අනත්ත සහ ශූන්‍යත්වය එකක් නොවෙයි.
1,
අනත්ත කියන්නෙ
කරන කෙනෙක් නෑ. ''මම'' නෑ.
2,
ශූන්‍යයි කියන්නෙ
අපි ඇතුලෙ විඳින බාහිර ලෝකය
මම හෝ මගේ’ යැයි ගත හැකි සාරයක් නෑ..
ශූන්‍යයි කියන එකයි
සියලු ලෞකික දේ ශුන්‍යයි කිව්වොත් වැරදියි.
කයත් සිතත් අනත්තයි.
කයෙන් සහ සිතෙන් විඳින බාහිර ලෝකය
මම සහ මගේ කියා ගන්න බැරි නිසා
ශූන්‍යයි.
කය පවතින තුරු
සියලු ලෝකය ශූන්‍යයි කියන්න බෑ.
1, අනත්ත.
ස්පර්ශයෙන් කයෙහි වේදනාවකුත්..
වේදනාව හඳුනා ගැනීමෙන්
සංස්කාරත් ඇති වෙලා
මේ සියල්ල උපාදාන කරගෙන
අපට සාපේක්ෂව විකෘති සටහනක්
විඥාණයට එකතු වෙනවා.
මේ එකක්වත් අපි කරන්නෙ නෑ.
පේලියට එල්ලලා තියන බෝල පෙළක
පළමු බෝලයට යමක් වැදුණාම
පස්වෙනි බෝලය දක්වා තරංගයක් යනවා.
එක බෝලයක්වත් තමන් ගිහින් වදින්නෙ නෑ.
සංඥාව විසින්
ස්පර්ශයෙන් දැනෙන වේදනාව
ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් හඳුනා ගනිද්දි
ඒ වේදනාවට ඇතිවෙන ප්‍රිය අප්‍රිය භාවය
තමන් කරන දෙයක් කියා ගැනීමයි
"මම" කියන හැඟීම "අත්ත" කියන හැඟීම
ඇති කරන්නෙ.
මේ ක්‍රියාවලියෙ සත්‍යය දකින්න
කාය වේදනා චිත්ත ධම්ම කියන
අවස්ථා හතරම දකින්න අවශ්‍යයි.
සිතුවිලි ඇති වෙනකොට
මම ඇති වෙලා ඉවරයි..
මම තමයි හිතන්නෙ.
අනත්ත දකින්න නම්
කය වේදනා දෙකත් දකින්නම වෙනවා.
''මම'' නැතුවත්
කාය වේදනා දෙක වෙනස් වෙනවා.
මුලු රෑ තිස්සෙම
ඔබේ කය ඉරියව් වෙනස් කරන්නෙ
වේදනා වලට අනුවයි.
එතන "මම" නැහැ.
අවදියෙන් කරන ක්‍රියාත් සියල්ලම කරන්නෙ
කිසියම් වේදනාවකට ප්‍රතික්‍රියාවක් ලෙසයි.
"මම" කරනවා නොවෙයි.
මේ කතාව තේරුම් ගන්න නම්
''මම'' කරන සියල්ලම නවත්තලා...
හිතන එකත් නවත්තලා
සිදු වෙන කිසි දෙයක් ප්‍රිය අප්‍රිය වශයෙන්
අල්ලාගන්නෙ නැතුව බලා සිටිය යුතුයි.
විපස්සනා වැඩීම කියන්නෙ මේ විදියට
අනත්ත දකින්න අපි යොදාගන්න උපක්‍රමයයි.
“දුක්ඛ මේව හින කෝචි දුක්ඛිතෝ
කාරකෝ න කිරියාච විජ්ජති
අත්ථි නිබ්බුති න නිබ්බුතෝ පුමා,
මග්ගමත්ථි ගමකෝ න විජ්ජති.”
දුකක් මිස විඳින්නෙක්,
ක්‍රියාවක් මිස කරන්නෙක්,
නිවනක් මිස නිවුණෙක්,
මගක් මිස මගියෙක් විද්‍යාමාන නොවෙයි..
2,
ශූන්‍යත්වය කියන්නෙ
බාහිර ලෝකය කියා අපි විඳින ලෝකය
ඇත්ත වශයෙන්ම අපි තුළ දැනෙන දේ
ඒ ලෝකය නොවන බව වටහා ගැනීමයි.
