20151129

භාවනාව බ්‍රිතාන්‍ය පාසල් විෂය මාලාවට

https://www.google.com/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=4&cad=rja&uact=8&ved=0ahUKEwjFsubkz7XJAhWKco4KHdidAWAQFgg5MAM&url=http%3A%2F%2Fwww.mindfulnessfoundation.org.uk%2F&usg=AFQjCNEzuBZbn--AdEZZxTWd2ejWHO3lBw&sig2=Kx6UuMQOjpsx12OMejyh9g


බ්‍රිතාන්‍ය විෂය මාලාවටත් එක් කරයි

පාසල් ළමයින්ගේ අවධානය නිරවුල් කරගැනීමත් සිත එකඟකරගැනීමත් සඳහා උපකාරයක් වශයෙන්  භාවනාව ප්‍රගුණ කිරීම බ්‍රිතාන්‍ය පාසල් කාලසටහනට ඇතුළත් කිරීම අරඹා ඇත.

ළමා සිත්හි ඇති ව්‍යාකුල සිතුවිලි වලින් අත්මිදීම සඳහා සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමෙන් සාර්ථක ප්‍රතිපල ලබාගැනීමට හැකිවූ බව මේ පිළිබඳව අදහස් දැක්වූ ගුරුවරියක් පැවසුවේය. භාවනා වැඩසටහන් සඳහා ස්වේච්ඡාවෙන් සහභාගී වීමට සතුට පල කල සිසු සිසුවියන් කණ්ඩායමක් යොදා සිදුකළ අත්හදා බැලීමකින් ළමා සිතුවිලි යහපත් තත්වයකට හරවා ගැනීමටත් ඉගෙනීමේ කටයුතු සඳහා ඇති අවධානය සෑහෙන දුරකට වර්ධනය කර ගැනීමටත් ආතතිය අඩුකර ඉගෙනුම දියුණු කර ගැනීමටත් හැකිවූ බව ඒත්තු ගිය නිසා බාලාංශ පන්තිවල සිට සතියකට පැය භාගයක් සියලුම සිසුන්හට භාවනාව ප්‍රගුණ කරගැනීම සඳහා පන්තියක් පැවැත්වීමට ආරම්භ කල බව එම ගුරුවරිය කීවාය.
පාසල් අධ්‍යාපනයෙන් ශාස්ත්‍රීය කාර්ය සිද්ධිය ඉස්මතු කර ගැනීම ඉතාමත් වැදගත් වන බව පිළිගන්නා බවත් ඒ සඳහා භාවනා ක්‍රම උපයෝගී කරගනිමින් ධනාත්මක ප්‍රතිපල ලබාගත හැකිනම් එයද වැදගත් ලෙස සැලකිය යුතු බවත් පසුගියදා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය අධ්‍යාපන ඇමතිනි නිකි මෝර්ගන් පවසා ඇත.

භාවනාව ප්‍රගුණ කිරීමෙන් දරුවන්හට කිසියම් හෝ ගැටළුවක් ඇත්නම් එය අනුන් ලවා විසඳා ගැනීම කෙරෙහි විශ්වාශයක් තබාගෙන සිටිනවාට වඩා තමන් විසින්ම විසඳා ගැනීමට අවස්තාවක් ඇති බව ඒත්තු ගැන්වීමට හැකියාවක් ඇති බවත් සතිපට්ඨාන භාවනාව බ්‍රිතාන්‍ය පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සඳහා දැනට කටයුතු කරගෙන යන බවත් බර්ක්ෂයර් ප්‍රාන්තයේ පාසලක සේවය කරන භාවනා උපදේශක වරයෙක් පැවසුවේය.

