20150205

දුක තියන වෙලාවට දුක නොවිඳීම සැපක්.



Danesh Uthuranga 
[[[දුක සැප සාපේක්ෂයි. ඒක අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.]]]
----------------------------------------------------------------------------------
දුක සැප සාපෙක්ෂ නැහැ.
සැප සාපේක්ෂයි..
පවතින්නෙ දුක..

සැප කියලා එකක් නෑ.
දුකේ අපි කැමති.. අපි රස විඳින
අපිට ප්‍රිය පරාසය තමයි
අපි සැප වශයෙන් සලකන්නෙ.

සැප කියන්නෙ අපි ප්‍රිය කරන දුක....

කෑම කන එක සැපක් වෙන්නෙ
බඩගින්න දුකක් නිසා.
ඒත් කෑමෙන් සැප තියෙන්නෙ
කෑමට අපි කැමති නම් විතරයි..
නිදි මරාගෙන නටන එක සැපක් වෙන්නෙ
අපි නැටීම ප්‍රිය කරන නිසා..
ඇත්තට බැලුවොත් ඒක වදයක්..
සැප කියන්නෙ
ප්‍රියයි කියලා වර්ණගන්වන දුකම තමයි..

සැප විඳින්න..
විඳින සැප 100%ක් විඳින්න.
සිත විතරක් නෙමෙයි..
කය විඳින දේත් දකින්න.
කන බොන කොට කයෙහි සිදුවෙන දේත්
සිහියෙන් දකින්න..

දුකට විසඳුම නොවිඳීමයි..

එහෙම පුලුවන් කෙනෙක්
දුක තියන වෙලාවටත්
දුක් විඳින්නෙ නැහැ..
දුක තියන වෙලාවට
දුක නොවිඳීම සැපක්.
ඒ සැප විඳීම පහසු නැහැ..
නිවන් සැප කියන්නෙ ඒ සැපට..

තමා තුළ සිදුවෙන වෙනස්වීම් ගැන සිහියෙන්
තමා තුළ සිදුවෙන වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් විසීමයි එකම මග...

දුකක් විඳින මොහොතෙදි
ඒ දුකට උපේක්ෂාවෙන් ඉන්න
විපස්සනා පුහුණුවෙන් හුරු කරනවා.
ඒ පුහුණුව යොදාගන්න කෙනෙකුට
දුකෙන් මිදෙන්න ඒ පුහුණුව ඇති..
ඔහු ඒ මොහොතට
දුක් නොවිඳීමෙ සැප විඳිනවා.
ඔහුගෙ කෙලෙස් පිරිසිදු වීමත් වෙනවා.

අථ නිබ්බින්දති දුක්ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා.

හිසේ කැක්කුමක් වගේ සරල දේකදි වුණත්
බුදු දහම ප්‍රායෝගිකව උපයෝගී කර ගැනීමෙන්
ඒ මොහොතෙම දුකෙන් මිදෙන්න පුලුවන්.


ඒ මොහොතෙ දුකෙනුත් මිදෙනවා.
සසර දුකෙනුත් ටිකක් අඩු වෙනවා.
ටික ටික අඩු වෙවී ගිහින්
දවසක නිවන් දකිනවා.
නිවන් දකින්න කල්ප ගාණක් ගියත්
දුකෙන් මිදෙන මාර්ගය එකයි..

තමා තුළ සිදුවෙන වෙනස්වීම් ගැන සිහියෙන්
තමා තුළ සිදුවෙන වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් විසීමයි එකම මග...

අථ නිබ්බින්දති දුක්ඛෙ
ඒස මග්ගෝ විසුද්ධියා.
====================================

කියවන්න.

සැප කියන්නෙ අපි ප්‍රිය කරන දුක....


සැප කියන්නෙ අපි ප්‍රිය කරන දුක....





දුක කියන්නෙ සමහරුන්ට වාසනාවක්..
සමහරුන්ට අවාසනාවක්..

වැඩියෙන් දුක් විඳින අය
දුක විඳින අතරෙම
දුක ගැනත් දුක්වෙලා
දුක දෙගුණ කරගන්නවා.

සැප කියන්නෙ අපි ප්‍රිය කරන
පාවෙන පරාසයක් තුළ පවතින දුකක්.
සීතල, උණුසුම,
දුක, තරහ, බය, කාමය
මේ හැම දෙයක්ම
විවිධ පරාස තුළ
සැපක් හෝ දුකක්.

උණු තේ එකක් අපි බොන්න කැමති
පරිසරයෙහි උණුසුම අනුව පාවෙන
කිසියම් පරාසයක් තියනවා.
සෙන්ටිග්‍රේඩ් අංශක X සිට ‍Y දක්වා.
සැප කියන්නෙ ඒ පරාසය.
ඇල් මැරුණොත් තේ එක දුකක්.
කට පිච්චෙන කොට
ඒකත් දුකක්.
දුක, තරහ, බය, කාමය
මේ හැමදෙයක්ම
අපිට ප්‍රිය පරාසයෙදි සැපක්.

සැප කියන්නෙ දුකෙහි
අපිට ප්‍රිය පරාසය.
දුක කියන්නෙ
දුකෙහි අපිට අප්‍රිය පරාසය.

දුක සත්‍යයක් විදියට දකින්නාට
පෙනෙන ආර්ය සත්‍යය එයයි..

වෙනස් වීමයි, දුක..

හැම අංශකයක්ම දුක..

දුකත් සැප වගේම
ජීවිතයෙ අංගයක් විදියට බාරගෙන
දුක තේරුම් ගැනීම
නැති නොවෙන සැපක්.

සැප තමන් විඳින පරාසයෙන් පිට
තමන්ට නොදැනෙන කොටස හා
තමන්ට දරා ගන්න බැරි කොටස අතර
සැප කියල විඳින දුකම බව තේරෙන කෙනා
දුකට මුහුණ දෙන විදිය ඉගෙන ගෙන
දුක නැති කරගන්නවා.

දුක සැප කියන්නෙ
උශ්ණත්වය වගේ
අපි ප්‍රිය කරන පරාසයය සහ
අප්‍රිය කරන පරාස දෙකයි.

කම්මල් කාරයෙක්
ලීයක් පිච්චුවොත් පිච්චෙනවා.
පුච්චලා වතුරෙ එබුවොත් නිවෙනවා.
තැලුවොත් කුඩු වෙලා යනවා.

කම්මල්කාරයෙක්
වානේ පිච්චුවොත් රක්ත තප්ත වෙනවා..
පුච්චලා වතුරෙ එබුවොත් නිවෙනවා.
තැලුවොත් පන්නරය හිටිනවා.

දුක කියන්නෙ සමහරුන්ට වාසනාවක්..
සමහරුන්ට අවාසනාවක්..



=======================================
කියවන්න