දෝණි පොත් කියවන්න පුරුදු වෙලා.
නගුල් මුන්නා, රන් කැකිර ආදී
ජනකතා පොත්වලට ඇය දක්වන්නෙ දැඩි කැමැත්තක්.
වෙනත් පොතුත් කියවනවා.
ඇය ජනකතා කියවීම නිසා
ජනකතා වල අගය පිළිබඳව හිතන්න
මම පෙළඹුණා.
ජනකතාවක් පරපුරෙන් පරපුරට යන්නෙ
රටේ සංස්කෘතිය සහ ජන විඥාණය සමග
පෑහෙන ස්වභාවයක් ඒ කතාවෙ සංයුතිය තුළ
ගැබ්වෙලා තියන නිසා කියා මට හිතුණා.
මහදැනමුත්තා කතා පෙළ
රටේ ජනප්‍රිය වෙලා තියෙන්නෙ
මහදැන මුත්තා වැනි චරිත
අප අතර ජීවත් වෙන නිසයි.
මුට්ටිය බිඳ එළුවාගෙ හිස එළියට ගන්න කියන
සාමාන්‍ය කෙනෙකුට අවඥාවෙන් සලකමින්...
අපට අවශ්‍ය මුට්ටිය නොබිඳ
එළුවා බේරගන්නයි කියමින්
අවසන තාප්පයත් බිඳ දමා
එලුවාගේ බෙල්ලත් කපා, මුට්ටියත් බිඳින
මන්ද බුද්ධික ජනතාව අප අතර සිටිනවා.
ඔවුන්ට අවශ්‍ය වන්නේ
තමන් විසින්ම ප්‍රශ්නය විසඳා ගැනීම නොවෙයි.
තමන් නිවැරදියි කියා හිතන
තමන් ගරු කරන කෙනෙකුගෙන් බණ අසා
ඔහුට අනුව ප්‍රශ්නය විසඳා ගන්නයි.
ඒ මගින් ඔවුන් විශාල තෘප්තියක් විඳිනවා.
මහදැනමුත්තගෙ කඳ, ඔහුගෙ බඩ, ඔහුගෙ අලියා සහ
ඔහුටත් වඩා මෝඩ යාවජීව සුවච ගෝලයෝ රැළ නිසා
ඔවුන්ටත් වඩා මෝඩ රටේ ජනතාව
මහදැනමුත්තා මල්පාවඩ පිටින් වඩම්මනවා.
ඒ විච්චූරණ වලින්
ඇස් නිලංකාර වෙන බොළඳ මිනිස්සු
ඔහු ඇදහිය යුතුයි කියා හිතනවා.
මහදැනමුත්තාගෙ මාන්නාධික මුග්ධ බවත්
ගෝලයන්ගේ මෝඩකම සහ වහල් බවත්
ඔවුන් අදහන මන්ද බුද්ධික ජනතාවත්
දකින්නට හැකියාව ඇති සාමාන්‍ය ජනතාව
මේ පුරාවත තමන්ගෙ දරුවන්ට කියා දීමෙන්
මෙවැනි චරිත ගැන ඔවුන්ගේ සිත් තුළ
තෙවැනි ඇසක් පහළ කරනවා.
මේ තෙවැනි ඇස
ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක්.
සමාජයෙ හැසිරෙන අතරතුර
ඔවුන් මහදැනමුත්තා හඳුනාගන්නවා.
ගෝලයන් අනුගාමිකයන් හඳුනාගන්නවා.
ඔවුන්ගෙන් ආරක්ෂා වෙනවා.
සමාජයෙ හැසිරෙන අතරතුර දකින
හුරුපුරුදු චරිත නිසා
අපි ජනකතා අහන්න ආසයි.
අපේත්, අපි දන්නා අයගේත් මෝඩකම්,
හපන්කම්, පුරසාරම් ආදිය අසා
අපි සතුටට පත් වෙනවා.
සිරිධම්ම හිමි
අපේ රටේ ඉන්නා නූතන මහදැනමුත්තායි.