2015 නොවැම්බර් මස 27 11:43:14 | . , තිස්ස මඩවල
https://www.blogger.com/share-post.g?blogID=7259769777226395666&postID=2021109399964862776&target=facebook 
 ============================================================================================================
ඉන්දියාවේ සහ ලංකාවේ
පාසල් සිසුන්ට ආනාපාන සති ඉගැන්වීම
මේ වන විටත් වසර ගණනාවක සිට සිදුවෙයි.

 http://www.mitraupakram.org/index.php

මිත්‍ර උපක්‍රම - 
ආනාපාන සති භාවනාව
ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පාසල් සිසු සිසුවියන්
දශ ලක්ෂ 25කට ඉගැන්වීම.

ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්තයේ පූනා නගරයෙහි පාසල් සිසු සිසුවියන්
ආනාපාන සති භාවනාව වඩන අයුරු


















බටහිර ඉන්දියාවේ මහාරාශ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් ආරම්භ කරන ලද
පාසල් සිසු සිසුවියන් දශ ලක්ෂ 25කට සහ ගුරුවරුන් ලක්ෂයකට
ආනාපාන සති භාවනාව ඉගැන්වීමේ
මිත්‍ර උපක්‍රම ඓතිහාසික වැඩසටහනෙහි අරමුණ වන්නේ
ඔවුන් වඩාත් හොඳ මිනිසුන් සහ හොඳ පුරවැසියන් බවට පත් කිරීමය.

MITRA (Mind In Training for Right Awareness) වචනයෙහි
මරාති භාෂාවෙනුත් මිතුරා යන අදහස ඇත.
මිත්‍ර උපක්‍රම මෙවැනි ආකාරයේ 
මිනිස් සම්පත් සංවර්ධනයෙහි විශාලතම වැඩ සටහනයි.
2014 අගෝස්තු වන විට මහාරාශ්ට්‍ර ප්‍රාන්තයෙහි 
විපස්සනා මධ්‍යස්ථාන 24ක් පිහිටුවා තිබිණ..

ආනාපාන සති පුහුණුව නිසා
මනස සමාහිත කරගන්නට හුරුවෙන
පාසල් සිසු සිසුවියන්ගේ සිතේ සන්සුන් බව, පැහැදිලි බව, ඍජු බව,
තමා පිළිබඳ සිහිය ආදී ගුණාංග වර්ධනය වෙයි.
කෝපයක් හෝ බියක් ඇති වෙන විට
ආනාපාන සතියෙන් ක්‍රියා කිරීම නිසා
අවස්ථානෝචිතව සන්සුන් මනසකින් ක්‍රියා කරන්නට
දරුවා හුරුවෙයි.
දරුවා  ශක්තිමත්, සන්සුන් මනසින් ක්‍රියා කරන විට
අධ්‍යාපනයෙහි, විභාග වලදී, පාසලෙහි, නිවසෙහි සහ පවුලෙහි ගැටළු වලට
වඩාත් හොඳ සහ නිවැරදි විසඳුම් සොයාගත හැකි වෙයි.
නිරන්තර ආනාපාන සති පුහුණුව නිසා
ආත්ම විශ්වාසයෙන් යුතුව හැඩ ගැසෙන දරුවා
සමාජය දෙසට තියන ආරම්භක පියවර කිහිපය
නිවැරදිව තබන්නට හුරුවෙයි.

වංචනික නොවී අප මේ තරඟකාරී ලොව ජයගන්නේ කෙසේද?

ප්‍රධාන විපස්සනා ආචාර්ය එස් එන් ගොයෙන්කා තුමා
පාසල් දරුවෙකුගේ පැනයකට පිළිතුරු දෙයි.

= යහපත්, තෘප්තිමත් ජීවිතයක පදනම වන්නේ  
වංචනික වීමට නිදහසට කරුණු නොසෙවීමය.
ඔබ කරන වැරදි වලට හේතුවක් මෙන් පෙනෙන දෙයක් සොයාගන්නට ඔබට හැකිය.
අන් සියලු දෙනා වැරදි කරමින් වේගයෙන් දියුණු වෙන නිසා ඔබත් එසේම කළ යුතු යැයි
ඔබ වැරදි සිතිවිල්ලක් ඇති කරගනු ඇත.
එසේ නොකළොත් ඔබ අතරමග තනි වෙතැයි ඔබ සිතනු ඇත.

