20130307

ගිහි දිවිය පැවිද්දට කැප කිරීම සිර වීමක්ද?


" කැපකිරිම" Photo by Damith Wickramasinghe
පැවිද්දට ගිහි දිවිය කැප කිරීම
සිර වීමක්  වෙන්නෙ
කැප කිරීම නිසා ලැබෙන දේ
කැප කරපු දේ තරම්
වටින්නෙ නැත්නම් තමයි.

දීපංකර පාද මූලයෙ
එක ගාතාවක් අහල
රහත් වෙන්න පුලුවන් කම තියාගෙන
සංසාරෙ හිරවෙලා දුක් විඳිමින්
සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් කැප කරල  
බුදුන් වහන්සෙ ලබා ගත්ත දේ
කොයි තරම් වටිනවද කියල
ඒ දෙයින් එක මොහොතකට හරි
දුක නිවාගත් කෙනෙකුට තේරෙනවා.

මේ සාමණේරයන් වහන්සෙ
කැපකරල සිරවෙලා ඉන්න තැන
නිවැරදිව ගත කළොත්
ලැබෙන නිදහසේ සුවය
නිදහසේ ඉන්න ළමයින්ට
ඔවුන්ගෙ ජීවිතවල
එක මොහොතකටවත්
විඳින්න ලැබෙන්නෙ නෑ.


මේ වයසෙ සාමණේරයන් වහන්සෙ කෙනෙක්
තමන් ඉන්න තැනේ වටිනාකම දැනගෙන
මැරකමෙන් මුලු ඉන්දියාවම දිනාපු
චණ්ඩාශෝක රජ්ජුරුවන්ගෙ සිහසුනේ ඉඳගෙන

කියපු වචන කිහිපයක් නිසයි...
ලංකාවට සහ දකුණු ආසියාවටම
බුදු දහම ලැබුණෙත්.

ළමයා වුණත්, වැඩිහිටියා වුණත්
හිරවෙලා ඉන්නෙ තමන්ගෙම මනසින්...
මනසෙ තියන සීමාවන් අතරෙ.

නිසි ගුරුවරයෙක් ලැබුණා නම්..
පිරූ පෙරුමනුත් තියනවා නම්
සාමණේරයන් වහන්සෙ කෙනෙකකුට
නිදහස් වෙන්න හොඳම විය
ළමාවිය තමයි.


 ===============================================================

අදාළ සටහන් කිහිපයක්.

පැවිද්දා ගිහියන්ට වෙනස් ආකාරයෙන් හැසිරිය යුතුය

 අපේ පන්සලේ ලොකු හාමුදුරුවෝ

මොබයිල් ෆෝන් පැවිද්දට අකැපද?

Photo by Tharaka Basnayaka
   නිරයද...සුගතියද හිමි,.......... ඔබ දන්නේද?
කෙලෙසුන් නසන මග හිමි ඔබ, යන්නේද?
මොක්මග මුලාවී දිවි සුන් වෙන්නේද?
මරසෙන් පරදවා ඔබ ජය ගන්නෙහිද?

මිනිසා තවත් තිරිසනෙක් පමණි..





මිනිසා තවත් තිරිසනෙක් පමණි
 ඔහු තමා ගැන සිහිය දියුණු කරගෙන
මිනිසෙකු බවට පරිණාමනය වී ඇත.

සිහිය පිරිහුණු විට
ඔහු නැවතත් සිය සැබෑ තිරිසන් ස්වරූපයට
ඇද වැටෙයි..
 
Photo: මිනිසා තවත් තිරිසනෙකි පමණි..
ඔහු තමා ගැන සිහිය දියුණු කරගෙන
මිනිසෙකු බවට පරිණාමනය වී ඇත.

සිහිය පිරිහුණු විට
ඔහු නැවතත් 
සිය සැබෑ තිරිසන් ස්වරූපයට
ඇද වැටෙයි..












  • තමන් යම් දෙයක් කරන්නේ
    මේ ඇතුළාන්ත පෙළඹවීම නිසායැයි
    තමා පිළිබඳව මිනිසාට ඇති සිහිය
    මිනිසා තිරිසනාගෙන්
    වෙන් කරනු ලබයි...




    පිරිමි සතෙකු ගැහැණු සතෙකු
    පසුපස යන්නේ කාමය නිසාය..
    මිනිසාට පමණක් එය දැකිය හැකිය.
    සමාජයක් ලෙස ජීවත් වනවිට
    සිහිය ඇති පිරිමි සතුන්ගෙන්
    තමාට හෝ අන් අයට
    හානිවීම අවම වෙයි.


