20170613

අනුර කුමාර පාදෙණියලාගේ පෞද්ගලික අධ්‍යාපන ප්‍රතිපත්ති නිරුවත් වෙද්දී...

මුදල් ගෙවා ඉගෙන ගන්න කැමති
කසුන් දිසානායක වගේ දරුවන් සහ
දරුවට මුදල් ගෙවා උගන්වන්න කැමති
අනුර කුමාර වගේ තාත්තලාත්
දහස් ගණනක් ඉන්න රටක වැසියෙක් විදියට
පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය  ගැන
මගේ ප්‍රතිපත්තිය ඉතාම පැහැදිලියි.

රජයේ වෛද්‍ය පීඨවලට
සිසුන් තෝරගන්නා එකම ක්‍රමය
කුසලතා අනුපිළිවෙල නොවෙයි.

කුසලතා අනුපිළිවෙළ අනුව සිසුන් තේරීම
රජය භාවිතා කරන එක ක්‍රමයක්.

වෛද්‍ය අධ්‍යාපනයට
කුසලතාවය අනුව තෝරන්නේ
 සියයට හතලිහක් විතරයි.
.
තවත් විකල්ප මාර්ග දෙකකින්
රජය වෛද්‍ය ශිෂ්‍යයන් බඳවා ගන්නවා.

40%ක්  ලකුණු අනුව කුසලතා අනු පිළිවෙළට
55%ක් ජන අනුපාතය සහ පහසුකම් අනුව
05%ක් අති දුෂ්කර පළාත් වල සිසුන්.

සයිටම් විරෝධයෙන්
විවාදයට ලක් වෙන්නෙ
මුදල් ගෙවා ඉගෙන ගැනීම නම්
හතරවෙනි විකල්පයයි.

නොමිලේ අධ්‍යාපනය
දුප්පතුන් සඳහා තිබේවා.
ස්වකීය වියදමෙන්, බැංකු ණය මගින්,
අනුග්‍රාහක සමාගම් මගින් වියදම් සොයාගෙන
වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන විකල්ප
රටකට අවශ්‍යයි.

සිය වැටුපවත් හරි හැටි නොගන්නා
ජවිපෙ මන්ත්‍රී කෙනෙකුටත්
තමන්ගේ දරුවාට
පුද්ගලික අධ්‍යාපනය දෙන්න පුලුවන්.

මුදල් ගෙවා ඉගෙන ගන්න කැමති
කසුන් දිසානායක වගේ දරුවන්ටත්
දරුවට මුදල් ගෙවා උගන්වන්න කැමති
අනුර කුමාර වගේ තාත්තලාටත්
ඒ අවස්ථාව විවෘත විය යුතුයි.

ඒ ප්‍රතිපත්තියෙ සාධාරණත්වය තමයි
අනුර කුමාර, කසුන් දිසානායකලා
කසුන් දිසානායකගෙ සාර්ථක ජීවිතයෙන්
පොදු සමාජය හමුවේ ඔප්පු කරල තියෙන්නෙ.
තම දරුවා ආදරෙන් ඇති දැඩි කරලා
රජයෙන් උගන්වන්නෙ නැති දක්ෂ දරුවාට
පවුලම වෙනුවෙන් තමන් උපයාගත්ත සල්ලි වලින් හෝ
වෙනත් හැකි ආකාරයකට මුදල් ලබාගෙන උගන්වලා,
හොඳ රැකියාවක් සොයා දීල
හොඳ විවාහයක් කරල දෙන්න
අනුර වගේම අනික් දෙමව්පියොත් කැමති.

තමන්ගෙ පුතා වෛද්‍ය විද්‍යාලයට ඇතුල් කළ
අතළොස්සක් දෙමව්පියනුත් අනුර වගේම
තමන්ගෙ ප්‍රශ්නය විසඳාගත් පිරිසක්.
වෛද්‍ය ශිෂ්‍යයෝ කසුන් දිසානායක වගේ
තමන්ගෙ ප්‍රශ්නය විසඳාගත් පිරිසක්.

