සොඳුරු මිනිසුන්ද මිය යයි...
එහෙත් අප මිය යන තුරුම
අප අතරම රැඳෙයි...
පහතින් දැක්වෙන්නේ
හේම නලින් ගැන ජැක්සන්ගේ පසුවදනයි.
අපට නොපෙණුනු කෝණයකින් ඔහුට පෙනුණ
හේම නලින් දකින්නට රිසි අයට...
එහෙත් අප මිය යන තුරුම
අප අතරම රැඳෙයි...
පහතින් දැක්වෙන්නේ
හේම නලින් ගැන ජැක්සන්ගේ පසුවදනයි.
අපට නොපෙණුනු කෝණයකින් ඔහුට පෙනුණ
හේම නලින් දකින්නට රිසි අයට...
සුභාවිත භාෂාලංකාරිකයා හේම නලින් ....
"සුවෙන් සැතපී ගිහින් එන්න"...
හෙතෙම මගේ මාධ්‍ය සගයා විය. මෙරට රූපවාහිනී ඉතිහාසයේ ජනකාන්ත පූරකවරු දෙදෙනෙක් එකම රූපයක සිට ජාතික සංස්‌කෘතික සහ සමාජයීය ඉසව් ගණනාවක් ආවරණය කළේ නම් ඒ මා සහ හේමනලින් කරුණාරත්න බව මේ රට ටෙලිවිෂන් ප්‍රේක්‌ෂකයෝ දනිති. එකල අප දෙදෙනා කොතෙක් ද්විත්ව පූරක මෝස්‌තරයක් වූවේද යත් අපේ උච්චාරණ ඉංගිත විසුළු උපහාසයට පවා ලක් කරමින් ගුණාත්මක නාට්‍ය කාරයෝ තම නාට්‍යවල චරිත නිරූපණ ද සකස් කර ගත්හ.
මම හේම නලින්ට වඩා වසරක දෙකක වැඩිමහල් කමක් දැරුවෙක්‌මි. එහෙයින් ජාතික රූපවාහිනියේ මගේ පූරකවරය ඔහුට වඩා ඉස්‌සර විය. ඒ වනවිට අපට රූපවාහිනී පූරක පරමාදර්ශයකට සිටියේ ප්‍රේමකීර්ති ද අල්විස් නම් සොඳුරු ගුරුවරයා පමණි. මට "ආයුබෝවන්" පීඨිකාවේ එතුමන්ගේ හව්හරණය හිමි විය. එකල නලින් මට මුණ ගැසෙන්නේ රූපවාහිනියේ සහායක වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සිටියදීය.
එකල එතුමන් 9.05 වැඩසටහන ඇරඹීය. මම ඒ තුරුණු පරිසමාප්තිය තුළ ලාංකේය මාධ්‍ය අනාගතයේ ගුණෝත්තර ආලෝක ධාරාවක් දුටුවෙමි. ඊට පසු සතියක මට නලින් මුණ ගැසුණේ බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබූ කේමදාස පදනමේදීය. මම කේමදාස පදනමේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට රසවින්දන දේශන පවත්වමින් සිටියෙමි. නලින් ප්‍රේමසිරි කේමදාසයන්ව හමුවීම සඳහා එහි පැමිණ සිටියේය. මා ඔහුගේ සුරත ගෙන "මම 9.05 බැලුවා. ඔයාට වැඩේ අහු වෙලා තියෙනවා" යෑයි කීවෙමි. එහිදී මම එතුමන්ට 9.05 හි මා දුටු සුභවාදී පූරක ඉංගිත බොහොමයක් පැහැදිලි කළෙමි. ඉතා නිහතමානීව සහෝදරකමකින් මා වැළඳ ගත් ඔහු මා වැනි සමකාලීන මාධ්‍ය සගයකුගෙන් ලත් ඊර්ෂ්‍යාවෙන් තොර ඇඟයීම තමන්ට බොහෝ වටනේ යෑයි උදම් ඇනීය.