එවැනි සිතුවිලි ඇතිවන්නේ මනසෙහි දුර්වලතාවයක් නිසා බව තේරුම් ගන්න.
පළමුව ආනාපාන සති සහ දෙවනුව විපස්සනා වැඩීමෙන්
මනස ශක්තිමත් වෙන ප්‍රමාණය නිසා
ඔබ දුරින් හෝ වංචනික, හානිකර ක්‍රියාවන්හි යෙදීමට හෝ
කූට උපක්‍රම භාවිතා කිරීමට නොසිතනු ඇත..
අවංක ලෙස සාර්ථක වීමට ඔබට හැකියාව ඇති අතර
ඔබ සාර්ථක වීමද සහතිකය.

අනික් අතට ධනවත්, ප්‍රසිද්ධ කෙනෙකු නොවුණත්
අවංක පුද්ගලයා තෘප්තිමත්ය. කාරුණිකය.
සැබැවින්ම ප්‍රීතිමත් ජීවිතයක් ගත කරන උතුම් කෙනෙකි.

ඔබ මෙතරම් ලාබාල වියේදී ආනාපාන සති ඉගෙන ගන්නේ
කිසිදු දෙයක් උදෙසා ඔබ වැරදි පාරක නොයනු සඳහාය.
 නිවැරදි අරමුණක් සඳහා හෝ වැරදි ක්‍රම භාවිතා නොකරන්න.
ධාර්මික ඉලක්කයකට ළඟාවන්නට
ධාර්මික මාර්ගයම උපයෝගී කරගන්න.
ආනාපාන සති වැඩීමෙන් අවංකව සාර්ථක වන්නට
ඔබට ශක්තිය ලැබෙනු ඇත.


ශ්‍රී ලංකාව තුළ
මේ ආකාරයට
ළමුන් සඳහා ආනාපාන සති භාවනාව ඉගැන්වීම
 
 
 

2013 මැයි 21වන දින
නාච්චාදූව සිංහල මහා විද්‍යාලයේ පැවති
ළමා ආනාපාන සති භාවනා පාඨමාලාව.





 
 
දේශනයට සහ උපදෙස් වලට සවන් දෙමින්.




========================================================

ශ්‍රී ලංකාව තුළ
පාසල් ළමුන් සඳහා ආනාපාන සති භාවනාව ඉගැන්වීම
පහත දැක්වෙන මධ්‍යස්ථානවල දායකත්වයෙන් සිදු වෙයි.





ධම්ම සෝභා විපස්සනා භාවනා මධ්‍යස්ථානය
බාලිකා විද්‍යාල පාර, පහළ කොස්ගම
කොස්ගම
Email: info@sobha.dhamma.org
Phone: [94] (36) 225-3955

================================================================

 ධම්ම අනුරාධ විපස්සනා භාවනා මධ්‍යස්ථානය

ඉච්චන්කුලම වැව පාර, කැලැත්තෑව,
කුරුන්දන්කුලම
අනුරාධපුර
Phone: [025] 222 6959
================================================================
 ධම්ම කූඨ විපස්සනා භාවනා මධ්‍යස්ථානය
මෝබ්‍රේ, මහකන්ද, හිඳගල,
පේරාදෙනිය
මහනුවර
Phone: [94](081) 2385774; (081) 3837800, Fax: [94](081) 238-5774
================================================================
වැඩිහිටියන් සඳහා
දසදින නේවාසික විපස්සනා භාවනා පාඨමාලා පැවැත්වීමද
මෙම මධ්‍යස්ථාන මගින් සිදු කෙරෙයි.

=====================================================================================================

  ආනාපාන සති භාවනාව විනාඩි දහයක් ප්‍රායෝගිකව වඩන්න


Practice Session (10 mins - audio only)


.
 Play and Practice for 10 minutes
https://www.blogger.com/share-post.g?blogID=7259769777226395666&postID=2021109399964862776&target=facebook