දරුවට උගන්වන්න මුදල් තියන දෙමාපියන්ට
සහ ඔවුන්ගේ දරුවන්ට ඇති අයිතිය අහෝසි කරලා
තමන්ගෙ වෙළඳ පොළේ තරඟකාරිත්වය
අද වගේම අනාගතයටත් තියන්නෙ
වෛද්‍ය අධ්‍යාපන වරම ලද අතළොස්ස
අද නොනිමෙන සටනකට බැහැලා තියෙනවා.

එක පැත්තකින් ඔවුන් සමග සටන් බිමේ ඉන්නෙ
තමන්ගෙම ප්‍රතිපත්තිවලට පටහැණිව
තමන්ගෙවත් නොවෙන තම බිරිඳගෙ දරුවාට
"තමන්ගෙ වියදමෙන්" පුද්ගලිකව උගන්නාපු අනුර.

අනෙක් පැත්තෙන් ඉන්නෙ
ජනතා මුදලින් ඉගෙන ගෙන
මුදලට ඒ අධ්‍යාපනය විකුණමින්
තමන් පෝෂණය කරන සිවිල් බලය මත
ටෙලිෆෝන් බිල පවා අපෙන් අයකරගන්නා
කුම්මැහි රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය.

හැට්ට කටුවටත් වර්ජනය කරන්න
වර්ජනය මේ තරම් පහත් මට්ටමකට වැටුණෙ ඇයි.
ප්‍රධානම හේතුව ඔවුන්ට නැති වෙන දෙයක් නෑ.
ඔවුන් ඇත්තටම වර්ජනය කරන්නෙ 5%ක් පමණයි.
ඒ වර්ජනය රටටම දැනෙන්නෙ ඒ පහර වදින්නෙ
සමාජයෙ නරකම නිලයක් වන
අන්ත අසරණ දුප්පත්ම බාහිර රෝගීන්ට නිසයි..

මතු අනාගතයෙ දවසක මේ වෛද්‍ය සංගමයට
වැසිකිළි කඩදාසිත් ජනතා බදු මුදලින් අරන් දෙන්න
බාහිර රෝගී අංශයට එන අන්ත අසරණයා වෙනුවෙන්
මේ රටේ පොදු ජනතාවට කැමතිවෙන්න වේවි.

පුද්ගලික රෝහල් වලිනුත් නිතිපතා ලක්ෂ ගණන් උපයන
ඔවුන්ගේ මුළු ජීවිතයම ජනතා මුදලින් නඩත්තු කළ යුතුද?
ජනතා මුදල් වලින් සබන් දත් බෙහෙත් පවා අරන්
අතේ ඉතිරි කරගන්න සල්ලි වලින් වෛද්‍ය සංගම් ලොක්කා
පවුල පිටින් ඇමරිකාවෙ ඩිස්නිලන්තය බලන්න යාවි.

උපයන මුදලින් භෝග සුඛය විඳීම පාපයක් නොවෙයි.
ඒත් ඒ සැපතට මාර්ගය තව දහස් ගණනාවකට වහලා
ඒ මුදල ඉපයීම පාපයක්.

වෛද්‍ය ක්ෂේත්‍ර සාමාජිකයන්ටත්
සුර සිහිනය විකුණලා ඔවුන් ලබාගන්නා ලාභය
ඔවුන්ගේ සටන තව තවත් ශක්තිමත් වීමයි.

වෛද්‍ය පීඨ අටක වෛද්‍ය සිසුන් රැසක්
ඔවුන්ගේ දෙමාපියන්ගෙත් අනුමැතිය සහිතව
අධ්‍යාපනය වර්ජනය කරගෙන පාරට බහින්නෙ
රජයේ වෛද්‍ය සංගමයෙ සිහිනවලින්
ඔවුන් මෝහනය වීම නිසයි.