නලින්ට "වැඩේ අහු වෙලා තියෙනවා" යෑයි මා කීවේ බොහෝ තේරුම් ඇතිවයි. ඔය වකවානුව වනවිට ශ්‍රව්‍ය දෘශ්‍ය පූරකවරය පිළිබඳ ලංකාවේ මාධ්‍යකාරයන් අතර බොහෝ අත්හදා බැලීම් සිදුවෙමින් පැවතින. නිවේදක සහ පූරක (Announcer Presenter) යන විධි ක්‍රම දෙක වෙන් කොට හඳුනා ගන්නට අපට බොහෝ කාලයක් ගත විය. Announcer ට නිවේදක කියා වචනයක් තිබුණ ද ඉංග්‍රීසියෙන් Presenter යන වචනයට කියන සිංහල වචනයක් ඒ දිනවල සකස් වී තිබුණේ ද නැත. Presenter යන ඉංග්‍රීසි වචනයට උචිත සිංහල නම "පූරක" විය යුතු යෑයි අපේ ජන රඟු මඬලින් උකහා ගෙන, එය ඒ දිනවල රූපවාහිනියේ වැඩසටහන් පිළිබඳ අධ්‍යක්‌ෂ ජනරාල් ධුරය දැරූ හෙන්රි වර්ණකුලසූරිය මහතාට යෝජනා කළේ ද මවිසින් බව තවමත් කවුරුත් නො දනියි. ඒ සඳහා අලුත් වචනයක් තනා ඉදිරිපත් කෙරුණේ ද අදට ඉතා මෑත කාලීනව මහාචාර්ය සමන්ත හේරත් විසිනි. ඔහු සකස් කළ වචනය සම්ප්‍රවේෂක යන්නයි.
හේම නලින් 9.05 මුල් කොට ගෙන පූරකවරයට හෙවත් සම්ප්‍රවේශක වරයට බොහෝ ඉංගිත ඉදිරිපත් කරමින් සිටියේය. පළමුවැන්න හේම නලින්ගේ තිබූ මුකරි ප්‍රසන්නතාවයි. ඔහු පුහුණු වෘත්තීය රංගධරයකු තරම් කායමෘදු (Body Relaxation) බවකින් පීඨිකාවට අවතීර්ණ වෙයි. නලින්ගේ පූරක පිටපත ඔහු තුළම නිධිගතව දිය වී යනවා මිස ප්‍රේක්‌ෂකයන්ට එහි පිටු අකුරු නො පෙනේ. ඔහුට එක වචනයක, රේපයක, ඇලපිල්ලක, විරාමයක වරදක් සිදුවන්නේ නැත්තේ ඔහුගේ මුකරි පරිසමාප්තිය කායමෘදු ප්‍රසන්නතාවකින් තම අධ්‍යාත්මය තුළට අන්ත(කරණය කොට ගෙන සිටින නිසාය.
එසේ සිදුවන්නට නම් පූරකවරයා අත්‍යන්ත වාග් කෝෂයක උරුමකරුවෙකු වී සිටිය යුතුය. නලින්ගේ වාග් කෝෂය, වර්ණනා විෂය ක්‍රාන්ත සහිත දුෂ්කර බන්ධනයක් නොවේ. නලින් හසුරුවන්නේ සරල සුන්දර සුභාවිත බස් වහරයි. සුභාවිත යනු හොඳින් භාවිතා වන සහ වැඩියෙන් භාවිතා වන යන අරුත් සහිත වචනයි. වැඩියෙන් භාවිතා වනවිට එය සරල වෙයි. හොඳින් භාවිතා වන්නේය යනු, එය සුන්දර සහ සුගම බස් වහරක් යෑයි කීමයි.
"උඹ භාෂා වාදකයෙක්" යෑයි මම පසුගිය දවස්‌වල ඔහුට ආදරයට කියා ඇත. එවිට ඔහු මා දෙස සුපුරුදු සෝපාස සිනහව මවාගෙන යටැසින් බලයි. ප්‍රවීණ වාදකයා රසාතලයේ තත් සකස් කර ගන්නා සේ, සුගම භාෂා වාදකයා තම භාවිත වදන් ශ්‍රැති ගත කොට මෙහෙයවයි. නලින්ට සඳැස් සහිතව කතා කළ හැක්‌කේ ඒ නිසාය. ඔහු කතිත වැකියේ අන්වය කවියක් සේ සකසයි. මේ ධාරාවේ ගමන් ගත් නලින්ගේ අනුප්‍රාප්තිකයෝ පසු කාලීනව ප්‍රවෘත්ති නිවේදනයන්ගේ ද බස, විරිත් සහිතව අනුත්ප්‍රාස ගත කළේ ඒ නිසා යෑයි මම සිතමි. හේම නලින් කරුණාරත්නයන් කාරක කොට ගෙන ලාංකේය සංගීත සංස්‌කෘතියට ඉමහත් සේවයක් සිදුවුණි.