    එක් සතෙකු තවත් සතෙකුට
    පහර දෙන්නේ
    අනික් සතා කළ වරද නිසා නොව..
    එම වරද නිසා ඔහු තුළ නැගෙන
    කෝපයෙන් වියරු වැටීම නිසයි..

    මිනිසාට මෙම තත්වය
    සිහියෙන් දකිමින්
    හානිකර බව අවම පියවරකින්
    සිය අප්‍රසාදය ප්‍රකාශ කළ හැක.

    අද සමාජය
    යළි තිරිසන් බව කරා
    පරිණාමනය වෙමින් ඇත.

    බුදු දහම
    මේ රෝගයට ඔසුවකි.
    අනිත් ආගම් වලින්
    නිර්වින්දක සපයනු ලබයි.

    ආගමික සහ සංස්කෘතික විශ්වාස මගින්
    මිනිසා පුහුණු කරන ලද
    තිරිසනෙකු කරයි.

    ඔහුට තමා පිළිබඳව සිහියත්
    තමා තුළ සිදුවන දේට උපේක්ෂාවත් නොදී
    එම විශ්වාස ඉවත් කිරීමෙන්
    ඔහු යළිත් නොදැමුණු තිරිසනෙකු වෙයි.

    ඒ දණ්ඩේ සමබරව බව රැකගෙන
    පියනගන්නට කියා නොදී
    අත්වැල ඉවත් කිරීමෙන්
    සමාජයට හානිකර
    සත්වයෙක් බිහිවෙයි.

    පූර්ණ අන්ධයෙකුට වඩා
    එකැස් කණෙක් හොඳය.
    කළ යුත්තේ ඔහුට ඇසක් දීමයි.
    තියන ඇසත් අන්ධ කිරීම නොවේ.
  • දැනට පෙනෙන ඇස ලැබෙන්නෙ
    ආගමේ සංස්කෘතියෙ තියන
    ශීල සමාධි කොටස් දෙක විසින්.

    ඔහුගෙ නොපෙනෙන ඇස
    සුව වෙන්නෙ ප්‍රඥාවෙන්...

    ප්‍රඥාව කියන්නෙ
    ආගමික පොත පතෙන් හෝ
    බණ ඇසීමෙන් ලබන
    ආගමික දැනුම නෙමෙයි..

    අව්වෙ පිච්චෙන වෙලාවට
    වැස්සෙ තෙමෙන වෙලාවට
    කෑම කන වෙලාවට,
    අඬ දබර කරන වෙලාවට,
    ආදරේ කරන වෙලාවට...
    ජීවිතය විඳින දැනෙන වෙලාවට
    තමන් ගැන සිහියෙන්
    තමන් තුළ සිදු වෙන
    වෙනස්කම් ගැන සිහියෙන්
    ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන්
    ජීවත් වෙලා වැඩෙන ප්‍රඥාවයි,
    මිනිසා සැබෑ ලෙසම
    තිරිසනාගෙන් වෙන් කරන්නෙ..

    මිනිසා පුහුණු තිරිසනෙකු කරද්දි
    කලාපීය හා ගෝත්‍රික වෙනස්කම්
    බෙහෙවින් අදාලයි.

    පුහුණු මිනිස් තිරිසනා
    මිනිසෙකු බවට පත් කරන
    සුපිරි තාක්ෂණය විශ්ව සාධාරණයි.

    කලාපීය හා ගෝත්‍රික වශයෙන් දෙන පුහුණුව
    සමාජයටයි අදාළ වෙන්නෙ.
    එහෙත් මිනිසා තනිව විඳින දේ
    විශ්ව සාධාරණයි.

    කාමයට, දුකට, තරහට, බයට..
    කෑදරකමට ආදී
    තිරිසන් ගතිවලට මෙන්ම
    මෛත්‍රිය, කරුණාව, දයාව වගේ
    මානුශික ගතිගුණ වලටත්
    කලාපීය හා ගෝත්‍රික වෙනස්කම්
    අදාළ නැහැ.

    කලාපීය හා ගෝත්‍රික වෙනස්කම්
    ප්‍රඥාවට අදාළ නැහැ.
  • ෆැන්ටා, කොකා කෝලා,තේ, කෝපි..
    සරුවත් වෙනස් බව ඇත්ත.

    අපිරිසිදු වතුරෙන් හදන
    කොයි පානයත් විෂයි...

    වතුර පිරිසිදු කිරීමයි විය යුත්තෙ.
    පානයන්හි අනන්‍යතාවය අදාළ නැහැ.

    මොන ආගමේ වුණත්
    මොන ජාතියේ වුනත්
    අපරාධකාරයා තිරිසනෙක්.
    මිනිසත් බවේ වගකීම
    ඌ මිනිසෙකු බවට පත් කිරීමයි.