ටජ්මහලක රූපයකින් අපි ටජ්මහල දකිනවා.
එතන ටජ්මහලක් නෑ. සංඥාවක් තියනවා.
ටජ්මහල කියන දේත් එක්ක ඒ රූපය ශූන්‍යයි.
ඇස් වහ ගත්තොත් රූප ලෝකය ශූන්‍යයි.
සවන් වසා ගත්තොත් ශබ්ද ලෝකය ශූන්‍යයි.
අනත්ත දකින්නාට ශූන්‍යත්වය පෙනෙනවා.
ශූන්‍යත්වය දකින්නා අනත්ත දකිනවා.
මේ දෙකම එකක් නොවෙයි.
1, අනත්ත - තමා ගැන අවබෝධය.-අජ්ඣත්ත
2, සුඤ්ඤතාවය - ලෝකය ගැන අවබෝධය.-බහිද්ධ
-------------------------------
සබ්බේ ධම්මා අනත්තා.. කියන්නෙ
සිදුවෙන පවතින ධර්මතා
කිසිවෙකුත් නොකරන නිසයි.
අපි සීතල මකන්න ගින්න දල්වද්දි
දර එකතු කරලා ගින්දර තිව්වාම
ගින්න දැල්වෙනවා.
මේ කිසිම දෙයක් කවුරුවත් කළා නොවෙයි.
සීතල කියන්නෙ ස්වාභාවික ධර්මතාවයක්.
කය උණුසුම සෙවීම ස්වාභාවික ධර්මතාවයක්.
ගින්න සිහිවීම ස්වාභාවික ධර්මතාවයක්.
උපක්‍රම කිරීම ස්වාභාවික ධර්මතාවයක්.
ගින්න දැල්වීම ස්වාභාවික ධර්මතාවයක්.
සීතල අඩුවීම ස්වාභාවික ධර්මතාවයක්.
සිත පිනායාම ස්වාභාවික ධර්මතාවයක්.
සබ්බේ ධම්මා අනත්තා ති.
ධර්මතා රැසක් සිදු වුණා.
කළ කෙනෙක් නෑ. :)
=======================================බුදු දහම පෙන්වන ශූන්‍යත්වය ඡායාරූපයක් වගෙයි.
1,
අනත්ත කියන්නෙ
කරන කෙනෙක් නෑ. ''මම'' නෑ.
2,
ශූන්‍යයි කියන්නෙ
අපි ඇතුලෙ විඳින බාහිර ලෝකය
මම හෝ මගේ’ යැයි ගත හැකි සාරයක් නෑ..
ශූන්‍යයි කියන එකයි
සියලු ලෞකික දේ ශුන්‍යයි කිව්වොත් වැරදියි.
කයත් සිතත් අනත්තයි.
කයෙන් සහ සිතෙන් විඳින බාහිර ලෝකය
මම සහ මගේ කියා ගන්න බැරි නිසා
ශූන්‍යයි.
කය පවතින තුරු
සියලු ලෝකය ශූන්‍යයි කියන්න බෑ.
1, අනත්ත.
ස්පර්ශයෙන් කයෙහි වේදනාවකුත්..
වේදනාව හඳුනා ගැනීමෙන්
සංස්කාරත් ඇති වෙලා
මේ සියල්ල උපාදාන කරගෙන
අපට සාපේක්ෂව විකෘති සටහනක්
විඥාණයට එකතු වෙනවා.
මේ එකක්වත් අපි කරන්නෙ නෑ.
පේලියට එල්ලලා තියන බෝල පෙළක
පළමු බෝලයට යමක් වැදුණාම
පස්වෙනි බෝලය දක්වා තරංගයක් යනවා.
එක බෝලයක්වත් තමන් ගිහින් වදින්නෙ නෑ.
සංඥාව විසින්
ස්පර්ශයෙන් දැනෙන වේදනාව
ප්‍රිය හෝ අප්‍රිය වශයෙන් හඳුනා ගනිද්දි
ඒ වේදනාවට ඇතිවෙන ප්‍රිය අප්‍රිය භාවය
තමන් කරන දෙයක් කියා ගැනීමයි
"මම" කියන හැඟීම "අත්ත" කියන හැඟීම
ඇති කරන්නෙ.
මේ ක්‍රියාවලියෙ සත්‍යය දකින්න
කාය වේදනා චිත්ත ධම්ම කියන
අවස්ථා හතරම දකින්න අවශ්‍යයි.
