20150909

සමන්තභද්‍ර ඔෂෝගේ අනුගාමිකයෙක්ද?


ඔෂෝ
වයස විසි එකේදී
මෝක්ෂය ලැබුවා යැයි පවසන
රජ්නීශ් නම් ඉන්දියානුවෙකි.
ඔහුගේ ජීවිතය දෙස බලන විට
ඔහු හින්දු සමථ භාවනාවන් මගින්
ඉහළ තලවල ධ්‍යාන ලබාගත්
තර්කනයෙහි දක්ෂ බුද්ධිමතෙක් බව
සිතිය හැකිය.

ඔහු නිවන මෙන් අර්ථ දක්වන්නේ
ඔහු ලැබූ ධ්‍යානය විය හැකිය.

ලෝකයේ පවතින දර්ශනවාද පිළිබඳව
ඉන්දියානු විශ්ව විද්‍යාල වලින් හදාරා
මහාචාර්ය කෙනෙකු වූ රජ්නීෂ්
ආචාර්ය රජ්නීශ් නමින්
වසර ගණනාවක් විශ්වවිද්‍යාලයෙහි සේවය කොට
පසුව ප්‍රසිද්ධ කතා පවත්වමින්
සිය ගෝලබාල පිරිස වැඩි කරගත්තේය.

බුදුන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ ඇතුළු
ආගමික නායකයන් හා වෙනත් විවිධ පුද්ගලයන්
වරෙක අගය කරමින් සහ වරෙක හෙළා දකිමින්
අපූර්ව දේශනා ක්‍රමයක් මගින්
අති විශාල අනුගාමිකයන් රැසක් ලොව පුරා
ඇති කරගත්තේය.

නිදහසේ කාමයෙහි හැසිරීම අනුමත කිරීමෙන්
විවාදාත්මක අවස්ථාවන්ට මුහුණ දුන් ඔහු
පසුව භගවාන් ශ්‍රී රජ්නීශ් නමින්
නම වෙනස් කරගත්තේය.

ඉන්දියාවෙ පූනා නගරයෙහි
සිය ආශ්‍රමයක් පවත්වාගෙන ගිය ඔහු
දස දහසක් පමණ පිරිසකට
දිනපතා උදේ සහ සවස
දේශන දෙකක් පවත්වන්නට
පුරුදු වී සිටියේය.

සුඛෝපභෝගී කාමභෝගී ජීවිතය තුළින්
විමුක්තිය සොයාගන්නට ගෝලයන් යොමු කළ ඔහු
හින්දු බෞද්ධ ආගම් වල එන
භාවනා ක්‍රම ඇසුරෙන්
ඔහුගේම භාවනා ක්‍රම සිය ගණනක් ඉගැන්වීය.

කිසිවක් නොකර වාඩිවී සිටීම
හොඳම භාවනාව ලෙස
ඔහු දේශනා කළේය.

විශ්වයත් සමග ඒකත්වයට පත්වීම
ඔහු ඉගැන්වූ තවත් ක්‍රමයකි.

වසර 59ක්වූ ඔහුගේ ජීවිතයේ
අවසාන කාලය ඔහු ගතකළේ
ඇමරිකාවේ තනාගත්
සුවිශාල ආශ්‍රමයකය.

නීතියෙන් වැරදිකරුවූ ඔහු
ඇමරිකාවෙන් පිටුවහල් කරනු ලැබ
ලොව කිසිදු රටකට ඇතුල්වීමට ඉඩ නොදීම නිසා
යළි ඉන්දියාවට පැමිණ ටික කලකින්
මිය ගියේය.

අදත් ඔහුගේ අනුගාමිකයන්
ලොව පුරා විසිරී සිටින අතර
චර්යාවන් සහ දේශන වල සමාන බව නිසා
සමන්තභද්‍ර ඔෂෝගේ අනුගාමිකයෙක්ද යන
පැනය අපට ඇසීමට සිදු වෙයි..