    ඒත් තිරිසනුන් වැඩි වුණාම
    මිනිසුන්ට හිස පාත් කරගෙන
    ඉන්න වෙන්නවා.

    තිරිසන්කම සංස්කෘතිය බ
    ටත්
    පව්කාරකම ආගම බවටත්
    පත් වෙනවා.

    මිනිස්කම සොයන අය
    සාපේක්ෂව ආරක්ෂිතව
    සැනසිල්ලෙන් ඉන්නවා.

    මිනිසා පුහුණු කරන ලද තිරිසනෙක් කරන්න
    කොයි ආගමෙත් තියන ක්‍රම
    බොහෝ දුරට සාර්ථකයි..

    වට්ටෝරුව කොහොම උනත්
    කෑමක රස තීරණය වෙන්නෙ
    උයන අයත් කන අයත් අනුවනෙ.

    ප්‍රඥාව නම් බුදු දහමෙ හැර
    වෙනත් ආගමක නැහැ.
    තමන්ගෙ කය සහ හිත දිහාත්
    ඒ දෙකේ ඇතිවෙන වෙනස් කම් දිහාත්
    ඒ වෙනස්කම් වලින්
    සියයට සියය දක්වාම
    නොකැළඹී ඉන්න
    පුහුණු කරන ක්‍රමයක්
    වෙනත් දහමක නැහැ.


  •  
    ඔබ දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන
    ඔබේ සිරුරට දැනෙන දැනීම් ගැන
    ඔබට සිහිය නැහැ.

    මම කියද්දිවත්
    ඔබ මොහොතකට ඔබ දෙසට
    සිහිය යොමු කළොත්
    ඔබේ ඉරියව්ව ඔබට දැනෙනවා.

    බුදුන් වහන්සෙ, කෙනෙකුගෙ සිහිය
    දියුණු කිරීම අරඹන්නෙ ඉරියව්වෙන්.
    ඒ මූලික පාඩමවත්
    වෙන කිසිම ආගමක නැහැ.

    ඔබ ඔබේ එක අතක් උස්සගෙන
    ඒ අතේ දැනෙන
    වේදනා විඳල බලන්න.
    මින් පෙර කවදාවත්
    නොවිඳපු අත්දැකීමක් ඒ.

    කොතරම් වෙලා
    අප්‍රසාදයෙන් තොරව
    ඔබට ඔබේ අත උස්සගෙන
    ඉන්න පුලුවන්ද?
    ඔබට හිතාගන්න බැහැ.
    විනාඩි පහක් වෙන්නත් පුලුවන්..
    පැය බාගයක් වෙන්නත් පුලුවන්.

    විනාඩි පහක් නම්
    ඔබ ඉක්මනින් කැළඹෙන කෙනෙක්.
    පැය බාගයක් නම්
    ඔබේ ඉවසීම හොඳයි.

    මේ අත්දැකීම
    මොන ආගමක කෙනෙක් වුණත්
    මොන ජාතියක කෙනෙක් වුණත්
    එකයි.. ප්‍රතිඵල එකයි.
    පරාසය වෙනස් වෙයි..
    එපමණයි.

    මේ විදියට තමා දෙස බලන්න පුහුණුවත්
    ඒ දැනෙන දෙයින් නොකැළඹීමෙ පුහුණුවත්
    ඔබට ලැබෙන්නෙ බුදු දහමෙන් විතරයි.

සිය දිවි නසා ගත් ජැක්සන් නම් අද්විතීය නලුවා...



දක්ෂයෙක් මෝරනකොට
මිනිසුන් අතරෙ ජනප්‍රිය වෙනකොට
ඔහු එයින් උද්දාමයට පත් වුණොත්
ඔහු ඉන්නෙ විශාල අවදානමක...


අපි කියන විදියට මාරයා,
ජැක්සන් කියන විදියට සාතන්
නිල බලලා ඔහුට දෂ්ඨ කරන්නෙ,
ජීවත් වෙනතුරු නොමැරී මැරෙන්නයි.

මාරයා හෝ සාතන්
තමා තුළින්ම මතුවෙන්න පුලුවන්..
බිරිඳ දරුවන්, නෑදෑ හිත මිතුරන්
වෙනත් ඇසුරු කරන්නන් හරහාත්
මාරයා/සාතන් ක්‍රියාත්මක වෙනවා.

දක්ෂ කමට සාපේක්ෂව
චරිතය වැඩුණේ නැත්නම්
මාර විෂ සිරුර පුරා දුවනවා.