ඒ ප්‍රාසාංගික ටෙලිවිෂන් ගීතය සොයා ගැනීම පිළිබඳ ජාතික රූපවාහිනිය තුළ විවිධ පර්යේෂණ සිදුවෙමින් පැවති යුගයයි. මෙරට සංගීත රසිකයා හුරු වී සිටි සංගීත සංදර්ශන පටිපාටිය යාවත්කාලීන කරමින් අබේවර්ධන බාලසූරිය මැතිඳුන් විසින් "නන්දන වින්දන" නම් ජනප්‍රිය වැඩසටහන පැවැත්වීය. ඊට සමාන්තරව බාහිර පටිගත සංගීත රූපය සොයා වෙහෙසුණේ රවීන්ද්‍ර මුණසිංහයි. ඔහු විසින් අධ්‍යක්‌ෂණය කෙරුණු මනෝහාරි සහ නඳුන් උයන යන ජනප්‍රිය වැඩසටහන් ඊට උදාහරණයි.
උක්‌ත සම්ප්‍රදායන් දෙකටම අයත් නොවන විධි ක්‍රමයකින් මේ වකවානුව තුළ හේම නලින් විසින් අත ගැසුණු සංගීත මෙහෙයුම් ලාංකේය සංගීත ක්‍ෂේත්‍රය තුළ අද දක්‌වාම යාවත්කාලීන වෙමින් පවතියි. "ආනන්ද රාත්‍රී" සහ " මින්දද හී සර" ඒ අතරින් අපේ මතකයෙන් ඉවත්ව නොයන පුරෝගාමී අත්හදා බැලීම් දෙකකි. 'ආනන්ද රාත්‍රී' මැදිරි නිෂ්පාදනයකි. අද කාලයේ අතැඹුලක් වී තිබෙන ක්‍රෝමා කී බඳු ඩිජිටල් තාක්‌ෂණික පොහොසත්කම් ඒ දිනවල මේ තරුණ නිර්මාණ ශිල්පීන්ට මහෝපකාරී විය. ඒ දිනවල නලින්ගේ කණ්‌ඩායමේ සිටි කැලුම් පාලිත, උපාලි ආරිsයසිරි සහ කෝසල මකුලො`ඵව මේ ප්‍රවණතාව තව තවත් දියුණු කර ගනිමින් ලාංකේය සංගීත රූපය පෝෂණය කළෝය.
" මින්දද හී සර" නිසා අමර ගීතය මෙන්ම අමරදේවයන් ද ආයූ වඩා ගත්තේය. අධි සංවේදී ගාන්ධර්වයකු වන ගුරු අමරදේවයන් කිසියම් සමාජ කලකිරුමකින් චිත්ත වික්‌ෂෝභයකට පත්ව දරුණූ මානසිත ආතතියකින් ඔත්පළව දිවි ගෙවූ යුගයකය හේම නලින් " මින්දද හී සර" නම් සංගීත පර්යේෂණයට අතගැසුවේ. මම ඒ යාතුකර්මයේ සහභාගි නිරීක්‌ෂකයෙකු වී එදා එල්µsන්ස්‌ටන් රඟුහලේ රැඳුනෙමි. එහි ගෞරවනීය ආරාධිතයා වූ ගුරු අමරදේවයන් සෙනේබර විමලාවන් සමග රඟුහලට ඇතුල් වූයේ ද ඔත්පළ කාය මනසකින් යුතුවයි. අප එතුමන්ව ශාලාවේ සැතැප්පවූයේ හාත්පස තතු නො දත් නිර්වින්දිත ගිලන් බවකින් යුත් රෝගියකු පරිද්දෙනි. හෙළයේ මහා ගාන්ධර්වයාගේ වර්තමාන පැවැත්ම පිළිබඳ මුළු නුවරම දුක්‌බර වූ රාත්‍රියේ හේමනලින් " මින්දද හී සර" ආරම්භ කළේය. ශක්‌ති වාද්‍ය වෘන්දයේ නව සංගීත රටා අතරින් ගලා ගිය භද්‍ර ප්‍රසංගය අතර වාරයේ ගුරු අමරදේවයෝ පුෂ්කරනියේ අරවින්දයක් සේ පිපී ආවේය. අමරදේවයන් අරභයා මෙරට මාධ්‍යයක් සිදුකළ එකම අවංක අභිචාරය හේම නලින් නිර්මාණය කළ "මින්දද හී සරය" යෑයි මම ඔහුට කියා ඇත්තෙමි.