මේ පැනයට පිළිතුරු දිය හැක්කේ
ඔහුත් ඔෂෝත් දෙදෙනාම දන්නා
ඔහුගේ අනුගාමිකයන්ටයි.
-------------------------------------------------

පහත දැක්වෙන්නේ
අන්තර්ජාලයෙන් සොයා ගත්
ඔෂෝ දේශනයක සිංහල අනුවාදයකි.
සමන්ත භද්‍ර අනුගාමිකයන්ගේ විමර්ශනය සඳහායි.

ආදරය රැදෙන්නේ එක මොහොතකට වුවත්, එය සම්පුර්ණ නම්, එක දිව්‍යයමයයි. ඔබ කෙනෙක් එක්ක මුළු ජිවිත කාළයම ගත කලත් ඒක සම්පුර්ණ ඇත්තක් නොවුණා නම්, ඒක අවලස්සනයි. එය ඔබව දීප්තිමක් කරන්නේ නැහැ. එය අනෙකාවත් සෑහීමකට පත් කරන්නේ නැහැ. ඒ නිසා තමන්ව ඔහු තුල ගිල්ලවා දමන්න. ඔහුටත් ඔබ තුල ගිලෙන්න ඉඩ ලබා දෙන්න.

වනාන්තරයේ ජිවත්වන නුගත් මිනිහෙක් වඩා යහපත්, මොකද ඔහුට වැඩියෙන් ආදරයත්, අඩුවෙන් තරගකාරීත්වයක් තිබේන නිසා, හදවත වැඩියෙන් මනස අඩුවෙන් වැඩ කරන කෙනෙක් නිසා.

ප්‍රේමවන්තයන් දෙපළකට නිශ්ශබ්දතාවයේ එකින් එකා සමග වාඩී වී සිටිය හැකිය. නිශ්ශබ්දතාවය ඔබ එකතු කරන්නා බවට පත් විය හැකිය. සත්තකින්ම...!! ප්‍රේමවන්තයන්ට පමණයි නිශ්ශබ්දතාවය තුල එකට වාඩී වී සිටිය හැක්කේ. ප්‍රේමවන්තයෝ එකට එකතු වන ඕනෑම විටෙක ඔවුන් නිශ්ශබ්ධව සිටිවී. මොකද නිශ්ශබ්දතාවයේදී දෙදෙකාටම එකතු වීමට, ඒකාත්මික වන්නට හැකියාව උදා වන නිසා.

පුද්ගලයන් දෙදෙනෙක් ඇත්තෙන්ම එකිනෙකාට ආදරය කරනවා නම්, ඔවුන් කිසිමදාක කුමන කාර්‍ය්යක් අරභයාවත් රණ්ඩු කරන්න සිදුවනවා යන්න අදහා ගන්න බැහැ. මොනම හේතුවක් නිසාවත් එක් අයෙක් මොනම හෝ අදහසක් බලෙන් පටවන්න ඔවුන් උත්සහා කරන්නේ නැහැ. ඔවුන් හැම විටම අනෙකාගේ මතයටත් ඉඩ සලසා දෙන්න උත්සහා කරාවී. රළු ක්‍රියාවකට යන්නේ නැතිව.

තමන් ප්‍රේමවන්තයෝ යැයි සිතන මිනිස්සු අඛණ්ඩවම එකිනෙකාට හිරිහැර කිරිමේ යෙදී සිටිනවා. ඔවුන්ට ඕනෑ කරන ප්‍රතිරූපය නිර්මාණය කර ගන්න අනෙක් පුද්ගලයගේ, සෑම කෙනෙකුටම ඕනේ අනෙක් පුද්ගලයා තමන්ගේ හුදු රූකඩයක් බවට පත් කර ගන්න. රැහැන් තමන් අත තබා ගත හැකි. මේ නිසා දැං නිරන්තර ගැටුම්, වේදනාව අමිහිරි පිළිකුල් සහ කාළකණ්නිකමයි පවතින් යන්නේ.

ඔබ අහස නම්, ඔබ නිර්භීතව සිටින විටදී, එවිට එතැන සගවන්නට දෙයක් ඉතිරිව නැහැ. එවිට ඔබට විවෘත විය හැකියි, එවිට ඔබ ඔබගේ සියලු සීමා මායිම් අස්කර ගන්න පුළුවන්. එවිට ඔබට හැකියාව ලැබෙනවා අනෙක් තැනැත්තාට ඔබව පසාරූ කරගෙන ඔබේ අරටුව දක්වාම එන්නට යැයි ආරාධනා කරන්න.