ඒ විසෙන් අසාධ්‍ය වෙලා
නිල්වෙලා ඉඳගෙන වුණත්
තමන් උපන් කාර්යයට
වෙස් බැඳගෙන,
අභිමානවත් ලීලාවෙන්
නේපථ්‍යාගාරයෙන් වේදිකාවට එන
ජැක්සන් නම් විශිෂ්ඨ වේදිකා නලුවා
වේදිකාවෙ කරන
උත්කෘෂ්ඨ රංගනය දැක්කාම
ඇස් වලට එන කඳුලු
මොන හැඟීමක් නිසා
උනනවද කියල
කියන්න බැරි තරමට
දුක සතුට මිශ්‍රිතයි.

ර්‍යුනොසුකෙ අකුතගාවා
සිය දිවි නසා ගත්තට
මැරුණේ නෑ.

ජැක්සන් නම් නලුවාගෙ
අද්විතීය ප්‍රාණ ශක්තියෙන්
ජැක්සන් නම් දුක්ගන්නා රාළ
තවම ජීවත් වුණාට
නළුවාගේ සියදිවි නසා ගැනීම
බොහෝදුරට සාර්ථක වීම
බලවත් ශෝකයට කරුණක්.


කලකට පෙර මියැදුනාට- හතර රියනෙ වැළලූනාට
උඹෙ උත්තම රාජකීය- උණුසුම මට දැනේ තාම

ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ -දෙවියනි මූ අද කරති නිගා
-(මෙ
නින් මාරු වෙනු)-
 


====================================================================
 
ඉතා සියුම් ඉඟිබිඟි වලින් රංගනය විචිත්‍රවත් කිරීම
ජැක්සන්ගේ රිද්මයානුකූල රංගනයෙහි ලක්ෂණයක්.
 
ඔහු අනික් නළු නිළියන් සමගත්
ප්‍රෙක්ෂකාගාරය සමගත්
පවත්වන සබඳතාවය
ඉතාම ප්‍රිය ජනකයි.
ජැක්සන් දෙබස් වලට සහ ගැයුම්වලට
ඉතාම නිරායාසයෙන් එක් කරන
අමතර විච්චූරණ නිසා
අපේ උද්‍යෝගය නොකඩවා
උත්තේජනය වෙනවා.
ඔහු කිසිදු වෙහෙසකින් හෝ
පූර්ව සූදානමකින් තොරව එක්කරන
විවිධ අනුපාන නිසා
රසික අවධානය අලුත් වෙන
වා.
 ----------------------------------------------------------

ජැක්සන්ගෙ පදනම දැකගෙන
විශ්මයට පත්වෙන්න හොඳ පොතක්...

http://oi47.tinypic.com/2u753td.jpg 
බොරැල්ල සුපර් මාකට් එකේ  නිර්මල ප්‍රකාශකයෝ
-ජූඩ් ශ්‍රීමාල් ගෙන් විමසන්න.
011 2689678 / 0777 363633
-----------------------------------------------------------------------------------------------

ජැක්සන්ට ආදරෙනි

ජැක්සන් කියන්නෙ අපේ නාසිස්මය රෝගයේ අපේ ලකුණ. හැ`ගිමක් නැති, පුද්ගලභාවයක් නැති, අනන්‍යතාවයක් නැති, අපේ පටලැවිල්ලෙ ප‍්‍රකාශනය. ජැක්සන් දිහා බලාගෙන ඉන්නකොට මට දුක හිතුන අනිත් කාරණය ඒක. මගේ ජීවිතේ මට ගොඩක් වටින කාලයක් මේ ලෙඩක් ඇතුලෙ වැනසිලා යන එක ඇත්තටම බොන්න  ඕන ප‍්‍රශ්නයක්. මේ නාසිස්මය මහා සිංහල වසංගතය ඉවරයක් වෙලා සාටක, රජ ඇඳුම්, නාඩගම් නැති සාමාන්‍ය ජීවිතයක් අපිට කවදා ලැබෙයිද? මාධ්‍ය වලින් එලියෙ සමාජයක් විදිහට අපි ආයිමත් කවදා එකිනෙකා මුණගැහෙයිද?

ගොඩක් වයසට නොගිහින් හිටියොත් එදාට ජැක්සන්ටත් රජ වාසල කවටකමෙන් නිදහස් ලැබේවි. එදාට ජැක්සන් මෙහෙම කියාවිද?

කලකට පෙර මියැදුනාට- හතර රියනෙ වැළලූනාට
උඹෙ උත්තම රාජකීය- උණුසුම මට දැනේ තාම

උඹේ සපත්තුව වැළඳ බදා- උඹේ සබුක්කුවෙ පහර කකා
ගත කළ මනරම් සොඳුරු දිවිය ඒ -දෙවියනි මූ අද කරති නිගා
-(මෙතින්න මාරු වෙනු)-

-චින්තන ධර්මදාස
cult බ්ලොග් අඩවියෙන්