20150908

බන්දුලාල් බණ්ඩාරිගොඩට අනුව ආතල් කියන වචනය නිර්වචනය කළොත්?


මෛත්‍රී කරත්ත ටික වෙන් කරලා දෙද්දි
ඉන්න හොඳම කෙනාට කරත්තෙ දෙන්න වෙනවා.

විජයදාසට බුද්ධ ශාසනය දීම ඒ වගේ දෙයක්..
සහතික ටික බැලුවාම ඔහු තමයි සුදුසු.
ඒත් ඔහුට තියෙන්නෙ සහතික ටිකත්
හොඳ ගතිගුණත් විතරයි.

නවක මන්ත්‍රී
බන්දුලාල් බණ්ඩාරිගොඩ ඔහුට වඩා
ඒ සඳහා සුදුසු වෙන්න පුලුවන්.
දහම් පාසල් ගුරුවරුන්ට පඩි දෙන්න
ඒ දිනවල බලයෙ හිටපු
පසුව මහින්ද පිළේ කෙන්ක්
යෝජනා කළ රැස්වීමක
ඔහු ඒකට විරුද්ධ වුණා.
ඔහු කිව්වා
දහම් පාසැල් ගුරුවරයෙකුගෙ සේවය
මිළ කරන්න බෑ...
පඩි ගන්න බලාගෙන එන අයට
දහම උගන්වන්නත් බෑ කියලා.
බුද්ධශ්‍රාවකයෙක් සිතන්නෙ එහෙමයි.










එ.ජා.ප. පළාත් සභා මන්ත්‍රි බන්දුලාල් බණ්ඩාරිගොඩ
Mawbima, 2014-04-08
තෝරාගත් කොටස්


  
( 2014 දී..)
රටේ විනය පිරිහිලා.
සදාචාරාත්මක වශයෙන්
විශාල සෝදාපාළුවකට පත්වෙලා තියෙනවා.
මිනිස්සු ඉන්නේ පීඩනයක.
මේවාට විසඳුම් ලැබෙන්නේ
රටේ නායකයාගේ ක්‍රියා පිළිවෙත
යහපත් වුණොත් විතරයි.
ඔවුන් ආදර්ශවත් වෙලා විනය හදන්න ඕනෑ.
බුදු දහමෙන් කියන්නේ
'ශාසනයේ ආයුෂ තියෙන්නේ විනයත් සමඟ කියලයි.
රටක පැවැත්ම තියෙන්නෙත් විනයත් සමඟයි.
-----------------------------------

01. ඔබට අනුව ආතල් කියන වචනය නිර්වචනය කළොත්?

මම දකින විදියට එක එක්කෙනා තම තමන්ට අනුව තමයි ඔය වචනය විග්‍රහ කරන්නේ. සමහරු ඉතින් විවිධ දේවල් කරනවා කායික හා මානසික වශයෙන්. තවත් අය විවිධ දේවල් රැස් කරනවා. මම නම් ඉතින් නිදහසේ සැහැල්ලුවෙන්, මනසේ බර අඩු කරගෙන ඉන්න පුළුවන් නම් ඒක තමයි ආතල් කියලා හිතන්නේ.

08. ඔබතුමා ඔය කියන සාධාරණය ගැන කතා කරනවා නම් ගාල්ලෙන් එකට ආපු ඔබට විපක්‍ෂ නායකකම නොදෙන්න නායකත්ව මණ්ඩලය තීරණය කරන්නේ ඇයි?අපි ප්‍රතිසංවිධානයක් ඉල්ලලා කතා කළේ පක්‍ෂය ගොඩනඟන්න අවශ්‍ය නිසා. එහෙම නැතිව කාටවත් පෞද්ගලිකව වෛරයකින්, ද්වේෂයකින් නෙවෙයි. සමහර වෙලාවට මේ වගේ තීරණයක් ගන්න එවැනි කාරණාත් හේතුවෙන්න ඇති කියලා මට හිතනවා. නමුත් මේ වගේ දේවලින් මම සැලෙන්නේ නැහැ. මම අටලෝදහම අනුව ජීවත් වෙන කෙනෙක්. ජනතාවගේ ආදරය හැමදාම මට තියෙනවා.

