දුකට මුල තණ්හාව වුණාට
දුක් විඳින්නෙත් භවය සකස් වෙන්නෙත්
උපාදානය නිසයි..
දුක් විඳින්නෙත් භවය සකස් වෙන්නෙත්
උපාදානය නිසයි..
තණ්හා පච්චයා උපාදාන
ආදානය නැත්නම් අල්ලා ගැනීම
සත්වයෙකුට දුකක් නොවෙයි.
දුකෙන් මිදෙන්නත් අල්ලාගැනීම අවශ්‍යයි.
ආදානය නැත්නම් අල්ලා ගැනීම
සත්වයෙකුට දුකක් නොවෙයි.
දුකෙන් මිදෙන්නත් අල්ලාගැනීම අවශ්‍යයි.

පිපාසයට වතුර අල්ලා ගැනීම
උපාදානයක් නොවෙයි.
ආදානයක් පමණයි.
වතුර රස කර ගැනීම, වතුරෙ රස සෙවීම
රස නිසා වැඩියෙන් පානය කිරීම හෝ
නීරස නිසා අවශ්‍ය පමණ පානය නොකිරීම
උපාදානය ලෙස
නැත්නම් දෙවනුව අල්ලා ගැනීම ලෙස
හැඳින් වෙනවා.

ලෞකික දියුණුවට උපාදානයත් අවශ්‍යයි.
උපාදානයෙන් සතුටුවෙන තැනැත්තාට
ඒ තුළ ඇති දුක ප්‍රශ්නයක් නෙමෙයි.
ඔවුන් මනසින් විඳින සතුටට කැමති නිසා
දුක ආවරණය වෙනවා.
පිරිහීම ඇරඹුණාම දුක මතුවෙනවා.
උපාදානය දුකක් වෙන්නෙ
තමන් අකැමති දේවල් සිදුවෙන විටයි..
දුක උපාදානයයි..
වෙනස වටහා නොගන්නා අන්තවාදියෙක් වෙනවා.
සැබෑ අත්හැරීම කියන්නේ දානයයි.
දානයක් දීමෙදිත්
අතීත ණයක් ගෙවීමට හෝ
අනාගත බලාපොරොත්තු මත හෝ
දෙන දානයක් සැබැවින්ම උපාදානයක්...
උපාදානයෙන් වැළකීම කියන්නෙ
දෙවනුව කරන අල්ලා ගැනීම නොකර සිටීමයි..
උපාදානය තුළ නීවරණ පවතිනවා.
ද්වේශයෙන් ප්‍රතික්ෂේප කිරීමත් උපාදානයක්..
ඔහු ද්වේශයෙන් බැඳී සිටිනවා.
අකැමති දේකට නිර්වින්දනය වීමත් උපාදානයක්..
අකැමති දේ පවතිනවා. ඔහුට ඒ ගැන සිහිය නෑ.
උපාදානයෙන් වළකින්නා පළා යන්නෙක් නොවෙයි.
උපාදානයෙන් වළකින්නා
තමා තුළ ඇතිවෙන
කැමැත්ත අකැමැත්තට වහල් නොවෙන
නිදහස් පුද්ගලයෙක්.
උපාදානයෙන් වැලකීම නම්
තමා තුළ සිදුවෙන වෙනස්කම් දකිමින්
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීමයි.
විදර්ශනාවෙන් විසීමයි.
දන් දෙන මොහොතේ
තමා තුළ සිදුවෙන සියලු වෙනස්කම් දකිමින්
ඒ සියලු වෙනස්කම් වලට උපේක්ෂාවෙන් වෙසෙමින්
විදර්ශනාවෙන් යුතුව දෙන දානය
පිරිසිදු සිතින් දෙන දානයක්.
විදර්ශනා වඩමින් දානය දෙන වෙලාවෙදි
සිත තුළ පවතින්නෙ
අලෝභ අදෝශ අමෝහ අවස්ථාවක්.