සිරිධම්ම හිමිගෙ අවබෝධය
බුදුන් වහන්සේට වඩා වෙනස් කියා කියනවා.
බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමවත් ඔහු දන්නෙ නැහැ.
කවුරු හෝ තණ්හාව ගැන දේශනා කරනවා නම්
ඔහුට කිව හැකි සරලම කරුණු දෙකක් තියනවා.
1 තණ්හාව ඇති වෙන්නෙ වේදනාව නිසා.
2 තණ්හාවෙන් ඇති වෙන්නෙ උපාදානයයි.
බුදුන් වහන්සේ දේශනා කළ
මේ කරුණු දෙක අත්දැකීමෙන් නොදන්නා කෙනෙක්
තණ්හාව ගැන දන්නෙ නැහැ.
තණ්හාව ගැන දන්නා කෙනෙකුට
තණ්හාව පිළිබඳ මේ කරුණු දෙකට එහා
වෙනත් අමුතු අවබෝධයක් ලැබෙන්නෙ නෑ.
සිරිධම්ම හිමිගෙ අවබෝධය
බුදුන් වහන්සේට වඩා වෙනස් කියා කියන්න
ඔහුට හේතුවක් තියනවා.
ඒ ඔහු තණ්හාව ගැන නොදන්නා නිසයි.
1 තණ්හාව ඇති වෙන්නෙ වේදනාව නිසා.
2 තණ්හාවෙන් ඇති වෙන්නෙ උපාදානයයි.
මේ කරුණු දෙක
සිරිධම්ම හිමි නොදන්නා බව
ඔහු ලඩක් යද්දි
සීතලට ඇතිවුණ තණ්හාවෙන්
හිසේ සිට දෙපතුල දක්වා පොරවාගෙන
ගිය ඡායාරූපයෙන් පෙනෙනවා.
ඔහු තුළ සීතලට ද්වේශය තිබුණා.
තණ්හාව ගැන ත්‍රිපිටකයෙ නැති දෙයක්
ඔහු දන්නවා කියා ඔබට විශ්වාස නම්
වේදනාවෙන් තණ්හාව උපදින්නෙ කොහොමද කියා විමසා
සිරිධම්ම හිමිගෙ පිළිතුර මට කියන්න.
සිරිධම්ම හිමි කියන යම් දෙයක් සත්‍ය නම්
ඒ සත්‍යය ඔහු ගත්තෙ ත්‍රිපිටකයෙන් බව
මම ඔබට පෙන්වන්නම්.
ඔහු කියන දේ අසත්‍යයක් නම්
ඔබේ වේදනා අනුව
ඔබටම තේරුම් ගත හැකි විදියට
මම අසත්‍යය පෙන්වා දෙන්නම්.
වේදනා පච්චයා තණ්හා
මාතෘකාව යටතෙ දේශනයක් කරන්න කියා
මම සිරිධම්ම හිමිට 2016 ජූලි මාසෙ අභියෝගයක් කළා.
අදටත් ඔහු නිහඬයි.
වේදනාව ප්‍රිය නම් එහි ඇලී ගැලී ප්‍රිය වේදනා විඳින,
වේදනා අප්‍රිය නම් එයින් පළා ගොස්
මෝහයට වැටී සැනසිල්ලෙන් වෙසෙන සිරිධම්ම හිමි
වේදනා පච්චයා කියන සත්‍යයත්
තණ්හා පච්චයා උපාදාන කියන සත්‍යයත්
තවම දන්නෙ නැහැ.
ඔහු දන්නෙ පොතේ තියන වචන ටික විතරයි.
තවමත් පුහුදුන් ඔහු තුළ
වේදනාවට තණ්හාව උපදිනවා.
තණ්හාවෙන් උපාදානය ඇති වෙනවා.
ඔබත් මේ සත්‍යය නොදන්නා නිසා
ඔහු ඔබ අභූත තර්කයෙන් සහ
නින්දා අපහාස වලින් දුර්මුඛ කරල
ඔහුගෙ නොදන්නාකම වසා ගන්නවා.