රජය මහපොළ ගෙවන්නෙ නෑ කියන විට
ඔවුන්ගෙ සිහින මොහොතකට අහිමි වෙලා
රජයට ආඩාපාලි කියන්නෙත් ඔවුන්මයි.
මහපොළ නැත්නම්
ජීවත් වෙන්නවත් බැරු වෛද්‍ය සිසුන්
මාස ගණන් පන්ති වර්ජනය කිරීම
ඔවුන්ගෙ උසස්පෙළ දනුමට නොගැලපෙන
බොළඳ වැඩක්.

අද තමන් දරිද්‍රතාවයෙන් පුළෙන නමුත්
අද රජයේ වෛද්‍ය සංගමය විඳින සැප සම්පත්
තමන්ගෙ දරුවන් සහ තමන් විඳිනවා කියන
දැඩි විශ්වාසයෙන් පෙළෙන සිසුන් සහ දෙමාපියන්
දරුවන්ගෙ අනාගතය බිල්ලට දීල කඳුලු ගෑස් කද්දි
අනුර වගේ නිර්ධන පන්තියට ද්‍රෝහි වෙන අය සමග
සංගමයෙ රජයේ වෛද්‍යවරු සව්දිය පුරනවා.

උසස් පෙළ ප්‍රතිඵල හැර වෙනත් කිසිදු අයුරකින්
තමන් වෛද්‍යවරු වෙන්න සුදුසු බව නොපෙන්වූ
සමාජයෙ ඉන්න දක්ෂයන් ඉතාම සුළු පිරිසක්
වෛද්‍ය අධ්‍යාපනය සඳහා වරම් ලබාගන්නවා.

මේ පිරිස අතර වෛද්‍ය නාමල් ගමගේ වැනි දෙවි වරුත්
රෝගියාත් විනාශ කරන වෛද්‍ය සුදර්ශන බාලගේ වැනි
මිනීමරු ස්ත්‍රී දූෂකයන්ද ඔවුන් අතර ඉන්නවා.
මේ දෙපිරිස වෙන් කරගන්න නිර්ණායක ඇත්තෙ නෑ.
නීතිය හමුවට එන්නෙ නැතුව රිංගලා යන්න
සිදුරු දහසක් තියන වෛද්‍ය ක්ෂේත්‍රයට
අපරාධකරුවෙක් වෛද්‍යවරයෙක් වීම
ලොකු ගැටලුවක් නොවෙයි.

අපේ වගේ බුද්ධි හීන බහුතර ජනතාවක් ඉන්න
තුන්වෙනි ලෝකයේ නොදියුණු ගෝත්‍රික රටක මිනිස්සු
තමන්ගෙ ප්‍රශ්නෙකට ඇරෙන්න ඇහැක් ඇරලා බලන්නෙ නෑ.
ඒ මන්දබුද්ධික නිවට බියගුළු මානසිකත්වයෙන්
උපරිම ප්‍රයෝජනය ගන්නා වෛද්‍ය පෙළැන්තියේ
පාතාල මානසිකත්වය ඉතා සියුම් විදියට
රටේ සිවිල් බලය අත්පත් කරගන්නවා.

පොඩි ඉන්ජෙක්ෂන් එකකින් සිහිය නැති කරනවා වගේ
සියයට පහක වර්ජනයකින් ජනතාව මෙන්ම
රජයත් අපහසුතාවයට පත් කරන්න
රජයේ වෛද්‍ය සංගමය සමත් වෙලා තියනවා.

බාහිර රෝගී අංශයට එන ජනතාව දුක් වින්දාට
පුද්ගලික රෝහලකට එන්නෙ නැති බව කවුරුත් දන්නවා.
බාහිර රෝගීන් කියන්නෙ
පෞද්ගලික ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට
පාඩුවක් නැතිව නොසලකා හැරිය හැකි නියැදියක්.