වැඩෙන්න,
වඩ වඩාත් අව්‍යාජ පුද්ගලයෙකු බවට පත්වී තමන්ට ආදරය කරන්න.
තමන්ට ගරු කරන්න පැවැත්ම ඔබව නිර්මාණය කල ආකාරයටම.
----ඔෂෝ----
===========================================


වැරදි දේට පක්ෂපාතී වන්නා




[[[ "ඇයි සර් අපි රටට මෙච්චර සේවයක් කරලත් අපට මෙහෙම කරන්නේ?"  
හමුදා බුද්ධි නිලධාරීහු 
රහස් පොලීසියේ ලෑල්ලක නිදිකිරා වැටෙන අතර තුර
සිය ඉහළ නිලයන්ගෙන් විමසති. ]]]
මහින්ද පතිරණගේ වාර්තාවකින්...
----------------------------------

ඔබ එසේ සිතුවත්
මහින්ද පතිරණ මෙන්ම
ඔබත් සේවය කළේ රටට නොව
රට අයිතිකරගත් පිරිසකටය.

කාගේ හෝ යටතේ වැඩ කරන ඔබට
රටට සේවය කළ නොහැක.
ඔබ සේවය කරන්නේ
ඔබ පත් කළ තැනැත්තාටය.
දහසක් අතරින්
ඔවුන් ඔබ වෙන් කරගත්තේ
ඔබ පත්කරගත්තේ
ඒ පක්ෂපාතිත්වය නිසාය.

ඔබ ඔවුන් කරන්නේ මොනවාද බැලුවේ නැත.
ඔවුන් කළ කී සියල්ල ඔබට හොඳය.

ඔබේ සොයුරන් ආයුධ පෙන්වන්නට ගොස්
සැක කරුවන්ට කෙටි නඩු තීන්දු දුන්නාක් මෙන්
ඔබට කරන්නට කී ඕනෑම දෙයක්
හොඳ නරක නොබලා ඔබ කළහ.

රට වෙනුවෙන් යයි මුළාවී
රටට වින කරන්නන් ඔබ රකින්නට ඇත.
රටට ප්‍රයෝජනවත් අය නසන්නට ඇත.

ඔවුන්ට අවාසිදායක කෙනෙකු ඝාතනය
අද ඔවුන්ට අවාසිදායක අවස්ථාවේ
ඔවුන්ගේ අණට රකින ඔබම
හෙට ඔහු මැරීම ඔවුන්ට වාසියක් වන විට
ඔවුන්ගේ අණටම
ඔහු මරාදමන්නටත් ඉඩ ඇත.

වැරදි දේට පක්ෂපාතී වන්නා
වැරදි දේ නැසෙන විට
වැරදි දේත් සමගම නැසී යයි..

සත්‍යය දකින සුළුතරය
අනිත් පැත්තට මාරුවී
ජනතාවෙන් බහුතරයක්
වෙන පිරිසක් තෝරාගත් විට
ඔවුන් තෝරාගන්නා අයට ඉඩදී
ඉවත්වූ අය සමග
ඔබත් ඉවත් විය යුතුය.

හාම්පුතුන්ගේ සේවකයන් ලෙස
ඔබේ පක්ෂපාතිත්වය අගය කළයුතුය.

ඔබේ සැබෑ හාම්පුතුන් වන්නේ
ඔබේ හාම්පුතුන්ගේද හාම්පුතුන් වූ
රටේ බහුතර ජනතාවයි.

හාම්පුතුන්ට පක්ෂපාතී වූ ඔබ
හාම්පුතුන් සමගම  ඉවත් විය යුතුය..

ඔබ කළ කී දේ අනුව
සොබා දහමෙන් වේතනය ලබා ගන්නට
ඔබේ කාලය පැමිණ ඇත.

ඔබට සුබ පතමු.