සහස්‍රකය උදා වෙද්දීම නලින් පැදවූ "සහස්‍ර යාත්‍රාවේ" රුවල් හිල් කළ රූපවාහිනී පරිපාලකයෝ මේ කෘහස්‌ත සෞන්දර්යවේදියා සහිත ඔහුගේ කණ්‌ඩායම මහගෙදරින් නෙරපා දැමීය. එහෙයින් ඔවුහු ගොස් වෙනත් ඉවුරුවල රාජධානි පිහිටුවා ගත්තෝය. මා හේම නලින් හා බඩ බැඳගෙන එක පතේ කන්න පටන් ගත්තේ එතැන් සිටයි.
එච්. ඩී ප්‍රේමරත්නයන්ගේ ආරාධනාවෙන් සවන ගුවන්විදුලියේ සිට මා ස්‌වර්ණවාහිනිය වෙත අනුයුක්‌ත කරන විටත් නලින්ගේ යාත්‍රාව ස්‌වර්ණවාහිනියේ නැංගුරංලා තිබිණි. නලින් සමග කැලුම්, උපාලි, කෝසල යන පිරිවරම ඒ ඉවුරේ සිටීම මගේ ආස්‌තානයට මහත් ආශ්වාදයක් යෑයි මම සිතුවෙමි. ම විසින්ම යෝජනා කෙරුණු 'නිර්මාණ අධ්‍යක්‌ෂ' යන අලුත් තානාන්තරයෙන් මම එහි ස්‌ථාපිත වූයෙමි. ඒ වනවිට මාධ්‍ය පරිපාලනයේ එනමින් තානාන්තරයක් තිබුණේ නැත.
අප ස්‌වර්ණවාහිනියේ කටයුතු පටන් ගත්තේ ඒ ආයතනයට නව තේමා පාඨයක් ද අන්තර්ගත කිරීමෙන් පසුවයි. "ශ්‍රී ලාංකේය අභිමානය" යන අදත් භාවිතා කරන ස්‌වර්ණවාහිනී තේමා පාඨය තනි හිතින් හිතා, තම අත් අකුරින් කරදහි කොළයක ලියා දුන්නේ හේම නලින් කරුණාරත්න යෑයි කිසිදු තැනක වාර්තාගත වී නැත. ඒත් ඒ ඵෙතිහාසික කරදහි කෑල්ල නලින්ගේ කාමරයේදී මුලින්ම කියවූ මම ඒ පිළිබඳ ඇසින් දුටු සාක්‌ෂි කරුවෙක් වෙමි. මෙය ජාතික ලකුණින් යුතු තේමා පාඨයක් නිසා පුද්ගලික ආයතනයක් වන අපට එය බර වැඩි දැයි අධ්‍යක්‌ෂ මණ්‌ඩලය ප්‍රශ්න කළ සභා වාරයේදී ඊට පක්‌ෂව කරුණු ගොනු කළ සිවු දෙනාගෙන් දෙදෙනකු දැනට ජීවිතයෙන් සමුගෙනය. ඒ එච්. ඩී. ප්‍රේමරත්න සහ හේම නලින් කරුණාරත්න ය. ජාතික ලකුණ වැඩි ප්‍රේක්‌ෂක ප්‍රතිචාරයකට අත්වැලක් වන බවට ඉහළින්ම තර්ක කළ මා සහ මට හව්හරණ සැපයූ හෙන්රි වර්ණකුල තවමත් ජීවතුන් අතර සිටී.
