20160609

VFM විවාදයේදී මා අතින් වූ වරදක්.... -සමාවෙන්න.


මා අතින් වූ වරදක් පිළිබඳව
වෛද්‍ය ශිෂ්‍ය චමිල ජයසේකර මගේ අවධානය යොමු කළා.
----- අතුල සිරිවර්ධන -----




Chamila Jayasekara

ඔබ තුමා vip සාකච්චාවේදී කියනවා, රහත් බව ප්‍රකාශ කිරීමේ වැරද්දක් මම දකින්නේ නැ කියලා .... එත් බුදු හමුදුරුවෝ රහත් බව, උපසම්පදා බික්සුන්ට හැර වෙනත් අයට ප්‍රකාශ කිරීමෙන් වලකින්ට කියලා විනය සික්ෂාපදයක් දාලා තියනවා .... ඉතින් ඔබ තුමා එහෙම කියන්නේ බුදුහාමුදුරුවන්ටත් වඩා දන්න නිසාද?

 ================================
 Athula Siriwardhane
ඔව්. ඔබ හරි.. Chamila
සමාවෙන්න.

මම ඒ ප්‍රකාශය වැරදි බව පිළිගන්නවා.
 අදාළ සියලු දෙනාගෙන් සමාව අයදිනවා.

මම රේරුකානේ හිමියන්ගේ
උපසම්පදා ශීලය පොත
නැවත බැලුවා.
85 පිටුවේ මෙසේ සඳහන් වෙනවා.
" සත්‍යවශයෙන් ඇත්තාවූ
උත්තරී මනුෂ්‍ය ධර්මය වුවද
උපසම්පන්නයෙකුට මිස
අනුපසම්පන්නයන්ට නොකිව යුතුය."
අනුපසම්පන්නයන් වන  
සාමණේර භික්ෂූන්ට හෝ ගිහියන්ට
උත්තරී මනුෂ්‍ය ධර්ම වූ ධ්‍යාන මාර්ග ඵල ආදිය ප්‍රකාශ කිරීමෙන්
පචිති ඇවැත් වේ.
තමාට නැති උත්තරී මනුෂ්‍ය ධර්මයන්
තමා තුළ ඇතැයි අධිමානයෙන් පවසන අයට
ඇවැත් නොවන බවත් එහි සඳහන් වේ.

අවධානය යොමු කිරීම පිළිබඳව
චමිල ජයසේකරට
අනේක වාරයක් ස්තූති කරනවා.
VFM විවාදයෙ ශ්‍රව්‍ය - දෘශ්‍ය පිටපත් තුනක්
Youtube එකේ පළ වෙලා තියනවා.
පිටපත් තුනම අහපු බලපු වාර ගණන එකතු කළ විට
2016 06 09 දිනට වාර 25,000ක් ඉක්මවා ගිහින්.
නොදැනුවත්ව හෝ මා අතින් වරදක් වුණාම
ඇසූ නැරඹූ අයට දැනුම් දීමට මම වගකීමෙන් බැඳී ඉන්නවා.
ඒ නිසා අදාළ සියලු තැන්වල
මේ ප්‍රකාශය පළ කරන්නටද කටයුතු කරනවා.

මගේ ප්‍රකාශයක වරදක් ඇත් නම්
පදනම් සහිතව පෙන්වා දෙන අයට
ස්තූති කරනවා.

බුදුන් වහන්සේ වදාළ දෙයක් කියන විට
මා අතින් වරදින්න පුලුවන්.
ඒත් උන් වහන්සේගේ ප්‍රකාශ
හිතා මතා වෙනස් කිරීමක්
කිසි විටක සිදු නොකරන බව කිව යුතුයි.
.
 උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රකාශ කිරීම පිළිබඳව
රේරුකානේ හිමියන්ගේ " උපසම්පදා ශීලය " පොතෙන්
 අදාළ පිටු පහත දැක්වේ.

=================================================
සංවාදය නරඹන්න.
https://youtu.be/TR1LiI8lVXo

සංවාදයට සවන්දෙන්න.
https://www.youtube.com/watch?v=WOyMnBeD45E


උත්තරී මනුෂ්‍ය ධර්මයන් ප්‍රකාශ කිරීම
පිළිබඳව අදාළ පිටු
රේරුකානේ හිමියන්ගේ " උපසම්පදා ශීලය " පොතෙන්.



---------------------------------------------------------------