සිරිධම්ම හිමි
අපේ රටේ ඉන්නා නූතන මහදැනමුත්තායි.
මහදැනමුත්තගෙ කඳ, ඔහුගෙ බඩ,
ඔහුගෙ අලියා සහ ඔහුටත් වඩා මෝඩ
යාවජීව සුවච ගෝලයෝ රැළ නිසා
ඔවුන්ටත් වඩා මෝඩ රටේ ජනතාව
මහදැනමුත්තා මල්පාවඩ පිටින් වඩම්මනවා.
ඒ විච්චූරණ වලින්
ඇස් නිලංකාර වෙන බොළඳ මිනිස්සු
ඔහු ඇදහිය යුතුයි කියා හිතනවා.
ඔහු මුලින්ම කියනවා
මා පිළිගන්නවා නම් තාප්පය බිඳින්න.
ඔහුගෙ පෙනුම ඔහුගෙ වචන ඔහුගෙ තර්ක
ඉක්මවා යා නොහැකි පිරිස තාප්පය බිඳිනවා.
නිදහස ගැන සතුටු වෙනවා.
සිරිධම්ම හිමි කියනවා
''තවම ප්‍රශ්නය විසඳිලා නෑ.
මගේ දේශනාවලට දිගටම ඇහුම් කන්දෙන්න..
මේ දේශනා වැටහෙන්නෙ ප්‍රඥාවන්තයන්ට පමණයි.''
තමන්ට ප්‍රඥාව ඇතැයි සිතන මිනිස්සු
ඔහුට ඇහුම් කන් දෙනවා.
ඉන් පස්සෙ ඔහු කියනවා
''දැන් එලුවගෙ බෙල්ල කපන්න.''
ඔහුගෙ අනුගාමිකයන් පිරිසක්
ඔහු අදහමින් එලුවගෙ බෙල්ලත් කපනවා.
අන්තිමට ඔහුගෙ කීමට මුට්ටියත් බිඳලා
ආශ්‍රමයට ඇවිත් නවතිනවා.
බුදුන් වහන්සේ මහදැනමුත්තෙක් නොවෙයි.
උන් වහන්සේ එවැනි නාස්තිවාදී දහමක්
උගන්වන්නෙ නෑ.
තාප්පයත් බිඳ, එලුවාගෙ ඔලුවත් කපා දමා
මුට්ටියත් බිඳින තැනට නොගොස්
මුට්ටිය නොබිඳ ඔලුවත් බේරාගෙන
තාප්පයත් බේරාගන්නට
බුදුන් වහන්සේ දේශනා කළ ක්‍රමය
ඔහු දන්නෙ නැහැ.
ඔහු නොදන්නා බව
ඔහු වටා රොක්වෙන ජනතාව දන්නෙ නැහැ.
දුකට හේතුවෙන තණ්හාව උපදින්නෙ
වේදනා හේතු කරගෙනයි.
තණ්හාව උපදින වේදනාවට
සිහියත් උපේක්ෂාවත් වැඩීමෙන්
තණ්හාවත් උපාදානයත් බිඳ දුකෙන් මිදීම
බුදුන් වහන්සේගේ ක්‍රමයයි.
මහණෙනි, මේ වේදනා තුනෙකි.
කවර තුනෙක් ද යත්:
සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි.
මහණෙනි, මොහු තුන්වේදනාවෝයි.
මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස
සතර සතිපට්ඨානය වැඩිය යුතුයි.
වේදනාවට තණ්හාව උපදිනවා.
තණ්හාවෙන් උපාදානය ඇති වෙනවා කියා නොදැන
රහත් වෙන්න බෑ.
වේදනාත්‍රය පරිඥාත කල්හි
ආර්යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු
කිසිවක් නැතැයි කියමි. ''
බුදුන් වහන්සේ
මේ සරල දහම නොදැන
තමන් රහත් යයි වහසි බස් දොඩන
සිරිධම්ම නම් මහදැනමුත්තා
රහතෙක් නොවෙයි.