කාලයක් ස්‌වර්ණවාහිනියේ Number one වී තිබූ "ලයිව් ඇට් 8" (Live @ 8) යන සංකල්පයත්, ඒ නමත්, නමේ අකුරු වර්ගයත්, නිර්මාණය කොට ඉදිරිsපත් කළේ හේම නලින් ය. ඔහු ඇමරිකාවේ වසරක මාධ්‍ය පාඨමාලාවක් හදාරා යළි ලංකාවට එන විට සකස් කරගෙන ආ නව මාධ්‍ය වැඩපිළිවෙලේ එක් අංගයක් සේ "Live @ 8" ඉදිරිපත් කළේ අද එහි පවත්නා නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලෙසින් නොවේ. එය රාත්‍රි 8 ට පවත්වන සජීවී ප්‍රවෘත්ති විමර්ශන වැඩසටහනකි. එහි පළමු වැඩසටහනේ සිටියේ හේම නලින් සහ අරුන් ඩයස් බණ්‌ඩාරනායක ය. ඉන්පසු නලින් විසින් සොයා ගැනුණු යොවුන් මාධ්‍ය සම්පත් ද්විත්වය වූ හරින්ද්‍ර ජයලාල් සහ සහන් රන්වල ඇතුළු බොහෝ සොයා ගැනීම් මේ රූපය එකලු කළෝය. නලින්ගේ ලයිව් ඇට් 8 කොතෙක් ජනප්‍රිය වූවේ ද යත් එය නාලිකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති වැඩසටහන බවට පත් වී සම්මාන පිට සම්මාන ලැබුවේය.
හේම නලින්ගේ සුගම, සුමට සහ පූර්ණ භද්‍ර පූරක පැවැත්මේ සෞන්දර්යය ප්‍රදානය "සුන්දර සෙනසුරාදා" යෑයි මම සිතමි. එවක සෑම සෙනසුරාදාවකම රාත්‍රි 9.30 කණිසම ස්‌වර්ණවාහිනියේ දෙකොණ විලක්‌කුව දැල්වෙයි. එකම කාසියේ දෙපැත්ත මෙන් එක් සෙනසුරාදාවක රාත්‍රිය "සුන්දර සෙනසුරාදා" වන අතර අනික් සෙනසුරාදා රාත්‍රිය "මහා සිංහලේ වංශකතාව"යි. මමත් නලිනුත් අපූරු මිශ්‍රණයකින් යුතු මිත්‍ර තරගයකින් මේ 8 දෙ සෙනසුරාදාවල් පෝෂණය කරන්නට වෙහෙසුණෙමු. ඔහුට මා සමගවත් මට ඔහු සමගවත් කිසිදු තරගයක් නො තිබිණි. අප දෙදෙනා එක් වී සෙසු නාලිකාවල සෙනසුරාදා රාත්‍රිය හා තරග කළෙමු. ඒ රිලේ රේස් එකෙන් අප දෙදෙනා ජය ගෙන සෙසු නාලිකාවල ප්‍රතිචාර වාර්තා කැඩූ හැටි අද මා සිහි කරන්නේ සංවේග සිතින් යුතුවයි.
මේ සංවේගය හට ගත්තේ පෙරේදා රාත්‍රියේ නො වෙයි. එය ඊට පෙරම හට ගෙන තිබුණි. මේ සංවේගය පෙරේදා රාත්‍රියේ මා කණ වැකුනු අසුභ ආරංචියෙන් පුපුරා සුනු විසුනුq විය. නලින්ට මේ තරම් ඉක්‌මනින් මේ සා ෙ€දවාචක ඉරණමකට මුහුණ දෙන්නට සිදුවේ යෑයි මම කිසිකලකවත් නො සිතුවෙමි. එදා රාත්‍රියේ මට නින්දක් නොවීය. ඒ ක්‌ෂණික හෙණ පිපිරීම මා ඉතා දරුණු ලෙස ඔත්පළ කළේය.