වියදමට මුදල් ඇති නමුත් රජයේ රෝහලට එන
මධ්‍යම පාන්තිකයා පෞද්ගලික රෝහල් වලට
වර්ජනය මගින් යොමු කර ගත්තොත්
යම් පිරිසක් ඒ පුරුද්දට ඇබ්බැහි වේවි.

වර්ජනය කිරීමෙන් සිවිල් බලයත් තහවුරු කරගෙන
තමන්ගෙ හැට්ට කටුව, කොණ්ඩ කටුව දිනා ගනිද්දි
පුද්ගලික රෝහල්වල ආදායමත් ඉහළ නැංවීම
රජයේ වෛද්‍ය සංගමය ලබන ඍජු ජයග්‍රහණ.

පහු ගියකාලෙ
සයිටම් විරෝධය දඩමීමා කරගෙන
වර්ජන කරපු රජයේ වෛද්‍ය සංගමය
සයිටම් මී වදය
මාසෙ ගාණේ කඩන්න පටන් ගත්තේ
අත ලෙවකන්න නොවෙයි.

මැයි සංකේත වර්ජනය අසාර්ථක නොවුණා නම්
ඔවුන් පෙරුම් පිරුවේ අඛණ්ඩ වර්ජනයකටයි.

කරන කලට නම් මීරිය මී සේ කියල
බුදුන් වහන්සේගේ ප්‍රකාශය
අනුර කසුන් දෙදෙනාත් ජවිපෙත් අන්තරේත්
කසුන්ගේ විවාහ මංගල්‍යෝත්සවය හරහා
ඔවුන්ගේ අනුගාමිකයන්ට වගේම
රටේ පොදු ජනතාවටත් පෙන්වා දුන්නා.

හින්දි චිත්‍රපටයක තියන දර්ශනයක් වගේ
හැඟීම් බර ආකාරයට අනුරගෙ කතාව ගෙතූ
සොබා දහමට අපි ස්තූති කරනවා.

අනුරගේ අසම්මත සුළු මව් විවාහයත්,
කසුන්ගේ සම්ප්‍රදායික විවාහයත්,
අනුරගේ නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තියත්
කසුන්ගේ අධ්‍යාපනයට නිදහස ප්‍රතිපත්තියත්
දුම්බර රටාවක් මෙන් සුන්දරව ලියා නිමවන්න
අභව්‍ය සිදුවීම් වලට දක්ෂ සොබා දහමටම හැර
ලෝකෙ ඉන්න දක්ෂම තිර කතා රචකයාටවත්
මේ තරම් විශ්වාසනීය ලෙස , නාට්‍යමය ලෙස
ලියා රඟ දක්වන්න පුළුවන් වෙන්නෙ නෑ.

නොමිලේ ලබා ගත්ත වෛද්‍ය අධ්‍යාපනය
ඒ අධ්‍යාපනයට වියදම් කරපු මිනිසුන්ගෙ
අන්ත අසරණම කොටසට විතරක් වර්ජනය කරමින්
සෙසු ජනතාවගෙ මුදලට ඒ අධ්‍යාපනය
පෞද්ගලික රෝහල් හරහා මුදලට විකුණන නමුත්
ආදායම් බදු ගෙවන්නත් ඔවුන් කමති නෑ.

සයිටම් විරෝධී වෛද්‍යවරු
අමතර මුදල් බැංකුවල ස්ථිරව තැන්පත් කරගෙන
තමන් වර්ජනය කරපු අසරණයන්ගෙ මුදලෙන්ම
තමන්ගෙ දරුවන්ටත් නොමිලේ අධ්‍යාපනය දෙන
කෝටිපති වෛද්‍ය පෙළැන්තියත් මේ තිත්ත ඇත්ත
දවසක අනුර- කසුන් වගේ තේරුම් ගත යුතුයි.
ඒ වගකීම සොබා දහමට භාරයි.