09. ගාල්ලෙන් අංක 7 වුණු ආතල් එක මේ තීරණය නිසා කැඩුණේ නැද්ද?

මම ඇත්තටම බුදු දහමත් එක්ක ජීවත් වෙන උදේ සවස බුදුන් වඳින කෙනෙක්. ඒ නිසා මේ හැමදෙයක් දිහාම මම බොහොම උපේක්‍ෂාසහගත විදියට බලනවා. මේ ඡන්ද ප්‍රමාණය මට ලැබුණහමත් මට කල්පනා කළේ 91 ඉ¼දලාම මම පත්වුණාම හිතුවේ මගේ ආතල් එක ගන්නවාට වඩා මේ ලබාගත්තු ඡන්ද ප්‍රමාණය රැකගන්නේ කොහොමද කියලයි. ඒ නිසා මෙය මට ආතල් එකකට වඩා හැමදාම දැනුණේ බරක් විදියට. මේ ගැන ලොකු කලකිරීමක්, මානසික පීඩාවක් හිතේ නෑ. අටලෝ දහමට අනුව සියල්ලටම මුහුණ දෙනවා.

12. පෞද්ගලික ජීවිතය ඇතුළේ ඔබ ජීවත් වන්නේ ආතල් එකේද?

මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. මම කලාවට හරිම ළැදි කෙනෙක්. ඉඩක් ලැබෙන හැම වෙලාවෙම ගීතයක් අහනවා. සංගීත ප්‍රසංගයක් තිබ්බාම වේදිකාවට නැඟිලා ගීතයක් ගායනා කරන්න, පුළුවන් විදියට ලස්සනට අඳින්න පලඳින්න ප්‍රියමනාප විදියට ජීවත් වෙන්න, හිනා වෙලා සතුටින් ජීවත් වෙන්න මම හරිම කැමැතියි. ඒක තමා මගේ ආතල් එක. මගේ ගෙදර සාමාජිකයෝ නවයයි. මම තමා බාලයා. මහගෙදර මායි අම්මයි ජීවත් වෙනවා. තාත්තා නැති වුණා. ඉතින් මම කුරුල්ලා වගේ ආතල් එකේ ඉන්න මිනිහෙක්.

13. මන්ත්‍රිතුමාට දැනෙන විදියට ආණ්ඩුවේ ඉන්න ආතල්ම දේශපාලනඥයා කවුද?

මට පේන විදියට ගම්පහ දිස්ත්‍රික්කයේ ඉන්න රෙජිනෝල්ඩ් පෙරේරා ආතල් එකේ ඉන්නවා වගේ පේනවා. බොහොම නිදහසේ, කලාකාමී අදහස් තියෙන ආතල් පොරක් කියලා මට හිතෙනවා.

14. එතකොට ආණ්ඩුවේ ඉන්න ආතල් කඩාගත්තු දේශපාලනඥයා කවුද?

ආණ්ඩුවේ බන්දුල ගුණවර්ධන තමයි ආතල් කඩාගත්තු ඇමැති. අඩුගාණේ පහ වසරේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල දෙද්දිවත් පොඩි උන්ටවත් ආතල් දෙන්න දන්නේ නැති ඇමැතිවරයෙක් ඔහු.

15. එ.ජා.පෙ. ඉන්න ආතල්ම මන්ත්‍රිවරයා කවුද ඔබට දැනෙන විදියට?

සුජීව සේනසිංහ මන්ත්‍රිතුමා හරිම සැහැල්ලුවෙන් ඉන්න හොඳ දැක්මක් තියෙන පරාර්ථකාමී කෙනෙක්. මහලොකු දේවල් එතුමාගේ ඔළුවේ පුරෝගෙන නැහැ. මට හිතෙනවා ඔහු ආතල් එකේ ජීවත් වෙනවා කියලා.