ප්‍රේමකිර්ති ද අල්විස්‌ව හඳුනාගත් තුවක්‌කුකරුවන් විසින් නන්නාඳුනන ලෙස ඝාතනය කර දැම්මේ එතුමා මේ මාධ්‍යයේ සිටිය යුතුම කාලයකයි. හේම නලින් කරුණාරත්න තනි කාමරයක ගණ රාත්‍රියේ පිළිසරණක් නැතිව, අසරණව, දුක් විඳ මිය යන්න ඇතැයි මට සිතේ. ඒ රාත්‍රි රූපය මට මැවි මැවි පෙනෙයි. අපේ රටේ නිවැරදි මාධ්‍යකරුවන් හැමෝටම අත් වන්නේ මේ ඉරණමමද ? අපේ රට තරම් මාධ්‍යකරුවන්ව මරණයට පෙර මරා දමන රටක් නැත. අපේ රට තරම් පූරකවරුන්ව පෙන්ෂන් යවන රටක් ලෝකයේ තවත් නැත. වෙනත් රටවල සුභාෂිත පූරකවරයා පැහෙන්නට පැහෙන්නට ඔහුට ඉල්ලුම වැඩි වෙයි. ඔහුගේ අත්දැකීම් සම්භාරය විසින් ඔහුගේ ජනප්‍රියත්වය වැඩි කෙරෙයි. ධනවාදී රටවල එබන්දන්ගේ වෙළෙඳ වටිනාකම ද අත්දැකීම සහ ප්‍රවීණතාවට සමාන්තරව වැඩි වෙයි. අප රට මෙන් ඔවුන් තනි වන්නේ නැත. සමස්‌ත සමාජය විසින් ඔවුන්ව ආරක්‌ෂා කෙරෙයි.
වයසේ අග්ගිස්‌සට ගිය ද ලැරී කිංට විශ්‍රාමයක් නො ලැබිණි. ජෝන් රිත් 70 වැනි වියේ ද B.B.C. යේ මුල් පුටුව හෙබවීය. මා සංචාරය කර ඇති බොහෝ රටවල ජනකාන්ත පූරකවරු වනාහී වසර තිහ හතළිහක් පුරා ඒ ඒ නාලිකාවල් හොබවන ඉහ නිකට පැහුණු දැනුවත් විචිත්‍ර චරිතය. එහෙත් අපේ රට පූරකවරය දිනෙන් දිනම සුකිරිබටිල්ලන්ගේ සරුව පිත්තලයෙන් එහාට ගෙනියන්නට කිසිදු අධිකාරියකට නො සිතෙන්නේ ඇයි? අප ජාත්‍යන්තරය පිළිගන්නේ නම් ජාත්‍යන්තර පූරක නියාමයන් මේ රට පිළි නො ගන්නේ ඇයි?
මේ හදිසි ලියවිල්ල අවසන් කරන්නට මත්තෙන් මම ඔබෙන් ප්‍රශ්නයක් අසමි. ඔබ මේ ලිපිය කියවන විට හේම නලින් කරුණාරත්න නම් විචිත්‍ර භාෂිතයා, සුන්දර පූරකයා, සංවේදී මිත්‍රයා, මානව හිතවාදියා මව් පොළවෙන් වායුගෝලයට දුමාරයක් වී නික්‌ම ගොස් අවසන්ය. ඒත් නලින්ගේ මාධ්‍ය භාවිතය, පූරක වරය, සංකල්ප පරිධිය ඔබෙන් ඈත් වී කොතෙක් කල් ගත වී ද ? හේම නලින්ව තනි ගෙදරක, ගණ රාත්‍රියක අසරණව තනි කළෝ කවරහු ද ? හේම නලින්ගේ ගමන් මඟ අතරමඟ නතර කරනු ලැබුවෝ කවරහුද ? මේ ප්‍රශ්න කිරීම් සඳුහා ඇති පිළිතුරුත් නලින් සමගම වායුගෝලයට මුසු වූවා ද? මේ ෙ€දය කන වැකුනු සැණින් මා තුළ ඇති වූ භ්‍රාන්තිය මු`ඵ රට තුළම ඇති විය. අන්තර්ජාල පිටු අතරේ එය විවිධ වදන්වලින් රැව් පිළි රැව් දුනි. මගේ එක් මිත්‍රයෙක්, ජනක කුඹුකගේ මට ඉදිරි කොට එවා තිබූ පොදු වාක්‍ය කිහිපය මගේ හිත් තදින් ගත්තේය. මට අවසන් කළ නොහැකි මේ ලිපිය අවසන් කරන්නට මම ජනකට භාර දෙමි. නලින් අරභයා ඔවුහු මෙසේ ලියා තිබුණි.
ආදරණීය මිතුර,
දැන් කුමක් කරන්නද ?
සුවෙන් සැතපී ගිහින් එන්න
හැබැයි ඉක්‌මනින් එන්න
එනකොට ප්‍රේමකීර්තිවයි, රවි ජෝන්වයි
එකතු කරන් එන්න.
සුබ රාත්‍රියක්
ජැක්‌සන් ඇන්තනී