අපිරිසිදු චේතනා පරදවන සොබා දහම
ඉවසීම බිඳගත් අවස්ථා දෙකක් අපි දුටුවා.

ලංකාවේ සමස්ත ජනතාව ඉදිරියෙ
වෛද්‍ය පාදෙණියගේ රෙද්ද රන්ජන් ගැලවීමත්
අනුර කුමාරගේ රෙද්ද කසුන් විසින්ම ගැලවීමත්
අහඹු හුදෙකලා සිදු වීම් නොවෙයි.

සියල්ල හෙළි වීමෙන් පසුව
වෛද්‍ය පාදෙණිය පල්ල නැති බේසමෙන් හෝ
තම නිරුවත වසා ගන්න උත්සාහ කළා.
බේසමේ පල්ල තියනවා කියා
ඔහු හිතාගෙන ඇති.

අනුර කුමාර එළියට බහින්නවත් ලැජ්ජාවෙ සැඟවිලා.
නැත්නම් රටෙනුත් පැනලා ගිහින්.
ජනතාව ඉදිරියට ඇවිත් කියන්න දෙයක්
අනුරට ඇත්තෙම නැතුව ඇති.
ජවිපෙ පාක්ෂිකයන් විසින් හැමදාම කළාක් මෙන්
සමාජයෙ ඉන්න ඔවුන් අදහන අතළොස්ස රවටන්න
එකක් පස්සෙ එකක් බොරු ගොතමින් ඉන්නවා.

අනුර මාධ්‍ය ඉදිරියට එන දවස වෙනතුරු
ආපදාවකදි ජනපති ජාතිය අමතනවා වගේ
කුතුහලයකින් රටම බලා ඉන්නවා.

පුද්ගලික අධ්‍යාපනය පිළිබඳව
ජවිපෙ ප්‍රතිපත්තිය අනුර නොපිළිගන්නෙ ඇයි?

තමන්ගේ නොවෙන තම බිරිඳගේ දරුවා නිසා
තමන් ඒ ප්‍රතිපත්තිය බිඳින ගමන්
තමන්ගේ දරුවන්ට තමන්ගෙ මුදලින් උගන්වන්න
ඇති අයිතිය භාවිතා කරන අනුරලා සහ
සංගමය හොබවන කෝටිපති වෛද්‍ය පෙළන්තියෙන්
අනුර භාවිතා කරන අයිතිය අයිතිය හිඟන්නට
රටේ ජනතාවට අද සිදු වී තියෙනවා.

රටේ අනිත් දෙමාපියන් සංහතියම මත
තමන් නොපිළිගන්නා ප්‍රතිපත්තියක් පටවන්න
වෛද්‍ය සිසුන්ගේ ඉගෙනීමත් නවත්තලා
ජවිපෙ ඔවුන් පාරට බස්සන්නෙ ඇයි.?

අනුර මේ ප්‍රශ්න වලට දෙන පිළිතුරු මොනවාද?

පව් කරන්නා කරන මොහොතෙත් විඳවනවා.
පසුවත් විඳවනවා.
ඒ නීතිය සොබා දහමෙ නීතියක්.
පව් කරන වෛද්‍ය සිසුන් විඳවනවා.
පව් කරන දෙමාපියන් විඳවනවා.

මේ දෙපිරිස අතර ඉන්න සැබෑ සයිටම් විරෝධීන්
මානසිකව විඳවන ප්‍රමාණය වැඩියි.
ඔවුන් සයිටම් විරෝධයෙන් දැවෙනවා.
උද්ඝෝෂණ වර්ජන කරමින් දවෙනවා.
ඔවුන් ලබන පරාජයන්ගෙන් දැවෙනවා.

අනාගත වෛද්‍යවරු දහස් ගණනකගේ
අධ්‍යාපන විකල්ප මාර්ගය
වසා දමන පාපයට
අපිත් අනුබල දිය යුතුද?