙත් මා එම කාර්යය කලේ
ඇත්තටම හිතේ ඇතිවූ කැමැත්තෙනි.
මා කැමති වූයේ ඔහුගේ දේශපාලන ස්ථාවරයට නොවේ.
මා ගරු කලේද ආදරය කලේද එයට නොවේ.
ඔහුගේ ඇති මහත්මා ගතිගුණ වලටයි
.ඇත්තටම ඔහු තුල සැඟවි ගත් උදාර මනුෂ්‍ය ගුණය අති මහත්ය.
එය එසේ නොවන්නට අයියාද ගෙදර නැති විටක
අපේ ගෙදරට පිරිමියෙකු වද්දා ගන්නට
මා නොපෙළඹෙනු ඇත.
ඔහු අප නිවසට පැමිණි දෙවන දිනය
මගේ මතකයෙන් කිසිදා අමතකව නොයේ.
අපේ ගෙය පහු කර බස් රථය නවත්වන ස්ථානය දක්වාම
ඔහු ගමන් කර ඇත්තේ වැරදීමකිනි.
එතැන් සිට ඔහු පා ගමනින් ම අපේ ගෙදරට එන්නට
ආපසු පිටත් වී ඇත.
කළුවරේ තනියම පයින් එන අයෙකු දැක
අපේ මාමා කෙනෙකු කොහේ යනවාදැයි විමසා ඇත.
අපේ ගෙදරට බව පැවසු පසු
ඔහු කාරයෙන් අපේ ගෙදරට කැඳවාගෙන විත් ඇත.
ඇත්තටම එවැනි අවස්ථාවක
ඔහු පොලිසියට හෝ හමුදාවට කොටු වූයේ නම්............
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
වජිරා සුභාෂිණී ගුණවර්ධන