සිතුවිලි ඇති වෙනකොට
මම ඇති වෙලා ඉවරයි..
මම තමයි හිතන්නෙ.
අනත්ත දකින්න නම්
කය වේදනා දෙකත් දකින්නම වෙනවා.
''මම'' නැතුවත්
කාය වේදනා දෙක වෙනස් වෙනවා.
මුලු රෑ තිස්සෙම
ඔබේ කය ඉරියව් වෙනස් කරන්නෙ
වේදනා වලට අනුවයි.
එතන "මම" නැහැ.
අවදියෙන් කරන ක්‍රියාත් සියල්ලම කරන්නෙ
කිසියම් වේදනාවකට ප්‍රතික්‍රියාවක් ලෙසයි.
"මම" කරනවා නොවෙයි.
මේ කතාව තේරුම් ගන්න නම්
''මම'' කරන සියල්ලම නවත්තලා...
හිතන එකත් නවත්තලා
සිදු වෙන කිසි දෙයක් ප්‍රිය අප්‍රිය වශයෙන්
අල්ලාගන්නෙ නැතුව බලා සිටිය යුතුයි.
විපස්සනා වැඩීම කියන්නෙ මේ විදියට
අනත්ත දකින්න අපි යොදාගන්න උපක්‍රමයයි.
“දුක්ඛ මේව හින කෝචි දුක්ඛිතෝ
කාරකෝ න කිරියාච විජ්ජති
අත්ථි නිබ්බුති න නිබ්බුතෝ පුමා,
මග්ගමත්ථි ගමකෝ න විජ්ජති.”
දුකක් මිස විඳින්නෙක්,
ක්‍රියාවක් මිස කරන්නෙක්,
නිවනක් මිස නිවුණෙක්,
මගක් මිස මගියෙක් විද්‍යාමාන නොවෙයි..
2,
ශූන්‍යත්වය කියන්නෙ
බාහිර ලෝකය කියා අපි විඳින ලෝකය
ඇත්ත වශයෙන්ම අපි තුළ දැනෙන දේ
ඒ ලෝකය නොවන බව වටහා ගැනීමයි.
ටජ්මහලක රූපයකින් අපි ටජ්මහල දකිනවා.
එතන ටජ්මහලක් නෑ. සංඥාවක් තියනවා.
ටජ්මහල කියන දේත් එක්ක ඒ රූපය ශූන්‍යයි.
ඇස් වහ ගත්තොත් රූප ලෝකය ශූන්‍යයි.
සවන් වසා ගත්තොත් ශබ්ද ලෝකය ශූන්‍යයි.
අනත්ත දකින්නාට ශූන්‍යත්වය පෙනෙනවා.
ශූන්‍යත්වය දකින්නා අනත්ත දකිනවා.
මේ දෙකම එකක් නොවෙයි.
1, අනත්ත - තමා ගැන අවබෝධය.-අජ්ඣත්ත
2, සුඤ්ඤතාවය - ලෝකය ගැන අවබෝධය.-බහිද්ධ
-------------------------------
සබ්බේ ධම්මා අනත්තා.. කියන්නෙ
සිදුවෙන පවතින ධර්මතා
කිසිවෙකුත් නොකරන නිසයි.
අපි සීතල මකන්න ගින්න දල්වද්දි
දර එකතු කරලා ගින්දර තිව්වාම
ගින්න දැල්වෙනවා.
මේ කිසිම දෙයක් කවුරුවත් කළා නොවෙයි.
සීතල කියන්නෙ ස්වාභාවික ධර්මතාවයක්.
කය උණුසුම සෙවීම ස්වාභාවික ධර්මතාවයක්.
ගින්න සිහිවීම ස්වාභාවික ධර්මතාවයක්.
උපක්‍රම කිරීම ස්වාභාවික ධර්මතාවයක්.
ගින්න දැල්වීම ස්වාභාවික ධර්මතාවයක්.
සීතල අඩුවීම ස්වාභාවික ධර්මතාවයක්.
සිත පිනායාම ස්වාභාවික ධර්මතාවයක්.
සබ්බේ ධම්මා අනත්තා ති.
ධර්මතා රැසක් සිදු වුණා.
කළ කෙනෙක් නෑ. :)
=======================================බුදු දහම පෙන්වන ශූන්‍යත්වය ඡායාරූපයක් වගෙයි.